සැවැත් නුවර දී ය…..
එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භික්ෂූන් ඇමතූහ.
“ආයුෂ්මත්නි, යම් සේ පඨවී ධාතුවෙහි පඨවී යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ආපෝ ධාතුවෙහි ආපෝ යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, තේජෝ ධාතුවෙහි තේජෝ යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, වායෝ ධාතුවෙහි වායෝ යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, මේ ලෝකයෙහි මේ ලෝකය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, පරලොවෙහි පරලොව යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, යම් හෙයකින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, දැනගත් යමක් ඇද්ද, ලැබුණු යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එහිලා ද ඔහුට හැඳිනීමෙක් නැත්තේ නම්, එසේ නමුත් හැඳිනීමෙකින් ද යුක්ත වැ සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැක්කේ ද?”
“ආයුෂ්මත් සාරිපුත්තයෙනි, කොතරම් දුර සිට වුවත් මෙම පැවසූ කරුණෙහි අර්ථය දැනගැනීම පිණිස අපි ආයුෂ්මත් සාරිපුත්තයන් වෙත එන්නෙමු. මේ පවසන ලද කරුණෙහි අර්ථය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට ම වැටහෙන සේක් නම් මැනැවි. ආයුෂ්මත් සාරිපුත්තයන්ගෙන් අසා භික්ෂූහු දරා ගන්නාහු ය.”
“එසේ වී නම් ආයුෂ්මත්නි, අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.” “එසේය, ආයුෂ්මත”යි ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාළ සේක.
“ආයුෂ්මත්නි, යම් සේ පඨවී ධාතුවෙහි පඨවී යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ….(පෙ)…. යම් හෙයකින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, දැනගත් යමක් ඇද්ද, ලැබුණු යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එහිලා ද ඔහුට හැඳිනීමෙක් නැත්තේ නම්, එසේ නමුත් හැඳිනීමෙකින් ද යුක්ත වැ සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැක්කේ ය.
“ආයුෂ්මත් සාරිපුත්තයෙනි, යම් සේ පඨවී ධාතුවෙහි පඨවී යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ….(පෙ)…. යම් හෙයකින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, දැනගත් යමක් ඇද්ද, ලැබුණු යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එහිලා ද ඔහුට හැඳිනීමෙක් නැත්තේ නම්, එසේ නමුත් හැඳිනීමෙකින් ද යුක්ත වැ සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්රතිලාභයක් භික්ෂුවකට ලැබිය හැක්කේ කෙසේද?”
“ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුව මෙබඳු වූ හැඳිනීමෙකින් යුක්ත වූයේ වෙයි. ‘මෙම සමාධිය ශාන්ත වූ දෙයකි. මෙම සමාධිය ඉතා ප්රණීත දෙයකි. එනම්, සකස් වූ සියළු දෙයෙහි සංසිඳී ගිය බවෙක් ඇද්ද, යළි උපතකට හේතු වන සියල්ල දුරැලූ බවෙක් ඇද්ද, තෘෂ්ණාවෙහි නැසී ගිය බවෙක් ඇද්ද, නොඇල්මට පත් වූ බවෙක් ඇද්ද, භවය නිරුද්ධ වූ බවෙක් ඇද්ද, නිර්වාණයක් ඇද්ද, එයයි.’
ආයුෂ්මත්නි, මෙබඳු වූ සමාධි ප්රතිලාභයෙකි භික්ෂුවකට ලැබෙන්නේ. එනම්, යම් සේ පඨවී ධාතුවෙහි පඨවී යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ආපෝ ධාතුවෙහි ආපෝ යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, තේජෝ ධාතුවෙහි තේජෝ යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, වායෝ ධාතුවෙහි වායෝ යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ආකාසානඤ්චායතනයෙහි ආකාසානඤ්චායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, විඤ්ඤාණඤ්චායතනයෙහි විඤ්ඤාණඤ්චායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, ආකිඤ්චඤ්ඤායතනයෙහි ආකිඤ්චඤ්ඤායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, මේ ලෝකයෙහි මේ ලෝකය යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, පරලොවෙහි පරලොව යන හැඳිනීමෙක් ඇති නොවෙයි ද, යම් හෙයකින් දකින ලද යමක් ඇද්ද, අසන ලද යමක් ඇද්ද, ආඝ්රාණය කරන ලද යමක් ඇද්ද, රස විඳින ලද යමක් ඇද්ද, පහස ලබන ලද යමක් ඇද්ද, දැනගත් යමක් ඇද්ද, ලැබුණු යමක් ඇද්ද, සොයන ලද යමක් ඇද්ද, මනසින් විමසන ලද යමක් ඇද්ද, එහිලා ද ඔහුට හැඳිනීමෙක් නැත්තේ නම්, එසේ නමුත් හැඳිනීමෙකින් ද යුක්ත වැ සිටින්නේ නම්, එබඳු වූ සමාධි ප්රතිලාභයක් භික්ෂුවකට ලැබෙන්නේ මේ අයුරිනි.”
සාදු! සාදු!! සාදු!!!
චතුත්ථ සමාධි සූත්රය නිමා විය.
දෙවෙනි අනුස්සති වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
මහානාම සූත්ර දෙක, නන්දිය සූත්රය, සුභූති සූත්රය, මෙත්තානිසංස සූත්රය, දශම ගෘහපති සූත්රය, ගෝපාල සූත්රය, සමාධි සූත්ර හතර වශයෙන් මෙහි සූත්ර එකොළසකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_11-2-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M