“මහණෙනි, ඔබට යහපත් ධර්මය ත්, අයහපත් ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.” “එසේය ස්වාමීනී”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අයහපත් ධර්මය යනු කුමක්ද?
ප්‍රාණඝාතය ය, සොරකම ය, වැරදි කාම සේවනය ය, බොරු කීම ය, කේලාම් කීම ය, දරුණු වචන කීම ය, නිසරු දේ කීම ය, අන් සතු දේට ආසා කිරීම ය, ද්වේෂය ය, වැරදි දෘෂ්ටිය ය. මහණෙනි, මෙය අයහපත් ධර්මය යැයි කියනු ලැබේ.
මහණෙනි, යහපත් ධර්මය යනු කුමක්ද?
ප්‍රාණඝාතයෙන් වැළකීම ය, සොරකමෙන් වැළකීම ය, වැරදි කාම සේවනයෙන් වැළකීම ය, බොරු කීමෙන් වැළකීම ය, කේලාම් කීමෙන් වැළකීම ය, දරුණු වචන කීමෙන් වැළකීම ය, නිසරු දේ කීමෙන් වැළකීම ය, අන් සතු දේට ආසා නැතිකම ය, අද්වේෂය ය, නිවැරදි දෘෂ්ටිය ය. මහණෙනි, මෙය යහපත් ධර්මය යැයි කියනු ලැබේ.”
සාදු! සාදු!! සාදු!!!
සාධු සූත්‍රය නිමා විය.
“මහණෙනි, ඔබට ආර්ය ධර්මය ත්, අනාර්ය ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. ….(පෙ)…. මහණෙනි, අනාර්ය ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාත ය, ….(පෙ)…. වැරදි දෘෂ්ටි ය. මහණෙනි, මෙය අනාර්ය ධර්මය යැයි කියනු ලැබේ.
මහණෙනි, ආර්ය ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම ය, ….(පෙ)…. නිවැරදි දෘෂ්ටිය ය. මහණෙනි, මෙය ආර්ය ධර්මය යැයි කියනු ලැබේ. ”
සාදු! සාදු!! සාදු!!!
අරියධම්ම සූත්‍රය නිමා විය.
“මහණෙනි, ඔබට කුසලය ත්, අකුසලය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, අකුසලය යනු කුමක්ද? ප්‍රාණඝාත ය, ….(පෙ)…. වැරදි දෘෂ්ටි ය. මහණෙනි, මෙය අකුසලය යැයි කියනු ලැබේ.
මහණෙනි, කුසලය යනු කුමක්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම ය, ….(පෙ)…. නිවැරදි දෘෂ්ටිය ය. මහණෙනි, මෙය කුසලය යැයි කියනු ලැබේ.”
සාදු! සාදු!! සාදු!!!
කුසල සූත්‍රය නිමා විය.
“මහණෙනි, ඔබට යහපත ත්, අයහපත ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, අයහපත යනු කුමක්ද? ප්‍රාණඝාත ය, ….(පෙ)…. වැරදි දෘෂ්ටි ය. මෙය මහණෙනි, අයහපත යැයි කියනු ලැබේ.
මහණෙනි, යහපත යනු කුමක්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම ය, ….(පෙ)…. නිවැරදි දෘෂ්ටිය ය. මහණෙනි, මෙය යහපත යැයි කියනු ලැබේ.”
සාදු! සාදු!! සාදු!!!
අත්ථ සූත්‍රය නිමා විය.
“මහණෙනි, ඔබට ධර්මය ත්, අධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, අධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාත ය, ….(පෙ)…. වැරදි දෘෂ්ටි ය. මහණෙනි, මෙය අධර්මය යැයි කියනු ලැබේ.
මහණෙනි, ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම ය, ….(පෙ)…. නිවැරදි දෘෂ්ටිය ය. මහණෙනි, මෙය ධර්මය යැයි කියනු ලැබේ.”
සාදු! සාදු!! සාදු!!!
ධම්ම සූත්‍රය නිමා විය.
“මහණෙනි, ඔබට ආශ්‍රව සහිත වූ ධර්මය ත්, අනාශ්‍රව ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, ආශ්‍රව සහිත ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාත ය, ….(පෙ)…. වැරදි දෘෂ්ටි ය. මහණෙනි, මෙය ආශ්‍රව සහිත ධර්මය යැයි කියනු ලැබේ.
මහණෙනි, අනාශ්‍රව ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම ය, ….(පෙ)…. නිවැරදි දෘෂ්ටිය ය. මහණෙනි, මෙය අනාශ්‍රව ධර්මය යැයි කියනු ලැබේ.”
සාදු! සාදු!! සාදු!!!
සාසව ධම්ම සූත්‍රය නිමා විය.
“මහණෙනි, ඔබට සාවද්‍ය ධර්මය ත්, අනවද්‍ය ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, සාවද්‍ය ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාත ය, ….(පෙ)…. වැරදි දෘෂ්ටි ය. මහණෙනි, මෙය සාවද්‍ය ධර්මය යැයි කියනු ලැබේ.
මහණෙනි, අනවද්‍ය ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම ය, ….(පෙ)…. නිවැරදි දෘෂ්ටිය ය. මහණෙනි, මෙය අනවද්‍ය ධර්මය යැයි කියනු ලැබේ.”
සාදු! සාදු!! සාදු!!!
සාවජ්ජ සූත්‍රය නිමා විය.
“මහණෙනි, ඔබට පසුතැවිලි උපදවන ධර්මය ත්, පසුතැවිලි නූපදවන ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, පසුතැවිලි උපදවන ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාත ය, ….(පෙ)…. වැරදි දෘෂ්ටි ය. මහණෙනි, මෙය පසුතැවිලි උපදවන ධර්මය යැයි කියනු ලැබේ.
මහණෙනි, පසුතැවිලි නූපදවන ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම ය, ….(පෙ)…. නිවැරදි දෘෂ්ටිය ය. මහණෙනි, මෙය පසුතැවිලි නූපදවන ධර්මය යැයි කියනු ලැබේ.”
සාදු! සාදු!! සාදු!!!
තපනීය සූත්‍රය නිමා විය.
“මහණෙනි, ඔබට දුක් රැස් කරවන ධර්මය ත්, දුක් ගෙවීයන ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, දුක් රැස් කරවන ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාත ය, ….(පෙ)…. වැරදි දෘෂ්ටි ය. මහණෙනි, මෙය දුක් රැස් කරවන ධර්මය යැයි කියනු ලැබේ.
මහණෙනි, දුක් ගෙවී යන ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම ය, ….(පෙ)…. නිවැරදි දෘෂ්ටිය ය. මහණෙනි, මෙය දුක් ගෙවී යන ධර්මය යැයි කියනු ලැබේ.”
සාදු! සාදු!! සාදු!!!
ආචයගාමී සූත්‍රය නිමා විය.
“මහණෙනි, ඔබට දුක් උදාකරන ධර්මය ත්, සැප උදාකරන ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, දුක් උදාකරන ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාත ය, ….(පෙ)…. වැරදි දෘෂ්ටි ය. ය. මහණෙනි, මෙය දුක් උදාකරන ධර්මය යැයි කියනු ලැබේ.
මහණෙනි, සැප උදාකරන ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම ය, ….(පෙ)…. නිවැරදි දෘෂ්ටිය ය. මහණෙනි, මෙය සැප උදාකරන ධර්මය යැයි කියනු ලැබේ.”
සාදු! සාදු!! සාදු!!!
දුක්ඛුද්‍රය සූත්‍රය නිමා විය.
“මහණෙනි, ඔබට දුක් විපාක දෙන ධර්මය ත්, සැප විපාක දෙන ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, දුක් විපාක දෙන ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාත ය, ….(පෙ)…. වැරදි දෘෂ්ටි ය. මහණෙනි, මෙය දුක් විපාක දෙන ධර්මය යැයි කියනු ලැබේ.
මහණෙනි, සැප විපාක දෙන ධර්මය යනු කුමක්ද? ප්‍රාණඝාතයෙන් වැළකීම ය, ….(පෙ)…. නිවැරදි දෘෂ්ටිය ය. මහණෙනි, මෙය සැප විපාක දෙන ධර්මය යැයි කියනු ලැබේ. ”
සාදු! සාදු!! සාදු!!!
දුක්ඛවිපාක සූත්‍රය නිමා විය.
තුන්වෙනි සාධු වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M