63. මහා කාශ්‍යප ශ්‍රාවකයන් වහන්සේ බුදු සමිඳුන්ගේ දායාදයක්. බුදු සමිඳුන්ගේ පුත්‍රරත්නයක්. සමාහිත සිත් ඇති උන්වහන්සේ පෙර ගත කළ ජීවිත ගැනත්, ස්වර්ගය ගැනත්, අපාය ගැනත් දිවැසින් දකිනවා.
64. උන්වහන්සේ ඉපදීම ක්ෂය වෙලා අරහත්වයට පත්වෙලා ඉන්නෙ. ත්‍රිවිද්‍යාව ලබාගෙන ඉන්නෙ. උන්වහන්සේ සැබෑවට බ්‍රාහ්මණයෙක්.
65. භද්දාකාපිලානිත් ඒ වගේමයි. ත්‍රිවිද්‍යාව ලබාගෙන ඉන්නෙ. සේනා සහිත මාරයාව පරදවල ඉන්නෙ. දැන් ඈ දරාගෙන ඉන්නෙ අන්තිම සිරුරයි.
66. අපි දෙන්නම මහණ වුණේ සංසාරෙ ආදීනව දැකලයි. අපි දෙන්නම දමනයට පත්වුණා. අරහත්වයට පත්වුණා. සිසිල් වුණා. නිවුණා.
මේ වනාහී භද්දාකාපිලානි නම් රහත් තෙරණිය වදාළ ගාථාවන්ය.
හතරවෙනි නිපාතය නිමා විය.
(ගාථා හතර බැගින් වදාළ කොටස නිමා විය)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M