438. සැවැත් නුවර දී …………………
පින්වත් මහණෙනි, මා ඔබට දේශනා කරන්නට යන්නේ ගන්ධබ්බ කායික දෙවියන් ගැනයි. එය සවන් යොමා අසන්න.
පින්වත් මහණෙනි, ගන්ධබ්බ කායික දෙවියන් කවුද? පින්වත් මහණෙනි, මුල් සුවඳට අරක්ගත් දෙවිවරු ඉන්නවා. අරටු සුවඳට අරක්ගත් දෙවිවරු ඉන්නවා. ඵල සුවඳට අරක්ගත් දෙවිවරු ඉන්නවා. සිවි සුවඳට අරක්ගත් දෙවිවරු ඉන්නවා. පොතු සුවඳට අරක්ගත් දෙවිවරු ඉන්නවා. පත්‍ර සුවඳට අරක්ගත් දෙවිවරු ඉන්නවා. මල් සුවඳට අරක්ගත් දෙවිවරු ඉන්නවා. පළතුරු සුවඳට අරක්ගත් දෙවිවරු ඉන්නවා. රස සුවඳට අරක්ගත් දෙවිවරු ඉන්නවා. සුවඳ සුවඳට අරක්ගත් දෙවිවරු ඉන්නවා. පින්වත් මහණෙනි, මේ ඇත්තන්ට කියන්නේ ගන්ධබ්බකායික දෙවියන් කියලයි.
සාදු! සාදු!! සාදු!!!
සුද්ධික සූත්‍රය නිමා විය.
439. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු ගන්ධබ්බකායික දෙවියන් හා එක්වීමකට උපදිනවා නම්, එයට හේතුව කුමක්ද? කාරණාව කුමක්ද?”
“පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් කෙනෙක් කයින් සුචරිතයෙහි යෙදෙනවා. වචනයෙන් සුචරිතයෙහි යෙදෙනවා. මනසින් සුචරිතයෙහි යෙදෙනවා. ඔහුට මෙහෙම අහන්ට ලැබෙනවා. ‘ගන්ධබ්බකායික දෙවියන් දීර්ඝායුෂයෙන් යුක්තයි. වර්ණවත්. සැප බහුලයි’ කියලා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘අනේ, ඇත්තෙන් ම මාත් කය බිඳී මැරුණට පස්සේ ගන්ධබ්බකායික දෙවියන් හා එකතුවීමකට උපදිනවා නම්’ කියලා. ඉතින් ඔහු කය බිඳී මරණින් මතු ගන්ධබ්බකායික දෙවියන් හා එක්වීමකට උපදිනවා.
පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු ගන්ධබ්බකායික දෙවියන් හා එක්වීමකට උපදිනවා නම්, එයට හේතුව මේකයි. කාරණාව මේකයි.”
සාදු! සාදු!! සාදු!!!
සුචරිත සූත්‍රය නිමා විය.
440. සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු මුල් සුවඳට අරක් ගත් දෙවියන් හා එක්වීමකට උපදිනවා නම්, එයට හේතුව කුමක්ද? කාරණාව කුමක්ද?”
“පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් කෙනෙක් කයින් සුචරිතයෙහි යෙදෙනවා. වචනයෙන් සුචරිතයෙහි යෙදෙනවා. මනසින් සුචරිතයෙහි යෙදෙනවා. ඔහුට මෙහෙම අසන්නට ලැබෙනවා. ‘මුල් සුවඳට අරක් ගත් දෙවියන් දීර්ඝායුෂයෙන් යුක්තයි. වර්ණවත්. සැප බහුලයි’ කියලා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘අනේ, ඇත්තෙන් ම මාත් කය බිඳී මැරුණට පස්සේ මුල් සුවඳට අරක් ගත් දෙවියන් හා එකතු වීමකට උපදිනවා නම්’ කියලා. ඔහු මුල් සුවඳ දන් දෙනවා. ඉතින් ඔහු කය බිඳී මරණින් මතු මුල් සුවඳට අරක්ගත් දෙවියන් හා එක්වීමකට උපදිනවා.
පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු මුල් සුවඳට අරක් ගත් දෙවියන් හා එක් වීමකට උපදිනවා නම්, එයට හේතුව මේකයි. කාරණාව මේකයි.”
සාදු! සාදු!! සාදු!!!
මූලගන්ධ සූත්‍රය නිමා විය.
441.-449 සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු අරටු සුවඳට අරක් ගත් දෙවියන් හා එක්වීමකට උපදිනවා නම්, එයට හේතුව කුමක්ද? කාරණාව කුමක්ද?”
“පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් කෙනෙක් කයින් සුචරිතයෙහි යෙදෙනවා. වචනයෙන් සුචරිතයෙහි යෙදෙනවා. මනසින් සුචරිතයෙහි යෙදෙනවා. ඔහුට මෙහෙම අසන්නට ලැබෙනවා. ‘අරටු සුවඳට අරක් ගත් දෙවියන් දීර්ඝායුෂයෙන් යුක්තයි. වර්ණවත්. සැප බහුලයි’ කියලා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘අනේ, ඇත්තෙන් ම මාත් කය බිඳී මැරුණට පස්සේ අරටු සුවඳට අරක් ගත් දෙවියන් හා එකතු වීමකට උපදිනවා නම්’ කියලා. ඔහු අරටු සුවඳ දන් දෙනවා …. (පෙ) …. ඔහු ඵල සුවඳ දන් දෙනවා …. (පෙ) …. ඔහු සිවි සුවඳ දන් දෙනවා …. (පෙ) …. ඔහු පොතු සුවඳ දන් දෙනවා …. (පෙ) …. ඔහු පත්‍ර සුවඳ දන් දෙනවා …. (පෙ) …. ඔහු මල් සුවඳ දන් දෙනවා …. (පෙ) …. ඔහු පළතුරු සුවඳ දන් දෙනවා …. (පෙ) …. ඔහු රස සුවඳ දන් දෙනවා …. (පෙ) …. ඔහු සුවඳ සුවඳ දන් දෙනවා. ඉතින් ඔහු කය බිඳී මරණින් මතු සුවඳ සුවඳට අරක්ගත් දෙවියන් හා එක්වීමකට උපදිනවා.
පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු සුවඳ සුවඳට අරක් ගත් දෙවියන් හා එක් වීමකට උපදිනවා නම්, එයට හේතුව මේකයි. කාරණාව මේකයි.”
සාදු! සාදු!! සාදු!!!
සාරගන්ධාදී සූත්‍ර නිමා විය.
450.-459 සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩි වුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු මුල් සුවඳට අරක් ගත් දෙවියන් හා එක්වීමකට උපදිනවා නම්, එයට හේතුව කුමක්ද? කාරණාව කුමක්ද?”
“පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් කෙනෙක් කයින් සුචරිතයෙහි යෙදෙනවා. වචනයෙන් සුචරිතයෙහි යෙදෙනවා. මනසින් සුචරිතයෙහි යෙදෙනවා. ඔහුට මෙහෙම අසන්නට ලැබෙනවා. ‘මුල් සුවඳට අරක් ගත් දෙවියන් දීර්ඝායුෂයෙන් යුක්තයි. වර්ණවත්. සැප බහුලයි’ කියලා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘අනේ, ඇත්තෙන් ම මාත් කය බිඳී මැරුණට පස්සේ මුල් සුවඳට අරක් ගත් දෙවියන් හා එකතු වීමකට උපදිනවා නම්’ කියලා. ඔහු ආහාර දන් දෙනවා …. (පෙ) …. පානය කරන ජාති දන් දෙනවා …. (පෙ) …. වස්ත්‍ර දන් දෙනවා …. (පෙ) …. පාවහන් දන් දෙනවා …. (පෙ) …. මල් දන් දෙනවා …. (පෙ) …. සුවඳ දන් දෙනවා …. (පෙ) …. විලවුන් දන් දෙනවා …. (පෙ) …. සේනාසන දන් දෙනවා …. (පෙ) …. ආවාස දන් දෙනවා …. (පෙ) …. පහන් දල්වන උපකරණ දන් දෙනවා. ඉතින් ඔහු කය බිඳී මරණින් මතු මුල් සුවඳට අරක්ගත් දෙවියන් හා එක්වීමකට උපදිනවා.
පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු මුල් සුවඳට අරක් ගත් දෙවියන් හා එක්වීමකට උපදිනවා නම්, එයට හේතුව මේකයි. කාරණාව මේකයි.”
සාදු! සාදු!! සාදු!!!
අන්නදානාදී මූලගන්ධ සූත්‍ර නිමා විය.
460.-549 සැවැත් නුවර දී …………………
එකත්පස්ව වාඩිවුණ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ස්වාමීනි, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු අරටු සුවඳට අරක් ගත් දෙවියන් හා එක් වීමකට උපදිනවා නම්, එයට හේතුව කුමක්ද? කාරණාව කුමක්ද? …. (පෙ) …. ඵල සුවඳට අරක් ගත් දෙවියන් …. (පෙ) …. සිවි සුවඳට අරක් ගත් දෙවියන් …. (පෙ) …. පොතු සුවඳට අරක් ගත් දෙවියන් …. (පෙ) …. පත්‍ර සුවඳට අරක් ගත් දෙවියන් …. (පෙ) …. මල් සුවඳට අරක් ගත් දෙවියන් …. (පෙ) …. පළතුරු සුවඳට අරක් ගත් දෙවියන් …. (පෙ) …. රස සුවඳට අරක් ගත් දෙවියන් …. (පෙ) …. සුවඳ සුවඳට අරක් ගත් දෙවියන් හා එක් වීමකට උපදිනවා නම්, එයට හේතුව කුමක්ද? කාරණාව කුමක්ද?”
“පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් කෙනෙක් කයින් සුචරිතයෙහි යෙදෙනවා. වචනයෙන් සුචරිතයෙහි යෙදෙනවා. මනසින් සුචරිතයෙහි යෙදෙනවා. ඔහුට මෙහෙම අසන්නට ලැබෙනවා. ‘සුවඳ සුවඳට අරක් ගත් දෙවියන් දීර්ඝායුෂයෙන් යුක්තයි. වර්ණවත්. සැප බහුලයි’ කියලා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘අනේ, ඇත්තෙන් ම මාත් කය බිඳී මැරුණට පස්සේ සුවඳ සුවඳට අරක් ගත් දෙවියන් හා එකතු වීමකට උපදිනවා නම්’ කියලා. ඔහු ආහාර දන් දෙනවා …. (පෙ) …. පානය කරන ජාති දන් දෙනවා …. (පෙ) …. වස්ත්‍ර දන් දෙනවා …. (පෙ) …. පාවහන් දන් දෙනවා …. (පෙ) …. මල් දන් දෙනවා …. (පෙ) …. සුවඳ දන් දෙනවා …. (පෙ) …. විලවුන් දන් දෙනවා …. (පෙ) …. සේනාසන දන් දෙනවා …. (පෙ) …. ආවාස දන් දෙනවා …. (පෙ) …. පහන් දල්වන උපකරණ දන් දෙනවා. ඉතින් ඔහු කය බිඳී මරණින් මතු සුවඳ සුවඳට අරක්ගත් දෙවියන් හා එක්වීමකට උපදිනවා.
පින්වත් භික්ෂුව, මෙහි ඇතැම් උදවිය යම් කරුණක් නිසා කය බිඳී මරණින් මතු සුවඳ සුවඳට අරක් ගත් දෙවියන් හා එක්වීමකට උපදිනවා නම්, එයට හේතුව මේකයි. කාරණාව මේකයි.”
සාදු! සාදු!! සාදු!!!
අන්නදානාදී සාරගන්ධාදී සූත්‍ර නිමා විය.
(මෙසේ කැටිකොට එකසිය දොළහක් සූත්‍රයන් වෙයි.)
පළමු වෙනි ගන්ධබ්බ වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
සුද්ධික සූත්‍රය, සුචරිත සූත්‍රය, දන් දීම ගැන සූත්‍ර දහය, දානූපකාර සූත්‍ර දහය බැගින් දහයයි යන සූත්‍ර එකසිය දොළහ ගන්ධබ්බ වර්ගයට අයත් වේ.
ගන්ධබ්බකාය සංයුත්තය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn3_10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M