☰
එක් සමයෙක්හි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවෙසෙති. එහිදී ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ භික්ෂූන් ඇමතූහ. ….(පෙ)….
“ඇවැත්නි, මේ සතර සතිපට්ඨානයන් දියුණු කරගත් විට, බහුල කරගත් විට තණ්හාව ක්ෂය වීම පිණිස පවතියි. ඒ කවර සතරක් ද යත්;
ඇවැත්නි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට කයෙහි කායානුපස්සී ව වාසය කරයි. වේදනාවන්හි ….(පෙ)…. සිත පිළිබඳ ව ….(පෙ)…. කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට ධර්මයන්හි ධම්මානුපස්සී ව වාසය කරයි.
ඇවැත්නි, මේ සතර සතිපට්ඨානයන් දියුණු කළ විට, බහුල ව ප්රගුණ කළ විට තණ්හාව ක්ෂය වීම පිණිස පවතියි.”
සාදු! සාදු!! සාදු!!!
තණ්හක්ඛය සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_8-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M