322. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ඇස කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම්, මේක තමයි සිතේ උපක්ලේශය. කණ කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. නාසය කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. දිව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. කය කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. මනස කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් මේක තමයි සිතේ උපක්ලේශය.
පින්වත් මහණෙනි, යම් දවසක භික්ෂුව හට ඔය තැන් හය කෙරෙහි ඇති (ඡන්දරාගය නම් වූ) සිතෙහි උපක්ලේශය ප්‍රහීණ වෙලා ගියොත් ඔහුගේ සිත තියෙන්නේ අමා නිවන නම් වූ නෙක්ඛම්මයට ම නැඹුරු වෙලයි. නෙක්ඛම්මයෙන් ප්‍රගුණ කරන ලද සිත අවබෝධ ඥානයෙන් සාක්ෂාත් කළ යුතු චතුරාර්ය සත්‍ය ධර්මය විෂයෙහි ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
චක්ඛු සූත්‍රය නිමා විය.
323. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, රූප කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම්, මේක තමයි සිතේ උපක්ලේශය. ශබ්ද කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. ගඳසුවඳ කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. රස කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. පහස කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. සිතෙන අරමුණු කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් මේක තමයි සිතේ උපක්ලේශය.
පින්වත් මහණෙනි, යම් දවසක භික්ෂුව හට ඔය තැන් හය කෙරෙහි ඇති (ඡන්දරාගය නම් වූ) සිතෙහි උපක්ලේශය ප්‍රහීණ වෙලා ගියොත් ඔහුගේ සිත තියෙන්නේ අමා නිවන නම් වූ නෙක්ඛම්මයට ම නැඹුරු වෙලයි. නෙක්ඛම්මයෙන් ප්‍රගුණ කරන ලද සිත අවබෝධ ඥානයෙන් සාක්ෂාත් කළ යුතු චතුරාර්ය සත්‍ය ධර්මය විෂයෙහි ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
රූප සූත්‍රය නිමා විය.
324. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ඇසේ විඤ්ඤාණය කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම්, මේක තමයි සිතේ උපක්ලේශය. කණේ විඤ්ඤාණය කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. නාසයේ විඤ්ඤාණය කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. දිවේ විඤ්ඤාණය කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. කයේ විඤ්ඤාණය කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. මනසේ විඤ්ඤාණය කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් මේක තමයි සිතේ උපක්ලේශය.
පින්වත් මහණෙනි, යම් දවසක භික්ෂුව හට ඔය තැන් හය කෙරෙහි ඇති (ඡන්දරාගය නම් වූ) සිතෙහි උපක්ලේශය ප්‍රහීණ වෙලා ගියොත් ඔහුගේ සිත තියෙන්නේ අමා නිවන නම් වූ නෙක්ඛම්මයට ම නැඹුරු වෙලයි. නෙක්ඛම්මයෙන් ප්‍රගුණ කරන ලද සිත අවබෝධ ඥානයෙන් සාක්ෂාත් කළ යුතු චතුරාර්ය සත්‍ය ධර්මය විෂයෙහි ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
විඤ්ඤාණ සූත්‍රය නිමා විය.
625. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ඇසේ ස්පර්ශය කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම්, මේක තමයි සිතේ උපක්ලේශය. කණේ ස්පර්ශය කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. නාසයේ ස්පර්ශය කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. දිවේ ස්පර්ශය කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. කයේ ස්පර්ශය කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. මනසේ ස්පර්ශය කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් මේක තමයි සිතේ උපක්ලේශය. පින්වත් මහණෙනි, යම් දවසක භික්ෂුව හට …. (පෙ) …. අවබෝධ ඥානයෙන් සාක්ෂාත් කළ යුතු චතුරාර්ය සත්‍ය ධර්මය විෂයෙහි ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
ඵස්ස සූත්‍රය නිමා විය.
326. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම්, මේක තමයි සිතේ උපක්ලේශය. කණේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. නාසයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. දිවේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. කයේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. මනසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් මේක තමයි සිතේ උපක්ලේශය.
පින්වත් මහණෙනි, යම් දවසක භික්ෂුව හට …. (පෙ) …. අවබෝධ ඥානයෙන් සාක්ෂාත් කළ යුතු චතුරාර්ය සත්‍ය ධර්මය විෂයෙහි ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
වේදනා සූත්‍රය නිමා විය.
327. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, රූප සඤ්ඤාව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම්, මේක තමයි සිතේ උපක්ලේශය. ශබ්ද සඤ්ඤාව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. ගඳසුවඳ සඤ්ඤාව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. රස සඤ්ඤාව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. පහස සඤ්ඤාව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. සිතේ ඇතිවන අරමුණු සඤ්ඤාව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් මේක තමයි සිතේ උපක්ලේශය.
පින්වත් මහණෙනි, යම් දවසක භික්ෂුව හට …. (පෙ) …. අවබෝධ ඥානයෙන් සාක්ෂාත් කළ යුතු චතුරාර්ය සත්‍ය ධර්මය විෂයෙහි ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
සඤ්ඤා සූත්‍රය නිමා විය.
328. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, රූප මුල් කොට ඇතිවන චේතනාව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම්, මේක තමයි සිතේ උපක්ලේශය. ශබ්ද මුල් කොට ඇතිවන චේතනාව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. ගඳසුවඳ මුල් කොට ඇතිවන චේතනාව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. රස මුල් කොට ඇතිවන චේතනාව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. පහස මුල් කොට ඇතිවන චේතනාව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. සිතෙන අරමුණු මුල් කොට ඇතිවන චේතනාව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් මේක තමයි සිතේ උපක්ලේශය.
පින්වත් මහණෙනි, යම් දවසක භික්ෂුව හට …. (පෙ) …. අවබෝධ ඥානයෙන් සාක්ෂාත් කළ යුතු චතුරාර්ය සත්‍ය ධර්මය විෂයෙහි ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
චේතනා සූත්‍රය නිමා විය.
329. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, රූප මුල් කොට ඇතිවන ආශාව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම්, මේක තමයි සිතේ උපක්ලේශය. ශබ්ද මුල් කොට ඇතිවන ආශාව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. ගඳසුවඳ මුල් කොට ඇතිවන ආශාව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. රස මුල් කොට ඇතිවන ආශාව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. පහස මුල් කොට ඇතිවන ආශාව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. සිතෙන අරමුණු මුල් කොට ඇතිවන ආශාව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් මේක තමයි සිතේ උපක්ලේශය.
පින්වත් මහණෙනි, යම් දවසක භික්ෂුව හට …. (පෙ) …. අවබෝධ ඥානයෙන් සාක්ෂාත් කළ යුතු චතුරාර්ය සත්‍ය ධර්මය විෂයෙහි ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
තණ්හා සූත්‍රය නිමා විය.
330. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, පඨවි ධාතුව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම්, මේක තමයි සිතේ උපක්ලේශය. ආපෝ ධාතුව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. තේජෝ ධාතුව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. වායෝ ධාතුව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. ආකාශ ධාතුව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. විඤ්ඤාණ ධාතුව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් මේක තමයි සිතේ උපක්ලේශය.
පින්වත් මහණෙනි, යම් දවසක භික්ෂුව හට ඔය තැන් හය කෙරෙහි ඇති (ඡන්දරාගය නම් වූ) සිතෙහි උපක්ලේශය ප්‍රහීණ වෙලා ගියොත් ඔහුගේ සිත තියෙන්නේ අමා නිවන නම් වූ නෙක්ඛම්මයට ම නැඹුරු වෙලයි. නෙක්ඛම්මයෙන් ප්‍රගුණ කරන ලද සිත අවබෝධ ඥානයෙන් සාක්ෂාත් කළ යුතු චතුරාර්ය සත්‍ය ධර්මය විෂයෙහි ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
ධාතු සූත්‍රය නිමා විය.
331. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, රූපය කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම්, මේක තමයි සිතේ උපක්ලේශය. විඳීම කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. සඤ්ඤාව කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. සංස්කාර කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් …. (පෙ) …. විඤ්ඤාණය කෙරෙහි යම් ඡන්දරාගයක් තියෙනවා නම් මේක තමයි සිතේ උපක්ලේශය.
පින්වත් මහණෙනි, යම් දවසක භික්ෂුව හට ඔය තැන් හය කෙරෙහි ඇති (ඡන්දරාගය නම් වූ) සිතෙහි උපක්ලේශය ප්‍රහීණ වෙලා ගියොත් ඔහුගේ සිත තියෙන්නේ අමා නිවන නම් වූ නෙක්ඛම්මයට ම නැඹුරු වෙලයි. නෙක්ඛම්මයෙන් ප්‍රගුණ කරන ලද සිත අවබෝධ ඥානයෙන් සාක්ෂාත් කළ යුතු චතුරාර්ය සත්‍ය ධර්මය විෂයෙහි ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා.
සාදු! සාදු!! සාදු!!!
ඛන්ධ සූත්‍රය නිමා විය.
පළමු වෙනි කිලේස වර්ගය අවසන් විය.
තත්‍රැද්‌දානං –
එහි පිළිවෙල උද්දානයයි :
චක්ඛු සූත්‍රය, රූප සූත්‍රය, විඤ්ඤාණ සූත්‍රය, ඵස්ස සූත්‍රය, වේදනා සූත්‍රය, සඤ්ඤා සූත්‍රය, චේතනා සූත්‍රය, තණ්හා සූත්‍රය, ධාතු සූත්‍රය, ඛන්ධ සූත්‍රය යන දෙසුම් දහයෙන් මෙම වර්ගය සමන්විතයි.
කිලේස සංයුත්තය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M