607. සැවැත් නුවර දී …………………
එකල්හී වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වුණා. පිළිසඳර කතාබහේ යෙදුනා. එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා.
“භවත් ගෞතමයන් වහන්ස, යම් මේ අනේකප්‍රකාර වූ දෘෂ්ටීන් ලෝකයෙහි හටගන්නවා නම් ඒකට හේතුව මොකක්ද? කාරණාව මොකක්ද? ඒ කියන්නේ ලෝකය ශාශ්වතයි කියලා. ලෝකය අශාශ්වතයි කියලා. ලෝකය කෙළවර සහිතයි කියලා. ලෝකය කෙළවර රහිතයි කියලා. ජීවයත් එයයි, ශරීරයත් එයයි කියලා. ජීවය අනෙකක්, ශරීරය අනෙකක් කියලා. රහතන් වහන්සේලා මරණින් මතු ඇත කියලා. රහතන් වහන්සේලා මරණින් මතු නැත කියලා. රහතන් වහන්සේලා මරණින් මතු ඇත නැත කියලා. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තෙත් නැත, නැත්තෙත් නැත කියලා.”
“පින්වත් වච්ඡ, රූපය පිළිබඳව අවබෝධයක් නැතිකමින්, රූපයේ හටගැනීම පිළිබඳව අවබෝධයක් නැතිකමින්, රූපය නිරුද්ධ වීම පිළිබඳව අවබෝධයක් නැතිකමින්, රූපය නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව පිළිබඳව අවබෝධයක් නැතිකමින් තමයි ඔය මේ අනේකප්‍රකාර වූ දෘෂ්ටීන් ලෝකයෙහි හටගන්නේ. ඒ කියන්නේ, ලෝකය ශාශ්වතයි කියලා. ලෝකය අශාශ්වතයි කියලා …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තෙත් නැත, නැත්තෙත් නැත කියලා, පින්වත් වච්ඡ, මේකයි හේතුව, මේකයි කාරණාව යම් මේ අනේකප්‍රකාර වූ දෘෂ්ටීන් ලෝකයෙහි හටගන්නේ. ඒ කියන්නේ, ලෝකය ශාශ්වතයි කියලා. ලෝකය අශාශ්වතයි කියලා …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තෙත් නැත, නැත්තෙත් නැත කියලා.”
සාදු! සාදු!! සාදු!!!
රූපඅඤ්ඤාණ සූත්‍රය නිමා විය.
608. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. “භවත් ගෞතමයන් වහන්ස, යම් මේ අනේකප්‍රකාර වූ දෘෂ්ටීන් ලෝකයෙහි හටගන්නවා නම් ඒකට හේතුව මොකක්ද? කාරණාව මොකක්ද? ඒ කියන්නේ ‘ලෝකය ශාශ්වතයි කියලා. ලෝකය අශාශ්වතයි කියලා …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තෙත් නැත, නැත්තෙත් නැත’ කියලා.”
“පින්වත් වච්ඡ, විඳීම පිළිබඳව අවබෝධයක් නැතිකමින්, විඳීමේ හටගැනීම පිළිබඳව අවබෝධයක් නැතිකමින්, විඳීම නිරුද්ධ වීම පිළිබඳව අවබෝධයක් නැතිකමින්, විඳීම නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව පිළිබඳව අවබෝධයක් නැතිකමින් තමයි ඔය මේ අනේකප්‍රකාර වූ දෘෂ්ටීන් ලෝකයෙහි හටගන්නේ. ඒ කියන්නේ, ‘ලෝකය ශාශ්වතයි කියලා. ලෝකය අශාශ්වතයි කියලා …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තෙත් නැත, නැත්තෙත් නැත’ කියලා. පින්වත් වච්ඡ, මේකයි හේතුව, මේකයි කාරණාව යම් මේ අනේකප්‍රකාර වූ දෘෂ්ටීන් ලෝකයෙහි හටගන්නේ. ඒ කියන්නේ ‘ලෝකය ශාශ්වතයි කියලා. ලෝකය අශාශ්වතයි කියලා …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත’ කියලා.”
සාදු! සාදු!! සාදු!!!
වේදනාඅඤ්ඤාණ සූත්‍රය නිමා විය.
609. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. “භවත් ගෞතමයන් වහන්ස, යම් මේ අනේකප්‍රකාර වූ දෘෂ්ටීන් ලෝකයෙහි හටගන්නවා නම් ඒකට හේතුව මොකක්ද? කාරණාව මොකක්ද? ඒ කියන්නේ ‘ලෝකය ශාශ්වතයි කියලා. ලෝකය අශාශ්වතයි කියලා …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියලා.”
“පින්වත් වච්ඡ, සඤ්ඤාව පිළිබඳව අවබෝධයක් නැතිකමින්, සඤ්ඤාවේ හටගැනීම පිළිබඳව අවබෝධයක් නැතිකමින්, සඤ්ඤාව නිරුද්ධ වීම පිළිබඳව අවබෝධයක් නැතිකමින්, සඤ්ඤාව නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව පිළිබඳව අවබෝධයක් නැතිකමින් තමයි ඔය මේ අනේකප්‍රකාර වූ දෘෂ්ටීන් ලෝකයෙහි හටගන්නේ. ඒ කියන්නේ ලෝකය ශාශ්වතයි කියලා. ලෝකය අශාශ්වතයි කියලා …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තෙත් නැත, නැත්තෙත් නැත කියලා, පින්වත් වච්ඡ, මේකයි හේතුව, මේකයි කාරණාව යම් මේ අනේකප්‍රකාර වූ දෘෂ්ටීන් ලෝකයෙහි හටගන්නේ. ඒ කියන්නේ ලෝකය ශාශ්වතයි කියලා. ලෝකය අශාශ්වතයි කියලා …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තෙත් නැත, නැත්තෙත් නැත කියලා.”
සාදු! සාදු!! සාදු!!!
සඤ්ඤාඅඤ්ඤාණ සූත්‍රය නිමා විය.
610. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. “භවත් ගෞතමයන් වහන්ස, යම් මේ අනේකප්‍රකාර වූ දෘෂ්ටීන් ලෝකයෙහි හටගන්නවා නම් ඒකට හේතුව මොකක්ද? කාරණාව මොකක්ද? ඒ කියන්නේ ලෝකය ශාශ්වතයි කියලා. ලෝකය අශාශ්වතයි කියලා …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තෙත් නැත, නැත්තෙත් නැත කියලා.”
“පින්වත් වච්ඡ, සංස්කාර පිළිබඳව අවබෝධයක් නැතිකමින්, සංස්කාරවල හටගැනීම පිළිබඳව අවබෝධයක් නැතිකමින්, සංස්කාර නිරුද්ධ වීම පිළිබඳව අවබෝධයක් නැතිකමින්, සංස්කාර නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව පිළිබඳව අවබෝධයක් නැතිකමින් තමයි ඔය මේ අනේකප්‍රකාර වූ දෘෂ්ටීන් ලෝකයෙහි හටගන්නේ. ඒ කියන්නේ ලෝකය ශාශ්වතයි කියලා. ලෝකය අශාශ්වතයි කියලා …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියලා, පින්වත් වච්ඡ, මේකයි හේතුව, මේකයි කාරණාව යම් මේ අනේකප්‍රකාර වූ දෘෂ්ටීන් ලෝකයෙහි හටගන්නේ. ඒ කියන්නේ ලෝකය ශාශ්වතයි කියලා. ලෝකය අශාශ්වතයි කියලා …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියලා.”
සාදු! සාදු!! සාදු!!!
සංඛාරඅඤ්ඤාණ සූත්‍රය නිමා විය.
611. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. “භවත් ගෞතමයන් වහන්ස, යම් මේ අනේකප්‍රකාර වූ දෘෂ්ටීන් ලෝකයෙහි හටගන්නවා නම් ඒකට හේතුව මොකක්ද? කාරණාව මොකක්ද? ඒ කියන්නේ ලෝකය ශාශ්වතයි කියලා. ලෝකය අශාශ්වතයි කියලා …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තෙත් නැත, නැත්තෙත් නැත කියලා.”
“පින්වත් වච්ඡ, විඤ්ඤාණය පිළිබඳව අවබෝධයක් නැතිකමින්, විඤ්ඤාණයේ හටගැනීම පිළිබඳව අවබෝධයක් නැතිකමින්, විඤ්ඤාණය නිරුද්ධ වීම පිළිබඳව අවබෝධයක් නැතිකමින්, විඤ්ඤාණය නිරුද්ධවීම පිණිස පවතින ප්‍රතිපදාව පිළිබඳව අවබෝධයක් නැතිකමින් තමයි ඔය මේ අනේකප්‍රකාර වූ දෘෂ්ටීන් ලෝකයෙහි හටගන්නේ. ඒ කියන්නේ ලෝකය ශාශ්වතයි කියලා. ලෝකය අශාශ්වතයි කියලා …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියලා, පින්වත් වච්ඡ, මේකයි හේතුව, මේකයි කාරණාව යම් මේ අනේකප්‍රකාර වූ දෘෂ්ටීන් ලෝකයෙහි හටගන්නේ. ඒ කියන්නේ ලෝකය ශාශ්වතයි කියලා. ලෝකය අශාශ්වතයි කියලා …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියලා.”
සාදු! සාදු!! සාදු!!!
විඤ්ඤාණඅඤ්ඤාණ සූත්‍රය නිමා විය.
612. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. භවත් ගෞතමයන් වහන්ස, යම් මේ අනේකප්‍රකාර වූ දෘෂ්ටීන් ලෝකයෙහි හටගන්නවා නම් ඒකට හේතුව මොකක්ද? කාරණාව මොකක්ද? ඒ කියන්නේ ලෝකය ශාශ්වතයි කියලා. ලෝකය අශාශ්වතයි කියලා …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියලා.
පින්වත් වච්ඡ, රූපය නුවණින් නොදැකීම …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තෙත් නැත, නැත්තෙත් නැත කියලා.
සාදු! සාදු!! සාදු!!!
රූප අදස්සන සූත්‍රය නිමා විය.
613. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, විඳීම නුවණින් නොදැකීම …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියලා.
සාදු! සාදු!! සාදු!!!
වේදනා අදස්සන සූත්‍රය නිමා විය.
614. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, සඤ්ඤාව නුවණින් නොදැකීම …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියලා.
සාදු! සාදු!! සාදු!!!
සඤ්ඤා අදස්සන සූත්‍රය නිමා විය.
615. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, සංස්කාර නුවණින් නොදැකීම …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියලා.
සාදු! සාදු!! සාදු!!!
සංඛාර අදස්සන සූත්‍රය නිමා විය.
616. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, විඤ්ඤාණය නුවණින් නොදැකීම, විඤ්ඤාණයේ හටගැනීම නුවණින් නොදැකීම, විඤ්ඤාණය නිරුද්ධ වීම නුවණින් නොදැකීම, විඤ්ඤාණය නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නුවණින් නොදැකීම …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියලා. …. (පෙ) …. (කලින් පංච උපාදානස්කන්ධය විස්තර කළ පරිද්දෙන් මෙම පහත් විස්තර කළ යුතුයි.)
සාදු! සාදු!! සාදු!!!
විඤ්ඤාණ අදස්සන සූත්‍රය නිමා විය.
617. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. භවත් ගෞතමයන් වහන්ස, යම් මේ අනේකප්‍රකාර වූ දෘෂ්ටීන් ලෝකයෙහි හටගන්නවා නම් ඒකට හේතුව මොකක්ද? කාරණාව මොකක්ද? ඒ කියන්නේ ලෝකය ශාශ්වතයි කියලා. ලෝකය අශාශ්වතයි කියලා …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියලා.
පින්වත් වච්ඡ, රූපය නුවණින් අවබෝධ නොකිරීමෙන් …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
රූප අනභිසමය සූත්‍රය නිමා විය.
618. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, විඳීම නුවණින් අවබෝධ නොකිරීමෙන් …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියලා.
සාදු! සාදු!! සාදු!!!
වේදනා අනභිසමය සූත්‍රය නිමා විය.
619. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, සඤ්ඤාව නුවණින් අවබෝධ නොකිරීමෙන් …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියලා.
සාදු! සාදු!! සාදු!!!
සඤ්ඤා අනභිසමය සූත්‍රය නිමා විය.
620. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, සංස්කාර නුවණින් අවබෝධ නොකිරීමෙන් …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියලා.
සාදු! සාදු!! සාදු!!!
සංඛාර අනභිසමය සූත්‍රය නිමා විය.
621. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, විඤ්ඤාණය නුවණින් අවබෝධ නොකිරීමෙන් …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියලා.
සාදු! සාදු!! සාදු!!!
විඤ්ඤාණ අනභිසමය සූත්‍රය නිමා විය.
622. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, රූපය පිළිබඳව ඇති අනවබෝධයෙන් …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියලා.
සාදු! සාදු!! සාදු!!!
රූප අනනුබෝධ සූත්‍රය නිමා විය.
623. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, විඳීම පිළිබඳව ඇති අනවබෝධයෙන් …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියලා.
සාදු! සාදු!! සාදු!!!
වේදනා අනනුබෝධ සූත්‍රය නිමා විය.
624. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, සඤ්ඤාව පිළිබඳව ඇති අනවබෝධයෙන් …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියලා.
සාදු! සාදු!! සාදු!!!
සඤ්ඤා අනනුබෝධ සූත්‍රය නිමා විය.
625. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, සංස්කාර පිළිබඳව ඇති අනවබෝධයෙන් …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියලා.
සාදු! සාදු!! සාදු!!!
සංඛාර අනනුබෝධ සූත්‍රය නිමා විය.
626. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, විඤ්ඤාණය පිළිබඳව ඇති අනවබෝධයෙන් …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියලා.
සාදු! සාදු!! සාදු!!!
විඤ්ඤාණ අනනුබෝධ සූත්‍රය නිමා විය.
627. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, රූපය ප්‍රතිවේධ නොවීම …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
රූප අප්පටිවේධ සූත්‍රය නිමා විය.
628. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, විඳීම ප්‍රතිවේධ නොවීම …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
වේදනා අප්පටිවේධ සූත්‍රය නිමා විය.
629. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, සඤ්ඤාව ප්‍රතිවේධ නොවීම …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
සඤ්ඤා අප්පටිවේධ සූත්‍රය නිමා විය.
630. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, සංස්කාර ප්‍රතිවේධ නොවීම …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
සංඛාර අප්පටිවේධ සූත්‍රය නිමා විය.
631. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, විඤ්ඤාණය ප්‍රතිවේධ නොවීම …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
විඤ්ඤාණ අප්පටිවේධ සූත්‍රය නිමා විය.
632.-635. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, රූපය ගැන නුවණින් නොසැළකීම …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
රූපාදී අසල්ලක්ඛණ සූත්‍ර නිමා විය.
636. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, විඤ්ඤාණය ගැන නුවණින් නොසැළකීම …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
විඤ්ඤාණ අසල්ලක්ඛණ සූත්‍ර නිමා විය.
637.-640. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, රූපය ගැන යළි යළිත් නුවණින් නොසැළකීම …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
රූපාදී අනුපලක්ඛණ සූත්‍ර නිමා විය.
641. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, විඤ්ඤාණය ගැන යළි යළිත් නුවණින් නොසැළකීම …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
විඤ්ඤාණ අනුපලක්ඛණ සූත්‍රය නිමා විය.
642.-646. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, රූපයෙහි ඇති ස්වභාවය නුවණින් නොබැලීම …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
රූපාදී අපච්චුපලක්ඛණ සූත්‍ර නිමා විය.
647.-651. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, රූපයෙහි ඇති ස්වභාවය නුවණින් මනා කොට නොබැලීම …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
රූපාදී අසමපෙක්ඛණ සූත්‍ර නිමා විය.
652.-656. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, රූපයෙහි ඇති ස්වභාවය නුවණින් පුන පුනා නොබැලීම …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
රූපාදී අපච්චුපෙක්ඛණ සූත්‍ර නිමා විය.
657. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, රූපයෙහි ඇති ස්වභාවය නුවණින් ප්‍රත්‍යවේක්ෂා නොකිරීම, රූපයෙහි හටගැනීමෙහි ඇති ස්වභාවය නුවණින් ප්‍රත්‍යවේක්ෂා නොකිරීම, රූපය නිරුද්ධ වීමෙහි ඇති ස්වභාවය නුවණින් ප්‍රත්‍යවේක්ෂා නොකිරීම, රූපය නිරුද්ධ වන ප්‍රතිපදාවෙහි ඇති ස්වභාවය නුවණින් ප්‍රත්‍යවේක්ෂා නොකිරීම …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
රූපාදී අපච්චක්ඛකම්ම සූත්‍රය නිමා විය.
658. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ වච්ඡගොත්ත පිරිවැජියා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. භවත් ගෞතමයන් වහන්ස, යම් මේ අනේකප්‍රකාර වූ දෘෂ්ටීන් ලෝකයෙහි හටගන්නවා නම් ඒකට හේතුව මොකක්ද? කාරණාව මොකක්ද? ඒ කියන්නේ ලෝකය ශාශ්වතයි කියලා. ලෝකය අශාශ්වතයි කියලා …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියලා.
පින්වත් වච්ඡ, විඳීමෙහි ඇති ස්වභාවය නුවණින් ප්‍රත්‍යවේක්ෂා නොකිරීම …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
වේදනා අපච්චක්ඛකම්ම සූත්‍රය නිමා විය.
659. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, සඤ්ඤාවෙහි ඇති ස්වභාවය නුවණින් ප්‍රත්‍යවේක්ෂා නොකිරීම …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
සඤ්ඤා අපච්චක්ඛකම්ම සූත්‍රය නිමා විය.
660. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, සංස්කාරවල ඇති ස්වභාවය නුවණින් ප්‍රත්‍යවේක්ෂා නොකිරීම …. (පෙ) ….
සාදු! සාදු!! සාදු!!!
සඤ්ඤා අපච්චක්ඛකම්ම සූත්‍රය නිමා විය.
661. සැවැත් නුවර දී …………………
…. (පෙ) …. පින්වත් වච්ඡ, විඤ්ඤාණයෙහි ඇති ස්වභාවය නුවණින් ප්‍රත්‍යවේක්ෂා නොකිරීම, විඤ්ඤාණය හටගැනීමෙහි ඇති ස්වභාවය නුවණින් ප්‍රත්‍යවේක්ෂා නොකිරීම, විඤ්ඤාණය නිරුද්ධ වීමෙහි ඇති ස්වභාවය නුවණින් ප්‍රත්‍යවේක්ෂා නොකිරීම, විඤ්ඤාණය නිරුද්ධ වන ප්‍රතිපදාවෙහි ඇති ස්වභාවය නුවණින් ප්‍රත්‍යවේක්ෂා නොකිරීම නිසා තමයි ඔය මේ අනේකප්‍රකාර වූ දෘෂ්ටීන් ලෝකයෙහි හටගන්නේ. ඒ කියන්නේ ලෝකය ශාශ්වතයි කියලා. ලෝකය අශාශ්වතයි කියලා …. (පෙ) …. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියලා.
පින්වත් වච්ඡ, මේකයි හේතුව, මේකයි කාරණාව යම් මේ අනේකප්‍රකාර වූ දෘෂ්ටීන් ලෝකයෙහි හටගන්නේ. ඒ කියන්නේ ලෝකය ශාශ්වතයි කියලා. ලෝකය අශාශ්වතයි කියලා. ලෝකය කෙළවර සහිතයි කියලා. ලෝකය කෙළවර රහිතයි කියලා. ජීවයත් එයයි, ශරීරයත් එයයි කියලා. ජීවය අනෙකක්, ශරීරය අනෙකක් කියලා. රහතන් වහන්සේ මරණින් මතු ඇත කියලා. රහතන් වහන්සේ මරණින් මතු නැත කියලා. රහතන් වහන්සේ මරණින් මතු ඇත නැත කියලා. රහතන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැත, නැත්තේත් නැත කියලා.
සාදු! සාදු!! සාදු!!!
විඤ්ඤාණඅපච්චක්ඛකම්ම සූත්‍රය නිමා විය.
පළමු වෙනි වච්ඡගොත්ත වර්ගය අවසන් විය.
(එකට කැටිකොට සූත්‍ර පනස් පහක් තිබේ.)
එහි පිළිවෙල උද්දානයයි :
අඤ්ඤාණ සූත්‍ර පහකි, අදස්සන සූත්‍ර පහකි, අනභිසමය සූත්‍ර පහකි, අනනුබෝධ සූත්‍ර පහකි, අප්පටිවේධ සූත්‍ර පහකි, අසල්ලක්ඛණ සූත්‍ර පහකි, අනුපලක්ඛණ සූත්‍ර පහකි, අපච්චුපලක්ඛණ සූත්‍ර පහකි, අසමපෙක්ඛණ සූත්‍ර පහකි, අපච්චුපෙක්ඛණ සූත්‍ර පහකි, අපච්චක්ඛකම්ම සූත්‍ර පහක් වශයෙන් සූත්‍ර පනස් පහකි.
වච්ඡගොත්ත සංයුත්තය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M