අංගුත්තර නිකාය

දසක නිපාතෝ

15. (5) අරියවග්ගෝ

15. (5) අරිය වර්ගය

10.3.5.1. අරියමග්ග සූත්‍රය

ආර්ය මාර්ගය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට ආර්ය මාර්ගය ත්, අනාර්ය මාර්ගය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, අනාර්ය මාර්ගය යනු කුමක්ද? වැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. වැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය අනාර්ය මාර්ගය යැයි කියනු ලැබේ.

මහණෙනි, ආර්ය මාර්ගය යනු කුමක්ද? නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය ආර්ය මාර්ගය යැයි කියනු ලැබේ. ”

සාදු! සාදු!! සාදු!!!

අරියමග්ග සූත්‍රය නිමා විය.

10.3.5.2. සුක්කමග්ග සූත්‍රය

කුසල මාර්ගය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට කුසල මාර්ගය ත්, අකුසල මාර්ගය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, අකුසල මාර්ගය යනු කුමක්ද? වැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. වැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය අකුසල මාර්ගය යැයි කියනු ලැබේ.

මහණෙනි, කුසල මාර්ගය යනු කුමක්ද? නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය කුසල මාර්ගය යැයි කියනු ලැබේ. ”

සාදු! සාදු!! සාදු!!!

සුක්කමග්ග සූත්‍රය නිමා විය.

10.3.5.3. සද්ධම්ම සූත්‍රය

සද්ධර්මය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට සද්ධර්මය ත්, අසද්ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, අසද්ධර්මය යනු කුමක්ද? වැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. වැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය අසද්ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, සද්ධර්මය යනු කුමක්ද? නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය සද්ධර්මය යැයි කියනු ලැබේ. ”

සාදු! සාදු!! සාදු!!!

සද්ධම්ම සූත්‍රය නිමා විය.

10.3.5.4. සප්පුරිසධම්ම සූත්‍රය

සත්පුරුෂ ධර්මය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට සත්පුරුෂ ධර්මය ත්, අසත්පුරුෂ ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, අසත්පුරුෂ ධර්මය යනු කුමක්ද? වැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. වැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය අසත්පුරුෂ ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, සත්පුරුෂ ධර්මය යනු කුමක්ද? නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය සත්පුරුෂ ධර්මය යැයි කියනු ලැබේ. ”

සාදු! සාදු!! සාදු!!!

සප්පුරිස ධම්ම සූත්‍රය නිමා විය.

10.3.5.5. උප්පාදේතබ්බ සූත්‍රය

ඉපිදවිය යුතු ධර්මය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට ඉපිද විය යුතු ධර්මය ත්, නොඉපදවිය යුතු ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, නොඉපදවිය යුතු ධර්මය යනු කුමක්ද? වැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. වැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය නොඉපදවිය යුතු ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, ඉපිදවිය යුතු ධර්මය යනු කුමක්ද? නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය ඉපිදවිය යුතු ධර්මය යැයි කියනු ලැබේ. ”

සාදු! සාදු!! සාදු!!!

උප්පාදේතබ්බ සූත්‍රය නිමා විය.

10.3.5.6. ආසේවිතබ්බ සූත්‍රය

සේවනය කළ යුතු ධර්මය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට සේවනය කළ යුතු ධර්මය ත්, සේවනය නොකළ යුතු ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, සේවනය නොකළ යුතු ධර්මය යනු කුමක්ද? වැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. වැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය සේවනය නොකළ යුතු ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, සේවනය කළ යුතු ධර්මය යනු කුමක්ද? නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය සේවනය කළ යුතු ධර්මය යැයි කියනු ලැබේ. ”

සාදු! සාදු!! සාදු!!!

ආසේවිතබ්බ සූත්‍රය නිමා විය.

10.3.5.7. භාවේතබ්බ සූත්‍රය

දියුණු කළ යුතු ධර්මය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට දියුණු කළ යුතු ධර්මය ත්, දියුණු නොකළ යුතු ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, දියුණු නොකළ යුතු ධර්මය යනු කුමක්ද? වැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. වැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය දියුණු නොකළ යුතු ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, දියුණු කළ යුතු ධර්මය යනු කුමක්ද? නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය දියුණු කළ යුතු ධර්මය යැයි කියනු ලැබේ. ”

සාදු! සාදු!! සාදු!!!

භාවේතබ්බ සූත්‍රය නිමා විය.

10.3.5.8. බහුලීකත්තබ්බ සූත්‍රය

බහුලව ප්‍රගුණ කළ යුතු ධර්මය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට බහුල ව ප්‍රගුණ කළ යුතු ධර්මය ත්, බහුල ව ප්‍රගුණ නොකළ යුතු ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, ප්‍රගුණ නොකළ යුතු ධර්මය යනු කුමක්ද? වැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. වැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය බහුල ව ප්‍රගුණ නොකළ යුතු ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, බහුල ව ප්‍රගුණ කළ යුතු ධර්මය යනු කුමක්ද? නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය බහුල ව ප්‍රගුණ කළ යුතු ධර්මය යැයි කියනු ලැබේ. ”

සාදු! සාදු!! සාදු!!!

බහුලීකත්තබ්බ සූත්‍රය නිමා විය.

10.3.5.9. අනුස්සරිතබ්බ සූත්‍රය

සිහි කළ යුතු ධර්මය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට සිහි කළ යුතු ධර්මය ත්, සිහි නොකළ යුතු ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, සිහි නොකළ යුතු ධර්මය යනු කුමක්ද? වැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. වැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය සිහි නොකළ යුතු ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, සිහි කළ යුතු ධර්මය යනු කුමක්ද? නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය සිහි කළ යුතු ධර්මය යැයි කියනු ලැබේ. ”

සාදු! සාදු!! සාදු!!!

අනුස්සරිතබ්බ සූත්‍රය නිමා විය.

10.3.5.10. සච්ඡිකාතබ්බ සූත්‍රය

අත්දැකිය යුතු ධර්මය ගැන වදාළ දෙසුම

“මහණෙනි, ඔබට අත්දැකිය යුතු ධර්මය ත්, නොඅත්දැකිය යුතු ධර්මය ත් ගැන දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. ….(පෙ)…. මහණෙනි, නොඅත්දැකිය යුතු ධර්මය යනු කුමක්ද? වැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. වැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය නොඅත්දැකිය යුතු ධර්මය යැයි කියනු ලැබේ.

මහණෙනි, අත්දැකිය යුතු ධර්මය යනු කුමක්ද? නිවැරදි දෘෂ්ටිය ය, ….(පෙ)…. නිවැරදි විමුක්තිය ය. මහණෙනි, මෙය අත්දැකිය යුතු ධර්මය යැයි කියනු ලැබේ. ”

සාදු! සාදු!! සාදු!!!

සච්ඡිකාතබ්බ සූත්‍රය නිමා විය.

පස්වෙනි අරිය වර්ගය අවසන් විය.

තෙවෙනි පණ්ණාසකය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M