අංගුත්තර නිකාය

පඤ්චක නිපාතෝ

27. වග්ගාතිරේක සුත්තානි

27. වර්ග අතිරේක සූත්‍රයෝ

භත්තුද්දේසක සූත්‍රය

භත්තුද්දේසක භික්ෂුව ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

1. මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භත්තුද්දේසක භික්ෂුව සම්මත නොකළ යුත්තේ ය. ඒ කවර කරුණු පසකින් ද යත්;

ඡන්දයෙන් අගතියට යයි. ද්වේෂයෙන් අගතියට යයි. මෝහයෙන් අගතියට යයි. භයෙන් අගතියට යයි. උදෙසන ලද බව හෝ නොඋදෙසන ලද බව හෝ නොදනියි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භත්තුද්දේසක භික්ෂුව සම්මත නොකළ යුත්තේ ය.

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භත්තුද්දේසක භික්ෂුව සම්මත කළ යුත්තේ ය. ඒ කවර කරුණු පසකින් ද යත්;

ඡන්දයෙන් අගතියට නොයයි. ද්වේෂයෙන් අගතියට නොයයි. මෝහයෙන් අගතියට නොයයි. භයෙන් අගතියට නොයයි. උදෙසන ලද බව හෝ නොඋදෙසන ලද බව හෝ දනියි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භත්තුද්දේසක භික්ෂුව සම්මත කළ යුත්තේ ය.

දුතිය භත්තුද්දේසකාදි සූත්‍රයෝ

දෙවෙනි භත්තුද්දේසක භික්ෂුව ආදී දෙසුම්

සැවැත් නුවර දී ය …..

2-5 මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භත්තුද්දේසක භික්ෂුව සම්මත නොකළ යුත්තේ ය. සම්මත කළේ නමුත් බත් උදෙසනු සඳහා නොයැවිය යුත්තේ ය. (ඒ කවර කරුණු පසකින් ද යත්; ඡන්දයෙන් අගතියට යයි.) ….(පෙ)….

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භත්තුද්දේසක භික්ෂුව සම්මත කළ යුත්තේ ය. සම්මත වූයේ බත් උදෙසනු සඳහා යැවිය යුත්තේ ය. (ඒ කවර කරුණු පසකින් ද යත්; ඡන්දයෙන් අගතියට නොයයි.) ….(පෙ)….

(මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භත්තුද්දේසක භික්ෂුව) බාලයෙක් යැයි දත යුත්තේ ය. (ඒ කවර කරුණු පසකින් ද යත්; ඡන්දයෙන් අගතියට යයි.) ….(පෙ)….

(මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භත්තුද්දේසක භික්ෂුව) නුවණැත්තෙක් යැයි දත යුත්තේ ය. (ඒ කවර කරුණු පසකින් ද යත්; ඡන්දයෙන් අගතියට නොයයි.) ….(පෙ)….

(මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භත්තුද්දේසක භික්ෂුව) සාරා ගත් ගුණ ඇති වැනසුණු ජීවිතයක් පරිහරණය කරයි. (ඒ කවර කරුණු පසකින් ද යත්; ඡන්දයෙන් අගතියට යයි.) ….(පෙ)….

(මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භත්තුද්දේසක භික්ෂුව) සාරා නොගත් ගුණ ඇති නොවැනසුණු ජීවිතයක් පරිහරණය කරයි. (ඒ කවර කරුණු පසකින් ද යත්; ඡන්දයෙන් අගතියට නොයයි.) ….(පෙ)….

(මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භත්තුද්දේසක භික්ෂුව) ඔසොවා ගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදියි. (ඒ කවර කරුණු පසකින් ද යත්; ඡන්දයෙන් අගතියට යයි.) ….(පෙ)….

(මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භත්තුද්දේසක භික්ෂුව) ඔසොවා ගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදියි. (ඒ කවර කරුණු පසකින් ද යත්;

ඡන්දයෙන් අගතියට නොයයි. ද්වේෂයෙන් අගතියට නොයයි. මෝහයෙන් අගතියට නොයයි. භයෙන් අගතියට නොයයි. උදෙසන ලද බව හෝ නොඋදෙසන ලද බව හෝ දනියි. මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත භත්තුද්දේසක භික්ෂුව ඔසොවා ගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදියි.

සේනාසනපඤ්ඤාපකාදී සූත්‍රයෝ

සෙනසුන් පණවන භික්ෂුව ගැන වදාළ දෙසුම ආදී දෙසුම්

සැවැත් නුවර දී ය …..

6. මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ සෙනසුන් පණවන භික්ෂුව සම්මත නොකළ යුත්තේ ය. ඒ කවර කරුණු පසකින් ද යත්;

ඡන්දයෙන් අගතියට යයි. ද්වේෂයෙන් අගතියට යයි. මෝහයෙන් අගතියට යයි. භයෙන් අගතියට යයි. පණවන ලද හෝ නොපණවන ලද හෝ බව නොදනියි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ සෙනසුන් පණවන භික්ෂුව සම්මත නොකළ යුත්තේ ය.

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ සෙනසුන් පණවන භික්ෂුව සම්මත කළ යුත්තේ ය. ඒ කවර කරුණු පසකින් ද යත්;

ඡන්දයෙන් අගතියට නොයයි. ද්වේෂයෙන් අගතියට නොයයි. මෝහයෙන් අගතියට නොයයි. භයෙන් අගතියට නොයයි. පණවන ලද හෝ නොපණවන ලද හෝ බව දනියි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ සෙනසුන් ගන්වන භික්ෂුව සම්මත කළ යුත්තේ ය.

7. මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ සෙනසුන් ගන්වන භික්ෂුව සම්මත නොකළ යුත්තේ ය. (ඡන්දයෙන් අගතියට යයි.) ….(පෙ)…. සෙනසුන ගත් නොගත් බව නොදනියි. ….(පෙ)….

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ සෙනසුන් ගන්නා භික්ෂුව සම්මත කළ යුත්තේ ය. (ඡන්දයෙන් අගතියට නොයයි.) ….(පෙ)…. සෙනසුන ගත් නොගත් බව දනියි. ….(පෙ)….

8. මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භාණ්ඩාගාරික භික්ෂුව සම්මත නොකළ යුත්තේ ය. (ඡන්දයෙන් අගතියට යයි.) ….(පෙ)…. නොවසන ලද වසන ලද බඩු ගැන නොදනියි. ….(පෙ)….

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භාණ්ඩාගාරික භික්ෂුව සම්මත කළ යුත්තේ ය. (ඡන්දයෙන් අගතියට නොයයි.) ….(පෙ)…. නොවසන ලද වසන ලද බඩු ගැන දනියි ….(පෙ)….

9. මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ සිවුරු පිළිගන්නා භික්ෂුව සම්මත නොකළ යුත්තේ ය. (ඡන්දයෙන් අගතියට යයි.) ….(පෙ)…. පිළිගත් නොගත් බව නොදනියි. ….(පෙ)….

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ සිවුරු පිළිගන්නා භික්ෂුව සම්මත කළ යුත්තේ ය. (ඡන්දයෙන් අගතියට නොයයි.) ….(පෙ)…. පිළිගත් නොගත් බව දනියි ….(පෙ)….

10. මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ සිවුරු බෙදන භික්ෂුව සම්මත නොකළ යුත්තේ ය. (ඡන්දයෙන් අගතියට යයි.) ….(පෙ)…. බෙදූ නොබෙදූ බව නොදනියි. ….(පෙ)….

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ සිවුරු බෙදන භික්ෂුව සම්මත කළ යුත්තේ ය. (ඡන්දයෙන් අගතියට නොයයි.) ….(පෙ)…. බෙදූ නොබෙදූ බව දනියි ….(පෙ)….

11. මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ කැඳ බෙදන භික්ෂුව සම්මත නොකළ යුත්තේ ය. (ඡන්දයෙන් අගතියට යයි.) ….(පෙ)…. බෙදූ නොබෙදූ බව නොදනියි. ….(පෙ)….

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ කැඳ බෙදන භික්ෂුව සම්මත කළ යුත්තේ ය. (ඡන්දයෙන් අගතියට නොයයි.) ….(පෙ)…. බෙදූ නොබෙදූ බව දනියි ….(පෙ)….

12. මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ පළතුරු බෙදන භික්ෂුව සම්මත නොකළ යුත්තේ ය. (ඡන්දයෙන් අගතියට යයි.) ….(පෙ)…. බෙදූ නොබෙදූ බව නොදනියි. ….(පෙ)….

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ පළතුරු බෙදන භික්ෂුව සම්මත කළ යුත්තේ ය. (ඡන්දයෙන් අගතියට නොයයි.) ….(පෙ)…. බෙදූ නොබෙදූ බව දනියි ….(පෙ)….

13. මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ කැවිලි බෙදන භික්ෂුව සම්මත නොකළ යුත්තේ ය. (ඡන්දයෙන් අගතියට යයි.) ….(පෙ)…. බෙදූ නොබෙදූ බව නොදනියි. ….(පෙ)….

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ කැවිලි බෙදන භික්ෂුව සම්මත කළ යුත්තේ ය. (ඡන්දයෙන් අගතියට නොයයි.) ….(පෙ)…. බෙදූ නොබෙදූ බව දනියි ….(පෙ)….

14. මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ සුළු පිරිකර බෙදන භික්ෂුව සම්මත නොකළ යුත්තේ ය. (ඡන්දයෙන් අගතියට යයි.) ….(පෙ)…. බෙදූ නොබෙදූ බව නොදනියි. ….(පෙ)….

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ සුළු පිරිකර බෙදන භික්ෂුව සම්මත කළ යුත්තේ ය. (ඡන්දයෙන් අගතියට නොයයි.) ….(පෙ)…. බෙදූ නොබෙදූ බව දනියි ….(පෙ)….

15. මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ වැසි සළු පිළිගන්වන භික්ෂුව සම්මත නොකළ යුත්තේ ය. (ඡන්දයෙන් අගතියට යයි.) ….(පෙ)…. ගත් නොගත් බව නොදනියි. ….(පෙ)….

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ වැසි සළු පිළිගන්වන භික්ෂුව සම්මත කළ යුත්තේ ය. (ඡන්දයෙන් අගතියට නොයයි.) ….(පෙ)…. ගත් නොගත් බව දනියි ….(පෙ)….

16. මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ පාත්‍ර පිළිගන්වන භික්ෂුව සම්මත නොකළ යුත්තේ ය. (ඡන්දයෙන් අගතියට යයි.) ….(පෙ)…. ගත් නොගත් බව නොදනියි. ….(පෙ)….

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ පාත්‍ර පිළිගන්වන භික්ෂුව සම්මත කළ යුත්තේ ය. (ඡන්දයෙන් අගතියට නොයයි.) ….(පෙ)…. ගත් නොගත් බව දනියි ….(පෙ)….

17. මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ආරාමිකයන් මෙහෙයවන භික්ෂුව සම්මත නොකළ යුත්තේ ය. (ඡන්දයෙන් අගතියට යයි.) ….(පෙ)…. මෙහෙය වූ නොමෙහෙය වූ බව නොදනියි. ….(පෙ)….

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ආරාමිකයන් මෙහෙයවන භික්ෂුව සම්මත කළ යුත්තේ ය. (ඡන්දයෙන් අගතියට නොයයි.) ….(පෙ)…. මෙහෙය වූ නොමෙහෙය වූ බව දනියි ….(පෙ)….

18. මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ සාමණේරයන් මෙහෙයවන භික්ෂුව සම්මත නොකළ යුත්තේ ය. (ඡන්දයෙන් අගතියට යයි.) ….(පෙ)…. මෙහෙය වූ නොමෙහෙය වූ බව නොදනියි. ….(පෙ)….

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ සාමණේරයන් මෙහෙයවන භික්ෂුව සම්මත කළ යුත්තේ ය. (ඡන්දයෙන් අගතියට නොයයි.) ….(පෙ)…. මෙහෙය වූ නොමෙහෙය වූ බව දනියි ….(පෙ)….

19. මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ සාමණේරයන් මෙහෙයවන භික්ෂුව සම්මත නොකළ යුත්තේ ය. සම්මත කළේ නමුත් නොයැවිය යුත්තේ ය. ….(පෙ)….

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ සාමණේරයන් මෙහෙයවන භික්ෂුව සම්මත කළ යුත්තේ ය. සම්මත කළේ යැවිය යුත්තේ ය. ….(පෙ)….

20. (මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ සාමණේරයන් මෙහෙයවන භික්ෂුව) බාලයෙක් යැයි දත යුත්තේ ය. (….(පෙ)…. ඡන්දයෙන් අගතියට යයි ….(පෙ)….)

(මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ සාමණේරයන් මෙහෙයවන භික්ෂුව) නුවණැත්තෙක් යැයි දත යුත්තේ ය. (….(පෙ)…. ඡන්දයෙන් අගතියට නොයයි ….(පෙ)…. මෙහෙය වූ නොමෙහෙය වූ හෙරණුන් ගැන දනියි.)

21. (මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ සාමණේරයන් මෙහෙයවන භික්ෂුව) සාරා ගත් ගුණ ඇති වනසා ගත් ජීවිතයක් පරිහරණය කරයි. (….(පෙ)…. ඡන්දයෙන් අගතියට යයි ….(පෙ)…. )

(මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ සාමණේරයන් මෙහෙයවන භික්ෂුව) සාරා නොගත් ගුණ ඇති නොවනසා ගත් ජීවිතයක් පරිහරණය කරයි. (….(පෙ)…. ඡන්දයෙන් අගතියට නොයයි ….(පෙ)…. මෙහෙය වූ නොමෙහෙය වූ හෙරණුන් ගැන දනියි.)

22. (මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ සාමණේරයන් මෙහෙයවන භික්ෂුව) ඔසොවා ගෙන පැමිණි බරක් බිම තබනා සෙයින් නිරයෙහි උපදියි (….(පෙ)…. ඡන්දයෙන් අගතියට යයි ….(පෙ)…. )

(මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ සාමණේරයන් මෙහෙයවන භික්ෂුව) ඔසොවා ගෙන පැමිණි බරක් බිම තබනා සෙයින් සුගතියෙහි උපදියි. ඒ කවර කරුණු පහකින් ද යත්;

ඡන්දයෙන් අගතියට නොයයි. ද්වේෂයෙන් අගතියට නොයයි. මෝහයෙන් අගතියට නොයයි. භයෙන් අගතියට නොයයි. මෙහෙය වූ නොමෙහෙය වූ හෙරණුන් ගැන දනියි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ සාමණේරයන් මෙහෙයවන භික්ෂුව ඔසොවා ගෙන පැමිණි බරක් බිම තබනා සෙයින් සුගතියෙහි උපදියි.

භික්ඛු සූත්‍රය

භික්ෂුව ගැන වදළ දෙසුම

සැවැත් නුවර දී ය …..

1. මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව ඔසොවා ගෙන පැමිණි බරක් බිම තබනා සෙයින් නිරයෙහි උපදියි. ඒ කවර කරුණු පසකින් ද යත්;

සතුන් මරන්නේ වෙයි, සොරකම් කරන්නේ වෙයි. අබ්‍රහ්මචාරී වෙයි. බොරු කියන්නේ වෙයි. මත්වීමට හා ප්‍රමාදයට හේතුවෙන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව ඔසොවා ගෙන පැමිණි බරක් බිම තබනා සෙයින් නිරයෙහි උපදියි.

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුව ඔසොවා ගෙන පැමිණි බරක් බිම තබනා සෙයින් සුගතියෙහි උපදියි. ඒ කවර කරුණු පසකින් ද යත්;

සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි, සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයි. අබ්‍රහ්මචරියාවෙන් වැළකුණේ වෙයි. බොරු කීමෙන් වැළකුණේ වෙයි. මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණේ වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ භික්ෂුව ඔසොවා ගෙන පැමිණි බරක් බිම තබනා සෙයින් සුගතියෙහි උපදියි.

භික්ඛුණී සූත්‍රාදිය

භික්ෂුණිය ගැන වදාළ දෙසුම ආදී දෙසුම්

සැවැත් නුවර දී ය …..

2.-7 මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ භික්ෂුණිය ….(පෙ)…. සික්ඛමානාව ….(පෙ)…. සාමණේරයා ….(පෙ)…. සාමණේරිය ….(පෙ)…. උපාසකයා ….(පෙ)…. උපාසිකාව ඔසොවා ගෙන පැමිණි බරක් බිම තබනා සෙයින් නිරයෙහි උපදින්නී ය. ඒ කවර කරුණු පසකින් ද යත්;

සතුන් මරන්නී වෙයි, සොරකම් කරන්නී වෙයි. වැරදි කාමසේවනයේ යෙදුනී වෙයි. බොරු කියන්නී වෙයි. මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නී වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ උපාසිකාව ඔසොවා ගෙන පැමිණි බරක් බිම තබනා සෙයින් නිරයෙහි උපදින්නීය.

මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ උපාසිකාව ඔසොවා ගෙන පැමිණි බරක් බිම තබනා සෙයින් සුගතියෙහි උපදින්නී ය. ඒ කවර කරුණු පසකින් ද යත්;

සතුන් මැරීමෙන් වැළකුණී වෙයි, සොරකම් කිරීමෙන් වැළකුණී වෙයි. වැරදි කාම සේවනයෙන් වැළකුණී වෙයි. බොරු කීමෙන් වැළකුණී වෙයි. මත්වීම හා ප්‍රමාදයට හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණී වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ උපාසිකාව ඔසොවා ගෙන පැමිණි බරක් බිම තබනා සෙයින් සුගතියෙහි උපදින්නී ය.

ආජීවක සූත්‍රය

ආජීවකයා ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

8. මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ආජීවකයා ඔසොවා ගෙන පැමිණි බරක් බිම තබනා සෙයින් නිරයෙහි උපදියි. ඒ කවර කරුණු පසකින් ද යත්;

සතුන් මරන්නේ වෙයි, සොරකම් කරන්නේ වෙයි. අබ්‍රහ්මචාරී වෙයි. බොරු කියන්නේ වෙයි. මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ ආජීවකයා ඔසොවා ගෙන පැමිණි බරක් බිම තබනා සෙයින් නිරයෙහි උපදියි.

නිගණ්ඨ සූත්‍රාදිය

නිගණ්ඨයා ගැන වදාළ දෙසුම ආදී දෙසුම්

සැවැත් නුවර දී ය …..

9-17. මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ නිගණ්ඨයා ….(පෙ)…. නිගණ්ඨ ශ්‍රාවකයා ….(පෙ)…. ජටිලයා ….(පෙ)…. පරිබ්‍රාජකයා ….(පෙ)…. මාගන්දිකයා ….(පෙ)…. තේදණ්ඩිකයා ….(පෙ)…. ආරුද්ධක තීර්ථකයා ….(පෙ)…. ගෝතමක තීර්ථකයා ….(පෙ)…. දේවධම්මික තීර්ථකයා ඔසොවා ගෙන පැමිණි බරක් බිම තබනා සෙයින් නිරයෙහි උපදියි. ඒ කවර කරුණු පසකින් ද යත්;

සතුන් මරන්නේ වෙයි, සොරකම් කරන්නේ වෙයි. අබ්‍රහ්මචාරී වෙයි. බොරු කියන්නේ වෙයි. මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ වෙයි.

මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ දේවධම්මික තීර්ථකයා ඔසොවා ගෙන පැමිණි බරක් බිම තබනා සෙයින් නිරයෙහි උපදියි.

වර්ග අතිරේක සූත්‍රයෝ නිමා වූහ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-27/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M