අංගුත්තර නිකාය

දුක නිපාතෝ

10. (5) බාලවග්ගෝ

10. (5) බාල වර්ගය

2.2.10.1

(සාවත්ථි නිදානං:)

සැවැත් නුවරදී …………

48. ද්වේමේ භික්ඛවේ බාලා. කතමේ ද්වේ: යෝ ච අනාගතං භාරං වහති, යෝ ච ආගතං භාරං න වහති. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ බාලාති.

පින්වත් මහණෙනි, මේ නුවණ මඳ බාලයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ කවර දෙදෙනෙක්ද යත්? යම් කෙනෙක් (වර්තමාන වගකීම් අත්හරිමින්) තවම ඇති නොවුන අනාගතයට අයත් වගකීම් ගැන සිතට බර ඉසුලාගෙන සිටිනවාද, එමෙන්ම යම් කෙනෙක් (අනාගත වගකීම් ගැන සිත සිතා) දැන් පැමිණ තිබෙන වගකීම් අත්හරිනවාද, පින්වත් මහණෙනි, මේ දෙදෙනාම නුවණ මඳ බාලයන්ය.

2.2.10.2

49. ද්වේමේ භික්ඛවේ පණ්ඩිතා. කතමේ ද්වේ: යෝ ච ආගතං භාරං වහති, යෝ ච අනාගතං භාරං න වහති. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ පණ්ඩිතාති.

49. පින්වත් මහණෙනි, මේ නුවණැතියන් දෙදෙනෙක් ඉන්නවා. ඒ කවර දෙදෙනෙක්ද යත්? යම් කෙනෙක් දැන් පැමිණ ඇති වගකීම් ගැන සිතට බර උසුලාගෙන සිටිනවාද, එමෙන්ම යම් කෙනෙක් තවම ඇති නොවුන අනාගතයට අයත් වගකීම් ගැන සිතේ බර අත්හරිනවාද, පින්වත් මහණෙනි, මේ දෙදෙනා ම නුවණැතියන් ය.

2.2.10.3.

50. ද්වේමේ භික්ඛවේ බාලා. කතමේ ද්වේ: යෝ ච අකප්පියේ කප්පියසඤ්ඤී, යෝ ච කප්පියේ අකප්පියසඤ්ඤී. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ බාලාති.

50. පින්වත් මහණෙනි, මේ නුවණ මඳ බාලයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ කවර දෙදෙනෙක්ද යත්? යම් කෙනෙක් කැප නොවූ දේ පිළිබඳව කැපය යන හැඟීම ඇතිව සිටීද, එමෙන්ම යමෙක් කැප වූ දෙය පිළිබඳව අකැපය යන හැඟීම ඇතිව සිටීද, පින්වත් මහණෙනි, මේ දෙදෙනාම නුවණ මඳ බාලයන්ය.

2.2.10.4

51. ද්වේමේ භික්ඛවේ පණ්ඩිතා. කතමේ ද්වේ: යෝ ච අකප්පියේ අකප්පියසඤ්ඤී, යෝ ච කප්පියේ කප්පියසඤ්ඤී. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ පණ්ඩිතාති.

51. පින්වත් මහණෙනි, මේ නුවණැතියන් දෙදෙනෙක් ඉන්නවා. ඒ කවර දෙදෙනෙක්ද යත්? යම් කෙනෙක් කැප නොවූ දේ පිළිබඳව කැප නැත යන හැඟීම ඇතිව සිටීද, එමෙන්ම යමෙක් කැප වූ දෙය පිළිබඳව කැපය යන හැඟීම ඇතිව සිටීද, පින්වත් මහණෙනි, මේ දෙදෙනාම නුවණැතියන් ය.

2.2.10.5

52. ද්වේමේ භික්ඛවේ බාලා. කතමේ ද්වේ: යෝ ච අනාපත්තියා ආපත්තිසඤ්ඤී, යෝ ච ආපත්තියා අනාපත්තිසඤ්ඤී. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ බාලාති.

52. පින්වත් මහණෙනි, මේ නුවණ මඳ බාලයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ කවර දෙදෙනෙක්ද යත්? යම් කෙනෙක් ආපත්ති නොවූ දේ පිළිබඳව ආපත්ති ඇත යන හැඟීම ඇතිව සිටීද, එමෙන්ම යමෙක් ආපත්ති වූ දෙය පිළිබඳව අනාපත්ති යන හැඟීම ඇතිව සිටීද, පින්වත් මහණෙනි, මේ දෙදෙනාම නුවණ මඳ බාලයන් ය.

2.2.10.6

53. ද්වේමේ භික්ඛවේ පණ්ඩිතා. කතමේ ද්වේ: යෝ ච අනාපත්තියා අනාපත්තිසඤ්ඤී, යෝ ච ආපත්තියා ආපත්තිසඤ්ඤී. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ පණ්ඩිතාති.

53. පින්වත් මහණෙනි, මේ නුවණැතියන් දෙදෙනෙක් ඉන්නවා. ඒ කවර දෙදෙනෙක්ද යත්? යම් කෙනෙක් ආපත්ති නොවූ දේ පිළිබඳව ආපත්ති නැත යන හැඟීම ඇතිව සිටීද, එමෙන්ම යමෙක් ආපත්ති වූ දෙය පිළිබඳව ආපත්ති ඇත යන හැඟීම ඇතිව සිටීද, පින්වත් මහණෙනි, මේ දෙදෙනාම නුවණැතියන්ය.

2.2.10.7

54. ද්වේමේ භික්ඛවේ බාලා. කතමේ ද්වේ: යෝ ච අධම්මේ ධම්මසඤ්ඤී, යෝ ච ධම්මේ අධම්මසඤ්ඤී. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ බාලාති.

54. පින්වත් මහණෙනි, මේ නුවණ මඳ බාලයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ කවර දෙදෙනෙක්ද යත්? යම් කෙනෙක් අධර්මය පිළිබඳව ධර්මය යන හැඟීම ඇතිව සිටීද, එමෙන්ම යමෙක් ධර්මය පිළිබඳව අධර්මය යන හැඟීම ඇතිව සිටීද, පින්වත් මහණෙනි, මේ දෙදෙනාම නුවණ මඳ බාලයන් ය.

2.2.10.8

55. ද්වේමේ භික්ඛවේ පණ්ඩිතා. කතමේ ද්වේ: යෝ ච අධම්මේ අධම්මසඤ්ඤී, යෝ ච ධම්මේ ධම්මසඤ්ඤී. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ පණ්ඩිතාති.

55. පින්වත් මහණෙනි, මේ නුවණැතියන් දෙදෙනෙක් ඉන්නවා. ඒ කවර දෙදෙනෙක්ද යත්? යම් කෙනෙක් අධර්මය පිළිබඳව අධර්මය යන හැඟීම ඇතිව සිටීද, එමෙන්ම යමෙක් ධර්මය පිළිබඳව ධර්මය යන හැඟීම ඇතිව සිටීද, පින්වත් මහණෙනි, මේ දෙදෙනාම නුවණැතියන් ය.

2.2.10.9

56. ද්වේමේ භික්ඛවේ බාලා. කතමේ ද්වේ: යෝ ච අවිනයේ විනයසඤ්ඤී, යෝ ච විනයේ අවිනයසඤ්ඤී. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ බාලාති.

56. පින්වත් මහණෙනි, මේ නුවණ මඳ බාලයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ කවර දෙදෙනෙක්ද යත්? යම් කෙනෙක් අවිනය පිළිබඳව විනය යන හැඟීම ඇතිව සිටීද, එමෙන්ම යමෙක් විනය පිළිබඳව අවිනය යන හැඟීම ඇතිව සිටීද, පින්වත් මහණෙනි, මේ දෙදෙනාම නුවණ මඳ බාලයන් ය.

2.2.10.10

57. ද්වේමේ භික්ඛවේ පණ්ඩිතා. කතමේ ද්වේ: යෝ ච අවිනයේ අවිනයසඤ්ඤී, යෝ ච විනයේ විනයසඤ්ඤී. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ පණ්ඩිතාති.

57. පින්වත් මහණෙනි, මේ නුවණැතියන් දෙදෙනෙක් ඉන්නවා. ඒ කවර දෙදෙනෙක්ද යත්? යම් කෙනෙක් අවිනය පිළිබඳව අවිනය යන හැඟීම ඇතිව සිටීද, එමෙන්ම යමෙක් විනය පිළිබඳව විනය යන හැඟීම ඇතිව සිටීද, පින්වත් මහණෙනි, මේ දෙදෙනාම නුවණැතියන් ය.

2.2.10.11

58. ද්වින්නං භික්ඛවේ ආසවා වඩ්ඪන්ති. කතමේසං ද්වින්නං: යෝ ච න කුක්කුච්චායිතබ්බං කුක්කුච්චායති, යෝ ච කුක්කුච්චායිතබ්බං න කුක්කුච්චායති. ඉමේසං ඛෝ භික්ඛවේ ද්වින්නං ආසවා වඩ්ඪන්තීති.

58. පින්වත් මහණෙනි, දෙදෙනෙකු හට ආශ්‍රවයන් වැඩෙනවා. කවර දෙදෙනෙකුටද යත්? යම් කෙනෙක් සැක නොකළ යුතු කරුණෙහිදී සැක කරයිද, එමෙන්ම යම් කෙනෙක් සැක කළ යුතු කරුණෙහිදී සැක නොකරයිද, පින්වත් මහණෙනි, මේ දෙදෙනාටම ආශ්‍රවයන් වැඩෙනවා.

2.2.10.12

59. ද්වින්නං භික්ඛවේ ආසවා න වඩ්ඪන්ති. කතමේසං ද්වින්නං: යෝ ච න කුක්කුච්චායිතබ්බං න කුක්කුච්චායති, යෝ ච කුක්කුච්චායිතබ්බං කුක්කුච්චායති. ඉමේසං ඛෝ භික්ඛවේ ද්වින්නං ආසවා න වඩ්ඪන්තීති.

59. පින්වත් මහණෙනි, දෙදෙනෙකු හට ආශ්‍රවයන් වැඩෙන්නෙ නෑ. කවර දෙදෙනෙකුටද යත්? යම් කෙනෙක් සැක නොකළ යුතු කරුණෙහිදී සැක නොකරයිද, එමෙන්ම යම් කෙනෙක් සැක කළ යුතු කරුණෙහිදී සැක කරයිද, පින්වත් මහණෙනි, මේ දෙදෙනාටම ආශ්‍රවයන් වැඩෙන්නෙ නෑ.

2.2.10.13

60. ද්වින්නං භික්ඛවේ ආසවා වඩ්ඪන්ති. කතමේසං ද්වින්නං: යෝ ච අකප්පියේ කප්පියසඤ්ඤී, යෝ ච කප්පියේ අකප්පියසඤ්ඤී. ඉමේසං ඛෝ භික්ඛවේ ද්වින්නං ආසවා වඩ්ඪන්තීති.

60. පින්වත් මහණෙනි, දෙදෙනෙකු හට ආශ්‍රවයන් වැඩෙනවා. කවර දෙදෙනෙකුටද යත්? යම් කෙනෙක් අකැප දේ පිළිබඳව කැපය යන හැඟීමෙන් සිටීද, එමෙන්ම යම් කෙනෙක් කැප දේ පිළිබඳව අකැපය යන හැඟීමෙන් සිටීද, පින්වත් මහණෙනි, මේ දෙදෙනාටම ආශ්‍රවයන් වැඩෙනවා.

2.2.10.14

61. ද්වින්නං භික්ඛවේ ආසවා න වඩ්ඪන්ති. කතමේසං ද්වින්නං: යෝ ච අකප්පියේ අකප්පියසඤ්ඤී, යෝ ච කප්පියේ කප්පියසඤ්ඤී. ඉමේසං ඛෝ භික්ඛවේ ද්වින්නං ආසවා න වඩ්ඪන්තීති.

61. පින්වත් මහණෙනි, දෙදෙනෙකු හට ආශ්‍රවයන් වැඩෙන්නෙ නෑ. කවර දෙදෙනෙකුටද යත්? යම් කෙනෙක් අකැප දේ පිළිබඳව අකැපය යන හැඟීමෙන් සිටීද, එමෙන්ම යම් කෙනෙක් කැප දේ පිළිබඳව කැපය යන හැඟීමෙන් සිටීද, පින්වත් මහණෙනි, මේ දෙදෙනාටම ආශ්‍රවයන් වැඩෙන්නෙ නෑ.

2.2.10.15

62. ද්වින්නං භික්ඛවේ ආසවා වඩ්ඪන්ති. කතමේසං ද්වින්නං: යෝ ච අනාපත්තියා ආපත්තිසඤ්ඤී, යෝ ච ආපත්තියා අනාපත්තිසඤ්ඤී. ඉමේසං ඛෝ භික්ඛවේ ද්වින්නං ආසවා වඩ්ඪන්තීති.

62. පින්වත් මහණෙනි, දෙදෙනෙකු හට ආශ්‍රවයන් වැඩෙනවා. කවර දෙදෙනෙකුටද යත්? යම් කෙනෙක් ආපත්ති නොවූ දේ පිළිබඳව ආපත්ති ඇත යන හැඟීමෙන් සිටීද, එමෙන්ම යම් කෙනෙක් ආපත්ති වූ දේ පිළිබඳව අනාපත්ති යන හැඟීමෙන් සිටීද, පින්වත් මහණෙනි, මේ දෙදෙනාටම ආශ්‍රවයන් වැඩෙනවා.

2.2.10.16

63. ද්වින්නං භික්ඛවේ ආසවා න වඩ්ඪන්ති. කතමේසං ද්වින්නං: යෝ ච අනාපත්තියා අනාපත්තිසඤ්ඤී, යෝ ච ආපත්තියා ආපත්තිසඤ්ඤී . ඉමේසං ඛෝ භික්ඛවේ ද්වින්නං ආසවා න වඩ්ඪන්තීති.

63. පින්වත් මහණෙනි, දෙදෙනෙකු හට ආශ්‍රවයන් වැඩෙන්නෙ නෑ. කවර දෙදෙනෙකුටද යත්? යම් කෙනෙක් ආපත්ති නොවූ දේ පිළිබඳව ආපත්ති නැත යන යන හැඟීමෙන් සිටීද, එමෙන්ම යම් කෙනෙක් ආපත්ති වූ දේ පිළිබඳව ආපත්ති ඇත යන හැඟීමෙන් සිටීද, පින්වත් මහණෙනි, මේ දෙදෙනාටම ආශ්‍රවයන් වැඩෙන්නෙ නෑ.

2.2.10.17

64. ද්වින්නං භික්ඛවේ ආසවා වඩ්ඪන්ති. කතමේසං ද්වින්නං: යෝ ච අධම්මේ ධම්මසඤ්ඤී, යෝ ච ධම්මේ අධම්මසඤ්ඤී. ඉමේසං ඛෝ භික්ඛවේ ද්වින්නං ආසවා වඩ්ඪන්තීති.

64. පින්වත් මහණෙනි, දෙදෙනෙකු හට ආශ්‍රවයන් වැඩෙනවා. කවර දෙදෙනෙකුටද යත්? යම් කෙනෙක් අධර්මයෙහි ධර්මය යන හැඟීමෙන් සිටීද, එමෙන්ම යම් කෙනෙක් ධර්මයෙහි අධර්මය යන හැඟීමෙන් සිටීද, පින්වත් මහණෙනි, මේ දෙදෙනාටම ආශ්‍රවයන් වැඩෙනවා.

2.2.10.18

65. ද්වින්නං භික්ඛවේ ආසවා න වඩ්ඪන්ති. කතමේසං ද්වින්නං: යෝ ච අධම්මේ අධම්මසඤ්ඤී, යෝ ච ධම්මේ ධම්මසඤ්ඤී. ඉමේසං ඛෝ භික්ඛවේ ද්වින්නං ආසවා න වඩ්ඪන්තීති.

65. පින්වත් මහණෙනි, දෙදෙනෙකු හට ආශ්‍රවයන් වැඩෙන්නෙ නෑ. කවර දෙදෙනෙකුටද යත්? යම් කෙනෙක් අධර්මයෙහි අධර්මය යන හැඟීමෙන් සිටීද, එමෙන්ම යම් කෙනෙක් ධර්මයෙහි ධර්මය යන හැඟීමෙන් සිටීද, පින්වත් මහණෙනි, මේ දෙදෙනාටම ආශ්‍රවයන් වැඩෙන්නෙ නෑ.

2.2.10.19

66. ද්වින්නං භික්ඛවේ ආසවා වඩ්ඪන්ති. කතමේසං ද්වින්නං: යෝ ච අවිනයේ විනයසඤ්ඤී, යෝ ච විනයේ අවිනයසඤ්ඤී. ඉමේසං ඛෝ භික්ඛවේ ද්වින්නං ආසවා වඩ්ඪන්තීති.

66. පින්වත් මහණෙනි, දෙදෙනෙකු හට ආශ්‍රවයන් වැඩෙනවා. කවර දෙදෙනෙකුටද යත්? යම් කෙනෙක් අවිනයෙහි විනය යන හැඟීමෙන් සිටීද, එමෙන්ම යම් කෙනෙක් විනයෙහි අවිනය යන හැඟීමෙන් සිටීද, පින්වත් මහණෙනි, මේ දෙදෙනාටම ආශ්‍රවයන් වැඩෙනවා.

2.2.10.20

67. ද්වින්නං භික්ඛවේ ආසවා න වඩ්ඪන්ති. කතමේසං ද්වින්නං: යෝ ච අවිනයේ අවිනයසඤ්ඤී, යෝ ච විනයේ විනයසඤ්ඤී. ඉමේසං ඛෝ භික්ඛවේ ද්වින්නං ආසවා න වඩ්ඪන්තීති.

67. පින්වත් මහණෙනි, දෙදෙනෙකු හට ආශ්‍රවයන් වැඩෙන්නෙ නෑ. කවර දෙදෙනෙකුටද යත්? යම් කෙනෙක් අවිනයෙහි අවිනය යන හැඟීමෙන් සිටීද, එමෙන්ම යම් කෙනෙක් විනයෙහි විනය යන හැඟීමෙන් සිටීද, පින්වත් මහණෙනි, මේ දෙදෙනාටම ආශ්‍රවයන් වැඩෙන්නෙ නෑ.

වග්ගෝ දසමෝ.

දහවෙනි වර්ගයයි.

දුතියෝ පණ්ණාසකෝ සමත්තෝ.

දෙවෙනි දෙසුම් පණහ සමාප්තයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_2-2-10-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M