අංගුත්තර නිකාය

දුක නිපාතෝ

14. (4) සන්ථාරවග්ගෝ

14. (4) සන්ථාර වර්ගය

2.3.14.1.

(සාවත්ථි නිදානං)

සැවැත් නුවරදී …………

38. ද්වේමේ භික්ඛවේ සන්ථාරා. කතමේ ද්වේ: ආමිසසන්ථාරෝ ච ධම්මසන්ථාරෝ ච. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ සන්ථාරා. ඒතදග්ගං භික්ඛවේ ඉමේසං ද්වින්නං සන්ථාරානං යදිදං ධම්මසන්ථාරෝති.

38. පින්වත් මහණෙනි, මේ පැතිරවීම් දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? (සිව්පසය පැතිරවීම නම් වූ) ආමිස පැතිරවීමත්, (තථාගත ශ්‍රී සද්ධර්මය පැතිරවීම නම් වූ) ධර්ම පැතිරවීමත් ය. පින්වත් මහණෙනි, මේ තමයි පැතිරවීම් දෙක. පින්වත් මහණෙනි, මේ පැතිරවීම් දෙක අතුරෙන් යම් ධර්ම පැතිරවීමක් ඇද්ද, මෙන්න මේ ධර්ම පැතිරවීමමයි අග්‍ර වෙන්නෙ.

2.3.14.2.

39. ද්වේමේ භික්ඛවේ පටිසන්ථාරා. කතමේ ද්වේ: ආමිසපටිසන්ථාරෝ ච ධම්මපටිසන්ථාරෝ ච. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ පටිසන්ථාරා. ඒතදග්ගං භික්ඛවේ ඉමේසං ද්වින්නං පටිසන්ථාරානං යදිදං ධම්මපටිසන්ථාරෝති.

39. පින්වත් මහණෙනි, මේ පිළිසඳර දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? (සිව්පසය පිළිසඳර නම් වූ) ආමිස පිළිසඳරත්, (තථාගත ශ්‍රී සද්ධර්මය පිළිසඳර නම් වූ) ධර්ම පිළිසඳරත් ය. පින්වත් මහණෙනි, මේ තමයි පිළිසඳර දෙක. පින්වත් මහණෙනි, මේ පිළිසඳර දෙක අතුරෙන් යම් ධර්ම පිළිසඳරක් ඇද්ද, මෙන්න මේ ධර්ම පිළිසඳරමයි අග්‍ර වෙන්නෙ.

2.3.14.3.

40. ද්වේමා භික්ඛවේ ඒසනා. කතමා ද්වේ: ආමිසේසනා ච ධම්මේසනා ච. ඉමා ඛෝ භික්ඛවේ ද්වේ ඒසනා. ඒතදග්ගං භික්ඛවේ ඉමාසං ද්වින්නං ඒසනානං යදිදං ධම්මේසනාති.

40. පින්වත් මහණෙනි, මේ සෙවීම් දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? (සිව්පසය සෙවීම නම් වූ) ආමිස සෙවීමත්, (තථාගත ශ්‍රී සද්ධර්මය සෙවීම නම් වූ) ධර්මය සෙවීමත් ය. පින්වත් මහණෙනි, මේ තමයි සෙවීම් දෙක. පින්වත් මහණෙනි, මේ සෙවීම් දෙක අතුරෙන් යම් ධර්ම සෙවීමක් ඇද්ද, මෙන්න මේ ධර්ම සෙවීමමයි අග්‍ර වෙන්නෙ.

2.3.14.4.

41. ද්වේමා භික්ඛවේ පරියේසනා. කතමා ද්වේ: ආමිසපරියේසනා ච ධම්මපරියේසනා ච. ඉමා ඛෝ භික්ඛවේ ද්වේ පරියේසනා. ඒතදග්ගං භික්ඛවේ ඉමාසං ද්වින්නං පරියේසනානං යදිදං ධම්මපරියේසනාති.

41. පින්වත් මහණෙනි, මේ පර්යේෂණ දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? (සිව්පසය පර්යේෂණය නම් වූ) ආමිස පර්යේෂණයත්, (තථාගත ශ්‍රී සද්ධර්මය පර්යේෂණය නම් වූ) ධර්ම පර්යේෂණයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි පර්යේෂණ දෙක. පින්වත් මහණෙනි, මේ පර්යේෂණ දෙක අතුරෙන් යම් ධර්ම පර්යේෂණයක් ඇද්ද, මෙන්න මේ ධර්ම පර්යේෂණයමයි අග්‍ර වෙන්නෙ.

2.3.14.5.

42. ද්වේමා භික්ඛවේ පරියෙට්ඨියෝ. කතමා ද්වේ: ආමිසපරියෙට්ඨි ච ධම්මපරියෙට්ඨි ච. ඉමා ඛෝ භික්ඛවේ ද්වේ පරියෙට්ඨියෝ. ඒතදග්ගං භික්ඛවේ ඉමාසං ද්වින්නං පරියෙට්ඨීනං යදිදං ධම්මපරියෙට්ඨීති.

42. පින්වත් මහණෙනි, මේ විශේෂයෙන් සොයා යෑම් දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? (සිව්පසය විශේෂයෙන් සොයා යෑම නම් වූ) ආමිස විශේෂයෙන් සොයා යෑමත්, (තථාගත ශ්‍රී සද්ධර්මය විශේෂයෙන් සොයා යෑම නම් වූ) ධර්මය විශේෂයෙන් සොයා යෑමත් ය. පින්වත් මහණෙනි, මේ තමයි විශේෂයෙන් සොයා යෑම් දෙක. පින්වත් මහණෙනි, මේ විශේෂයෙන් සොයා යෑම් දෙක අතුරෙන් යම් ධර්මය විශේෂයෙන් සොයා යෑමක් ඇද්ද, මෙන්න මේ ධර්මය විශේෂයෙන් සොයා යෑමමයි අග්‍ර වෙන්නෙ.

2.3.14.6.

43. ද්වේමා භික්ඛවේ පූජා. කතමා ද්වේ: ආමිසපූජා ච ධම්මපූජා ච. ඉමා ඛෝ භික්ඛවේ ද්වේ පූජා. ඒතදග්ගං භික්ඛවේ ඉමාසං ද්වින්නං පූජානං යදිදං ධම්මපූජාති.

43. පින්වත් මහණෙනි, මේ පූජා දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? (සිව්පසය පූජාව නම් වූ) ආමිස පූජාත්, (තථාගත ශ්‍රී සද්ධර්මය පූජාව නම් වූ) ධර්මය පූජාවත් ය. පින්වත් මහණෙනි, මේ තමයි පූජා දෙක. පින්වත් මහණෙනි, මේ පූජා දෙක අතුරෙන් යම් ධර්ම පූජාවක් ඇද්ද, මෙන්න මේ ධර්ම පූජාවමයි අග්‍ර වෙන්නෙ.

2.3.14.7.

44. ද්වේමානි භික්ඛවේ ආතිථෙය්‍යානි. කතමානි ද්වේ: ආමිසාතිථෙය්‍යඤ්ච ධම්මාතිථෙය්‍යඤ්ච . ඉමානි ඛෝ භික්ඛවේ ද්වේ ආතිථෙය්‍යානි. ඒතදග්ගං භික්ඛවේ ඉමේසං ද්වින්නං ආතිථෙය්‍යානං යදිදං ධම්මාතිථෙය්‍යන්ති.

44. පින්වත් මහණෙනි, මේ ආගන්තුක සංග්‍රහ දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? (සිව්පසයෙන් ආගන්තුක සංග්‍රහ කිරීම නම් වූ) ආමිසයෙන් ආගන්තුක සංග්‍රහයත්, (තථාගත ශ්‍රී සද්ධර්මයෙන් ආගන්තුක සංග්‍රහ කිරීම නම් වූ) ධර්මයෙන් ආගන්තුක සංග්‍රහයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ආගන්තුක සංග්‍රහ දෙක. පින්වත් මහණෙනි, මේ ආගන්තුක සංග්‍රහ දෙක අතුරෙන් යම් ධර්මයෙන් ආගන්තුක සංග්‍රහයක් ඇද්ද, මෙන්න මේ ධර්ම ආගන්තුක සංග්‍රහයමයි අග්‍ර වෙන්නෙ.

2.3.14.8.

45. ද්වේමා භික්ඛවේ ඉද්ධියෝ. කතමා ද්වේ: ආමිසිද්ධි ච ධම්මිද්ධි ච. ඉමා ඛෝ භික්ඛවේ ද්වේ ඉද්ධියෝ. ඒතදග්ගං භික්ඛවේ ඉමාසං ද්වින්නං ඉද්ධීනං යදිදං ධම්මිද්ධීති.

45. පින්වත් මහණෙනි, මේ ඉර්ධි දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? (සිව්පස ඉර්ධිය නම් වූ) ආමිස ඉර්ධියත්, (තථාගත ශ්‍රී සද්ධර්ම ඉර්ධි නම් වූ) ධර්ම ඉර්ධියත් ය. පින්වත් මහණෙනි, මේ තමයි ඉර්ධි දෙක. පින්වත් මහණෙනි, මේ ඉර්ධි දෙක අතුරෙන් යම් ධර්ම ඉර්ධියක් ඇද්ද, මෙන්න මේ ධර්ම ඉර්ධියමයි අග්‍ර වෙන්නෙ.

2.3.14.9.

46. ද්වේමා භික්ඛවේ වුද්ධියෝ. කතමා ද්වේ: ආමිසවුද්ධි ච ධම්මවුද්ධි ච. ඉමා ඛෝ භික්ඛවේ ද්වේ වුද්ධියෝ. ඒතදග්ගං භික්ඛවේ ඉමාසං ද්වින්නං වුද්ධීනං යදිදං ධම්මවුද්ධීති.

46. පින්වත් මහණෙනි, මේ අභිවෘද්ධි දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? (සිව්පස අභිවෘද්ධිය නම් වූ) ආමිස අභිවෘද්ධියත්, (තථාගත ශ්‍රී සද්ධර්ම අභිවෘද්ධිය නම් වූ) ධර්ම අභිවෘද්ධියත් ය. පින්වත් මහණෙනි, මේ තමයි අභිවෘද්ධි දෙක. පින්වත් මහණෙනි, මේ අභිවෘද්ධි දෙක අතුරෙන් යම් ධර්ම අභිවෘද්ධියක් ඇද්ද, මෙන්න මේ ධර්ම අභිවෘද්ධියමයි අග්‍ර වෙන්නෙ.

2.3.14.10.

47. ද්වේමානි භික්ඛවේ රතනානි. කතමානි ද්වේ: ආමිසරතනඤ්ච ධම්මරතනඤ්ච. ඉමානි ඛෝ භික්ඛවේ ද්වේ රතනානි. ඒතදග්ගං භික්ඛවේ ඉමේසං ද්වින්නං රතනානං යදිදං ධම්මරතනන්ති.

47. පින්වත් මහණෙනි, මේ මාණික්‍ය දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? (සිව්පස මාණික්‍යය නම් වූ) ආමිස මාණික්‍යයත්, (තථාගත ශ්‍රී සද්ධර්ම මාණික්‍යය නම් වූ) ධර්ම මාණික්‍යයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි මාණික්‍ය දෙක. පින්වත් මහණෙනි, මේ මාණික්‍ය දෙක අතුරෙන් යම් ධර්ම මාණික්‍යයක් ඇද්ද, මෙන්න මේ ධර්ම මාණික්‍යයමයි අග්‍ර වෙන්නෙ.

2.3.14.11.

48. ද්වේමේ භික්ඛවේ සන්නිචයා. කතමේ ද්වේ: ආමිසසන්නිචයෝ ච ධම්මසන්නිචයෝ ච. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ සන්නිචයා. ඒතදග්ගං භික්ඛවේ ඉමේසං ද්වින්නං සන්නිචයානං යදිදං ධම්මසන්නිචයෝති.

48. පින්වත් මහණෙනි, මේ රැස්කර ගැනීම් දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? (සිව්පසය රැස්කර ගැනීම නම් වූ) ආමිස රැස්කර ගැනීමත්, (තථාගත ශ්‍රී සද්ධර්මය රැස්කර ගැනීම නම් වූ) ධර්මය රැස්කර ගැනීමත් ය. පින්වත් මහණෙනි, මේ තමයි රැස්කර ගැනීම් දෙක. පින්වත් මහණෙනි, මේ රැස්කර ගැනීම් දෙක අතුරෙන් යම් ධර්මය රැස්කර ගැනීමක් ඇද්ද, මෙන්න මේ ධර්මය රැස්කර ගැනීමමයි අග්‍ර වෙන්නෙ.

2.3.14.12.

49. ද්වේමානි භික්ඛවේ වේපුල්ලානි. කතමානි ද්වේ: ආමිසවේපුල්ලඤ්ච ධම්මවේපුල්ලඤ්ච. ඉමානි ඛෝ භික්ඛවේ ද්වේ වේපුල්ලානි. ඒතදග්ගං භික්ඛවේ ඉමේසං ද්වින්නං වේපුල්ලානං යදිදං ධම්මවේපුල්ලන්ති.

49. පින්වත් මහණෙනි, මේ බොහෝ සෙයින් රැස්කර ගැනීම් දෙකක් තියෙනවා. ඒ දෙක මොනවාද? (සිව්පසය බොහෝ සෙයින් රැස්කර ගැනීම නම් වූ) ආමිස බොහෝ සෙයින් රැස්කර ගැනීමත්, (තථාගත ශ්‍රී සද්ධර්මය බොහෝ සෙයින් රැස්කර ගැනීම නම් වූ) ධර්මය බොහෝ සෙයින් රැස්කර ගැනීමත් ය. පින්වත් මහණෙනි, මේ තමයි බොහෝ සෙයින් රැස්කර ගැනීම් දෙක. පින්වත් මහණෙනි, මේ බොහෝ සෙයින් රැස්කර ගැනීම් දෙක අතුරෙන් යම් ධර්මය බොහෝ සෙයින් රැස්කර ගැනීමක් ඇද්ද, මෙන්න මේ ධර්මය බොහෝ සෙයින් රැස්කර ගැනීමමයි අග්‍ර වෙන්නෙ.

වග්ගෝ චුද්දසමෝ.

දහහතරවෙනි වර්ගයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_2-3-14-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M