අංගුත්තර නිකාය

ඒකාදසක නිපාතෝ

4. රාගාදිපෙය්‍යාලං

4. රාගාදි පෙය්‍යාලය

11.4.1

මහණෙනි, විශිෂ්ට නුවණින් යුතුව රාගය අවබෝධ කිරීමට එකොළොස් ධර්මයක් දියුණු කළ යුත්තේ ය. ඒ කවර එකොළොසක් ද යත්;

පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය, මෛත්‍රී චිත්ත සමාධිය, කරුණා චිත්ත සමාධිය, මුදිතා චිත්ත සමාධිය, උපෙක්ඛා චිත්ත සමාධිය, ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය.

මහණෙනි, විශිෂ්ට නුවණින් යුතුව රාගය අවබෝධ කිරීමට මෙම එකොළොස් ධර්මයන් දියුණු කළ යුත්තේ ය.

11.4.2-10

මහණෙනි, රාගය පිරිසිඳ දැනීමට ….(පෙ)…. ගෙවා දැමීමට ….(පෙ)…. ප්‍රහාණය කිරීමට ….(පෙ)…. ක්ෂය වීමට ….(පෙ)…. නැති වීමට ….(පෙ)…. විරාගයට ….(පෙ)…. නිරෝධයට ….(පෙ)…. අත්හැරීමට ….(පෙ)…. රාගය දුරැලීමට මේ එකොළොස් ධර්මයෝ වැඩිය යුත්තාහු ය.

11.4.11-170

ද්වේෂයෙහි ….(පෙ)…. මෝහයෙහි ….(පෙ)…. ක්‍රෝධයෙහි ….(පෙ)…. බද්ධ වෛරයෙහි ….(පෙ)…. ගුණමකු බවෙහි ….(පෙ)…. දොස් කීමෙහි ….(පෙ)…. ඊර්ෂ්‍යාවෙහි ….(පෙ)…. මසුරු බවෙහි ….(පෙ)…. මායායෙහි ….(පෙ)…. ශටකපට බවෙහි ….(පෙ)…. තරඟයට වැඩ කිරීමෙහි ….(පෙ)…. අවවාදයට නොනැමීමෙහි ….(පෙ)…. මානයෙහි ….(පෙ)…. අතිමානයෙහි ….(පෙ)…. මත්වීමෙහි ….(පෙ)…. ප්‍රමාදයෙහි ….(පෙ)…. විශිෂ්ට ඥානය පිණිස ….(පෙ)…. පිරිසිඳ දැනීමට ….(පෙ)…. ගෙවා දැමීමට ….(පෙ)…. ප්‍රහාණයට ….(පෙ)…. ක්ෂය වීමට ….(පෙ)…. නැතිවීමට ….(පෙ)…. විරාගයට ….(පෙ)…. නිරෝධයට ….(පෙ)…. අත්හැරීමෙහි ….(පෙ)…. ඇල්ම දුරැලීමට මේ එකොළොස් ධර්මයෝ වැඩිය යුත්තාහු ය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ඒ භාෂිතය සතුටින් පිළිගත්තාහු ය.

රාගාදී පෙය්‍යාලය අවසන් විය.

අංගෝත්තර සඟියෙහි සූත්‍ර නවදහසක් ද, යළි පන්සියයක් ද, යළි පනස් හතක් ද වශයෙන් සූත්‍ර දේශනාවෝ ඇතුළත් වැ තිබෙති.

ඒකාදසක නිපාතය අවසන් විය.

අංගුත්තර නිකාය සමාප්ත විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_11-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M