මහණෙනි, එකොළොස් අංගයකින් සමන්විත වූ ගවයන් රකින්නා ගව රැළ පරිහරණය කිරීමට ත්, දියුණු කිරීමට ත් අසමර්ථ වෙයි. ඒ එකොළොස් කරුණ කුමක් ද යත්;
මහණෙනි, මෙහිලා ගවයන් රකින තැනැත්තා හැඩරුවින් ගවයන් හඳුනා නොගනියි. ගව සලකුණු හඳුනාගන්නට අදක්ෂ වෙයි. ඉහඳ මැසි බිජු ඉවත් නොකරන්නේ වෙයි. තුවාල ආවරණය නොකරන්නේ වෙයි. කෘමීන් වැළැක්වීමට දුම් නොඅල්ලන්නේ වෙයි. ගවයන් එතෙර කරවන තොට නොදන්නේ වෙයි. ගවයන් පැන් බිව් – නොබිව් බව නොදන්නේ වෙයි. ගවයන් ගෙන යා යුතු මාර්ගය නොදන්නේ වෙයි. ගවයන්ගේ ගොදුරු බිම නොදන්නේ වෙයි. ගව පැටවුන්ට ඉතිරි නොකොට කිරි දොවන්නේ වෙයි. ඒ ගවයන් අතර වෘෂභ වූ, ගව පීතෘ වූ ප්‍රධාන ගවයෝ සිටිත් ද, ඔවුන් අතිරේක පූජාවෙන් නොපුදන්නේ වෙයි.
මහණෙනි, මෙම එකොළොස් අංගයකින් සමන්විත වූ ගවයන් රකින්නා ගව රැළ පරිහරණය කිරීමට ත්, දියුණු කිරීමට ත් අසමර්ථ වෙයි.
එසෙයින් ම මහණෙනි, එකොළොස් කරුණෙකින් සමන්විත වූ භික්ෂුව ඇස පිළිබඳ ව අනිත්‍ය වශයෙන් නුවණින් දකිමින් වාසය කරන්නට අසමර්ථ වෙයි. ….(පෙ)…. ඇස පිළිබඳ ව දුක් වශයෙන් නුවණින් දකිමින් වාසය කරන්නට අසමර්ථ වෙයි. ….(පෙ)…. ඇස පිළිබඳ ව අනාත්ම වශයෙන් නුවණින් දකිමින් වාසය කරන්නට අසමර්ථ වෙයි. ….(පෙ)…. ඇස පිළිබඳ ව වැනසීම නුවණින් දකිමින් වාසය කරන්නට අසමර්ථ වෙයි. ….(පෙ)…. ඇස පිළිබඳ ව නැතිවීම නුවණින් දකිමින් වාසය කරන්නට අසමර්ථ වෙයි. ….(පෙ)…. ඇස පිළිබඳ ව විරාගය නුවණින් දකිමින් වාසය කරන්නට අසමර්ථ වෙයි. ….(පෙ)…. ඇස පිළිබඳ ව නිරෝධය නුවණින් දකිමින් වාසය කරන්නට අසමර්ථ වෙයි. ….(පෙ)…. ඇස පිළිබඳ ව ඇල්ම දුරැලීම නුවණින් දකිමින් වාසය කරන්නට අසමර්ථ වෙයි. ….(පෙ)….
කන පිළිබඳ ව ….(පෙ)…. නාසය පිළිබඳ ව ….(පෙ)…. දිව පිළිබඳ ව ….(පෙ)…. කය පිළිබඳ ව ….(පෙ)…. මනස පිළිබඳ ව ….(පෙ)….
රූප පිළිබඳ ව ….(පෙ)…. ශබ්ද පිළිබඳ ව ….(පෙ)…. ගඳසුවඳ පිළිබඳ ව ….(පෙ)…. රස පිළිබඳ ව ….(පෙ)…. ස්පර්ශය පිළිබඳ ව …. (පෙ)…. අරමුණු පිළිබඳ ව ….(පෙ)….
ඇසේ විඤ්ඤාණය පිළිබඳ ව ….(පෙ)…. කනේ විඤ්ඤාණය පිළිබඳ ව ….(පෙ)…. නාසයේ විඤ්ඤාණය පිළිබඳ ව ….(පෙ)…. දිවේ විඤ්ඤාණය පිළිබඳ ව ….(පෙ)…. කයේ විඤ්ඤාණය පිළිබඳ ව ….(පෙ)…. මනසේ විඤ්ඤාණය පිළිබඳ ව ….(පෙ)….
ඇසේ ස්පර්ශය පිළිබඳ ව ….(පෙ)…. කනේ ස්පර්ශය පිළිබඳ ව ….(පෙ)…. නාසයේ ස්පර්ශය පිළිබඳ ව ….(පෙ)…. දිවේ ස්පර්ශය පිළිබඳ ව ….(පෙ)…. කයේ ස්පර්ශය පිළිබඳ ව ….(පෙ)…. මනසේ ස්පර්ශය පිළිබඳ ව ….(පෙ)….
ඇසේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම පිළිබඳ ව ….(පෙ)…. කනේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම පිළිබඳ ව ….(පෙ)…. නාසයේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම පිළිබඳ ව ….(පෙ)…. දිවේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම පිළිබඳ ව ….(පෙ)…. කයේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම පිළිබඳ ව ….(පෙ)…. මනසේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම පිළිබඳ ව ….(පෙ)….
රූප සංඥාව පිළිබඳ ව ….(පෙ)…. ශබ්ද සංඥාව පිළිබඳ ව ….(පෙ)…. ගඳසුවඳ සංඥාව පිළිබඳ ව ….(පෙ)…. රස සංඥාව පිළිබඳ ව ….(පෙ)…. ස්පර්ශ සංඥාව පිළිබඳ ව ….(පෙ)…. අරමුණු සංඥාව පිළිබඳ ව ….(පෙ)….
රූප සංචේතනාව පිළිබඳ ව ….(පෙ)…. ශබ්ද සංචේතනාව පිළිබඳ ව ….(පෙ)…. ගඳසුවඳ සංචේතනාව පිළිබඳ ව ….(පෙ)…. රස සංචේතනාව පිළිබඳ ව ….(පෙ)…. ස්පර්ශ සංචේතනාව පිළිබඳ ව ….(පෙ)…. අරමුණු සංචේතනාව පිළිබඳ ව ….(පෙ)….
රූප තණ්හාව පිළිබඳ ව ….(පෙ)…. ශබ්ද තණ්හාව පිළිබඳ ව ….(පෙ)…. ගඳසුවඳ තණ්හාව පිළිබඳ ව ….(පෙ)…. රස තණ්හාව පිළිබඳ ව ….(පෙ)…. ස්පර්ශ තණ්හාව පිළිබඳ ව ….(පෙ)…. අරමුණු තණ්හාව පිළිබඳ ව ….(පෙ)….
රූප විතර්කය පිළිබඳ ව ….(පෙ)…. ශබ්ද විතර්කය පිළිබඳ ව ….(පෙ)…. ගඳසුවඳ විතර්කය පිළිබඳ ව ….(පෙ)…. රස විතර්කය පිළිබඳ ව ….(පෙ)…. ස්පර්ශ විතර්කය පිළිබඳ ව ….(පෙ)…. අරමුණු විතර්කය පිළිබඳ ව ….(පෙ)….
රූප විචාරය පිළිබඳ ව ….(පෙ)…. ශබ්ද විචාරය පිළිබඳ ව ….(පෙ)…. ගඳසුවඳ විචාරය පිළිබඳ ව ….(පෙ)…. රස විචාරය පිළිබඳ ව ….(පෙ)…. ස්පර්ශ විචාරය පිළිබඳ ව ….(පෙ)…. අරමුණු විචාරය පිළිබඳ ව ….(පෙ)…. අනිත්‍ය අනුව නුවණින් දකිමින් වාසය කිරීමට ….(පෙ)…. දුක අනුව නුවණින් දකිමින් වාසය කිරීමට ….(පෙ)…. අනාත්මය අනුව නුවණින් දකිමින් වාසය කිරීමට ….(පෙ)…. ක්ෂය වීම අනුව නුවණින් දකිමින් වාසය කිරීමට ….(පෙ)…. නැති වීම අනුව නුවණින් දකිමින් වාසය කිරීමට ….(පෙ)…. විරාගය අනුව නුවණින් දකිමින් වාසය කිරීමට ….(පෙ)…. නිරෝධය අනුව නුවණින් දකිමින් වාසය කිරීමට ….(පෙ)…. ඇල්ම දුරැලීම අනුව නුවණින් දකිමින් වාසය කිරීමට ….(පෙ)….
මහණෙනි, එකොළොස් අංගයකින් සමන්විත වූ ගවයන් රකින්නා ගව රැළ පරිහරණය කිරීමට ත්, දියුණු කිරීමට ත් සමර්ථ වෙයි. ඒ එකොළොස් කරුණ කුමක් ද යත්;
මහණෙනි, මෙහිලා ගවයන් රකින තැනැත්තා හැඩරුවින් ගවයන් හඳුනා ගනියි. ….(පෙ)….
එසෙයින් ම මහණෙනි, එකොළොස් අංගයකින් සමන්විත වූ භික්ෂුව ඇස පිළිබඳ ව අනිත්‍ය නුවණින් දකිමින් වාසය කරන්නට සමර්ථ වෙයි. ….(පෙ)…. ඇල් ම දුරැලීම නුවණින් දකිමින් වාසය කරන්නට සමර්ථ වෙයි.
තුන්වෙනි සාමඤ්ඤ වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_11-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M