මහණෙනි, මේ පස් දෙනා අරණ්‍යයෙහි වසන්නෝ ය. ඒ කවර පස් දෙනෙක් ද යත්;
නොවැටහීමෙන් යුතු තැනැත්තා මෝඩකම හේතුවෙන් ආරණ්‍යවාසික වෙයි. පාපී ආශාවෙන් යුතු පාපී ආශාවෙන් මඩනා ලද සිතින් යුතු වූයේ ආරණ්‍යවාසික වෙයි. උමතු වූයේ චිත්ත වික්ෂේපයෙන් යුතුව ආරණ්‍යවාසික වෙයි. බුදුරජුන් විසිනුත් බුද්ධශ්‍රාවකයන් විසිනුත් වර්ණනා කරන ලද්දේ යැයි ආරණ්‍යවාසික වෙයි. අල්පේච්ඡතාවය නිසා ම, ලද දෙයින් සතුටු වන නිසා ම, කෙලෙස් ගලවා දැමීම නිසා ම, හුදෙකලා විවේකය නිසා ම, මේ ප්‍රතිපදාව ම යහපත් ය යන කරුණ නිසා ම ආරණ්‍යවාසික වෙයි.
මහණෙනි, මේ පස් දෙනා අරණ්‍යයෙහි වසන්නෝ ය.
මහණෙනි, මේ පස් වැදෑරුම් අරණ්‍යවාසිකයන් අතුරින් යම් අරණ්‍යවාසිකයෙක් අල්පේච්ඡතාවය නිසා ම, ලද දෙයින් සතුටු වන නිසා ම, කෙලෙස් ගලවා දැමීම නිසා ම, හුදෙකලා විවේකය නිසා ම, මේ ප්‍රතිපදාව ම යහපත් ය යන කරුණ නිසා ම ආරණ්‍යවාසික වෙයි ද මොහු මේ පස් වැදෑරුම් අරණ්‍යවාසිකයන් අතර අග්‍ර වූයේ ද, ශ්‍රේෂ්ඨ වූයේ ද, ප්‍රමුඛ වූයේ ද, උතුම් වූයේ ද, වඩාත් උතුම් වූයේ ද වෙයි.
මහණෙනි, යම් සේ ගවදෙනගෙන් කිරි ද, කිරෙන් දිහි ද, දිහියෙන් වෙඬරු ද, වෙඬරුවෙන් ගිතෙල් ද, ගිතෙලින් ගී මඬ ද ගන්නේ නම් එය එහි අග්‍ර යැයි කියනු ලැබේ. එසෙයින් ම මහණෙනි, මේ පස් වැදෑරුම් අරණ්‍යවාසිකයන් අතුරින් යම් අරණ්‍යවාසිකයෙක් අල්පේච්ඡතාවය නිසා ම, ලද දෙයින් සතුටු වන නිසා ම, කෙලෙස් ගලවා දැමීම නිසා ම, හුදෙකලා විවේකය නිසා ම, මේ ප්‍රතිපදාව ම යහපත් ය යන කරුණ නිසා ම ආරණ්‍යවාසික වෙයි ද මොහු මේ පස් වැදෑරුම් අරණ්‍යවාසිකයන් අතර අග්‍ර වූයේ ද, ශ්‍රේෂ්ඨ වූයේ ද, ප්‍රමුඛ වූයේ ද, උතුම් වූයේ ද, වඩාත් උතුම් වූයේ ද වෙයි.
සාදු! සාදු!! සාදු!!!
ආරඤ්ඤක සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ පස් දෙනා පාංශුකූලික ව වසන්නෝ ය. ….(පෙ)….
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ පස් දෙනා පිණ්ඩපාතික ව වසන්නෝ ය. ….(පෙ)….
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ පස් දෙනා රුක් සෙවණෙහි වසන්නෝ ය. ….(පෙ)….
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ පස් දෙනා සොහොනෙහි වසන්නෝ ය. ….(පෙ)….
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ පස් දෙනා එළිමහනෙහි වසන්නෝ ය. ….(පෙ)….
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ පස් දෙනා හිඳින ඉරියව්වෙහි ම වසන්නෝ ය. ….(පෙ)….
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ පස් දෙනා පළමු ලද අසුනෙහි ම වසන්නෝ ය. ….(පෙ)….
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ පස් දෙනා එක අසුනෙහි ම සිට දන් වළඳන්නෝ ය. ….(පෙ)….
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ පස් දෙනා වළඳා නිම වූ පසු ලද කිසිවක් නොපිළි ගන්නෝ ය. ….(පෙ)….
මහණෙනි, මේ පස් දෙනා පාත්‍රයට ලද පිඬු පමණක් පිළිගන්නෝ ය. ඒ කවර පස් දෙනෙක් ද යත්;
නොවැටහීමෙන් යුතු තැනැත්තා මෝඩකම හේතුවෙන් පත්තපිණ්ඩික වෙයි. පාපී ආශාවෙන් යුතු පාපී ආශාවෙන් මඩනා ලද සිතින් යුතු වූයේ පත්තපිණ්ඩික වෙයි. උමතු වූයේ චිත්ත වික්ෂේපයෙන් යුතුව පත්තපිණ්ඩික වෙයි. බුදුරජුන් විසිනුත් බුද්ධශ්‍රාවකයන් විසිනුත් වර්ණනා කරන ලද්දේ යැයි පත්තපිණ්ඩික වෙයි. අල්පේච්ඡතාවය නිසා ම, ලද දෙයින් සතුටු වන නිසා ම, කෙලෙස් ගලවා දැමීම නිසා ම, හුදෙකලා විවේකය නිසා ම, මේ ප්‍රතිපදාව ම යහපත් ය යන කරුණ නිසා ම පත්තපිණ්ඩික වෙයි.
මහණෙනි, මේ පස් දෙනා පාත්‍රයට ලද පිඬු පමණක් පිළිගන්නෝ ය.
මහණෙනි, මේ පස් වැදෑරුම් පත්තපිණ්ඩිකයන් අතුරින් යම් පත්තපිණ්ඩිකයෙක් අල්පේච්ඡතාවය නිසා ම, ලද දෙයින් සතුටු වන නිසා ම, කෙලෙස් ගලවා දැමීම නිසා ම, හුදෙකලා විවේකය නිසා ම, මේ ප්‍රතිපදාව ම යහපත් ය යන කරුණ නිසා ම පත්තපිණ්ඩික වෙයි ද මොහු මේ පස් වැදෑරුම් පත්තපිණ්ඩිකයන් අතර අග්‍ර වූයේ ද, ශ්‍රේෂ්ඨ වූයේ ද, ප්‍රමුඛ වූයේ ද, උතුම් වූයේ ද, වඩාත් උතුම් වූයේ ද වෙයි.
මහණෙනි, යම් සේ ගවදෙනගෙන් කිරි ද, කිරෙන් දිහි ද, දිහියෙන් වෙඬරු ද, වෙඬරුවෙන් ගිතෙල් ද, ගිතෙලින් ගී මඬ ද ගන්නේ නම් එය එහි අග්‍ර යැයි කියනු ලැබේ. එසෙයින් ම මහණෙනි, මේ පස් වැදෑරුම් පත්තපිණ්ඩිකයන් අතුරින් යම් පත්තපිණ්ඩිකයෙක් අල්පේච්ඡතාවය නිසා ම, ලද දෙයින් සතුටු වන නිසා ම, කෙලෙස් ගලවා දැමීම නිසා ම, හුදෙකලා විවේකය නිසා ම, මේ ප්‍රතිපදාව ම යහපත් ය යන කරුණ නිසා ම පත්තපිණ්ඩික වෙයි ද මොහු මේ පස් වැදෑරුම් පත්තපිණ්ඩිකයන් අතර අග්‍ර වූයේ ද, ශ්‍රේෂ්ඨ වූයේ ද, ප්‍රමුඛ වූයේ ද, උතුම් වූයේ ද, වඩාත් උතුම් වූයේ ද වෙයි.
සාදු! සාදු!! සාදු!!!
පත්තපිණ්ඩික සූත්‍රය නිමා විය.
හතරවෙනි ආරඤ්ඤක වර්ගය අවසන් විය.
එහි පිළිවෙළ උද්දානය යි :
ආරඤ්ඤක සූත්‍රය, පංසුකූලික සූත්‍රය, පිණ්ඩපාතික සූත්‍රය, රුක්ඛමූල සූත්‍රය, සෝසානික සූත්‍රය, අබ්භෝකාසික සූත්‍රය, නේසජ්ජික සූත්‍රය, යථාසන්ථතික සූත්‍රය, ඒකාසනික සූත්‍රය, ඛලුපච්ඡාභත්තික සූත්‍රය සහ පත්තපිණ්ඩික සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර එකොළසකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M