1.15.1.
“පින්වත් මහණෙනි, ආර්ය දර්ශනයෙන් යුක්ත සෝතාපන්න පුද්ගලයා යම්කිසි සංස්කාරයක් (හේතු ඵල දහමෙන් සකස් වූ දෙයක්) නිත්‍ය හැටියට ගන්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, පෘථග්ජන පුද්ගලයා නම් යම්කිසි සංස්කාරයක් (හේතු ඵල දහමෙන් සකස් වූ දෙයක්) නිත්‍ය හැටියට ගන්නේය යන කරුණ සිදුවන දෙයකි. මෙය දකින්නට ලැබෙන දෙයකි.”
1.15.2.
“පින්වත් මහණෙනි, ආර්ය දර්ශනයෙන් යුක්ත සෝතාපන්න පුද්ගලයා යම්කිසි සංස්කාරයක් (හේතු ඵල දහමෙන් සකස් වූ දෙයක්) සැප හැටියට ගන්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, පෘථග්ජන පුද්ගලයා නම් යම්කිසි සංස්කාරයක් (හේතු ඵල දහමෙන් සකස් වූ දෙයක්) සැප හැටියට ගන්නේය යන කරුණ සිදුවන දෙයකි. මෙය දකින්නට ලැබෙන දෙයකි.”
1.15.3.
“පින්වත් මහණෙනි, ආර්ය දර්ශනයෙන් යුක්ත සෝතාපන්න පුද්ගලයා යම්කිසි ධර්මයක් තම වසඟයෙහි පැවැත්විය හැකි ආත්මයක් හැටියට ගන්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, පෘථග්ජන පුද්ගලයා නම් යම්කිසි ධර්මයක් තම වසඟයෙහි පැවැත්විය හැකි ආත්මයක් හැටියට ගන්නේය යන කරුණ සිදුවන දෙයකි. මෙය දකින්නට ලැබෙන දෙයකි.”
1.15.4.
“පින්වත් මහණෙනි, ආර්ය දර්ශනයෙන් යුක්ත සෝතාපන්න පුද්ගලයා තම මවගේ ජීවිතය තොර (ඝාතනය) කරන්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, පෘථග්ජන පුද්ගලයා නම් තම මවගේ ජීවිතය තොර (ඝාතනය) කරන්නේය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.”
1.15.5.
“පින්වත් මහණෙනි, ආර්ය දර්ශනයෙන් යුක්ත සෝතාපන්න පුද්ගලයා තම පියාගේ ජීවිතය තොර (ඝාතනය) කරන්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, පෘථග්ජන පුද්ගලයා නම් තම පියාගේ ජීවිතය තොර (ඝාතනය) කරන්නේය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.”
1.15.6.
“පින්වත් මහණෙනි, ආර්ය දර්ශනයෙන් යුක්ත සෝතාපන්න පුද්ගලයා රහතුන්ගේ ජීවිතය තොර (ඝාතනය) කරන්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, පෘථග්ජන පුද්ගලයා නම් රහතුන්ගේ ජීවිතය තොර (ඝාතනය) කරන්නේය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.”
1.15.7.
“පින්වත් මහණෙනි, ආර්ය දර්ශනයෙන් යුක්ත සෝතාපන්න පුද්ගලයා දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ සිරුරෙහි ලේ සොලවන්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, පෘථග්ජන පුද්ගලයා නම් දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ සිරුරෙහි ලේ සොලවන්නේය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.”
1.15.8.
“පින්වත් මහණෙනි, ආර්ය දර්ශනයෙන් යුක්ත සෝතාපන්න පුද්ගලයා සංඝභේදය කරන්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, පෘථග්ජන පුද්ගලයා නම් සංඝභේදය කරන්නේය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.”
1.15.9.
“පින්වත් මහණෙනි, ආර්ය දර්ශනයෙන් යුක්ත සෝතාපන්න පුද්ගලයා වෙනත් ශාස්තෘවරයෙක් අදහන්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, පෘථග්ජන පුද්ගලයා නම් වෙනත් ශාස්තෘවරයෙක් අදහන්නේය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.”
1.15.10.
“පින්වත් මහණෙනි, එක ම ලෝක ධාතුවක අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් පෙර පසු නොවී එකවරම උපදින්නාහුය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, එක ලෝක ධාතුවක එක අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් උපදින්නාහුය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.”
1.15.11.
“පින්වත් මහණෙනි, එකම ලෝක ධාතුවක සක්විති රජවරු දෙදෙනෙක් පෙර පසු නොවී එකවරම උපදින්නාහුය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, එක ලෝක ධාතුවක එක සක්විති රජෙක් උපදින්නේය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.”
1.15.12.
“පින්වත් මහණෙනි, යම් හෙයකින් ස්ත්‍රියක් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වන්නාහුය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, යම් හෙයකින් පුරුෂයෙක් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වන්නාහුය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.”
1.15.13.
“පින්වත් මහණෙනි, යම් හෙයකින් ස්ත්‍රියක් සක්විති රජ කෙනෙක් වන්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, යම් හෙයකින් පුරුෂයෙක් සක්විත් රජ කෙනෙක් වන්නේය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.”
1. 15.14-16
“පින්වත් මහණෙනි, යම් හෙයකින් ස්ත්‍රියක් සක් දෙව් තනතුර දරනවා යන කරුණ ….(පෙ)…. මාර තනතුර දරනවා යන කරුණ ….(පෙ)…. බ්‍රහ්ම තනතුර දරනවා යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, යම් හෙයකින් පුරුෂයෙක් සක් දෙව් තනතුර දරනවා යන කරුණත් ….(පෙ)…. මාර තනතුර දරනවා යන කරුණත්, ….(පෙ)…. බ්‍රහ්ම තනතුර දරනවා යන කරුණත් සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.”
1.15.17.
“පින්වත් මහණෙනි, යම් හෙයකින් කාය දුෂ්චරිතයට ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ විපාක උපදින්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, යම් හෙයකින් කාය දුෂ්චරිතයට අනිෂ්ට වූ, අකාන්ත වූ, අමනාප වූ විපාක උපදින්නේය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.”
1.15.18-19.
“පින්වත් මහණෙනි, යම් හෙයකින් වචී දුෂ්චරිතයට ….(පෙ)…. මනෝ දුෂ්චරිතයට ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ විපාක උපදින්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, යම් හෙයකින් මනෝ දුෂ්චරිතයට අනිෂ්ට වූ, අකාන්ත වූ, අමනාප වූ විපාක උපදින්නේය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.”
1.15.20.
“පින්වත් මහණෙනි, යම් හෙයකින් කාය සුචරිතයට අනිෂ්ට වූ, අකාන්ත වූ, අමනාප වූ විපාක උපදින්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, යම් හෙයකින් කාය සුචරිතයට ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ විපාක උපදින්නේය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.”
1.15.21-22.
“පින්වත් මහණෙනි, යම් හෙයකින් වචී සුචරිතයට ….(පෙ)…. මනෝ සුචරිතයට අනිෂ්ට වූ, අකාන්ත වූ, අමනාප වූ විපාක උපදින්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, යම් හෙයකින් මනෝ සුචරිතයට ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ විපාක උපදින්නේය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.”
1.15.23
“පින්වත් මහණෙනි, කාය දුෂ්චරිතයෙන් යුතු පුද්ගලයෙක්, ඒ හේතුවෙන් ඒ කාරණයෙන්, කය බිඳී මරණයට පත් වූ පසු සුගතිය නම් වූ දෙව් ලොව උපදින්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, කාය දුෂ්චරිතයෙන් යුතු පුද්ගලයෙක්, ඒ හේතුවෙන්, ඒ කාරණයෙන්, කය බිඳී මරණයට පත් වූ පසු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ උපදින්නේය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.”
1.15.24-25
“පින්වත් මහණෙනි, වචී දුෂ්චරිතයෙන් යුතු පුද්ගලයෙක්, ….(පෙ)…. මනෝ දුෂ්චරිතයෙන් යුතු පුද්ගලයෙක්, ඒ හේතුවෙන් ඒ කාරණයෙන්, කය බිඳී මරණයට පත් වූ පසු සුගතිය නම් වූ දෙව් ලොව උපදින්නේය යන කරුණ සිදු වන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, මනෝ දුෂ්චරිතයෙන් යුතු පුද්ගලයෙක්, ඒ හේතුවෙන්, ඒ කාරණයෙන්, කය බිඳී මරණයට පත් වූ පසු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ උපදින්නේය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.”
1.15.26
“පින්වත් මහණෙනි, කාය සුචරිතයෙන් යුතු පුද්ගලයෙක්, ඒ හේතුවෙන් ඒ කාරණයෙන්, කය බිඳී මරණයට පත් වූ පසු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ උපදින්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, කාය සුචරිතයෙන් යුතු පුද්ගලයෙක්, ඒ හේතුවෙන්, ඒ කාරණයෙන්, කය බිඳී මරණයට පත් වූ පසු සුගතිය නම් වූ දෙව් ලොව උපදින්නේය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.”
1.15.27-28
“පින්වත් මහණෙනි, වචී සුචරිතයෙන් යුතු පුද්ගලයෙක්, ….(පෙ)…. මනෝ සුචරිතයෙන් යුතු පුද්ගලයෙක්, ඒ හේතුවෙන් ඒ කාරණයෙන්, කය බිඳී මරණයට පත් වූ පසු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ උපදින්නේය යන කරුණ සිදුවන දෙයක් නම් නොවෙයි. එය නොසිදුවන්නා වූ දෙයකි. ඉඩකඩ රහිත දෙයකි. එනමුත් පින්වත් මහණෙනි, මනෝ සුචරිතයෙන් යුතු පුද්ගලයෙක්, ඒ හේතුවෙන්, ඒ කාරණයෙන්, කය බිඳී මරණයට පත් වූ පසු සුගතිය නම් වූ දෙව් ලොව උපදින්නේය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි.”
අට්ඨාන පාළිය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_1-15/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M