550. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, මා ඔබට දේශනා කරන්නට යන්නේ වළාහකකායික දෙවියන් ගැනයි. එය සවන් යොමා අසන්න.
පින්වත් මහණෙනි, වලාහක දෙවිවරු යනු කවුරුද? පින්වත් මහණෙනි, සීත වළාවන්ට අරක්ගත් දෙවිවරු ඉන්නවා. උණුසුම් වළාවන්ට අරක්ගත් දෙවිවරු ඉන්නවා. අනියම් වළාවන්ට අරක්ගත් දෙවිවරු ඉන්නවා. සුළඟ සහිත වළාවන්ට අරක්ගත් දෙවිවරු ඉන්නවා. වැසි සහිත වළාවන්ට අරක්ගත් දෙවිවරු ඉන්නවා. පින්වත් මහණෙනි, මේ ඇත්තන්ට තමයි වළාහක කායික දෙවිවරුන් කියලා කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
සුද්ධික සූත්‍රය නිමා විය.
551. සැවැත් නුවර දී …………………
එකල්හී එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා …. (පෙ) …. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු වළාහක කායික දෙවියන් හා එක්වීමකට උපදිනවා නම්, එයට හේතුව කුමක්ද? කාරණාව කුමක්ද?”
“පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් කෙනෙක් කයින් සුචරිතයෙහි යෙදෙනවා. වචනයෙන් සුචරිතයෙහි යෙදෙනවා. මනසින් සුචරිතයෙහි යෙදෙනවා. ඔහුට මෙහෙම අසන්නට ලැබෙනවා. ‘වළාහක කායික දෙවියන් දීර්ඝායුෂයෙන් යුක්තයි. වර්ණවත්. සැප බහුලයි’ කියලා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘අනේ, ඇත්තෙන් ම මාත් කය බිඳී මැරුණට පස්සේ වළාහක කායික දෙවියන් හා එකතු වීමකට උපදිනවා නම්’ කියලා. ඉතින් ඔහු කය බිඳී මරණින් මතු වළාහක කායික දෙවියන් හා එක්වීමකට උපදිනවා.
පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු වළාහක කායික දෙවියන් හා එක්වීමකට උපදිනවා නම්, එයට හේතුව මේකයි. කාරණාව මේකයි.”
සාදු! සාදු!! සාදු!!!
සුචරිත සූත්‍රය නිමා විය.
552.-561. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු සීත වළාවන්ට අරක් ගත් දෙවියන් හා එක්වීමකට උපදිනවා නම්, එයට හේතුව කුමක්ද? කාරණාව කුමක්ද?”
“පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් කෙනෙක් කයින් සුචරිතයෙහි යෙදෙනවා. වචනයෙන් සුචරිතයෙහි යෙදෙනවා. මනසින් සුචරිතයෙහි යෙදෙනවා. ඔහුට මෙහෙම අසන්නට ලැබෙනවා. ‘සීත වළාවන්ට අරක් ගත් දෙවියන් දීර්ඝායුෂයෙන් යුක්තයි. වර්ණවත්. සැප බහුලයි’ කියලා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘අනේ, ඇත්තෙන් ම මාත් කය බිඳී මැරුණට පස්සේ සීත වළාවන්ට අරක් ගත් දෙවියන් හා එකතු වීමකට උපදිනවා නම්, කියලා. ඔහු ආහාර දන් දෙනවා …. (පෙ) …. පානය කරන ජාති දන් දෙනවා …. (පෙ) …. වස්ත්‍ර දන් දෙනවා …. (පෙ) …. පාවහන් දන් දෙනවා …. (පෙ) …. මල් දන් දෙනවා …. (පෙ) …. සුවඳ දන් දෙනවා …. (පෙ) …. විලවුන් දන් දෙනවා …. (පෙ) …. සේනාසන දන් දෙනවා …. (පෙ) …. ආවාස දන් දෙනවා …. (පෙ) …. පහන් දල්වන උපකරණ දන් දෙනවා. ඉතින් ඔහු කය බිඳී මරණින් මතු සීත වළාවන්ට අරක්ගත් දෙවියන් හා එක්වීමකට උපදිනවා.
පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු සීත වළාවන්ට අරක් ගත් දෙවියන් හා එක්වීමකට උපදිනවා නම්, එයට හේතුව මේකයි. කාරණාව මේකයි.”
සාදු! සාදු!! සාදු!!!
අන්නදායකාදී සීතවලාහක සූත්‍ර නිමා විය.
562.-601. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩි වුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. ‘ස්වාමීනි, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු උණුසුම් වළාවන්ට අරක් ගත් දෙවියන් …. (පෙ) …. සුළං සහිත වළාවන්ට අරක් ගත් දෙවියන් …. (පෙ) …. වැසි සහිත වළාවන්ට අරක්ගත් දෙවියන් හා එක් වීමකට උපදිනවා නම්, එයට හේතුව කුමක්ද? කාරණාව කුමක්ද?”
“පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් කෙනෙක් කයින් සුචරිතයෙහි යෙදෙනවා. වචනයෙන් සුචරිතයෙහි යෙදෙනවා. මනසින් සුචරිතයෙහි යෙදෙනවා. ඔහුට මෙහෙම අසන්නට ලැබෙනවා. ‘වැස්ස වළාවන්ට අරක් ගත් දෙවියන් දීර්ඝායුෂයෙන් යුක්තයි. වර්ණවත්. සැප බහුලයි’ කියලා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘අනේ, ඇත්තෙන් ම මාත් කය බිඳී මැරුණට පස්සේ වැස්ස වළාවන්ට අරක් ගත් දෙවියන් හා එකතු වීමකට උපදිනවා නම්’ කියලා. ඔහු ආහාර දන් දෙනවා …. (පෙ) …. පානය කරන ජාති දන් දෙනවා …. (පෙ) …. වස්ත්‍ර දන් දෙනවා …. (පෙ) …. පාවහන් දන් දෙනවා …. (පෙ) …. මල් දන් දෙනවා …. (පෙ) …. සුවඳ දන් දෙනවා …. (පෙ) …. විලවුන් දන් දෙනවා …. (පෙ) …. සේනාසන දන් දෙනවා …. (පෙ) …. ආවාස දන් දෙනවා …. (පෙ) …. පහන් දල්වන උපකරණ දන් දෙනවා. ඉතින් ඔහු කය බිඳී මරණින් මතු වැස්ස වළාවන්ට අරක්ගත් දෙවියන් හා එක්වීමකට උපදිනවා.
පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු වැස්ස වළාවන්ට අරක් ගත් දෙවියන් හා එක් වීමකට උපදිනවා නම්, එයට හේතුව මේකයි. කාරණාව මේකයි.
සාදු! සාදු!! සාදු!!!
අන්නාදායකාදී උණ්හවලාහකාදී සූත්‍ර නිමා විය.
602. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, ඇතැම් දවස්වලට සීතල ඇති වෙනවා නම් ඒකට හේතුව කුමක්ද? කාරණාව කුමක්ද?”
“පින්වත් භික්ෂුව, සීත වළාහක නමින් දෙවිවරු ඉන්නවා. ඒ ඇත්තන්ට ඇතැම් දිනෙක මෙහෙම හිතෙනවා. ‘අපි ස්වකීය පංච කාම සැපයෙන් ප්‍රීතිමත්ව ඉන්නවා නම් හොඳයි’ කියලා. ඉතින් ඒ ඇත්තන්ගේ ඒ සිත පිහිටුවා ගැනීමට අනුව සීතල ඇතිවෙනවා. පින්වත් භික්ෂුව, ඇතැම් දවස්වලට සීතල ඇති වෙන්ට හේතුව මේකයි. කාරණාව මේකයි.”
සාදු! සාදු!! සාදු!!!
සීතවලාහක සූත්‍රය නිමා විය.
603. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, ඇතැම් දවස්වලට උණුසුම ඇතිවෙනවා නම් ඒකට හේතුව කුමක්ද? කාරණාව කුමක්ද?”
“පින්වත් භික්ෂුව, උණුසුම් වළාහක නමින් දෙවිවරු ඉන්නවා. ඒ ඇත්තන්ට ඇතැම් දිනෙක මෙහෙම හිතෙනවා. ‘අපි ස්වකීය පංච කාම සැපයෙන් ප්‍රීතිමත්ව ඉන්නවා නම් හොඳයි’ කියලා. ඉතින් ඒ ඇත්තන්ගේ ඒ සිත පිහිටුවා ගැනීමට අනුව උණුසුම ඇතිවෙනවා. පින්වත් භික්ෂුව, ඇතැම් දවස්වලට උණුසුම ඇති වෙන්න හේතුව මේකයි. කාරණාව මේකයි.”
සාදු! සාදු!! සාදු!!!
උණ්හවලාහක සූත්‍රය නිමා විය.
604. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, ඇතැම් දවස්වලට අනියම් ලෙස වළාකුළු ඇතිවෙනවා නම් ඒකට හේතුව කුමක්ද? කාරණාව කුමක්ද?”
“පින්වත් භික්ෂුව, අනියම් වළාහක නමින් දෙවිවරු ඉන්නවා. ඒ ඇත්තන්ට ඇතැම් දිනෙක මෙහෙම හිතෙනවා. ‘අපි ස්වකීය පංච කාම සැපයෙන් ප්‍රීතිමත්ව ඉන්නවා නම් හොඳයි’ කියලා. ඉතින් ඒ ඇත්තන්ගේ ඒ සිත පිහිටුවා ගැනීමට අනුව අනියම් ලෙස වළාකුළු ඇතිවෙනවා. පින්වත් භික්ෂුව, ඇතැම් දවස්වලට අනියම් ලෙස වළාකුළු ඇතිවෙන්න හේතුව මේකයි. කාරණාව මේකයි.”
සාදු! සාදු!! සාදු!!!
අබ්භවලාහක සූත්‍රය නිමා විය.
605. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, ඇතැම් දවස්වලට සුළඟ ඇතිවෙනවා නම් ඒකට හේතුව කුමක්ද? කාරණාව කුමක්ද?”
“පින්වත් භික්ෂුව, වාත වළාහක නමින් දෙවිවරු ඉන්නවා. ඒ ඇත්තන්ට ඇතැම් දිනෙක මෙහෙම හිතෙනවා. ‘අපි ස්වකීය පංච කාම සැපයෙන් ප්‍රීතිමත්ව ඉන්නවා නම් හොඳයි’ කියලා. ඉතින් ඒ ඇත්තන්ගේ ඒ සිත පිහිටුවා ගැනීමට අනුව සුළං ඇතිවෙනවා. පින්වත් භික්ෂුව, ඇතැම් දවස්වලට සුළං ඇතිවෙන්න හේතුව මේකයි. කාරණාව මේකයි.”
සාදු! සාදු!! සාදු!!!
වාතවලාහක සූත්‍රය නිමා විය.
606. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, ඇතැම් දවස්වලට වැස්ස ඇතිවෙනවා නම් ඒකට හේතුව කුමක්ද? කාරණාව කුමක්ද?”
“පින්වත් භික්ෂුව, වැස්ස වළාහක නමින් දෙවිවරු ඉන්නවා. ඒ ඇත්තන්ට ඇතැම් දිනෙක මෙහෙම හිතෙනවා. ‘අපි ස්වකීය පංච කාම සැපයෙන් ප්‍රීතිමත්ව ඉන්නවා නම් හොඳයි’ කියලා. ඉතින් ඒ ඇත්තන්ගේ ඒ සිත පිහිටුවා ගැනීමට අනුව වැස්ස ඇතිවෙනවා. පින්වත් භික්ෂුව, ඇතැම් දවස්වලට වැස්ස ඇතිවෙන්න හේතුව මේකයි. කාරණාව මේකයි.”
සාදු! සාදු!! සාදු!!!
වස්සවලාහක සූත්‍රය නිමා විය.
පළමු වෙනි වලාහක වර්ගය අවසන් විය.
(විස්තර වශයෙන් සූත්‍ර පනස් හතක් තිබේ.)
එහි පිළිවෙල උද්දානයයි :
සුද්ධික සූත්‍රය, සුචරිත සූත්‍රය, දානය ගැන සූත්‍ර දහය බැගින් පහකි, සීතවළාහක සූත්‍රය, උණ්හවළාහක සූත්‍රය, අබ්භවළාහක සූත්‍රය, වාතවළාහක සූත්‍රය, වස්සවළාහක සූත්‍රය වශයෙන් මේ වර්ගයට සූත්‍රයන් ඇතුළත් ය.
වලාහක සංයුත්තය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M