දීඝ නිකාය

පාථික වග්ගෝ

5. සම්‌පසාදනීය සුත්‌තං

5. පැහැදීම ඇතිකරවන ධර්මය ගැන වදාළ දෙසුම

[ සාරිපුත්ත-සීහනාදෝ ]

1. ඒවං මේ සුතං:

මා විසින් මෙසේ අසන ලදී.

ඒකං සමයං භගවා නාළන්දායං විහරති පාවාරිකම්බවනේ. අථ ඛෝ ආයස්මා සාරිපුත්තෝ යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඒතදවෝච: “ඒවං පසන්නෝ අහං භන්තේ භගවති, න චාහු න ච භවිස්සති න චේතරහි විජ්ජති අඤ්ඤෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා භගවතා භිය්‍යෝභිඤ්ඤතරෝ යදිදං සම්බෝධියන්ති”.

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාලන්දාවෙහි පාවාරික අඹ වනයෙහි වැඩවසන සේක.

එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව වැඩහුන්හ. එකත්පස් ව වැඩහුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම මෙබඳු වූ පැහැදීමකින් යුතු වෙමි. එනම්, භාග්‍යවතුන් වහන්සේගේ යම් මේ සම්බෝධියක් ඇද්ද, එයට වඩා වැඩිතර වූ අවබෝධයක් ඇති අන්‍ය වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අතීතයෙහි ද නොසිටියේ ය. අනාගතයෙහි ද නොවන්නේ ය. මෙකල්හි ද දකින්නට නැත්තේ ය” යනුවෙනි.

“උළාරා ඛෝ තේ අයං සාරිපුත්ත ආසභී වාචා භාසිතා, ඒකංසෝ ගහිතෝ, සීහනාදෝ නදිතෝ: ‘ඒවං පසන්නෝ අහං භන්තේ භගවති, න චාහු න ච භවිස්සති න චේතරහි විජ්ජති අඤ්ඤෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා භගවතා භිය්‍යෝ’භිඤ්ඤතරෝ යදිදං සම්බෝධියන්ති’, කිං තේ සාරිපුත්ත යේ තේ අහේසුං අතීතමද්ධානං අරහන්තෝ සම්මාසම්බුද්ධා, සබ්බේ තේ භගවන්තෝ චේතසා චේතෝ පරිච්ච විදිතා, ඒවංසීලා තේ භගවන්තෝ අහේසුං ඉති පි, ඒවංධම්මා තේ භගවන්තෝ අහේසුං ඉති පි, ඒවංපඤ්ඤා තේ භගවන්තෝ අහේසුං ඉති පි, ඒවංවිහාරී තේ භගවන්තෝ අහේසුං ඉති පි, ඒවංවිමුත්තා තේ භගවන්තෝ අහේසුං ඉතිපී?ති”.

“සාරිපුත්තයෙනි, ඔබ විසින් පවසන ලද මෙම ශ්‍රේෂ්ඨ වචනය අතිමහත් වූවකි. ඒකාන්ත කොට ගන්නා ලද්දකි. නද දුන් සිංහනාදයකි. එනම්, ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම මෙබඳු වූ පැහැදීමකින් යුතු වෙමි. එනම්, භාග්‍යවතුන් වහන්සේගේ යම් මේ සම්බෝධියක් ඇද්ද, එයට වඩා වැඩිතර වූ අවබෝධයක් ඇති අන්‍ය වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අතීතයෙහි ද නොසිටියේ ය. අනාගතයෙහි ද නොවන්නේ ය. මෙකල්හි ද දකින්නට නැත්තේ ය’ යන කරුණ යි.

කිම? සාරිපුත්තයෙනි, යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු අතීතයෙහි වැඩසිටියාහු ද, ඒ සියළු භාග්‍යවත්වරුන්ගේ සිත් ඔබ විසින් ‘මෙසේ ත් ඒ භාග්‍යවත්වරු මෙබඳු සිල් ඇත්තෝ වූහ. මෙසේ ත් ඒ භාග්‍යවත්වරු මෙබඳු ධර්මයන් ඇත්තෝ වූහ. මෙසේ ත් ඒ භාග්‍යවත්වරු මෙබඳු ප්‍රඥා ඇත්තෝ වූහ. මෙසේ ත් ඒ භාග්‍යවත්වරු මෙබඳු විහරණ ඇත්තෝ වූහ. මෙසේ ත් ඒ භාග්‍යවත්වරු මෙබඳු විමුක්ති ඇත්තෝ වූහ’ යි සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දාහු ද?”

“නෝ හේතං භන්තේ”.

“ස්වාමීනී, එය නැත්තේ ය.”

“කිං පන තේ සාරිපුත්ත යේ තේ භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තෝ සම්මාසම්බුද්ධා, සබ්බේ තේ භගවන්තෝ චේතසා චේතෝ පරිච්ච විදිතා, ඒවංසීලා තේ භගවන්තෝ භවිස්සන්ති ඉති පි, ඒවංධම්මා ….(පෙ)…. ඒවංපඤ්ඤා ….(පෙ)…. ඒවංවිහාරී ….(පෙ)…. ඒවංවිමුත්තා තේ භගවන්තෝ භවිස්සන්ති ඉතිපී?ති”.

“කිම? සාරිපුත්තයෙනි, යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු අනාගතයෙහි වැඩසිටින්නාහු ද, ඒ සියළු භාග්‍යවත්වරුන්ගේ සිත් ඔබ විසින් ‘මෙසේ ත් ඒ භාග්‍යවත්වරු මෙබඳු සිල් ඇතිවන්නාහු ය. මෙබඳු ධර්මයන් ….(පෙ)…. මෙබඳු ප්‍රඥාවෙන් ….(පෙ)…. මෙබඳු විහරණයෙන් ….(පෙ)…. ඒ භාග්‍යවත්වරු මෙසේ ත් මෙබඳු විමුක්තියෙන් යුක්ත වන්නාහු ය’ යි සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දාහු ද?”

“නෝ හේතං භන්තේ”.

“ස්වාමීනී, එය නැත්තේ ය.”

“කිං පන තේ සාරිපුත්ත අහං ඒතරහි අරහං සම්මාසම්බුද්ධෝ චේතසා චේතෝ පරිච්ච විදිතෝ ඒවංසීලෝ භගවා ඉති පි ඒවංධම්මෝ ඒවංපඤ්ඤෝ ඒවංවිහාරී ඒවංවිමුත්තෝ භගවා ඉතිපී”?ති.

“කිම? සාරිපුත්තයෙනි, මෙකල්හී අරහත් සම්මා සම්බුදු වූ මම ඔබ විසින් ‘භාග්‍යවත් තෙමේ මෙසේ ත් මෙබඳු සිල් ඇත්තේ ය. මෙබඳු ධර්මය ….(පෙ)…. මෙබඳු ප්‍රඥාව ….(පෙ)…. මෙබඳු විහරණය ….(පෙ)…. මෙසේ ත් භාග්‍යවත් තෙමේ මෙබඳු විමුක්තියෙන් යුක්තය’ යි මාගේ සිත සිය සිතින් පිරිසිඳ දන්නා ලද්දාහු ද?”

“නෝ හේතං භන්තේ”.

“ස්වාමීනී, එය නැත්තේ ය.”

“එත්ථ හි තේ සාරිපුත්ත අතීතානාගතපච්චුප්පන්නේසු අරහන්තේසු සම්මාසම්බුද්ධේසු චේතෝපරියඤාණං නත්ථි. අථ කිඤ්චරහි තේ අයං සාරිපුත්ත උළාරා ආසභී වාචා භාසිතා, ඒකංසෝ ගහිතෝ, සීහනාදෝ නදිතෝ “ඒවං පසන්නෝ අහං භන්තේ භගවති, න චාහු න ච භවිස්සති න චේතරහි විජ්ජති අඤ්ඤෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා භගවතා භිය්‍යෝ’භිඤ්ඤතරෝ යදිදං සම්බෝධියන්ති?”.

“සාරිපුත්තයෙනි, මෙකරුණ පිළිබඳ ව අතීත, අනාගත, වර්තමාන අරහත් සම්මා සම්බුදුවරයන් විෂයෙහි චේතෝපරිය ඥානයක් ඔබට නැත්තේ ය. එසේ තිබිය දී ත් කෙසේ නම් සාරිපුත්තයෙනි, ඔබ විසින් මෙම අතිමහත් ශ්‍රේෂ්ඨ වචනය පවසන ලද්දේ ද? ඒකාන්ත කොට ගන්නා ලද්දේ ද? සිහනදක් නද දෙන ලද්දේ ද? එනම්, ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මම මෙබඳු වූ පැහැදීමකින් යුතු වෙමි. එනම්, භාග්‍යවතුන් වහන්සේගේ යම් මේ සම්බෝධියක් ඇද්ද, එයට වඩා වැඩිතර වූ අවබෝධයක් ඇති අන්‍ය වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අතීතයෙහි ද නොසිටියේ ය. අනාගතයෙහි ද නොවන්නේ ය. මෙකල්හි ද දකින්නට නැත්තේ ය’ යන කරුණ යි.”

“න ඛෝ මේ භන්තේ අතීතානාගතපච්චුප්පන්නේසු අරහන්තේසු සම්මාසම්බුද්ධේසු චේතෝපරියඤාණං අත්ථි. අපි ච ඛෝ මේ භන්තේ ධම්මන්වයෝ විදිතෝ. සෙය්‍යථාපි භන්තේ රඤ්ඤෝ පච්චන්තිමං නගරං දළ්හුද්දාපං දළ්හපාකාරතොරණං ඒකද්වාරං, තත්‍රස්ස දෝවාරිකෝ පණ්ඩිතෝ බ්‍යත්තෝ මේධාවී අඤ්ඤාතානං නිවාරේතා, ඤාතානං පවේසේතා, සෝ තස්ස නගරස්ස සමන්තා අනුපරියායපථං අනුක්කමමානෝ න පස්සෙය්‍ය පාකාරසන්ධිං වා පාකාරවිවරං වා අන්තමසෝ බිළාරනිස්සක්කනමත්තම්පි, තස්ස ඒවමස්ස, යේ කේචි ඕළාරිකා පාණා ඉමං නගරං පවිසන්ති වා නික්ඛමන්ති වා, සබ්බේ තේ ඉමිනා’ව ද්වාරේන පවිසන්ති වා නික්ඛමන්ති වා’ති, ඒවමේව ඛෝ මේ භන්තේ ධම්මන්වයෝ විදිතෝ. යේ තේ භන්තේ අහේසුං අතීතමද්ධානං අරහන්තෝ සම්මාසම්බුද්ධා, සබ්බේ තේ භගවන්තෝ පඤ්චනීවරණේ පහාය චේතසෝ උපක්කිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ, චතූසු සතිපට්ඨානේසු සුප්පතිට්ඨිතචිත්තා, සත්තසම්බොජ්ඣංගේ යථාභූතං භාවෙත්වා අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුජ්ක්‍ධිංසු.

“ස්වාමීනී, අතීත, අනාගත, වර්තමාන අරහත් සම්මා සම්බුදුවරයන් විෂයෙහි චේතෝපරිය ඥානයක් මට නැත්තේ ය. එසේ නමුත් ස්වාමීනී, මා විසින් ධර්ම න්‍යායට අනුව නිගමනයකට පැමිණිය හැකි බව දන්නා ලද්දේ ය.

ස්වාමීනී, එය මෙබඳු දෙයකි. රජෙකු හට පිටතින් බඳින ලද ශක්තිමත් බැමි ඇති දැඩි ප්‍රාකාර තොරණක් සහිත වූ ඈත පිහිටි නගරයක් තිබෙයි. එය එක් දොරටුවකින් යුක්ත ය. ඒ දොරටුව ළඟ නුවණැති, ව්‍යක්ත, යහපත් නුවණ ඇති, නොදන්නවුන් ඇතුළුවීම වළක්වන, දන්නවුන් ඇතුල් කරන දොරටුපාලයෙක් සිටියි. ඔහු ඒ නගර ප්‍රාකාර මාර්ගය වටා ඇවිදගෙන යන්නේ යටත් පිරිසෙයින් බළලෙකුට වත් නික්ම යා හැකි ප්‍රාකාර සන්ධියක් හෝ ප්‍රාකාර සිදුරක් හෝ නොදකින්නේ ය. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘යම්කිසි ගොරෝසු ප්‍රාණීහු මේ නගරයට පිවිසෙත් ද, නික්ම යත් ද, ඒ සියල්ලෝ මේ දොරටුවෙන් පමණක් ම පිවිසෙති. නික්මෙති’ යනුවෙනි.

එසෙයින් ම ස්වාමීනී, මා විසින් ධර්ම න්‍යායට අනුව නිගමනයකට පැමිණිය හැකි බව දන්නා ලද්දේ ය. ස්වාමීනී, යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු අතීතයෙහි වැඩසිටියාහු ද, ඒ සියළු භාග්‍යවතුන් වහන්සේලා සිතට උපක්ලේශ වූ, ප්‍රඥාව දුර්වල කරන, පංච නීවරණ ප්‍රහාණය කොට සතර සතිපට්ඨානය තුළ මැනැවින් පිහිටුවා ගත් සිතින් යුතුව, සප්ත බොජ්ඣංගයන් ඒ වූ සැටියෙන් ම දියුණු කොට අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක.

යේ පි තේ භන්තේ භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තෝ සම්මාසම්බුද්ධා, සබ්බේ තේ භගවන්තෝ පඤ්චනීවරණේ පහාය චේතසෝ උපක්කිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ, චතූසු සතිපට්ඨානේසු සුප්පතිට්ඨිතචිත්තා සත්ත සම්බොජ්ඣංගේ යථාභූතං භාවෙත්වා, අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුජ්ක්‍ධිස්සන්ති. භගවා පි භන්තේ ඒතරහි අරහං සම්මාසම්බුද්ධෝ පඤ්චනීවරණේ පහාය චේතසෝ උපක්කිලේසේ පඤ්ඤාය දුබ්බලීකරණේ, චතූසු සතිපට්ඨානේසු සුප්පතිට්ඨිතචිත්තෝ සත්ත සම්බොජ්ඣංගේ යථාභූතං භාවෙත්වා, අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුද්ධෝ.

ස්වාමීනී, යම් ඒ අරහත් සම්මා සම්බුදුවරු අනාගතයෙහි පහළ වන සේක් ද, ඒ සියළු භාග්‍යවතුන් වහන්සේලා සිතට උපක්ලේශ වූ, ප්‍රඥාව දුර්වල කරන, පංච නීවරණ ප්‍රහාණය කොට සතර සතිපට්ඨානය තුළ මැනැවින් පිහිටුවා ගත් සිතින් යුතුව, සප්ත බොජ්ඣංගයන් ඒ වූ සැටියෙන් ම දියුණු කොට අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කරන සේක.

ස්වාමීනී, මෙකල්හී අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ පවා සිතට උපක්ලේශ වූ, ප්‍රඥාව දුර්වල කරන, පංච නීවරණ ප්‍රහාණය කොට සතර සතිපට්ඨානය තුළ මැනැවින් පිහිටුවා ගත් සිතින් යුතුව, සප්ත බොජ්ඣංගයන් ඒ වූ සැටියෙන් ම දියුණු කොට අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක.

2. ඉදාහං භන්තේ යේන භගවා තේනුපසංකමිං ධම්මසවණාය. තස්ස මේ භන්තේ භගවා ධම්මං දේසේසි. උත්තරුත්තරං පණීතපණීතං කණ්හසුක්කසප්පටිභාගං. යථා යථා මේ භන්තේ භගවා ධම්මං දේසේසි උත්තරුත්තරං පණීතපණීතං කණ්හසුක්කසප්පටිභාගං, තථා තථාහං තස්මිං ධම්මේ අභිඤ්ඤා ඉධේකච්චං ධම්මං ධම්මේසු නිට්ඨමගමං, සත්ථරි පසීදිං, ‘සම්මාසම්බුද්ධෝ වත සෝ භගවා, ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ, සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ’ති.

ස්වාමීනී, මෙහි මම ධර්මය ශ්‍රවණය කරනු පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියෙමි. ස්වාමීනී, ඒ මට භාග්‍යවතුන් වහන්සේ කුසලාකුසල ධර්ම විග්‍රහයන් සහිත කොටගෙන ප්‍රණීත ප්‍රණීත වූ, උතුම් උතුම් වූ ධර්මය දෙසූ සේක. ස්වාමීනී, යම් යම් අයුරකින් භාග්‍යවතුන් වහන්සේ කුසලාකුසල ධර්ම විග්‍රහයන් සහිත කොටගෙන ප්‍රණීත ප්‍රණීත වූ, උතුම් උතුම් වූ ධර්මය මා හට දෙසූ සේක් ද, ඒ ඒ අයුරින් මම ඒ ධර්මයෙහි ඇතැම් ධර්මයක් විශිෂ්ට වූ නුවණින් දැන ධර්මයන් කෙරෙහි සම්පූර්ණ අවබෝධයට පැමිණියෙමි. ශාස්තෘන් වහන්සේ කෙරෙහි පැහැදුණෙමි. ‘ඒකාන්තයෙන් ම ඒ භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් මැනැවින් වදාරණ ලද ධර්මය ඇත්තේ ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ මනා පිළිවෙතෙහි පිළිපන්නේ ය’ වශයෙනි.

[ කුසලධම්මදේසනා ]

3. අපරං පන භන්තේ ඒතදානුත්තරියං, යථා භගවා ධම්මං දේසේති කුසලේසු ධම්මේසු. තත්‍රිමේ කුසලා ධම්මා සෙය්‍යථීදං: චත්තාරෝ සතිපට්ඨානා, චත්තාරෝ සම්මප්පධානා, චත්තාරෝ ඉද්ධිපාදා, පඤ්චින්ද්‍රියානි, පඤ්ච බලානි, සත්ත බොජ්ඣංගා, අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. ඉධ භන්තේ භික්ඛු ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඒතදානුත්තරියං භන්තේ කුසලේසු ධම්මේසු තං භගවා අසේසමභිජානාති තං භගවතෝ අසේසමභිජානතෝ උත්තරිං අභිඤ්ඤෙය්‍යං නත්ථි, යදභිජානං අඤ්ඤෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා භගවතා භිය්‍යෝ’භිඤ්ඤතරෝ අස්ස යදිදං කුසලේසු ධම්මේසු.

තව ද ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ කුසල ධර්මයන් පිළිබඳ ව යම් අයුරින් ධර්මය දේශනා කරන සේක් ද, මෙය අනුත්තරීය ධර්මයකි. එහිලා මේ කුසල ධර්මයෝ ය. එනම්; සතර සතිපට්ඨානයෝ ය, සතර සම්‍යක් ප්‍රධානයෝ ය, සතර ඉර්ධිපාදයෝ ය, පසක් වූ ඉන්ද්‍රිය ධර්මයෝ ය, පසක් වූ බල ධර්මයෝ ය, සතක් වූ බොජ්ඣංගයෝ ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ය. ස්වාමීනී, මෙහිලා භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේ දී ම තම විශිෂ්ට නුවණින් පසක් කොට, එයට පැමිණ වාසය කරයි. ස්වාමීනී, කුසල ධර්මයන් පිළිබඳ ව මෙය අනුත්තරීය ධර්මයකි. එය භාග්‍යවතුන් වහන්සේ මුළුමනින් ම දන්නා සේක. එය භාග්‍යවතුන් වහන්සේ මුළුමනින් ම දන්නා හෙයින් විශිෂ්ට ඥානයකින් දත යුතු එයට වැඩි දෙයක් නැත්තේ ය. මේ කුසල ධර්මයන් පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ තුළ යම් අවබෝධයක් ඇද්ද, එයට වඩා දන්නා අන්‍ය වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත්තේ ය.

[ ආයතනපණ්ණත්ත ]

4. අපරං පන භන්තේ ඒතදානුත්තරියං, යථා භගවා ධම්මං දේසේති ආයතනපණ්ණත්තීසු. ඡයිමානි භන්තේ අජ්ඣත්තිකබාහිරානි ආයතනානි: චක්ඛුච ව රූපානි ච සෝතඤ්ච සද්දා ච, ඝානඤ්ච ගන්ධා ච ජිව්හා ච රසා ච, කායෝ ච ඵොට්ඨබ්බා ච මනෝ ච ධම්මා ච. ඒතදානුත්තරියං භන්තේ ආයතනපණ්ණත්තීසු. තං භගවා අසේසමභිජානාති. තං භගවතෝ අසේසමභිජානතෝ උත්තරිං අභිඤ්ඤෙය්‍යං නත්ථි, යදභිජානං අඤ්ඤෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා භගවතා භිය්‍යෝභිඤ්ඤතරෝ අස්ස යදිදං ආයතනපණ්ණත්තීසු.

තව ද ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ආයතන පැණවීම් පිළිබඳ ව ධර්මය යම් අයුරකින් දේශනා කරන සේක් ද, මෙය ද අනුත්තරීය ධර්මයකි. ස්වාමීනී, ආධ්‍යාත්මික වූ ත්, බාහිර වූ ත් මේ ආයතනයෝ සයකි. එනම්; ඇස ත් – රූප ත් ය, කන ත් – ශබ්ද ත් ය, නාසය ත් – ගඳ සුවඳ ත් ය, දිව ත් – රස ත් ය, කය ත් – පහස ත් ය, මනස ත් – අරමුණු ත් ය. ස්වාමීනී, ආයතන ප්‍රඥප්තීන් පිළිබඳ ව වූ මෙය ද අනුත්තරීය ධර්මයකි. එය සර්වප්‍රකාරයෙන් ම භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක. එය සර්වප්‍රකාරයෙන් ම දන්නා භාග්‍යවතුන් වහන්සේ හට විශිෂ්ට ඥානයකින් දත යුතු එයට වඩා දෙයක් නැත්තේ ය. මේ ආයතන ප්‍රඥප්තීන් පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ තුළ යම් අවබෝධයක් ඇද්ද, එයට වඩා දන්නා අන්‍ය වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත්තේ ය.

[ ගබ්භාවක්කන්තිදේසනා ]

5. අපරං පන භන්තේ ඒතදානුත්තරියං, යථා භගවා ධම්මං දේසේති ගබ්භාවක්කන්තීසු. චතස්සෝ ඉමා භන්තේ ගබ්භාවක්කන්තියෝ: ඉධ භන්තේ ඒකච්චෝ අසම්පජානෝ මාතුකුච්ඡිං ඔක්කමති, අසම්පජානෝ මාතුකුච්ඡිස්මිං ඨාති, අසම්පජානෝ මාතුකුච්ඡිම්හා නික්ඛමති. අයං පඨමා ගබ්භාවක්කන්ති. පුන ච පරං භන්තේ ඉධේකච්චෝ සම්පජානෝ මාතුකුච්ඡිං ඔක්කමති, අසම්පජානෝ මාතුකුච්ඡිස්මිං ඨාති, අසම්පජානෝ මාතුකුච්ඡිම්හා නික්ඛමති. අයං දුතියා ගබ්භාවක්කන්ති. පුන ච පරං භන්තේ ඉධේකච්චෝ සම්පජානෝ මාතුකුච්ඡිං ඔක්කමති, සම්පජානෝ මාතුකුච්ඡිස්මිං ඨාති, අසම්පජානෝ මාතුකුච්ඡිම්හා නික්ඛමති. අයං තතියා ගබ්භාවක්කන්ති. පුන ච පරං භන්තේ ඉධේකච්චෝ සම්පජානෝ මාතුකුච්ඡිං ඔක්කමති, සම්පජානෝ මාතුකුච්ඡිස්මිං ඨාති, සම්පජානෝ මාතුකුච්ඡිම්හා නික්ඛමති. අයං චතුත්ථි ගබ්භාවක්කන්ති. ඒතදානුත්තරියං භන්තේ ගබ්භාවක්කන්තීසු.

තව ද ස්වාමීනී, මව්කුසක පිළිසිඳ ගැනීම පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ යම් අයුරකින් ධර්මය දේශනා කරන සේක් ද, මෙය ද අනුත්තරීය ධර්මයකි. ස්වාමීනී, මේ මව්කුස පිළිසිඳ ගැනීම් සතරකි. ස්වාමීනී, මෙහිලා ඇතැමෙක් නොදැන ම මව්කුස පිළිසිඳ ගනියි. නොදැන ම මව්කුසෙහි සිටියි. නොදැන ම මව්කුසෙන් බිහිවෙයි. මෙය මව්කුස පිළිසිඳ ගැනීමෙහි පළමුවැන්න යි.

තව ද ස්වාමීනී, මෙහි ඇතැමෙක් දන්නේ ම මව්කුස පිළිසිඳ ගනියි. නොදන්නේ මව්කුස සිටියි. නොදන්නේ මව්කුසින් බිහිවෙයි. මෙය මව්කුස පිළිසිඳ ගැනීමෙහි දෙවැන්න යි.

තව ද ස්වාමීනී, මෙහි ඇතැමෙක් දන්නේ මව්කුස පිළිසිඳ ගනියි. දන්නේ මව්කුස සිටියි. එනමුදු නොදන්නේ මව්කුසින් බිහිවෙයි. මෙය මව්කුස පිළිසිඳ ගැනීමෙහි තුන්වැන්න යි.

තව ද ස්වාමීනී, මෙහි ඇතැමෙක් දන්නේ මව්කුස පිළිසිඳ ගනියි. දන්නේ මව්කුස සිටියි. දන්නේ මව්කුසින් බිහිවෙයි. මෙය මව්කුස පිළිසිඳ ගැනීමෙහි සිව්වැන්න යි. ස්වාමීනී, මව්කුසක සත්වයන් පිළිසිඳ ගැනීම පිළිබඳ ව මෙය අනුත්තරීය ධර්මයකි.

[ ආදේසනවිධා දේසනා ]

6. අපරං පන භන්තේ ඒතදානුත්තරියං, යථා භගවා ධම්මං දේසේති ආදේසනවිධාසු. චතස්සෝ ඉමා භන්තේ ආදේසනවිධා. ඉධ භන්තේ ඒකච්චෝ නිමිත්තේන ආදිසති ‘ඒවම්පි තේ මනෝ, ඉත්ථම්පි තේ මනෝ, ඉති පි තේ චිත්තන්ති’. සෝ බහුං චේපි ආදිසති තථේව තං හෝති, නෝ අඤ්ඤථා. අයං පඨමා ආදේසනවිධා.

තව ද ස්වාමීනී, අනුන්ගේ සිත ගැන කරුණු පැවසීමෙහි ක්‍රම පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ යම් අයුරින් ධර්මය දේශනා කරන සේක් ද, මෙය ද අනුත්තරීය ධර්මයකි. ස්වාමීනී, මේ අනුන්ගේ සිත ගැන කරුණු පවසන ක්‍රම සතරකි. ස්වාමීනී, මෙහිලා ඇතැමෙක් සිතෙහි ස්වභාවය ප්‍රකට වන ශාරීරික නිමිති බලා මෙසේ කියයි. ‘ඔබගේ මනස මෙබඳු ත් වෙයි. ඔබගේ මනස එබඳු ත් වෙයි. ඔබගේ සිත මෙසේ ත් වෙයි’ වශයෙනි. හේ බොහෝ සේ පැවසුව ද, එය එසේ ම වෙයි. අන් අයුරකින් නොවෙයි. මෙය අනුන්ගේ සිත කරුණු පවසන පළමු ක්‍රමය යි.

පුන ච පරං භන්තේ ඉධේකච්චෝ න හේව ඛෝ නිමිත්තේන ආදිසති, අපි ච ඛෝ මනුස්සානං වා අමනුස්සානං වා දේවතානං වා සද්දං සුත්වා ආදිසති. ‘ඒවම්පි තේ මනෝ, ඉත්ථම්පි තේ මනෝ, ඉතිපි තේ චිත්තන්ති’. සෝ බහුං චේපි ආදිසති, තථේව තං හෝති, නෝ අඤ්ඤථා. අයං දුතියා ආදේසනවිධා. පුන ච පරං භන්තේ ඉධේකච්චෝ න හේව ඛෝ නිමිත්තේන ආදිසති, නාපි මනුස්සානං වා අමනුස්සානං වා දේවතානං වා සද්දං සුත්වා ආදිසති, අපි ච ඛෝ විතක්කයතෝ විචාරයතෝ විතක්කවිප්ඵාරසද්දං සුත්වා ආදිසති ‘ඒවම්පි තේ මනෝ, ඉත්ථම්පි තේ මනෝ, ඉතිපි තේ චිත්තන්ති’. සෝ බහුං චේපි ආදිසති තථේව තං හෝති නෝ අඤ්ඤථා. අයං තතියා ආදේසනවිධා. පුන ච පරං භන්තේ ඉධේකච්චෝ න හේව ඛෝ නිමිත්තේන ආදිසති, නාපි මනුස්සානං වා අමනුස්සානං වා දේවතානං වා සද්දං සුත්වා ආදිසති, නාපි විතක්කයතෝ විචාරයතෝ විතක්කවිප්ඵාරසද්දං සුත්වා ආදිසති, අපි ච ඛෝ විතක්කවිචාරසමාධිසමාපන්නස්ස චේතසා චේතෝ පරිච්ච පජානාති: යථා ඉමස්ස භෝතෝ මනෝසංඛාරා පණිහිතා, තථා ඉමස්ස චිත්තස්ස අනන්තරා ඉමං නාම විතක්කං විතක්කෙස්සතීති. සෝ බහුඤ්චේපි ආදිසති, තථේව තං හෝති නෝ අඤ්ඤථාති. අයං චතුත්ථා ආදේසනවිධා. ඒතදානුත්තරියං භන්තේ ආදේසනවිධාසු.

තව ද ස්වාමීනී, මෙහි ඇතැමෙක් නිමිති බලා නොපවසයි. එසේ නමුත් මිනිසුන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ කථා ශබ්දය අසා පවසයි. ‘ඔබගේ මනස මෙබඳු ත් වෙයි. ඔබගේ මනස එබඳු ත් වෙයි. ඔබගේ සිත මෙසේ ත් වෙයි’ වශයෙනි. හේ බොහෝ සේ පැවසුව ද, එය එසේ ම වෙයි. අන් අයුරකින් නොවෙයි. මෙය අනුන්ගේ සිත කරුණු පවසන දෙවෙනි ක්‍රමය යි.

තව ද ස්වාමීනී, මෙහිලා ඇතැමෙක් නිමිති බලා නොපවසයි. මිනිසුන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ කථා ශබ්දය අසා නොපවසයි. එසේ නමුත් අන්‍යයන් මනසින් විතර්ක කරන විට, විචාර කරන විට ඒ විතක්ක විප්ඵාර ශබ්දය අසා පවසයි. ‘ඔබගේ මනස මෙබඳු ත් වෙයි. ඔබගේ මනස එබඳු ත් වෙයි. ඔබගේ සිත මෙසේ ත් වෙයි’ වශයෙනි. හේ බොහෝ සේ පැවසුව ද, එය එසේ ම වෙයි. අන් අයුරකින් නොවෙයි. මෙය අනුන්ගේ සිත කරුණු පවසන තුන්වෙනි ක්‍රමය යි.

තව ද ස්වාමීනී, මෙහිලා ඇතැමෙක් නිමිති බලා නොපවසයි. මිනිසුන්ගේ හෝ අමනුෂ්‍යයන්ගේ හෝ දෙවියන්ගේ හෝ කථා ශබ්දය අසා නොපවසයි. අන්‍යයන් මනසින් විතර්ක කරන විට, විචාර කරන විට ඒ විතක්ක විප්ඵාර ශබ්දය අසා නොපවසයි. නමුත් විතර්ක විචාරයෙන් යුතු සමාධියකට සමවැදී සිටින්නෙකුගේ සිත තම සිතින් පිරිසිඳ දැනගනියි. ‘මේ භවත්හු යම් අයුරකින් මනෝ සංස්කාරයන් සිතෙහි පිහිටුවන ලද්දේ ද, ඒ අයුරින් මේ සිතට අනතුරු ව මෙනම් විතර්කය විතර්ක කරන්නේ ය’ වශයෙනි. හේ බොහෝ සේ පැවසුව ද, එය එසේ ම වෙයි. අන් අයුරකින් නොවෙයි. මෙය අනුන්ගේ සිත කරුණු පවසන සිව්වෙනි ක්‍රමය යි. ස්වාමීනී, අනුන්ගේ සිත් දැන කරුණු පැවසීමෙහි ක්‍රමයන් පිළිබඳ ව මෙය අනුත්තරීය ධර්මයකි.

[ දස්සනසමාපත්ති-දේසනා ]

7. අපරං පන භන්තේ ඒතදානුත්තරියං යථා භගවා ධම්මං දේසේති දස්සනසමාපත්තීසු. චතස්සෝ ඉමා භන්තේ දස්සනසමාපත්තියෝ: ඉධ භන්තේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයෝගමන්වාය අප්පමාදමන්වාය සම්මාමනසිකාරමන්වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති යථා සමාහිතේ චිත්තේ ඉමමේව කායං උද්ධං පාදතලා අධෝ කේසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං නහාර අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං හදයං යකනං කිලෝමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා ඛේළෝ සිංඝානිකා ලසිකා මුත්තන්ති. අයං පඨමා දස්සනසමාපත්ති.

තව ද ස්වාමීනී, දර්ශනසමාපත්තීන් පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ යම් අයුරකින් ධර්මය දේශනා කරන සේක් ද, මෙය ද අනුත්තරීය ධර්මයකි. ස්වාමීනී, මේ දර්ශන සමාපත්ති සතරකි. ස්වාමීනී, මෙහිලා ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වීර්යය කොට, දැඩි සේ වීර්යය කොට, නැවත නැවත එහි යෙදී, අප්‍රමාදී ව, මැනැවින් මෙනෙහි කිරීමෙන් යම් බඳු සමාධිමත් සිතින් මේ කයෙහි ම යටි පතුලෙන් උඩ ත්, කෙස් මතුවෙන් යට ත්, සමකින් වැසී ඇති අනේක ප්‍රකාර වූ අපිරිසිදු දෑ නුවණින් දකියි නම් එබඳු චිත්ත සමාධියක් ලබයි. එනම්; මේ කයෙහි කෙස් ඇත. ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හෘදය, අක්මාව, දලබුව, බඩදිව, පෙණහළු, අතුනු, අතුනුබහන්, ආමාශය, අසුචි, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, මේදතෙල, කඳුළු, වුරුණු තෙල, කෙළ, සොටු, සඳමිදුළු, මූත්‍රා ඇතැයි වශයෙනි. මෙය දර්ශනසමාපත්තියෙහි පළමු වැන්න යි.

පුන ච පරං භන්තේ ඉධේකච්චෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා ආතප්පමන්වාය ….(පෙ)…. තථාරූපං චේතෝසමාධිං ඵුසති, යථා සමාහිතේ චිත්තේ ඉමඤ්චේව කායං උද්ධං පාදතලා අධෝ කේසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායේ කේසා ලෝමා නඛා දන්තා ….(පෙ)…. ලසිකා මුත්තන්ති, අතික්කම්ම ච පුරිසස්ස ඡවිමංස ලෝහිතං අට්ඨිං පච්චවෙක්ඛති. අයං දුතියා දස්සනසමාපත්ති.

තව ද ස්වාමීනී, මෙහිලා ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වීර්යය කොට, දැඩි සේ වීර්යය කොට, නැවත නැවත එහි යෙදී, අප්‍රමාදී ව, මැනැවින් මෙනෙහි කිරීමෙන් යම්බඳු සමාධිමත් සිතින් මේ කයෙහි ම යටි පතුලෙන් උඩ ත්, කෙස් මතුවෙන් යට ත්, සමකින් වැසී ඇති අනේකප්‍රකාර වූ අපිරිසිදු දැ නුවණින් දකියි නම්, මේ කයෙහි කෙස් ඇත, ලොම්, නිය, දත්, ….(පෙ)…. සඳමිදුළු, මූත්‍රා ඇත වශයෙනි. එමෙන් ම පුරුෂයාගේ සම, මස්, ලේ ඉක්මවා ‘ඇට’ නුවණින් සලකයි නම්, එබඳු චිත්ත සමාධියක් ලබයි. මෙය දර්ශන සමාපත්තියෙහි දෙවැන්න යි.

පුන ච පරං භන්තේ ඉධේකච්චෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා ආතප්පමන්වාය ….(පෙ)…. තථාරූපං චේතෝසමාධිං ඵුසති යථා සමාහිතේ චිත්තේ ඉමඤ්චේව කායං උද්ධං පාදතලා අධෝ කේසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායේ කේසා ලෝමා ….(පෙ)…. ලසිකා මුත්තන්ති, අතික්කම්ම ච පුරිසස්ස ඡවිමංස ලෝහිතං අට්ඨිං පච්චවෙක්ඛති, පුරිසස්ස ච විඤ්ඤාණසෝතං පජානාති උභයතෝ අබ්බොච්ඡින්නං ඉධ ලෝකේ පතිට්ඨිතං ච පරලෝකේ පතිට්ඨිතං ච. අයං තතියා දස්සනසමාපත්ති.

තව ද ස්වාමීනී, මෙහිලා ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වීර්යය කොට, දැඩි සේ වීර්යය කොට, නැවත නැවත එහි යෙදී, අප්‍රමාදී ව, මැනැවින් මෙනෙහි කිරීමෙන් යම් බඳු සමාධිමත් සිතින් මේ කයෙහි ම යටි පතුලෙන් උඩ ත්, කෙස් මතුවෙන් යට ත්, සමකින් වැසී ඇති අනේකප්‍රකාර වූ අපිරිසිදු දැ නුවණින් දකියි නම්, මේ කයෙහි කෙස් ඇත, ලොම්, නිය, දත්, ….(පෙ)…. සඳමිදුළු, මූත්‍රා ඇත වශයෙනි. එමෙන් ම පුරුෂයාගේ සම, මස්, ලේ ඉක්මවා ‘ඇට’ නුවණින් සලකයි නම්, එමෙන් ම පුරුෂයාගේ මෙලොවෙහි ත් පිහිටි, පරලොවෙහි ත් පිහිටි, දෙපසෙහි ම නොසිඳී පවතින විඤ්ඤාණ වේගය නුවණින් දැනගනියි නම්, එබඳු චිත්ත සමාධියක් ලබයි. මෙය දර්ශන සමාපත්තියෙහි තුන්වැන්න යි.

පුන ච පරං භන්තේ ඉධේකච්චෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා ආතප්පමන්වාය ….(පෙ)…. ලසිකා මුත්තන්ති අතික්කම්ම ච පුරිසස්ස ඡවිමංසලෝහිතං අට්ඨිං පච්චවෙක්ඛති, පුරිසස්ස ච විඤ්ඤාණසෝතං පජානාති උභයතෝ අබ්බොච්ඡින්නං ඉධ ලෝකේ අප්පතිට්ඨිතඤ්ච පරලෝකේ අප්පතිට්ඨිතඤ්ච. අයං චතුත්ථා දස්සනසමාපත්ති. ඒතදානුත්තරියං භන්තේ දස්සනසමාපත්තීසු.

තව ද ස්වාමීනී, මෙහිලා ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වීර්යය කොට, දැඩි සේ වීර්යය කොට, නැවත නැවත එහි යෙදී, අප්‍රමාදී ව, මැනැවින් මෙනෙහි කිරීමෙන් යම් බඳු සමාධිමත් සිතින් මේ කයෙහි ම යටි පතුලෙන් උඩ ත්, කෙස් මතුවෙන් යට ත්, සමකින් වැසී ඇති අනේකප්‍රකාර වූ අපිරිසිදු දැ නුවණින් දකියි නම්, මේ කයෙහි කෙස් ඇත, ලොම්, නිය, දත්, ….(පෙ)…. සඳමිදුළු, මූත්‍රා ඇත වශයෙනි. එමෙන් ම පුරුෂයාගේ සම, මස්, ලේ ඉක්මවා ‘ඇට’ නුවණින් සලකයි නම්, එමෙන් ම පුරුෂයාගේ මෙලොවෙහි ත් නොපිහිටි, පරලොවෙහි ත් නොපිහිටි, දෙපසෙහි ම නොසිඳී පවතින විඤ්ඤාණ වේගය නුවණින් දැනගනියි නම්, එබඳු චිත්ත සමාධියක් ලබයි. මෙය දර්ශන සමාපත්තියෙහි සිව්වැන්න යි. ස්වාමීනී, දර්ශන සමාපත්තීන් පිළිබඳ ව මෙය අනුත්තරීය ධර්මයකි.

[ පුග්ගලපණ්ණත්තිදේසනා ]

8. අපරං පන භන්තේ ඒතදානුත්තරියං, යථා භගවා ධම්මං දේසේති පුග්ගලපණ්ණත්තීසු. සත්තිමේ භන්තේ පුග්ගලා: උභතෝභාගවිමුත්තෝ, පඤ්ඤාවිමුත්තෝ, කායසක්ඛී, දිට්ඨිප්පත්තෝ, සද්ධාවිමුත්තෝ, ධම්මානුසාරී, සද්ධානුසාරී. ඒතදානුත්තරියං භන්තේ පුග්ගලපඤ්ඤත්තීසු.

තව ද ස්වාමීනී, පුද්ගලයන්ගේ පැණවීම් පිළිබඳ ව යම් අයුරකින් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන සේක් ද, මෙය ද අනුත්තරීය ධර්මයකි. ස්වාමීනී, මේ පුද්ගලයෝ සත් දෙනෙකි. උභතෝභාග විමුත්තයා ය, ප්‍රඥා විමුත්තයා ය, කායසක්ඛි ය, දිට්ඨිප්පත්ත ය, සද්ධාවිමුත්ත ය, ධම්මානුසාරී ය, සද්ධානුසාරි ය. ස්වාමීනී, පුද්ගල ප්‍රඥප්තීන් පිළිබඳ ව මෙය අනුත්තරීය ධර්මයකි.

[ පධානදේසනා ]

9. අපරං පන භන්තේ ඒතදානුත්තරියං යථා භගවා ධම්මං දේසේති පධානේසු. සත්තිමේ භන්තේ සම්බොජ්ඣංගා: සතිසම්බොජ්ඣංගෝ, ධම්මවිචයසම්බොජ්ඣංගෝ, විරියසම්බොජ්ඣංගෝ, පීතිසම්බොජ්ඣංගෝ, පස්සද්ධිසම්බොජ්ඣංගෝ, සමාධිසම්බොජ්ඣංගෝ, උපෙක්ඛාසම්බොජ්ඣංගෝ. ඒතදානුත්තරියං භන්තේ පධානේසු.

තව ද ස්වාමීනී, ප්‍රධන් වීර්යය පිළිබඳ ව යම් අයුරකින් භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරන සේක් ද, මෙය ද අනුත්තරීය ධර්මයකි. ස්වාමීනී, මේ සම්බොජ්ඣංගයෝ සතකි. සති සම්බොජ්ඣංගය ය, ධම්මවිචය සම්බොජ්ඣංගය ය, විරිය සම්බොජ්ඣංගය ය, පීති සම්බොජ්ඣංගය ය, පස්සද්ධි සම්බොජ්ඣංගය ය, සමාධි සම්බොජ්ඣංගය ය, උපෙක්ඛා සම්බොජ්ඣංගය ය වශයෙනි. ස්වාමීනී, ප්‍රධන් වීර්යය පිළිබඳ ව මෙය අනුත්තරීය ධර්මයකි.

[ පටිපදාදේසනා ]

10. අපරං පන භන්තේ ඒතදානුත්තරියං යථා භගවා ධම්මං දේසේති පටිපදාසු. චතස්සෝ ඉමා භන්තේ පටිපදා: දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා, සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා’ති. තත්‍ර භන්තේ යායං පටිපදා දුක්ඛා දන්ධාභිඤ්ඤා, අයං භන්තේ පටිපදා උභයේනේව හීනා අක්ඛායති දුක්ඛත්තා ච දන්ධත්තා ච. තත්‍ර භන්තේ යායං පටිපදා දුක්ඛා ඛිප්පාභිඤ්ඤා, අයං පන භන්තේ පටිපදා දුක්ඛත්තා හීනා අක්ඛායති. තත්‍ර භන්තේ යායං පටිපදා සුඛා දන්ධාභිඤ්ඤා, අයං පන භන්තේ පටිපදා දන්ධත්තා හීනා අක්ඛායති. තත්‍ර භන්තේ යායං පටිපදා සුඛා ඛිප්පාභිඤ්ඤා, අයං පන භන්තේ පටිපදා උභයේනේව පණීතා අක්ඛායති සුඛත්තා ච ඛිප්පත්තා ච. ඒතදානුත්තරියං භන්තේ පටිපදාසු.

ස්වාමීනී, ප්‍රතිපදාවන් පිළිබඳ ව යම් අයුරකින් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන සේක් ද, මෙය ද අනුත්තරීය ධර්මයකි. ස්වාමීනී, මේ ප්‍රතිපදාවෝ සතරකි. ඉතා සෙමෙන් අවබෝධ වන දුක් ඇති ප්‍රතිපදාව ය, වහා අවබෝධ වන දුක් ඇති ප්‍රතිපදාව ය, ඉතා සෙමෙන් අවබෝධ වන සැප ඇති ප්‍රතිපදාව ය, වහා අවබෝධ වන සැප ඇති ප්‍රතිපදාව ය වශයෙනි. ස්වාමීනී, එහිලා යම් මේ ප්‍රතිපදාවක් දුක් වූයේ ත්, ඉතා සෙමෙන් අවබෝධ වන්නේ ත් වෙයි ද, ස්වාමීනී, දුක් බැවින් ද, ඉතා සෙමෙන් අවබෝධ වන බැවින් ද, මෙම ප්‍රතිපදාව දෙපසින් ම හීන යැයි කියනු ලැබේ. ස්වාමීනී, එහිලා යම් මේ ප්‍රතිපදාවක් දුක් වූයේ ත්, වහා අවබෝධ වන්නේ ත් වෙයි ද, ස්වාමීනී, මේ ප්‍රතිපදාව දුක් බැවින් හීන යැයි කියනු ලැබේ. ස්වාමීනී, එහිලා යම් මේ ප්‍රතිපදාවක් සැප වූයේ ත්, ඉතා සෙමෙන් අවබෝධ වන්නේ ත් වෙයි ද, ස්වාමීනී, ඉතා සෙමෙන් අවබෝධ වන බැවින් මේ ප්‍රතිපදාව හීන යැයි කියනු ලැබේ. ස්වාමීනී, එහිලා යම් මේ ප්‍රතිපදාවක් සැප වූයේ ත්, වහා අවබෝධ වන්නේ ත් වෙයි ද, ස්වාමීනී, සැප බැවින් ද, වහා අවබෝධ වන බැවින් ද, මෙම ප්‍රතිපදාව දෙපසින් ම ප්‍රණීත යැයි කියනු ලැබේ. ස්වාමීනී, ප්‍රතිපදාවන් පිළිබඳ ව මෙය අනුත්තරීය ධර්මයකි.

[ භස්සසමාචාරාදි-දේසනා ]

11. අපරං පන භන්තේ ඒතදානුත්තරියං යථා භගවා ධම්මං දේසේති භස්සසමාචාරේ. ඉධ භන්තේ ඒකච්චෝ න චේව මුසාවාදූපසංහිතං වාචං භාසති, න ච වේභූතියං න ච පේසුණියං න ච සාරම්භජං ජයාපෙක්ඛෝ, මන්තා මන්තා වාචං භාසති නිධානවතිං කාලේන, ඒතදානුත්තරියං භන්තේ භස්සසමාචාරේ.

තව ද ස්වාමීනි, කතාබස් කිරීමේ වැදගත් පිළිවෙල පිළිබඳ ව යම් අයුරකින් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන සේක් ද, මෙය ද අනුත්තරීය ධර්මයකි. ස්වාමීනී, මෙහිලා ඇතැමෙක් බොරු එකතු කරමින් කතා නොකරයි. එකිනෙකා බිඳුවන බස් කතා නොකරයි. කේලාම් සහිත බස් කතා නොකරයි. එකට එක කතා කොට ජය අපේක්ෂාවෙන් කතා නොකරයි. නුවණින් සිත සිතා වචන කතා කරයි. සිතෙහි රඳවා ගත යුතු කලට නිසි වූ වචන කතා කරයි. ස්වාමීනී, කතාකිරීමේ වැදගත් පිළිවෙල පිළිබඳ ව වූ මෙය අනුත්තරීය ධර්මයකි.

12. අපරං පන භන්තේ ඒතදානුත්තරියං, යථා භගවා ධම්මං දේසේති පුරිසසීලසමාචාරේ. ඉධ භන්තේ ඒකච්චෝ සච්චෝ චස්ස සද්ධෝ ච. න ච කුහකෝ, න ච ලපකෝ, න ච නේමිත්තිකෝ, න ච නිප්පේසිකෝ, න ච ලාභේන ලාභං නිජිහිංසනකෝ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ, භෝජනේ මත්තඤ්ඤූ, සමකාරී, ජාගරියානුයෝගමනුයුත්තෝ, අතන්දිතෝ, ආරද්ධවිරියෝ, ඣායී, සතිමා, කල්‍යාණපටිභානෝ, ගතිමා, ධිතිමා, මතිමා න ච කාමේසු ගිද්ධෝ, සතෝ ච නිපකෝ ච.

තව ද ස්වාමීනී, පුරුෂයාගේ ශීලයෙහි වැදගත් පිළිවෙල පිළිබඳ ව යම් අයුරකින් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන සේක් ද, මෙය ද අනුත්තරීය ධර්මයකි. ස්වාමීනී, මෙහිලා ඇතැමෙක් ශ්‍රද්ධාව ඇත්තේ වෙයි. කුහක නැත්තේ වෙයි. චාටු බස් නොකියන්නේ වෙයි. ලාභාපේක්ෂාවෙන් නිමිති හඟවා නොකියන්නේ වෙයි. ලාභාපේක්ෂාවෙන් අනුන්ට ගරහා නොකියන්නේ වෙයි. ලාභයෙන් ලාභය නොසොයන්නේ වෙයි. ඉන්ද්‍රියයන් පිළිබඳ ව වසා ගත් දොරටු ඇත්තේ වෙයි. ආහාරයෙහි අර්ථය දැන වළඳන්නේ වෙයි. සමලෙස කටයුතු කරන්නේ වෙයි. නිදි වරමින් භාවනානුයෝගී ව සිටින්නේ වෙයි. අලස නොවූයේ වෙයි. පටන් ගත් වීර්යය ඇත්තේ වෙයි. ධ්‍යානයෙහි යෙදී සිටින්නේ වෙයි. සිහියෙන් යුතු වූයේ වෙයි. සොඳුරු වැටහීමෙන් යුතු වූයේ වෙයි. නොදත් දහම් දැනීමෙහි ආශා ඇත්තේ වෙයි. මනා මතක ශක්තියෙන් යුතු වූයේ වෙයි. ප්‍රඥා ඇත්තේ වෙයි. පංච කාමයෙහි ගිජු නොවෙයි. සිහි ඇත්තේ වෙයි. අවස්ථාවෝචිත ප්‍රඥාවෙන් යුතු වූයේ වෙයි.

ඒතදානුත්තරියං භන්තේ පුරිසසීලසමාචාරේ.

ස්වාමීනී, පුරුෂයාගේ සීලයෙහි වැදගත් පිළිවෙල පිළිබඳ ව මෙය අනුත්තරීය ධර්මයකි.

[ අනුසාසනවිධාදේසනා ]

13. අපරං පන භන්තේ ඒතදානුත්තරියං, යථා භගවා ධම්මං දේසේති අනුසාසනවිධාසු. චතස්සෝ ඉමා භන්තේ අනුසාසනවිධා. ජානාති භන්තේ භගවා පරං පුග්ගලං පච්චත්තං යෝනිසෝ මනසිකාරා, ‘අයං පුග්ගලෝ යථානුසිට්ඨං තථා පටිපජ්ජමානෝ, තිණ්ණං සඤ්ඤෝජනානං පරික්ඛයා සෝතාපන්නෝ භවිස්සති අවිනිපාතධම්මෝ නියතෝ සම්බෝධිපරායණෝ’ති. ජානාති භන්තේ භගවා පරං පුග්ගලං පච්චත්තං යෝනිසෝමනසිකාරා, අයං පුග්ගලෝ යථානුසිට්ඨං තථා පටිපජ්ජමානෝ තිණ්ණං සඤ්ඤෝජනානං පරික්ඛයා රාගදෝසමෝහානං තනුත්තා සකදාගාමී භවිස්සති, සකිදේව ඉමං ලෝකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සතීති.

තව ද ස්වාමීනී, අනුශාසනා ක්‍රම පිළිබඳ ව යම් අයුරකින් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන සේක් ද, මෙය ද අනුත්තරීය ධර්මයකි. ස්වාමීනි, මේ අනුශාසනා ක්‍රම සතරකි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අන්‍ය වූ පුද්ගලයෙකු පිළිබඳ ව වෙන් වෙන් ව නුවණ යොදා මෙනෙහි කිරීමෙන් දන්නා සේක. එනම්, ‘මේ පුද්ගලයා යම් අයුරින් අනුශාසනාවක් ලබයි ද, ඒ අයුරින් පිළිපදියි නම්, තුන් සංයෝජනයන් ක්ෂය කිරීමෙන් සෝවාන් වන්නේ ය. සතර අපායෙන් මිදී නියත වශයෙන් නිවන පිහිට කොට සිටින්නේ ය’ වශයෙනි.

එසේ ම ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අන්‍ය වූ පුද්ගලයෙකු පිළිබඳ ව වෙන් වෙන් ව නුවණ යොදා මෙනෙහි කිරීමෙන් දන්නා සේක. එනම්, ‘මේ පුද්ගලයා යම් අයුරින් අනුශාසනාවක් ලබයි ද, ඒ අයුරින් පිළිපදියි නම්, තුන් සංයෝජනයන් ක්ෂය කිරීමෙන්, රාග ද්වේෂ මෝහයන්ගේ බලය තුනී වීමෙන් සකදාගාමී වන්නේ ය. මෙලොවට එක් වරක් ම පැමිණ දුක් නිමාවට පත් කරන්නේ ය’ වශයෙනි.

ජානාති භන්තේ භගවා පරං පුග්ගලං පච්චත්තං යෝනිසෝ මනසිකාරා, අයං පුග්ගලෝ යථානුසිට්ඨං තථා පටිපජ්ජමානෝ, පඤ්චන්නං ඕරම්භාගියානං සඤ්ඤෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ භවිස්සති, තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මෝ තස්මා ලෝකාති.

එසේ ම ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අන්‍ය වූ පුද්ගලයෙකු පිළිබඳ ව වෙන් වෙන් ව නුවණ යොදා මෙනෙහි කිරීමෙන් දන්නා සේක. එනම්, ‘මේ පුද්ගලයා යම් අයුරින් අනුශාසනාවක් ලබයි ද, ඒ අයුරින් පිළිපදියි නම්, ඕරම්භාගිය සංයෝජන පස ක්ෂය කිරීමෙන් සුද්ධාවාස බඹලොව ඕපපාතික ව උපදින්නේ ය. නැවත පෙරලා මෙලොවට එන ස්වභාවයෙන් තොර වූයේ එහි ම පිරිනිවන් පාන්නේ ය’ වශයෙනි.

ජානාති භන්තේ භගවා පරං පුග්ගලං පච්චත්තං යෝනිසෝ මනසිකාරා, අයං පුග්ගලෝ යථානුසිට්ඨං තථා පටිපජ්ජමානෝ ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සතීති.

එසේ ම ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අන්‍ය වූ පුද්ගලයෙකු පිළිබඳ ව වෙන් වෙන් ව නුවණ යොදා මෙනෙහි කිරීමෙන් දන්නා සේක. එනම්, ‘මේ පුද්ගලයා යම් අයුරින් අනුශාසනාවක් ලබයි ද, ඒ අයුරින් පිළිපදියි නම්, ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයෙහි දී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය කරන්නේ ය’ වශයෙනි.

ඒතදානුත්තරියං භන්තේ අනුසාසනවිධාසු.

ස්වාමීනී, අනුශාසනා ක්‍රම පිළිබඳ ව මෙය අනුත්තරිය ධර්මයකි.

[ පරපුග්ගලවිමුත්තිඤාණදේසනා ]

14. අපරං පන භන්තේ ඒතදානුත්තරියං, යථා භගවා ධම්මං දේසේති පරපුග්ගලවිමුත්තිඤාණේ. ජානාති භන්තේ භගවා පරං පුග්ගලං පච්චත්තං යෝනිසෝමනසිකාරා, අයං පුග්ගලෝ තිණ්ණං සඤ්ඤෝජනානං පරික්ඛයා සෝතාපන්නෝ භවිස්සති අවිනිපාතධම්මෝ නියතෝ සම්බෝධිපරායණෝ’ති. ජානාති භන්තේ භගවා පරං පුග්ගලං පච්චත්තං යෝනිසෝ මනසිකාරා, අයං පුග්ගලෝ තිණ්ණං සඤ්ඤෝජනානං පරික්ඛයා රාගදෝසමෝහානං තනුත්තා සකදාගාමී භවිස්සති සකිදේව ඉමං ලෝකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සතී’ති.

තව ද ස්වාමීනී, අන්‍ය වූ පුද්ගලයන්ගේ විමුක්ති ඥානය පිළිබඳ ව යම් අයුරකින් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන සේක් ද, මෙය ද, අනුත්තරීය ධර්මයකි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අන්‍ය පුද්ගලයෙකු පිළිබඳ ව වෙන් වශයෙන් නුවණ යොදා මෙනෙහි කිරීමෙන් දන්නා සේක. ‘මේ පුද්ගල තෙමේ තුන් සංයෝජනයන් ක්ෂය කිරීමෙන් සෝවාන් වන්නේ ය. සිව් අපාගත නොවන සුළු ව නියත වශයෙන් නිවන පිහිට කොට සිටින්නේ ය’ යනුවෙනි.

එසේ ම ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අන්‍ය පුද්ගලයෙකු පිළිබඳ ව වෙන් වශයෙන් නුවණ යොදා මෙනෙහි කිරීමෙන් දන්නා සේක. ‘මේ පුද්ගල තෙමේ තුන් සංයෝජනයන් ක්ෂය කිරීමෙන්, රාග ද්වේෂ මෝහයන්ගේ බලය තුනී කිරීමෙන් සකදාගාමී වන්නේ ය. මෙලොවට එක් වරක් ම පැමිණ දුක් නිමාවට පත් කරන්නේ ය’ යනුවෙනි.

ජානාති භන්තේ භගවා පරං පුග්ගලං පච්චත්තං යෝනිසෝ මනසිකාරා, ‘අයං පුග්ගලෝ පඤ්චන්නං ඕරම්භාගියානං සඤ්ඤෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ භවිස්සති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මා තස්මා ලෝකා’ති.

එසේ ම ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අන්‍ය පුද්ගලයෙකු පිළිබඳ ව වෙන් වශයෙන් නුවණ යොදා මෙනෙහි කිරීමෙන් දන්නා සේක. ‘මේ පුද්ගල තෙමේ ඕරම්භාගිය සංයෝජනයන් පස ක්ෂය කිරීමෙන් සුද්ධාවාස බඹලොව ඕපපාතික ව උපදින්නේ ය. නැවත පෙරළා මෙලොවට නොඑන ස්වභාවයෙන් යුතු ව එහි ම පිරිනිවන් පාන්නේ ය’ යනුවෙනි.

ජානාති භන්තේ භගවා පරං පුග්ගලං පච්චත්තං යෝනිසෝ මනසිකාරා ‘අයං පුග්ගලෝ ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සතී’ති. ඒතදානුත්තරියං භන්තේ පරපුග්ගලවිමුත්තිඤාණේ.

එසේ ම ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අන්‍ය පුද්ගලයෙකු පිළිබඳ ව වෙන් වශයෙන් නුවණ යොදා මෙනෙහි කිරීමෙන් දන්නා සේක. ‘මේ පුද්ගල තෙමේ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේ දී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය කරන්නේ ය’ යනුවෙනි. ස්වාමීනී, අන්‍ය වූ පුද්ගලයන්ගේ විමුක්ති ඥානය පිළිබඳ ව වූ මෙය අනුත්තරීය ධර්මයකි.

[ සස්සතවාදදේසනා ]

15. අපරං පන භන්තේ ඒතදානුත්තරියං, යථා භගවා ධම්මං දේසේති සස්සතවාදේසු. තයෝ මේ භන්තේ සස්සතවාදා. ඉධ භන්තේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා ආතප්පමන්වාය පධානමන්වාය අනුයෝගමන්වාය අප්පමාදමන්වාය සම්මා මනසිකාරමන්වාය තථාරූපං චේතෝසමාධිං ඵුසති, යථා සමාහිතේ චිත්තේ අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති සෙය්‍යථීදං ඒකම්පි ජාතිං ද්වේ පි ජාතියෝ තිස්සෝ පි ජාතියෝ චතස්සෝ පි ජාතියෝ පඤ්ච පි ජාතියෝ දස පි ජාතියෝ වීසම්පි ජාතියෝ තිංසම්පි ජාතියෝ චත්තාළිසම්පි ජාතියෝ පඤ්ඤාසම්පි ජාතියෝ ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනේකානි පි ජාතිසතානි අනේකානි පි ජාතිසහස්සානි අනේකානි පි ජාතිසතසහස්සානි, අමුත්‍රාසිං ඒවංනාමෝ ඒවංගොත්තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවං සුඛදුක්ඛපටිසංවේදී ඒවමායුපරියන්තෝ. සෝ තතෝ චුතෝ අමුත්‍ර උදපාදිං. තත්‍රාපාසිං ඒවංනාමෝ ඒවංගොත්තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්ඛපටිසංවේදී ඒවමායුපරියන්තෝ. සෝ තතෝ චුතෝ ඉධූපපන්නෝ’ති. ඉති සාකාරං සඋද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති. සෝ ඒවමාහ. අතීතම්පාහං අද්ධානං ජානාමි ‘සංවට්ටි පි ලෝකෝ විවට්ටි පි’ති, අනාගතම්පාහං අද්ධානං ජානාමි ‘සංවට්ටිස්සති වා ලෝකෝ විවට්ටිස්සති වා’ති. සස්සතෝ අත්තා ච ලෝකෝ ච වඤ්ඣෝ කූටට්ඨෝ ඒසිකට්ඨායී ඨිතෝ තේ’ව සත්තා සන්ධාවන්ති සංසරන්ති චවන්ති උපපජ්ජන්ති, අත්ථිත්වේව සස්සතිසමන්ති. අයං පඨමෝ සස්සතවාදෝ.

තව ද ස්වාමීනී, තමා ත් ලෝකය ත් සදාකාලික ය යනාදී ශාස්වතවාදී මතයන් පිළිබඳ ව යම් අයුරකින් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන සේක් ද, මෙය ද අනුත්තරීය ධර්මයකි. ස්වාමීනී, මේ ශාස්වතවාද තුනකි.

ස්වාමීනී, මෙහිලා ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වීර්යය කොට, දැඩි ව වීර්යය කොට, නැවත නැවත වීර්යය කොට, අප්‍රමාදී ව, මැනැවින් මෙනෙහි කිරීමෙන්, යම්බඳු සමාධිමත් සිතකින් නොයෙක් අයුරු ඇති පෙර භවයන්හි වාසය කිරීම් පිළිබඳ ව සිහි කරයි නම්, එබඳු චිත්ත සමාධියක් ලබයි. එනම්, ‘එක් උපතක් ද, උපත් දෙකක් ද, උපත් තුනක් ද, උපත් සතරක් ද, උපත් පහක් ද, උපත් දහයක් ද, උපත් විස්සක් ද, උපත් තිහක් ද, උපත් හතළිහක් ද, උපත් පනහක් ද, උපත් සියයක් ද, උපත් දහසක් ද, උපත් සිය දහසක් ද වශයෙනි. නොයෙක් සිය ගණන්, නොයෙක් දහස් ගණන්, නොයෙක් සිය දහස් ගණන් උපත් මෙනෙහි කරයි. ‘මම අසවල් තැන සිටියෙමි. මෙබඳු නම් ඇති ව, මෙබඳු ගෝත්‍ර නම් ඇති ව, මෙබඳු පැහැ ඇති ව, මෙබඳු ආහාර ඇති ව, මෙබඳු සැපදුක් විඳිමින්, මෙබඳු අයුරින් ජීවිතය අවසන් කළෙමි. එයින් චුත වූ මම අසවල් තැන උපන්නෙමි. එහි මෙබඳු නම් ඇති ව, මෙබඳු ගෝත්‍ර නම් ඇති ව, මෙබඳු පැහැ ඇති ව, මෙබඳු ආහාර ඇති ව, මෙබඳු සැපදුක් විඳිමින් සිටියෙමි. මෙබඳු අයුරින් ජීවිතය අවසන් කළෙමි. එයින් චුත වූ මම මෙහි උපන්නෙමි’ යනාදී වශයෙන් කරුණු සහිත ව, සවිස්තර ව, නොයෙක් අයුරු ඇති පෙර විසූ ජීවිත පිළිබඳ ව සිහි කරයි. එවිට හේ මෙසේ කියයි. ‘මම් අතීත කාලය ගැන ත් දනිමි. මේ ලෝකය නැසුණේ ත් වෙයි. හටගත්තේ ත් වෙයි. අනාගත කාලය ගැන ත් මම දනිමි. මේ ලෝකය නැසෙන්නේ හෝ වෙයි. හටගන්නේ හෝ වෙයි. ආත්මය ත්, ලෝකය ත් සදාකාලික ය. කිසිවක් අලුතෙන් නූපදවයි. ගිරි කුලක් සේ සිටියේ ය. ගැඹුරට කැණ සිට වූ ගල් ටැඹක් සේ සිටියේ ය. ඒ සත්වයෝ ම උපතින් උපතට දිව යති. සැරිසරා යති. චුත වෙති. යළි උපදිති. සදාකාලික අයුරින් තිබෙන්නේ ම වෙයි’ වශයෙනි. මෙය පළමුවෙනි ශාස්වතවාදය යි.

පුන ච පරං භන්තේ ඉධේකච්චෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා ආතප්පමන්වාය ….(පෙ)…. තථාරූපං චේතෝසමාධිං ඵුසති යථා සමාහිතේ චිත්තේ අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති, සෙය්‍යථීදං ඒකම්පි සංවට්ටවිවට්ටං ද්වේ පි සංවට්ටවිවට්ටානි තීණි පි සංවට්ටවිවට්ටානි චත්තාරි පි සංවට්ටවිවට්ටානි පඤ්ච පි සංවට්ටවිවට්ටානි දස පි සංවට්ටවිවට්ටානි අමුත්‍රාසිං ඒවංනාමෝ ඒවංගොත්තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්ඛපටිසංවේදී ඒවමායුපරියන්තෝ. සෝ තතෝ චුතෝ අමුත්‍ර උදපාදිං, තත්‍රාපාසිං ඒවංනාමෝ ඒවංගොත්තෝ ….(පෙ)…. ඒවමායුපරියන්තෝ, සෝ තතෝ චුතෝ ඉධූපපන්නෝ’ති. ඉති සාකාරං සඋද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති. සෝ ඒවමාහ: අතීතම්පාහං අද්ධානං ජානාමි ‘සංවට්ටි වා ලෝකෝ විවට්ටි වා ලෝකෝ. අනාගතඤ්ච ඛ්වාහං අද්ධානං ජානාමි සංවට්ටිස්සති වා ලෝකෝ විවට්ටිස්සති වාති. සස්සතෝ අත්තා ච ලෝකෝ ච වඤ්ඣෝ කූටට්ඨෝ ඒසිකට්ඨායී ඨිතෝ තේ’ව සත්තා සන්ධාවන්ති සංසරන්ති චවන්ති උපපජ්ජන්ති, අත්ථිත්වේව සස්සතිසමන්ති. අයං භන්තේ දුතියෝ සස්සතවාදෝ.

තව ද ස්වාමීනී, මෙහිලා ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වීර්යය කොට, දැඩි ව වීර්යය කොට, නැවත නැවත වීර්යය කොට, අප්‍රමාදී ව, මැනැවින් මෙනෙහි කිරීමෙන්, යම්බඳු සමාධිමත් සිතකින් නොයෙක් අයුරු ඇති පෙර භවයන්හි වාසය කිරීම් පිළිබඳ ව සිහි කරයි නම්, එබඳු චිත්ත සමාධියක් ලබයි. එනම්, නැසෙන – හැදෙන කල්පයක් ද, නැසෙන – හැදෙන කල්ප දෙකක් ද, නැසෙන – හැදෙන කල්ප තුනක් ද, නැසෙන – හැදෙන කල්ප සතරක් ද, නැසෙන – හැදෙන කල්ප පහක් ද, නැසෙන – හැදෙන කල්ප දහයක් ද සිහි කරන්නේ වෙයි. ‘මම අසවල් තැන සිටියෙමි. මෙබඳු නම් ඇති ව, මෙබඳු ගෝත්‍ර නම් ඇති ව, මෙබඳු පැහැ ඇති ව, මෙබඳු ආහාර ඇති ව, මෙබඳු සැපදුක් විඳීම් ඇති ව සිටියෙමි. මෙබඳු අයුරින් ජීවිතය අවසන් කළෙමි. එයින් චුත වූ මම අසවල් තැන උපන්නෙමි. එහි මෙබඳු නම් ඇති ව, මෙබඳු ගෝත්‍ර නම් ඇති ව, මෙබඳු පැහැ ඇති ව, මෙබඳු ආහාර ඇති ව, මෙබඳු සැපදුක් විඳීම් ඇති ව, මෙබඳු අයුරින් ජීවිතය අවසන් කළෙමි. එයින් චුත වූ මම මෙහි උපන්නෙමි’ යනාදී වශයෙන් කරුණු සහිත ව, සවිස්තර ව, නොයෙක් අයුරු ඇති පෙර විසූ ජීවිත පිළිබඳ ව සිහි කරයි. එවිට හේ මෙසේ කියයි. ‘මම් අතීත කාලය ගැන ත් දනිමි. මේ ලෝකය නැසුණේ ත් වෙයි. හටගත්තේ ත් වෙයි. අනාගත කාලය ගැන ත් මම දනිමි. මේ ලෝකය නැසෙන්නේ හෝ වෙයි. හටගන්නේ හෝ වෙයි. ආත්මය ත්, ලෝකය ත් සදාකාලික ය. කිසිවක් අලුතෙන් නූපදවයි. ගිරි කුලක් සේ සිටියේ ය. ගැඹුරට කැණ සිට වූ ගල් ටැඹක් සේ සිටියේ ය. ඒ සත්වයෝ ම උපතින් උපතට දිව යති. සැරිසරා යති. චුත වෙති. යළි උපදිති. සදාකාලික අයුරින් තිබෙන්නේ ම වෙයි’ වශයෙනි. මෙය දෙවෙනි ශාස්වතවාදයයි.

පුන ච පරං භන්තේ ඉධේකච්චෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා ආතප්පමන්වාය ….(පෙ)…. තථාරූපං චේතෝසමාධිං ඵුසති යථා සමාහිතේ චිත්තේ අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති, සෙය්‍යථීදං: ….(පෙ)…. දස පි සංවට්ටවිවට්ටානි වීසම්පි සංවට්ටවිවට්ටානි තිංසම්පි සංවට්ටවිවට්ටානි චත්තාළිසම්පි සංවට්ටවිවට්ටානි ‘අමුත්‍රාසිං ඒවංනාමෝ ඒවංගොත්තෝ ඒවංවණ්ණෝ ඒවමාහාරෝ ඒවංසුඛදුක්ඛපටිසංවේදී ඒවමායුපරියන්තෝ. සෝ තතෝ චුතෝ අමුත්‍ර උදපාදිං. තත්‍රාපාසිං ඒවංනාමෝ ….(පෙ)…. ඒවමායුපරියන්තෝ. සෝ තතෝ චුතෝ ඉධූපපන්නෝ’ති. ඉති සාකාරං සඋද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති. සෝ ඒවමාහ: අතීතම්පාහං අද්ධානං ජානාමි සංවට්ටි පි ලෝකෝ විවට්ටිපී’ති. අනාගතම්පාහං අද්ධානං ජානාමි ‘සංවට්ටිස්සති පි ලෝකෝ විවට්ටිස්සතිපී’ති. ‘සස්සතෝ අත්තා ච ලෝකෝ ච වඤ්ඣෝ කූටට්ඨෝ ඒසිකට්ඨායී ඨිතෝ, තේ’ව සත්තා සන්ධාවන්ති සංසරන්ති චවන්ති උපපජ්ජන්ති, අත්ථිත්වේව සස්සතිසමන්ති’. අයං භන්තේ තතියෝ සස්සතවාදෝ. ඒතදානුත්තරියං භන්තේ සස්සතවාදේසු.

තව ද ස්වාමීනී, මෙහිලා ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වීර්යය කොට, දැඩි ව වීර්යය කොට, නැවත නැවත වීර්යය කොට, අප්‍රමාදී ව, මැනැවින් මෙනෙහි කිරීමෙන්, යම්බඳු සමාධිමත් සිතකින් නොයෙක් අයුරු ඇති පෙර භවයන්හි වාසය කිරීම් පිළිබඳ ව සිහි කරයි නම් එබඳු චිත්ත සමාධියක් ලබයි. එනම්, ….(පෙ)…. නැසෙන – හැදෙන කල්ප දහයක් ද, නැසෙන – හැදෙන කල්ප විස්සක් ද, නැසෙන – හැදෙන කල්ප තිහක් ද, නැසෙන – හැදෙන කල්ප හතළිහක් ද සිහි කරන්නේ වෙයි. ‘මම අසවල් තැන සිටියෙමි. මෙබඳු නම් ඇති ව, මෙබඳු ගෝත්‍ර නම් ඇති ව, මෙබඳු පැහැ ඇති ව, මෙබඳු ආහාර ඇති ව, මෙබඳු සැපදුක් විඳීම් ඇති ව, මෙබඳු අයුරින් ජීවිතය අවසන් කළෙමි. එයින් චුත වූ මම අසවල් තැන උපන්නෙමි. එහි මෙබඳු නම් ඇති ව, මෙබඳු ගෝත්‍ර නම් ඇති ව, මෙබඳු පැහැ ඇති ව, මෙබඳු ආහාර ඇති ව, මෙබඳු සැපදුක් විඳීම් ඇති ව සිටියෙමි. මෙබඳු අයුරින් ජීවිතය අවසන් කළෙමි. එයින් චුත වූ මම මෙහි උපන්නෙමි’ යනාදී වශයෙන් කරුණු සහිත ව, සවිස්තර ව, නොයෙක් අයුරු ඇති පෙර විසූ ජීවිත පිළිබඳ ව සිහි කරයි. එවිට හේ මෙසේ කියයි. ‘මම් අතීත කාලය ගැන ත් දනිමි. මේ ලෝකය නැසුණේ ත් වෙයි. හටගත්තේ ත් වෙයි. අනාගත කාලය ගැන ත් මම දනිමි. මේ ලෝකය නැසෙන්නේ ද වෙයි. හටගන්නේ ද වෙයි. ආත්මය ත්, ලෝකය ත් සදාකාලික ය. කිසිවක් අලුතෙන් නූපදවයි. ගිරි කුලක් සේ සිටියේ ය. ගැඹුරට කැණ සිට වූ ගල් ටැඹක් සේ සිටියේ ය. ඒ සත්වයෝ ම උපතින් උපතට දිව යති. සැරිසරා යති. චුත වෙති. යළි උපදිති. සදාකාලික අයුරින් තිබෙන්නේ ම වෙයි’ වශයෙනි. මෙය තෙවෙනි ශාස්වතවාදය යි. ස්වාමීනී, ශාස්වතවාදයන් පිළිබඳ ව වූ මෙය අනුත්තරීය ධර්මයකි.

[ පුබ්බේනිවාසානුස්සතිඤාණදේසනා ]

16. අපරං පන භන්තේ ඒතදානුත්තරියං, යථා භගවා ධම්මං දේසේති පුබ්බේනිවාසානුස්සතිඤාණේ. ඉධ භන්තේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා ආතප්පමන්වාය ….(පෙ)…. තථාරූපං චේතෝසමාධිං ඵුසති යථාසමාහිතේ චිත්තේ අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති. සෙය්‍යථීදං ඒකම්පි ජාතිං ද්වේ පි ජාතියෝ තිස්සෝ පි ජාතියෝ චතස්සෝ පි ජාතියෝ පඤ්ච පි ජාතියෝ දස පි ජාතියෝ වීසම්පි ජාතියෝ තිංසම්පි ජාතියෝ චත්තාළීසම්පි ජාතියෝ පඤ්ඤාසම්පි ජාතියෝ සතම්පි ජාතියෝ සහස්සම්පි ජාතියෝ සතසහස්සම්පි ජාතියෝ අනේකේ පි සංවට්ටකප්පේ අනේකේ පි විවට්ටකප්පේ අනේකේ පි සංවට්ටවිවට්ටකප්පේ ….(පෙ)…. ඉති සාකාරං සඋද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති. සන්ති භන්තේ දේවා යේසං න සක්කා ගණනාය වා සංඛානේන වා ආයුං සංඛාතුං, අපි ච යස්මිං යස්මිං අත්තභාවේ අභිනිවුත්ථපුබ්බෝ හෝති යදි වා රූපීසු යදි වා අරූපීසු යදි වා සඤ්ඤීසු යදි වා අසඤ්ඤීසු යදි වා නේවසඤ්ඤීනාසඤ්ඤීසු. ඉති සාකාරං සඋද්දේසං අනේකවිහිතං පුබ්බේනිවාසං අනුස්සරති. ඒතදානුත්තරියං භන්තේ පුබ්බේනිවාසානුස්සති ඤාණේ.

තව ද ස්වාමීනී, පෙර භවයන්හි ජීවිත ගතකළ අයුරු දන්නා නුවණ පිළිබඳ ව යම් අයුරකින් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන සේක් ද, මෙය අනුත්තරිය ධර්මයකි. මෙහිලා ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වීර්යය කොට, ….(පෙ)…. යම් අයුරකින් සිත සමාහිත වූ කල්හී නොයෙක් අයුරු ඇති පෙර භවයන්හි වාසය කිරීම් පිළිබඳ ව සිහි කරයි නම් එබඳු චිත්ත සමාධියක් ලබයි. එනම්, ‘එක් උපතක් ද, උපත් දෙකක් ද, උපත් තුනක් ද, උපත් සතරක් ද, උපත් පහක් ද, උපත් දහයක් ද, උපත් විස්සක් ද, උපත් තිහක් ද, උපත් හතළිහක් ද, උපත් පනහක් ද, උපත් සියයක් ද, උපත් දහසක් ද, උපත් සිය දහසක් ද, නොයෙක් නැසෙන කල්පයන් ද, නොයෙක් හැදෙන කල්පයන් ද, නොයෙක් නැසෙන – හැදෙන කල්පයන් ද ….(පෙ)…. යනාදී වශයෙන් කරුණු සහිත ව, සවිස්තර ව, නොයෙක් අයුරු ඇති පෙර විසූ ජීවිත පිළිබඳ ව සිහි කරයි. ‘ස්වාමීනි, බොහෝ ආයුෂ ඇති දෙවිවරු සිටිති. ඔවුන්ගේ ආයු ප්‍රමාණය ගණනින් හෝ සංඛ්‍යාවකින් හෝ පැවසිය නොහැකි තරම් ය. නමුත් ඒ ඒ ආත්මභාවයන්හි උපන් විරූ බවක් ඇද්ද, ඉදින් රූපී භවයන්හි වේවා, ඉදින් අරූපී භවයන්හි වේවා, ඉදින් සංඥී භවයන්හි වේවා, ඉදින් අසංඥී භවයන්හි වේවා, ඉදින් නේවසංඥීනාසංඥී භවයන්හි වේවා මෙසේ කරුණු සහිත ව, සවිස්තර ව, නොයෙක් අයුරු ඇති පෙර විසූ කඳපිළිවෙල සිහිකරන්නේ වෙයි. ස්වාමීනී, පෙර විසූ ජීවිත පිළිබඳ ව සිහි කිරීමේ ඥානය පිළිබඳ ව මෙය අනුත්තරීය ධර්මයකි.

[ චුතූපපාතඤාණදේසනා ]

17. අපරං පන භන්තේ ඒතදානුත්තරියං, යථා භගවා ධම්මං දේසේති සත්තානං චුතූපපාතඤාණේ. ඉධ භන්තේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා ආතප්පමන්වාය ….(පෙ)…. තථාරූපං චේතෝසමාධිං ඵුසති යථා සමාහිතේ චිත්තේ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සති චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානාති: ඉමේ වත භොන්තෝ සත්තා කායදුච්චරිතේන සමන්නාගතා වචීදුච්චරිතේන සමන්නාගතා මනෝදුච්චරිතේන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තේ කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමේ වා පන භොන්තෝ සත්තා කායසුචරිතේන සමන්නාගතා වචීසුචරිතේන සමන්නාගතා මනෝසුචරිතේන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තේ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපන්නා’ති. ඉති දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සති චවමානේ උපපජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජානාති. ඒතදානුත්තරියං භන්තේ සත්තානං චුතූපපාතඤාණේ.

තව ද ස්වාමීනී, සත්වයන්ගේ චුතවීම – ඉපදීම පිළිබඳ දන්නා නුවණ පිළිබඳ යම් අයුරකින් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන සේක් ද, මෙය ද අනුත්තරීය ධර්මයකි. ස්වාමීනී, මෙහිලා එක්තරා ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වීර්යය වඩා, ….(පෙ)…. යම් බඳු සමාධිමත් සිතකින් මිනිසුන්ගේ දැකීම් සීමාව ඉක්ම ගිය පිරිසිදු වූ දිවැසින් චුතවෙන – උපදින සතුන් දකින්නේ වෙයි නම්, පහත් වූ ත්, උසස් වූ ත්, සුරූපී වූ ත්, විරූපී වූ ත්, සුගතියෙහි වූ ත්, දුගතියෙහි වූ ත්, කර්මානුරූප ව උපන් සත්වයන් පිළිබඳ ව දන්නේ වෙයි නම්, එබඳු චිත්ත සමාධියක් ලබයි. ‘අහෝ! මේ භවත් සත්වයෝ ඒකාන්තයෙන් ම කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්ය උපවාද කළාහු, මිසදිටු ගත්තාහු, මිසදිටු ක්‍රියාවන් සමාදන් වූවාහු ය. ඔවුහු කය බිඳී මරණින් මතු අපාය, දුර්ගති, විනිපාත නම් වූ නිරයෙහි උපන්නාහු ය. එනමුදු මේ භවත් සත්වයෝ ඒකාන්තයෙන් කාය සුචරිතයෙන් යුක්ත වූවාහු, වාක් සුචරිතයෙන් යුක්ත වූවාහු, මනෝ සුචරිතයෙන් යුක්ත වූවාහු, ආර්යෝපවාද නොකළාහු, සම්දිටු ගත්තාහු, සම්දිටු ක්‍රියාවන් සමාදන් වූවාහු ය. ඔවුහු කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොවෙහි උපන්නාහු ය. මේ අයුරින් මිනිසුන්ගේ දැකීම් සීමාව ඉක්ම ගිය පිරිසිදු වූ දිවැසින් චුතවෙන – උපදින සතුන් දකින්නේ වෙයි. පහත් වූ ත්, උසස් වූ ත්, සුරූපී වූ ත්, විරූපී වූ ත්, සුගතියෙහි වූ ත්, දුගතියෙහි වූ ත්, කර්මානුරූප ව උපන් සත්වයන් පිළිබඳ ව දන්නේ වෙයි. ස්වාමීනී, සත්වයන්ගේ චුතිය – උපත පිළිබඳ දන්නා වූ නුවණ පිළිබඳ මෙය අනුත්තරීය ධර්මයකි.

[ ඉද්ධිවිධදේසනා ]

18. අපරං පන භන්තේ ඒතදානුත්තරියං, යථා භගවා ධම්මං දේසේති ඉද්ධිවිධාසු. ද්වේ’මා භන්තේ ඉද්ධිවිධායෝ. අත්ථි භන්තේ ඉද්ධි යා සාසවා සඋපධිකා නෝ අරියා’ති වුච්චති. අත්ථි භන්තේ ඉද්ධි යා අනාසවා අනුපධිකා අරියා’ති වුච්චති. කතමා ච භන්තේ ඉද්ධි යා සාසවා සඋපධිකා නෝ අරියා’ති වුච්චති? ඉධ භන්තේ ඒකච්චෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා ආතප්පමන්වාය ….(පෙ)…. තථාරූපං චේතෝසමාධිං ඵුසති යථා සමාහිතේ චිත්තේ අනේකවිහිතං ඉද්ධිවිධං පච්චනුභෝති: ඒකෝ පි හුත්වා බහුධා හෝති, බහුධා පි හුත්වා ඒකෝ හෝති, ආවිභාවං තිරෝභාවං තිරෝකුඩ්ඩං තිරෝපාකාරං තිරෝපබ්බතං අසජ්ජමානෝ ගච්ඡති සෙය්‍යථාපි ආකාසේ. පඨවියා පි උම්මුජ්ජනිමුජ්ජං කරෝති සෙය්‍යථාපි උදකේ, උදකේ පි අභිජ්ජමානේ ගච්ඡති සෙය්‍යථාපි පඨවියං, ආකාසේ පි පල්ලංකේන කමති සෙය්‍යථාපි පක්ඛී සකුණෝ. ඉමේ පි චන්දිමසුරියේ ඒවංමහිද්ධිකේ ඒවංමහානුභාවේ පාණිනා පරිමසති පරිමජ්ජති, යාව බ්‍රහ්මලෝකා පි කායේන වසං වත්තේති. අයං භන්තේ ඉද්ධි යා සාසවා සඋපධිකා නෝ අරියා’ති වුච්චති.

තව ද ස්වාමීනී, ඉර්ධීන් පිළිබඳ ව යම් අයුරකින් භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරන සේක් ද, මෙය ද අනුත්තරීය ධර්මයකි. ස්වාමීනී, මේ දෙවැදෑරුම් වූ ඉර්ධි ප්‍රාතිහාර්යයෝ ය. ස්වාමීනී, ආශ්‍රව සහිත වූ, කෙලෙස් සහිත වූ, අනාර්ය යැයි කියනු බලන ඉර්ධියක් ඇත. ස්වාමීනී, ආශ්‍රව රහිත වූ, කෙලෙස් රහිත වූ, ආර්ය යැයි කියනු ලබන ඉර්ධියක් ඇත.

ස්වාමීනී, ආශ්‍රව සහිත වූ ත්, කෙලෙස් සහිත වූ ත්, අනාර්ය යැයි පවසන ඉර්ධිය කුමක් ද? ස්වාමීනී, මෙහිලා එක්තරා ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වීර්යය වඩා ….(පෙ)…. යම්බඳු සමාධිමත් සිතකින් නොයෙක් අයුරු ඇති ඉර්ධීන් උපදවා ගන්නේ වෙයි නම්, එබඳු චිත්ත සමාධියක් ලබයි. එනම්, තනි කෙනෙකු ව සිට බොහෝ අයුරින් පෙන්වන්නේ වෙයි. බොහෝ අයුරින් සිට තනි ව පෙන්වන්නේ වෙයි. පෙනී සිටින්නේ ත් වෙයි. නොපෙනී සිටින්නේ ත් වෙයි. බිත්තියෙන් පිටතට, පවුරෙන් පිටතට, පර්වතයක් හරහා අහසෙහි මෙන් නොගැටී යන්නේ වෙයි. ජලයේ සෙයින් පොළොවෙහි ගිලෙන්නේ ද වෙයි. මතුවෙන්නේ ද වෙයි. පොළොවෙහි සෙයින් දිය මතින් ඇවිදින්නේ ද වෙයි. පක්ෂි ලිහිණියෙකු සෙයින් පළඟක් බැඳ අහසෙහි යන්නේ ද වෙයි. මේ සා මහා ඉර්ධිමත්, මේ සා මහානුභාව සම්පන්න හිරු සඳු ත් සිය අතින් ස්පර්ශ කරන්නේ ත් වෙයි. පිරිමදින්නේ වෙයි. බඹලොව තෙක් තම කයින් වසඟයෙහි පවත්වන්නේ වෙයි. ස්වාමීනී, යමක් ආශ්‍රව සහිත වූයේ ද, කෙලෙස් සහිත වූයේ ද, අනාර්ය වූයේ යැයි කියනු ලැබේ ද, මේ ඒ ඉර්ධිය යි.

කතමා පන භන්තේ ඉද්ධි යා අනාසවා අනුපධිකා අරියා’ති වුච්චති? ඉධ භන්තේ භික්ඛු සචේ ආකංඛති පටිකූලේ අප්පටිකූලසඤ්ඤී විහරෙය්‍යන්ති, අප්පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචේ ආකංඛති අප්පටිකූලේ පටිකූලසඤ්ඤී විහරෙය්‍යන්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචේ ආකංඛති පටිකූලේ ච අප්පටිකූලේ ච අප්පටිකූලසඤ්ඤී විහරෙය්‍යන්ති අප්පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචේ ආකංඛති පටිකූලේ ච අප්පටිකූලේ ච පටිකූලසඤ්ඤී විහරෙය්‍යන්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචේ ආකංඛති පටිකූලඤ්ච අප්පටිකූලඤ්ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙක්ඛකෝ විහරෙය්‍යං සතෝ සම්පජානෝ’ති, උපෙක්ඛකෝ තත්ථ විහරති සතෝ සම්පජානෝ. අයං පන භන්තේ ඉද්ධි අනාසවා අනුපධිකා අරියා’ති වුච්චති. ඒතදානුත්තරියං භන්තේ ඉද්ධිවිධාසු. තං භගවා අසේසමභිජානාති. තං භගවතෝ අසේසමභිජානතෝ උත්තරිං අභිඤ්ඤෙය්‍යං නත්ථි, යදභිජානං අඤ්ඤෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා භගවතා භිය්‍යෝ’භිඤ්ඤතරෝ අස්ස යදිදං ඉද්ධිවිධාසු.

ස්වාමීනී, ආශ්‍රව රහිත වූ ත්, නිකෙලෙස් වූ ත්, ආර්ය යැයි පවසනන්නා වූ ත් ඉර්ධිය කුමක් ද? ස්වාමීනී, මෙහිලා භික්ෂුව ‘ඉදින් පිළිකුල් දෙයෙහි නොපිළිකුල් සංඥාවෙන් වාසය කරන්නෙමි’ යි කැමති වන්නේ නම්, එහි නොපිළිකුල් සංඥාවෙන් වාසය කරයි. ‘ඉදින් නොපිළිකුල් දෙයෙහි පිළිකුල් සංඥාවෙන් වාසය කරන්නෙමි’ යි කැමති වන්නේ නම්, එහි පිළිකුල් සංඥාවෙන් වාසය කරයි. ‘ඉදින් නොපිළිකුල් දෙයෙහි ත්, පිළිකුල් දෙයෙහි ත් නොපිළිකුල් සංඥාවෙන් වාසය කරන්නෙමි’ යි කැමති වන්නේ නම්, එහි නොපිළිකුල් සංඥාවෙන් වාසය කරයි. ‘ඉදින් නොපිළිකුල් දෙයෙහි ත්, පිළිකුල් දෙයෙහි ත් පිළිකුල් සංඥාවෙන් වාසය කරන්නෙමි’ යි කැමති වන්නේ නම්, එහි පිළිකුල් සංඥාවෙන් වාසය කරයි. ‘ඉදින් නොපිළිකුල් දෙය ත්, පිළිකුල් දෙය ත් ඒ දෙක ම අත්හැර සිහියෙන් හා නුවණින් යුතුව උපේක්ෂාවෙන් වාසය කිරීමට කැමැත්තේ නම්, එහි උපේක්ෂාවෙන් යුතුව සිහියෙන් හා නුවණින් යුතුව වාසය කරයි. ස්වාමීනී, යමක් ආශ්‍රව රහිත වූයේ, නිකෙලෙස් වූයේ, ආර්ය යැයි කියනු ලැබේ ද, මේ එම ඉර්ධිය යි.

ස්වාමීනී, ඉර්ධීන් පිළිබඳ වූ මෙය අනුත්තරීය ධර්මයකි. එය භාග්‍යවතුන් වහන්සේ සර්වප්‍රකාරයෙන් ම දන්නා සේක. එය භාග්‍යවතුන් වහන්සේ මුළුමනින් ම දන්නා හෙයින් විශිෂ්ට ඥානයකින් එයට වැඩියෙන් දැනගත යුතු දෙයක් නැත්තේ ය. මේ ඉර්ධීන් පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ තුළ යම් අවබෝධයක් ඇද්ද, එයට වඩා දන්නා අන්‍ය වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ නැත්තේ ය.

යන්තං භන්තේ සද්ධේන කුලපුත්තේන පත්තබ්බං ආරද්ධවිරියේන ථාමවතා පුරිසථාමේන පුරිසවිරියේන පුරිසපරක්කමේන පුරිසධෝරය්හේන, අනුප්පත්තං තං භගවතා. න ච භන්තේ භගවා කාමේසු කාමසුඛල්ලිකානුයෝගමනුයුත්තෝ හීනං ගම්මං පෝථුජ්ජනිකං අනරියං අනත්ථසංහිතං, න ච අත්තකිලමථානුයෝගමනුයුත්තෝ දුක්ඛං අනරියං අනත්ථසංහිතං, චතුන්නං ච භගවා ඣානානං ආභිචේතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී.

ස්වාමීනී, සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් අරඹන ලද වීර්යයකින්, බලවත් වීර්යයකින්, පුරුෂ බලයකින්, පුරුෂ වීර්යයකින්, පුරුෂ පරාක්‍රමයකින්, වගකීම් දරණ පුරුෂයෙකු විසින් ලැබිය යුතු යමක් ඇද්ද, එය භාග්‍යවතුන් වහන්සේ විසින් අත්පත් කරගන්නා ලද්දේ ය. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ හීන වූ, ග්‍රාම්‍ය වූ, පෘථග්ජනයන්ට අයත් වූ, අනාර්ය වූ, අනර්ථයෙන් යුතු වූ, කාමයන් පිළිබඳ ව කාම සුඛයෙහි ඇලී ගැලී වාසය කිරීමෙහි නොයෙදෙන සේක. භාග්‍යවතුන් වහන්සේ දුක් වූ, අනාර්ය වූ, අනර්ථයෙන් යුතු වූ, තම ශරීරයට අතිශයින් දුක් පීඩාවන් දෙන අත්තකිලමථානුයෝගයෙහි ද නොයෙදෙන සේක. භාග්‍යවතුන් වහන්සේ උසස් චිත්ත දියුණුවකින් හෙබි, මෙලොව දී ලබන සැප විහරණ ඇති සතරක් වූ ධ්‍යානයන් කැමැති සේ ලබන සේක. පහසුවෙන් ලබන සේක. මහත් සේ ලබන සේක.

[ අනුයෝගදානප්පකාරෝ ]

19. සචේ මං භන්තේ ඒවං පුච්ඡෙය්‍ය ‘කින්නු ඛෝ ආවුසෝ සාරිපුත්ත, අහේසුං අතීතමද්ධානං අඤ්ඤේ සමණා වා බ්‍රාහ්මණා වා භගවතා භිය්‍යෝ’භිඤ්ඤතරා සම්බෝධියන්ති? ඒවං පුට්ඨෝ අහං භන්තේ ‘නෝ’ති වදෙය්‍යං. ‘කිං පනාවුසෝ සාරිපුත්ත භවිස්සන්ති අනාගතමද්ධානං අඤ්ඤේ සමණා වා බ්‍රාහ්මණා වා භගවතා භිය්‍යෝ’භිඤ්ඤතරා සම්බෝධියන්ති?’ ඒවං පුට්ඨෝ අහං භන්තේ ‘නෝ’ති වදෙය්‍යං. ‘කිං පනාවුසෝ සාරිපුත්ත අත්ථේතරහි අඤ්ඤෝ සමණෝ වා බ්‍රාහ්මණෝ වා භගවතා භිය්‍යෝ’භිඤ්ඤතරෝ සම්බෝධියන්ති?” ඒවං පුට්ඨෝ අහං භන්තේ ‘නෝ’ති වදෙය්‍යං. සචේ පන මං භන්තේ ඒවං පුච්ඡෙය්‍ය “කින්නු ඛෝ ආවුසෝ සාරිපුත්ත අහේසුං අතීතමද්ධානං අඤ්ඤේ සමණා වා බ්‍රාහ්මණා වා භගවතා සමසමා සම්බෝධියන්ති?’ ඒවං පුට්ඨෝ අහං භන්තේ ‘ඒවන්ති’ වදෙය්‍යං. ‘කිං පනාවුසෝ සාරිපුත්ත, භවිස්සන්ති අනාගතමද්ධානං අඤ්ඤේ සමණා වා බ්‍රාහ්මණා වා භගවතා සමසමා සම්බෝධියන්ති?’ ඒවං පුට්ඨෝ අහං භන්තේ ‘ඒවන්ති’ වදෙය්‍යං. ‘කිං පනාවුසෝ සාරිපුත්ත අත්ථේතරහි අඤ්ඤේ සමණා වා බ්‍රාහ්මණා වා භගවතා සමසමා සම්බෝධියන්ති?’ ඒවං පුට්ඨෝ අහං භන්තේ ‘නෝ’ති වදෙය්‍යං. සචේ පන මං භන්තේ ඒවං පුච්ඡෙය්‍ය, ‘කිං පනායස්මා සාරිපුත්තෝ ඒකච්චං අබ්භනුජානාති ඒකච්චං නාබ්භනුජානාතී?’ති ඒවං පුට්ඨෝ අහං භන්තේ ඒවං බ්‍යාකරෙය්‍යං ‘සම්මුඛා මේතං ආවුසෝ භගවතෝ සුතං, සම්මුඛා පටිග්ගහිතං: අහේසුං අතීතමද්ධානං අරහන්තෝ සම්මාසම්බුද්ධා මයා සමසමා සම්බෝධියන්ති. සම්මුඛා මේතං ආවුසෝ භගවතෝ සුතං, සම්මුඛා පටිග්ගහිතං: භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තෝ සම්මාසම්බුද්ධා මයා සමසමා සම්බෝධියන්ති. සම්මුඛා මේතං ආවුසෝ භගවතෝ සුතං සම්මුඛා පටිග්ගහිතං:

ස්වාමීනී, ඉදින් මාගෙන් මෙසේ ප්‍රශ්න කරයි නම්, ‘කිම? ඇවැත් සාරිපුත්තයෙනි, සම්බුද්ධත්වය පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේට වඩා වැඩී ගිය ඥානයක් ඇති අන්‍ය වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අතීතයේ සිටියේ ද?’ යි ස්වාමීනී, මෙසේ ඇසූ කල්හී මම ‘නොසිටියේ ය’ යි කියන්නෙමි.

‘කිම? ඇවැත් සාරිපුත්තයෙනි, සම්බුද්ධත්වය පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේට වඩා වැඩී ගිය ඥානයක් ඇති අන්‍ය වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අනාගතයේ පහළ වන්නේ ද?’ යි ස්වාමීනී, මෙසේ ඇසූ කල්හී මම ‘පහළ නොවන්නේ ය’ යි කියන්නෙමි.

‘කිම? ඇවැත් සාරිපුත්තයෙනි, සම්බුද්ධත්වය පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේට වඩා වැඩී ගිය ඥානයක් ඇති අන්‍ය වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මෙකල්හී සිටියි ද?’ යි ස්වාමීනී, මෙසේ ඇසූ කල්හී මම ‘නැත්තේ ය’ යි කියන්නෙමි.

ඉදින් ස්වාමීනී, මගෙන් මෙසේ ප්‍රශ්න කරයි නම්, ‘කිම? ඇවැත් සාරිපුත්තයෙනි, සම්බුද්ධත්වය පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ හා සම සම ව ගිය ඥානයක් ඇති අන්‍ය වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අතීතයේ සිටියේ ද?’ යි ස්වාමීනී, මෙසේ ඇසූ කල්හී මම ‘එසේ ය. සිටියේය’ යි කියන්නෙමි.

‘කිම? ඇවැත් සාරිපුත්තයෙනි, සම්බුද්ධත්වය පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ හා සම සම ව ගිය ඥානයක් ඇති අන්‍ය වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ අනාගතයේ පහළ වන්නේ ද?’ යි ස්වාමීනී, මෙසේ ඇසූ කල්හී මම ‘එසේ ය. පහළ වන්නේ ය’ යි කියන්නෙමි.

‘කිම? ඇවැත් සාරිපුත්තයෙනි, සම්බුද්ධත්වය පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ හා සම සම ව ගිය ඥානයක් ඇති අන්‍ය වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මෙකල සිටියි ද?’ යි ස්වාමීනී, මෙසේ ඇසූ කල්හී මම ‘නැත්තේ ය’ යි කියන්නෙමි.

ඉදින් ස්වාමීනී, මගෙන් මෙසේ ප්‍රශ්න කරයි නම්, ‘කිම? ඇවැත් සාරිපුත්තයෙනි, ‘එසේ ය කියමින් ඇතැම් ශ්‍රමණ බමුණන් හා භාග්‍යවතුන් වහන්සේ හා සම සම ව ගිය සම්බුද්ධත්වය පිළිගත්තේ ය. ඇතැම් ශ්‍රමණ බමුණන් පිළිබඳ ව මෙකල්හී නැතැයි පිළිගත්තේ ය.’ ස්වාමීනී, මෙසේ ඇසූ කල්හී මම මෙසේ පිළිතුරු දෙන්නෙමි.

‘ඇවැත්නි, ඔය කරුණ මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි ම අසන ලද්දේ ය. ඉදිරියෙහි ම පිළිගන්නා ලද්දේ ය. එනම් ‘අතීතයෙහි වැඩසිටියා වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා මා හා සම්බුද්ධත්වයෙන් සම සම ව සිටි සේක’ යන කරුණ යි. එමෙන්ම ඇවැත්නි, ‘අනාගතයෙහි පහළ වන්නා වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලා මා හා සම්බුද්ධත්වයෙන් සම සම ව සිටින්නාහ’ යන කරුණ මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට අසන ලද්දේ ය. ඉදිරිපිට ම පිළිගන්නා ලද්දේ ය.

“අට්ඨානමේතං අනවකාසෝ යං ඒකිස්සා ලෝකධාතුයා ද්වේ අරහන්තෝ සම්මාසම්බුද්ධා අපුබ්බං අචරිමං උප්පජ්ජෙය්‍යුං. නේතං ඨානං විජ්ජතී”ති. ඒකච්චාහං භන්තේ ඒවං පුට්ඨෝ ඒවං බ්‍යාකරමානෝ වුත්තවාදී චේව භගවතෝ හෝමි, න ච භගවන්තං අභූතේන අබ්භාචික්ඛාමි, ධම්මස්ස චානුධම්මං බ්‍යාකරෝමි, න ච කෝචි සහධම්මිකෝ. වාදානුපාතෝ ගාරය්හං ඨානං ආගච්ඡතී?ති”.

ඇවැත්නි, ‘එක් ලෝක ධාතුවක පෙර පසු නොවී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් පහළවන්නාහ යන කරුණ නොසිදුවන දෙයකි. එබන්දකට අවකාශ නැත්තේ ය. මෙකරුණ දකින්නට නොලැබෙයි’ යන කරුණ ද මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට අසන ලද්දේ ය. ඉදිරිපිට ම පිළිගන්නා ලද්දේ ය.’

ස්වාමීනී, මෙසේ විමසනු ලබන මම ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ හා සම සම බව පිළිගත් කරුණ ත්, මෙකල භාග්‍යවතුන් වහන්සේ හා සම සම අන් ශ්‍රමණ බ්‍රාහ්මණයෙකු නැති බව ත් යන කරුණ ඔය අයුරින් පිළිතුරු දෙන්නෙම් නම්, භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දක් ම පැවසූවෙක් වෙම් ද? භාග්‍යවතුන් වහන්සේට අසත්‍ය කරුණකින් චෝදනා නොකරන්නෙම් ද? ධර්මයට අනුකූල වූවක් ම පවසන්නෙම් ද? කරුණු සහිත ව ඉදිරිපත් කෙරෙන ප්‍රකාශයකදී ගැරහීමකට පත් නොවන්නේ ද?”

“තග්ඝ ත්වං සාරිපුත්ත ඒවං පුට්ඨෝ ඒවං බ්‍යාකරමානෝ වුත්තවාදී චේව මේ හෝති න ච මං අභූතේන අබ්භාචික්ඛසි, ධම්මස්ස චානුධම්මං බ්‍යාකරෝසි, න ච කෝචි සහධම්මිකෝ වාදානුපාතෝ ගාරය්හං ඨානං ආගච්ඡතී”ති.

“සාරිපුත්තයෙනි, ඒකාන්තයෙන් ම ඔබෙන් මෙසේ විමසන කල මෙසේ පිළිතුරු දෙන්නෙහි නම්, මා විසින් පවසන ලද්දක් ම පවසන්නෙහි ය. මා හට අසත්‍ය වූ දෙයකින් චෝදනා නොකරන්නෙහි ය. ධර්මයට අනුකූල වූවක් ම පවසන්නෙහි ය. කරුණු සහිත ව ඉදිරිපත් කළ ප්‍රකාශයක දී ගැරහීමකට පත් නොවන්නේ ම ය.”

[ අච්ඡරියබ්භුතානි ]

20. ඒවං වුත්තේ ආයස්මා උදායී භගවන්තං ඒතදවෝච: “අච්ඡරියං භන්තේ අබ්භුතං භන්තේ තථාගතස්ස අප්පිච්ඡතා සන්තුට්ඨිතා සල්ලේඛතා. යත්‍ර හි නාම තථාගතෝ ඒවංමහිද්ධිකෝ ඒවංමහානුභාවෝ, අථ ච පන නේවත්තානං පාතුකරිස්සති. ඒකමේකං චේපි ඉතෝ භන්තේ ධම්මං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා අත්තනි සමනුපස්සෙය්‍යුං, තේ තාවතකේනේව පටාකං පරිහරෙය්‍යුං. අච්ඡරියං භන්තේ අබ්භුතං භන්තේ තථාගතස්ස අප්පිච්ඡතා සන්තුට්ඨිතා සල්ලේඛතා, යත්‍ර හි නාම තථාගතෝ ඒවං මහිද්ධිකෝ ඒවංමහානුභාවෝ, අථ ච පන නේවත්තානං පාතුකරිස්සතී”ති.

මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් උදායී තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, ආශ්චර්යයකි! ස්වාමීනී, අද්භූතයෙකි! තථාගතයන් වහන්සේගේ අල්පේච්ඡතාව, ලද දෙයින් සතුටු වීම, කෙලෙස් සිඳ දමා ඇති බව, අසිරිමත් ය! මේ සා මහත් ඉර්ධිමත් වූ, මේ සා මහානුභාව සම්පන්න වූ, තථාගතයන් වහන්සේ තමන්වහන්සේ තුළ ඇති මේ ආනුභාවයන් හෙළි නොකොට වැඩසිටින සේක!

ස්වාමීනී, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් තමන් තුළ මේ ධර්මයන්ගෙන් එක ම එකක් හෝ දකින්නාහු නම්, එපමණකින් ම ඔවුහු ධජ පතාකයන් නගා ගෙන ඇවිදින්නාහ. ස්වාමීනී, ආශ්චර්යයකි! ස්වාමීනී, අද්භූතයෙකි! තථාගතයන් වහන්සේගේ අල්පේච්ඡතාව, ලද දෙයින් සතුටු වීම, කෙලෙස් සිඳ දමා ඇති බව, අසිරිමත් ය! මේ සා මහත් ඉර්ධිමත් වූ, මේ සා මහානුභාව සම්පන්න වූ, තථාගතයන් වහන්සේ තමන්වහන්සේ තුළ ඇති මේ ආනුභාවයන් හෙළි නොකොට වැඩසිටින සේක!”

“පස්ස ඛෝ ත්වං උදායි: තථාගතස්ස අප්පිච්ඡතා සන්තුට්ඨිතා සල්ලේඛතා, යත්‍ර හි නාම තථාගතෝ ඒවංමහිද්ධිකෝ ඒවංමහානුභාවෝ, අථ ච පන නේවත්තානං පාතුකරිස්සති. ඒකමේකං චේපි ඉතෝ උදායි ධම්මං අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා අත්තනි සමනුපස්සෙය්‍යුං, තේ තාවතකේනේව පටාකං පරිහරෙය්‍යුං. පස්ස ඛෝ ත්වං උදායි: තථාගතස්ස අප්පිච්ඡතා සන්තුට්ඨිතා සල්ලේඛතා, යත්‍ර හි නාම තථාගතෝ ඒවංමහිද්ධිකෝ ඒවංමහානුභාවෝ, අථ ච පන නේවත්තානං පාතුකරිස්සතී”ති.

“උදායී, ඔබ මෙකරුණ දැකගන්න. තථාගතයන්ගේ අල්පේච්ඡතාව, ලද දෙයින් සතුටු වීම හා කෙලෙස් සිඳ දමා ඇති බව යි. තමන් තුළ ඇති මේ සා මහත් ඉර්ධිමත් බව, මේ සා මහානුභාව සම්පන්න බව තථාගත තෙමේ ප්‍රකට නොකරන්නේ ය.

උදායි, අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ මෙයින් එක ම එකක් හෝ තමන් තුළ දකිත් නම්, එපමණකින් ම ඔවුහු ධජ පතාකයන් නගා ගෙන ඇවිදින්නාහ. උදායී, ඔබ මෙකරුණ දැකගන්න. තථාගතයන්ගේ අල්පේච්ඡතාව, ලද දෙයින් සතුටු වීම හා කෙලෙස් සිඳ දමා ඇති බව යි. තමන් තුළ ඇති මේ සා මහත් ඉර්ධිමත් බව, මේ සා මහානුභාව සම්පන්න බව තථාගත තෙමේ ප්‍රකට නොකරන්නේ ය.”

අථ ඛෝ භගවා ආයස්මන්තං, සාරිපුත්තං ආමන්තේසි: “තස්මාතිහ ත්වං සාරිපුත්ත ඉමං ධම්මපරියායං අභික්ඛණං භාසෙය්‍යාසි භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං. යේසම්පි හි සාරිපුත්ත මෝඝපුරිසානං භවිස්සති තථාගතේ කංඛා වා විමති වා තේසමිමං ධම්මපරියායං සුත්වා යා තථාගතේ කංඛා වා විමති වා සා පහීයිස්සතී”ති. ඉති හිදං ආයස්මා සාරිපුත්තෝ භගවතෝ සම්මුඛා සම්පසාදං පවේදේසි. තස්මා ඉමස්ස වෙය්‍යාකරණස්ස සම්පසාදනීයන්ත්වේව අධිවචනන්ති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඇමතූ සේක. සාරිපුත්තයෙනි, එසේ වී නම් ඔබ මේ ධර්ම ක්‍රමය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන්ට නිතර පවසව. සාරිපුත්තයෙනි, යම් හිස් පුරුෂයන් හට තථාගතයන් පිළිබඳ ව සැකයක් හෝ විමතියක් හෝ වන්නේ ද, ඔවුන් තුළ තථාගතයන් පිළිබඳ ව ඇති ඒ සැකය හෝ විමතිය මේ ධර්ම ක්‍රමය අසා පහවී යනු ඇත්තේ ය.”

මේ අයුරින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට දී තම පැහැදීම දක්වා වදාළහ. එහෙයින් මෙම ගාථා රහිත දෙසුමට ‘සම්පසාදනීය’ හෙවත් ‘පැහැදීම ඇති කරවන ධර්මය’ යන නාමය ලැබුණේය.

සාදු! සාදු!! සාදු!!!

සම්පසාදනීයසුත්තං නිට්ඨිතං පඤ්චමං.

සම්පසාදනීය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn3_5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M