2.3.13.1
සැවැත් නුවරදී …………
28. පින්වත් මහණෙනි, මේ දාන දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? (සිව්පසයට අවශ්‍ය දේ දන් දීම නම් වූ) ආමිස දානයත්, (තථාගත ශ්‍රී සද්ධර්මය දන් දීම නම් වූ) ධර්ම දානයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි දාන දෙක. පින්වත් මහණෙනි, මේ දාන දෙක අතුරෙන් යම් ධර්ම දානයක් ඇද්ද, මෙන්න මේ ධර්ම දානයමයි අග්‍ර වෙන්නෙ.
2.3.13.2
29. පින්වත් මහණෙනි, මේ යාග දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? (සිව්පසයට අවශ්‍ය දේ පූජා කිරීම නම් වූ) ආමිස යාගයත්, (තථාගත ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම නම් වූ) ධර්ම යාගයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි යාග දෙක. පින්වත් මහණෙනි, මේ යාග දෙක අතුරෙන් යම් ධර්ම යාගයක් ඇද්ද, මෙන්න මේ ධර්ම යාගයමයි අග්‍ර වෙන්නෙ.
2.3.13.3
30. පින්වත් මහණෙනි, මේ ත්‍යාග දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? (සිව්පසයට අවශ්‍ය දේ තෑගි දීම නම් වූ) ආමිස ත්‍යාගයත්, (තථාගත ශ්‍රී සද්ධර්මය තෑගි දීම නම් වූ) ධර්ම ත්‍යාගයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ත්‍යාග දෙක. පින්වත් මහණෙනි, මේ ත්‍යාග දෙක අතුරෙන් යම් ධර්ම ත්‍යාගයක් ඇද්ද, මෙන්න මේ ධර්ම ත්‍යාගයමයි අග්‍ර වෙන්නෙ.
2.3.13.4
31. පින්වත් මහණෙනි, මේ පිරිනැමීම් දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? (සිව්පසයට අවශ්‍ය දේ පරිත්‍යාග කිරීම නම් වූ) ආමිස පිරිනැමීමත්, (තථාගත ශ්‍රී සද්ධර්මය පරිත්‍යාග කිරීම නම් වූ) ධර්ම පිරිනැමීමත් ය. පින්වත් මහණෙනි, මේ තමයි පිරිනැමීම් දෙක. පින්වත් මහණෙනි, මේ පිරිනැමීම් දෙක අතුරෙන් යම් ධර්ම පිරිනැමීමක් ඇද්ද, මෙන්න මේ ධර්ම පිරිනැමීමමයි අග්‍ර වෙන්නෙ.
2.3.13.5
32. පින්වත් මහණෙනි, මේ සම්පත් දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? (සිව්පසය නම් වූ) ආමිස සම්පතත්, (තථාගත ශ්‍රී සද්ධර්මය නම් වූ) ධර්ම සම්පතත් ය. පින්වත් මහණෙනි, මේ තමයි සම්පත් දෙක. පින්වත් මහණෙනි, මේ සම්පත් දෙක අතුරෙන් යම් ධර්ම සම්පතක් ඇද්ද, මෙන්න මේ ධර්ම සම්පතමයි අග්‍ර වෙන්නෙ.
2.3.13.6
33. පින්වත් මහණෙනි, මේ සම්පත් පරිහරණය කිරීම් දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? (සිව්පසය පරිහරණය කිරීම නම් වූ) ආමිස සම්භෝගයත්, (තථාගත ශ්‍රී සද්ධර්මය පරිහරණය කිරීම නම් වූ) ධර්ම සම්භෝගයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි සම්පත් පරිහරණය කිරීම් දෙක. පින්වත් මහණෙනි, මේ සම්පත් පරිහරණය කිරීම් දෙක අතුරෙන් යම් ධර්ම සම්භෝගයක් ඇද්ද, මෙන්න මේ ධර්ම සම්භෝගයමයි අග්‍ර වෙන්නෙ.
2.3.13.7
34. පින්වත් මහණෙනි, මේ හොඳින් බෙදා දීම් දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? (සිව්පසයට හොඳින් බෙදා දීම නම් වූ) ආමිස සංවිභාගයත්, (තථාගත ශ්‍රී සද්ධර්මය හොඳින් බෙදා දීම නම් වූ) ධර්ම සංවිභාගයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි හොඳින් බෙදා දීම් දෙක. පින්වත් මහණෙනි, මේ හොඳින් බෙදා දීම් දෙක අතුරෙන් යම් ධර්ම සංවිභාගයක් ඇද්ද, මෙන්න මේ ධර්ම සංවිභාගයමයි අග්‍ර වෙන්නෙ.
2.3.13.8
35. පින්වත් මහණෙනි, මේ සංග්‍රහ කිරීම් දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? (සිව්පසයෙන් සංග්‍රහ කිරීම නම් වූ) ආමිස සංග්‍රහයත්, (තථාගත ශ්‍රී සද්ධර්මයෙන් සංග්‍රහ කිරීම නම් වූ) ධර්ම සංග්‍රහයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි සංග්‍රහ කිරීම් දෙක. පින්වත් මහණෙනි, මේ සංග්‍රහ කිරීම් දෙක අතුරෙන් යම් ධර්ම සංග්‍රහයක් ඇද්ද, මෙන්න මේ ධර්ම සංග්‍රහයමයි අග්‍ර වෙන්නෙ.
2.3.13.9
36. පින්වත් මහණෙනි, මේ අනුග්‍රහ කිරීම් දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? (සිව්පසයෙන් අනුග්‍රහ කිරීම නම් වූ) ආමිස අනුග්‍රහයත්, (තථාගත ශ්‍රී සද්ධර්මයෙන් අනුග්‍රහ කිරීම නම් වූ) ධර්ම අනුග්‍රහයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි අනුග්‍රහ කිරීම් දෙක. පින්වත් මහණෙනි, මේ අනුග්‍රහ කිරීම් දෙක අතුරෙන් යම් ධර්ම අනුග්‍රහයක් ඇද්ද, මෙන්න මේ ධර්ම අනුග්‍රහයමයි අග්‍ර වෙන්නෙ.
2.3.13.10
37. පින්වත් මහණෙනි, මේ අනුකම්පා කිරීම් දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? (සිව්පසයෙන් අනුකම්පා කිරීම නම් වූ) ආමිස අනුකම්පාවත්, (තථාගත ශ්‍රී සද්ධර්මයෙන් අනුකම්පා කිරීම නම් වූ) ධර්ම අනුකම්පාවත් ය. පින්වත් මහණෙනි, මේ තමයි අනුකම්පා කිරීම් දෙක. පින්වත් මහණෙනි, මේ අනුකම්පා කිරීම් දෙක අතුරෙන් යම් ධර්ම අනුකම්පාවක් ඇද්ද, මෙන්න මේ ධර්ම අනුකම්පාවමයි අග්‍ර වෙන්නෙ.
දහතුන්වෙනි වර්ගයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_2-3-13-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M