අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

9. සමණවග්ගෝ

9. සමණ වර්ගය

7.2.4.1. භික්ඛුධම්ම සූත්‍රය

භික්ෂුවගේ ධර්මය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, සත් කරුණක් බිඳ දැමූ හෙයින් භික්ෂුව නම් වෙයි. ඒ කවර සත් කරුණක් ද යත්;

සක්කාය දිට්ඨිය බිඳුණේ වෙයි. සැකය බිඳුණේ වෙයි. සීලබ්බත පරාමාස බිඳුණේ වෙයි. රාගය බිඳුණේ වෙයි. ද්වේෂය බිඳුණේ වෙයි. මෝහය බිඳුණේ වෙයි. මාන්නය බිඳුණේ වෙයි.

මහණෙනි, මේ සත් කරුණ බිඳ දැමූ හෙයින් භික්ෂුව නම් වෙයි.

සාදු! සාදු!! සාදු!!!

භික්ඛුධම්ම සූත්‍රය නිමා විය.

7.2.4.2. සමණධම්ම සූත්‍රය

ශ්‍රමණයාගේ ධර්මය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, සත් කරුණක් සංසුන් බවට පත් කළ හෙයින් ශ්‍රමණයා නම් වෙයි. ….(පෙ)….

7.2.4.3. බ්‍රාහ්මණධම්ම සූත්‍රය

බ්‍රාහ්මණයාගේ ධර්මය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, සත් කරුණක් බැහැර කළ හෙයින් බ්‍රාහ්මණයා නම් වෙයි. ….(පෙ)….

7.2.4.4. සොත්ථියධම්ම සූත්‍රය

යහපත් කෙනාගේ ධර්මය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, සත් කරුණක් අත්හැර දැමූ හෙයින් සොත්ථිය නම් වෙයි. ….(පෙ)….

7.2.4.5. නහාතකධම්ම සූත්‍රය

ස්නානය කළ කෙනාගේ ධර්මය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, සත් කරුණක් සෝදා හළ හෙයින් නහාතක නම් වෙයි. ….(පෙ)….

7.2.4.6. වේදගූධම්ම සූත්‍රය

දැනුමෙන් මුදුන්පත් කෙනාගේ ධර්මය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, සත් කරුණක් අවබෝධ කළ හෙයින් වේදගූ නම් වෙයි. ….(පෙ)….

7.2.4.7. අරියධම්ම සූත්‍රය

ආර්යයාගේ ධර්මය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, සත් කරුණක් මැනැවින් නැසූ හෙයින් අරිය නම් වෙයි. ….(පෙ)….

7.2.4.8. අරහන්තධම්ම සූත්‍රය

රහතුන්ගේ ධර්මය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, සත් කරුණක් දුරු කරන ලද හෙයින් අරහන්ත නම් වෙයි. ඒ කවර සත් කරුණක් ද යත්;

සක්කාය දිට්ඨිය දුරු කරන ලද්දේ වෙයි. සැකය දුරු කරන ලද්දේ වෙයි. සීලබ්බත පරාමාස දුරු කරන ලද්දේ වෙයි. රාගය දුරු කරන ලද්දේ වෙයි. ද්වේෂය දුරු කරන ලද්දේ වෙයි. මෝහය දුරු කරන ලද්දේ වෙයි. මාන්නය දුරු කරන ලද්දේ වෙයි.

මහණෙනි, මේ සත් කරුණ දුරු කරන ලද හෙයින් අරහන්ත නම් වෙයි.

සාදු! සාදු!! සාදු!!!

අරහන්තධම්ම සූත්‍රය නිමා විය.

7.2.4.9. අසද්ධම්ම සූත්‍රය

අසද්ධර්මය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ අසද්ධර්මයෝ සතකි. ඒ කවර සතක් ද යත්;

ශ්‍රද්ධාව නැත්තේ වෙයි. පවට ලැජ්ජාව නැත්තේ වෙයි. පවට භය නැත්තේ වෙයි. අල්පශ්‍රැතයෙක් වෙයි. කුසීත වෙයි. මුලා සිහි ඇත්තේ වෙයි. ප්‍රඥාව නැත්තේ වෙයි.

මහණෙනි, මේ වනාහී සතක් වූ අසද්ධර්මයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

අසද්ධම්ම සූත්‍රය නිමා විය.

7.2.4.10. සද්ධම්ම සූත්‍රය

සද්ධර්මය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ සද්ධර්මයෝ සතකි. ඒ කවර සතක් ද යත්;

ශ්‍රද්ධාව ඇත්තේ වෙයි. පවට ලැජ්ජාව ඇත්තේ වෙයි. පවට භය ඇත්තේ වෙයි. බහුශ්‍රැතයෙක් වෙයි. අරඹන ලද වීරිය ඇත්තේ වෙයි. සිහි ඇත්තේ වෙයි. ප්‍රඥාව ඇත්තේ වෙයි.

මහණෙනි, මේ වනාහී සතක් වූ සද්ධර්මයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

සද්ධම්ම සූත්‍රය නිමා විය.

සිව්වෙනි සමණ වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

භික්ඛුධම්ම සූත්‍රය, සමණධම්ම සූත්‍රය, බ්‍රාහ්මණධම්ම සූත්‍රය, සොත්ථියධම්ම සූත්‍රය, නහාතකධම්ම සූත්‍රය, වේදගූධම්ම සූත්‍රය, අරියධම්ම සූත්‍රය, අරහන්තධම්ම සූත්‍රය, අසද්ධම්ම සූත්‍රය සහ සද්ධම්ම සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M