518. පෘථග්ජන සත්වයන් ඉන්නෙ අවිද්‍යාවෙන් වැහිලා. ඒ නිසා ඒගොල්ල ඇලී වසන්නෙ ජරා මරණවලින් යුක්ත දුකට බව නුවණැති භික්ෂුව දන්නවා. ඉතින් ඒ භික්ෂුවට පුළුවන් ඒ දුක සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න. ඔහුට පුළුවන් ඉතා හොඳ සිහියෙන් ධ්‍යාන වඩන්න. ඒ භික්ෂුවට ඊට වඩා වෙන උතුම් සතුටක් නෑ.
519. මේ තෘෂ්ණාව නම් දුකටමයි ඇදගෙන යන්නෙ. කෙලෙස් එක්ක ගැටගැහිලා දුකමයි ඇති කරන්නෙ. ඒ භික්ෂුවට පුළුවන් වුණා. ඒ තණ්හාව නැති කරගන්න. ඉතා හොඳ සිහියෙන් ධ්‍යාන වඩන්න පුළුවන් වුණා. එයාට ඉතින් ඊට වඩා වෙන උතුම් සතුටක් නෑ.
520. කෙලෙස් සෝදන උතුම් නිවන් මග සුන්දර එකක්. ඒ භික්ෂුව ඒ උතුම් නිවන් මග ප්‍රඥාවෙන් දැකගත්තා. ඉතා හොඳ සිහියෙන් ධ්‍යාන වඩනවා. එයාට ඉතින් ඊට වඩා වෙන උතුම් සතුටක් නෑ.
521. ශාන්ත නිවන තුළ කිසිම ශෝකයක් නෑ. කෙලෙස් නෑ. ඒක සකස් නොවුණ දෙයක්. කෙලෙස් සෝදන, බන්ධන නැති කරන නිවනට පැමිණියා. එයාට ඉතින් ඊට වඩා වෙන උතුම් සතුටක් නම් නෑ.
522. අහස ගොරවනවා. අහස පුරාම වැස්ස වහිනවා. එතකොට ඒ භික්ෂුව ඉන්නෙ කන්දෙ ගුහාවක. ඉතා හොඳ සිහියෙන් ධ්‍යාන වඩනවා. එයාට ඉතින් ඊට වඩා වෙන උතුම් සතුටක් නම් නෑ.
523. වනමල් හරි ම ලස්සනයි. ඒ මල් පොකුරු සුළඟින් ගැලවිලා ගිහින් ගං තෙරේ විසිරෙනවා. එතකොට ඒ භික්ෂුව ගං තෙරේ ඉඳගෙන ධ්‍යාන වඩනවා. එයාට ඉතින් ඊට වඩා වෙන උතුම් සතුටක් නම් නෑ.
524. මහා වනාන්තරේට රෑට වැස්ස වහිනවා. ඒ වෙලාවට ඇත්තු කුංචනාද කරනවා. එතකොට කන්දෙ ගුහාවෙ ඉන්න භික්ෂුව ධ්‍යාන වඩනවා. එයාට ඉතින් ඊට වඩා වෙන සතුටක් නම් නෑ.
525. ඒ භික්ෂුව ඉන්නෙ හැම අකුසල විතර්කයක්ම දුරු කරල. කිසි කෙලෙස් පීඩාවක් නැතිව. කෙලෙස් හුල් නැතිව. කන්දෙ ගල්ලෙනේ ඉඳගෙන ධ්‍යාන වඩන කොට, ඉතින් එයාට ඊට වඩා වෙන උතුම් සතුටක් නම් නෑ.
526. අවිද්‍යා මලකඩ නැති, ශෝක හුල් නැති, පීඩා නැති, තෘෂ්ණා නැති, කෙලෙස් හුල් නැති, සියලු ආශ්‍රවයන්ගෙන් නිදහස් වූ සුවපත් වූ සිත් ඇති ඒ භික්ෂුව ධ්‍යාන වඩනවා. එයාට ඉතින් ඊට වඩා වෙන උතුම් සතුටක් නම් නෑ.
මෙය වනාහී ආයුෂ්මත් භූත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
නවවෙනි නිපාතය නිමා විය.
(ගාථා නවය බැගින් වදාළ කොටස නිමා විය)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M