342. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, මේ නාග යෝනි හතරක් තියෙනවා. ඒ හතර මොනවාද? බිත්තරයෙන් උපන් නාගයන් ඉන්නවා. මව්කුසින් උපන් නාගයන් ඉන්නවා. තෙත් පරිසරයෙන් උපන් නාගයන් ඉන්නවා. ඕපපාතිකව උපන් නාගයන් ඉන්නවා. පින්වත් මහණෙනි, මේක තමයි නාග යෝනි හතර.
සාදු! සාදු!! සාදු!!!
සුද්ධික සූත්‍රය නිමා විය.
343. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, මේ නාග යෝනි හතරක් තියෙනවා. ඒ හතර මොනවාද? බිත්තරයෙන් උපන් නාගයන් ඉන්නවා. මව්කුසින් උපන් නාගයන් ඉන්නවා. තෙත් පරිසරයෙන් උපන් නාගයන් ඉන්නවා. ඕපපාතිකව උපන් නාගයන් ඉන්නවා. පින්වත් මහණෙනි, ඔය අණ්ඩජ නාගයින්ටත් වඩා, ජලාබුජ නාගයනුත්, සංසේදජ නාගයනුත්, ඕපපාතික නාගයනුත් තමයි උසස් වන්නේ.
ඒ වගේ ම පින්වත් මහණෙනි, ඔය අණ්ඩජ නාගයින්ටත් වඩා, ජලාබුජ නාගයින්ටත් වඩා, සංසේදජ නාගයිනුත්, ඕපපාතික නාගයිනුත් තමයි උසස් වන්නේ.
ඒ වගේ ම පින්වත් මහණෙනි, ඔය අණ්ඩජ නාගයින්ටත් වඩා, ජලාබුජ නාගයින්ටත් වඩා, සංසේදජ නාගයින්ටත් වඩා, ඕපපාතික නාගයින් තමයි උසස් වන්නේ.
සාදු! සාදු!! සාදු!!!
පණීතතර සූත්‍රය නිමා විය.
344. සැවැත් නුවර දී …………………
එකල්හී එක්තරා භික්ෂුවක්, භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, මෙහි ඇතැම් අණ්ඩජ නාගයින්, උපෝසථ සිල් රකින්නටත්, නාග සිරුරු අත්හැර සිටින්නටත් හේතුව කුමක්ද? කාරණාව කුමක්ද?”
“පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් අණ්ඩජ නාගයින් හට මේ විදිහට හිතෙනවා. ‘අනේ අප ඉස්සර කයින් දෙවිදිහකට (හොඳ නරක) කටයුතු කළ අය වුණා. වචනයෙනුත් දෙවිදිහකට (හොඳ නරක) කටයුතු කළ අය වුණා. මනසිනුත් දෙවිදිහකට (හොඳ නරක) කටයුතු කළ අය වුණා. ඉතින් ඒ අප කයින් දෙකක් කරලා, වචනයන් දෙකක් කරලා, මනසින් දෙකක් කරලා කය බිඳී මරණින් මතු අණ්ඩජ නාගයන් හා එක්වීමට උපන්නා නෙව.
ඉදින් අද අප කයින් සුසිරිත් කරන අය වෙලා, වචනයෙන් සුසිරිත් කරන අය වෙලා, මනසින් සුසිරිත කරන අය වෙලා ඉන්නවා. එතකොට අප කය බිඳී මරණින් මතු සුගති ස්වර්ග ලෝකයෙහි උපදීවි. ඒ නිසා දැන් අප කයින් සුසිරිතෙහි යෙදී ඉන්නේ. වචනයෙන් සුසිරිතෙහි යෙදී ඉන්නේ. මනසින් සුසිරිතෙහි යෙදී ඉන්නේ.’
පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් අණ්ඩජ නාගයින්, උපෝසථ සිල් රකින්නටත්, නාග සිරුරු අත්හැර සිටින්නටත් හේතුව මේකයි. කාරණාව මේකයි.”
සාදු! සාදු!! සාදු!!!
උපෝසථ සූත්‍රය නිමා විය.
345. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, මෙහි ඇතැම් ජලාබුජ නාගයින්, උපෝසථ සිල් රකින්නටත්, නාග සිරුරු අත්හැර සිටින්නටත් හේතුව කුමක්ද? කාරණාව කුමක්ද? …. (පෙ) ….
පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් ජලාබුජ නාගයින්, උපෝසථ සිල් රකින්නටත්, නාග සිරුරු අත්හැර සිටින්නටත් හේතුව මේකයි. කාරණාව මේකයි.
සාදු! සාදු!! සාදු!!!
දුතිය උපෝසථ සූත්‍රය නිමා විය.
346. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, මෙහි ඇතැම් සංසේදජ නාගයින්, උපෝසථ සිල් රකින්නටත්, නාග සිරුරු අත්හැර සිටින්නටත් හේතුව කුමක්ද? කාරණාව කුමක්ද? …. (පෙ) ….
පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් සංසේදජ නාගයින්, උපෝසථ සිල් රකින්නටත්, නාග සිරුරු අත්හැර සිටින්නටත් හේතුව මේකයි. කාරණාව මේකයි.
සාදු! සාදු!! සාදු!!!
තතිය උපෝසථ සූත්‍රය නිමා විය.
347. සැවැත් නුවර දී …………………
එකල්හී එක්තරා භික්ෂුවක්, භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, මෙහි ඇතැම් ඕපපාතික නාගයින්, උපෝසථ සිල් රකින්නටත්, නාග සිරුරු අත්හැර සිටින්නටත් හේතුව කුමක්ද? කාරණාව කුමක්ද?”
“පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් ඕපපාතික නාගයින් හට මේ විදිහට හිතෙනවා. ‘අනේ අප ඉස්සර කයින් දෙවිදිහකට (හොඳ නරක) කටයුතු කළ අය වුණා. වචනයෙනුත් දෙවිදිහකට (හොඳ නරක) කටයුතු කළ අය වුණා. මනසිනුත් දෙවිදිහකට (හොඳ නරක) කටයුතු කළ අය වුණා. ඉතින් ඒ අප කයින් දෙකක් කරලා, වචනයන් දෙකක් කරලා, මනසින් දෙකක් කරලා කය බිඳී මරණින් මතු ඕපපාතික නාගයන් හා එක්වීමට උපන්නා නෙව,
ඉදින් අද අප කයින් සුසිරිත් කරන අය වෙලා, වචනයෙන් සුසිරිත් කරන අය වෙලා, මනසින් සුසිරිත් කරන අය වෙලා ඉන්නවා. එතකොට අප කය බිඳී මරණින් මතු සුගති ස්වර්ග ලෝකයෙහි උපදීවි. ඒ නිසා දැන් අප කයින් සුසිරිතෙහි යෙදී ඉන්නේ. වචනයෙන් සුසිරිතෙහි යෙදී ඉන්නේ. මනසින් සුසිරිතෙහි යෙදී ඉන්නේ.’
පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් ඕපපාතික නාගයින්, උපෝසථ සිල් රකින්නටත්, නාග සිරුරු අත්හැර සිටින්නටත් හේතුව මේකයි. කාරණාව මේකයි.”
සාදු! සාදු!! සාදු!!!
චතුත්ථ උපෝසථ සූත්‍රය නිමා විය.
348. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු අණ්ඩජ නාගයින් හා එක් වීමකට උපදිනවා නම්, එයට හේතුව කුමක්ද? කාරණාව කුමක්ද?”
පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය කයින් කටයුතු කරන්නේ දෙවිදිහකින්. වචනයෙන් කටයුතු කරන්නේ දෙවිධිහකින්. මනසින් කටයුතු කරන්නේ දෙවිදිහකින්. ඔහුට අසන්ට ලැබෙනවා අණ්ඩජ නාගයන් දීර්ඝායුෂයෙන් යුක්තයි. වර්ණවත්. සැප බහුලයි කියලා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘අනේ, ඇත්තෙන් ම මාත් කය බිඳී මැරුණට පස්සේ අණ්ඩජ නාගයින් හා එකතු වීමකට උපදිනවා නම්’ කියලා. ඉතින් ඔහු කය බිඳී මරණින් මතු අණ්ඩජ නාගයින් හා එක්වීමකට උපදිනවා.
පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු අණ්ඩජ නාගයින් හා එක් වීමකට උපදිනවා නම්, එයට හේතුව මේකයි. කාරණාව මේකයි.”
සාදු! සාදු!! සාදු!!!
සුත සූත්‍රය නිමා විය.
349. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු ජලාබුජ නාගයින් හා එක් වීමකට උපදිනවා නම්, එයට හේතුව කුමක්ද? කාරණාව කුමක්ද? පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය කයින් කටයුතු කරන්නේ දෙවිදිහකින් …. (පෙ) …. පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු ජලාබුජ නාගයින් හා එක් වීමකට උපදිනවා නම්, එයට හේතුව මේකයි. කාරණාව මේකයි.
සාදු! සාදු!! සාදු!!!
දුතිය සුත සූත්‍රය නිමා විය.
350. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු සංසේදජ නාගයින් හා එක් වීමකට උපදිනවා නම්, එයට හේතුව කුමක්ද? කාරණාව කුමක්ද? පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය කයින් කටයුතු කරන්නේ දෙවිදිහකින් …. (පෙ) …. පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු සංසේදජ නාගයින් හා එක් වීමකට උපදිනවා නම්, එයට හේතුව මේකයි. කාරණාව මේකයි.
සාදු! සාදු!! සාදු!!!
තතිය සුත සූත්‍රය නිමා විය.
351. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු ඕපපාතික නාගයින් හා එක් වීමකට උපදිනවා නම්, එයට හේතුව කුමක්ද? කාරණාව කුමක්ද?”
“පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය කයින් කටයුතු කරන්නේ දෙවිදිහකින්. වචනයෙන් කටයුතු කරන්නේ දෙවිදිහකින්. මනසින් කටයුතු කරන්නේ දෙවිදිහකින්. ඔහුට අසන්නට ලැබෙනවා ඕපපාතික නාගයන් දීර්ඝායුෂයෙන් යුක්තයි. වර්ණවත්. සැප බහුලයි කියලා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘අනේ, ඇත්තෙන් ම මාත් කය බිඳී මැරුණට පස්සේ ඕපපාතික නාගයින් හා එකතු වීමකට උපදිනවා නම්’ කියලා. ඉතින් ඔහු කය බිඳී මරණින් මතු ඕපපාතික නාගයින් හා එක්වීමකට උපදිනවා.
පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු ඕපපාතික නාගයින් හා එක් වීමකට උපදිනවා නම්, එයට හේතුව මේකයි. කාරණාව මේකයි.”
සාදු! සාදු!! සාදු!!!
චතුත්ථ සුත සූත්‍රය නිමා විය.
352. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කයබිඳී මරණින් මතු අණ්ඩජ නාගයින් හා එක්වීමකට උපදිනවා නම්, එයට හේතුව කුමක්ද? කාරණාව කුමක්ද?”
“පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය කයින් කටයුතු කරන්නේ දෙවිදිහකින්. වචනයෙන් කටයුතු කරන්නේ දෙවිදිහකින්. මනසින් කටයුතු කරන්නේ දෙවිදිහකින්. ඔහුට අසන්නට ලැබෙනවා අණ්ඩජ නාගයන් දීර්ඝායුෂයෙන් යුක්තයි. වර්ණවත්. සැප බහුලයි කියලා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘අනේ, ඇත්තෙන් ම මාත් කය බිඳී මැරුණට පස්සේ අණ්ඩජ නාගයින් හා එකතු වීමකට උපදිනවා නම්’ කියලා. ඉතින් ඔහු ආහාර දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
අන්නදායක අණ්ඩජ සූත්‍රය නිමා විය.
පානය කරන ජාති දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
පානදායක අණ්ඩජ සූත්‍රය නිමා විය.
වස්ත්‍ර දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
වත්ථදායක අණ්ඩජ සූත්‍රය නිමා විය.
පාවහන් දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
යානදායක අණ්ඩජ සූත්‍රය නිමා විය.
මල් දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
මාලාදායක අණ්ඩජ සූත්‍රය නිමා විය.
සුවඳ දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
ගන්ධදායක අණ්ඩජ සූත්‍රය නිමා විය.
විලවුන් දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
විලේපනදායක අණ්ඩජ සූත්‍රය නිමා විය.
සේනාසන දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
සෙය්‍යදායක අණ්ඩජ සූත්‍රය නිමා විය.
ආවාස දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
ආවසථදායක අණ්ඩජ සූත්‍රය නිමා විය.
පහන් දල්වන උපකරණ දන් දෙනවා එතකොට ඔහු කය බිඳී මරණින් මතු අණ්ඩජ නාගයින් හා එක්වීමට උපදිනවා.
පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු අණ්ඩජ නාගයින් හා එක් වීමකට උපදිනවා නම්, එයට හේතුව මේකයි. කාරණාව මේකයි.
සාදු! සාදු!! සාදු!!!
පදීපෙය්‍යදායක අණ්ඩජ සූත්‍රය නිමා විය.
362.-381 සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු ජලාබුජ නාගයින් හා එක්වීමකට උපදිනවා නම්, එයට හේතුව කුමක්ද? කාරණාව කුමක්ද?”
පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය …. (පෙ) …. සංසේදජ නාගයින් හා …. (පෙ) …. එක්වීමකට උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
ඕපපාතික නාගයින් හා එක්වීමකට උපදිනවා කියලා, පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය කයින් කටයුතු කරන්නේ දෙවිදිහකින්. වචනයෙන් කටයුතු කරන්නේ දෙවිදිහකින්. මනසින් කටයුතු කරන්නේ දෙවිදිහකින්. ඔහුට අසන්නට ලැබෙනවා ඕපපාතික නාගයින් දීර්ඝායුෂයෙන් යුක්තයි. වර්ණවත්. සැප බහුලයි කියලා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘අනේ, ඇත්තෙන් ම මාත් කය බිඳී මැරුණට පස්සේ ඕපපාතික නාගයින් හා එකතු වීමකට උපදිනවා නම්, කියලා. ඉතින් ඔහු ආහාර දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
අන්නදායක ඕපපාතික සූත්‍රය නිමා විය.
පානය කරන ජාති දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
පානදායක ඕපපාතික සූත්‍රය නිමා විය.
වස්ත්‍ර දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
වත්ථදායක ඕපපාතික සූත්‍රය නිමා විය.
පාවහන් දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
යානදායක ඕපපාතික සූත්‍රය නිමා විය.
මල් දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
මාලාදායක ඕපපාතික සූත්‍රය නිමා විය.
සුවඳ දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
ගන්ධදායක ඕපපාතික සූත්‍රය නිමා විය.
විලවුන් දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
විලේපනදායක ඕපපාතික සූත්‍රය නිමා විය.
සේනාසන දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
සෙය්‍යදායක ඕපපාතික සූත්‍රය නිමා විය.
ආවාස දන් දෙනවා …. (පෙ) …. උපදිනවා.
සාදු! සාදු!! සාදු!!!
ආවසථදායක ඕපපාතික සූත්‍රය නිමා විය.
පහන් දල්වන උපකරණ දන් දෙනවා. එතකොට ඔහු කය බිඳී මරණින් මතු ඕපපාතික නාගයින් හා එක්වීමට උපදිනවා.
පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු ඕපපාතික නාගයින් හා එක් වීමකට උපදිනවා නම්, එයට හේතුව මේකයි. කාරණාව මේකයි.
සාදු! සාදු!! සාදු!!!
පදීපෙය්‍යදායක ඕපපාතික සූත්‍රය නිමා විය.
(මේ පෙය්‍යාලයත් සමග විස්තර වශයෙන් ඇති සුත්‍ර දහයකි. යෝනි හතර තුළ සූත්‍ර හතළිහක් විස්තර කළ යුතුයි. සුද්ධික සූත්‍ර දහයකි. සියලුම සූත්‍ර ගණන පනහකි.)
පළමු වෙනි නාග වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
සුද්ධික සූත්‍රය, පණීතතර සූත්‍රය, උපෝසථ සූත්‍ර හතර, සුචරිතයෙන් යුතු සුත සූත්‍ර හතර, දානූපකාර සූත්‍ර දහය බැගින් හතරකි. නාග වර්ගයෙහි සූත්‍ර පනහක් ඇත.
නාග සංයුත්තය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M