අංගුත්තර නිකාය

ඒකක නිපාතෝ

6. පභස්සරවග්ගෝ

6. ප්‍රභාෂ්වර සිත ගැන වදාළ දෙසුම් ඇතුළත් කොටස

1. 6. 1.

පභස්සරමිදං භික්ඛවේ, චිත්තං. තඤ්ච ඛෝ ආගන්තුකේහි උපක්කිලේසේහි උපක්කිලිට්ඨං. තං අස්සුතවා පුථුජ්ජනෝ යථාභූතං නප්පජානාති. තස්මා අස්සුතවතෝ පුථුජ්ජනස්ස චිත්තභාවනා නත්ථීති වදාමීති.

“පින්වත් මහණෙනි, මේ සිත ප්‍රභාෂ්වරයි. එනමුදු මේ සිත වනාහී ආගන්තුක උපක්ලේශවලින් කිළුටු වෙලා තියෙන්නේ. අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයා මේ කාරණය ඒ අයුරින් දන්නෙ නෑ. ඒ නිසා අශ්‍රැතවත් පෘථග්ජන පුද්ගලයා හට ‘චිත්ත භාවනාවක් නැහැ’ කියලයි මා කියන්නේ.”

1. 6. 2.

පභස්සරමිදං භික්ඛවේ, චිත්තං. තඤ්ච ඛෝ ආගන්තුකේහි උපක්කිලේසේහි විප්පමුත්තං. තං සුතවා අරියසාවකෝ යථාභූතං පජානාති. තස්මා සුතවතෝ අරියසාවකස්ස චිත්තභාවනා අත්ථීති වදාමීති.

“පින්වත් මහණෙනි, මේ සිත ප්‍රභාෂ්වරයි. එනමුදු මේ සිත වනාහී ආගන්තුක උපක්ලේශවලින් නිදහස් වෙලා තියෙන්නේ. ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා මේ කාරණයත් ඒ අයුරින්ම දන්නවා. ඒ නිසා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හට ‘චිත්ත භාවනාව තිබෙනවා’ කියලයි මා කියන්නේ.”

1. 6. 3.

අච්ඡරාසංඝාතමත්තම්පි චේ භික්ඛවේ, භික්ඛු මෙත්තාචිත්තං ආසේවති, අයං වුච්චති භික්ඛවේ, භික්ඛු අරිත්තජ්ඣානෝ විහරති, සත්ථුසාසනකරෝ ඕවාදපතිකරෝ අමෝඝං රට්ඨපිණ්ඩං භුඤ්ජති. කෝ පන වාදෝ යේ නං බහුලීකරොන්තීති.

“පින්වත් මහණෙනි, යම් භික්ෂුවක් අසුරු සැණක් ගසන මොහොතක්වත් මෛත්‍රී සිත සේවනය කරනවා නම් පින්වත් මහණෙනි, මේකට තමයි කියන්නේ ‘භික්ෂුව ධ්‍යාන භාවනාවෙන් හිස් නැතුව වාසය කරනවා, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව ඉටු කරනවා, අවවාදය පිළිපදිනවා, ගුණදහමින් හිස් නොවී සැදැහැවතුන් දෙන දන්පැන් වළඳනවා’ කියල. ඉතින් යම් කෙනෙක් මෙත් සිත බහුලව ප්‍රගුණ කරනවා නම්, ඒ ගැන කවර කතාද?”

1. 6. 4.

අච්ඡරාසංඝාතමත්තම්පි චේ භික්ඛවේ, භික්ඛු මෙත්තාචිත්තං භාවේති, අයං වුච්චති භික්ඛවේ, භික්ඛු අරිත්තජ්ඣානෝ විහරති, සත්ථුසාසනකරෝ ඕවාදපතිකරෝ අමෝඝං රට්ඨපිණ්ඩං භුඤ්ජති. කෝ පන වාදෝ යේ නං බහුලීකරොන්තීති.

“පින්වත් මහණෙනි, යම් භික්ෂුවක් අසුරු සැණක් ගසන මොහොතක්වත් මෛත්‍රී සිත ප්‍රගුණ කරනවා නම් පින්වත් මහණෙනි, මේකට තමයි කියන්නේ ‘භික්ෂුව ධ්‍යාන භාවනාවෙන් හිස් නැතුව වාසය කරනවා, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව ඉටු කරනවා, අවවාදය පිළිපදිනවා, ගුණදහමින් හිස් නොවී සැදැහැවතුන් දෙන දන්පැන් වළඳනවා’ කියලා. ඉතින් යම් කෙනෙක් මෙත් සිත බහුලව ප්‍රගුණ කරනවා නම්, ඒ ගැන කවර කතා ද?”

1. 6. 5.

අච්ඡරාසංඝාතමත්තම්පි චේ භික්ඛවේ, භික්ඛු මෙත්තාචිත්තං මනසි කරෝති, අයං වුච්චති භික්ඛවේ, භික්ඛු අරිත්තජ්ඣානෝ විහරති, සත්ථුසාසනකරෝ ඕවාදපතිකරෝ අමෝඝං රට්ඨපිණ්ඩං භුඤ්ජති. කෝ පන වාදෝ යේ නං බහුලීකරොන්තීති.

“පින්වත් මහණෙනි, යම් භික්ෂුවක් අසුරු සැණක් ගසන මොහොතක්වත් මෛත්‍රී සිත මෙනෙහි කරනවා නම් පින්වත් මහණෙනි, මේකට තමයි කියන්නේ ‘භික්ෂුව ධ්‍යාන භාවනාවෙන් හිස් නැතුව වාසය කරනවා, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාව ඉටු කරනවා, අවවාදය පිළිපදිනවා, ගුණදහමින් හිස් නොවී සැදැහැවතුන් දෙන දන්පැන් වළඳනවා’ කියල. ඉතින් යම් කෙනෙක් මෙත් සිත බහුලව ප්‍රගුණ කරනවා නම්, ඒ ගැන කවර කතාද?”

1. 6. 6.

යේ කේචි භික්ඛවේ, ධම්මා අකුසලා අකුසලභාගියා අකුසලපක්ඛිකා, සබ්බේ තේ මනෝපුබ්බංගමා. මනෝ තේසං ධම්මානං පඨමං උප්පජ්ජති, අන්වදේව අකුසලා ධම්මාති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් අකුසල් නම්, අකුසලයට අයත් නම්, අකුසල් පැත්තට නම් වැටෙන්නෙ, ඒ හැම දෙයක්ම සිත මුල් කරගෙන තමයි තියෙන්නෙ. සිත තමයි ඒ දේවල්වලට මුලින්ම උපදින්නෙ. ඒ සමඟමයි අකුසල් උපදින්නෙ.”

1. 6. 7.

යේ කේචි භික්ඛවේ, ධම්මා කුසලා කුසලභාගියා කුසලපක්ඛිකා, සබ්බේ තේ මනෝපුබ්බංගමා. මනෝ තේසං ධම්මානං පඨමං උප්පජ්ජති, අන්වදේව කුසලා ධම්මාති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් කුසල් නම්, කුසලයට අයත් නම්, කුසල් පැත්තට නම් වැටෙන්නෙ, ඒ හැම දෙයක්ම සිත මුල් කරගෙන තමයි තියෙන්නෙ. සිත තමයි ඒ දේවල්වලට මුලින්ම උපදින්නෙ. ඒ සමඟමයි කුසල් උපදින්නෙ.”

1. 6. 8.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යේන අනුප්පන්නා වා අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා කුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවේ, පමාදෝ. පමත්තස්ස භික්ඛවේ, අනුප්පන්නා චේව අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච කුසලා ධම්මා පරිහායන්තීති. අට්ඨමං.

“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් අකුසල් උපදිනවා නම්, උපන් කුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ ප්‍රමාදය තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, ප්‍රමාදී පුද්ගලයාට නූපන් අකුසල් උපදිනවා. උපන් කුසල් දහම් පිරිහිලා යනවා.”

1. 6. 9.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යේන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා අකුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවේ, අප්පමාදෝ. අප්පමත්තස්ස භික්ඛවේ, අනුප්පන්නා චේව කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච අකුසලා ධම්මා පරිහායන්තීති.

“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් කුසල් උපදිනවා නම්, උපන් අකුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ අප්‍රමාදය තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, අප්‍රමාදී පුද්ගලයාට නූපන් කුසල් උපදිනවා. උපන් අකුසල් දහම් පිරිහිලා යනවා.”

1. 6. 10.

නාහං භික්ඛවේ, අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යේන අනුප්පන්නා වා අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා වා කුසලා ධම්මා පරිහායන්ති, යථයිදං භික්ඛවේ, කෝසජ්ජං. කුසීතස්ස, භික්ඛවේ, අනුප්පන්නා චේව අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච කුසලා ධම්මා පරිහායන්තීති.

“පින්වත් මහණෙනි, යම් කරුණකින් නූපන් අකුසල් උපදිනවා නම්, උපන් කුසල් දහම් පිරිහිලා යනවා නම්, පින්වත් මහණෙනි, මේ කුසීතකම තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, ප්‍රමාදී පුද්ගලයාට නූපන් අකුසල් උපදිනවා. උපන් කුසල් දහම් පිරිහිලා යනවා.”

වග්ගෝ ඡට්ඨමෝ.

හයවෙනි වර්ගයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M