අංගුත්තර නිකාය

දුක නිපාතෝ

7. (2) සුඛවග්ගෝ

7. (2) සුඛ වර්ගය

2.2.7.1.

(සාවත්ථි නිදානං:)

සැවැත් නුවර දී …………

14. ද්වේමානි භික්ඛවේ සුඛානි. කතමානි ද්වේ: ගිහිසුඛඤ්ච පබ්බජිතසුඛඤ්ච. ඉමානි ඛෝ භික්ඛවේ ද්වේ සුඛානි. ඒතදග්ගං භික්ඛවේ ඉමේසං ද්වින්නං සුඛානං යදිදං පබ්බජිතසුඛන්ති.

14. පින්වත් මහණෙනි, මේ සැප දෙකක් තියෙනවා. ගිහි සැපයත්, පැවිදි සැපයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි සැප දෙක. පින්වත් මහණෙනි, මේ සැප දෙක අතුරින් යම් මේ පැවිදි සැපයක් ඇද්ද, එයම තමයි අග්‍ර වෙන්නෙ.

2.2.7.2.

15. ද්වේමානි භික්ඛවේ සුඛානි. කතමානි ද්වේ: කාමසුඛඤ්ච, නෙක්ඛම්මසුඛඤ්ච. ඉමානි ඛෝ භික්ඛවේ ද්වේ සුඛානි. ඒතදග්ගං භික්ඛවේ ඉමේසං ද්වින්නං සුඛානං යදිදං නෙක්ඛම්ම සුඛන්ති.

15. පින්වත් මහණෙනි, මේ සැප දෙකක් තියෙනවා. කාම සැපයත්, කාමයන්ගෙන් වෙන් වීමේ සැපයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි සැප දෙක. පින්වත් මහණෙනි, මේ සැප දෙක අතුරින් යම් මේ කාමයන්ගෙන් වෙන් වීමේ සැපයක් ඇද්ද, එයම තමයි අග්‍ර වෙන්නෙ.

2.2.7.3.

16. ද්වේමානි භික්ඛවේ සුඛානි. කතමානි ද්වේ: උපධිසුඛඤ්ච, නිරුපධිසුඛඤ්ච. ඉමානි ඛෝ භික්ඛවේ ද්වේ සුඛානි. ඒතදග්ගං භික්ඛවේ ඉමේසං ද්වින්නං සුඛානං යදිදං නිරුපධිසුඛන්ති.

16. පින්වත් මහණෙනි, මේ සැප දෙකක් තියෙනවා. කෙලෙස් සහිතව විඳින සැපයත්, නිකෙලෙස් බව තුළින් විඳින සැපයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි සැප දෙක. පින්වත් මහණෙනි, මේ සැප දෙක අතුරින් යම් මේ නිකෙලෙස් බව තුළින් විඳින සැපයක් ඇද්ද, එයම තමයි අග්‍ර වෙන්නෙ.

2.2.7.4.

17. ද්වේමානි භික්ඛවේ සුඛානි. කතමානි ද්වේ: සාසවඤ්ච සුඛං, අනාසවඤ්ච සුඛං. ඉමානි ඛෝ භික්ඛවේ ද්වේ සුඛානි. ඒතදග්ගං භික්ඛවේ ඉමේසං ද්වින්නං සුඛානං යදිදං අනාසවං සුඛන්ති.

17. පින්වත් මහණෙනි, මේ සැප දෙකක් තියෙනවා. ආශ්‍රව සහිතව විඳින සැපයත්, ආශ්‍රව රහිත බව තුළින් විඳින සැපයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි සැප දෙක. පින්වත් මහණෙනි, මේ සැප දෙක අතුරින් යම් මේ ආශ්‍රව රහිත බව තුළින් විඳින සැපයක් ඇද්ද, එයම තමයි අග්‍ර වෙන්නෙ.

2.2.7.5.

18. ද්වේමානි භික්ඛවේ සුඛානි. කතමානි ද්වේ: සාමිසඤ්ච සුඛං නිරාමිසඤ්ච සුඛං. ඉමානි ඛෝ භික්ඛවේ ද්වේ සුඛානි. ඒතදග්ගං භික්ඛවේ ඉමේසං ද්වින්නං සුඛානං යදිදං නිරාමිසං සුඛන්ති.

18. පින්වත් මහණෙනි, මේ සැප දෙකක් තියෙනවා. ඉන්ද්‍රිය පිණවීමෙන් ලබන ආමිස සැපයත්, ඉන්ද්‍රිය පිණවීමෙන් බැහැර වූ නිරාමිස සැපයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි සැප දෙක. පින්වත් මහණෙනි, මේ සැප දෙක අතුරින් යම් මේ ඉන්ද්‍රිය පිණවීමෙන් බැහැර වූ නිරාමිස සැපයක් ඇද්ද, එයම තමයි අග්‍ර වෙන්නෙ.

2.2.7.6.

19. ද්වේමානි භික්ඛවේ සුඛානි. කතමානි ද්වේ: අරියසුඛඤ්ච, අනරියසුඛඤ්ච. ඉමානි ඛෝ භික්ඛවේ ද්වේ සුඛානි. ඒතදග්ගං භික්ඛවේ ඉමේසං ද්වින්නං සුඛානං යදිදං අරියසුඛන්ති.

19. පින්වත් මහණෙනි, මේ සැප දෙකක් තියෙනවා. ආර්ය සත්‍යාවබෝධයෙන් ලබන සැපයත්, ආර්ය සත්‍යාවබෝධයෙන් තොර සැපයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි සැප දෙක. පින්වත් මහණෙනි, මේ සැප දෙක අතුරින් යම් මේ ආර්ය සත්‍යාවබෝධයෙන් ලබන සැපයක් ඇද්ද, එයම තමයි අග්‍ර වෙන්නෙ.

2.2.7.7.

20. ද්වේමානි භික්ඛවේ සුඛානි. කතමානි ද්වේ: කායිකඤ්ච සුඛං චේතසිකඤ්ච සුඛං. ඉමානි ඛෝ භික්ඛවේ ද්වේ සුඛානි. ඒතදග්ගං භික්ඛවේ ඉමේසං ද්වින්නං සුඛානං යදිදං චේතසිකං සුඛන්ති.

20. පින්වත් මහණෙනි, මේ සැප දෙකක් තියෙනවා. කායික සැපයත්, මානසික සැපයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි සැප දෙක. පින්වත් මහණෙනි, මේ සැප දෙක අතුරින් යම් මේ මානසික සැපයක් ඇද්ද, එයම තමයි අග්‍ර වෙන්නෙ.

2.2.7.8.

21. ද්වේමානි භික්ඛවේ සුඛානි. කතමානි ද්වේ: සප්පීතිකඤ්ච සුඛං, නිප්පීතිකඤ්ච සුඛං. ඉමානි ඛෝ භික්ඛවේ ද්වේ සුඛානි. ඒතදග්ගං භික්ඛවේ ඉමේසං ද්වින්නං සුඛානං යදිදං නිප්පීතිකං සුඛන්ති.

21. පින්වත් මහණෙනි, මේ සැප දෙකක් තියෙනවා. පළමු වෙනි ධ්‍යානයෙන් ලබන ප්‍රීතිය සහිත වූ සැපයත්, තුන් වෙනි ධ්‍යානයෙන් ලබන ප්‍රීතිය රහිත වූ සැපයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි සැප දෙක. පින්වත් මහණෙනි, මේ සැප දෙක අතුරින් යම් මේ තුන් වෙනි ධ්‍යානයෙන් ලබන ප්‍රීතිය රහිත වූ සැපයක් ඇද්ද, එයම තමයි අග්‍ර වෙන්නෙ.

2.2.7.9.

22. ද්වේමානි භික්ඛවේ සුඛානි. කතමානි ද්වේ: සාතසුඛඤ්ච උපෙක්ඛාසුඛඤ්ච . ඉමානි ඛෝ භික්ඛවේ ද්වේ සුඛානි. ඒතදග්ගං භික්ඛවේ ඉමේසං ද්වින්නං සුඛානං යදිදං උපෙක්ඛාසුඛන්ති.

22. පින්වත් මහණෙනි, මේ සැප දෙකක් තියෙනවා. පළමු වෙනි, දෙවෙනි, තුන් වෙනි ධ්‍යානයන්ගෙන් ලබන මිහිරි සැපයත්, හතර වෙනි ධ්‍යානයෙන් ලබන උපේක්ෂා සැපයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි සැප දෙක. පින්වත් මහණෙනි, මේ සැප දෙක අතුරින් යම් මේ හතර වෙනි ධ්‍යානයෙන් ලබන උපේක්ෂා සැපයක් ඇද්ද, එයම තමයි අග්‍ර වෙන්නෙ.

2.2.7.10

23. ද්වේමානි භික්ඛවේ සුඛානි. කතමානි ද්වේ: සමාධිසුඛඤ්ච අසමාධිසුඛඤ්ච. ඉමානි ඛෝ භික්ඛවේ ද්වේ සුඛානි. ඒතදග්ගං භික්ඛවේ ඉමේසං ද්වින්නං සුඛානං යදිදං සමාධිසුඛන්ති.

23. පින්වත් මහණෙනි, මේ සැප දෙකක් තියෙනවා. සමාධියෙන් ලබන සැපයත්, සමාධියෙන් තොරව ලබන සැපයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි සැප දෙක. පින්වත් මහණෙනි, මේ සැප දෙක අතුරින් යම් මේ සමාධියෙන් ලබන සැපයක් ඇද්ද, එයම තමයි අග්‍ර වෙන්නෙ.

2.2.7.11.

24. ද්වේමානි භික්ඛවේ සුඛානි. කතමානි ද්වේ: සප්පීතිකාරම්මණඤ්ච සුඛං නිප්පීතිකාරම්මණඤ්ච සුඛං. ඉමානි ඛෝ භික්ඛවේ ද්වේ සුඛානි. ඒතදග්ගං භික්ඛවේ ඉමේසං ද්වින්නං සුඛානං යදිදං නිප්පීතිකාරම්මණං සුඛන්ති.

24. පින්වත් මහණෙනි, මේ සැප දෙකක් තියෙනවා. පළමු වෙනි, දෙවෙනි ධ්‍යානයන්ගෙන් ලබන ප්‍රීතියෙන් යුතු අරමුණ ඇති සැපයත්, තුන් වෙනි හා හතර වෙනි ධ්‍යානයන්ගෙන් ලබන ප්‍රීති අරමුණ නැති සැපයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි සැප දෙක. පින්වත් මහණෙනි, මේ සැප දෙක අතුරින් යම් මේ තුන් වෙනි හා හතර වෙනි ධ්‍යානයන්ගෙන් ලබන ප්‍රීති අරමුණ නැති සැපයක් ඇද්ද, එයම තමයි අග්‍ර වෙන්නෙ.

2.2.7.12.

25. ද්වේමානි භික්ඛවේ සුඛානි. කතමානි ද්වේ: සාතාරම්මණඤ්ච සුඛං උපෙක්ඛාරම්මණඤ්ච සුඛං. ඉමානි ඛෝ භික්ඛවේ ද්වේ සුඛානි. ඒතදග්ගං භික්ඛවේ ඉමේසං ද්වින්නං සුඛානං යදිදං උපෙක්ඛාරම්මණං සුඛන්ති.

25. පින්වත් මහණෙනි, මේ සැප දෙකක් තියෙනවා. පළමු වෙනි, දෙවෙනි, තුන් වෙනි ධ්‍යානයන්ගෙන් ලබන මිහිරි අරමුණ ඇති සැපයත්, හතර වෙනි ධ්‍යානයෙන් ලබන උපේක්ෂා අරමුණ ඇති සැපයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි සැප දෙක. පින්වත් මහණෙනි, මේ සැප දෙක අතුරින් යම් මේ හතර වෙනි ධ්‍යානයෙන් ලබන උපේක්ෂා අරමුණ ඇති සැපයක් ඇද්ද, එයම තමයි අග්‍ර වෙන්නෙ.

2.2.7.13.

26. ද්වේමානි භික්ඛවේ සුඛානි. කතමානි ද්වේ: රූපාරම්මණඤ්ච සුඛං, අරූපාරම්මණඤ්ච සුඛං. ඉමානි ඛෝ භික්ඛවේ ද්වේ සුඛානි. ඒතදග්ගං භික්ඛවේ ඉමේසං ද්වින්නං සුඛානං යදිදං අරූපාරම්මණං සුඛන්ති.

26. පින්වත් මහණෙනි, මේ සැප දෙකක් තියෙනවා. පළමු වෙනි, දෙවෙනි, තුන් වෙනි හා හතර වෙනි ධ්‍යානයන්ගෙන් ලබන රූපය අරමුණ ඇති සැපයත්, අරූප ධ්‍යානයෙන් ලබන අරූප අරමුණු ඇති සැපයත් ය. පින්වත් මහණෙනි, මේ තමයි සැප දෙක. පින්වත් මහණෙනි, මේ සැප දෙක අතුරින් යම් මේ අරූප ධ්‍යානයන්ගෙන් ලබන අරූප අරමුණු ඇති සැපයක් ඇද්ද, එයම තමයි අග්‍ර වෙන්නෙ.

සුඛවග්ගෝ දුතියෝ.

දෙවෙනි සුඛ වර්ගයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_2-2-7-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M