අංගුත්තර නිකාය

දුක නිපාතෝ

2. අධිකරණවග්ගෝ

2. අධිකරණ වර්ගය

2.1.2.1.

(සාවත්ථි නිදානං)

සැවැත් නුවරදී …………..

11. ද්වේමානි භික්ඛවේ බලානි. කතමානි ද්වේ: පටිසංඛානබලඤ්ච, භාවනාබලඤ්ච. කතමඤ්ච භික්ඛවේ පටිසංඛානබලං: ඉධ භික්ඛවේ ඒකච්චෝ ඉති පටිසඤ්චික්ඛති: කායදුච්චරිතස්ස ඛෝ පාපකෝ විපාකෝ දිට්ඨේ චේව ධම්මේ අභිසම්පරායඤ්ච, වචීදුච්චරිතස්ස පාපකෝ විපාකෝ දිට්ඨේ චේව ධම්මේ අභිසම්පරායඤ්ච, මනෝදුච්චරිතස්ස පාපකෝ විපාකෝ දිට්ඨේ චේව ධම්මේ අභිසම්පරායඤ්චාති. සෝ ඉති පටිසංඛාය කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවේති, වචීදුච්චරිතං පහාය වචීසුචරිතං භාවේති, මනෝදුච්චරිතං පහාය මනෝසුචරිතං භාවේති, සුද්ධං අත්තානං පරිහරති. ඉදං වුච්චති භික්ඛවේ පටිසංඛානබලං.

11. පින්වත් මහණෙනි, මේ බල දෙකක් තියෙනවා. ඒ දෙක මොනවා ද? නුවණින් කල්පනා කර බැලීමේ බලයත්, භාවනා බලයත්ය. පින්වත් මහණෙනි, නුවණින් කල්පනා කර බැලීමේ බලය කුමක් ද? පින්වත් මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් මේ විදිහට නුවණින් කල්පනා කරලා බලනවා. ‘කයෙන් කරන දුසිරිත්වල පවිටු විපාක මෙලොව ජීවිතයේදී වගේම පරලොව ජීවිතයේ දීත් ලැබෙනවා. වචනයෙන් කරන දුසිරිත්වල පවිටු විපාකත් මෙලොව ජීවිතයේදී වගේම පරලොව ජීවිතයේදීත් ලැබෙනවා. සිතින් කරන දුසිරිත්වල පවිටු විපාකත් මෙලොව ජීවිතයේදී වගේම පරලොව ජීවිතයේදීත් ලැබෙනවා. ඉතින් ඔහු ඔය විදිහට නුවණින් කල්පනා කරල බලලා, කාය දුසිරිත අත්හරිනවා. කයෙන් සුචරිතය වඩනවා. වචී දුසිරිත අත්හරිනවා. වචනයෙන් සුචරිතය වඩනවා. මනෝ දුසිරිත් අත්හරිනවා. මනසින් සුචරිතය වඩනවා. තමන්ගේ ජීවිතය පිරිසිදුව ගත කරනවා. පින්වත් මහණෙනි, මේකට තමයි නුවණින් සිහි කර බැලීමේ බලය කියන්නේ.

කතමඤ්ච භික්ඛවේ භාවනාබලං තත්‍ර භික්ඛවේ යමිදං භාවනාබලං සේඛමේතං බලං. සේඛං හි සෝ භික්ඛවේ බලං ආගම්ම රාගං පජහති, දෝසං පජහති, මෝහං පජහති, රාගං පහාය දෝසං පහාය මෝහං පහාය යං අකුසලං, න තං කරෝති. යං පාපං, න තං සේවති. ඉදං වුච්චති භික්ඛවේ භාවනාබලං. ඉමානි ඛෝ භික්ඛවේ ද්වේ බලානීති.

පින්වත් මහණෙනි, භාවනා බලය කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, මෙහි යම් භාවනා බලයක් ඇති නම්, ඒ මේ (සෝතාපන්න මාර්ගය සිට අරහත් මාර්ගය තෙක් නිවන් මඟ වැඩීම) සේඛ බලයයි. පින්වත් මහණෙනි, ඔහු ඒ සේඛ බලයට පැමිණිලා රාගය අත්හැරලා දානවා. ද්වේෂය අත්හැරලා දානවා. මෝහය අත්හැරලා දානවා. රාගය අත්හැරලා, ද්වේෂය අත්හැරලා, මෝහය අත්හැරලා, යම් දෙයක් අකුසල් නම්, ඒවා කරන්නේ නෑ. යම් දෙයක් පව් නම් ඒවා සේවනය කරන්නේ නෑ. පින්වත් මහණෙනි, මේකට තමයි භාවනා බලය කියලා කියන්නෙ. පින්වත් මහණෙනි, මේ තමයි ඒ බලයන් දෙක.

2.1.2.2.

12. ද්වේමානි භික්ඛවේ බලානි. කතමානි ද්වේ: පටිසංඛානබලඤ්ච භාවනාබලඤ්ච. කතමඤ්ච භික්ඛවේ පටිසංඛානබලං: ඉධ භික්ඛවේ ඒකච්චෝ ඉති පටිසඤ්චික්ඛති. කායදුච්චරිතස්ස ඛෝ පාපකෝ විපාකෝ දිට්ඨේ චේව ධම්මේ අභිසම්පරායඤ්ච වචීදුච්චරිතස්ස පාපකෝ විපාකෝ දිට්ඨේ චේව ධම්මේ අභිසම්පරායඤ්ච මනෝදුච්චරිතස්ස පාපකෝ විපාකෝ දිට්ඨේ චේව ධම්මේ අභිසම්පරායඤ්චාති. සෝ ඉති පටිසංඛාය කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවේති, වචීදුච්චරිතං පහාය වචීසුචරිතං භාවේති, මනෝදුච්චරිතං පහාය මනෝසුචරිතං භාවේති, සුද්ධං අත්තානං පරිහරති. ඉදං වුච්චති භික්ඛවේ පටිසංඛානබලං.

12. පින්වත් මහණෙනි, මේ බල දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? නුවණින් කල්පනා කර බැලීමේ බලයත්, භාවනා බලයත් ය. පින්වත් මහණෙනි, නුවණින් කල්පනා කර බැලීමේ බලය කුමක්ද? පින්වත් මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් මේ විදිහට නුවණින් කල්පනා කරලා බලනවා. ‘කයෙන් කරන දුසිරිත්වල පවිටු විපාක මෙලොව ජීවිතයේදී වගේම පරලොව ජීවිතයේදීත් ලැබෙනවා. වචනයෙන් කරන දුසිරිත්වල පවිටු විපාකත් මෙලොව ජීවිතයේදී වගේම පරලොව ජීවිතයේදීත් ලැබෙනවා. සිතින් කරන දුසිරිත්වල පවිටු විපාකත් මෙලොව ජීවිතයේදී වගේම පරලොව ජීවිතයේදීත් ලැබෙනවා. ඉතින් ඔහු ඔය විදිහට නුවණින් කල්පනා කරල බලලා, කාය දුසිරිත අත්හරිනවා. කයෙන් සුචරිතය වඩනවා. වචී දුසිරිත අත්හරිනවා. වචනයෙන් සුචරිතය වඩනවා. මනෝ දුසිරිත් අත්හරිනවා. මනසින් සුචරිතය වඩනවා. තමන්ගේ ජීවිතය පිරිසිදුව ගත කරනවා. පින්වත් මහණෙනි, මේකට තමයි නුවණින් සිහි කර බැලීමේ බලය කියන්නේ.

කතමඤ්ච භික්ඛවේ භාවනාබලං: ඉධ භික්ඛවේ භික්ඛු සතිසම්බොජ්ඣංගං භාවේති විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධනිස්සිතං වෝස්සග්ගපරිණාමිං. ධම්මවිචයසම්බොජ්ඣංගං භාවේති ….(පෙ)…. විරියසම්බොජ්ඣංගං භාවේති ….(පෙ)…. පීතිසම්බොජ්ඣංගං භාවේති ….(පෙ)…. පස්සද්ධිසම්බොජ්ඣංගං භාවේති ….(පෙ)…. සමාධිසම්බොජ්ඣංගං භාවේති ….(පෙ)…. උපෙක්ඛාසම්බොජ්ඣංගං භාවේති විවේකනිස්සිතං විරාගනිස්සිතං නිරෝධනිස්සිතං වෝස්සග්ගපරිණාමිං. ඉදං වුච්චති භික්ඛවේ භාවනාබලං. ඉමානි ඛෝ භික්ඛවේ ද්වේ බලානීති.

පින්වත් මහණෙනි, භාවනා බලය කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුව විවේකය සහිත, නොඇලීම සහිත, කෙලෙස් නැති කිරීමෙන් යුතුව, නිවනට යොමු වුන සතිය නැමැති සම්බොජ්ඣංගය (නිවනට අංගය) වඩනවා. ….(පෙ)…. ධර්මය නුවණින් සිහි කිරීම නැමැති සම්බොජ්ඣංගය වඩනවා. ….(පෙ)…. වීරිය නැමැති සම්බොජ්ඣංගය වඩනවා. ….(පෙ)…. ප්‍රීතිය නැමැති සම්බොජ්ඣංගය වඩනවා. ….(පෙ)…. පස්සද්ධි (සිත කය සංසිඳීම) සම්බොජ්ඣංගය වඩනවා. ….(පෙ)…. සමාධි සම්බොජ්ඣංගය වඩනවා. ….(පෙ)…. විවේකය සහිත, නොඇලීම සහිත, කෙලෙස් නැති කිරීමෙන් යුතුව, නිවනට යොමු වුන උපේක්ෂා සම්බොජ්ඣංගය වඩනවා. පින්වත් මහණෙනි, මේකට තමයි භාවනා බලය කියලා කියන්නෙ. පින්වත් මහණෙනි, මේ තමයි බලයන් දෙක.

2.1.2.3.

13. ද්වේමානි භික්ඛවේ බලානි. කතමානි ද්වේ: පටිසංඛානබලඤ්ච භාවනාබලඤ්ච. කතමඤ්ච භික්ඛවේ පටිසංඛානබලං: ඉධ භික්ඛවේ ඒකච්චෝ ඉති පටිසඤ්චික්ඛති කායදුච්චරිතස්ස ඛෝ පාපකෝ විපාකෝ දිට්ඨේ චේව ධම්මේ අභිසම්පරායඤ්ච, වචීදුච්චරිතස්ස් පාපකෝ විපාකෝ දිට්ඨේ චේව ධම්මේ අභිසම්පරායඤ්ච, මනෝදුච්චරිතස්ස පාපකෝ විපාකෝ දිට්ඨේ චේව ධම්මේ අභිසම්පරායඤ්චාති. සෝ ඉති පටිසංඛාය කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවේති, වචීදුච්චරිතං පහාය වචීසුචරිතං භාවේති, මනෝදුච්චරිතං පහාය මනෝසුචරිතං භාවේති, සුද්ධං අත්තානං පරිහරති. ඉදං වුච්චති භික්ඛවේ පටිසංඛානබලං.

13. පින්වත් මහණෙනි, මේ බල දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? නුවණින් කල්පනා කර බැලීමේ බලයත්, භාවනා බලයත්ය. පින්වත් මහණෙනි, නුවණින් කල්පනා කර බැලීමේ බලය කුමක්ද? පින්වත් මහණෙනි, මෙහි ඇතැම් කෙනෙක් මේ විදිහට නුවණින් කල්පනා කරලා බලනවා. ‘කයෙන් කරන දුසිරිත්වල පවිටු විපාක මෙලොව ජීවිතයේදී වගේම පරලොව ජීවිතයේදීත් ලැබෙනවා. වචනයෙන් කරන දුසිරිත්වල පවිටු විපාකත් මෙලොව ජීවිතයේදී වගේම පරලොව ජීවිතයේදීත් ලැබෙනවා. සිතින් කරන දුසිරිත්වල පවිටු විපාකත් මෙලොව ජීවිතයේදී වගේම පරලොව ජීවිතයේදීත් ලැබෙනවා. ඉතින් ඔහු ඔය විදිහට නුවණින් කල්පනා කරල බලලා, කාය දුසිරිත අත්හරිනවා. කයෙන් සුචරිතය වඩනවා. වචී දුසිරිත අත්හරිනවා. වචනයෙන් සුචරිතය වඩනවා. මනෝ දුසිරිත් අත්හරිනවා. මනසින් සුචරිතය වඩනවා. තමන්ගේ ජීවිතය පිරිසිදුව ගත කරනවා. පින්වත් මහණෙනි, මේකට තමයි නුවණින් සිහි කර බැලීමේ බලය කියන්නේ.

කතමඤ්ච භික්ඛවේ භාවනාබලං: ඉධ භික්ඛවේ භික්ඛු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකෝ ච විහරති සතෝ ච සම්පජානෝ, සුඛඤ්ච කායේන පටිසංවේදේති, යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකෝ සතිමා සුඛවිහාරීති, තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බේව සෝමනස්සදෝමනස්සානං අත්ථංගමා අදුක්ඛං අසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති භික්ඛවේ භාවනාබලං. ඉමානි ඛෝ භික්ඛවේ ද්වේ බලානීති.

පින්වත් මහණෙනි, භාවනා බලය කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හට ගත් ප්‍රීති සුඛය ඇති පළමු වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඒ වගේම විතක්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ආධ්‍යාත්මිකව පැහැදීම ඇතිව සිතෙහි මනා එකඟ බවෙන් යුතුව විතර්ක රහිත, විචාර රහිත, සමාධියෙන් හටගත්, ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඒ වගේම ප්‍රීතියටද නොඇලීමෙන් උපේක්ෂාවෙන් යුතුව වාසය කරනවා. සිහියෙන් නුවණින් යුතුව කයෙන් සැපයක්ද විඳිනවා. ආර්යයන් වහන්සේලා යම් ධ්‍යානයකට උපේක්ෂා සහගත සිහිය ඇති සැප විහරණය යැයි පවසනවාද, ඒ තුන්වන ධ්‍යානයත් උපදවා ගෙන වාසය කරනවා. ඒ වගේම සැපයද ප්‍රහාණය කිරීමෙන්, දුකද ප්‍රහාණය කිරීමෙන් කලින්ම සොම්නස් දොම්නස් දෙක ඉක්ම යෑමෙන් දුක් සැප රහිත වූ පාරිශුද්ධ උපේක්ෂා සහගත සතිය ඇති සතර වෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. පින්වත් මහණෙනි, මේකට තමයි කියන්නේ භාවනා බලය කියලා. මේ තමයි පින්වත් මහණෙනි, බල දෙක.

2.1.2.4

14. ද්වේමා භික්ඛවේ තථාගතස්ස ධම්මදේසනා. කතමා ද්වේ: සංඛිත්තේන ච, විත්ථාරේන ච. ඉමා ඛෝ භික්ඛවේ ද්වේ තථාගතස්ස ධම්මදේසනාති.

14. පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේගේ මේ ධර්ම දේශනා ක්‍රම දෙකක් තියෙනවා. කවර දේශනා ක්‍රම දෙකක්ද? අරුත් කැටි කොට කෙටියෙන් දේශනා කිරීමත්, විස්තර වශයෙන් දේශනා කිරීමත්ය. පින්වත් මහණෙනි, මේ තමයි තථාගතයන් වහන්සේගේ ඒ ධර්ම දේශනා ක්‍රම දෙක.

2.1.2.5.

15. යස්මිං භික්ඛවේ අධිකරණේ ආපන්නෝ ච භික්ඛු චෝදකෝ ච භික්ඛු න සාධුකං අත්තනාව අත්තානං පච්චවෙක්ඛති, තස්මේතං භික්ඛවේ අධිකරණේ පාටිකංඛං, දීඝත්තාය ඛරත්තාය වාළත්තාය සංවත්තිස්සති, භික්ඛූ ච න ඵාසුකං විහරිස්සන්තීති. යස්මිඤ්ච ඛෝ භික්ඛවේ අධිකරණේ ආපන්නෝ ච භික්ඛු චෝදකෝ ච භික්ඛු සාධුකං අත්තනාව අත්තානං පච්චවෙක්ඛති, තස්මේතං භික්ඛවේ අධිකරණේ පාටිකංඛං, න දීඝත්තාය ඛරත්තාය වාළත්තාය සංවත්තිස්සති, භික්ඛූ ච ඵාසුකං විහරිස්සන්තීති.

15. පින්වත් මහණෙනි, යම්කිසි ආරවුලකට (ඇවැත්වලින් හටගත් ප්‍රශ්නයකට) පත් වූ භික්ෂුවත්, ඒ සඳහා ඇවැතින් චෝදනා කරන භික්ෂුවත්, තම තමන් ගැනම නුවණින් කල්පනා කරලා බලන්නේ නැත්නම්, පින්වත් මහණෙනි, මේ ආරවුල සම්බන්ධයෙන් කැමැති විය යුත්තේ මෙයයි. මේ ආරවුල විසඳීම බොහෝ කල් ගත වීමත්, නොයෙක් රළුපරළු බස් පැවතීමත්, අඬදබර සහිත වීමත් පවතින්නේය, භික්ෂූහුද සුවසේ නොවසන්නාහුය යන කරුණයි.

පින්වත් මහණෙනි, යම්කිසි ආරවුලකට (ඇවැත්වලින් හටගත් ප්‍රශ්නයකට) පත් වූ භික්ෂුවත්, ඒ සඳහා ඇවැතින් චෝදනා කරන භික්ෂුවත්, තම තමන් ගැනම නුවණින් කල්පනා කරලා බලනවා නම්, පින්වත් මහණෙනි, මේ ආරවුල සම්බන්ධයෙන් කැමැති විය යුත්තේ මෙයයි. මේ ආරවුල විසඳීම බොහෝ කල් ගත නොවීමත්, නොයෙක් රළුපරළු බස් නොපැවතීමත්, අඬදබර සහිත නොවීමත් පවතින්නේය, භික්ෂූහුද සුවසේ වසන්නාහුය යන කරුණයි.

කථඤ්ච භික්ඛවේ ආපන්නෝ භික්ඛු සාධුකං අත්තනාව අත්තානං පච්චවෙක්ඛති: ඉධ භික්ඛවේ ආපන්නෝ භික්ඛු ඉති පටිසඤ්චික්ඛති. අහං ඛෝ අකුසලං ආපන්නෝ කඤ්චිදේව දේසං කායේන. තං මං සෝ භික්ඛු අද්දස අකුසලං ආපජ්ජමානං කිඤ්චිදේව දේසං කායේන. නෝ චේ අහං අකුසලං ආපජ්ජෙය්‍යං කඤ්චිදේව දේසං කායේන, න මං සෝ භික්ඛු පස්සෙය්‍ය අකුසලං ආපජ්ජමානං කඤ්චිදේව දේසං කායේන. යස්මා ච ඛෝ අහං අකුසලං ආපන්නෝ කඤ්චිදේව දේසං කායේන, තස්මා මං සෝ භික්ඛු අද්දස අකුසලං ආපජ්ජමානං කඤ්චිදේව දේසං කායේන. දිස්වා ච පන මං සෝ භික්ඛු අකුසලං ආපජ්ජමානං කඤ්චිදේව දේසං කායේන අනත්තමනෝ අහෝසි. අනත්තමනෝ සමානෝ අනත්තමනවචනං මං සෝ භික්ඛු අවච. අනත්තමනවචනාහං තේන භික්ඛුනා වුත්තෝ සමානෝ අනත්තමනෝ අහෝසිං. අනත්තමනෝ සමානෝ පරේසං ආරෝචේසිං. ඉති මමේව තත්ථ අච්චයෝ අච්චගමා සුංකදායකංව භණ්ඩස්මින්ති. ඒවං ඛෝ භික්ඛවේ ආපන්නෝ භික්ඛු සාධුකං අත්තනා’ව අත්තානං පච්චවෙක්ඛති.

පින්වත් මහණෙනි, ඇවැතට පත් වූ භික්ෂුවක් තමා විසින් තමා ගැනම මනා කොට නුවණින් විමසා බලන්නේ කොයි ආකාරයෙන්ද? පින්වත් මහණෙනි, මෙකරුණෙහිලා ඇවැතට පත් වූ භික්ෂුව මේ ආකාරයෙන් නුවණින් විමසයි. ‘මා වනාහී මේ කයෙන් සිදුවන්නා වූ යම්කිසි අකුසල ආපත්තියකට පත් වෙලා ඉන්නෙ. ඉතින් අර භික්ෂුව කයෙන් සිදු වන්නා වූ යම්කිසි අකුසල ආපත්තියකට පත් වෙන්නා වූ මාව දැක්කා. ඉදින් මා වනාහී මේ කයෙන් සිදුවන්නා වූ යම්කිසි අකුසල ආපත්තියකට පත් නොවුනා නම්, අර භික්ෂුව කයෙන් සිදුවන්නා වූ යම් කිසි අකුසල ආපත්තියකට පත් වෙන්නා වූ මාව දකින්නේ නෑ. යම් කරුණක් නිසා මා වනාහී මේ කයෙන් සිදුවන්නා වූ යම් කිසි අකුසල ආපත්තියකට පත් වෙලා ඉන්නවා නම්, එකරුණ නිසාමයි අර භික්ෂුව කයෙන් සිදුවන්නා වූ යම්කිසි අකුසල ආපත්තියකට පත් වෙන්නා වූ මාව දැක්කෙ. ඒ භික්ෂුව කයෙන් සිදුවන්නා වූ යම්කිසි අකුසල ආපත්තියකට මා පත් වෙනවා දැක්ක නිසා සතුටට පත් වුනේ නෑ. නොසතුටු සිතින් යුතුවමයි ඒ භික්ෂුව මා හට නොසතුටු බස් දෙඩුවේ. ඉතින් ඒ භික්ෂුව විසින් නොසතුටු බස් කියද්දී මා තුළ සතුටක් ඇති වුනේ නෑ. මා මෙය අනුන්ට කිව්වෙත් නොසතුටු සිතින්මයි. මේ විදිහට භාණ්ඩයකට බදු ගෙවන කෙනෙක් වගේ මටත් මේ ආරවුලේදී මගේ වරදමයි දිගින් දිගට ගියේ’ කියලා. පින්වත් මහණෙනි, ඔය ආකාරයෙන් ඇවැතට පත් වුන භික්ෂුව තමා විසින් මනාකොට නුවණින් විමස විමසා බැලිය යුත්තේ තමන් ගැනමයි.

කථඤ්ච භික්ඛවේ චෝදකෝ භික්ඛු සාධුකං අත්තනාව අත්තානං පච්චවෙක්ඛති: ඉධ භික්ඛවේ චෝදකෝ භික්ඛු ඉති පටිසඤ්චික්ඛති. ‘අයං ඛෝ භික්ඛු අකුසලං ආපන්නෝ කඤ්චිදේව දේසං කායේන. තාහං ඉමං භික්ඛුං අද්දසං අකුසලං ආපජ්ජමානං කඤ්චිදේව දේසං කායේන. නෝ චේ අයං භික්ඛු අකුසලං ආපජ්ජෙය්‍ය කඤ්චිදේව දේසං කායේන, නාහං ඉමං භික්ඛුං පස්සෙය්‍යං අකුසලං ආපජ්ජමානං කඤ්චිදේව දේසං කායේන. යස්මා ච ඛෝ අයං භික්ඛු අකුසලං ආපන්නෝ කඤ්චිදේව දේසං කායේන, තස්මා අහං ඉමං භික්ඛුං අද්දසං අකුසලං ආපජ්ජමානං කඤ්චිදේව දේසං කායේන. දිස්වා ච පනාහං ඉමං භික්ඛුං අකුසලං ආපජ්ජමානං කඤ්චිදේව දේසං කායේන අනත්තමනෝ අහෝසිං. අනත්තමනෝ සමානෝ අනත්තමනවචනාහං ඉමං භික්ඛුං අවචං. අනත්තමනවචනායං භික්ඛු මයා වුත්තෝ සමානෝ අනත්තමනෝ අහෝසි. අනත්තමනෝ සමානෝ පරේසං ආරෝචේසි. ඉති මමේව තත්ථ අච්චයෝ අච්චගමා සුංකදායකංව භණ්ඩස්මින්ති. ඒවං ඛෝ භික්ඛවේ චෝදකෝ භික්ඛු සාධුකං අත්තනාව අත්තානං පච්චවෙක්ඛති.

පින්වත් මහණෙනි, (අනුන්ගේ ඇවැතකට) චෝදනා කරන්නා වූ භික්ෂුවක් තමා විසින් තමා ගැනම මනා කොට නුවණින් විමසා බලන්නේ කොයි ආකාරයෙන්ද? පින්වත් මහණෙනි, මෙකරුණෙහිලා චෝදනා කරන්නා වූ භික්ෂුව මේ ආකාරයෙන් නුවණින් විමසයි. ‘මේ භික්ෂුව වනාහී මේ කයෙන් සිදුවන්නා වූ යම්කිසි අකුසල ආපත්තියකට පත් වෙලා ඉන්නෙ. ඉතින් මේ භික්ෂුව කයෙන් සිදු වන්නා වූ යම්කිසි අකුසල ආපත්තියකට පත් වෙන අයුරු මා දැක්කා. ඉදින් මේ භික්ෂුව වනාහී මේ කයෙන් සිදුවන්නා වූ යම්කිසි අකුසල ආපත්තියකට පත් නොවුනා නම්, කයෙන් සිදුවන්නා වූ යම්කිසි අකුසල ආපත්තියකට පත් වෙන්නා වූ මේ භික්ෂුව මා දකින්නේ නෑ. යම් කරුණක් නිසා මේ භික්ෂුව වනාහී මේ කයෙන් සිදුවන්නා වූ යම්කිසි අකුසල ආපත්තියකට පත් වෙලා ඉන්නවා නම්, එකරුණ නිසාමයි කයෙන් සිදුවන්නා වූ යම්කිසි අකුසල ආපත්තියකට පත් වෙන්නා වූ මේ භික්ෂුව මා හට දැක ගන්න ලැබුනේ. ඒ භික්ෂුව කයෙන් සිදුවන්නා වූ යම්කිසි අකුසල ආපත්තියකට පත් වෙනවා මා විසින් දැක්ක නිසා ඒ ගැන මා සතුටට පත් වුනේ නෑ. මා නොසතුටු සිතින් යුතුවමයි ඒ භික්ෂුවට නොසතුටු බස් දෙඩුවේ. ඉතින් මා විසින් නොසතුටු බස් කියද්දී ඒ භික්ෂුව තුළ සතුටක් ඇති වුනේ නෑ. මා මෙය අනුන්ට කිව්වෙත් නොසතුටු සිතින්මයි. මේ විදිහට භාණ්ඩයකට බදු ගෙවන කෙනෙක් වගේ මටත් මේ ආරවුලේදී මගේ වරදමයි දිගින් දිගට ගියේ’ කියලා. පින්වත් මහණෙනි, ඔය ආකාරයෙන් චෝදනා කරන භික්ෂුව තමා විසින් නුවණින් විමස විමසා බැලිය යුත්තේ තමන් ගැනමයි.

යස්මිං භික්ඛවේ අධිකරණේ ආපන්නෝ ච භික්ඛු චෝදකෝ ච භික්ඛු න සාධුකං අත්තනාව අත්තානං පච්චවෙක්ඛති, තස්මේතං භික්ඛවේ අධිකරණේ පාටිකංඛං දීඝත්තාය ඛරත්තාය වාළත්තාය සංවත්තිස්සති. භික්ඛූ ච න ඵාසුකං විහරිස්සන්තීති. යස්මිං ච ඛෝ භික්ඛවේ අධිකරණේ ආපන්නෝ ච භික්ඛු චෝදකෝ ච භික්ඛු සාධුකං අත්තනාව අත්තානං පච්චවෙක්ඛති, තස්මේතං භික්ඛවේ අධිකරණේ පාටිකංඛං න දීඝත්තාය ඛරත්තාය වාළත්තාය සංවත්තිස්සති. භික්ඛූ ච ඵාසුකං විහරිස්සන්තීති.

පින්වත් මහණෙනි, යම්කිසි ආරවුලකට (ඇවැත්වලින් හටගත් ප්‍රශ්නයකට) පත් වූ භික්ෂුවත්, ඒ සඳහා ඇවැතින් චෝදනා කරන භික්ෂුවත්, තම තමන් ගැනම නුවණින් කල්පනා කරලා බලන්නේ නැත්නම්, පින්වත් මහණෙනි, මේ ආරවුල සම්බන්ධයෙන් කැමැති විය යුත්තේ මෙයයි. මේ ආරවුල විසඳීම බොහෝ කල් ගත වීමත්, නොයෙක් රළුපරළු බස් පැවතීමත්, අඬදබර සහිත වීමත් පවතින්නේය, භික්ෂූහුද සුවසේ නොවසන්නාහුය යන කරුණයි.

පින්වත් මහණෙනි, යම්කිසි ආරවුලකට (ඇවැත්වලින් හටගත් ප්‍රශ්නයකට) පත් වූ භික්ෂුවත්, ඒ සඳහා ඇවැතින් චෝදනා කරන භික්ෂුවත්, තම තමන් ගැනම නුවණින් කල්පනා කරලා බලනවා නම්, පින්වත් මහණෙනි, මේ ආරවුල සම්බන්ධයෙන් කැමැති විය යුත්තේ මෙයයි. මේ ආරවුල විසඳීම බොහෝ කල් ගත නොවීමත්, නොයෙක් රළුපරළු බස් නොපැවතීමත්, අඬදබර සහිත නොවීමත් පවතින්නේය, භික්ෂූහුද සුවසේ වසන්නාහුය යන කරුණයි.

2.1.2.6.

16. අථ ඛෝ අඤ්ඤතරෝ බ්‍රාහ්මණෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි. සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ සෝ බ්‍රාහ්මණෝ භගවන්තං ඒතදවෝච: කෝ නු ඛෝ භෝ ගෝතම හේතු, කෝ පච්චයෝ, යේන මිධේකච්චේ සත්තා කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්තීති?

16. එකල්හි එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්න පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු සතුටින් සිහි කළ යුතු ඒ පිළිසඳර කතා බහ අවසන් කරලා එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වුන ඒ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්ස, යම් දෙයක් නිසා මෙහි මේ සමහර සත්වයින්, කය බිඳිලා මැරුණට පස්සේ අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ, නිරයේ උපදිනවා නම්, ඒකට හේතුව කුමක්ද? කාරණය කුමක්ද?”

(භගවා:)

(භාග්‍යවතුන් වහන්සේ) :

අධම්මචරියා විසමචරියා හේතු ඛෝ බ්‍රාහ්මණ ඒවමිධේකච්චේ සත්තා කායස්ස භේදා පරංමරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්තීති.

“පින්වත් බ්‍රාහ්මණය, අධාර්මිකව ජීවත් වීම, විෂමව ජීවත් වීම යන කරුණු නිසා තමයි මේ සමහර සත්වයින් කය බිඳිලා මැරුණට පස්සේ අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදින්නේ.”

(බ්‍රාහ්මණෝ:)

(බ්‍රාහ්මණයා) :

කෝ පන භෝ ගෝතම හේතු, කෝ පච්චයෝ, යේනමිධේකච්චේ සත්තා කායස්ස භේදා පරම් මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජන්තීති?

“පින්වත් ගෞතමයන් වහන්ස, යම් දෙයක් නිසා මෙහි මේ සමහර සත්වයින් කය බිඳිලා මැරුණට පස්සේ සුගතිය නම් වූ දෙව් ලොව උපදිනවා නම් ඒකට හේතුව මොකක්ද? කාරණය මොකක්ද?”

(භගවා:)

(භාග්‍යවතුන් වහන්සේ) :

ධම්මචරියා සමචරියා හේතු ඛෝ බ්‍රාහ්මණ ඒවමිධේකච්චේ සත්තා කායස්ස භේදා පරම් මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජන්තීති.

“පින්වත් බ්‍රාහ්මණය, ධාර්මිකව ජීවත් වීම, යහපත්ව ජීවත් වීම යන කරුණු නිසා තමයි මේ සමහර සත්වයින් කය බිඳිලා මැරුණට පස්සේ සුගතිය නම් වූ දෙව් ලොව උපදින්නේ.”

(බ්‍රාහ්මණෝ:)

(බ්‍රාහ්මණයා) :

අභික්කන්තං භෝ ගෝතම අභික්කන්තං භෝ ගෝතම, සෙය්‍යථාපි භෝ ගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය’ අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය, ‘චක්ඛුමන්තෝ රූපානි දක්ඛන්තී’ති, ඒවමේවං භෝතා ගෝතමේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. ඒසාහං භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා සුන්දරයි! භවත් ගෞතමයන් වහන්ස, ඉතා සුන්දරයි! යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගෙයි. වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි. මං මුලා වූවන්ට නියම මග පෙන්වා දෙනවා වගෙයි. ඇස් ඇති උදවියට රූප දකින්න අඳුරෙහි තෙල් පහනක් දල්වා ගෙන දරා සිටිනවා වගෙයි. ඔය විදිහට භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා. ස්වාමීනී, මේ මමත් භවත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝරත්නයත් සරණ යනවා. ස්වාමීනී, මං ගැන අද පටන් දිවි තිබෙන තුරාවටම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස සළකන සේක්වා!”

2.1.2.7.

17. අථ ඛෝ ජාණුස්සෝණි බ්‍රාහ්මණෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදි ….(පෙ)…. ඒකමන්තං නිසින්නෝ ඛෝ ජාණුස්සෝණි බ්‍රාහ්මණෝ භගවන්තං ඒතදවෝච. කෝ නු ඛෝ භෝ ගෝතම, හේතු, කෝ පච්චයෝ, යේන මිධේකච්චේ සත්තා කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්තීති.

17. එදා ජානුස්සෝණි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්න පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. ….(පෙ)…. එකත්පස් ව වාඩි වුන ඒ ජානුස්සෝණි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට කිව්වා. “භවත් ගෞතමයන් වහන්ස, යම් දෙයක් නිසා මෙහි මේ සමහර සත්වයින්, කය බිඳිලා මැරුණට පස්සේ අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ, නිරයේ උපදිනවා නම්, ඒකට හේතුව කුමක්ද? කාරණය කුමක්ද?”

(භගවා)

(භාග්‍යවතුන් වහන්සේ) :

කතත්තා ච බ්‍රාහ්මණ අකතත්තා ච ඒවමිධේකච්චේ සත්තා කායස්ස භේදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්තීති.

“පින්වත් බ්‍රාහ්මණය, කළ නිසාත්, නොකළ නිසාත් තමයි මෙහි මේ සමහර සත්වයින් කය බිඳිලා මැරුණට පස්සේ අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයේ උපදින්නේ.”

(බ්‍රාහ්මණෝ)

(බ්‍රාහ්මණයා) :

කෝ පන භෝ ගෝතම හේතු, කෝ පච්චයෝ, යේන මිධේකච්චේ සත්තා කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජන්තීති.

“භවත් ගෞතමයන් වහන්ස, යම් දෙයක් නිසා මේ සමහර සත්වයින් කය බිඳිලා මැරුණට පස්සේ සුගතිය නම් වූ දෙව් ලොව උපදිනවා නම් ඒකට හේතුව කුමක්ද? කාරණය කුමක්ද?”

(භගවා)

(භාග්‍යවතුන් වහන්සේ) :

කතත්තා ච බ්‍රාහ්මණ අකතත්තා ච ඒවමිධේකච්චේ සත්තා කායස්ස භේදා පරං මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජන්තීති.

“පින්වත් බ්‍රාහ්මණය, කළ නිසාත්, නොකළ නිසාත් තමයි මෙහි මේ සමහර සත්වයින් කය බිඳිලා මැරුණට පස්සේ සුගතිය නම් වූ දෙව් ලොව උපදින්නේ.”

(බ්‍රාහ්මණෝ)

(බ්‍රාහ්මණයා) :

න ඛෝ අහං ඉමස්ස භෝතෝ ගෝතමස්ස සංඛිත්තේන භාසිතස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස විත්ථාරේන අත්ථං ආජානාමි. සාධු මේ භවං ගෝතමෝ තථා ධම්මං දේසේතු, යථා අහං ඉමස්ස භෝතෝ ගෝතමස්ස සංඛිත්තේන භාසිතස්ස විත්ථාරේන අත්ථං අවිභත්තස්ස විත්ථාරේන අත්ථං ආජානෙය්‍යන්ති.

“අනේ! මට නම් භවත් ගෞතමයන් වහන්සේ විස්තරාත්මකව බෙදා නොවදාළ, මේ කෙටියෙන්ම වදාළ කාරණයේ අර්ථය විස්තරාත්මකව වැටහෙන්නේ නෑ. භවත් ගෞතමයන් වහන්ස, භවත් ගෞතමයන් වහන්සේ දැන් විස්තරාත්මකව බෙදා නොවදාළ, කෙටියෙන්ම වදාළ මේ කාරණයේ අර්ථය වැටහෙන විදිහට ධර්මය දේශනා කරන සේක් නම්, කොයිතරම් හොඳද?”

තේන හි බ්‍රාහ්මණ සුණාහි, සාධුකං මනසි කරෝහි, භාසිස්සාමීති. ඒවං භෝති ඛෝ ජාණුස්සෝණි බ්‍රාහ්මණෝ භගවතෝ පච්චස්සෝසි. භගවා ඒතදවෝච:

“එහෙනම් පින්වත් බ්‍රාහ්මණය අහන්න. හොඳින් සිහි කරන්න. මම කියා දෙන්නම්.” “එසේය, පින්වතුන් වහන්ස” කියලා ජානුස්සෝණි බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට වදාළා.

ඉධ බ්‍රාහ්මණ ඒකච්චස්ස කායදුච්චරිතං කතං හෝති, අකතං හෝති කායසුචරිතං. වචීදුච්චරිතං කතං හෝති, අකතං හෝති වචීසුචරිතං. මනෝදුච්චරිතං කතං හෝති, අකතං හෝති මනෝසුචරිතං. ඒවං ඛෝ බ්‍රාහ්මණ කතත්තා ච අකතත්තා ච ඒවමිධේකච්චේ සත්තා කායස්ස භේදා පරංමරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජන්ති.

“පින්වත් බ්‍රාහ්මණය, මෙහි මේ සමහර කෙනෙක් කයෙන් දුසිරිත් කරලා තියෙනවා. කයෙන් සුසිරිත් කරලා නෑ. වචනයෙන් දුසිරිත් කරලා තියෙනවා. වචනයෙන් සුසිරිත් කරලා නෑ. සිතින් දුසිරිත් කරලා තියෙනවා. සිතින් සුසිරිත් කරලා නෑ. මෙන්න මේ විදිහටයි පින්වත් බ්‍රාහ්මණය, (දුසිරිත්) කළ නිසාත්, (සුසිරිත්) නොකළ නිසාත්, තමයි මෙහි සමහර සත්වයින් කය බිඳිලා මැරුණට පස්සේ අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ උපදින්නේ.

ඉධ පන බ්‍රාහ්මණ ඒකච්චස්ස කායසුචරිතං කතං හෝති, අකතං හෝති කායදුච්චරිතං. වචීසුචරිතං කතං හෝති, අකතං හෝති වචීදුච්චරිතං. මනෝසුචරිතං කතං හෝති, අකතං හෝති මනෝදුච්චරිතං. ඒවං ඛෝ බ්‍රාහ්මණ කතත්තා ච අකතත්තා ච ඒවමිධේකච්චේ සත්තා කායස්ස භේදා පරම් මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජන්තීති.

පින්වත් බ්‍රාහ්මණය, මෙහි මේ සමහර කෙනෙක් කයෙන් සුසිරිත් කරලා තියෙනවා. කයෙන් දුසිරිත් කරලා නෑ. වචනයෙන් සුසිරිත් කරලා තියෙනවා. වචනයෙන් දුසිරිත් කරලා නෑ. සිතින් සුසිරිත් කරලා තියෙනවා. සිතින් දුසිරිත් කරලා නෑ. පින්වත් බ්‍රාහ්මණය, මෙන්න මේ විදිහට (සුසිරිත්) කළ නිසාත්, (දුසිරිත්) නොකළ නිසාත්, තමයි මෙහි මේ සමහර සත්වයින් කය බිඳිලා මැරුණට පස්සේ සුගතිය නම් වූ දෙව් ලොව උපදින්නේ.”

(බ්‍රාහ්මණෝ)

(බ්‍රාහ්මණයා) :

අභික්කන්තං භෝ ගෝතම ….(පෙ)…. උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! ….(පෙ)…. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි තිබෙන තුරාවටම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් හැටියට මාව පිළිගන්නා සේක්වා!”

2.1.2.8.

18. අථ ඛෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නං ඛෝ ආයස්මන්තං ආනන්දං භගවා ඒතදවෝච:

18. එදා ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වුන ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මේ විදිහට වදාළා.

ඒකංසේනාහං ආනන්ද අකරණීයං වදාමි කායදුච්චරිතං වචීදුච්චරිතං මනෝදුච්චරිතන්ති.

“පින්වත් ආනන්ද, ඒකාන්තයෙන්ම කාය දුසිරිත, වචී දුසිරිත, මනෝ දුසිරිත නොකළ යුතුයි කියලයි මා කියන්නේ.”

(ආනන්දෝ:)

(ආනන්ද තෙරුන්) :

යමිදං භන්තේ භගවතා ඒකංසේන අකරණීයං අක්ඛාතං කායදුච්චරිතං වචීදුච්චරිතං මනෝදුච්චරිතං. තස්මිං අකරණීයේ කයිරමානේ කෝ ආදීනවෝ පාටිකංඛෝති.

“ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම යම් කාය දුසිරිතක්, වචී දුසිරිතක්, මනෝ දුසිරිතක් නොකළ යුතුමයි කියලා වදාළා නෙව. ඒ නොකළ යුතු දේ කරන කොට මොන වගේ ආදීනවද කැමති වෙන්න තියෙන්නේ?”

(භගවා:)

(භාග්‍යවතුන් වහන්සේ) :

යමිදං ආනන්ද මයා ඒකංසේන අකරණීයං අක්ඛාතං කායදුච්චරිතං වචීදුච්චරිතං මනෝදුච්චරිතං. තස්මිං අකරණීයේ කයිරමානේ අයං ආදීනවෝ පාටිකංඛෝ:

“පින්වත් ආනන්ද, මා විසින් ඒකාන්තයෙන්ම නොකළ යුතුයි කියලා වදාළ යම් කාය දුසිරිතක්, වචී දුසිරිතක්, මනෝ දුසිරිතක් ඇත්නම්, ඒ නොකළ යුතු දේවල් කරන කොට මෙන්න මේ ආදීනව තමයි කැමැති වෙන්න තියෙන්නේ.

අත්තාපි අත්තානං උපවදති, අනුවිච්ච විඤ්ඤූ ගරහන්ති, පාපකෝ කිත්තිසද්දෝ අබ්භුග්ගච්ඡති, සම්මූළ්හෝ කාලං කරෝති, කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.

තමන්ම තමන්ට චෝදනා කරනවා. ඤාණවන්ත උදවියත් ඒවා දැන ගෙන ගරහනවා. පවිටු වූ අපකීර්ති රාවයකුත් පැතිරෙනවා. සිහි මුලා වෙලා මිය පරලොව යනවා. කය බිඳී මැරුණට පස්සේ අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ, නිරයේ උපදිනවා.

යමිදං ආනන්ද මයා ඒකංසේන අකරණීයං අක්ඛාතං කායදුච්චරිතං වචීදුච්චරිතං මනෝදුච්චරිතං. තස්මිං අකරණීයේ කයිරමානේ අයං ආදීනවෝ පාටිකංඛෝ.

පින්වත් ආනන්ද, මා විසින් ඒකාන්තයෙන්ම යම් කාය දුසිරිතක්, වචී දුසිරිතක්, මනෝ දුසිරිතක් නොකළ යුතුයි කියල වදාළාද, ඉතින් ඒ නොකළ යුතු දේ කරන කොට ඔය ආදීනව තමයි කැමැති වෙන්න තියෙන්නේ.

ඒකංසේනාහං ආනන්ද කරණීයං වදාමි කායසුචරිතං වචීසුචරිතං මනෝසුචරිතන්ති.

පින්වත් ආනන්ද, ඒකාන්තයෙන්ම මේ කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය, කළ යුතුයි කියලයි මා කියන්නේ.”

(ආනන්දෝ:)

(ආනන්ද තෙරුන්) :

යමිදං භන්තේ භගවතා ඒකංසේන කරණීයං අක්ඛාතං කායසුචරිතං වචීසුචරිතං මනෝසුචරිතං තස්මිං කරණීයේ කයිරමානේ කෝ ආනිසංසෝ පාටිකංඛෝති?

“ඉතින් ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම යම් කාය සුචරිතයක්, වචී සුචරිතයක්, මනෝ සුචරිතයක් කළ යුතුමයි කියලා වදාළා නෙව. ඒ කළ යුතු දේ කරන කොට මොන වගේ ආනිශංසද කැමති වෙන්න තියෙන්නේ?”

(භගවා:)

(භාග්‍යවතුන් වහන්සේ) :

යමිදං ආනන්ද මයා ඒකංසේන කරණීයං අක්ඛාතං කායසුචරිතං වචීසුචරිතං මනෝසුචරිතං. තස්මිං කරණීයේ කයිරමානේ අයං ආනිසංසෝ පාටිකංඛෝ:

“පින්වත් ආනන්ද, මා විසින් ඒකාන්තයෙන්ම යම් කාය සුචරිතයක්, වචී සුචරිතයක්, මනෝ සුචරිතයක් කළ යුතුමයි කියලා වදාළාද, ඒ කළ යුතු දේ කරන කොට මෙන්න මේ ආනිශංස තමයි කැමැති වෙන්න තියෙන්නේ.

අත්තාපි අත්තානං න උපවදති, අනුවිච්ච විඤ්ඤූ පසංසන්ති, කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගච්ඡති, අසම්මූළ්හෝ කාලං කරෝති, කායස්ස භේදා පරම් මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති.

තමනුත් තමන්ට දොස් කියන්නේ නෑ. ඤාණවන්ත උදවියත් දැනගෙන ප්‍රශංසා කරනවා. යහපත් වූ කීර්ති රාවයකුත් පැතිරෙනවා. සිහි මුලා වෙන්නෙ නැතුව මිය පරලොව යනවා. කය බිඳිල මිය පරලොව ගියාට පස්සේ සුගතිය නම් වූ දෙව් ලොව උපදිනවා.

යමිදං ආනන්ද මයා ඒකංසේන කරණීයං අක්ඛාතං කායසුචරිතං වචීසුචරිතං මනෝසුචරිතං. තස්මිං කරණීයේ කයිරමානේ අයං ආනිසංසෝ පාටිකංඛෝති.

පින්වත් ආනන්ද, මා විසින් ඒකාන්තයෙන්ම යම් කාය සුචරිතයක්, වචී සුචරිතයක්, මනෝ සුචරිතයක් කළ යුතුමයි කියලා වදාළාද, ඒ කළ යුතු දේ කරන කොට මෙන්න මේ ආනිශංස තමයි කැමැති වෙන්න තියෙන්නේ.”

2.1.2.9.

19. අකුසලං භික්ඛවේ පජහථ. සක්කා භික්ඛවේ අකුසලං පජහිතුං. නෝ චේ තං භික්ඛවේ සක්කා අභවිස්ස අකුසලං පජහිතුං, නාහං ඒවං වදෙය්‍යං “අකුසලං භික්ඛවේ පජහථා”ති. යස්මා ච ඛෝ භික්ඛවේ සක්කා අකුසලං පජහිතුං, තස්මාහං ඒවං වදාමි “අකුසලං භික්ඛවේ පජහථා”ති. අකුසලංච හිදං භික්ඛවේ පහීනං අහිතාය දුක්ඛාය සංවත්තෙය්‍ය. නාහං ඒවං වදෙය්‍යං “අකුසලං භික්ඛවේ පජහථා”ති. යස්මා ච ඛෝ භික්ඛවේ අකුසලං පහීනං හිතාය සුඛාය සංවත්තති, තස්මාහං ඒවං වදාමි “අකුසලං භික්ඛවේ පජහථා”ති.

පින්වත් මහණෙනි, අකුසලය අත්හරින්න. පින්වත් මහණෙනි, ඔය අකුසලය අත්හරින්න පුළුවනි. පින්වත් මහණෙනි, ඔය අකුසල් අත්හරින්න බැරි නම් මා මේ විදිහට ‘පින්වත් මහණෙනි, අකුසලය අත්හරින්න’ කියලා කියන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් හෙයකින් මේ අකුසලය අත්හරින්න පුළුවන් නිසා තමයි මා මේ විදිහට කියන්නේ. ‘පින්වත් මහණෙනි, අකුසලය අත්හරින්න’ කියලා. පින්වත් මහණෙනි, මේ අකුසලය ප්‍රහාණය වූ විට එය අයහපත පිණිස, දුක පිණිස හේතු වෙනවා නම්, මා මේ විදිහට ‘පින්වත් මහණෙනි, අකුසලය අත්හරින්න’ කියලා කියන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් විදිහකින් මේ අකුසලය ප්‍රහාණය වූ විට එය යහපත පිණිසම, සැපය පිණිසම හේතු වෙනවා. අන්න ඒ නිසා තමයි මා කියන්නේ, ‘පින්වත් මහණෙනි, අකුසලය අත්හරින්න’ කියලා.

කුසලං භික්ඛවේ භාවේථ. සක්කා භික්ඛවේ කුසලං භාවේතුං. නෝ චේ තං භික්ඛවේ සක්කා අභවිස්ස කුසලං භාවේතුං, නාහං ඒවං වදෙය්‍යං “කුසලං භික්ඛවේ භාවේථා”ති. යස්මා ච ඛෝ භික්ඛවේ සක්කා කුසලං භාවේතුං, තස්මාහං ඒවං වදාමි “කුසලං භික්ඛවේ භාවේථා”ති. කුසල්ං ච හිදං භික්ඛවේ භාවිතං අහිතාය දුක්ඛාය සංවත්තෙය්‍ය, නාහං ඒවං වදෙය්‍යං “කුසලං භික්ඛවේ භාවේථා”ති. යස්මා ච ඛෝ භික්ඛවේ කුසලං භාවිතං හිතාය සුඛාය සංවත්තති තස්මාහං ඒවං වදාමි “කුසලං භික්ඛවේ භාවේථා”ති.

පින්වත් මහණෙනි, කුසලය වඩන්න. කුසලය වඩන්නට පුළුවනි. පින්වත් මහණෙනි, කුසලය කියන්නෙ වඩන්න බැරි දෙයක් නම් මා මේ විදිහට ‘පින්වත් මහණෙනි, කුසලය වඩන්න’ කියලා කියන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් විදිහකින් මේ කුසලය වඩන්න පුළුවන් නිසාම තමයි මා මේ විදිහට කියන්නේ. ‘පින්වත් මහණෙනි, කුසලය වඩන්න’ කියලා. පින්වත් මහණෙනි, මේ කුසලය වැඩුවහම එය අයහපත පිණිස, දුක පිණිස හේතු වෙනවා නම්, මා මේ විදිහට ‘පින්වත් මහණෙනි, කුසලය වඩන්න’ කියලා කියන්නේ නෑ. පින්වත් මහණෙනි, යම් විදිහකින් මේ කුසලය වැඩුවහම ඒක යහපත පිණිසම, සැපය පිණිසම හේතු වෙනවා. අන්න ඒ නිසා තමයි මා කියන්නේ, ‘පින්වත් මහණෙනි, කුසලය වඩන්න’ කියලා.

2.1.2.10.

20. ද්වේ මේ භික්ඛවේ ධම්මා සද්ධම්මස්ස සම්මෝසාය අන්තරධානාය සංවත්තන්ති. කතමේ ද්වේ? දුන්නික්ඛිත්තඤ්ච පදබ්‍යඤ්ජනං, අත්ථෝ ච දුන්නීතෝ. දුන්නික්ඛිත්තස්ස භික්ඛවේ පදබ්‍යඤ්ජනස්ස අත්ථෝපි දුන්නයෝ හෝති. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ ධම්මා සද්ධම්මස්ස සම්මෝසාය අන්තරධානාය සංවත්තන්තීති.

20. පින්වත් මහණෙනි, සද්ධර්මයේ (ශාසනයේ) විනාශය පිණිස, අතුරුදහන් වීම පිණිස හේතු වන මේ කාරණා දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? වැරදි විදිහට ගලපාගන්නා ලද වචන ප්‍රකාශ කිරීමත්, වැරදි විදිහට කරන්නා වූ අර්ථ විග්‍රහයත්ය. පින්වත් මහණෙනි, වැරදි විදිහට ගලපාගන්නා ලද වචන ප්‍රකාශ කරන විට වැරදි අර්ථ මතු වෙනවාමයි. පින්වත් මහණෙනි, මෙය වනාහී සද්ධර්මයේ විනාශය පිණිස, අතුරුදහන් වීම පිණිස හේතු වන්නා වූ කරුණු දෙකයි.

ද්වේ මේ භික්ඛවේ ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මෝසාය අනන්තරධානාය සංවත්තන්ති. කතමේ ද්වේ? සුනික්ඛිත්තඤ්ච පදබ්‍යඤ්ජනං, අත්ථෝ ච සුනීතෝ. සුනික්ඛිත්තස්ස භික්ඛවේ පදබ්‍යඤ්ජනස්ස අත්ථෝපි සුනයෝ හෝති. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ ධම්මා සද්ධම්මස්ස ඨිතියා අසම්මෝසාය අනන්තරධානාය සංවත්තන්තීති.

පින්වත් මහණෙනි, සද්ධර්මයේ (ශාසනයේ) පැවැත්ම පිණිස, විනාශ නො වීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස හේතු වන මේ කාරණා දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? ඉතා යහපත් ලෙස ගලපාගන්නා ලද වචන ප්‍රකාශ කිරීමත්, ඉතා යහපත් ලෙස කරන්නා වූ අර්ථ විග්‍රහයත්ය. පින්වත් මහණෙනි, යහපත් ලෙස ගලපාගන්නා ලද වචන ප්‍රකාශ කරන විට යහපත් අර්ථ මතු වෙනවාමයි. පින්වත් මහණෙනි, මෙය වනාහී සද්ධර්මයේ පැවැත්ම පිණිස, විනාශ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස හේතු වන්නා වූ කරුණු දෙකයි.

අධිකරණවග්ගෝ දුතියෝ.

දෙවෙනි අධිකරණ වර්ගයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_2-1-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M