“මහණෙනි, කරුණු දහයකින් සමන්විත පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ ය. ඒ කවර කරුණු දහයකින් ද යත්;
ප්‍රාණඝාතය කරන්නේ වෙයි, සොරකම් කරන්නේ වෙයි, වැරදි කාම සේවනය කරන්නේ වෙයි, බොරු කියන්නේ වෙයි, කේලාම් කියන්නේ වෙයි, දරුණු වචන කියන්නේ වෙයි, නිසරු දේ කියන්නේ වෙයි, අන් සතු දේට ආසා කරන්නේ වෙයි, ද්වේෂ කරන්නේ වෙයි, වැරදි දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි.
මහණෙනි, මෙම කරුණු දහයෙන් සමන්විත පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ ය.
මහණෙනි, කරුණු දහයකින් සමන්විත පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම සුගතියෙහි උපදින්නේ ය. ඒ කවර කරුණු දහයකින් ද යත්;
ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි, සොරකමෙන් වැළකුණේ වෙයි, වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි, බොරු කීමෙන් වැළකුණේ වෙයි, කේලාම් කීමෙන් වැළකුණේ වෙයි, දරුණු වචන කීමෙන් වැළකුණේ වෙයි, නිසරු දේ කීමෙන් වැළකුණේ වෙයි, අන් සතු දේට ආසා නොකරන්නේ වෙයි, අද්වේෂය ඇත්තේ වෙයි, නිවැරදි දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි.
මහණෙනි, මෙම කරුණු දහයෙන් සමන්විත පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම සුගතියෙහි උපදින්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
පඨම සූත්‍රය නිමා විය.
“මහණෙනි, කරුණු විස්සකින් සමන්විත පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ ය. ඒ කවර කරුණු විස්සකින් ද යත්;
තමා ත් ප්‍රාණඝාතය කරන්නේ වෙයි, අනුන් ද ප්‍රාණඝාතයෙහි සමාදන් කරවයි. තමා ත් සොරකම් කරන්නේ වෙයි, අනුන් ද සොරකමෙහි සමාදන් කරවයි. තමා ත් වැරදි කාම සේවනය කරන්නේ වෙයි, අනුන් ද වැරදි කාම සේවනයෙහි සමාදන් කරවයි. තමා ත් බොරු කියන්නේ වෙයි, අනුන් ද බොරු කීමෙහි සමාදන් කරවයි. තමා ත් කේලාම් කියන්නේ වෙයි, අනුන් ද කේලාම් කීමෙහි සමාදන් කරවයි. තමා ත් දරුණු වචන කියන්නේ වෙයි, අනුන් ද දරුණු වචන කීමෙහි සමාදන් කරවයි. තමා ත් නිසරු දේ කියන්නේ වෙයි, අනුන් ද නිසරු දේ කීමෙහි සමාදන් කරවයි. තමා ත් අන් සතු දේට ආසා කරන්නේ වෙයි, අනුන් ද අන් සතු දේට ආසා කිරීමෙහි සාමාදන් කරවයි. තමා ත් ද්වේෂ කරන්නේ වෙයි, අනුන් ද ද්වේෂයෙහි සමාදන් කරවයි. තමා ත් වැරදි දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි. අනුන් ද වැරදි දෘෂ්ටියෙහි සමාදන් කරවයි.
මහණෙනි, මෙම කරුණු විස්සෙන් සමන්විත පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ ය.
මහණෙනි, කරුණු විස්සකින් සමන්විත පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම සුගතියෙහි උපදින්නේ ය. ඒ කවර කරුණු විස්සකින් ද යත්;
තමා ත් ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි, අනුන් ද ප්‍රාණඝාතයෙන් වැළකීමෙහි සමාදන් කරවයි. තමාත් සොරකමෙන් වැළකුණේ වෙයි, අනුන් ද සොරකමින් වැළකීමෙහි සමාදන් කරවයි. තමා ත් වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි, අනුන් ද වැරදි කාම සේවනයෙන් වැළකීමෙහි සමාදන් කරවයි. තමා ත් බොරු කීමෙන් වැළකුණේ වෙයි, අනුන් ද බොරු කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයි. තමා ත් කේලාම් කීමෙන් වැළකුණේ වෙයි, අනුන් ද කේලාම් කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයි. තමා ත් දරුණු වචන කීමෙන් වැළකුණේ වෙයි, අනුන් ද දරුණු වචන කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයි. තමා ත් නිසරු දේ කීමෙන් වැළකුණේ වෙයි, අනුන් ද නිසරු දේ කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයි. තමා ත් අන් සතු දේට ආසා නොකරන්නේ වෙයි, අනුන් ද අන් සතු දේට ආසා නොකිරීමෙහි සමාදන් කරවයි. තමා ත් අද්වේෂය ඇත්තේ වෙයි, අනුන් ද අද්වේෂයෙහි සමාදන් කරවයි. තමාත් නිවැරදි දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි. අනුන් ද නිවැරදි දෘෂ්ටියෙහි සමාදන් කරවයි.
මහණෙනි, මෙම කරුණු විස්සෙන් සමන්විත පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම සුගතියෙහි උපදින්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
දුතිය සූත්‍රය නිමා විය.
“මහණෙනි, තිස් කරුණෙකින් සමන්විත පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ ය. ඒ කවර තිස් කරුණකින් ද යත්;
තමා ත් ප්‍රාණඝාතය කරන්නේ වෙයි, අනුන් ද ප්‍රාණඝාතයෙහි සමාදන් කරවයි, ප්‍රාණඝාතය අනුමත කරන්නේ ද වෙයි.
තමා ත් සොරකම් කරන්නේ වෙයි, අනුන් ද සොරකමෙහි සමාදන් කරවයි, සොරකම අනුමත කරන්නේ ද වෙයි.
තමා ත් වැරදි කාම සේවනය කරන්නේ වෙයි, අනුන් ද වැරදි කාම සේවනයෙහි සමාදන් කරවයි, වැරදි කාම සේවනය අනුමත කරන්නේ ද වෙයි.
තමා ත් බොරු කියන්නේ වෙයි, අනුන් ද බොරු කීමෙහි සමාදන් කරවයි, බොරු කීම අනුමත කරන්නේ ද වෙයි.
තමා ත් කේලාම් කියන්නේ වෙයි, අනුන් ද කේලාම් කීමෙහි සමාදන් කරවයි, කේලාම් කීම අනුමත කරන්නේ ද වෙයි.
තමා ත් දරුණු වචන කියන්නේ වෙයි, අනුන් ද දරුණු වචන කීමෙහි සමාදන් කරවයි, දරුණු වචන කීම අනුමත කරන්නේ ද වෙයි.
තමා ත් නිසරු දේ කියන්නේ වෙයි, අනුන් ද නිසරු දේ කීමෙහි සමාදන් කරවයි, නිසරු දේ කීම අනුමත කරන්නේ ද වෙයි.
තමා ත් අන් සතු දේට ආසා කරන්නේ වෙයි, අනුන් ද අන් සතු දේට ආසා කිරීමෙහි සමාදන් කරවයි, අන් සතු දේට ආසා කිරීම අනුමත කරන්නේ ද වෙයි.
තමා ත් ද්වේෂ කරන්නේ වෙයි, අනුන් ද ද්වේෂයෙහි සමාදන් කරවයි, ද්වේෂ කිරීම අනුමත කරන්නේ ද වෙයි.
තමා ත් වැරදි දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි. අනුන් ද වැරදි දෘෂ්ටියෙහි සමාදන් කරවයි, වැරදි දෘෂ්ටිය අනුමත කරන්නේ ද වෙයි.
මහණෙනි, මෙම තිස් කරුණෙන් සමන්විත පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ ය.
මහණෙනි, තිස් කරුණෙකින් සමන්විත පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම සුගතියෙහි උපදින්නේ ය. ඒ කවර තිස් කරුණකින් ද යත්;
තමා ත් ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයි, අනුන් ද ප්‍රාණඝාතයෙන් වැළකීමෙහි සමාදන් කරවයි, ප්‍රාණඝාතයෙන් වැළකීම අනුමත කරන්නේ ද වෙයි.
තමාත් සොරකමෙන් වැළකුණේ වෙයි, අනුන් ද සොරකමින් වැළකීමෙහි සමාදන් කරවයි, සොරකමින් වැළකීම අනුමත කරන්නේ ද වෙයි.
තමා ත් වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි, අනුන් ද වැරදි කාම සේවනයෙන් වැළකීමෙහි සමාදන් කරවයි, වැරදි කාම සේවනයෙන් වැළකීම අනුමත කරන්නේ ද වෙයි.
තමා ත් බොරු කීමෙන් වැළකුණේ වෙයි, අනුන් ද බොරු කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයි, බොරු කීමෙන් වැළකීම අනුමත කරන්නේ ද වෙයි.
තමා ත් කේලාම් කීමෙන් වැළකුණේ වෙයි, අනුන් ද කේලාම් කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයි. කේලාම් කීමෙන් වැළකීම අනුමත කරන්නේ ද වෙයි.
තමා ත් දරුණු වචන කීමෙන් වැළකුණේ වෙයි, අනුන් ද දරුණු වචන කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයි, දරුණු වචන කීමෙන් වැළකීම අනුමත කරන්නේ ද වෙයි.
තමා ත් නිසරු දේ කීමෙන් වැළකුණේ වෙයි, අනුන් ද නිසරු දේ කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයි. නිසරු දේ කීමෙන් වැළකීම අනුමත කරන්නේ ද වෙයි.
තමා ත් අන් සතු දේට ආසා නොකරන්නේ වෙයි, අනුන් ද අන් සතු දේට ආසා නොකිරීමෙහි සමාදන් කරවයි. අන් සතු දේට ආසා නොකිරීම අනුමත කරන්නේ ද වෙයි.
තමා ත් අද්වේෂය ඇත්තේ වෙයි, අනුන් ද අද්වේෂයෙහි සමාදන් කරවයි, ද්වේෂ නොකිරීම අනුමත කරන්නේ ද වෙයි.
තමාත් නිවැරදි දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි. අනුන් ද නිවැරදි දෘෂ්ටියෙහි සමාදන් කරවයි, නිවැරදි දෘෂ්ටිය අනුමත කරන්නේ ද වෙයි.
මහණෙනි, මෙම තිස් කරුණෙන් සමන්විත පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම සුගතියෙහි උපදින්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
තතිය සූත්‍රය නිමා විය.
“මහණෙනි, සතළිස් කරුණෙකින් සමන්විත පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ ය. ඒ කවර හතළිස් කරුණකින් ද යත්;
තමා ත් ප්‍රාණඝාතය කරන්නේ වෙයි, අනුන් ද ප්‍රාණඝාතයෙහි සමාදන් කරවයි, ප්‍රාණඝාතය අනුමත කරන්නේ ද වෙයි, ප්‍රාණඝාතයෙහි ගුණ ද කියයි.
තමා ත් සොරකම් කරන්නේ වෙයි, අනුන් ද සොරකමෙහි සමාදන් කරවයි, සොරකම අනුමත කරන්නේ ද වෙයි, සොරකමෙහි ගුණ ද කියයි.
තමා ත් වැරදි කාම සේවනය කරන්නේ වෙයි, අනුන් ද වැරදි කාම සේවනයෙහි සමාදන් කරවයි, වැරදි කාම සේවනය අනුමත කරන්නේ ද වෙයි, වැරදි කාම සේවනයෙහි ගුණ ද කියයි.
තමා ත් බොරු කියන්නේ වෙයි, අනුන් ද බොරු කීමෙහි සමාදන් කරවයි, බොරු කීම අනුමත කරන්නේ ද වෙයි, බොරු කීමෙහි ගුණ ද කියයි.
තමා ත් කේලාම් කියන්නේ වෙයි, අනුන් ද කේලාම් කීමෙහි සමාදන් කරවයි, කේලාම් කීම අනුමත කරන්නේ ද වෙයි, කේලාම් කීමෙහි ගුණ ද කියයි.
තමා ත් දරුණු වචන කියන්නේ වෙයි, අනුන් ද දරුණු වචන කීමෙහි සමාදන් කරවයි, දරුණු වචන කීම අනුමත කරන්නේ ද වෙයි, දරුණු වචන කීමෙහි ගුණ ද කියයි.
තමා ත් නිසරු දේ කියන්නේ වෙයි, අනුන් ද නිසරු දේ කීමෙහි සමාදන් කරවයි, නිසරු දේ කීම අනුමත කරන්නේ ද වෙයි, නිසරු දේ කීමෙහි ගුණ ද කියයි.
තමා ත් අන් සතු දේට ආසා කරන්නේ වෙයි, අනුන් ද අන් සතු දේට ආසා කිරීමෙහි සමාදන් කරවයි, අන් සතු දේට ආසා කිරීම අනුමත කරන්නේ ද වෙයි, අන්සතු දේට ආසා කිරීමෙහි ගුණ ද කියයි.
තමා ත් ද්වේෂ කරන්නේ වෙයි, අනුන් ද ද්වේෂයෙහි සමාදන් කරවයි, ද්වේෂ කිරීම අනුමත කරන්නේ ද වෙයි, ද්වේෂ කිරීමෙහි ගුණ ද කියයි.
තමා ත් වැරදි දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි. අනුන් ද වැරදි දෘෂ්ටියෙහි සමාදන් කරවයි, වැරදි දෘෂ්ටිය අනුමත කරන්නේ ද වෙයි, වැරදි දෘෂ්ටියෙහි ගුණ ද කියයි.
මහණෙනි, මෙම සතළිස් කරුණෙන් සමන්විත පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම නිරයෙහි උපදින්නේ ය.
මහණෙනි, සතළිස් කරුණෙකින් සමන්විත පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම සුගතියෙහි උපදින්නේ ය. ඒ කවර හතළිස් කරුණකින් ද යත්;
තමා ත් ප්‍රාණඝතයෙන් වැළකුණේ වෙයි, අනුන් ද ප්‍රාණඝාතයෙන් වැළකීමෙහි සමාදන් කරවයි, ප්‍රාණඝාතයෙන් වැළකීම අනුමත කරන්නේ ද වෙයි, ප්‍රාණඝාතයෙන් වැළකීමෙහි ගුණ කියයි.
තමාත් සොරකමෙන් වැළකුණේ වෙයි, අනුන් ද සොරකමින් වැළකීමෙහි සමාදන් කරවයි, සොරකමින් වැළකීම අනුමත කරන්නේ ද වෙයි, සොරකමින් වැළකීමෙහි ගුණ කියයි.
තමා ත් වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි, අනුන් ද වැරදි කාම සේවනයෙන් වැළකීමෙහි සමාදන් කරවයි, වැරදි කාම සේවනයෙන් වැළකීම අනුමත කරන්නේ ද වෙයි, වැරදි කාම සේවනයෙන් වැළකීමෙහි ගුණ ද කියයි.
තමා ත් බොරු කීමෙන් වැළකුණේ වෙයි, අනුන් ද බොරු කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයි, බොරු කීමෙන් වැළකීම අනුමත කරන්නේ ද වෙයි, බොරු කීමෙන් වැළකීමෙහි ගුණ ද කියයි.
තමා ත් කේලාම් කීමෙන් වැළකුණේ වෙයි, අනුන් ද කේලාම් කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයි. කේලාම් කීමෙන් වැළකීම අනුමත කරන්නේ ද වෙයි, කේළාම් කීමෙන් වැළකීමෙහි ගුණ ද කියයි.
තමා ත් දරුණු වචන කීමෙන් වැළකුණේ වෙයි, අනුන් ද දරුණු වචන කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයි, දරුණු වචන කීමෙන් වැළකීම අනුමත කරන්නේ ද වෙයි, දරුණු වචන කීමෙන් වැළකීමෙහි ගුණ ද කියයි.
තමා ත් නිසරු දේ කීමෙන් වැළකුණේ වෙයි, අනුන් ද නිසරු දේ කීමෙන් වැළකීමෙහි සමාදන් කරවයි. නිසරු දේ කීමෙන් වැළකීම අනුමත කරන්නේ ද වෙයි, නිසරු දේ කීමෙන් වැළකීමෙහි ගුණ ද කියයි.
තමා ත් අන් සතු දේට ආසා නොකරන්නේ වෙයි, අනුන් ද අන් සතු දේට ආසා නොකිරීමෙහි සමාදන් කරවයි. අන් සතු දේට ආසා නොකිරීම අනුමත කරන්නේ ද වෙයි, අන් සතු දෙයට ආසා නොකිරීමෙහි ගුණ ද කියයි.
තමා ත් අද්වේෂය ඇත්තේ වෙයි, අනුන් ද අද්වේෂයෙහි සමාදන් කරවයි, ද්වේෂ නොකිරීම අනුමත කරන්නේ ද වෙයි. ද්වේෂ නොකිරීමෙහි ගුණ ද කියයි.
තමාත් නිවැරදි දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි. අනුන් ද නිවැරදි දෘෂ්ටියෙහි සමාදන් කරවයි, නිවැරදි දෘෂ්ටිය අනුමත කරන්නේ ද වෙයි. නිවැරදි දෘෂ්ටියෙහි ගුණ ද කියයි.
මහණෙනි, මෙම සතළිස් කරුණෙන් සමන්විත පුද්ගලයා ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම් සේ ද, එසෙයින් ම සුගතියෙහි උපදින්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
චතුත්ථ සූත්‍රය නිමා විය.
මහණෙනි, දස කරුණෙකින් සමන්විත වූ තැනැත්තා තම ගුණ සාරා ගත්, තම ගුණ නසා ගත් ජීවිතයක් පරිහරණය කරයි ….(පෙ)…. ගුණ සාරා නොගත්, නසා නොගත් ජීවිතයක් පරිහණය කරයි ….(පෙ)….
මහණෙනි, විසි කරුණෙකින් සමන්විත වූ තැනැත්තා ….(පෙ)….
මහණෙනි, තිස් කරුණෙකින් සමන්විත වූ තැනැත්තා ….(පෙ)….
මහණෙනි, සතළිස් කරුණෙකින් සමන්විත වූ තැනැත්තා තම ගුණ සාරා ගත්, තම ගුණ නසා ගත් ජීවිතයක් පරිහරණය කරයි ….(පෙ)…. ගුණ සාරා නොගත්, නසා නොගත් ජීවිතයක් පරිහරණය කරයි ….(පෙ)….
මහණෙනි, දස කරුණෙකින් සමන්විත වූ මෙහි ඇතැම් කෙනෙක් කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නිරයෙහි උපදින්නේ ය. ….(පෙ)…. මෙහි ඇතැම් කෙනෙක් කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ ස්වර්ග ලෝකයෙහි උපදින්නේ ය. ….(පෙ)….
මහණෙනි, විසි කරුණෙකින් සමන්විත වූ තැනැත්තා ….(පෙ)….
මහණෙනි, තිස් කරුණෙකින් සමන්විත වූ තැනැත්තා ….(පෙ)….
මහණෙනි, සතළිස් කරුණෙකින් සමන්විත වූ මෙහි ඇතැම් කෙනෙක් කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නිරයෙහි උපදින්නේ ය. ….(පෙ)…. මෙහි ඇතැම් කෙනෙක් කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ ස්වර්ග ලෝකයෙහි උපදින්නේ ය. ….(පෙ)….
මහණෙනි, දස කරුණෙකින් සමන්විත වූ බාලයා දත යුත්තේ ය. ….(පෙ)…. නුවණැත්තා දත යුත්තේ ය ….(පෙ)….
මහණෙනි, විසි කරුණෙකින් සමන්විත වූ ….(පෙ)….
මහණෙනි, තිස් කරුණෙකින් සමන්විත වූ ….(පෙ)….
මහණෙනි, සතළිස් කරුණෙකින් සමන්විත වූ බාලයා දත යුත්තේ ය. ….(පෙ)…. නුවණැත්තා දත යුත්තේ ය ….(පෙ)…. මහණෙනි, මෙම සතළිස් කරුණින් සමන්විත වූ නුවණැත්තා දත යුත්තේ ය.
දෙවෙනි සාමඤ්ඤ වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M