සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ බල පසකි. ඒ කවර පසක් ද යත්; ශ්‍රද්ධා බලය ය, විරිය බලය ය, සති බලය ය, සමාධි බලය ය, ප්‍රඥා බලය ය. මහණෙනි, මේ වනාහී බල පස යි.
මහණෙනි, ගංගා නදිය පෙරදිගට නැමී, පෙරදිගට නැඹුරු වී, පෙරදිගට බර වී ඇත්තේ යම් සේ ද, එසෙයින් ම මහණෙනි, පංච බල දියුණු කරන්නා වූ, පංච බල බහුල ව ප්‍රගුණ කරන්නා වූ භික්ෂුව නිවනට නැමුණේ වෙයි. නිවනට නැඹුරු වූයේ වෙයි. නිවනට බර වූයේ වෙයි.
මහණෙනි, භික්ෂුවක් නිවනට නැමී සිටින්නේ, නිවනට නැඹුරු වන්නේ, නිවනට බර වන්නේ, කුමන අයුරින් පංච බල දියුණු කරන විට ද? කුමන අයුරින් පංච බල බහුල ව ප්‍රගුණ කරන විට ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, නොඇල්මෙන් යුතුව, තෘෂ්ණා නිරෝධයෙන් යුතුව, නිවනට නැඹුරු වී ශ්‍රද්ධා බල වඩයි. ….(පෙ)…. විරිය බලය ….(පෙ)…. සති බලය ….(පෙ)…. සමාධි බලය ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, නොඇල්මෙන් යුතුව, තෘෂ්ණා නිරෝධයෙන් යුතුව, නිවනට නැඹුරු වීප්‍රඥා බලය වඩයි.
මහණෙනි, භික්ෂුවක් මේ අයුරින් පංච බල දියුණු කරන විට ය. මේ අයුරින් පංච බල බහුල ව ප්‍රගුණ කරන විට නිවනට නැමී සිටින්නේ ය, නිවනට නැඹුරු වන්නේ ය, නිවනට බර වන්නේ ය. ….(පෙ)…. නිවනට බර වන්නේ ය.
පළමු වෙනි ගංගා පෙය්‍යාල වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
පාචීනනින්න සූත්‍ර සයකි. සමුද්දනින්න සූත්‍ර සූත්‍ර සයකි. මෙසේ සය බැගින් සූත්‍ර දොළොසකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.
මහණෙනි, යම්තාක් පා රහිත වූ ද, දෙපා ඇත්තා වූ ද, ….(පෙ)… බහුල ව ප්‍රගුණ කරයි.
(කාය චිත්ත විවේකය ඇසුරු කරමින් ආදී වශයෙන් විස්තර කළ යුත්තේ ය.)
දෙවෙනි අප්පමාද වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සුරිය, වත්ථ වශයෙන් සූත්‍ර සතර බැගින් වූ දසයකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.
මහණෙනි, යම් සේ කායික සවියෙන් යුතු ව කළ යුතු යම්කිසි කර්මාන්තාදිය කරත් නම්, ….(පෙ)…. බහුල ව ප්‍රගුණ කරයි.
(පවසන ලද ආකාරයට විස්තර කළ යුත්තේය.)
තුන්වෙනි බලකරණීය වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස වශයෙන් සූත්‍ර සතකි. මේඝ සූත්‍ර දෙකකි. නාවා, ආගන්තුක, නදී වශයෙන් සූත්‍ර තුනකි. මුළු සූත්‍ර ගණන දොළොසකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.
මහණෙනි, මේ සෙවීම් තුනකි. ඒ කවර තුනක් ද යත්; ….(පෙ)…. වැඩිය යුත්තේ ය.
(විස්තර කළ යුත්තේ ය.)
සිව් වෙනි ඒසනා වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා වශයෙන් සතර බැගින් දසයකි. මෙහි මුළු සූත්‍ර ගණන සතළිහකි.
මහණෙනි, මේ සැඩපහර සතරකි. ඒ කවර සතරක් ද යත්, ….(පෙ)…. වැඩිය යුත්තේ ය.
මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසකි. ඒ කවර පසක් ද යත්; රූපරාගය ය, අරූපරාගය ය, මාන්නය ය, උද්ධච්චය ය, අවිද්‍යාව ය. මහණෙනි, මේ වනාහී පංච උද්ධම්භාගිය සංයෝජනයෝ ය.
මහණෙනි, මේ පංච උද්ධම්භාගිය සංයෝජනයන් විශිෂ්ට අවබෝධය පිණිස පංච බලයන් වැඩිය යුත්තේ ය. කවර පසක් ද යත්,
මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, නොඇල්මෙන් යුතුව, තෘෂ්ණා නිරෝධයෙන් යුතුව, නිවනට නැඹුරු වී ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩයි. ….(පෙ)…. විරිය බලය ….(පෙ)…. සති බලය ….(පෙ)…. සමාධි බලය ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, නොඇල්මෙන් යුතුව, තෘෂ්ණා නිරෝධයෙන් යුතුව, නිවනට නැඹුරු වී ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි.
මහණෙනි, මේ පංච උද්ධම්භාගිය සංයෝජනයන් විශිෂ්ට අවබෝධය පිණිස මේ පංච බලයන් වැඩිය යුත්තේ ය.
පස්වෙනි ඕඝ වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය වශයෙන් සූත්‍ර සතර බැගින් වූ කොටස් දසයකි. මුළු සූත්‍ර ගණන සතළිසකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.
මහණෙනි, ගංගා නදිය පෙරදිගට නැමී, පෙරදිගට නැඹුරු වී, පෙරදිගට බර වී ඇත්තේ යම් සේ ද, ….(පෙ)….නිවනට බර වූයේ වෙයි.
(බල සංයුත්තයෙහි පුන ගංගාපෙය්‍යාල වර්ගය ද රාගවිනය – අමෘතයෙහි බැසගැනීම – නිවනට නැමී පැවතීම ආදී වශයෙන් විස්තර කළ යුත්තේ ය. එක එකක තුන බැගින් සූත්‍රයෝ තිස් හයක් ඇති බව දත යුත්තේ ය.)
සය වෙනි පුන ගංගාපෙය්‍යාල වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
පාචීනනින්න තුන බැගින් සයකි. සමුද්දනින්න තුන බැගින් සයකි. මෙසේ සය බැගින් දොළොස් සූත්‍ර තුනකි. මුළු සූත්‍ර ගණන තිස් හයකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.
මහණෙනි, යම්තාක් පා රහිත වූ ද, ….(පෙ)… බහුල ව ප්‍රගුණ කරයි.
(කලින් විස්තර කරන ලද ක්‍රමයට මෙම තිස් සූත්‍රයෝ ද දත යුත්තේ ය.)
සත් වෙනි පුන අප්පමාද වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්දිම, සුරිය, වත්ථ වශයෙන් තුන බැගින් දසයකි. සූත්‍ර තිහකි.
මහණෙනි, යම් සේ කායික සවියෙන් යුතු ව කළ යුතු යම්කිසි කර්මාන්ත ආදිය ඇද්ද, ….(පෙ)…. බහුල ව ප්‍රගුණ කරයි.
(කලින් විස්තර කරන ලද ක්‍රමයට ම මෙම තිස් හය සූත්‍රයෝ ද විස්තර කළ යුත්තේ ය.)
අට වෙනි බලකරණීය වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
බල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, මේඝ සූත්‍ර දෙක, නාවා, ආගන්තුක, නදී සූත්‍ර තුන් බැගින් දොළොසකි. සූත්‍ර තිස් හයකි.
මහණෙනි, මේ සෙවීම් තුනකි. ….(පෙ)…. වැඩිය යුත්තේ ය.
(කලින් විස්තර කළ ආකාරයට ද, ‘විශිෂ්ට ඥානයෙන් අවබෝධ කිරීම’ යනාදී වශයෙන් ද, මෙම එකසිය විසි සූත්‍රයෝ විස්තර කළ යුත්තේ ය.)
නව වෙනි ඒසනා වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
ඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා වශයෙන් දොළොස බැගින් දසයකි. මෙහි මුළු සූත්‍ර ගණන එකසිය විස්සකි.
මහණෙනි, මේ සැඩපහර සතරකි. ….(පෙ)…. වැඩිය යුත්තේ ය.
(පෙර පරිදි ම විස්තර කළ යුත්තේ ය.)
මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසකි. ඒ කවර පසක් ද යත්; රූපරාගය ය, අරූපරාගය ය, මාන්නය ය, උද්ධච්චය ය, අවිද්‍යාව ය. මහණෙනි, මේ වනාහී පංච උද්ධම්භාගිය සංයෝජනයෝ ය. මහණෙනි, මේ පංච උද්ධම්භාගිය සංයෝජනයන් ප්‍රහාණය පිණිස පංච බලයන් වැඩිය යුත්තේ ය. කවර පසක් ද යත්, මහණෙනි, මෙහිලා භික්ෂුව කාය චිත්ත විවේකයෙන් යුතු ව, නොඇල්මෙන් යුතුව, තෘෂ්ණා නිරෝධයෙන් යුතුව, නිවනට නැඹුරු වී ශ්‍රද්ධා බලය වඩයි. ….(පෙ)…. විරිය බලය ….(පෙ)…. සති බලය ….(පෙ)…. සමාධි බලය ….(පෙ)…. කාය චිත්ත විවේකයෙන් යුතු ව, නොඇල්මෙන් යුතුව, තෘෂ්ණා නිරෝධයෙන් යුතුව, නිවනට නැඹුරු වී ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි. මහණෙනි, මේ පංච උද්ධම්භාගිය සංයෝජනයන් ප්‍රහාණය පිණිස මේ පංච බලයන් වැඩිය යුත්තේ ය.
දස වෙනි පුන ඕඝ වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
ඕඝ, යෝග, උපාදාන, ගන්ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය වශයෙන් සූත්‍ර දොළොස බැගින් වන කොටස් දසයකි. මුළු සූත්‍ර ගණන එකසිය විස්සකි. එයින් වර්ගය යැයි කියනු ලැබේ.
බල සංයුත්තය අවසන් විය.
එහි වර්ග නාමාවලිය :
ගංගාපෙය්‍යාල වර්ගය, අප්පමාද වර්ගය, බලකරණීය වර්ගය, ඒසනා වර්ගය සහ ඕඝ වර්ගය ද, නැවත පුන ගංගා පෙය්‍යාල වර්ගය ආදී වර්ග පස ත් සමඟ මෙම බල සංයුත්තයෙහි වර්ග දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M