අංගුත්තර නිකාය

දසක නිපාතෝ

14. (4) සාධුවග්ගෝ

14. (4) සාධු වර්ගය

10.3.4.1. සාධු සූත්‍රය

යහපත් ධර්මය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට යහපත් ධර්මය ත්, අයහපත් ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.” “එසේය ස්වාමීනී”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අයහපත් ධර්මය යනු කුමක්ද?

වැරදි දෘෂ්ටිය ය, වැරදි සංකල්පය ය, වැරදි වචන භාවිතය ය, වැරදි කායික ක්‍රියා ය, වැරදි ජීවිකාව ය, වැරදි උත්සාහය ය, වැරදි සිහිය ය, වැරදි චිත්තේකාග්‍රතාවය ය, වැරදි ඥානය ය, වැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය අයහපත් ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, යහපත් ධර්මය යනු කුමක්ද?

නිවැරදි දෘෂ්ටිය ය, නිවැරදි සංකල්පය ය, නිවැරදි වචනය භාවිතය ය, නිවැරදි කායික ක්‍රියා ය, නිවැරදි ජීවිකාව ය, නිවැරදි උත්සාහය ය, නිවැරදි සිහිය ය, නිවැරදි චිත්තේකාග්‍රතාවය ය, නිවැරදි ඥානය ය, නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය යහපත් ධර්මය යැයි කියනු ලැබේ. ”

සාදු! සාදු!! සාදු!!!

සාධු සූත්‍රය නිමා විය.

10.3.4.2. අරියධම්ම සූත්‍රය

ආර්ය ධර්මය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට ආර්ය ධර්මය ත්, අනාර්ය ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, අනාර්ය ධර්මය යනු කුමක්ද? වැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. වැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය අනාර්ය ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, ආර්ය ධර්මය යනු කුමක්ද? නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය ආර්ය ධර්මය යැයි කියනු ලැබේ. ”

සාදු! සාදු!! සාදු!!!

අරියධම්ම සූත්‍රය නිමා විය.

10.3.4.3. කුසල සූත්‍රය

කුසලය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට කුසලය ත්, අකුසලය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, අකුසලය යනු කුමක්ද? වැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. වැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය අකුසලය යැයි කියනු ලැබේ.

මහණෙනි, කුසලය යනු කුමක්ද? නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය කුසලය යැයි කියනු ලැබේ. ”

සාදු! සාදු!! සාදු!!!

කුසල සූත්‍රය නිමා විය.

10.3.4.4. අත්ථ සූත්‍රය

යහපත ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට යහපත ත්, අයහපත ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, අයහපත යනු කුමක්ද? වැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. වැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය අයහපත යැයි කියනු ලැබේ.

මහණෙනි, යහපත යනු කුමක්ද? නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය යහපත යැයි කියනු ලැබේ. ”

සාදු! සාදු!! සාදු!!!

අත්ථ සූත්‍රය නිමා විය.

10.3.4.5. ධම්ම සූත්‍රය

ධර්මය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට ධර්මය ත්, අධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, අධර්මය යනු කුමක්ද? වැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. වැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය අධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, ධර්මය යනු කුමක්ද? නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය ධර්මය යැයි කියනු ලැබේ. ”

සාදු! සාදු!! සාදු!!!

ධම්ම සූත්‍රය නිමා විය.

10.3.4.6. සාසව සූත්‍රය

ආශ්‍රව සහිත බව ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට ආශ්‍රව සහිත වූ ධර්මය ත්, අනාශ්‍රව ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, ආශ්‍රව සහිත ධර්මය යනු කුමක්ද? වැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. වැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය ආශ්‍රව සහිත ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, අනාශ්‍රව ධර්මය යනු කුමක්ද? නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය අනාශ්‍රව ධර්මය යැයි කියනු ලැබේ. ”

සාදු! සාදු!! සාදු!!!

සාසව සූත්‍රය නිමා විය.

10.3.4.7. සාවජ්ජ සූත්‍රය

සාවද්‍ය ධර්මය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට සාවද්‍ය ධර්මය ත්, අනවද්‍ය ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, සාවද්‍ය ධර්මය යනු කුමක්ද? වැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. වැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය සාවද්‍ය ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, අනවද්‍ය ධර්මය යනු කුමක්ද? නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය අනවද්‍ය ධර්මය යැයි කියනු ලැබේ. ”

සාදු! සාදු!! සාදු!!!

සාවජ්ජ සූත්‍රය නිමා විය.

10.3.4.8. තපනීය සූත්‍රය

පසුතැවිලි උපදවන ධර්මය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට පසුතැවිලි උපදවන ධර්මය ත්, පසුතැවිලි නූපදවන ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, පසුතැවිලි උපදවන ධර්මය යනු කුමක්ද? වැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. වැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය පසුතැවිලි උපදවන ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, පසුතැවිලි නූපදවන ධර්මය යනු කුමක්ද? නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය පසුතැවිලි නූපදවන ධර්මය යැයි කියනු ලැබේ. ”

සාදු! සාදු!! සාදු!!!

තපනීය සූත්‍රය නිමා විය.

10.3.4.9. ආචයගාමී සූත්‍රය

දුක් රැස් කරවන ධර්මය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට දුක් රැස් කරවන ධර්මය ත්, දුක් ගෙවීයන ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, දුක් රැස් කරවන ධර්මය යනු කුමක්ද? වැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. වැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය දුක් රැස් කරවන ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, දුක් ගෙවී යන ධර්මය යනු කුමක්ද? නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය දුක් ගෙවී යන ධර්මය යැයි කියනු ලැබේ. ”

සාදු! සාදු!! සාදු!!!

ආචයගාමී සූත්‍රය නිමා විය.

10.3.4.10. දුක්ඛුද්‍රය සූත්‍රය

දුක් උදාකරන ධර්මය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට දුක් උදාකරන ධර්මය ත්, සැප උදාකරන ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, දුක් උදාකරන ධර්මය යනු කුමක්ද? වැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. වැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය දුක් උදාකරන ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, සැප උදාකරන ධර්මය යනු කුමක්ද? නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය සැප උදාකරන ධර්මය යැයි කියනු ලැබේ. ”

සාදු! සාදු!! සාදු!!!

දුක්ඛුද්‍රය සූත්‍රය නිමා විය.

10.3.4.11. දුක්ඛවිපාක සූත්‍රය

දුක් විපාක දෙන ධර්මය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට දුක් විපාක දෙන ධර්මය ත්, සැප විපාක දෙන ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, දුක් විපාක දෙන ධර්මය යනු කුමක්ද? වැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. වැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය දුක් විපාක දෙන ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, සැප විපාක දෙන ධර්මය යනු කුමක්ද? නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය සැප විපාක දෙන ධර්මය යැයි කියනු ලැබේ. ”

සාදු! සාදු!! සාදු!!!

දුක්ඛවිපාක සූත්‍රය නිමා විය.

සිව්වෙනි සාධු වර්ගය අවසන් විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M