දීඝ නිකාය

මහා වග්ගෝ

10. පායාසි සුත්‌තං

10. පායාසි රාජන්‍යයා හට වදාළ දෙසුම

1. ඒවං මේ සුතං: ඒකං සමයං ආයස්මා කුමාරකස්සපෝ කෝසලේසු චාරිකං චරමානෝ මහතා භික්ඛුසංඝේන සද්ධිං පඤ්චමත්තේහි භික්ඛුසතේහි යේන සේතබ්‍යා නාම කෝසලානං නගරං තදවසරි. තත්‍ර සුදං ආයස්මා කුමාරකස්සපෝ සේතබ්‍යායං විහරති උත්තරේන සේතබ්‍යං සිංසපාවනේ.

මා විසින් මෙසේ අසන ලදී.

එක් සමයෙක්හි ආයුෂ්මත් කුමාර කස්සප තෙරණුවෝ පන්සියයක් පමණ මහත් භික්ෂු සංඝයා සමඟ කොසොල් ජනපදයෙහි චාරිකාවෙහි වඩින අතරෙහි සේතව්‍යා නම් කොසොල් නගරයකට වැඩම කළාහු ය. එහිදී ආයුෂ්මත් කුමාර කස්සප තෙරණුවෝ සේතව්‍යා නගරයට උතුරින් වූ ඇට්ටේරියා වනයෙහි වැඩවසති.

තේන ඛෝ පන සමයේන පායාසි රාජඤ්ඤෝ සේතබ්‍යං අජ්ඣාවසති සත්තුස්සදං සතිණකට්ඨෝදකං සධඤ්ඤං රාජභොග්ගං රඤ්ඤා පසේනදිනා කෝසලේන දින්නං රාජදායං බ්‍රහ්මදෙය්‍යං.

එසමයෙහි පායාසි නම් රාජන්‍යයෙක් (අභිෂේක නොලත් රජෙක්) සේතව්‍යා නගරයෙහි වාසය කරයි. පසේනදී කොසොල් මහරජු විසින් ඔහුට දෙන ලද ඒ සේතව්‍යා නගරය බොහෝ ජනයා සහිත තණ, දඬු, දර, දිය සහිත, ධාන්‍ය සහිත රාජ පරිභෝගයක් වූ ශ්‍රේෂ්ඨ ත්‍යාගයකි.

තේන ඛෝ පන සමයේන පායාසිස්ස රාජඤ්ඤස්ස ඒවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හෝති “ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ”ති.

එසමයෙහි පායාසි රාජන්‍යයා තුළ මෙබඳු ලාමක දෘෂ්ටියක් හටගත්තේ ය. එනම් ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරන ලද කර්මයන්ගේ ඵල විපාක නැත්තේ ය’ යනුවෙනි.

2. අස්සෝසුං ඛෝ සේතබ්‍යකා බ්‍රාහ්මණගහපතිකා: “සමණෝ ඛලු‍ භෝ කුමාරකස්සපෝ සමණස්ස ගෝතමස්ස සාවකෝ කෝසලේසු චාරිකං චරමානෝ මහතා භික්ඛුසංඝේන සද්ධිං පඤ්චමත්තේහි භික්ඛුසතේහි සේතබ්‍යං අනුප්පත්තෝ සේතබ්‍යායං විහරති උත්තරේන සේතබ්‍යං සිංසපාවනේ. තං ඛෝ පන භවන්තං කුමාරකස්සපං ඒවං කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගතෝ: පණ්ඩිතෝ බ්‍යත්තෝ මේධාවී බහුස්සුතෝ චිත්තකථී කල්‍යාණපටිභානෝ වුද්ධෝ චේව අරහා ච. සාධු ඛෝ පන තථාරූපානං අරහතං දස්සනං හෝතී”ති.

සේතව්‍ය නගරවාසී බ්‍රාහ්මණ ගෘහපතිවරු කුමාරකස්සපයන් වහන්සේ පිළිබඳ ව මෙය ඇසූහ. ‘භවත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවක වූ කුමාරකස්සප ශ්‍රමණයන් වහන්සේ පන්සියයක් පමණ මහත් භික්ෂු සංඝයා සමඟ කොසොල් ජනපදයෙහි චාරිකාවෙහි වඩින අතරෙහි සේතව්‍යා නුවරට වැඩම කොට සේතව්‍යා නුවරට උතුරින් පිහිටි ඇට්ටේරියා වනයෙහි වැඩවසන සේක. ඒ භවත් කුමාර කස්සපයන් වහන්සේ පිළිබඳ ව නුවණැත්තෙකු බව ත්, ව්‍යක්තයෙකු බව ත්, සොඳුරු ප්‍රඥාවෙන් යුක්ත බව ත්, බහුශ්‍රැත බව ත්, විචිත්‍ර ධර්මකථික බව ත්, කල්‍යාණ වැටහීම් ඇති බව ත්, වයෝවෘද්ධ බව ත්, රහතන් වහන්සේ නමක් බව ත් වශයෙන් මෙබඳු වූ කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැනනැංගේ ය. එබඳු වූ රහතන් වහන්සේ නමකගේ දැක්ම ඉතා යහපති’ යි කියා ය.

3. අථ ඛෝ සේතබ්‍යකා බ්‍රාහ්මණගහපතිකා සේතබ්‍යාය නික්ඛමිත්වා සංඝසංඝී ගණීභූතා උත්තරේන මුඛා ගච්ඡන්ති යේන සිංසපාවනං. තේන ඛෝ පන සමයේන පායාසි රාජඤ්ඤෝ උපරිපාසාදේ දිවාසෙය්‍යං උපගතෝ හෝති. අද්දසා ඛෝ පායාසි රාජඤ්ඤෝ සේතබ්‍යකේ බ්‍රාහ්මණගහපතිකේ සේතබ්‍යාය නික්ඛමිත්වා සංඝසංඝී ගණීභූතේ උත්තරේන මුඛේ ගච්ඡන්තේ යේන සිංසපාවනං. දිස්වා ඛත්තං ආමන්තේසි: කින්නු ඛෝ භෝ ඛත්තේ සේතබ්‍යකා බ්‍රාහ්මණගහපතිකා සේතබ්‍යාය නික්ඛමිත්වා සංඝසංඝී ගණීභූතා උත්තරේන මුඛා ගච්ඡන්ති යේන සිංසපාවනන්ති?

එකල්හී සේතව්‍යා නුවරවැසි බ්‍රාහ්මණ ගෘහපතීහු සේතව්‍යා නුවරින් නික්ම පිරිස් පිරිස් වශයෙන් එකතු වී සේතව්‍යා නුවරට උතුරු දෙසට මුහුණලා ඇට්ටේරියා වනය දෙසට යමින් සිටියහ. එසමයෙහි පායාසි රාජන්‍ය තෙමේ දහවල් කාලයෙහි සැතැපී විවේක ගැනීම පිණිස උඩුමහල් තලයට පැමිණ සිටියේ ය. පායාසි රාජන්‍ය තෙමේ සේතව්‍යා නුවරවැසි බ්‍රාහ්මණ ගෘහපතීහු සේතව්‍යා නුවරින් නික්ම පිරිස් පිරිස් වශයෙන් එකතු වී සේතව්‍යා නුවරට උතුරු දෙසට මුහුණලා ඇට්ටේරියා වනය දෙසට යමින් සිටිනු දුටුවේ ය. දැක (තම රාජකාරිය වන ඛත්ත නිලය දරන) ඛත්ත ඇමතී ය.

“කිම? භවත් ඛත්තයෙනි, සේතව්‍යා නුවරවැසි බ්‍රාහ්මණ ගෘහපතීහු සේතව්‍යා නුවරින් නික්ම පිරිස් පිරිස් වශයෙන් එකතු වී සේතව්‍යා නුවරට උතුරු දෙසට මුහුණලා ඇට්ටේරියා වනය දෙසට කුමක් පිණිස යන්නාහු ද?”

“අත්ථි ඛෝ භෝ සමණෝ කුමාරකස්සපෝ සමණස්ස ගෝතමස්ස සාවකෝ කෝසලේසු චාරිකං චරමානෝ මහතා භික්ඛුසංඝේන සද්ධිං පඤ්චමත්තේහි භික්ඛුසතේහි සේතබ්‍යං අනුප්පත්තෝ, සේතබ්‍යායං විහරති උත්තරේන සේතබ්‍යං සිංසපාවනේ. තං ඛෝ පන භවන්තං කුමාරකස්සපං ඒවං කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගතෝ: පණ්ඩිතෝ බ්‍යත්තෝ මේධාවී බහුස්සුතෝ චිත්තකථී කල්‍යාණපටිභානෝ වුද්ධෝ චේව අරහා චාති. තමේනං තේ භවන්තං කුමාරකස්සපං දස්සනාය උපසංකමන්තී”ති.

“භවත, එයට කරුණක් ඇත්තේ ය. ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවක වූ කුමාරකස්සප ශ්‍රමණයන් වහන්සේ පන්සියයක් පමණ මහත් භික්ෂු සංඝයා සමඟ කොසොල් ජනපදයෙහි චාරිකාවෙහි වඩින අතරෙහි සේතව්‍යා නුවරට වැඩම කොට සේතව්‍යා නුවරට උතුරින් පිහිටි ඇට්ටේරියා වනයෙහි වැඩවසන සේක. ඒ භවත් කුමාර කස්සපයන් වහන්සේ පිළිබඳ ව නුවණැත්තෙකු බව ත්, ව්‍යක්තයෙකු බව ත්, සොඳුරු ප්‍රඥාවෙන් යුක්ත බව ත්, බහුශ්‍රැත බව ත්, විචිත්‍ර ධර්මකථික බව ත්, කල්‍යාණ වැටහීම් ඇති බව ත්, වයෝවෘද්ධ බව ත්, රහතන් වහන්සේ නමක් බව ත් වශයෙන් මෙබඳු වූ කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැනනැංගේ ය. ඔවුහු ඒ භවත් කුමාර කස්සපයන් දකිනු පිණිස එහි යන්නාහු ය.”

“තේන හි භෝ ඛත්තේ යේන සේතබ්‍යකා බ්‍රාහ්මණගහපතිකා තේනුපසංකම. උපසංකමිත්වා සේතබ්‍යකේ බ්‍රාහ්මණගහපතිකේ ඒවං වදේහි: පායාසි භෝ රාජඤ්ඤෝ ඒවමාහ: ආගමෙන්තු කිර භවන්තෝ, පායාසි පි රාජඤ්ඤෝ සමණං කුමාරකස්සපං දස්සනාය උපසංකමිස්සති පුරා සමණෝ කුමාරකස්සපෝ සේතබ්‍යකේ බ්‍රාහ්මණගහපතිකේ බාලේ අබ්‍යත්තේ සඤ්ඤාපේති: ඉතිපි අත්ථි පරෝ ලෝකෝ, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති. නත්ථි හි භෝ ඛත්තේ පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති. ‘ඒවං භෝ’ති ඛෝ සෝ ඛත්තා පායාසිස්ස රාජඤ්ඤස්ස පටිස්සුත්වා යේන සේතබ්‍යකා බ්‍රාහ්මණගහපතිකා තේනුපසංකමි, උපසංකමිත්වා සේතබ්‍යකේ බ්‍රාහ්මණගහපතිකේ ඒතදවෝච: පායාසි භෝ රාජඤ්ඤෝ ඒවමාහ: ආගමෙන්තු කිර භවන්තෝ, පායාසි පි රාජඤ්ඤෝ සමණං කුමාරකස්සපං දස්සනාය උපසංකමිස්සතී”ති.

“එසේ වී නම් භවත් ඛත්තයෙනි, සේතව්‍යා නුවරවැසි බ්‍රාහ්මණ ගෘහපතියන් වෙත යව. ගොස් සේතව්‍යා නුවරවැසි බ්‍රාහ්මණ ගෘහපතියන්ට මෙසේ පවසව. ‘භවත්නි, පායාසි රාජන්‍ය තෙමේ මෙසේ කියයි. භවත්හු බලාපොරොත්තු වෙත්වා! පායාසි රාජන්‍ය තෙමේ ද ශ්‍රමණ කුමාරකස්සපයන් දකින්නට එළඹෙන්නේ ය. ඒ අනිකකට නොව ශ්‍රමණ කුමාරකස්සපයන් සේතව්‍යා නුවරවැසි බාල වූ, අව්‍යක්ත වූ, බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට ‘මෙසේ ත් පරලොවක් ඇත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ ඇත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරන ලද කර්මයන්ගේ ඵල විපාක ඇත්තේ ය’ කියා පහදන්නට කලින් ය. මක් නිසා ද යත්, භවත් ඛත්තයෙනි, පරලොවක් නැති නිසා ය. ඕපපාතික ව උපදින සත්වයන් නැති නිසා ය. හොඳින් හෝ නරකින් හෝ කරන ලද කර්මයන්ගේ ඵලවිපාක නැති නිසා ය.”

“එසේ ය, භවත” යි ඒ ඛත්ත තෙමේ පායාසි රාජන්‍යයා හට පිළිතුරු දී සේතව්‍යා නුවරවැසි බ්‍රාහ්මණ ගෘහපතිවරුන් කරා ගියේ ය. ගොස් සේතව්‍යා නුවරවැසි බ්‍රාහ්මණ ගෘහපතීන්ට මෙය පැවසුවේ ය.

“භවත්නි, පායාසි රාජන්‍ය තෙමේ මෙසේ පවසයි. භවත්හු බලාපොරොත්තු වෙත්වා! පායාසි රාජන්‍ය තෙමේ ත් ශ්‍රමණ කුමාර කස්සපයන් දකින්නට එළඹෙන්නේ ය.”

4. අථ ඛෝ පායාසි රාජඤ්ඤෝ සේතබ්‍යකේහි බ්‍රාහ්මණගහපතිකේහි පරිවුතෝ යේන සිංසපාවනං යේන ආයස්මා කුමාරකස්සපෝ තේනුපසංකමි, උපසංකමිත්වා ආයස්මතා කුමාරකස්සපේන සද්ධිං සම්මෝදි, සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදි. සේතබ්‍යකාපි ඛෝ බ්‍රාහ්මණගහපතිකා අප්පේකච්චේ ආයස්මන්තං කුමාරකස්සපං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු, අප්පේකච්චේ ආයස්මතා කුමාරකස්සපේන සද්ධිං සම්මෝදිංසු, සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදිංසු, අප්පේකච්චේ යේනායස්මා කුමාරකස්සපෝ තේනඤ්ජලිං පනාමෙත්වා ඒකමන්තං නිසීදිංසු, අප්පේකච්චේ නාමගොත්තං සාවෙත්වා ඒකමන්තං නිසීදිංසු, අප්පේකච්චේ තුණ්හීභූතා ඒකමන්තං නිසීදිංසු.

ඉක්බිති පායාසි රාජන්‍ය තෙමේ සේතව්‍ය නුවර බ්‍රාහ්මණ ගෘහපතියන් පිරිවරාගෙන ඇට්ටේරියා වනය යම් තැනක ද, ආයුෂ්මත් කුමාර කස්සපයන් වහන්සේ වැඩසිටියේ යම් තැනක ද, එතැනට පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් කුමාර කස්සපයන් වහන්සේ සමඟ සතුටු වූයේ ය. සතුටු විය යුතු පිළිසඳර කථාව නිමවා එකත්පස් ව හිඳගත්තේ ය. සේතව්‍යාවැසි බ්‍රාහ්මණ ගෘහපතිවරු ද, ඇතැම් කෙනෙක් ආයුෂ්මත් කුමාර කස්සපයන් වහන්සේට වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. ඇතැම් කෙනෙක් ආයුෂ්මත් කුමාර කස්සපයන් වහන්සේ සමඟ සතුටු කතාබහේ යෙදුණාහු ය. ඒ පිළිසඳර කථාව නිමවා එකත්පස් ව හිඳගත්හ. ඇතැම් කෙනෙක් ආයුෂ්මත් කුමාර කස්සපයන් වෙත ඇඳිලි බැඳ වැඳ එකත්පස් ව හිඳගත්හ. ඇතැම් කෙනෙක් සිය නම්ගොත් පවසා එකත්පස් ව හිඳගත්හ. ඇතැම් කෙනෙක් නිශ්ශබ්ද ව එකත්පස් ව හිඳගත්හ.

5. ඒකමන්තං නිසින්නෝ ඛෝ පායාසි රාජඤ්ඤෝ ආයස්මන්තං කුමාරකස්සපං ඒතදවෝච: “අහං හි භෝ කස්සප ඒවංවාදී ඒවංදිට්ඨී ‘ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ”ති.

එකත්පස් ව හුන් පායාසි රාජන්‍ය තෙමේ ආයුෂ්මත් කුමාර කස්සපයන් වහන්සේට මෙය පැවසීය.

“භවත් කස්සපයෙනි, මම මෙබඳු මතයක් පවසමි. මෙබඳු මතයක් දරමි. එනම්, ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ කියා ය.”

“නාහං රාජඤ්ඤ ඒවංවාදිං ඒවංදිට්ඨිං අද්දසං වා අස්සෝසි වා. කථං හි නාම ඒවං වදෙය්‍ය: ‘ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති. තේන හි රාජඤ්ඤ තඤ්ඤේවෙත්ථ පටිපුච්ඡිස්සාමි, යථා තේ ඛමෙය්‍ය තථා නං බ්‍යාකරෙය්‍යාසි. තං කිම්මඤ්ඤසි රාජඤ්ඤ ඉමේ චන්දිමසුරියා ඉමස්මිං වා ලෝකේ පරස්මිං වා, දේවා වා තේ මනුස්සා වා ති?

“රාජන්‍යයෙනි, මෙබඳු මතයක් කියන, මෙබඳු මතයක් දරණ කෙනෙකු මම දැක නැත්තෙමි. අසා ත් නැත්තෙමි. ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ කියා කොහොම නම් මෙසේ කියන්න ද?

එසේ වී නම් රාජන්‍යයෙනි, මෙහිලා ඔබෙන් ම අසන්නෙමි. ඔබට රිසි වන්නේ යම් අයුරකින් ද, ඒ අයුරින් පවසන්න. රාජන්‍යයෙනි, මේ ගැන කුමක් සිතන්නෙහි ද? මේ සඳ, හිරු දෙදෙන ඇත්තේ මේ ලෝකයෙහි ද? වෙනත් ලොවක ද? ඔවුහු දෙවියෝ ද? මිනිස්සු ද?”

“ඉමේ භෝ කස්සප චන්දිමසුරියා පරස්මිං ලෝකේ න ඉමස්මිං, දේවා තේ න මනුස්සා”ති.

“භවත් කස්සපයෙනි, මේ සඳ, හිරු දෙදෙන වෙනත් ලොවකට අයත් ය. මෙලොවට නොවෙයි. ඔවුහු දෙවියෝ ය. මිනිස්සු නොවෙති.”

“ඉමිනා පි ඛෝ තේ රාජඤ්ඤ පරියායේන ඒවං හෝතු: ඉතිපි අත්ථි පරෝ ලෝකෝ, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ”ති.

“රාජන්‍යයෙනි, මේ ක්‍රමයෙනුත් ඔබට මෙසේ සිතේවා! ‘මෙසේ ත් පරලොවක් ඇත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ ඇත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක ඇත්තේ ය’ කියා ය.”

“කිඤ්චාපි භවං කස්සපෝ ඒවමාහ, අථ ඛෝ ඒවං මේ එත්ථ හෝති: ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ”ති.

“භවත් කස්සපයෝ මෙසේ පැවසුව ද, මට නම් මෙහිලා මෙසේ ම සිතෙයි. එනම් ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ කියා ය.”

6. අත්ථි පන රාජඤ්ඤ පරියායෝ යේන තේ පරියායේන ඒවං හෝති: ‘ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති?

“රාජන්‍යයෙනි, ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ යනුවෙන් ඔබ තුළ මේ දෘෂ්ටිය ඇති වූයේ යම් කරුණක් නිසා නම්, එබඳු කරුණක් ඇත්තේ ද?”

“අත්ථි භෝ කස්සප පරියායෝ යේන මේ පරියායේන ඒවං හෝති: ‘ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති.

“යථා කථං විය රාජඤ්ඤා?”ති.

“භවත් කස්සපයෙනි, ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ කියා මා තුළ මේ දෘෂ්ටිය ඇති වූයේ යම් කරුණකින් නම්, එබඳු කරුණක් ඇත්තේ ය.”

“රාජන්‍යයෙනි, එය කෙබඳු කරුණක් ද?”

“ඉධ මේ භෝ කස්සප මිත්තාමච්චා ඤාතිසාලෝහිතා පාණාතිපාතී අදින්නාදායී කාමේසු මිච්ඡාචාරී මුසාවාදී පිසුණවාචා ඵරුසවාචා සම්ඵප්පලාපී අභිජ්ඣාලූ බ්‍යාපන්නචිත්තා මිච්ඡාදිට්ඨි. තේ අපරේන සමයේන ආබාධිකා හොන්ති දුක්ඛිතා බාළ්හගිලානා. යදාහං ජානාමි න දානි මේ ඉමම්හා ආබාධා වුට්ඨහිස්සන්තීති ත්‍යාහං උපසංකමිත්වා ඒවං වදාමි: සන්ති ඛෝ භෝ ඒකේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ යේ තේ පාණාතිපාතී අදින්නාදායී කාමේසු මිච්ඡාචාරී මුසාවාදී පිසුණවාචා ඵරුසවාචා සම්ඵප්පලාපී අභිජ්ඣාලූ බ්‍යාපන්නචිත්තා මිච්ඡාදිට්ඨි. තේ කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සන්තීති. භවන්තෝ ඛෝ පන පාණාතිපාතී අදින්නාදායී කාමේසු මිච්ඡාචාරී මුසාවාදී පිසුණවාචා ඵරුසවාචා සම්ඵප්පලාපී අභිජ්ඣාලූ බ්‍යාපන්නචිත්තා මිච්ඡාදිට්ඨි. සචේ තේසං භවතං සමණබ්‍රාහ්මණානං සච්චං වචනං, භවන්තෝ කායස්ස භේදා පරම් මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජිස්සන්ති. සචේ භෝ කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්‍යාථ, යේන මේ ආගන්ත්වා ආරෝචෙය්‍යාථ: ‘ඉතිපි අත්ථි පරෝ ලෝකෝ, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති. භවන්තෝ ඛෝ පන මේ සද්ධායිකා පච්චයිකා යං භවන්තේහි දිට්ඨං, යථා සාමං දිට්ඨං ඒවමේතං භවිස්සතී’ති. තේ මේ ‘සාධූ’ති පටිස්සුත්වා නේව ආගන්ත්වා ආරෝචෙන්ති, න පන දූතං පහිණන්ති. අයම්පි ඛෝ භෝ කස්සප පරියායෝ යේන මේ පරියායේන ඒවං හෝති: ‘ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති.”

“භවත් කස්සපයෙනි, මෙහිලා ප්‍රාණවධ කරන, සොරකම් කරන, වැරදි කාම සේවනයෙහි යෙදෙන, බොරු කියන, කේලාම් කියන, පරුෂ වචන කියන, හිස් වචන කියන, අන් සතු දෙයට ආශා කරන, ද්වේෂ සිතින් සිටින, මිසදිටු ගත් මාගේ යහළු මිතුරෝ, සහලේ ඥාතීහු ඇත්තාහ. මෑත භාගයෙහි ඔවුහු රෝගාතුර ව, දුක්ඛිත ව, දැඩි සේ ගිලන් ව සිටියාහු ය. මොවුන් දැන් මේ රෝගයෙන් නොනැගිටින්නාහ යි යම් කලෙක මම දනිම් ද, එකල්හී මම ඔවුන් කරා ගොස් මෙසේ කියමි. ‘භවත්නි, මෙබඳු මතයක් කියන, මෙබඳු මතයක් දරණ ඇතැම් ශ්‍රමණබ්‍රාහ්මණවරු සිටිති. එනම්, සතුන් මරන, සොරකම් කරන, වැරදි කාම සේවනයෙහි යෙදෙන, බොරු කියන, කේලාම් කියන, පරුෂ වචන කියන, හිස් වචන කියන, අන් සතු දෙයට ආශා කරන, ද්වේෂ සිතින් සිටින, මිසදිටු ගත් යම් කෙනෙක් වෙත් ද, ඔවුහු කය බිඳී මරණින් මතු අපාය දුගති විනිපාත නම් වූ නිරයෙහි උපදින්නෝ ය. භවත්හු වනාහී සතුන් මරන, සොරකම් කරන, වැරදි කාම සේවනයෙහි යෙදෙන, බොරු කියන, කේලාම් කියන, පරුෂ වචන කියන, හිස් වචන කියන, අන් සතු දෙයට ආශා කරන, ද්වේෂ සිතින් සිටින, මිසදිටු ගත්තෝ ය. ඉදින් ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ වචන සත්‍යය නම්, භවත්හු කය බිඳී මරණින් මතු අපාය, දුගති, විනිපාත නම් නිරයෙහි උපදින්නාහු ය. ඉදින් භවත්නි, කය බිඳී මරණින් මතු අපාය, දුගති, විනිපාත නිරයෙහි උපදිත් නම් මා වෙත පැමිණ එය දැනුම් දෙව්. ‘මෙසේ ත් පරලොවක් ඇත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ ඇත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක ඇත්තේ ය’ කියා ය.

භවත්හු වනාහී මට ඇදහිය යුතු වචන, විශ්වාස වචන ඇත්තෝ ය. භවතුන් විසින් යමක් දකින ලද්දේ නම්, එය මා විසින් දකින ලද්දක් සේ මෙසේ ම වන්නේ ය. ඔවුහු ‘යහපති’ යි මට පිළිතුරු දී මිය ගියෝ ය. එහෙත් පෙරළා පැමිණ මට දැනුම් නොදුන්හ. අඩුගණනේ දූතයෙකු වත් නොඑව්වෝ ය.

භවත් කස්සපයෙනි, යම් කරුණක් නිසා ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ යන දෘෂ්ටිය මා තුළ හටගත්තේ ද, මෙය ද කරුණකි.”

‘තේන හි රාජඤ්ඤ තඤ්ඤේවෙත්ථ පටිපුච්ඡිස්සාමි, යථා තේ ඛමෙය්‍ය, තථා නං බ්‍යාකරෙය්‍යාසි. තං කිම්මඤ්ඤසි රාජඤ්ඤ? ඉධ තේ පුරිසා චෝරං ආගුචාරිං ගහෙත්වා දස්සෙය්‍යුං ‘අයං තේ භන්තේ චෝරෝ ආගුචාරී, ඉමස්ස යං ඉච්ඡසි, තං දණ්ඩං පණේහී’ති, තේ ත්වං ඒවං වදෙය්‍යාසි තේන හි භෝ ඉමං පුරිසං දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩං කාරෙත්වා ඛරස්සරේන පණවේන රථියාය රථියං සිංඝාටකේන සිංඝාටකං පරිනෙත්වා දක්ඛිණේන ද්වාරේන නික්ඛාමෙත්වා දක්ඛිණතෝ නගරස්ස ආඝාතනේ සීසං ඡින්දථා’ති. තේ ‘සාධූ’ති පටිස්සුත්වා තං පුරිසං දළ්හාය රජ්ජුයා පච්ඡාබාහං ගාළ්හබන්ධනං බන්ධිත්වා ඛුරමුණ්ඩං කාරෙත්වා ඛරස්සරේන පණවේන රථියාය රථියං සිංඝාටකේන සිංඝාටකං පරිනෙත්වා දක්ඛිණේන ද්වාරේන නික්ඛාමෙත්වා දක්ඛිණතෝ නගරස්ස ආඝාතනේ නිසීදාපෙය්‍යුං. ලභෙය්‍ය නු ඛෝ සෝ චෝරෝ චෝරඝාතේසු ‘ආගමෙන්තු තාව භවන්තෝ චෝරඝාතා අමුකස්මිං මේ ගාමේ වා නිගමේ වා මිත්තාමච්චා ඤාතිසාලෝහිතා, යාවාහං තේසං උද්දස්සෙත්වා ආගච්ඡාමී’ති? උදාහු විප්පලපන්තස්සේව චෝරඝාතා සීසං ඡින්දෙය්‍යුන්ති?”

“එසේ වී නම් රාජන්‍යයෙනි, මෙහිලා ඔබෙන් ම විමසන්නෙමි. ඔබට රිසි වන්නේ යම් අයුරකින් නම්, ඒ අයුරින් පවසන්න. රාජන්‍යයෙනි, මේ ගැන කුමක් සිතන්නෙහි ද? මෙහි ඔබගේ පුරුෂයෝ අපරාධ කළ සොරෙකු අල්ලා ගෙනවුත් ‘හිමියනි, මේ සොරා අපරාධකාරයෙකි. මොහුට යම් දඬුවමක් කැමැත්තෙහු නම්, ඒ දඬුවම පණවන්නැ’ යි ඔබට දක්වති. ඔබ ඔවුන්ට මෙසේ කියන්නෙහි ය. ‘භවත්නි, එසේ නම් දැඩි වරපටක් ගෙන, දෑත් පිටුපස කොට මේ පුරුෂයා ව තද කොට බැඳ, හිස මුඩු කරවා, බැගෑ හඬ ඇති බෙර නාදයෙන් යුතුව පාරක් පාරක් ගානේ, හතරමං හන්දියක් හතරමං හන්දියක් ගානේ ගෙන ගොස්, දකුණු දොරටුවෙන් නික්ම නගරයට දකුණු පසින් ඇති වධක භූමියෙහි දී හිස සිඳිව්’ යි.

එවිට ඔවුහු ‘යහපති’ යි පිළිවදන් දී දැඩි වරපටක් ගෙන, දෑත් පිටුපස කොට අර පුරුෂයා ව තද කොට බැඳ, හිස මුඩු කරවා, බැගෑ හඬ ඇති බෙර නාදයෙන් යුතුව පාරක් පාරක් ගානේ, හතරමං හන්දියක් හතරමං හන්දියක් ගානේ ගෙන ගොස්, දකුණු දොරටුවෙන් නික්ම නගරයට දකුණු පසින් ඇති වධක භූමියෙහි හිඳුවන්නාහු ය. එකල්හී ඒ සොරා නිළ ලත් සොරු මරන්නවුන්ගෙන් ‘භවත් චෝරඝාතකවරුනි, අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ මාගේ හිතමිත්‍රයෝ, ලේ ඥාතීහු සිටිති. මම ඔවුන්ට මා සතු දේපල පවරා දී ආපසු පැමිණෙම් ද, එතෙක් බලාපොරොත්තු වෙත්වා!’ යන මෙබඳු දෙයක් ලැබෙයි ද? එසේ ත් නැත්නම් චෝරඝාතකයෝ ඔහු හඬා වැළපෙද්දී ම හිස සිඳින්නාහු ද?”

“න හි සෝ භෝ කස්සප චෝරෝ ලභෙය්‍ය චෝරඝාතේසු: ආගමෙන්තු තාව භවන්තෝ චෝරඝාතා අමුකස්මිං ගාමේ වා නිගමේ වා මිත්තාමච්චා ඤාතිසාලෝහිතා, යාවාහං තේසං උද්දස්සෙත්වා ආගච්ඡාමී’ති. අථ ඛෝ නං විප්පලපන්තස්සේව චෝරඝාතා සීසං ඡින්දෙය්‍යුන්ති.

“භවත් කස්සපයෙනි, ඒ සොරා නිළ ලත් චෝරඝාතකයන්ගෙන් ‘භවත් චෝරඝාතකවරුනි, අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ මාගේ හිතමිත්‍රයෝ, ලේ ඥාතීහු සිටිති. මම ඔවුන්ට මා සතු දේපල පවරා දී ආපසු පැමිණෙම් ද, එතෙක් බලාපොරොත්තු වෙත්වා!’ යන මෙබඳු දෙයක් නොලබන්නේ ය. නමුත් චෝරඝාතකයෝ ඔහු හඬා වැළපෙද්දී ම හිස සිඳින්නාහු ය.”

“සෝ හි නාම රාජඤ්ඤ චෝරෝ මනුස්සෝ මනුස්සභූතේසු චෝරඝාතේසු න ලභිස්සති: ආගමෙන්තු තාව භොන්තෝ චෝරඝාතා අමුකස්මිං මේ ගාමේ වා නිගමේ වා මිත්තාමච්චා ඤාතිසාලෝහිතා, යාවාහං තේසං උද්දේසෙත්වා ආගච්ඡාමී’ති. කිං පන තේ මිත්තාමච්චා ඤාතිසාලෝහිතා පාණාතිපාතී අදින්නාදායී කාමේසු මිච්ඡාචාරී මුසාවාදී පිසුණවාචා ඵරුසවාචා සම්ඵප්පලාපී අභිජ්ඣාලූ බ්‍යාපන්නචිත්තා මිච්ඡාදිට්ඨි, තේ කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා ලභිස්සන්ති නිරයපාලේසු: “ආගමෙන්තු තාව භවන්තෝ නිරයපාලා යාව මයං පායාසිස්ස රාජඤ්ඤස්ස ගන්ත්වා ආරෝචේම ඉතිපි අත්ථි පරෝ ලෝකෝ, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ?”ති. ඉමිනා පි ඛෝ තේ රාජඤ්ඤ පරියායේන ඒවං හෝතු: ඉතිපි අත්ථි පරෝ ලෝකෝ, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති.

“රාජන්‍යයෙනි, ඒ සොරා වනාහී මිනිසෙකි. මනුෂ්‍ය වූ ම චෝරඝාතකයන් ගෙන් ‘භවත් චෝරඝාතකවරුනි, අසවල් ගමෙහි හෝ නියම් ගමෙහි හෝ මාගේ හිතමිත්‍රයෝ, ලේ ඥාතීහු සිටිති. මම ඔවුන්ට මා සතු දේපල පවරා දී ආපසු පැමිණෙම් ද, එතෙක් බලාපොරොත්තු වෙත්වා!’ යන මෙබඳු දෙයක් නොලබන්නේ ය. කිම? එසේ ඇති කල්හී සතුන් මරන, සොරකම් කරන, වැරදි කාම සේවනයෙහි යෙදෙන, බොරු කියන, කේලාම් කියන, පරුෂ වචන කියන, හිස් වචන කියන, අන් සතු දෙයට ආශා කරන, ද්වේෂ සිතින් සිටින, මිසදිටු ගෙන සිටින ඔබගේ යහළු මිත්‍රාදීහු, ලේ ඥාතීහු කය බිඳී මරණින් මතු අපාය, දුගති, විනිපාත නම් නිරයෙහි ඉපදුණු පසු නිරයපාලයන්ගෙන් ‘භවත් නිරයපාලයෙනි, මෙසේ ත් පරලොවක් ඇත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ ඇත්තාහු ය. හොඳින් හෝ නරකින් හෝ කරන ලද කර්මයන්ගේ විපාක ඇත්තේ ය කියා අපි පායාසි රාජන්‍යයා හට දැනුම් දෙන්නෙම් ද, එතෙක් අපගේ යළි පැමිණීම බලාපොරොත්තු වෙත්වා’ යි යන කරුණු ලැබිය හැක්කක්ද?

රාජන්‍යයෙනි, මේ ක්‍රමයෙනුත් ඔබට මෙසේ සිතේවා! ‘මෙසේ ත් පරලොවක් ඇත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ ඇත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක ඇත්තේ ය’ කියා ය.”

“කිඤ්චාපි භවං කස්සපෝ ඒවමාහ, අථ ඛෝ ඒවං මේ එත්ථ හෝති: ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති.”

“භවත් කස්සපයෝ මෙසේ පැවසුව ද, මට නම් මෙහිලා මෙසේ ම සිතෙයි. එනම් ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ කියා ය.”

7. “අත්ථි පන රාජඤ්ඤ පරියායෝ යේන තේ පරියායේන ඒවං හෝති: ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝති?”

“රාජන්‍යයෙනි, ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ යනුවෙන් ඔබ තුළ මේ දෘෂ්ටිය ඇති වූයේ යම් කරුණක් නිසා නම්, එබඳු කරුණක් ඇත්තේ ද?”

“අත්ථි භෝ කස්සප පරියායෝ යේන මේ පරියායේන ඒවං හෝති: ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝති”.

“භවත් කස්සපයෙනි, ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ කියා මා තුළ මේ දෘෂ්ටිය ඇති වූයේ යම් කරුණකින් නම්, එබඳු කරුණක් ඇත්තේ ය.”

“යථා කථං විය රාජඤ්ඤා?”ති.

“රාජන්‍යයෙනි, එය කෙබඳු කරුණක් ද?”

“ඉධ මේ භෝ කස්සප මිත්තාමච්චා ඤාතිසාලෝහිතා පාණාතිපාතා පටිවිරතා අදින්නාදානා පටිවිරතා කාමේසු මිච්ඡාචාරා පටිවිරතා මුසාවාදා පටිවිරතා පිසුණාය වාචාය පටිවිරතා ඵරුසාය වාචාය පටිවිරතා සම්ඵප්පලාපා පටිවිරතා අනභිජ්ඣාලූ අබ්‍යාපන්නචිත්තා සම්මාදිට්ඨි. තේ අපරේන සමයේන ආබාධිකා හොන්ති දුක්ඛිතා බාළ්හගිලානා යදාහං ජානාමි “න දානි මේ ඉමම්හා ආබාධා වුට්ඨහිස්සන්තී’ති. ත්‍යාහං උපසංකමිත්වා ඒවං වදාමි: සන්ති ඛෝ භෝ ඒකේ සමණබ්‍රාහ්මණා ඒවං වාදිනෝ ඒවං දිට්ඨිනෝ “යේ තේ පාණාතිපාතා පටිවිරතා අදින්නාදානා පටිවිරතා කාමේසු මිච්ඡාචාරා පටිවිරතා මුසාවාදා පටිවිරතා පිසුණාය වාචාය පටිවිරතා ඵරුසාය වාචාය පටිවිරතා සම්ඵප්පලාපා පටිවිරතා අනභිජ්ඣාලූ අබ්‍යාපන්නචිත්තා සම්මාදිට්ඨි, තේ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජන්තී’ති. භවන්තෝ ඛෝ පාණාතිපාතා පටිවිරතා අදින්නාදානා පටිවිරතා කාමේසු මිච්ඡාචාරා පටිවිරතා මුසාවාදා පටිවිරතා පිසුණාය වාචාය පටිවිරතා ඵරුසාය වාචාය පටිවිරතා සම්ඵප්පලාපා පටිවිරතා අනභිජ්ඣාලූ අබ්‍යාපන්නචිත්තා සම්මාදිට්ඨි. සචේ තේසං භවතං සමණබ්‍රාහ්මණානං සච්චං වචනං, භවන්තෝ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජිස්සන්ති. සචේ භෝ කායස්ස භේදා පරම් මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජෙය්‍යාථ, යේන මේ ආගන්ත්වා ආරෝචෙය්‍යාථ: ‘ඉතිපි අත්ථි පරෝ ලෝකෝ, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති. භවන්තෝ ඛෝ පන මේ සද්ධායිකා පච්චයිකා, යං භවන්තේහි දිට්ඨං, යථා සාමං දිට්ඨං ඒවමේතං භවිස්සතී’ති. තේ මේ ‘සාධූ’ති පටිස්සුත්වා නේව ආගන්ත්වා ආරෝචෙන්ති න පන දූතං පහිණන්ති. අයම්පි ඛෝ භෝ කස්සප පරියායෝ යේන මේ පරියායේන ඒවං හෝති: ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති”.

“භවත් කස්සපයෙනි, මෙහි මාගේ යහළු මිත්‍රයෝ, සහලේ ඥාතීහු සතුන් මැරීමෙන් වැළකී, සොරකමින් වැළකී, වැරදි කාම සේවනයෙන් වැළකී, බොරු කීමෙන් වැළකී, කේලාම් කීමෙන් වැළකී, පරුෂ වචනයෙන් වැළකී, හිස් වචනයෙන් වැළකී, අන් සතු දෙයට ආශා නොකොට, තරහ සිත් නැතිව, සම්මා දිට්ඨියෙන් සිටිති. මෑත භාගයෙහි ඔවුහු රෝගාතුර ව, දුක්ඛිත ව, දැඩි සේ ගිලන් ව සිටියාහු ය. මොවුන් දැන් මේ රෝගයෙන් නොනැගිටින්නාහ යි යම් කලෙක මම දනිම් ද, එකල්හී මම ඔවුන් කරා ගොස් මෙසේ කියමි. ‘භවත්නි, මෙබඳු මතයක් කියන, මෙබඳු මතයක් දරණ ඇතැම් ශ්‍රමණබ්‍රාහ්මණවරු සිටිති. එනම්, සතුන් මැරීමෙන් වැළකී, සොරකමින් වැළකී, වැරදි කාම සේවනයෙන් වැළකී, බොරු කීමෙන් වැළකී, කේලාම් කීමෙන් වැළකී, පරුෂ වචනයෙන් වැළකී, හිස් වචනයෙන් වැළකී, අන් සතු දෙයට ආශා නොකොට, තරහ සිත් නැතිව, සම්මා දිට්ඨියෙන් යුතුව යම් කෙනෙක් සිටිත් නම්, ඔවුහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදින්නාහ. භවත්හු වනාහී සතුන් මැරීමෙන් වැළකී, සොරකමින් වැළකී, වැරදි කාම සේවනයෙන් වැළකී, බොරු කීමෙන් වැළකී, කේලාම් කීමෙන් වැළකී, පරුෂ වචනයෙන් වැළකී, හිස් වචනයෙන් වැළකී, අන් සතු දෙයට ආශා නොකොට, තරහ සිත් නැතිව, සම්මා දිට්ඨියෙන් යුතු වූවෝ ය. ඉදින් ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ වචනය සැබෑ නම්, භවත්හු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදින්නාහු ය. ඉදින් භවත්හු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපදිත් නම්, මා වෙත පැමිණ එය දැනුම් දෙව්. ‘මෙසේ ත් පරලොවක් ඇත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ ඇත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක ඇත්තේ ය’ කියා ය.

භවත්හු වනාහී මට ඇදහිය යුතු වචන, විශ්වාස වචන ඇත්තෝ ය. භවතුන් විසින් යමක් දකින ලද්දේ නම්, එය මා විසින් දකින ලද්දක් සේ මෙසේ ම වන්නේ ය. ඔවුහු ‘යහපති’ යි මට පිළිතුරු දී මිය ගියෝ ය. එහෙත් පෙරළා පැමිණ මට දැනුම් නොදුන්හ. අඩුගණනේ දූතයෙකු වත් නොඑව්වෝ ය.

භවත් කස්සපයෙනි, යම් කරුණක් නිසා ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ යන දෘෂ්ටිය මා තුළ හටගත්තේ ද, මෙය ද කරුණකි.”

“තේන හි රාජඤ්ඤ උපමං තේ කරිස්සාමි. උපමායපි ඉධේකච්චේ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. සෙය්‍යථාපි රාජඤ්ඤ පුරිසෝ ගූථකූපේ සසීසකං නිමුග්ගෝ අස්ස, අථ ත්වං පුරිසේ ආණාපෙය්‍යාසි: ‘තේන හි භෝ තං පුරිසං තම්හා ගූථකූපා උද්ධරථා’ති තේ ‘සාධූ’ති පටිස්සුත්වා තං පුරිසං තම්හා ගූථකූපා උද්ධරෙය්‍යුං, තේ ත්වං ඒවං වදෙය්‍යාසි: ‘තේන හි භෝ තස්ස පුරිසස්ස කායා වේළුපේසිකාහි ගූථං සුනිම්මජ්ජිතං නිම්මජ්ජථා”ති, තේ ‘සාධූ’ති පටිස්සුත්වා තස්ස පුරිසස්ස කායා වේළුපේසිකාහි ගූථං සුනිම්මජ්ජිතං නිම්මජ්ජෙය්‍යුං, තේ ත්වං ඒවං වදෙය්‍යාසි: ‘තේන හි භෝ තස්ස පුරිසස්ස කායං පණ්ඩුමත්තිකාය තික්ඛත්තුං සුබ්බට්ටිතං උබ්බට්ටේථා’ති. තේ තස්ස පුරිසස්ස කායං පණ්ඩුමත්තිකාය තික්ඛත්තුං සුබ්බට්ටිතං උබ්බට්ටෙය්‍යුං, තේ ත්වං ඒවං වදෙය්‍යාසි: ‘තේන හි භෝ තං පුරිසං තේලේන අබ්භඤ්ජිත්වා සුඛුමේන චුණ්ණේන තික්ඛත්තුං සුප්පධෝතං කරෝථා’ති, තේ තං පුරිසං තේලේන අබ්භඤ්ජිත්වා සුඛුමේන චුණ්ණේන තික්ඛත්තුං සුප්පධෝතං කරෙය්‍යුං, තේ ත්වං ඒවං වදෙය්‍යාසි: ‘තේන හි භෝ තස්ස පුරිසස්ස කේසමස්සුං කප්පේථා’ති, තේ තස්ස පුරිසස්ස කේසමස්සුං කප්පෙය්‍යුං, තේ ත්වං ඒවං වදෙය්‍යාසි: ‘තේන හි භෝ තස්ස පුරිසස්ස මහග්ඝඤ්ච මාලං මහග්ඝඤ්ච විලේපනං මහග්ඝානි ච වත්ථානි උපහරථා’ති, තේ තස්ස පුරිසස්ස මහග්ඝඤ්ච මාලං මහග්ඝඤ්ච විලේපනං මහග්ඝානි ච වත්ථානි උපහරෙය්‍යුං, තේ ත්වං ඒවං වදෙය්‍යාසි: ‘තේන හි භෝ තං පුරිසං පාසාදං ආරෝපෙත්වා පඤ්චකාමගුණානි උපට්ඨපේථා’ති, තේ තං පුරිසං පාසාදං ආරෝපෙත්වා පඤ්චකාමගුණානි උපට්ඨපෙය්‍යුං, තං කිම්මඤ්ඤසි රාජඤ්ඤ? අපි නු තස්ස පුරිසස්ස සුනහාතස්ස සුවිලිත්තස්ස සුකප්පිතකේසමස්සුස්ස ආමුත්තමාලාභරණස්ස ඕදාතවත්ථවසනස්ස උපරිපාසාදවරගතස්ස පඤ්චහි කාමගුණේහි සමප්පිතස්ස සමංගීභූතස්ස පරිචාරයමානස්ස පුනදේව තස්මිං ගූථකූපේ නිම්මුජ්ජිතුකම්‍යතා අස්සා’ති”?

“එසේ වී නම් රාජන්‍යයෙනි, ඔබට උපමාවකින් පැහැදිලි කරන්නෙමි. මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ උපමාවෙනුත් පවසන ලද කරුණෙහි අරුත් තේරුම් ගනිති. රාජන්‍යයෙනි, එය මෙබඳු දෙයකි. පුරුෂයෙක් අශුචි වළක හිස සහිත ව ගිලී සිටියේ වෙයි. එකල්හී ඔබ පුරුෂයන්ට අණ කරන්නෙහි ය. ‘භවත්නි, එසේ නම්, අර පුරුෂයා ඒ අශුචි වළෙන් උඩට ගොඩගනිව්.’ ඔවුහු ‘යහපතැ’ යි පිළිවදන් දී ඒ පුරුෂයා ඒ අශුචි වළෙන් ගොඩගත්තාහු ය. එවිට ඔබ ඔවුන්ට මෙසේ කියන්නෙහි ය. ‘එසේ නම් භවත්නි, ඒ පුරුෂයාගේ කයෙහි ඇති අශූචි උණ පතුරුවලින් හොඳින් බැහැරට පිස දමව්.’ ඔවුහු ‘යහපතැ’ යි පිළිවදන් දී උණ පතුරුවලින් ඒ පුරුෂයාගේ කයෙහි ඇති අශූචි හොඳින් බැහැරට පිස දැම්මාහු ය.

එවිට ඔබ ඔවුන්ට මෙසේ කියන්නෙහි ය. ‘එසේ නම් භවත්නි, ඒ පුරුෂයාගේ කය පඬුවන් මැටියෙන් තුන් වරක් ඉතා හොඳින් අතුල්ලා දමව්.’ ඔවුහු ඒ පුරුෂයාගේ කය පඬුවන් මැටියෙන් තුන් වතාවක් ඉතා හොඳින් අතුල්ලා දැම්මාහු ය. එවිට ඔබ ඔවුන්ට මෙසේ කියන්නෙහි ය. ‘එසේ නම් භවත්නි, ඒ පුරුෂයාට තෙල් ගල්වා, සියුම් පුයරින් තුන් වරක් හොඳින් පිරිසිදු කරව්. ඔවුහු ඒ පුරුෂයාට තෙල් ගල්වා, සියුම් පුයරින් තුන් වරක් හොඳින් පිරිසිදු කළාහු ය. එවිට ඔබ ඔවුන්ට මෙසේ කියන්නෙහි ය. ‘එසේ නම් භවත්නි, ඒ පුරුෂයාගේ කෙස් රැවුල් මනාකොට පීරව්.’ ඔවුහු ඒ පුරුෂයාගේ කෙස් රැවුල් ඉතා යහපත් ලෙස පීරූහ. එවිට ඔබ ඔවුන්ට මෙසේ කියන්නෙහි ය. ‘එසේ නම් භවත්නි, ඒ පුරුෂයාට මාහැඟි මල් මාලා ද, මාහැඟි සුවඳ විලවුන් ද, මාහැඟි වස්ත්‍ර ද ලබාදෙව්. ඔවුහු ඒ පුරුෂයාට මාහැඟි මල් මාලා ද, මාහැඟි සුවඳ විලවුන් ද, මාහැඟි වස්ත්‍ර ද ලබා දුන්නාහු ය.

එවිට ඔබ ඔවුන්ට මෙසේ කියන්නෙහි ය. ‘එසේ නම් භවත්නි, ඒ පුරුෂයා ප්‍රාසාදයෙහි උඩු මහලට කැඳවාගෙන ගොස් පංච කාම ගුණයන් ගෙන් උපස්ථාන කරව්.’ ඔවුහු ඒ පුරුෂයා ව ප්‍රාසාදයෙහි උඩුමහලට කැඳවාගෙන ගොස් පංච කාම ගුණයන්ගෙන් උපස්ථාන කළාහු ය.

රාජන්‍යයෙනි, මේ ගැන කුමක් සිතන්නෙහි ද? හොඳින් ස්නානය කළ, හොඳින් සුවඳ විලවුන් තවරා ගත්, හොඳින් කෙස් රැවුල් සරසා ගත්, මල් අබරණ පැළඳ ගත්, සුදු වත් හැඳගත් ප්‍රාසාදයක උඩු මහලට නැග, පංච කාම ගුණයන්ගෙන් පිරිවරා සිටින, එයින් සතුටු වෙමින් සිටින ඒ පුරුෂයා නැවත ත් ඒ අශුචි වළෙහි ගිලී වැටෙන්නට කැමති වෙයි ද?”

“නෝ හිදං භෝ කස්සප”.

“භවත් කස්සපයෙනි, මෙය නොවේ ම ය.”

“තං කිස්ස හේතු?”

“එයට හේතුව කුමක් ද?”

“අසුචි භෝ කස්සප ගූථකූපෝ, අසුචි චේව අසුචි සංඛාතෝ ච දුග්ගන්ධෝ ච දුග්ගන්ධසංඛාතෝ ච ජේගුච්ඡෝ ච ජේගුච්ඡසංඛාතෝ ච පටික්කූලෝ ච පටික්කූලසංඛාතෝ චාති.

“භවත් කස්සපයෙනි, ඒ මළපහ පිරුණු වළ අපිරිසිදු ය. අශුචි යන සංඛ්‍යාවයට ගියේ ය. දුගඳින් යුක්ත ද වෙයි. දුගඳ සංඛ්‍යාවයට ගියේ ය. පිළිකුල් කටයුතු දෙයකුත් වෙයි. පිළිකුල් ය යන සංඛ්‍යාවට ගියේ ය. අප්‍රිය වූ දෙයකුත් වෙයි. අප්‍රිය ගණනට වැටෙයි.”

‘ඒවමේව ඛෝ රාජඤ්ඤ මනුස්සා දේවානං අසුචි චේව අසුචිසංඛාතා ච දුග්ගන්ධා ච දුග්ගන්ධසංඛාතා ච ජේගුච්ඡා ච ජේගුච්ඡසංඛාතා ච පටික්කූලා ච පටික්කූලසංඛාතා ච. යෝජනසතං ඛෝ රාජඤ්ඤ මනුස්සගන්ධෝ දේවේ උබ්බාධති. කිම්පන තේ මිත්තාමච්චා ඤාතිසාලෝහිතා පාණාතිපාතා පටිවිරතා අදින්නාදානා පටිවිරතා කාමේසු මිච්ඡාචාරා පටිවිරතා මුසාවාදා පටිවිරතා පිසුණාය වාචාය පටිවිරතා ඵරුසාය වාචාය පටිවිරතා සම්ඵප්පලාපා පටිවිරතා අනභිජ්ඣාලූ අබ්‍යාපන්නචිත්තා සම්මාදිට්ඨි කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපන්නා තේ ආගන්ත්වා ආරෝචෙස්සන්ති: ඉතිපි අත්ථි පරෝ ලෝකෝ, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති? ඉමිනාපි ඛෝ තේ රාජඤ්ඤ පරියායේන ඒවං හෝතු: ඉතිපි අත්ථි පරෝ ලෝකෝ, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ”ති.

“එසෙයින් ම රාජන්‍යයෙනි, මනුෂ්‍යයෝ දෙවිවරුන්ට අපිරිසිදු වෙයි. අපිරිසිදු සංඛ්‍යාවයට අයත් ය. දුර්ගන්ධයෙන් යුක්ත වෙති. දුගඳ සංඛ්‍යාවට අයත් ය. පිළිකුල් කටයුතු වෙති. පිළිකුල් සංඛ්‍යාවට අයත් ය. අප්‍රිය වෙති. අප්‍රිය සංඛ්‍යාවට අයත් ය. රාජන්‍යයෙනි, මනුෂ්‍ය ගන්ධය දෙවියන් හට යොදුන් සියයකට දුරට ත් බාධා කරයි. කිම? එසේ ඇති කල්හී ඔබගේ යහළු මිත්‍රයෝ, ලේ ඥාතීහු සතුන් මැරීමෙන් වැළකී, සොරකමින් වැළකී, වැරදි කාම සේවනයෙන් වැළකී, බොරු කීමෙන් වැළකී, කේලාම් කීමෙන් වැළකී, පරුෂ වචනයෙන් වැළකී, හිස් වචනයෙන් වැළකී, අන් සතු දෙයට ආශා නොකොට, තරහ සිත් නැතිව, සම්මා දිට්ඨියෙන් යුතු වූවාහු ද, ඔවුහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවෙහි උපන්නාහු නම්, ඔවුහු ඔබ වෙත පැමිණ ‘මෙසේ ත් පරලොවක් ඇත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ ඇත්තාහු ය. හොඳින් හෝ නරකින් හෝ කරන ලද කර්මයන්ගේ විපාක ඇත්තේ ය’ යි දැනුම් දේවිද?

රාජන්‍යයෙනි, මේ ක්‍රමයෙනුත් ඔබට මෙසේ සිතේවා! ‘මෙසේ ත් පරලොවක් ඇත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ ඇත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක ඇත්තේ ය’ කියා ය.”

කිඤ්චාපි භවං කස්සපෝ ඒවමාහ, අථ ඛෝ ඒවං මේ එත්ථ හෝති: ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති.

“භවත් කස්සපයෝ මෙසේ පැවසුව ද, මට නම් මෙහිලා මෙසේ ම සිතෙයි. එනම් ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ කියා ය.”

8. “අත්ථි පන භෝ රාජඤ්ඤ පරියායෝ ….(පෙ)….”

“රාජන්‍යයෙනි, ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ යනුවෙන් ඔබ තුළ මේ දෘෂ්ටිය ඇති වූයේ යම් කරුණක් නිසා නම්, එබඳු කරුණක් ඇත්තේ ද?”

“අත්ථි භෝ කස්සප පරියායෝ ….(පෙ)….”

“භවත් කස්සපයෙනි, ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ කියා මා තුළ මේ දෘෂ්ටිය ඇති වූයේ යම් කරුණකින් නම්, එබඳු කරුණක් ඇත්තේ ය.”

“යථා කථං විය රාජඤ්ඤා?”ති.

“රාජන්‍යයෙනි, එය කෙබඳු කරුණක් ද?”

“ඉධ මේ භෝ කස්සප මිත්තාමච්චා ඤාතිසාලෝහිතා පාණාතිපාතා පටිවිරතා අදින්නාදානා පටිවිරතා කාමේසු මිච්ඡාචාරා පටිවිරතා මුසාවාදා පටිවිරතා සුරාමේරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා. තේ අපරේන සමයේන ආබාධිකා හොන්ති දුක්ඛිතා බාළ්හගිලානා. යදාහං ජානාමි න දානි මේ ඉමම්හා ආබාධා වුට්ඨහිස්සන්තීති ත්‍යාහං උපසංකමිත්වා ඒවං වදාමි: සන්ති ඛෝ භෝ ඒකේ සමණබ්‍රාහ්මණා ඒවංවාදිනෝ ඒවංදිට්ඨිනෝ ‘යේ තේ පාණාතිපාතා පටිවිරතා අදින්නාදානා පටිවිරතා කාමේසු මිච්ඡාචාරා පටිවිරතා මුසාවාදා පටිවිරතා සුරාමේරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා, තේ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජන්ති දේවානං තාවතිංසානං සහබ්‍යතන්ති, භවන්තෝ ඛෝ පාණාතිපාතා පටිවිරතා අදින්නාදානා පටිවිරතා කාමේසු මිච්ඡාචාරා පටිවිරතා මුසාවාදා පටිවිරතා සුරාමේරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා.

“භවත් කස්සපයෙනි, මෙහි මාගේ යහළු මිත්‍රයෝ, සහලේ ඥාතීහු සතුන් මැරීමෙන් වැළකී, සොරකමින් වැළකී, වැරදි කාම සේවනයෙන් වැළකී, බොරු කීමෙන් වැළකී, මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටිති. මෑත භාගයෙහි ඔවුහු රෝගාතුර ව, දුක්ඛිත ව, දැඩි සේ ගිලන් ව සිටියාහු ය. මොවුන් දැන් මේ රෝගයෙන් නොනැගිටින්නාහ යි යම් කලෙක මම දනිම් ද, එකල්හී මම ඔවුන් කරා ගොස් මෙසේ කියමි. ‘භවත්නි, මෙබඳු මතයක් කියන, මෙබඳු මතයක් දරණ ඇතැම් ශ්‍රමණබ්‍රාහ්මණවරු සිටිති. එනම්, සතුන් මැරීමෙන් වැළකී, සොරකමින් වැළකී, වැරදි කාම සේවනයෙන් වැළකී, බොරු කීමෙන් වැළකී, මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී යම් කෙනෙක් සිටිත් නම්, ඔවුහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත තව්තිසා දෙව්ලොවෙහි උපදින්නාහ.

භවත්හු වනාහී සතුන් මැරීමෙන් වැළකී, සොරකමින් වැළකී, වැරදි කාම සේවනයෙන් වැළකී, බොරු කීමෙන් වැළකී, මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණෝ ය.

සචේ තේසං භවතං සමණබ්‍රාහ්මණානං සච්චං වචනං, භවන්තෝ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජිස්සන්ති දේවානං තාවතිංසානං සහබ්‍යතං. සචේ භෝ කායස්ස භේදා පරම් මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජෙය්‍යාථ දේවානං තාවතිංසානං සහබ්‍යතං, යේන මේ ආගන්ත්වා ආරෝචෙය්‍යාථ ඉතිපි අත්ථි පරෝ ලෝකෝ, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති. භවන්තෝ ඛෝ පන මේ සද්ධායිකා පච්චයිකා, යං භවන්තේහි දිට්ඨං, යථා සාමං දිට්ඨං, ඒවමේතං භවිස්සතීති තේ මේ ‘සාධූ’ති පටිස්සුත්වා නේව ආගන්ත්වා ආරෝචෙන්ති න පන දූතං පහිණන්ති. අයම්පි ඛෝ භෝ කස්සප පරියායෝ යේන මේ පරියායේන ඒවං හෝති: ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ”ති.

ඉදින් ඒ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ වචනය සැබෑ නම්, භවත්හු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත තව්තිසා දෙව්ලොවෙහි උපදින්නාහු ය. ඉදින් භවත්හු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත තව්තිසා දෙව්ලොවෙහි උපදිත් නම්, මා වෙත පැමිණ එය දැනුම් දෙව්. ‘මෙසේ ත් පරලොවක් ඇත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ ඇත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක ඇත්තේ ය’ කියා ය.

භවත්හු වනාහී මට ඇදහිය යුතු වචන, විශ්වාස වචන ඇත්තෝ ය. භවතුන් විසින් යමක් දකින ලද්දේ නම්, එය මා විසින් දකින ලද්දක් සේ මෙසේ ම වන්නේ ය. ඔවුහු ‘යහපති’ යි මට පිළිතුරු දී මිය ගියෝ ය. එහෙත් පෙරළා පැමිණ මට දැනුම් නොදුන්හ. අඩුගණනේ දූතයෙකු වත් නොඑව්වෝ ය.

භවත් කස්සපයෙනි, යම් කරුණක් නිසා ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ යන දෘෂ්ටිය මා තුළ හටගත්තේ ද, මෙය ද කරුණකි.”

“තේන හි රාජඤ්ඤ තඤ්ඤේවෙත්ථ පටිපුච්ඡිස්සාමි, යථා තේ ඛමෙය්‍ය තථා නං බ්‍යාකරෙය්‍යාසි. යං ඛෝ පන රාජඤ්ඤ මානුසකං වස්සසතං, දේවානං තාවතිංසානං ඒසෝ ඒකෝ රත්තින්දිවෝ. තාය රත්තියා තිංසරත්තියෝ මාසෝ, තේන මාසේන ද්වාදස මාසියෝ සංවච්ඡරෝ, තේන සංවච්ඡරේන දිබ්බං වස්සසහස්සං දේවානං තාවතිංසානං ආයුප්පමාණං. යේ තේ මිත්තාමච්චා ඤාතිසාලෝහිතා පාණාතිපාතා පටිවිරතා අදින්නාදානා පටිවිරතා කාමේසු මිච්ඡාචාරා පටිවිරතා මුසාවාදා පටිවිරතා සුරාමේරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා, තේ කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපන්නා දේවානං තාවතිංසානං සහබ්‍යතං, සචේ පන තේසං ඒවං භවිස්සති: ‘යාව මයං ද්වේ වා තීණි වා රත්තින්දිවා දිබ්බේහි පඤ්චහි කාමගුණේහි සමප්පිතා සමංගීභූතා පරිචාරේම, අථ මයං පායාසිස්ස රාජඤ්ඤස්ස ගන්ත්වා ආරෝචෙය්‍යාම: ඉතිපි අත්ථි පරෝ ලෝකෝ, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති, අපි නු තේ ආගන්ත්වා ආරෝචෙය්‍යුං: ඉතිපි අත්ථි පරෝ ලෝකෝ, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති”?

“එසේ වී නම් රාජන්‍යයෙනි, මෙහිලා ඔබෙන් ම විමසන්නෙමි. ඔබට රිසි වන්නේ යම් අයුරකින් නම්, ඒ අයුරින් පවසන්න. රාජන්‍යයෙනි, මිනිස් ලොවෙහි යම් වසර සියයක් ඇද්ද, එය තව්තිසා දෙවියන්ට එක් රෑ දවාලකි. ඒ රැයින් තිස් රැයක් මාසයකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ දහසක් තව්තිසා දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණය වෙයි.

ඔබගේ යම් ඒ යහළු මිත්‍රයෝ, සහලේ ඥාතීහු සතුන් මැරීමෙන් වැළකී, සොරකමින් වැළකී, වැරදි කාම සේවනයෙන් වැළකී, බොරු කීමෙන් වැළකී, මත්වීමට හා ප්‍රමාදයට හේතුවන මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටියාහු ද, ඔවුහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත තව්තිසා දෙව්ලොවෙහි උපන්නාහු ද, ඉදින් ඔවුන්ට මෙසේ සිතෙන්නේ ය. ‘අපි රෑ දහවල් දෙකක් හෝ තුනක් හෝ දිව්‍ය වූ පංචකාම ගුණයන්ගෙන් සතුටු වී, තෘප්තිමත් වී පිරිවරාගෙන වාසය කරමු. ඉන්පසු අපි පායාසි රාජන්‍යයා වෙත ගොස් ‘මෙසේ ත් පරලොවක් ඇත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ ඇත්තාහු ය. හොඳින් හෝ නරකින් හෝ කරන ලද කර්මයන්ගේ විපාක ඇත්තේ ය’ යි දැනුම් දෙමු’ යි කියා ය. ඔවුහු පැමිණ ‘මෙසේ ත් පරලොවක් ඇත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ ඇත්තාහු ය. හොඳින් හෝ නරකින් හෝ කරන ලද කර්මයන්ගේ විපාක ඇත්තේ යැ’යි දැන්විය හැක්කේ ද?”

“නෝ හේතං භෝ කස්සප, අපි හි මයං භෝ කස්සප චිරංකාලංකතා පි භවෙය්‍යාම. කෝ පනේතං භෝතෝ කස්සපස්ස ආරෝචේති: අත්ථි දේවා තාවතිංසා’ති වා, ඒවං දීඝායුකා දේවා තාවතිංසා’ති වා. න මයං භෝතෝ කස්සපස්ස සද්දහාම අත්ථි දේවා තාවතිංසා’ති වා ඒවංදීඝායුකා දේවා තාවතිංසා’ති වා”ති.

“භවත් කස්සපයෙනි, එය නොවේ ම ය. භවත් කස්සපයෙනි, ඔවුන් තොරතුරු ගෙන එන විට අපි ද මියගොස් බොහෝ කල් ඇති උදවිය වන්නෙමු. තව්තිසා දෙවියන් සිටින බව හෝ, තව්තිසා දෙව්වරුන් මෙසේ දීර්ඝායුෂයෙන් යුක්ත බව හෝ භවත් කස්සපයන් හට දැනුම් දුන්නෝ කවරහු ද? භවත් කස්සපයන් තව්තිසා දෙවිවරුන් සිටින බව, තව්තිසා දෙවිවරුන් මෙසේ දීර්ඝායුෂ ඇති බව හෝ පවසන වචනය අපි විශ්වාස නොකරමු.”

“සෙය්‍යථාපි රාජඤ්ඤ ජච්චන්ධෝ පුරිසෝ න පස්සෙය්‍ය කණ්හසුක්කානි රූපානි, න පස්සෙය්‍ය නීලකානි රූපානි, න පස්සෙය්‍ය පීතකානි රූපානි, න පස්සෙය්‍ය ලෝහිතකානි රූපානි, න පස්සෙය්‍ය මඤ්ජෙට්ඨිකානි රූපානි, න පස්සෙය්‍ය සමවිසමං න පස්සෙය්‍ය තාරකරූපානි, න පස්සෙය්‍ය චන්දිමසුරියේ, සෝ ඒවං වදෙය්‍ය ‘නත්ථි කණ්හසුක්කානි රූපානි, නත්ථි කණ්හසුක්කානං රූපානං දස්සාවී, නත්ථි නීලකානි රූපානි, නත්ථි නීලකානං රූපානං දස්සාවී, නත්ථි පීතකානි රූපානි, නත්ථි පීතකානං රූපානං දස්සාවී, නත්ථි ලෝහිතකානි රූපානි, නත්ථි ලෝහිතකානං රූපානං දස්සාවී, නත්ථි මඤ්ජෙට්ඨිකානි රූපානි, නත්ථි මඤ්ජෙට්ඨිකානං රූපානං දස්සාවී, නත්ථි සමවිසමං, නත්ථි සමවිසමස්ස දස්සාවී, නත්ථි තාරකරූපානි, නත්ථි තාරකරූපානං දස්සාවී, නත්ථි චන්දිමසුරියා, නත්ථි චන්දිමසුරියානං දස්සාවී, අහමේතං න ජානාමි, අහමේතං න පස්සාමි තස්මා තං නත්ථීති. සම්මා නු ඛෝ භෝ රාජඤ්ඤ වදමානෝ වදෙය්‍යා?”ති.

“රාජන්‍යයෙනි, එය මෙබඳු දෙයකි. උපතින් ම අන්ධ පුරුෂයෙක් කළු සුදු රූප නොදකියි. නිල් පැහැ රූප නොදකියි. කහ පැහැ රූප නොදකියි. රතු පැහැ රූප නොදකියි. මදටිය පැහැ රූප නොදකියි. සම විෂම තැන් නොදකියි. තාරුකා රූප නොදකියි. සඳු හිරු නොදකියි. එවිට ඔහු මෙසේ කියයි. ‘කළු සුදු රූප නැත්තේ ය. කළු සුදු රූප දකින්නෙක් නැත්තේ ය. නිල් පැහැ රූප නැත්තේ ය. නිල් පැහැ රූප දකින්නෙක් නැත්තේ ය. කහ පැහැ රූප නැත්තේ ය. කහ පැහැ රූප දකින්නෙක් නැත්තේ ය. රතු පැහැ රූප නැත්තේ ය. රතු පැහැ රූප දකින්නෙක් නැත්තේ ය. මදටිය පැහැ රූප නැත්තේ ය. මදටිය පැහැ රූප දකින්නෙක් නැත්තේ ය. සම විෂම තැන් නැත්තේ ය. සම විෂම තැන් දකින්නෙක් නැත්තේ ය. තාරුකා රූප නැත්තේ ය. තාරුකා රූප දකින්නෙක් නැත්තේ ය. සඳ හිරු නැත්තේ ය. සඳ හිරු දකින්නෙක් නැත්තේ ය. මෙම මෙය නොදනිමි. මම මෙය නොදකිමි. එහෙයින් එය නැත්තේ ය.’

භවත් රාජන්‍යයෙනි, මෙසේ කියයි නම්, ඔහු මනා ලෙස කියන්නෙක්ද?”

“නෝ හේතං භෝ කස්සප. අත්ථි කණ්හසුක්කානි රූපානි, අත්ථි කණ්හසුක්කානං රූපානං දස්සාවී, අත්ථි නීලකානි රූපානි, අත්ථි නීලකානං රූපානං දස්සාවී, අත්ථි පීතකානි රූපානි, අත්ථි පීතකානං රූපානං දස්සාවී, අත්ථි ලෝහිතකානි රූපානි, අත්ථි ලෝහිතකානං රූපානං දස්සාවී, අත්ථි මඤ්ජෙට්ඨිකානි රූපානි, අත්ථි මඤ්ජෙට්ඨිකානං රූපානං දස්සාවී, අත්ථි සමවිසමං අත්ථි සමවිසමස්ස දස්සාවී, අත්ථි තාරකරූපානි අත්ථි තාරකරූපානං දස්සාවී, අත්ථි චන්දිමසුරියා, අත්ථි චන්දිමසුරියානං දස්සාවී. ‘අහමේතං න ජානාමි, අහමේතං න පස්සාමි, තස්මා තා නත්ථී’ති න හි සෝ භෝ කස්සප සම්මා වදමානෝ වදෙය්‍යා”ති.

“භවත් කස්සපයෙනි, මෙය නොවේ ම ය. කළු සුදු රූප ඇත්තේ ය. කළු සුදු රූප දකින්නෙක් ඇත්තේ ය. නිල් පැහැ රූප ඇත්තේ ය. නිල් පැහැ රූප දකින්නෙක් ඇත්තේ ය. කහ පැහැ රූප ඇත්තේ ය. කහ පැහැ රූප දකින්නෙක් ඇත්තේ ය. රතු පැහැ රූප ඇත්තේ ය. රතු පැහැ රූප දකින්නෙක් ඇත්තේ ය. මදටිය පැහැ රූප ඇත්තේ ය. මදටිය පැහැ රූප දකින්නෙක් ඇත්තේ ය. සම විෂම තැන් ඇත්තේ ය. සම විෂම තැන් දකින්නෙක් ඇත්තේ ය. තාරුකා රූප ඇත්තේ ය. තාරුකා රූප දකින්නෙක් ඇත්තේ ය. සඳ හිරු ඇත්තේ ය. සඳ හිරු දකින්නෙක් ඇත්තේ ය. මම මෙය නොදනිමි. මම මෙය නොදකිමි. එහෙයින් එය නැත්තේ යැයි භවත් කස්සපයෙනි, එසේ කියයි නම්, ඔහු මනාකොට කියන්නෙක් නොවෙයි.”

“ඒවමේව ඛෝ ත්වං රාජඤ්ඤ ජච්චන්ධූපමෝ මඤ්ඤේ පටිභාසි, යං මං ත්වං ඒවං වදේසි: කෝ පනේතං භෝතෝ කස්සපස්ස ආරෝචේති: අත්ථි දේවා තාවතිංසාති වා, ඒවං දීඝායුකා දේවා තාවතිංසාති වා. න මයං භෝතෝ කස්සපස්ස සද්දහාම අත්ථි දේවා තාවතිංසාති වා ඒවං දීඝායුකා දේවා තාවතිංසාති වා’ති. න ඛෝ රාජඤ්ඤ ඒවං පරෝ ලෝකෝ දට්ඨබ්බෝ යථා ත්වං මඤ්ඤසි ඉමිනා මංසචක්ඛුනා. යේ ඛෝ තේ රාජඤ්ඤ සමණබ්‍රාහ්මණා අරඤ්ඤවනපත්ථානි පන්තානි සේනාසනානි පටිසේවන්ති අප්පසද්දානි අප්පනිග්ඝෝසානි, තේ තත්ථ අප්පමත්තා ආතාපිනෝ පහිතත්තා විහරන්තා දිබ්බං චක්ඛුං විසෝධෙන්ති, තේ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන ඉමඤ්චේව ලෝකං පස්සන්ති පරඤ්ච, සත්තේ ච ඕපපාතිකේ. ඒවඤ්ච ඛෝ රාජඤ්ඤ පරෝ ලෝකෝ දට්ඨබ්බෝ. නත්වේව යථා ත්වං මඤ්ඤසි ඉමිනා මංසචක්ඛුනා. ඉමිනාපි ඛෝ තේ රාජඤ්ඤ පරියායේන ඒවං හෝතු: ඉතිපි අත්ථි පරෝ ලෝකෝ. අත්ථි සත්තා ඕපපාතිකා. අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති.”

“එසෙයින් ම රාජන්‍යයෙනි, මට වැටහෙන්නේ ඔබ වනාහී උපතින් ම අන්ධ වූ තැනැත්තෙකු ලෙසින් ය. ඔබ මගෙන් යමක් ගැන මෙසේ ඇසුවෙහි ද, ‘තව්තිසා දෙවියන් ඉන්නා වග හෝ තව්තිසා දෙවියන්ගේ මෙසේ දීර්ඝායුෂ ඇති වග හෝ භවත් කස්සපයන් හට කිව්වෝ කවරහු ද? තව්තිසා දෙවියෝ සිටිති. තව්තිසා දෙවියෝ මෙසේ දීර්ඝායුෂ වෙති යනුවෙන් පැවසූ භවත් කස්සපයන්ගේ වචනය මම විශ්වාස නොකරමි’ යනුවෙනි.

රාජන්‍යයෙනි, ඔබ සිතන පරිද්දෙන් මේ පියවි ඇසින් මෙසේ පරලොව දැක්ක හැකි නොවෙයි. රාජන්‍යයෙනි, යම් මේ ශ්‍රමණබ්‍රාහ්මණවරු අරණ්‍ය, වනපෙත්, දුරඈත සෙනසුන්හි අඩු ශබ්ද ඇති, අඩු ඝෝෂා ඇති තන්හි වසත් ද, ඔවුහු එහි අප්‍රමාදී ව කෙලෙස් තවන වීර්යය ඇති ව, කාය ජීවිත දෙකෙහි අපේක්ෂා නැති ව වාසය කරමින් දිවැස පිරිසිදු කරගනිති. ඔවුහු පියවි මිනිස් ඇසින් දකින ස්වභාවය ඉක්මවා ගොස් පිරිසිදු දිවැසින් මේ ලෝකය ත්, පරලෝකය ත් දකිති. ඕපපාතික ව උපදින සත්වයන් ද දකිති. රාජන්‍යයෙනි, පරලොව දැක්ක යුත්තේ ඔය අයුරිනි. ඔබ සිතන පරිදි මේ පියවි ඇසින් නොවෙයි.

රාජන්‍යයෙනි, මේ ක්‍රමයෙනුත් ඔබට මෙසේ සිතේවා! ‘මෙසේ ත් පරලොවක් ඇත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ ඇත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක ඇත්තේ ය’ කියා ය.”

“කිඤ්චාපි භවං කස්සපෝ ඒවමාහ, අථ ඛෝ ඒවම්මේ එත්ථ හෝති: ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති.

“භවත් කස්සපයෝ මෙසේ පැවසුව ද, මට නම් මෙහිලා මෙසේ ම සිතෙයි. එනම් ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ කියා ය.”

9. “අත්ථි පන රාජඤ්ඤ පරියායෝ ….(පෙ)….”

“රාජන්‍යයෙනි, ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ යනුවෙන් ඔබ තුළ මේ දෘෂ්ටිය ඇති වූයේ යම් කරුණක් නිසා නම්, එබඳු කරුණක් ඇත්තේ ද?”

“අත්ථි භෝ කස්සප පරියායෝ ….(පෙ)….”

“භවත් කස්සපයෙනි, ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ කියා මා තුළ මේ දෘෂ්ටිය ඇති වූයේ යම් කරුණකින් නම්, එබඳු කරුණක් ඇත්තේ ය.”

“යථා කථං විය රාජඤ්ඤාති”?

“රාජන්‍යයෙනි, එය කෙබඳු කරුණක් ද?”

“ඉධාහං භෝ කස්සප පස්සාමි සමණබ්‍රාහ්මණේ සීලවන්තේ කල්‍යාණධම්මේ ජීවිතුකාමේ අමරිතුකාමේ සුඛකාමේ දුක්ඛපටික්කූලේ. තස්ස මය්හං භෝ කස්සප ඒවං හෝති: “සචේ ඛෝ ඉමේ භොන්තෝ සමණබ්‍රාහ්මණා සීලවන්තෝ කල්‍යාණධම්මා ඒවං ජානෙය්‍යුං: ඉතෝ නෝ මතානං සෙය්‍යෝ භවිස්සතී’ති ඉදානි මේ භොන්තෝ සමණබ්‍රාහ්මණා සීලවන්තෝ කල්‍යාණධම්මා විසං වා ඛාදෙය්‍යුං, සත්ථං වා ආහරෙය්‍යුං, උබ්බන්ධිත්වා වා කාලං කරෙය්‍යුං, පපාතේ වා පපතෙය්‍යුං. යස්මා ච ඛෝ ඉමේ භොන්තෝ සමණබ්‍රාහ්මණා සීලවන්තෝ කල්‍යාණධම්මා න ඒවං ජානන්ති: ඉතෝ නෝ මතානං සෙය්‍යෝ භවිස්සතී’ති, තස්මා ඉමේ භොන්තෝ සමණබ්‍රාහ්මණා සීලවන්තෝ කල්‍යාණධම්මා ජීවිතුකාමා අමරිතුකාමා සුඛකාමා දුක්ඛපටිකූලා. අත්තානං න මාරෙන්තී’ති. අයම්පි භෝ කස්සප පරියායෝ යේන මේ පරියායේන ඒවං හෝති: ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝති”.

“භවත් කස්සපයෙනි, මෙහි මම සිල්වත්, කලණ ගුණදම් ඇති, ජීවත් වනු කැමැති, නොමැරෙනු කැමති, සැප කැමති, දුකට අකමැති ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් දකිමි. භවත් කස්සපයෙනි, ඔවුන් ගැන මට මෙසේ සිතෙයි. ඉදින් මේ සිල්වත්, කලණ දම් ඇති, භවත් ශ්‍රමණබ්‍රාහ්මණවරු ‘මෙයින් මියගිය පසු අපට උතුම් සුගතිය වන්නේ ය’ යනුවෙන් මෙසේ දනිත් නම්, දැන් මේ සිල්වත්, කලණ දම් ඇති භවත් ශ්‍රමණ බ්‍රාහ්මණවරු විෂ හෝ කන්නාහු ය. ආයුධයෙන් හෝ දිවි නසාගන්නාහු ය. ගෙල වැලලාගෙන හෝ මැරෙන්නාහු ය. ප්‍රපාතයකින් හෝ පනින්නාහු ය.

යම් හෙයකින් මේ සිල්වත්, කලණ ගුණදම් ඇති භවත් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ‘මෙයින් මියගිය පසු අපට උතුම් සුගතිය යැ’යි මෙසේ නොදනිත් ද, එහෙයින් මේ සිල්වත්, කලණ ගුණදම් ඇති භවත් ශ්‍රමණ බ්‍රාහ්මණවරු ජීවත්වෙනු කැමැති ව, නොමැරෙනු කැමැති ව, සැප කැමැති ව, දුකට අප්‍රිය ව සිටිති. සිය දිවි හානි නොකරගනිති. භවත් කස්සපයෙනි, ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ කියා මා තුළ මේ දෘෂ්ටිය ඇති වූයේ යම් කරුණකින් නම් මෙය ද කරුණකි.”

“තේන හි රාජඤ්ඤ උපමන්තේ කරිස්සාමි, උපමායපි ඉධේකච්චේ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. භූතපුබ්බං රාජඤ්ඤ අඤ්ඤතරස්ස බ්‍රාහ්මණස්ස ද්වේ පජාපතියෝ අහේසුං. ඒකිස්සා පුත්තෝ අහෝසි දසවස්සුද්දේසිකෝ වා ද්වාදසවස්සුද්දේසිකෝ වා, ඒකා ගබ්භිනී උපවිජඤ්ඤා. අථ ඛෝ සෝ බ්‍රාහ්මණෝ කාලමකාසි. අථ ඛෝ සෝ මාණවකෝ මාතුසපත්තිං ඒතදවෝච: ‘යමිදං භෝති ධනං වා ධඤ්ඤං වා රජතං වා ජාතරූපං වා, සබ්බන්තං මය්හං, නත්ථි තුය්හෙත්ථ කිඤ්චි, පිතු මේ භෝති දායජ්ජං නිය්‍යාතේහී’ති, ඒවං වුත්තේ සා බ්‍රාහ්මණී තං මාණවකං ඒතදවෝච: ‘ආගමේහි තාව තාත යාව විජායාමි. සචේ කුමාරකෝ භවිස්සති, තස්සපි ඒකදේසෝ භවිස්සති, සචේ කුමාරිකා භවිස්සති සාපි තේ ඕපභොග්ගා භවිස්සතීති. දුතියම්පි ඛෝ සෝ මාණවකෝ මාතුසපත්තිං ඒතදවෝච: ‘යමිදං භෝති ධනං වා ධඤ්ඤං වා රජතං වා ජාතරූපං වා සබ්බං තං මය්හං. නත්ථි තුය්හෙත්ථ කිඤ්චි, පිතු මේ භෝති දායජ්ජං නිය්‍යාතේහී’ති. දුතියම්පි ඛෝ සා බ්‍රාහ්මණී තං මාණවකං ඒතදවෝච: ආගමේහි තාව තාත යාව විජායාමි. සචේ කුමාරකෝ භවිස්සති. තස්සපි ඒකදේසෝ භවිස්සති, සචේ කුමාරිකා භවිස්සති, සාපි තේ ඕපභොග්ගා භවිස්සතී’ති. තතියම්පි ඛෝ සෝ මාණවකෝ මාතුසපත්තිං ඒතදවෝච: ‘යමිදං භෝති ධනං වා ධඤ්ඤං වා රජතං වා ජාතරූපං වා සබ්බං තං මය්හං. නත්ථි තුය්හෙත්ථ කිඤ්චි, පිතු මේ භෝති දායජ්ජං නිය්‍යාතේහී’ති. අථ ඛෝ සා බ්‍රාහ්මණී සත්ථං ගහෙත්වා ඕවරකං පවිසිත්වා උදරං ඕපාටේසි: යාව ජානාමි යදි වා කුමාරකෝ යදි වා කුමාරිකා’ති. සා අත්තානඤ්චේව ජීවිතඤ්ච ගබ්භඤ්ච සාපතෙය්‍යඤ්ච විනාසේසි. යථා තං බාලා අබ්‍යත්තා අනයබ්‍යසනං ආපන්නා, අයෝනිසෝ දායජ්ජං ගවේසන්තී ඒවමේව ඛෝ ත්වං රාජඤ්ඤ බාලෝ අබ්‍යත්තෝ අනයබ්‍යසනං ආපජ්ජිස්සසි අයෝනිසෝ පරලෝකං ගවේසන්තෝ, සෙය්‍යථාපි සා බ්‍රාහ්මණී බාලා අබ්‍යත්තා අනයබ්‍යසනං ආපන්නා අයෝනිසෝ දායජ්ජං ගවේසන්තී. න ඛෝ රාජඤ්ඤ සමණබ්‍රාහ්මණා සීලවන්තෝ කල්‍යාණධම්මා අපක්කං පරිපාචෙන්ති, අපි ච පරිපක්කං ආගමෙන්ති, පණ්ඩිතානං අත්ථෝ හි රාජඤ්ඤ සමණබ්‍රාහ්මණානං සීලවන්තානං කල්‍යාණධම්මානං ජීවිතේන. යථා යථා ඛෝ රාජඤ්ඤ සමණබ්‍රාහ්මණා සීලවන්තෝ කල්‍යාණධම්මා චිරං දීඝමද්ධානං තිට්ඨන්ති, තථා තථා බහුං පුඤ්ඤං පසවන්ති. බහුජනහිතාය ච පටිපජ්ජන්ති බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං, ඉමිනාපි ඛෝ තේ රාජඤ්ඤ පරියායේන ඒවං හෝතු “ඉතිපි අත්ථි පරෝ ලෝකෝ, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ”ති.

“එසේ වී නම් රාජන්‍යයෙනි, ඔබට උපමාවකින් පැහැදිලි කරන්නෙමි. මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ උපමාවෙනුත් පවසන ලද කරුණෙහි අරුත් තේරුම් ගනිති. රාජන්‍යයෙනි, මෙය පෙර සිදුවූ දෙයකි. එක්තරා බ්‍රාහ්මණයෙකුට බිරින්දෑවරු දෙදෙනෙක් සිටියාහු ය. එක් බිරිඳකට දස හෝ දොළොස් හැවිරිදි පුත්‍රයෙක් සිටියේ ය. අනිත් බිරිඳ දරුවෙකු වැදීමට ළං ව සිටි ගර්භනියක් වූවා ය. එකල්හී ඒ බ්‍රාහ්මණයා මිය ගියේ ය. එවිට ඒ පුත්‍රයා තම නැසී ගිය පියාගේ දෙවෙනි බිරිඳට මෙය පැවසුවේ ය.

‘භවතී, මේ ධනයක් වේවා, ධාන්‍යයක් වේවා, රිදී වේවා, රන් වේවා, යමක් ඇද්ද, ඒ සියල්ල මා සතු ය. මෙහි ඔබට අයත් කිසිවක් නැත්තේ ය. භවතී, මගේ පියාට අයත් දායාදය මට පවරව.’

මෙසේ කී කල්හී ඒ බැමිණිය ඒ පුත්‍රයාට මෙය පැවසුවා ය.

‘දරුව, යම්තාක් මම දරුවා බිහිකරම් ද, ඒ තාක් කල් බලාපොරොත්තු වව. ඉදින් පුත්‍රයෙක් උපදින්නේ නම්, ඔහුට ත් එක් කොටසක් අයිති වන්නේ ය. ඉදින් දුවක් උපදින්නී නම්, ඕ ත් තොපගේ සහායිකාවක් වන්නී ය.’

දෙවෙනි වතාවට ත් ඒ පුත්‍රයා තම නැසී ගිය පියාගේ දෙවෙනි බිරිඳට මෙය පැවසුවේ ය.

‘භවතී, මේ ධනයක් වේවා, ධාන්‍යයක් වේවා, රිදී වේවා, රන් වේවා, යමක් ඇද්ද, ඒ සියල්ල මා සතු ය. මෙහි ඔබට අයත් කිසිවක් නැත්තේ ය. භවතී, මගේ පියාට අයත් දායාදය මට පවරව.’

දෙවෙනි වතාවට ත් ඒ බැමිණිය ඒ පුත්‍රයාට මෙය පැවසුවා ය.

‘දරුව, යම්තාක් මම දරුවා බිහිකරම් ද, ඒ තාක් කල් බලාපොරොත්තු වව. ඉදින් පුත්‍රයෙක් උපදින්නේ නම්, ඔහුට ත් එක් කොටසක් අයිති වන්නේ ය. ඉදින් දුවක් උපදින්නී නම්, ඕ ත් තොපගේ සහායිකාවක් වන්නී ය.’

තෙවෙනි වතාවට ත් ඒ පුත්‍රයා තම නැසී ගිය පියාගේ දෙවෙනි බිරිඳට මෙය පැවසුවේ ය.

‘භවතී, මේ ධනයක් වේවා, ධාන්‍යයක් වේවා, රිදී වේවා, රන් වේවා, යමක් ඇද්ද, ඒ සියල්ල මා සතු ය. මෙහි ඔබට අයත් කිසිවක් නැත්තේ ය. භවතී, මගේ පියාට අයත් දායාදය මට පවරව.’

එකල්හී ඒ බැමිණිය ආයුධයක් රැගෙන යහන් ගබඩාවට ගොස් ‘ඉදින් පුතෙක් සිටියි ද, දුවක් සිටියි දැ’ යි යම්තාක් දනිමි’ යි සිය උදරය පළා ගත්තා ය. ඒ ස්ත්‍රිය සිය ජීවිතය ත්, දරු ගැබ ත්, දෑවැද්ද ත් විනාශ කරගත්තා ය. යම් සේ බාල වූ, අව්‍යක්ත වූ ස්ත්‍රියක් නුවණින් තොර ව දායාදය සොයන්නට ගොස් මහත් වූ විපතකට පත් වන්නී ද, එසෙයින් ම රාජන්‍යයෙනි, බාල වූ, අව්‍යක්ත වූ ඔබ නුවණින් තොර ව පරලොවක් සොයන්නට ගොස් මහත් විනාශයකට පත්වන්නෙහි ය. බාල වූ, අව්‍යක්ත වූ ඒ බැමිණිය නුවණින් තොර ව දෑවැද්ද සොයන්නට ගොස් මහත් වූ විනාශයකට පත් වූ සෙයින් ය.

රාජන්‍යයෙනි, සිල්වත්, කලණ ගුණදම් ඇති ශ්‍රමණ බ්‍රාහ්මණවරු මුහුකුරා නොගිය ආයුෂ නැති නොකර ගනිති. එනමුදු ආයුෂය මෝරා යෑම පමණක් බලාපොරොත්තු වෙති. රාජන්‍යයෙනි, සිල්වත්, කලණ ගුණදම් ඇති, නුවණැති, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ජීවිත්වීමෙන් සළසා ගත හැකි යහපත ඇත්තේ ය. රාජන්‍යයෙනි, යම් යම් අයුරින් සිල්වත්, කලණ ගුණදම් ඇති ශ්‍රමණ බ්‍රාහ්මණවරු බොහෝ දිගු කලක් වැඩසිටිත් ද, ඒ ඒ අයුරින් බොහෝ පින් උපදවා ගනිති. ඔවුහු බොහෝ ජනයා හට හිත පිණිස, බොහෝ ජනයා හට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ට යහපත, හිතසුව පිණිස ද පිළිපදිත්.

රාජන්‍යයෙනි, මේ ක්‍රමයෙනුත් ඔබට මෙසේ සිතේවා! ‘මෙසේ ත් පරලොවක් ඇත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ ඇත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක ඇත්තේ ය’ කියා ය.”

“කිඤ්චාපි භවං කස්සපෝ ඒවමාහ, අථ ඛෝ ඒවං මේ එත්ථ හෝති: ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ”ති.

“භවත් කස්සපයෝ මෙසේ පැවසුව ද, මට නම් මෙහිලා මෙසේ ම සිතෙයි. එනම් ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ කියා ය.”

10. “අත්ථි පන රාජඤ්ඤ පරියායෝ ….(පෙ)….”

“රාජන්‍යයෙනි, ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ යනුවෙන් ඔබ තුළ මේ දෘෂ්ටිය ඇති වූයේ යම් කරුණක් නිසා නම්, එබඳු කරුණක් ඇත්තේ ද?”

“අත්ථි භෝ කස්සප පරියායෝ ….(පෙ)….”

“භවත් කස්සපයෙනි, ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ කියා මා තුළ මේ දෘෂ්ටිය ඇති වූයේ යම් කරුණකින් නම්, එබඳු කරුණක් ඇත්තේ ය.”

“යථා කථං විය රාජඤ්ඤා?”ති

“රාජන්‍යයෙනි, එය කෙබඳු කරුණක් ද?”

“ඉධ මේ භෝ කස්සප පුරිසා චෝරං ආගුචාරිං ගහෙත්වා දස්සෙන්ති: ‘අයං භන්තේ චෝරෝ ආගුචාරී, ඉමස්සං යං ඉච්ඡසි තං දණ්ඩං පණේහී’ති. ත්‍යාහං ඒවං වදාමි: ‘තේන හි භෝ ඉමං පුරිසං ජීවන්තං යේව කුම්භියා පක්ඛිපිත්වා මුඛං පිදහිත්වා අල්ලේන චම්මේන ඕනන්ධිත්වා අල්ලාය මත්තිකාය බහලාවලේපනං කරිත්වා උද්ධනං ආරෝපෙත්වා අග්ගිං දේථා’ති. තේ මේ ‘සාධූ’ති පටිස්සුත්වා තං පුරිසං ජීවන්තං යේව කුම්භියා පක්ඛිපිත්වා මුඛං පිදහිත්වා අල්ලේන චම්මේන ඕනන්ධිත්වා අල්ලාය මත්තිකාය බහලාවලේපනං කාරෙත්වා. උද්ධනං ආරෝපෙත්වා අග්ගිං දෙන්ති. යදා මයං ජානාම ‘කාලකතෝ සෝ පුරිසෝ’ති අථ නං කුම්භිං ඕරෝපෙත්වා උබ්භින්දිත්වා මුඛං විවරිත්වා සනිකං නිල්ලෝකේම ‘අප්පේවනාමස්ස ජීවං නික්ඛමන්තං පස්සෙය්‍යාමා’ති. නේවස්ස මයං ජීවං නික්ඛමන්තං පස්සාම අයම්පි ඛෝ භෝ කස්සප පරියායෝ යේන මේ පරියායේන ඒවං හෝති: ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති.”

“භවත් කස්සපයෙනි, මෙහි මාගේ පුරුෂයෝ අපරාධ කළ සොරෙකු අල්ලා ගෙන ‘හිමියනි, මේ අපරාධකාරී සොරෙකි. මොහුට යම් දඬුවමක් දෙන්නට කැමැත්තහු නම් ඒ දඬුවම පණවනු මැනැව’ යි මා ඉදිරියට ගෙන දක්වති. එවිට මම ඔවුන්ට මෙසේ කියමි.

‘එසේ වී නම් භවත්නි, මේ පුරුෂයා ජීවත් ව සිටිය දී ම සැළියක බස්සවා, එහි මුව වසා, තෙත් සමකින් එය තද කොට වෙළා, තෙත් මැටියෙන් ඒ මත ගොරෝසුවට ආලේප කොට, ලිප මත තබා යටින් ගිනි දමව්.’ එවිට ඔවුහු ‘එසේ ය’ යි මට පිළිවදන් දී අර පුරුෂයා පණ පිටින් ම සැළියක බස්සවා, එහි මුව වසා, තෙත් සමකින් එය තද කොට වෙළා, තෙත් මැටියෙන් ඒ මත ගොරෝසුවට ආලේප කොට, ලිප මත තබා යටින් ගිනි දැම්මාහු ය.

යම් කලෙක ඒ පුරුෂයා මළේ ය කියා අපි දනිමු ද, එකල්හී ඒ සැළිය බිමට බා, ආලේප කළ මැටි බිඳ, එහි වැස්ම ඉවත් කොට, ‘පිටතට නික්මෙන්නා වූ ඔහුගේ ජීවය දකින්නෙමු නම් මැනැව’ යි හෙමිහිට බැලුවෙමු. එහෙත් අපි ඔහුගේ ජීවය නිකුත් වී යන අයුරක් නොදුටුවෙමු. භවත් කස්සපයෙනි, ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ කියා මා තුළ මේ දෘෂ්ටිය ඇති වූයේ යම් කරුණකින් නම් මෙය ද කරුණකි.”

“තේන හි රාජඤ්ඤ තඤ්ඤේවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තේ ඛමෙය්‍ය තථා නං බ්‍යාකරෙය්‍යාසි. අභිජානාසි නෝ ත්වං රාජඤ්ඤ දිවාසෙය්‍යං උපගතෝ සුපිනකං පස්සිතා ආරාමරාමණෙය්‍යකං වනරාමණෙය්‍යකං භූමිරාමණෙය්‍යකං පොක්ඛරණීරාමණෙය්‍යකන්ති?”

“එසේ වී නම් රාජන්‍යයෙනි, මෙහිලා මෙකරුණ ඔබගෙන් අසමි. ඔබ යම් අයුරකින් කැමති වන්නේ නම්, ඒ අයුරින් පැවසුව මැනැව. රාජන්‍යයෙනි, දිවා විවේකයෙහි නින්දට පිවිසි ඔබ සිහිනෙන් රමණීය ගොඩනැගිලි, රමණීය වනාන්තර, රමණීය භූමිභාග, රමණීය පොකුණු ආදිය දුටු බවක් දන්නෙහි ද?”

“අභිජානාමහං භෝ කස්සප දිවාසෙය්‍යං උපගතෝ සුපිනකං පස්සිතා ආරාමරාමණෙය්‍යකං වනරාමණෙය්‍යකං භූමිරාමණෙය්‍යකං පොක්ඛරණීරාමණෙය්‍යකන්ති.”

“භවත් කස්සපයෙනි, දිවා විවේකයෙහි නින්දට පිවිසි මම රමණීය ගොඩනැගිලි, රමණීය වනාන්තර, රමණීය භූමිභාග, රමණීය පොකුණු ආදිය සිහිනෙන් දුටු බවක් දනිමි.”

“රක්ඛන්ති තං තම්හි සමයේ ඛුජ්ජා පි වාමනකා පි කෙළාසිකා පි කෝමාරිකාපී?ති.”

“ඒ සිහින දකින වේලෙහි කුදු ස්ත්‍රීනුත්, මිටි ස්ත්‍රීනුත්, බාල ස්ත්‍රීනුත්, යොවුන් ස්ත්‍රීනුත් ඔබට රැකවල් සළසත් ද?”

“ඒවං භෝ කස්සප රක්ඛන්ති මං තස්මිං සමයේ ඛුජ්ජා පි වාමනකා පි කෙළාසිකා පි කෝමාරිකා පී”ති.

“එසේ ය, බව ත් කස්සපයෙනි. ඒ අවස්ථාවෙහි කුදු ස්ත්‍රීනුත්, මිටි ස්ත්‍රීනුත්, බාල ස්ත්‍රීනුත්, යොවුන් ස්ත්‍රීනුත් මට රැකවල් සළසති.”

“අපි නු තා තුය්හං ජීවං පස්සන්ති පවිසන්තං වා නික්ඛමන්තං වා?ති”

“ඔබ සිහින දකින අවස්ථාවෙහි ඔබ තුළට පිවිසෙන හෝ ඔබෙන් නික්මී යන හෝ ජීවයක් ඒ ස්ත්‍රීහු දකිත් ද?”

“නෝ හේතං භෝ කස්සප”

“භවත් කස්සපයෙනි, එය නැත්තේ ය.”

“තා හි නාම රාජඤ්ඤ තුය්හං ජීවන්තස්ස ජීවන්තියෝ ජීවං න පස්සිස්සන්ති පවිසන්තං වා නික්ඛමන්තං වා. කිම්පන ත්වං කාලකතස්ස ජීවං පස්සිස්සසි පවිසන්තං වා නික්ඛමන්තං වා? ඉමිනා පි ඛෝ තේ රාජඤ්ඤ පරියායේන ඒවං හෝතු: ඉතිපි අත්ථි පරෝ ලෝකෝ, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති.”

“රාජන්‍යයෙනි, ඒ ස්ත්‍රීහු ජීවත්වෙමින් ජීවත්වෙන්නා වූ ඔබ තුළට පිවිසෙන හෝ ඔබෙන් නික්ම යන හෝ ජීවයක් නොදකින්නාහ. කිම? කලුරිය කළ තැනැත්තෙකු තුළට පිවිසෙන හෝ නික්ම යන හෝ ජීවයක් ඔබ දකින්නෙහිද?

රාජන්‍යයෙනි, මේ ක්‍රමයෙනුත් ඔබට මෙසේ සිතේවා! ‘මෙසේ ත් පරලොවක් ඇත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ ඇත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක ඇත්තේ ය’ කියා ය.”

“කිඤ්චාපි භවං කස්සපෝ ඒවමාහ, අථ ඛෝ ඒවං මේ එත්ථ හෝති: ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති.”

“භවත් කස්සපයෝ මෙසේ පැවසුව ද, මට නම් මෙහිලා මෙසේ ම සිතෙයි. එනම් ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ කියා ය.”

11. “අත්ථි පන රාජඤ්ඤ පරියායෝ ….(පෙ)….”

“රාජන්‍යයෙනි, ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ යනුවෙන් ඔබ තුළ මේ දෘෂ්ටිය ඇති වූයේ යම් කරුණක් නිසා නම්, එබඳු කරුණක් ඇත්තේ ද?”

“අත්ථි භෝ කස්සප පරියායෝ ….(පෙ)….”

“භවත් කස්සපයෙනි, ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ කියා මා තුළ මේ දෘෂ්ටිය ඇති වූයේ යම් කරුණකින් නම්, එබඳු කරුණක් ඇත්තේ ය.”

“යථා කථං විය රාජඤ්ඤා?ති”

“රාජන්‍යයෙනි, එය කෙබඳු කරුණක් ද?”

“ඉධ මේ භෝ කස්සප පුරිසා චෝරං ආගුචාරිං ගහෙත්වා දස්සෙන්ති. අයං තේ භන්තේ චෝරෝ ආගුචාරී, ඉමස්ස යං ඉච්ඡසි තං දණ්ඩං පණේහී’ති. ත්‍යාහං ඒවං වදාමි: ‘තේන හි භෝ ඉමං පුරිසං ජීවන්තං යේව තුලාය තුලෙත්වා ජියාය අනස්සාසකං මාරෙත්වා පුනදේව තුලාය තුලේථා’ති. තේ මේ ‘සාධූ’ති පටිස්සුත්වා තං පුරිසං ජීවන්තං යේව තුලාය තුලෙත්වා ජියාය අනස්සාසකං මාරෙත්වා පුනදේව තුලාය තුලෙන්ති. යදා සෝ ජීවති, තදා ලහුතරෝ ච හෝති මුදුතරෝ ච කම්මඤ්ඤතරෝ ච. යදා පන සෝ කාලකතෝ හෝති, තදා ගරුතරෝ ච හෝති පත්ථින්නතරෝ ච අකම්මඤ්ඤතරෝ ච. අයම්පි ඛෝ භෝ කස්සප පරියායෝ යේන මේ පරියායේන ඒවං හෝති: ‘ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති.”

“භවත් කස්සපයෙනි, මෙහි මාගේ පුරුෂයෝ අපරාධ කළ සොරෙකු අල්ලා ගෙන ‘හිමියනි, මේ අපරාධකාරී සොරෙකි. මොහුට යම් දඬුවමක් දෙන්නට කැමැත්තහු නම් ඒ දඬුවම පණවනු මැනැව’ යි මා ඉදිරියට ගෙන දක්වති. එවිට මම ඔවුන්ට මෙසේ කියමි.

‘එසේ වී නම් භවත්නි, මේ පුරුෂයා පණ තිබෙද්දී ම තරාදියෙන් බර කිරා, හුස්ම නොගත හැකි වන සේ දුන්නේ ලණුවෙන් ගෙල වෙලා, තදකොට මරා, නැවත ත් තරාදියෙන් කිරා බලව්.’

එවිට ඔවුහු ‘එසේ යැ’ යි මා හට පිළිවදන් දී ඒ පුරුෂයා පණ තිබෙද්දී ම තරාදියෙහි ලා බර කිරා හුස්ම නොගත හැකි වන සේ දුන්නේ ලණුවෙන් ගෙල තද කොට මරා නැවතත් තරාදියෙහි ලා කිරා බැලූහ. යම් කලෙක ඔහු ජීවත් වූයේ ද, එකල ඔහු වඩා ත් සැහැල්ලු වූයේ ත්, වඩා ත් මෘදු වූයේ ත්, වඩා ත් කර්මණ්‍ය වූයේ ත් වෙයි. යම් කලෙක ඔහු මිය ගියේ ද, එකල්හී ඔහු වඩා ත් බර වූයේ ත්, දැඩි සේ බර වූයේ ත්, වඩා ත් අකර්මණ්‍ය වූයේ ත් වෙයි.

භවත් කස්සපයෙනි, ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ කියා මා තුළ මේ දෘෂ්ටිය ඇති වූයේ යම් කරුණකින් නම් මෙය ද කරුණකි.”

“තේන හි රාජඤ්ඤ උපමන්තේ කරිස්සාමි. උපමායමිධේකච්චේ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. සෙය්‍යථාපි රාජඤ්ඤ පුරිසෝ දිවසං සන්තත්තං අයෝගුළං ආදිත්තං සම්පජ්ජලිතං සජෝතිභූතං තුලාය තුලෙය්‍ය, තමේනං අපරේන සමයේන සීතං නිබ්බුතං තුලාය තුලෙය්‍ය. කදා නු ඛෝ සෝ අයෝගුළෝ ලහුතරෝ වා හෝති මුදුතරෝ වා කම්මඤ්ඤතරෝ වා? යදා වා ආදිත්ත සම්පජ්ජලිතෝ සජෝතිභූතෝ, යදා වා සීතෝ නිබ්බුතෝ?ති”

“එසේ වී නම් රාජන්‍යයෙනි, ඔබට උපමාවකින් පැහැදිලි කරන්නෙමි. මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ උපමාවෙනුත් පවසන ලද කරුණෙහි අරුත් තේරුම් ගනිති. රාජන්‍යයෙනි, එය මෙබඳු දෙයකි. පුරුෂයෙක් දවස පුරා රත්කළ, ගිනි ඇවිලගත්, ගින්නෙන් දිලිසෙන, ගිනිදැල් සහිත යකඩ ගුලියක් තරාදියෙන් කිරා බලයි. පසු අවස්ථාවක එය ම සිසිල් වී, නිවී ගිය විට ත් කිරා බලයි. ඒ යකඩ ගුලියෙහි බර අඩු වූයේ ත්, වඩා ත් මෘදු වූයේ ත්, වඩා ත් කර්මණ්‍ය වූයේ ත් කොයි අවස්ථාවෙහි දී ද? යම් කලෙක ගින්නෙන් ඇවිලී, ගින්නෙන් දිළිසී, ගිනිදැල් පිටවෙමින් තිබූ විට ද? නැත්නම් සිසිල් වී, නිවී ගිය විට ද?”

“යදා සෝ භෝ කස්සප අයෝගුළෝ තේජෝසහගතෝ ච හෝති වායෝසහගතෝ ච ආදිත්තෝ සම්පජ්ජලිතෝ සජෝතිභූතෝ, තදා ලහුතරෝ ච හෝති මුදුතරෝ ච කම්මඤ්ඤතරෝ ච. යදා ච පන සෝ අයෝගුළෝ නේව තේජෝසහගතෝ හෝති න වායෝසහගතෝ සීතෝ නිබ්බුතෝ, තදා ගරුතරෝ ච හෝති පත්ථින්නතරෝ ච අකම්මඤ්ඤතරෝ චාති.”

“භවත් කස්සපයෙනි, යම් කලෙක ඒ යකඩ ගුලිය තේජස් සහිත ව, වායු සහිත ව, ගිනි ඇවිලී, ගින්නෙන් දිළිසී, ගිනි දැල් පිටවෙමින් තිබුණේ ද, එකල්හී එය වඩා ත් බර අඩු වූයේ ත්, වඩා ත් මෘදු වූයේ ත්, වඩා ත් කර්මණ්‍ය වූයේ ත් වෙයි. යම් කලෙක ඒ යකඩ ගුලිය තේජස් රහිත ව, වායු රහිත ව, සිසිල් ව, නිවී ගියේ ද, එකල්හී වඩා ත් බර ව, දැඩි සේ බර ව, අකර්මණ්‍ය ව තිබෙයි.”

“ඒවමේව ඛෝ රාජඤ්ඤ යදා’යං කායෝ ආයුසහගතෝ ච හෝති උස්මාසහගතෝ ච විඤ්ඤාණසහගතෝ ච, තදා ලහුතරෝ ච හෝති මුදුතරෝ ච කම්මඤ්ඤතරෝ ච. යදා පනායං කායෝ නේව ආයුසහගතෝ හෝති න උස්මාසහගතෝ න විඤ්ඤාණසහගතෝ, තා ගරුතරෝ ච හෝති පත්ථින්නතරෝ ච අකම්මඤ්ඤතරෝ ච. ඉමිනාපි ඛෝ තේ රාජඤ්ඤ පරියායේන ඒවං හෝතු: ඉතිපි අත්ථි පරෝ ලෝකෝ, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ”ති.

“එසෙයින් ම රාජන්‍යයෙනි, යම් කලෙක මේ කය ආයුෂ සහිත ව, උණුසුම සහිත ව, විඤ්ඤාණය සහිත ව තිබෙයි ද, ඒ අවස්ථාවෙහි වඩා ත් බර අඩු ව, වඩා ත් මෘදු ව, වඩා ත් කර්මණ්‍ය ව තිබෙයි. යම් කලෙක මේ කය ආයුෂ ත් නැති ව, උණුසුම ත් නැති ව, විඤ්ඤාණය ත් නැති ව තිබෙයි ද, ඒ අවස්ථාවෙහි වඩා ත් බර ව, දැඩි සේ බර ව, වඩා ත් අකර්මණ්‍ය ව තිබෙයි.

රාජන්‍යයෙනි, මේ ක්‍රමයෙනුත් ඔබට මෙසේ සිතේවා! ‘මෙසේ ත් පරලොවක් ඇත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ ඇත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක ඇත්තේ ය’ කියා ය.”

“කිඤ්චාපි භවං කස්සපෝ ඒවමාහ, අථ ඛෝ ඒවං මේ එත්ථ හෝති: ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ”ති.

“භවත් කස්සපයෝ මෙසේ පැවසුව ද, මට නම් මෙහිලා මෙසේ ම සිතෙයි. එනම් ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ කියා ය.”

12. “අත්ථි පන රාජඤ්ඤ පරියායෝ ….(පෙ)….”

“රාජන්‍යයෙනි, ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ යනුවෙන් ඔබ තුළ මේ දෘෂ්ටිය ඇති වූයේ යම් කරුණක් නිසා නම්, එබඳු කරුණක් ඇත්තේ ද?”

“අත්ථි භෝ කස්සප පරියායෝ ….(පෙ)….”

“භවත් කස්සපයෙනි, ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ කියා මා තුළ මේ දෘෂ්ටිය ඇති වූයේ යම් කරුණකින් නම්, එබඳු කරුණක් ඇත්තේ ය.”

“යථා කථං විය රාජඤ්ඤාති”?

“රාජන්‍යයෙනි, එය කෙබඳු කරුණක් ද?”

“ඉධ මේ භෝ කස්සප පුරිසා චෝරං ආගුචාරිං ගහෙත්වා දස්සෙන්ති: ‘අයන්තේ භන්තේ චෝරෝ ආගුචාරී, ඉමස්ස යං ඉච්ඡසි තං දණ්ඩං පණේහී’ති. ත්‍යාහං ඒවං වදාමි: තේන හි භෝ ඉමං පුරිසං අනුපහච්ච ඡවිඤ්ච චම්මඤ්ච මංසඤ්ච නහාරුඤ්ච අට්ඨිඤ්ච අට්ඨිමිඤ්ජඤ්ච ජීවිතා වෝරෝපේථා’ති. තේ මේ සාධූති පටිස්සුත්වා තං පුරිසං අනුපහච්ච ඡවිඤ්ච චම්මඤ්ච මංසඤ්ච නහාරුඤ්ච අට්ඨිඤ්ච අට්ඨිමිඤ්ජඤ්ච ජීවිතා වෝරෝපෙන්ති. යදා සෝ ආමතෝ හෝති, ත්‍යාහං ඒවං වදාමි: තේන හි භෝ ඉමං පුරිසං උත්තානං නිපාතේථ, අප්පේවනාමස්ස ජීවං නික්ඛමන්තං පස්සෙය්‍යාමාති. තේ තං පුරිසං උත්තානං නිපාතෙන්ති. නේවස්ස මයං ජීවං නික්ඛමන්තං පස්සාම. ත්‍යාහං ඒවං වදාමි: තේන හි භෝ ඉමං පුරිසං අවකුජ්ජං නිපාතේථ, ….(පෙ)…. පස්සේන නිපාතේථ ….(පෙ)…. දුතියේන පස්සේන නිපාතේථ, ….(පෙ)…. උද්ධං ඨපේථ, ….(පෙ)…. ඕමුද්ධකං ඨපේථ ….(පෙ)…. පාණිනා ආකෝටේථ ….(පෙ)…. ලෙඩ්ඩුනා ආකෝටේථ ….(පෙ)…. දණ්ඩේන ආකෝටේථ ….(පෙ)…. සත්ථේන ආකෝටේථ ….(පෙ)…. ඕධුනාථ ….(පෙ)…. සන්ධුනාථ ….(පෙ)…. නිද්ධුනාථ, ‘අප්පේවනාමස්ස ජීවං නික්ඛමන්තං පස්සෙය්‍යාමා’ති. තේ තං පුරිසං අවකුජ්ජං නිපාතෙන්ති, ….(පෙ)…. පස්සේන නිපාතෙන්ති ….(පෙ)…. දුතියේන පස්සේන නිපාතෙන්ති, ….(පෙ)…. උද්ධං ඨපෙන්ති, ….(පෙ)…. ඕමුද්ධකං ඨපෙන්ති ….(පෙ)…. පාණිනා ආකෝටෙන්ති ….(පෙ)…. ලෙඩ්ඩුනා ආකෝටෙන්ති ….(පෙ)…. දණ්ඩේන ආකෝටෙන්ති ….(පෙ)…. සත්ථේන ආකෝටෙන්ති ….(පෙ)…. ඕධුනන්ති ….(පෙ)…. සන්ධුනන්ති ….(පෙ)…. නිද්ධුනන්ති, නේවස්ස මයං ජීවං නික්ඛමන්තං පස්සාම. තස්ස තදේව චක්ඛු හෝති තේ රූපා තඤ්චායතනං නප්පටිසංවේදේති, තදේව සෝතං හෝති තේ සද්දා තඤ්චායතනං නප්පටිසංවේදේති, තදේව ඝානං හෝති තේ ගන්ධා තඤ්චායතනං නප්පටිසංවේදේති, සායේව ජිව්හා හෝති තේ රසා තඤ්චායතනං නප්පටිසංවේදේති, ස්වේව කායෝ හෝති තේ ඵොට්ඨබ්බා තඤ්චායතනං නප්පටිසංවේදේති. අයම්පි ඛෝ භෝ කස්සප පරියායෝ යේන මේ පරියායේන ඒවං හෝති: ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ”ති.

“භවත් කස්සපයෙනි, මෙහි මාගේ පුරුෂයෝ අපරාධ කළ සොරෙකු අල්ලා ගෙන ‘හිමියනි, මේ අපරාධකාරී සොරෙකි. මොහුට යම් දඬුවමක් දෙන්නට කැමැත්තහු නම් ඒ දඬුවම පණවනු මැනැව’ යි මා ඉදිරියට ගෙන දක්වති. එවිට මම ඔවුන්ට මෙසේ කියමි.

‘එසේ වී නම් භවත්නි, මේ පුරුෂයාගේ සිවිය ත්, සම ත්, මසු ත්, නහර ත්, ඇට ත්, ඇට මිදුළු ත් නොනසා ජීවිතයෙන් තොර කරව්.’

ඔවුහු ‘එසේ ය’ යි මට පිළිතුරු දී ඒ පුරුෂයාගේ සිවිය ත්, සම ත්, මසු ත්, නහර ත්, ඇට ත්, ඇට මිදුළු ත් නොනසා ජීවිතයෙන් තොර කළාහු ය. යම් කලෙක ඔහු මැරී යමින් සිටියි ද, එවිට මම ඔවුන්ට මෙසේ කියමි. ‘භවත්නි, එසේ වී නම්, මේ පුරුෂයා ව උඩුඅතට හාන්සි කරව්. මොහුගේ ජීවය නික්මෙන අයුරු බලන්නෙම් නම් මැනැවි’ යි. ඔවුහු ඒ පුරුෂයා ව උඩු අතට හාන්සි කරවති. නමුත් ඔහුගෙන් නික්ම යන ජීවයක් අපි නුදුටුවෙමු.

එවිට ඔවුන්ට මම මෙසේ කියමි. ‘එසේ වී නම් භවත්නි, මේ පුරුෂයා මුනින් අතට හරවා පෙරලව්. ….(පෙ)…. පැත්තට පෙරලව් ….(පෙ)…. අනිත් පැත්තට පෙරලව් ….(පෙ)…. උඩු අතට තබව් ….(පෙ)…. යටි අතට තබව් ….(පෙ)…. අතින් පහර දෙව්. ….(පෙ)…. ගලින් පහර දෙව්. ….(පෙ)…. දඬු මුගුරින් පහර දෙව් ….(පෙ)…. ආයුධයෙන් පහර දෙව් ….(පෙ)…. මේ පැත්තට පෙරලව් ….(පෙ)…. අනිත් පැත්තට පෙරලව් ….(පෙ)…. එහාට මෙහාට පෙරලව්. මොහුගේ ජීවය නික්ම යන අයුරු බලන්නෙම් නම් මැනැවි. එවිට ඔවුහු ඒ පුරුෂයා ව එහාට මෙහාට පෙරලූහ. නමුත් ඔහුගෙන් නික්ම යන ජීවයක් අපි නුදුටුවෙමු.

ඔහු තුළ ඒ ඇස ම තිබෙයි. ඒ රූප ත් තිබෙයි. නමුත් ඒ ඇස නැමැති ආයතනය රූපයන්ට සංවේදී නොවෙයි. ඒ කන ම තිබෙයි. ඒ ශබ්ද ත් තිබෙයි. කන නැමැති ආයතනය ශබ්දයට සංවේදී නොවෙයි. ඒ නාසය ම තිබෙයි. ඒ ගන්ධය ත් තිබෙයි. නමුත් නාසය නැමැති ආයතනය ගන්ධයන්ට සංවේදී නොවෙයි. ඒ දිව ම තිබෙයි. ඒ රස ත් තිබෙයි. දිව නැමැති ආයතනය රසයට සංවේදී නොවෙයි. ඒ කය ම තිබෙයි. ඒ ස්පර්ශ ත් තිබෙයි. නමුත් ඒ කය නැමැති ආයතනය ස්පර්ශයට සංවේදී නොවෙයි.

භවත් කස්සපයෙනි, ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ කියා මා තුළ මේ දෘෂ්ටිය ඇති වූයේ යම් කරුණකින් නම් මෙය ද කරුණකි.”

“තේන හි රාජඤ්ඤ උපමන්තේ කරිස්සාමි. උපමායපිධේකච්චේ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. භූතපුබ්බං රාජඤ්ඤ අඤ්ඤතරෝ සංඛධමෝ සංඛං ආදාය පච්චන්තිමං ජනපදං අගමාසි. සෝ යේනඤ්ඤතරෝ ගාමෝ තේනුපසංකමි, උපසංකමිත්වා මජ්ඣේ ගාමස්ස ඨිතෝ තික්ඛත්තුං සංඛං උපලාපෙත්වා සංඛං භූමියං නික්ඛිපිත්වා ඒකමන්තං නිසීදි. අථ ඛෝ රාජඤ්ඤ තේසං පච්චන්තජානපදානං මනුස්සානං ඒතදහෝසි: අම්භෝ කස්ස නු ඛෝ ඒසෝ සද්දෝ ඒවං රජනීයෝ ඒවං කමනීයෝ ඒවං මදනීයෝ ඒවං බන්ධනීයෝ ඒවං මුච්ඡනීයෝ?ති සන්නිපතිත්වා තං සංඛධමං ඒතදවෝචුං: අම්භෝ කස්ස නු ඛෝ ඒසෝ සද්දෝ ඒවං රජනීයෝ ඒවං කමනීයෝ ඒවං මදනීයෝ ඒවං බන්ධනීයෝ ඒවං මුච්ඡනීයෝ?ති. “ඒසෝ ඛෝ භෝ සංඛෝ නාම යස්සේසෝ සද්දෝ ඒවං රජනීයෝ ඒවං කමනීයෝ ඒවං මදනීයෝ ඒවං බන්ධනීයෝ ඒවංමුච්ඡනීයෝ’ති. තේ තං සංඛං උත්තානං නිපාතේසුං: ‘වදේහි භෝ සංඛ, වදේහි භෝ සංඛා’ති. නේව සෝ සංඛෝ සද්දමකාසි. තේ තං සංඛං අවකුජ්ජං නිපාතේසුං ….(පෙ)…. පස්සේන නිපාතේසුං ….(පෙ)…. දුතියේන පස්සේන නිපාතේසුං ….(පෙ)…. උද්ධං ඨපේසුං ….(පෙ)…. ඕමුද්ධකං ඨපේසුං ….(පෙ)…. පාණිනා ආකෝටේසුං ….(පෙ)…. ලෙඩ්ඩුනා ආකෝටේසුං ….(පෙ)…. දණ්ඩේන ආකෝටේසුං ….(පෙ)…. සත්ථේන ආකෝටේසුං ….(පෙ)…. ඕධුනිංසු ….(පෙ)…. සන්ධුනිංසු ….(පෙ)…. නිද්ධුනිංසු: ‘වදේහි භෝ සංඛ, වදේහි භෝ සංඛා’ති. නේව සෝ සංඛෝ සද්දමකාසි. අථ ඛෝ රාජඤ්ඤ තස්ස සංඛධමස්ස ඒතදහෝසි: යාව බාලා ඉමේ පච්චන්තජානපදා මනුස්සා. කථං හි නාම අයෝනිසෝ සංඛසද්දං ගවේසිස්සන්තී’ති තේසං පෙක්ඛමානානං සංඛං ගහෙත්වා තික්ඛත්තුං සංඛං උපලාපෙත්වා සංඛං ආදාය පක්කාමි. අථ ඛෝ රාජඤ්ඤ තේසං පච්චන්තජානපදානං මනුස්සානං ඒතදහෝසි: යදා කිර භෝ අයං සංඛෝ නාම පුරිසසහගතෝ ච හෝති, වායාමසහගතෝ ච වායුසහගතෝ ච, තදායං සංඛෝ සද්දං කරෝති. යදා පනායං සංඛෝ නේව පුරිසසහගතෝ හෝති න වායාමසහගතෝ න වායුසහගතෝ, නායං සංඛෝ සද්දං කරෝතී’ති.

“එසේ වී නම් රාජන්‍යයෙනි, ඔබට උපමාවකින් පැහැදිලි කරන්නෙමි. මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ උපමාවෙනුත් පවසන ලද කරුණෙහි අරුත් තේරුම් ගනිති. රාජන්‍යයෙනි, මෙය පෙර සිදුවූවකි. එක්තරා සක් පිඹින්නෙක් හක් ගෙඩියක් ගෙන ඈත පිටිසර ජනපදයකට ගියේ ය. ඔහු එක්තරා ගමක් වෙත පැමිණියේ ය. පැමිණ ගම මැද සිට තුන් විටක් සංඛනාද පවත්වා, හක් ගෙඩිය බිම දමා එකත්පස් ව හිඳගත්තේ ය.

එවිට රාජන්‍යයෙනි, ඒ ඈත පිටිසර ජනපදවැසි මිනිසුන්ට මේ අදහස ඇතිවූයේ ය. ‘එම්බා පින්වත්නි, මෙබඳු ඇල්ම ඇතිකරවන, මෙබඳු මනස්කාන්ත, මෙබඳු මත් කරවන, මෙබඳු සිත් බැඳගන්නා, මෙබඳු මුසපත් කරවන මේ නාදය කාගේ ද?’ යි. එවිට ඔවුහු රැස් ව ඒ සක් පිඹින්නාගෙන් මෙය ඇසූහ. ‘එම්බා පුරුෂය, මෙබඳු ඇල්ම ඇතිකරවන, මෙබඳු මනස්කාන්ත, මෙබඳු මත් කරවන, මෙබඳු සිත් බැඳගන්නා, මෙබඳු මුසපත් කරවන, මෙම හඬ කවරෙකුගේ ද?’ ‘භවත්නි, යමෙකුගේ හඬ මෙබඳු ඇල්ම ඇතිකරවයි ද, මෙබඳු මනස්කාන්ත වෙයි ද, මෙබඳු මත් කරවයි ද, මෙබඳු සිත් බැඳගන්නේ ද, මෙබඳු මුසපත් කරවයි ද, එය මේ සක් ගෙඩිය නම් වෙයි.’ එවිට ඔවුහු ‘භවත් සක් ගෙඩිය, නාද කරව! භවත් සක් ගෙඩිය නාද කරව!’ යි ඒ සක් ගෙඩිය උඩු අතට පෙරලූහ. ඒ සක් ගෙඩිය හඬක් නොනැගුවේ ම ය. ඔවුහු ඒ සක් ගෙඩිය යටි අතට පෙරලූහ. ….(පෙ)…. පැත්තට පෙරලූහ ….(පෙ)…. අනිත් පැත්තට පෙරලූහ ….(පෙ)…. කෙලින් අතට සිටවූහ. ….(පෙ)…. යටි අතට හැරවූහ ….(පෙ)…. අතින් පහර දුන්හ. ….(පෙ)…. ගලින් පහර දුන්හ ….(පෙ)…. දඬු මුගුරින් පහර දුන්හ. ….(පෙ)…. ආයුධයෙන් පහර දුන්හ ….(පෙ)…. මේ පැත්තට පෙරලූහ. ….(පෙ)…. ඒ පැත්තට පෙරලූහ. ….(පෙ)…. එවිට ඔවුහු ‘භවත් සක් ගෙඩිය, නාද කරව! භවත් සක් ගෙඩිය නාද කරව!’ යි ඒ සක් ගෙඩිය එහාට මෙහාට පෙරලූහ. ඒ සක් ගෙඩිය හඬක් නොනැගුවේ ම ය.

එකල්හී රාජන්‍යයෙනි, ඒ සක් පිඹින්නාට මේ අදහස ඇතිවූයේ ය. ‘මේ ඈත පිටිසර ජනපදවැසි මිනිසුන් මොනතරම් මෝඩ ද! කෙසේ නම් නොමගකින් සංඛනාදයක් සොයන්නාහු ද?’යි ඔවුන් බලා සිටිය දී ම ඔහු සක් ගෙඩිය ගෙන තුන් විටක් සංඛනාද පවත්වා සක් ගෙඩිය ගෙන පිටත් ව ගියේ ය.

රාජන්‍යයෙනි, එකල්හී ඒ ඈත පිටිසර ජනපදවැසි මිනිසුන්ට මේ අදහස ඇතිවූයේ ය. ‘භවත්නි, මේ සක් ගෙඩිය නැමැති දෙය යම් කලෙක පුරුෂයෙකු හා එක් වෙයි ද, පුරුෂයාගේ උත්සාහය හා එක් වෙයි ද, වායුව හා එක් වෙයි ද, එකල්හී මේ සක් ගෙඩිය හඬ නංවයි. යම් කලෙක මේ සක් ගෙඩිය පුරුෂයා හා එක් නොවෙයි ද, පුරුෂයාගේ උත්සාහය එක් නොවෙයි ද, වායුව හා එක් නොවෙයි ද එකල්හී මේ සක් ගෙඩිය හඬක් නොනංවයි’ කියා ය.

ඒවමේව ඛෝ රාජඤ්ඤ යදායං කායෝ ආයුසහගතෝ ච හෝති උස්මාසහගතෝ ච විඤ්ඤාණසහගතෝ ච, තදා අභික්කමතිපි පටික්කමතිපි තිට්ඨතිපි නිසීදතිපි සෙය්‍යම්පි කප්පේති, චක්ඛුනාපි රූපං පස්සති, සෝතේනපි සද්දං සුණාති, ඝානේනපි ගන්ධං ඝායති, ජිව්හායපි රසං සායති, කායේනපි ඵොට්ඨබ්බං ඵුසති, මනසාපි ධම්මං විජානාති. යදා පනායං කායෝ නේව ආයුසහගතෝ හෝති, න උස්මාසහගතෝ ච න විඤ්ඤාණසහගතෝ ච, තදා නේව අභික්කමති න පටික්කමති න තිට්ඨති න නිසීදති න සෙය්‍යං කප්පේති, චක්ඛුනාපි රූපං න පස්සති, සෝතේනපි සද්දං න සුණාති, ඝානේනපි ගන්ධං න ඝායති, ජිව්හායපි රසං න සායති, කායේනපි ඵොට්ඨබ්බං න ඵුසති, මනසාපි ධම්මං න විජානාති. ඉමිනාපි ඛෝ තේ රාජඤ්ඤ පරියායේන ඒවං හෝතු: ඉතිපි අත්ථි පරෝ ලෝකෝ, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති”.

එසෙයින් ම රාජන්‍යයෙනි, යම් කලෙක මේ කය ආයුෂ හා එක් ව තිබෙයි ද, උණුසුම හා එක් ව තිබෙයි ද, විඤ්ඤාණය හා එක් ව තිබෙයි ද, එකල්හී ඉදිරියට ත් යයි. ආපසු හැරී ත් එයි. සිටියි. වාඩි ත් වෙයි. සැතැපීම ත් කරයි. ඇසිනුත් රූප දකියි. කනෙනුත් ශබ්ද අසයි. නාසයෙනුත් ගන්ධය ආඝ්‍රාණය කරයි. දිවෙනුත් රස විඳියි. කයෙනුත් පහස ස්පර්ශ කරයි. මනසිනුත් අරමුණු දැනගනියි.

යම් කලෙක මේ කය ආයුෂ හා එක් නොවී තිබෙයි ද, උණුසුම හා ත් එක් නොවී තිබෙයි ද, විඤ්ඤාණය හා ත් එක් නොවී තිබෙයි ද, එකල්හී ඉදිරියට ත් නොයයි. ආපසු හැරී ත් නොඑයි. නොසිටියි. වාඩි ත් නොවෙයි. සැතැපීම ත් නොකරයි. ඇසිනුත් රූප නොදකියි. කනෙනුත් ශබ්ද නොඅසයි. නාසයෙනුත් ගන්ධය ආඝ්‍රාණය නොකරයි. දිවෙනුත් රස නොවිඳියි. කයෙනුත් පහස ස්පර්ශ නොකරයි. මනසිනුත් අරමුණු නොදැනගනියි.

රාජන්‍යයෙනි, මේ ක්‍රමයෙනුත් ඔබට මෙසේ සිතේවා! ‘මෙසේ ත් පරලොවක් ඇත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ ඇත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක ඇත්තේ ය’ කියා ය.”

“කිඤ්චාපි භවං කස්සපෝ ඒවමාහ, අථ ඛෝ ඒවම්මේ එත්ථ හෝති: ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති”.

“භවත් කස්සපයෝ මෙසේ පැවසුව ද, මට නම් මෙහිලා මෙසේ ම සිතෙයි. එනම් ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ කියා ය.”

13. “අත්ථි පන රාජඤ්ඤ පරියායෝ ….(පෙ)….”

“රාජන්‍යයෙනි, ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ යනුවෙන් ඔබ තුළ මේ දෘෂ්ටිය ඇති වූයේ යම් කරුණක් නිසා නම්, එබඳු කරුණක් ඇත්තේ ද?”

“අත්ථි භෝ කස්සප පරියායෝ ….(පෙ)….”

“භවත් කස්සපයෙනි, ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ කියා මා තුළ මේ දෘෂ්ටිය ඇති වූයේ යම් කරුණකින් නම්, එබඳු කරුණක් ඇත්තේ ය.”

“යථා කථං විය රාජඤ්ඤාති?”

“රාජන්‍යයෙනි, එය කෙබඳු කරුණක් ද?”

“ඉධ මේ භෝ කස්සප පුරිසා චෝරං ආගුචාරිං ගහෙත්වා දස්සෙන්ති: අයං තේ භන්තේ චෝරෝ ආගුචාරී, ඉමස්ස යං ඉච්ඡසි තං දණ්ඩං පණේහී’ති. ත්‍යාහං ඒවං වදාමි: තේන හි භෝ ඉමස්ස පුරිසස්ස ඡවිං ඡින්දථ, අප්පේවනාමස්ස ජීවං පස්සෙය්‍යාමා’ති. තේ තස්ස පුරිසස්ස ඡවිං ඡින්දන්ති නේවස්ස මයං ජීවං පස්සාම. ත්‍යාහං ඒවං වදාමි: තේන හි භෝ ඉමස්ස පුරිසස්ස චම්මං ඡින්දථ ….(පෙ)…. මංසං ඡින්දථ ….(පෙ)…. නහාරුං ඡින්දථ ….(පෙ)…. අට්ඨිං ඡින්දථ ….(පෙ)…. අට්ඨිමිඤ්ජං ඡින්දථ, අප්පේවනාමස්ස ජීවං පස්සෙය්‍යාමා’ති. තේ තස්ස පුරිසස්ස චම්මං ඡින්දන්ති ….(පෙ)…. අට්ඨිමිඤ්ජං ඡින්දන්ති නේවස්ස මයං ජීවං පස්සාම. අයම්පි ඛෝ භෝ කස්සප පරියායෝ යේන මේ පරියායේන ඒවං හෝති: ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති.”

“භවත් කස්සපයෙනි, මෙහි මාගේ පුරුෂයෝ අපරාධ කළ සොරෙකු අල්ලා ගෙන ‘හිමියනි, මේ අපරාධකාරී සොරෙකි. මොහුට යම් දඬුවමක් දෙන්නට කැමැත්තහු නම් ඒ දඬුවම පණවනු මැනැව’ යි මා ඉදිරියට ගෙන දක්වති. එවිට මම ඔවුන්ට මෙසේ කියමි.

‘එසේ වී නම් භවත්නි, මේ පුරුෂයාගේ සිවිය සිඳිව්. මොහුගේ ජීවය දකින්නෙමු’ යි. ඔවුහු ඒ පුරුෂයාගේ සිවිය සිඳිති. එහෙත් අපි ඔහුගේ ජීවය නොදකිමු. එවිට මම ඔවුන්ට මෙසේ කියමි. ‘එසේ වී නම් භවත්නි, මේ පුරුෂයාගේ සම සිඳිව්. ….(පෙ)…. මස් සිඳිව්. ….(පෙ)…. නහර සිඳිව්. ….(පෙ)…. ඇට සිඳිව්. ….(පෙ)…. ඇට මිදුළු සිඳිව්. මොහුගේ ජීවය දකින්නෙමු’ යි. ඔවුහු ඒ පුරුෂයාගේ ඇට මිදුළු සිඳිති. එහෙත් අපි ඔහුගේ ජීවය නොදකිමු.

භවත් කස්සපයෙනි, ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ කියා මා තුළ මේ දෘෂ්ටිය ඇති වූයේ යම් කරුණකින් නම් මෙය ද කරුණකි.”

“තේන හි රාජඤ්ඤ උපමන්තේ කරිස්සාමි. උපමායපි ඉධේකච්චේ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. භූතපුබ්බං රාජඤ්ඤ අඤ්ඤතරෝ අග්ගිකෝ ජටිලෝ අරඤ්ඤායතනේ පණ්ණකුටියා වසති. අථ ඛෝ රාජඤ්ඤ අඤ්ඤතරෝ ජනපදේ සත්ථෝ වුට්ඨාසි. අථ ඛෝ සෝ සත්ථෝ තස්ස අග්ගිකස්ස ජටිලස්ස අස්සමස්ස සාමන්තා ඒකරත්තිං වසිත්වා පක්කාමි. අථ ඛෝ රාජඤ්ඤ තස්ස අග්ගිකස්ස ජටිලස්ස ඒතදහෝසි: යන්නූනාහං යේන සෝ සත්ථවාසෝ තේනුපසංකමෙය්‍යං, අප්පේවනාමෙත්ථ කිඤ්චි උපකරණං අධිගච්ඡෙය්‍යන්ති. අථ ඛෝ සෝ අග්ගිකෝ ජටිලෝ කාලස්සේව වුට්ඨාය යේන සෝ සත්ථවාහෝ තේනුපසංකමි, උපසංකමිත්වා අද්දස තස්මිං සත්ථවාහේ දහරං කුමාරං මන්දං උත්තානසෙය්‍යකං ඡඩ්ඩිතං. දිස්වානස්ස ඒතදහෝසි: න ඛෝ මේතං පතිරූපං, යම්මේ පෙක්ඛමානස්ස මනුස්සභූතෝ කාලකරෙය්‍ය. යන්නූනාහං ඉමං දාරකං අස්සමං නෙත්වා ආපාදෙය්‍යං පෝසෙය්‍යං වඩ්ඪෙය්‍යන්ති. අථ ඛෝ සෝ අග්ගිකෝ ජටිලෝ තං දාරකං අස්සමං නෙත්වා ආපාදේසි පෝසේසි වඩ්ඪෙසි. යදා සෝ දාරකෝ දසවස්සුද්දේසිකෝ වා හෝති ද්වාදසවස්සුද්දේසිකෝ වා, අථ ඛෝ තස්ස අග්ගිකස්ස ජටිලස්ස ජනපදේ කඤ්චිදේව කරණීයං උප්පජ්ජි. අථ ඛෝ සෝ අග්ගිකෝ ජටිලෝ තං දාරකං ඒතදවෝච: ‘ඉච්ඡාමහං තාත ජනපදං ගන්තුං, අග්ගිං තාත පරිචරෙය්‍යාසි. මා ච තේ අග්ගි නිබ්බායි. සචේ ච තේ අග්ගි නිබ්බායෙය්‍ය, අයං වාසි, ඉමානි කට්ඨානි, ඉදං අරණිසහිතං. අග්ගිං නිබ්බත්තෙත්වා අග්ගිං පරිචරෙය්‍යාසී’ති. අථ ඛෝ සෝ අග්ගිකෝ ජටිලෝ තං දාරකං ඒවං අනුසාසිත්වා ජනපදං අගමාසි. තස්ස ඛිඩ්ඩාපසුතස්ස අග්ගි නිබ්බායි. අථ ඛෝ තස්ස දාරකස්ස ඒතදහෝසි: පිතා ඛෝ මං ඒවං අවච: ‘අග්ගිං තාත පරිචරෙය්‍යාසි, මා ච තේ අග්ගි නිබ්බායි. සචේ ච තේ අග්ගි නිබ්බායෙය්‍ය අයං වාසි ඉමානි කට්ඨානි. ඉදං අරණිසහිතං, අග්ගිං නිබ්බත්තෙත්වා අග්ගිං පරිචරෙය්‍යාසී’ති. යන්නූනාහං අග්ගිං නිබ්බත්තෙත්වා අග්ගිං පරිචරෙය්‍යන්ති. අථ ඛෝ සෝ දාරකෝ අරණිසහිතං වාසියා තච්ඡි: අප්පේව නාම අග්ගිං අධිගච්ඡෙය්‍යන්ති. නේව සෝ අග්ගිං අධිගච්ඡි. අරණිසහිතං ද්විධා ඵාලේසි ….(පෙ)…. තිධා ඵාලේසි ….(පෙ)…. චතුධා ඵාලේසි ….(පෙ)…. පඤ්චධා ඵාලේසි ….(පෙ)…. දසධා ඵාලේසි ….(පෙ)…. සතධා ඵාලේසි ….(පෙ)…. සකලිකං සකලිකං අකාසි ….(පෙ)…. සකලිකං සකලිකං කරිත්වා උදුක්ඛලේ කොට්ටේසි ….(පෙ)…. උදුක්ඛලේ කොට්ටෙත්වා මහාවාතේ ඕපුණි: අප්පේවනාම අග්ගිං අධිගච්ඡෙය්‍යන්ති. නේව සෝ අග්ගිං අධිගච්ඡි.

“එසේ වී නම් රාජන්‍යයෙනි, ඔබට උපමාවකින් පැහැදිලි කරන්නෙමි. මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ උපමාවෙනුත් පවසන ලද කරුණෙහි අරුත් තේරුම් ගනිති. රාජන්‍යයෙනි, මෙය පෙර සිදුවූවකි. රාජන්‍යයෙනි, එක්තරා ගිනි පුදන ජටිලයෙක් වනාන්තරයක කොළ සෙවිලි කළ කුටියක වසයි. එකල්හී රාජන්‍යයෙනි, එක්තරා ජනපදයක ගැල් කණ්ඩායමක් ගමන් ඇරඹුවේ ය. ඉක්බිති ඒ ගැල් කණ්ඩායම ඒ ගිනි පුදන ජටිලයාගේ ආශ්‍රමය සමීපයෙහි එක් රැයක් නැවතී පිටත් ව ගියේ ය. එවිට ගිනි පුදන ජටිලයාට මේ අදහස ඇතිවූයේ ය. ‘මම ඒ ගැල් කණ්ඩායම යම් තැනක නැවතුණේ ද, එතැනට යන්නෙම් නම් මැනැවි. ඔවුන් දමාගිය කිසියම් උපකරණයක් ලැබෙන්නේ නම් මැනැවි.’ ඉක්බිති ඒ ගිනිපුදන ජටිලයා වේලාසනින් ම අවදි ව, ගැල් කණ්ඩායම නැවතී සිටියේ යම් තැනක ද, එතැනට එළැඹියේ ය. එළැඹ ඒ ගැල් කණ්ඩායම නැවතී සිටි තැන උඩුකුරු ව නිදන කුඩා දරුවෙකු අත්හැර දමා ගොස් තිබෙනු දුටුවේ ය. දැක ඔහුට මේ අදහස ඇතිවූයේ ය.

‘මා දැක දැක ත් මිනිස්වූවෙක් කලුරිය කරන්නේ ය යන යමක් ඇද්ද, එය මට ගැලපෙන දෙයක් නොවෙයි. මම මේ දරුවා ආශ්‍රමයට ගෙන ගොස් ඇති දැඩි කරන්නෙම් නම්, පෝෂණය කරන්නෙම් නම්, වඩන්නෙම් නම් යහපති.’

ඉක්බිති ඒ ගිනි පුදන ජටිල තෙමේ ඒ දරුවා ආශ්‍රමයට ගෙන ගොස් ඇතිදැඩි කළේ ය. පෝෂණය කළේ ය. වැඩුවේ ය. යම් කලෙක ඒ දරුවා දහ දොළොස් වසරක් වයසැති වූවේ ද, එකල්හී ඒ ගිනි පුදන ජටිලයාට ජනපදයෙහි කිසියම් කළ යුතු දැයක් උපන්නේ ය. ඉක්බිති ඒ ගිනි පුදන ජටිලයා ඒ දරුවා ඇමතුවේ ය.

‘දරුව, මම ජනපදයට යන්නට කැමැති වෙමි. දරුව, ගිනි පුදන්න. ඔබ විසින් පුදන ගින්න ත් නොනිවේවා! ඉදින් ඔබගේ ගින්න නිවෙන්නේ නම්, මේ වෑය ය, මේ දර ය, මේ ගිනි ගානා ලී දණ්ඩ ය. ගින්න උපදවා ගිනි පුදන්න.’

එකල්හී ඒ ගිනි පුදන ජටිලයා ඒ දරුවාට මෙසේ අනුශාසනා කොට ජනපදයට ගියේ ය. සෙල්ලමෙහි ඇලී සිටි දරුවාගේ ගින්න නිවී ගියේ ය. එකල්හී ඒ දරුවාට මෙසේ සිතුණේ ය. ‘මාගේ පියා මට මෙසේ කිව්වේ ය. ‘දරුව, ගිනි පුදන්න. ඔබ විසින් පුදන ගින්න ත් නොනිවේවා! ඉදින් ඔබගේ ගින්න නිවෙන්නේ නම්, මේ වෑය ය, මේ දර ය, මේ ගිනි ගානා ලී දණ්ඩ ය. ගින්න උපදවා ගිනි පුදන්න’ යි.

එසේ නම් මම ගිනි උපදවා, ගිනි පුදන්නෙම් නම් මැනැවි. ඉක්බිති ඒ දරුවා ‘මම ගිනි උපද්දවන්නෙම් නම් මැනැවැ’යි ගිනිගානා ලී දණ්ඩ වෑයෙන් සැස්සේ ය. ඔහු ගින්න නොලැබුවේ ය. ගිනිගානා ලී දණ්ඩ දෙකට පැළුවේ ය. ….(පෙ)…. තුනට පැළුවේ ය. ….(පෙ)…. සතරට පැළුවේ ය. ….(පෙ)…. පහට පැළුවේ ය. ….(පෙ)…. දහයට පැළුවේ ය. ….(පෙ)…. සියයට පැළුවේ ය. ….(පෙ)…. කැබලි කැබලි කළේ ය. ….(පෙ)…. කැබලි කැබලි කොට වංගෙඩියෙහි දමා කෙටුවේ ය. ….(පෙ)…. වංගෙඩියෙහි දමා කොටා මම ගිනි උපද්දවන්නෙම් නම් මැනැවැයි මහා සුළඟෙහි පිඹහළේ ය. ඔහු ගින්න නොලැබුවේ ය.

අථ ඛෝ සෝ අග්ගිකෝ ජටිලෝ ජනපදේ තං කරණීයං තීරෙත්වා, යේන සකෝ අස්සමෝ තේනුපසංකමි, උපසංකමිත්වා තං දාරකං ඒතදවෝච: ‘කච්චි තේ තාත අග්ගි න නිබ්බුතෝ’ති. ඉධ මේ තාත ඛිඩ්ඩාපසුතස්ස අග්ගි නිබ්බායි. තස්ස මේ ඒතදහෝසි: පිතා ඛෝ මං ඒවං අවච: අග්ගිං තාත පරිචරෙය්‍යාසි, මා ච තේ අග්ගි නිබ්බායි. සචේ ච තේ අග්ගි නිබ්බායෙය්‍ය අයං වාසි ඉමානි කට්ඨානි ඉදං අරණිසහිතං, අග්ගිං නිබ්බත්තෙත්වා අග්ගිං පරිචරෙය්‍යාසී’ති. යන්නූනාහං අග්ගිං නිබ්බත්තෙත්වා අග්ගිං පරිචරෙය්‍යන්ති. අථ ඛ්වාහං තාත අරණිසහිතං වාසියා තච්ඡිං: අප්පේවනාම අග්ගිං අධිගච්ඡෙය්‍යන්ති. නේවාහං අග්ගිං අධිගච්ඡිං. අරණිසහිතං ද්විධා ඵාලේසිං ….(පෙ)…. තිධා ඵාලේසිං ….(පෙ)…. චතුධා ඵාලේසිං ….(පෙ)…. පඤ්චධා ඵාලේසිං ….(පෙ)…. දසධා ඵාලේසිං ….(පෙ)…. සතධා ඵාලේසිං ….(පෙ)…. සකලිකං සකලිකං අකාසිං ….(පෙ)…. සකලිකං සකලිකං කරිත්වා උදුක්ඛලේ කොට්ටේසිං ….(පෙ)…. උදුක්ඛලේ කොට්ටෙත්වා මහාවාතේ ඕඵුණිං අප්පේවනාම අග්ගිං අධිගච්ඡෙය්‍යන්ති. නේවාහං අග්ගිං අධිගච්ඡින්ති. අථ ඛෝ තස්ස අග්ගිකස්ස ජටිලස්ස ඒතදහෝසි: යාව බාලෝ අයං දාරකෝ අබ්‍යත්තෝ. කථං හි නාම අයෝනිසෝ අග්ගිං ගවේසිස්සතී’ති තස්ස පෙක්ඛමානස්ස අරණිසහිතං ගහෙත්වා අග්ගිං නිබ්බත්තෙත්වා තං දාරකං ඒතදවෝච: ඒවං ඛෝ තාත අග්ගි නිබ්බත්තේතබ්බෝ, නත්වේව යථා ත්වං බාලෝ අබ්‍යත්තෝ අයෝනිසෝ අග්ගිං ගවේසිස්සතී’ති,

එකල්හී ඒ ගිනි පුදන ජටිලයා ජනපදයෙහි ඒ කළ යුතු දෙය නිමවා සිය ආශ්‍රමයට පැමිණියේ ය. පැමිණ ඒ දරුවා ඇමතුවේ ය. ‘කිම? දරුව, තොපගේ ගින්න නොනිවුණේ ද?’

‘පියාණෙනි, මෙහි සෙල්ලමෙන් සිටි මාගේ ගින්න නිවී ගියේ ය. එවිට මට මෙසේ සිතුණේ ය. ‘මාගේ පියා මට මෙසේ කිව්වේ ය. ‘දරුව, ගිනි පුදන්න. ඔබ විසින් පුදන ගින්න ත් නොනිවේවා! ඉදින් ඔබගේ ගින්න නිවෙන්නේ නම්, මේ වෑය ය, මේ දර ය, මේ ගිනි ගානා ලී දණ්ඩ ය. ගින්න උපදවා ගිනි පුදන්න’ යි.

එසේ නම් මම ගිනි උපදවා, ගිනි පුදන්නෙම් නම් මැනැවි. ඉක්බිති පියාණෙනි, මම ගිනි උපද්දවන්නෙම් නම් මැනැවැ යි ඒ මම ගිනිගානා ලී දණ්ඩ වෑයෙන් සැස්සෙමි. මම ගින්න නොලැබුවෙමි. ගිනිගානා ලී දණ්ඩ දෙකට පැළුවෙමි. ….(පෙ)…. තුනට පැළුවෙමි. ….(පෙ)…. සතරට පැළුවෙමි. ….(පෙ)…. පහට පැළුවෙමි. ….(පෙ)…. දහයට පැළුවෙමි. ….(පෙ)…. සියයට පැළුවෙමි. ….(පෙ)…. කැබලි කැබලි කළෙමි. ….(පෙ)…. කැබලි කැබලි කොට වංගෙඩියෙහි දමා කෙටුවෙමි. ….(පෙ)…. වංගෙඩියෙහි දමා කොටා මම ගිනි උපද්දවන්නෙම් නම් මැනැවැයි මහා සුළඟෙහි පිඹහළෙමි. මම ගින්න නොලැබුවෙමි.’

එකල්හී එ ගිනි පුදන ජටිලයාට මෙසේ සිතුණේ ය. ‘මේ දරුවා මොනතරම් අව්‍යක්ත අනුවණයෙක් ද? කෙසේ නම් නොමගකින් ගින්න සොයන්නේ ද?’ යි ඔහු බලා සිටිද්දී ම ගිනිගානා දණ්ඩ ගෙන ගිනි උපදවා ඒ දරුවාට මෙය පැවසුවේ ය.

‘දරුව, ගින්න ඉපදවිය යුත්තේ මෙහෙමයි. ඔබ යම්බඳු අව්‍යක්ත ව, අනුවණයෙක් ව, නොමගකින් යුක්ත ව ගින්න සොයන අයුරකින් නම් නොවෙයි.

ඒවමේව ඛෝ ත්වං රාජඤ්ඤ බාලෝ අබ්‍යත්තෝ අයෝනිසෝ පරලෝකං ගවේසිස්සසි. පටිනිස්සජ්ජේතං රාජඤ්ඤ පාපකං දිට්ඨිගතං. පටිනිස්සජ්ජේතං රාජඤ්ඤ පාපකං දිට්ඨිගතං. මා තේ අහෝසි දීඝරත්තං අහිතාය දුක්ඛායා”ති.

එසෙයින් ම රාජන්‍යයෙනි, ඔබ අව්‍යක්ත ව, අනුවණයෙක් ව, නොමගකින් පරලොවක් සොයන්නෙහි ය. රාජන්‍යයෙනි, ඔය ලාමක දෘෂ්ටිය අත්හරින්න. රාජන්‍යයෙනි, ඔය ලාමක දෘෂ්ටිය අත්හරින්න. ඔබට බොහෝ කල් අහිත පිණිස, දුක් පිණිස නොවේවා!”

“කිඤ්චාපි භවං කස්සපෝ ඒවමාහ, අථ ඛෝ නේවාහං සක්කෝමි ඉදං පාපකං දිට්ඨිගතං පටිනිස්සජ්ජිතුං. රාජා පි මං පසේනදි කෝසලෝ ජානාති තිරෝරාජානෝපි: ‘පායාසි රාජඤ්ඤෝ ඒවංවාදී ඒවංදිට්ඨී: ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති. සචාහං භෝ කස්සප ඉදං පාපකං දිට්ඨිගතං පටිනිස්සජ්ජිස්සාමි, භවිස්සන්ති මේ වත්තාරෝ: යාවබාලෝ පායාසි රාජඤ්ඤෝ යාවඅබ්‍යත්තෝ දුග්ගහිතග්ගාහීති. කෝපේනපි නං හරිස්සාමි, මක්ඛේනපි නං හරිස්සාමි, පලාසේනපි නං හරිස්සාමීති.”

“භවත් කස්සපයෝ මෙසේ පවසා සිටිය ත් මම මේ ලාමක දෘෂ්ටිය අත්හරින්නට නොහැක්කෙමි. පසේනදී කොසොල් රජු ත්, පිටස්තර රාජධානිවල රජවරු ත් මා ගැන දනිති. පායාසි රාජන්‍ය තෙමේ මෙබඳු මතයක් කියන්නේ ය. මෙබඳු දෘෂ්ටියක් ඇත්තෙකි. එනම් ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ යි.

ඉදින් භවත් කස්සපයන් වහන්ස, මම මේ ලාමක දෘෂ්ටිය අත්හරින්නෙම් නම් මා හට මෙසේ කියන්නෝ වන්නාහ. ‘පායාසි රාජන්‍ය තෙමේ මොනතරම් අනුවණයෙක් ද? මොනතරම් අව්‍යක්තයෙක් ද? වැරදි ලෙස කරුණු ගත්තෙකි’ යි. එනිසා ඒ ගැන කෝපයෙනුත් මේ දෘෂ්ටිය ම ගෙන හැසිරෙන්නෙමි. ගුණමකු කමිනුත් මේ දෘෂ්ටිය ම ගෙන හැසිරෙන්නෙමි. තරඟයට වැඩකිරීමට ත් මේ දෘෂ්ටිය ම ගෙන හැසිරෙන්නෙමි.”

14. “තේන හි රාජඤ්ඤ උපමන්තේ කරිස්සාමි. උපමායපිධේකච්චේ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. භූතපුබ්බං රාජඤ්ඤ මහාසකටසත්ථෝ සකටසහස්සං පුරත්ථිමා ජනපදා පච්ඡිමං ජනපදං අගමාසි. සෝ යේන යේන ගච්ඡති ඛිප්පමේව පරියාදියති තිණකට්ඨෝදකං හරිතකපණ්ණං. තස්මිං ඛෝ පන සත්ථේ ද්වේ සත්ථවාහා අහේසුං, ඒකෝ පඤ්චන්නං සකටසතානං ඒකෝ පඤ්චන්නං සකටසතානං. අථ ඛෝ තේසං සත්ථවාහානං ඒතදහෝසි: අයං ඛෝ පන මහාසකටසත්ථෝ සකටසහස්සං. තේ මයා යේන යේන ගච්ඡාම ඛිප්පමේව පරියාදියති තිණකට්ඨෝදකං හරිතකපණ්ණං. යන්නූන මයං ඉමං සත්ථං ද්විධා විභජෙය්‍යාම ඒකතෝ පඤ්ච සකටසතානි, ඒකතෝ පඤ්ච සකටසතානීති. තේ තං සත්ථං ද්විධා විභජිංසු ඒකතෝ පඤ්ච සකටසතානි ඒකතෝ පඤ්ච සකටසතානි. ඒකෝ තාව සත්ථවාහෝ බහුං තිණඤ්ච කට්ඨඤ්ච උදකඤ්ච ආරෝපෙත්වා සත්ථං පයාපේසි. ද්වීහතීහං පයාතෝ ඛෝ පන සෝ සත්ථෝ අද්දස පුරිසං කාළං ලෝහිතක්ඛං සන්නද්ධකලාපං කුමුදමාලිං අල්ලවත්ථං අල්ලකේසං කද්දමමක්ඛිතේහි චක්කේහි භද්දේන රථේන පටිපථං ආගච්ඡන්තං. දිස්වා ඒතදවෝච: ‘කුතෝ භෝ ආගච්ඡසී’ති ‘අමුකම්හා ජනපදා’ති. ‘කුහිං ගමිස්සසී’ති ‘අමුකං නාම ජනපදන්ති.’ ‘කච්චි භෝ පුරතෝ කන්තාරේ මහාමේඝෝ අභිප්පවුට්ඨෝ?’ති. ඒවං ඛෝ භෝ පුරතෝ කන්තාරේ මහාමේඝෝ අභිප්පවුට්ඨෝ. ආසිත්තෝදකානි වටුමානි බහුං තිණඤ්ච කට්ඨඤ්ච උදකඤ්ච, ඡඩ්ඩේථ භෝ පුරාණානි තිණානි කට්ඨානි උදකානි, ලහුභාරේහි සකටේහි සීඝසීඝං ගච්ඡථ. මා යොග්ගානි කිලමේථාති. අථ ඛෝ සෝ සත්ථවාහෝ සත්ථිකේ ආමන්තේසි: අයං භෝ පුරිසෝ ඒවමාහ: පුරතෝ කන්තාරේ මහාමේඝෝ අභිප්පවුට්ඨෝ, ආසිත්තෝදකානි වටුමානි, බහුං තිණඤ්ච කට්ඨඤ්ච උදකඤ්ච, ඡඩ්ඩේථ භෝ පුරාණානි තිණානි කට්ඨානි උදකානි, ලහුභාරේහි සකටේහි සීඝසීඝං ගච්ඡථ, මා යොග්ගානි කිලමේථාති, ඡඩ්ඩේථ භෝ පුරාණානි තිණානි කට්ඨානි උදකානි, ලහුභාරේහි සකටේහි සත්ථං පයාපේථා’ති. ‘ඒවං භෝ’ති ඛෝ තේ සත්ථිකා තස්ස සත්ථවාහස්ස පටිස්සුත්වා, ඡඩ්ඩෙත්වා පුරාණානි තිණානි කට්ඨානි උදකානි ලහුභාරේහි සකටේහි සත්ථං පයාපේසුං. තේ පඨමේපි සත්ථවාසේ න අද්දසංසු තිණං වා කට්ඨං වා උදකං වා, දුතියේපි සත්ථවාසේ ….(පෙ)…. තතියේපි සත්ථවාසේ ….(පෙ)…. චතුත්ථේපි සත්ථවාසේ ….(පෙ)…. පඤ්චමේපි සත්ථවාසේ ….(පෙ)…. ඡට්ඨේපි සත්ථවාසේ ….(පෙ)…. සත්තමේපි සත්ථවාසේ න අද්දසංසු තිණං වා කට්ඨං වා උදකං වා. සබ්බේව අනයබ්‍යසනං ආපජ්ජිංසු. යේ ච තස්මිං සත්ථේ අහේසුං මනුස්සා වා පසූ වා සබ්බේ සෝ යක්ඛෝ අමනුස්සෝ භක්ඛේසි, අට්ඨිකානේව සේසේසි.

“එසේ වී නම් රාජන්‍යයෙනි, ඔබට උපමාවකින් පැහැදිලි කරන්නෙමි. මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ උපමාවෙනුත් පවසන ලද කරුණෙහි අරුත් තේරුම් ගනිති. රාජන්‍යයෙනි, මෙය පෙර සිදුවූවකි. ගැල් දහසකින් යුත් මහා ගැල් කණ්ඩායමක් පෙරදිග ජනපදයෙන් බටහිර ජනපදයට ගියේ ය. ඒ ගැල් කණ්ඩායම යම් යම් මගකින් යයි ද, ඒ ඒ මගෙහි තණ, දර, දිය, නිල්තණ වහා අවසන් වෙයි. ඒ ගැල් කණ්ඩායමෙහි ගැල් නායකයෝ දෙදෙනෙක් වූහ. ගැල් පන්සියයකට එක්කෙනෙකි. අනිත් ගැල් පන්සියයට එක් කෙනෙකි. ඉක්බිති ඒ ගැල් නායකයන් හට මේ අදහස ඇති වූයේ ය.

‘මේ වනාහී ගැල් දහසකින් යුතු මහා ගැල් කණ්ඩායමකි. ඒ අපි යම් යම් මාවතකින් යමු ද, ඒ ඒ මගෙහි තණ, දර, දිය, නිල්තණ වහා අවසන් වෙයි. අපි මේ මහා ගැල් කණ්ඩායම එක් කොටසකට පන්සියය පන්සියය බැගින් දෙකොටසකට බෙදන්නෙමු නම් මැනැවැ’ යි. ඔවුහු ඒ මහා ගැල් කණ්ඩායම එක් කොටසකට පන්සියය බැගින් දෙකොටසකට බෙදුවාහු ය. එක් ගැල් නායකයෙක් පළමුවෙන් බොහෝ තණ ත්, දර ත්, ජලය ත් පටවාගෙන ගැල පිටත් ව ගියේ ය. දෙතුන් දිනක් ගත වූ පසු කාන්තාරයෙහි කුමුදු මල් දරා ගත්, තෙත් වූ වස්ත්‍ර ඇති, තෙත් වූ කෙස් ඇති, රතු ඇස් ඇති, දුනු හියොවුරෙන් සන්නද්ධ වූ කාලවර්ණ පුරුෂයෙක් මඩ වැකුණු රෝද ඇති, සොඳුරු රථයකින් තමන් ඉදිරියට පැමිණෙනු ඒ ගැල් කණ්ඩායම දුටුවේ ය. දැක මෙය ඇසුවේ ය.

‘භවත, කොහි සිට එන්නෙහි ද?’

‘අසවල් ජනපදයෙනි.’

‘කොහි යන්නෙහි ද?’

‘අසවල් ජනපදයට ය.’

‘කිමෙක් ද භවත? කාන්තාරය ඉදිරියෙහි මහා වර්ෂාවක් ඇද හැලුනෙහිද?’

‘එසේ ය, භවත. කාන්තාරය ඉදිරියෙහි මහා වැස්සක් ඇදහැලුණේ ය. මාර්ගයෙහි දිගට ම වැහි පොද වැටෙයි. බොහෝ තණ ත්, දර ත්, දිය ත් ඇත්තේ ය. භවත, පැරණි තණ ත්, දර ත්, දිය ත් වීසි කරව්. බර හෑල්ලු කරගත් ගැල්වලින් ඉක්මනින් ඉක්මනින් යව්. ගැල් ගවයන් ව වෙහෙසට පත් නොකරව්.’

ඉක්බිති ඒ ගැල් නායකයා ගැල්කරුවන් ඇමතුවේ ය. ‘භවත්නි, මේ පුරුෂයා මෙසේ කියයි. ‘කාන්තාරය ඉදිරියෙහි මහා වැස්සක් ඇදහැලුණේ ය. මාර්ගයෙහි දිගට ම වැහි පොද වැටෙයි. බොහෝ තණ ත්, දර ත්, දිය ත් ඇත්තේ ය. භවත, පැරණි තණ ත්, දර ත්, දිය ත් වීසි කරව්. බර හෑල්ලු කරගත් ගැල්වලින් ඉක්මනින් ඉක්මනින් යව්. ගැල් ගවයන් ව වෙහෙසට පත් නොකරව්’ යි. එහෙයින් භවත්නි, පැරණි තණ ත්, දර ත්, දිය ත් වීසි කරව්. හෑල්ලු ගැල් බරෙන් යුතුව ගැල පදවව්.’

‘එසේ ය භවතැ’යි ඒ ගැල්කරුවෝ ඒ ගැල් නායකයාට පිළිවදන් දී පැරණි තණ ත්, දර ත්, දිය ත් වීසි කොට, හෑල්ලු ගැල් බරෙන් යුතුව ගැල පැදවූහ. ඔවුහු පළමු ගැල් නවාතැනෙහි ද තණ හෝ දර හෝ දිය හෝ නොදැක්කාහු ය. දෙවෙනි ගැල් නවාතැනෙහි ද ….(පෙ)…. තෙවෙනි ගැල් නවාතැනෙහි ද ….(පෙ)…. සිව් වෙනි ගැල් නවාතැනෙහි ද ….(පෙ)…. පස්වෙනි ගැල් නවාතැනෙහි ද ….(පෙ)…. සයවෙනි ගැල් නවාතැනෙහි ද ….(පෙ)…. සත්වෙනි ගැල් නවාතැනෙහි ද තණ හෝ දර හෝ දිය හෝ නොදැක්කාහු ය. සියළු දෙනා ම විපතට පත් වූහ. ඒ ගැලෙහි යම් මිනිස්සු හෝ ගවයෝ හෝ සිටියාහු ද, මිනිස් නොවූ ඒ යක්ෂ තෙමේ සියල්ල භක්ෂණය කළේ ය. ඇට පමණක් ඉතිරි කළේ ය.

යදා අඤ්ඤාසි දුතියෝ සත්ථවාහෝ බහුනික්ඛන්තෝ ඛෝ භෝ දානි සෝ සත්ථෝ’ති, බහුං තිණඤ්ච කට්ඨඤ්ච උදකඤ්ච ආරෝපෙත්වා සත්ථං පයාපේසි. ද්වීහතීහං පයාතෝ ඛෝ පනේසෝ සත්ථෝ අද්දස පුරිසං කාළං ලෝහිතක්ඛං සන්නද්ධකලාපං කුමුදමාලිං අල්ලවත්ථං අල්ලකේසං කද්දමමක්ඛිතේහි චක්කේහි භද්දේන රථේන පටිපථං ආගච්ඡන්තං. දිස්වා ඒතදවෝච: ‘කුතෝ භෝ ආගච්ඡසී’?ති ‘අමුකම්හා ජනපදා’ති. ‘කුහිං ගමිස්සසී?’ති ‘අමුකං නාම ජනපදන්ති.’ ‘කච්චි භෝ පුරතෝ කන්තාරේ මහාමේඝෝ අභිප්පවුට්ඨෝ?’ති ‘ඒවං ඛෝ භෝ පුරතෝ කන්තාරේ මහාමේඝෝ අභිප්පවුට්ඨෝ, ආසිත්තෝදකානි වටුමානි, බහු තිණඤ්ච කට්ඨඤ්ච උදකඤ්ච, ඡඩ්ඩේථ භෝ පුරාණානි තිණානි කට්ඨානි උදකානි, ලහුභාරේහි සකටේහි සීඝසීඝං ගච්ඡථ, මා යොග්ගානි කිලමේථාති. අථ ඛෝ සෝ සත්ථවාහෝ සත්ථිකේ ආමන්තේසි: අයං භෝ පුරිසෝ ඒවමාහ ‘පුරතෝ කන්තාරේ මහාමේඝෝ අභිප්පවුට්ඨෝ, ආසිත්තෝදකානි වටුමානි, බහුං තිණඤ්ච කට්ඨඤ්ච උදකඤ්ච, ඡඩ්ඩේථ භෝ පුරාණානි තිණානි කට්ඨානි උදකානි, ලහුභාරේහි සකටේහි සීඝසීඝං ගච්ඡථ, මා යොග්ගානි කිලමේථා’ති. අයං ඛෝ භෝ පුරිසෝ නේව අම්හාකං මිත්තෝ න ඤාතිසාලෝහිතෝ. කථං මයං ඉමස්ස සද්ධාය ගමිස්සාම? න ඛෝ ඡඩ්ඪෙතබ්බානි පුරාණානි තිණානි කට්ඨානි උදකානි යථාභතේන භණ්ඩේන සත්ථං පයාපේථ. න නෝ පුරාණං ඡඩ්ඩෙස්සාමා’ති. ‘ඒවං භෝ’ති ඛෝ තේ සත්ථිකා තස්ස සත්ථවාහස්ස පටිස්සුත්වා යථාභතේන භණ්ඩේන සත්ථං පයාපේසුං. තේ පඨමේපි සත්ථවාසේ න අද්දසංසු තිණං වා කට්ඨං වා උදකං වා, දුතියේ පි සත්ථවාසේ තතියේ පි සත්ථවාසේ චතුත්ථේ පි සත්ථවාසේ පඤ්චමේ පි සත්ථවාසේ ඡට්ඨේ පි සත්ථවාසේ සත්තමේ පි සත්ථවාසේ න අද්දසංසු තිණං වා කට්ඨං වා උදකං වා තඤ්ච සත්ථං අද්දසංසු අනයබ්‍යසනං ආපන්නං. යේ ච තස්මිං සත්ථේ පි අහේසුං මනුස්සා වා පසූ වා, තේසඤ්ච අට්ඨිකානේව අද්දසංසු තේන යක්ඛේන අමනුස්සේන භක්ඛිතානං. අථ ඛෝ සෝ සත්ථවාහෝ සත්ථිකේ ආමන්තේසි: අයං ඛෝ භෝ සත්ථෝ අනයබ්‍යසනං ආපන්නෝ යථා තං තේන බාලේන සත්ථවාහේන පරිණායකේන. තේන හි භෝ යානම්හාකං සත්ථේ අප්පසාරානි පණියානි, තානි ඡඩ්ඩෙත්වා, යානි ඉමස්මිං සත්ථේ මහාසාරානි පණියානි තානි ආදියථා’ති. ‘ඒවං භෝ’ති ඛෝ තේ සත්ථිකා තස්ස සත්ථවාහස්ස පටිස්සුත්වා යානි සකස්මිං සත්ථේ අප්පසාරානි පණියානි තානි ඡඩ්ඩෙත්වා යානි තස්මිං සත්ථේ මහාසාරානි පණියානි තානි ආදියිත්වා, සොත්ථිනා තං කන්තාරං නිත්ථරිංසු යථා තං පණ්ඩිතේන සත්ථවාහේන පරිණායකේන.

දෙවෙනි ගැල් නායකයා ‘භවත්නි, ඒ ගැල නික්ම ගොස් බොහෝ කල් ගතවූයේ යැයි’ යම් කලෙක දැනගත්තේ ද, බොහෝ තණ ත්, දර ත්, ජලය ත් පටවාගෙන ගැල පිටත් ව ගියේ ය. දෙතුන් දිනක් ගත වූ පසු කාන්තාරයෙහි කුමුදු මල් දරා ගත්, තෙත් වූ වස්ත්‍ර ඇති, තෙත් වූ කෙස් ඇති, රතු ඇස් ඇති, දුනු හියොවුරෙන් සන්නද්ධ වූ කාලවර්ණ පුරුෂයෙක් මඩ වැකුණු රෝද ඇති, සොඳුරු රථයකින් තමන් ඉදිරියට පැමිණෙනු ඒ ගැල දුටුවේ ය. දැක මෙය ඇසුවේ ය.

‘භවත, කොහි සිට එන්නෙහි ද?’

‘අසවල් ජනපදයෙනි.’

‘කොහි යන්නෙහි ද?’

‘අසවල් ජනපදයට ය.’

‘කිමෙක් ද භවත? කාන්තාරය ඉදිරියෙහි මහා වර්ෂාවක් ඇද හැලුනෙහිද?’

‘එසේ ය, භවත. කාන්තාරය ඉදිරියෙහි මහා වැස්සක් ඇදහැලුණේ ය. මාර්ගයෙහි දිගට ම වැහි පොද වැටෙයි. බොහෝ තණ ත්, දර ත්, දිය ත් ඇත්තේ ය. භවත, පැරණි තණ ත්, දර ත්, දිය ත් වීසි කරව්. බර හෑල්ලු කරගත් ගැල්වලින් ඉක්මනින් ඉක්මනින් යව්. ගැල් ගවයන් ව වෙහෙසට පත් නොකරව්.’

ඉක්බිති ඒ ගැල් නායකයා ගැල්කරුවන් ඇමතුවේ ය. ‘භවත්නි, මේ පුරුෂයා මෙසේ කියයි. ‘කාන්තාරය ඉදිරියෙහි මහා වැස්සක් ඇදහැලුණේ ය. මාර්ගයෙහි දිගට ම වැහි පොද වැටෙයි. බොහෝ තණ ත්, දර ත්, දිය ත් ඇත්තේ ය. භවත, පැරණි තණ ත්, දර ත්, දිය ත් වීසි කරව්. බර හෑල්ලු කරගත් ගැල්වලින් ඉක්මනින් ඉක්මනින් යව්. ගැල් ගවයන් ව වෙහෙසට පත් නොකරව්’ යි. භවත්නි, මේ පුරුෂයා අපගේ මිත්‍රයෙකුත් නොවෙයි. ලේ ඤාතියෙකුත් නොවෙයි. මොහුගේ වචනය අදහා අපි කෙසේ නම් යන්නෙමු ද? පැරණි තණ ත්, දර ත්, දිය ත් වීසි නොකළ යුත්තේ ය. රැගෙන ආ බඩුවලින් ම ගැල් පදවාගෙන යව්. අපගේ පැරණි බඩු වීසි නොකරන්නෙමු.’

‘එසේ ය භවතැ’යි ඒ ගැල්කරුවෝ ඒ ගැල් නායකයාට පිළිවදන් දී පැරණි තණ ත්, දර ත්, දිය ත් වීසි නොකොට රැගෙන ආ බඩුවලින් ම ගැල පැදවූහ. ඔවුහු පළමු ගැල් නවාතැනෙහි ද තණ හෝ දර හෝ දිය හෝ නොදැක්කාහු ය. දෙවෙනි ගැල් නවාතැනෙහි ද ….(පෙ)…. තෙවෙනි ගැල් නවාතැනෙහි ද ….(පෙ)…. සිව් වෙනි ගැල් නවාතැනෙහි ද ….(පෙ)…. පස්වෙනි ගැල් නවාතැනෙහි ද ….(පෙ)…. සයවෙනි ගැල් නවාතැනෙහි ද ….(පෙ)…. සත්වෙනි ගැල් නවාතැනෙහි ද තණ හෝ දර හෝ දිය හෝ නොදැක්කාහු ය. සියළු දෙනා ම විපතට පත් වූ ඒ ගැල දුටුවාහු ය. ඒ ගැලෙහි යම් මිනිස්සු හෝ ගොන්නු හෝ සිටියාහු ද, මනුෂ්‍ය නොවූ ඒ යක්ෂයා විසින් අනුභව කරන ලද ඔවුන්ගේ ඇට පමණක් දුටුවාහු ය.

ඉක්බිති ඒ ගැල් නායකයා ඒ ගැල්කරුවන් ඇමතුවේ ය.

‘භවත්නි, මේ ගැල විපතට පත්වූයේ ය. යම් ඒ අනුවණ මගපෙන්වන ගැල් නායකයෙකු නිසාවෙනි. එසේ වී නම් භවත්නි, අපගේ අල්ප වටිනාකම් ඇති, යම් වෙළඳ බඩු ඇද්ද, ඒවා අත්හැර දමා මේ විනාශ වූ ගැලෙහි යම් ඉතා වටිනා වෙළඳ බඩු ඇද්ද, ඒවා ගනිව්.’

‘එසේ ය, භවත’ යි ඒ ගැල් නායකයාට පිළිතුරු දුන් ඒ ගැල්කරුවෝ සිය ගැලෙහි ඇති අඩු වටිනාකමින් යුතු භාණ්ඩ අත්හැර, විනාශ වූ ගැලෙහි තිබූ වැඩි වටිනාකම් ඇති භාණ්ඩ ගෙන සුවසේ ඒ කාන්තාරයෙන් එතෙර වූහ. යම් සේ නුවණැති මගපෙන්වන ගැල්නායකයෙකු නිසා යහපත සිදුවන ලෙසින් ය.

ඒවමේව ඛෝ ත්වං රාජඤ්ඤ බාලෝ අබ්‍යත්තෝ අනයබ්‍යසනං ආපජ්ජිස්සසි අයෝනිසෝ පරලෝකං ගවේසන්තෝ, සෙය්‍යථාපි සෝ පුරිමෝ සත්ථවාහෝ. යේ පි තව සෝතබ්බං සද්දහාතබ්බං මඤ්ඤිස්සන්ති, තේ පි අනයබ්‍යසනං ආපජ්ජිස්සන්ති, සෙය්‍යථාපි තේ සත්ථිකා. පටිනිස්සජ්ජේතං රාජඤ්ඤ පාපකං දිට්ඨිගතං, පටිනිස්සජ්ජේතං රාජඤ්ඤ පාපකං දිට්ඨිගතං. මා තේ අහෝසි දීඝරත්තං අහිතාය දුක්ඛායා”ති.

එසෙයින් ම රාජන්‍යයෙනි, ඔබ අනුවණයෙක් වී, අව්‍යක්තයෙක් වී, නුවණින් තොර ව පරලොවක් සොයන්නට ගොස් විපතට පත්වන්නෙහි ය. ඒ කලින් ගිය ගැල් නායකයා ලෙසින් ය. යමෙක් ඔබේ වචනය ත් ඇසිය යුතු යැයි අදහාගත යුතු යැයි හඟිත් ද, ඔවුනුත් විපතට පත්වන්නාහු ය. ඒ ගැල් නායකයාගේ ගැල් කරුවන් ලෙසිනි.

රාජන්‍යයෙනි, ඔය ලාමක දෘෂ්ටිය අත්හරින්න. රාජන්‍යයෙනි, ඔය ලාමක දෘෂ්ටිය අත්හරින්න. ඔබට බොහෝ කල් අහිත පිණිස, දුක් පිණිස නොවේවා!”

“කිඤ්චාපි භවං කස්සපෝ ඒවමාහ, අථ ඛෝ නේවාහං සක්කෝමි ඉදං පාපකං දිට්ඨිගතං පටිනිස්සජ්ජිතුං. රාජාපි මං පසේනදි කෝසලෝ ජානාති තිරෝරාජානෝ පි. පායාසි රාජඤ්ඤෝ ඒවංවාදී ඒවංදිට්ඨී: ‘ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති. සචාහං භෝ කස්සප ඉදං පාපකං දිට්ඨිගතං පටිනිස්සජ්ජිස්සාමි, භවිස්සන්ති මේ වත්තාරෝ: යාව බාලෝ පායාසි රාජඤ්ඤෝ යාව අබ්‍යත්තෝ යාව දුග්ගහිතග්ගාහීති, කෝපේනපි නං හරිස්සාමි මක්ඛේනපි නං හරිස්සාමි, පලාසේනපි නං හරිස්සාමී’ති.

“භවත් කස්සපයෝ මෙසේ පවසා සිටිය ත් මම මේ ලාමක දෘෂ්ටිය අත්හරින්නට නොහැක්කෙමි. පසේනදී කොසොල් රජු ත්, පිටස්තර රාජධානිවල රජවරු ත් මා ගැන දනිති. පායාසි රාජන්‍ය තෙමේ මෙබඳු මතයක් කියන්නේ ය. මෙබඳු දෘෂ්ටියක් ඇත්තෙකි. එනම් ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ යි.

ඉදින් භවත් කස්සපයන් වහන්ස, මම මේ ලාමක දෘෂ්ටිය අත්හරින්නෙම් නම් මා හට මෙසේ කියන්නෝ වන්නාහ. ‘පායාසි රාජන්‍ය තෙමේ මොනතරම් අනුවණයෙක් ද? මොනතරම් අව්‍යක්තයෙක් ද? වැරදි ලෙස කරුණු ගත්තෙකි’ යි. එනිසා ඒ ගැන කෝපයෙනුත් මේ දෘෂ්ටිය ම ගෙන හැසිරෙන්නෙමි. ගුණමකු කමිනුත් මේ දෘෂ්ටිය ම ගෙන හැසිරෙන්නෙමි. තරඟයට වැඩකිරීමට ත් මේ දෘෂ්ටිය ම ගෙන හැසිරෙන්නෙමි.”

15. “තේන හි රාජඤ්ඤ උපමන්තේ කරිස්සාමි. උපමායපිධේකච්චේ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. භූතපුබ්බං රාජඤ්ඤ අඤ්ඤතරෝ සූකරපෝසකෝ පුරිසෝ සකම්හා ගාමා අඤ්ඤං ගාමං අගමාසි. තත්ථ අද්දස පහූතං සුක්ඛං ගූථං ඡඩ්ඩිතං. දිස්වානස්ස ඒතදහෝසි: අයං ඛෝ බහුකෝ සුක්ඛගූථෝ ඡඩ්ඩිතෝ, මමං ච සූකරභත්තා. යන්නූනාහං ඉතෝ සුක්ඛගූථං හරෙය්‍යන්ති, සෝ උත්තරාසංගං පත්ථරිත්වා පහූතං සුක්ඛගූථං ආකිරිත්වා භණ්ඩිකං බන්ධිත්වා සීසේ උබ්බාහෙත්වා අගමාසි. තස්ස අන්තරාමග්ගේ මහාඅකාලමේඝෝ පාවස්සි. සෝ උග්ඝරන්තං පග්ඝරන්තං යාව අග්ගනඛා ගූථේන මක්ඛිතෝ ගූථභාරං ආදාය අගමාසි. තමේනං මනුස්සා දිස්වා ඒවමාහංසු: කච්චි නෝ ත්වං භණේ උම්මත්තෝ, කච්චි විචේතෝ? කථං හි නාම උග්ඝරන්තං පග්ඝරන්තං යාව අග්ගනඛා ගූථේන මක්ඛිතෝ ගූථභාරං හරිස්සසී?’ති. ‘තුම්හේ ඛ්වෙත්ථ භණේ උම්මත්තා තුම්හේ විචේතා. තථා හි පන මේ සූකරභත්තන්ති.’ ඒවමේව ඛෝ ත්වං රාජඤ්ඤ ගූථහාරිකූපමෝ මඤ්ඤේ පටිභාසි. පටිනිස්සජ්ජේතං රාජඤ්ඤ පාපකං දිට්ඨිගතං. පටිනිස්සජ්ජේතං රාජඤ්ඤ පාපකං දිට්ඨිගතං. මා තේ අහෝසි දීඝරත්තං අහිතාය දුක්ඛායා”ති.

“එසේ වී නම් රාජන්‍යයෙනි, ඔබට උපමාවකින් පැහැදිලි කරන්නෙමි. මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ උපමාවෙනුත් පවසන ලද කරුණෙහි අරුත් තේරුම් ගනිති. රාජන්‍යයෙනි, මෙය පෙර සිදුවූවකි. ඌරන් ඇති කරන එක්තරා පුරුෂයෙක් තම ගමෙන් වෙනත් ගමකට ගියේ ය. ඔහු එහි අත්හැර දමා ඇති වියළී ගිය බොහෝ අශූචි දුටුවේ ය. දැක මෙසේ සිතුවේ ය. ‘මේ අහක දමා ඇති බොහෝ වියළි අශූචි ය. මාගේ ඌරන්ට කෑමට මම මෙයින් වියළි අශූචි රැගෙන යන්නෙම් නම් ඉතා මැනැවි’ යි. ඔහු උතුරු සළුව බිම එළා බොහෝ වියළි අශූචි ගොඩගසා පොදියක් බැඳ හිස මතින් ඔසොවාගෙන ගියේ ය. ඔහු යන අතරමගදී මහා අකල් වැස්සක් ඇදහැලුණේ ය. ඔහුගේ පාදයේ නියපොතු අග තෙක් ම අශූචි වැකී ගියේ, උඩින් වැගිරෙන, පහතින් වැගිරෙන අශූචි බර හිසින් ගෙන ගියේ ය. මිනිස්සු ඔහු දැක මෙසේ ඇසූහ.

‘කිම? සගය, ඔබ උමතු වූවෙක් ද? කිම? විකල් වූවෙහි ද? කෙසේ නම් පාදයේ නියපොතු අග තෙක් ම අශූචි වැකී ගියේ, උඩින් වැගිරෙන, පහතින් වැගිරෙන අශූචි බර හිසින් ගෙන යන්නෙහි ද?’

‘සගයෙනි, මෙහිලා තෙපි ම ය උමතු වූවෝ! තෙපි ය විකල් වූවෝ! එසේ ය, මාගේ ඌරන්ට ගෙන යන කෑම ය!’

එසෙයින් ම රාජන්‍යයෙනි, ඔබ අශුචි බර හිස තබාගත්තෙකු සෙයින් අපට වැටහෙයි. රාජන්‍යයෙනි, ඔය ලාමක දෘෂ්ටිය අත්හරින්න. රාජන්‍යයෙනි, ඔය ලාමක දෘෂ්ටිය අත්හරින්න. ඔබට බොහෝ කල් අහිත පිණිස, දුක් පිණිස නොවේවා!”

“කිඤ්චාපි භවං කස්සපෝ ඒවමාහ, අථ ඛෝ නේවාහං සක්කෝමි ඉදං පාපකං දිට්ඨිගතං පටිනිස්සජ්ජිතුං. රාජාපි මං පසේනදිකෝසලෝ ජානාති තිරෝරාජානෝපි: පායාසි රාජඤ්ඤෝ ඒවංවාදී ඒවංදිට්ඨි: ‘ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති. සචාහං භෝ කස්සප ඉදං පාපකං දිට්ඨිගතං පටිනිස්සජ්ජිස්සාමි, භවිස්සන්ති මේ වත්තාරෝ: යාව බාලෝ පායාසිරාජඤ්ඤෝ අබ්‍යත්තෝ දුග්ගහිතග්ගාහීති කෝපේනපි නං හරිස්සාමි, මක්ඛේනපි නං හරිස්සාමි, පලාසේනපි නං හරිස්සාමී”ති.

“භවත් කස්සපයෝ මෙසේ පවසා සිටිය ත් මම මේ ලාමක දෘෂ්ටිය අත්හරින්නට නොහැක්කෙමි. පසේනදී කොසොල් රජු ත්, පිටස්තර රාජධානිවල රජවරු ත් මා ගැන දනිති. පායාසි රාජන්‍ය තෙමේ මෙබඳු මතයක් කියන්නේ ය. මෙබඳු දෘෂ්ටියක් ඇත්තෙකි. එනම් ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ යි.

ඉදින් භවත් කස්සපයන් වහන්ස, මම මේ ලාමක දෘෂ්ටිය අත්හරින්නෙම් නම් මා හට මෙසේ කියන්නෝ වන්නාහ. ‘පායාසි රාජන්‍ය තෙමේ මොනතරම් අනුවණයෙක් ද? මොනතරම් අව්‍යක්තයෙක් ද? වැරදි ලෙස කරුණු ගත්තෙකි’ යි. එනිසා ඒ ගැන කෝපයෙනුත් මේ දෘෂ්ටිය ම ගෙන හැසිරෙන්නෙමි. ගුණමකු කමිනුත් මේ දෘෂ්ටිය ම ගෙන හැසිරෙන්නෙමි. තරඟයට වැඩකිරීමට ත් මේ දෘෂ්ටිය ම ගෙන හැසිරෙන්නෙමි.”

16. “තේන හි රාජඤ්ඤ උපමන්තේ කරිස්සාමි. උපමායපි ඉධේකච්චේ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. භූතපුබ්බං රාජඤ්ඤ ද්වේ අක්ඛධුත්තා අක්ඛේහි දිබ්බිංසු. ඒකෝ අක්ඛධුත්තෝ ආගතාගතං කලිං ගිලති. අද්දසා ඛෝ දුතියෝ අක්ඛධුත්තෝ තං අක්ඛධුත්තං ආගතාගතං කලිං ගිලන්තං. දිස්වා තං අක්ඛධුත්තං ඒතදවෝච: ත්වං ඛෝ සම්ම ඒකන්තිකේන ජිනාසි ‘දේහි මේ සම්ම අක්ඛේ පජ්ජෝහිස්සාමී’ති. ‘ඒවං සම්මා’ති ඛෝ සෝ අක්ඛධුත්තෝ තස්ස අක්ඛධුත්තස්ස අක්ඛේ පාදාසි. අථ ඛෝ සෝ අක්ඛධුත්තෝ අක්ඛේ විසේන පරිභාවෙත්වා තං අක්ඛධුත්තං ඒතදවෝච: ඒහි ඛෝ සම්ම අක්ඛේහි දිබ්බිස්සාමාති. ‘ඒවං සම්මා’ති ඛෝ සෝ අක්ඛධුත්තෝ තස්ස අක්ඛධුත්තස්ස පච්චස්සෝසි. දුතියම්පි ඛෝ තේ අක්ඛධුත්තා අක්ඛේහි දිබ්බිංසු, දුතියම්පි ඛෝ සෝ අක්ඛධුත්තෝ ආගතාගතං කලිං ගිලති. අද්දසා ඛෝ දුතියෝ අක්ඛධුත්තෝ තං අක්ඛධුත්තං දුතියම්පි ආගතාගතං කලිං ගිලන්තං. දිස්වා තං අක්ඛධුත්තං ඒතදවෝච:

“එසේ වී නම් රාජන්‍යයෙනි, ඔබට උපමාවකින් පැහැදිලි කරන්නෙමි. මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ උපමාවෙනුත් පවසන ලද කරුණෙහි අරුත් තේරුම් ගනිති. රාජන්‍යයෙනි, මෙය පෙර සිදුවූවකි. දාදු ක්‍රීඩාවේ ලොල් වූවෝ දෙදෙනෙක් දාදු කැටයෙන් දාදු කෙළියහ. එකල්හී එක් දාදු ලොල් වූවෙක් පැරදුණු පැරදුණු පස ඇටය ගිලියි. දෙවෙනි දාදු ධූර්තයා පැරදුණු පැරදුණු පස ඇටය ගිළින ඒ දාදු ධූර්තයා ව දැක්කේ ය. දැක ඒ දාදු ධූර්තයාට මෙය පැවසුවේ ය. ‘මිත්‍රය, ඔබ ස්ථිරව ම දිනන්නෙහි ද? මිත්‍රය, මට පස ඇට දෙව. පූජාවක් කරන්නෙමි.’

‘එසේ ය, මිත්‍රය’ යි ඒ දාදු ධූර්තයා ඔහුට පස ඇට දුන්නේ ය. එවිට ඔහු පස ඇටවල විෂ පොවා ඒ දාදු ධූර්තයාට මෙය පැවසුවේ ය. මිත්‍රය, එව. දාදු කෙළින්නෙමු.’

‘එසේ ය, මිත්‍රය’ යි ඔහු ඒ දාදු ධූර්තයාට පිළිවදන් දුන්නේ ය. දෙවෙනි වතාවට ත් ඔවුහු පස ඇටෙන් දාදු කෙළියාහු ය. දෙවෙනි වතාවට ත්, ඒ දාදු ධූර්තයා පැරදුණු පැරදුණු පස ඇට ගිලියි. එවිට දෙවෙනි දාදු ධූර්තයා පැරදුණු පැරදුණු පස ඇට දෙවෙනි වතාවට ත් ගිලින්නා වූ ඒ දාදු ධූර්තයා දැක්කේ ය. දැක ඒ දාදු ධූර්තයාට මෙය පැවසුවේ ය.

“ලිත්තං පරමේන තේජසා ගිලමක්ඛං පුරිසෝ න බුජ්ඣති,
ගිල රේ ගිල පාපධුත්තක පච්ඡා තේ කටුකං භවිස්සතී”ති.

‘දරුණු විෂ ආලේප කරන ලද පස ඇට ගිලින පුරුෂයා එහි විෂ ඇති බව නොදනී. එම්බල පවිටු ධූර්තය, දැන් ගිලපිය. පසුව තොපට කටුක විපාක ලැබෙන්නේ ය.’

ඒවමේව ඛෝ ත්වං රාජඤ්ඤ අක්ඛධුත්තෝපමෝ මඤ්ඤේ පටිභාසි. පටිනිස්සජ්ජේතං රාජඤ්ඤ පාපකං දිට්ඨිගතං, පටිනිස්සජ්ජේතං රාජඤ්ඤ පාපකං දිට්ඨිගතං. මා තේ අහෝසි දීඝරත්තං අහිතාය දුක්ඛායා’ති.

එසෙයින් ම රාජන්‍යයෙනි, ඔබ ත් විෂ දැමූ පස ඇට ගිලින දාදු ධූර්තයා බඳු උපමාවෙන් යුතුව අපට වැටහෙයි. රාජන්‍යයෙනි, ඔය ලාමක දෘෂ්ටිය අත්හරින්න. රාජන්‍යයෙනි, ඔය ලාමක දෘෂ්ටිය අත්හරින්න. ඔබට බොහෝ කල් අහිත පිණිස, දුක් පිණිස නොවේවා!”

කිඤ්චාපි භවං කස්සපෝ ඒවමාහ, අථ ඛෝ නේවාහං සක්කෝමි ඉදං පාපකං දිට්ඨිගතං පටිනිස්සජ්ජිතුං. රාජා පි මං පසේනදිකෝසලෝ ජානාති, තිරෝරාජානෝ පි: පායාසිරාජඤ්ඤෝ ඒවංවාදී ඒවංදිට්ඨි ‘ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති. සචාහං භෝ කස්සප ඉදං පාපකං දිට්ඨිගතං පටිනිස්සජ්ජිස්සාමි, භවිස්සන්ති මේ වත්තාරෝ: ‘යාව බාලෝ පායාසිරාජඤ්ඤෝ අබ්‍යත්තෝ දුග්ගහිතග්ගාහී’ති. කෝපේන පි නං හරිස්සාමි, මක්ඛේනපි නං හරිස්සාමි, පලාසේනපි නං හරිස්සාමී”ති.

“භවත් කස්සපයෝ මෙසේ පවසා සිටිය ත් මම මේ ලාමක දෘෂ්ටිය අත්හරින්නට නොහැක්කෙමි. පසේනදී කොසොල් රජු ත්, පිටස්තර රාජධානිවල රජවරු ත් මා ගැන දනිති. පායාසි රාජන්‍ය තෙමේ මෙබඳු මතයක් කියන්නේ ය. මෙබඳු දෘෂ්ටියක් ඇත්තෙකි. එනම් ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ යි.

ඉදින් භවත් කස්සපයන් වහන්ස, මම මේ ලාමක දෘෂ්ටිය අත්හරින්නෙම් නම් මා හට මෙසේ කියන්නෝ වන්නාහ. ‘පායාසි රාජන්‍ය තෙමේ මොනතරම් අනුවණයෙක් ද? මොනතරම් අව්‍යක්තයෙක් ද? වැරදි ලෙස කරුණු ගත්තෙකි’ යි. එනිසා ඒ ගැන කෝපයෙනුත් මේ දෘෂ්ටිය ම ගෙන හැසිරෙන්නෙමි. ගුණමකු කමිනුත් මේ දෘෂ්ටිය ම ගෙන හැසිරෙන්නෙමි. තරඟයට වැඩකිරීමට ත් මේ දෘෂ්ටිය ම ගෙන හැසිරෙන්නෙමි.”

17. තේන හි රාජඤ්ඤ උපමන්තේ කරිස්සාමි. උපමායපි ඉධේකච්චේ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජානන්ති. භූතපුබ්බං රාජඤ්ඤ අඤ්ඤතරෝ ජනපදෝ වුට්ඨාසි. අථ ඛෝ සහායකෝ සහායකං ආමන්තේසි: ‘ආයාම සම්ම, යේන සෝ ජනපදෝ තේනුපසංකමිස්සාම, අප්පේවනාමෙත්ථ කිඤ්චි ධනං අධිගච්ඡෙය්‍යාමා’ති. ‘ඒවං සම්මා’ති ඛෝ සහායකෝ සහායකස්ස පච්චස්සෝසි. තේ යේන සෝ ජනපදෝ යේනඤ්ඤතරං ගාමපත්ථං තේනුපසංකමිංසු. තත්ථ අද්දසංසු පහූතං සාණං ඡඩ්ඩිතං. දිස්වා සහායකෝ සහායකං ආමන්තේසි: ‘ඉදං ඛෝ සම්ම පහූතං සාණං ඡඩ්ඩිතං’ තේන හි සම්ම ත්වඤ්ච සාණභාරං බන්ධ, අහඤ්ච සාණභාරං බන්ධිස්සාමි. උභෝ සාණභාරං ආදාය ගමිස්සාමා’ති. ‘ඒවං සම්මා’ති ඛෝ සහායකෝ සහායකස්ස පටිස්සුත්වා සාණභාරං බන්ධිත්වා තේ උභෝ පි සාණභාරං ආදාය යේනඤ්ඤතරං ගාමපත්ථං තේනුපසංකමිංසු. තත්ථ අද්දසංසු පහූතං සාණසුත්තං ඡඩ්ඩිතං. දිස්වා සහායකෝ සහායකං ආමන්තේසි: යස්ස ඛෝ සම්ම අත්ථාය ඉච්ඡෙය්‍යාම සාණං ඉදං පහූතං සාණසුත්තං ඡඩ්ඩිතං. තේන හි සම්ම ත්වඤ්ච සාණභාරං ඡඩ්ඩේහි, අහඤ්ච සාණභාරං ඡඩ්ඩෙස්සාමි, උභෝ සාණසුත්තභාරං ආදාය ගමිස්සාමා’ති. ‘අයං ඛෝ මේ සම්ම සාණභාරෝ දූරාභතෝ ච සුසන්නද්ධෝ ච, අලං මේ, ත්වං පජානාහී’ති.

“එසේ වී නම් රාජන්‍යයෙනි, ඔබට උපමාවකින් පැහැදිලි කරන්නෙමි. මෙහි ඇතැම් නුවණැති පුරුෂයෝ උපමාවෙනුත් පවසන ලද කරුණෙහි අරුත් තේරුම් ගනිති. රාජන්‍යයෙනි, මෙය පෙර සිදුවූවකි. එක්තරා ජනපදයක් මිනිසුන් අත්හැර දමා ගියේ ය. එකල්හී එක් යහළුවෙක් තව යහළුවෙකු ඇමතුවේ ය.

‘එන්න යහළුව, ඒ ජනපදය යම් තැනක ද, එහි යන්නෙමු. එහිදී කිසියම් ධනයක් ලබන්නෙම් නම් යහපති.’

‘එසේ ය, මිතුර’ යි ඒ යහළුවා ඔහුට පිළිතුරු දුන්නේ ය. ඉක්බිති ඔවුහු ඒ පාළු ජනපදය යම් තැනක ද, එහි ජනශූන්‍ය ගමක් වෙත ගියාහු ය. එහි අත්හැර දමන ලද බොහෝ හණවැහැරි දුටුවාහු ය. දැක යහළුවෙක් අනෙක් යහළුවාට මෙය පැවසුවේ ය. මිතුර, මේ අත්හැර දමන ලද බොහෝ හණවැහැරි ඇත්තේ ය. එසේ වී නම් මිතුර, ඔබ ද හණ මිටියක් බඳුව. මම ද හණ මිටියක් බඳින්නෙමි. දෙදෙනා ම හණමිටිය බැගින් රැගෙන යන්නෙමු.’ ‘එසේ ය, මිතුර’ යි එම යහළුවා අනෙක් යහළුවාට පිළිතුරු දී හණ මිටි බැඳගත් ඔවුන් දෙදෙනා ම හණවැහැරි ගෙන එක්තරා ජනශූන්‍ය ගමකට ගියාහු ය.

එහිදී අත්හැර දමන ලද බොහෝ හණ නූල් දුටුවාහු ය. දැක එක් යහළුවෙක් අනෙක් යහළුවා ඇමතීය. ‘මිතුර, යම් ධනයක් සඳහා අපි හණ වැහැරි කැමති වෙමු ද, ඊට වඩා වටිනා මේ අත්හැර දැමූ හණ නූල් තිබෙයි. එසේ වී නම් යහළුව, ඔබ ද හණ මිටිය අත්හැර දමව. මම ත් හණ මිටිය අත්හරින්නෙමි. දෙදෙනා ම හණ නූල් මිටියක් කොට ගෙන යන්නෙමු.’ ‘මිතුර, මේ හණ මිටිය වනාහී මා විසින් දුර සිට ගෙන ආවකි. හොඳින් බැඳ තිබෙන්නකි. මට හණ නූලෙන් පලක් නැත. කළ යුත්තක් ඔබ ම දැනගන්න.

අථ ඛෝ සෝ සහායකෝ සාණභාරං ඡඩ්ඩෙත්වා සාණසුත්තභාරං ආදියි. තේ යේනඤ්ඤතරං ගාමපත්ථං තේනුපසංකමිංසු. තත්ථ අද්දසංසු පහූතා සාණියෝ ඡඩ්ඩිතා. දිස්වා සහායකෝ සහායකං ආමන්තේසි: ‘යස්ස ඛෝ සම්ම අත්ථාය ඉච්ඡෙය්‍යාම සාණං වා සාණසුත්තං වා, ඉමා පහූතා සාණියෝ ඡඩ්ඩිතා. තේන හි සම්ම ත්වඤ්ච සාණභාරං ඡඩ්ඩේහි, අහඤ්ච සාණසුත්තභාරං ඡඩ්ඩෙස්සාමි, උභෝ සාණභාරං ආදාය ගමිස්සාමා’ති. ‘අයං ඛෝ මේ සම්ම සාණභාරෝ දූරාභතෝ ච සුසන්නද්ධෝ ච, අලං මේ ත්වං පජානාහී’ති. අථ ඛෝ සෝ සහායකෝ සාණසුත්තභාරං ඡඩ්ඩෙත්වා සාණභාරං ආදියි. තේ යේනඤ්ඤතරං ගාමපත්ථං තේනුපසංකමිංසු. තත්ථ අද්දසංසු පහූතං ඛෝමං ඡඩ්ඩිතං ….(පෙ)…. පහූතං ඛෝමසුත්තං ඡඩ්ඩිතං ….(පෙ)…. පහූතං ඛෝමදුස්සං ඡඩ්ඩිතං ….(පෙ)…. පහූතං කප්පාසං ඡඩ්ඩිතං ….(පෙ)…. පහූතං කප්පාසිකසුත්තං ඡඩ්ඩිතං ….(පෙ)…. පහූතං කප්පාසිකදුස්සං ඡඩ්ඩිතං ….(පෙ)…. පහූතං අයං ඡඩ්ඩිතං ….(පෙ)…. පහූතං ලෝහං ඡඩ්ඩිතං ….(පෙ)…. පහූතං තිපුං ඡඩ්ඩිතං ….(පෙ)…. පහූතං සීසං ඡඩ්ඩිතං දිස්වා ….(පෙ)…. පහූතං සජ්ඣුං ඡඩ්ඩිතං ….(පෙ)…. පහූතං සුවණ්ණං ඡඩ්ඩිතං. දිස්වා සහායකෝ සහායකං ආමන්තේසි: ‘යස්ස ඛෝ සම්ම අත්ථාය ඉච්ඡෙය්‍යාම සාණං වා සාණසුත්තං වා සාණියෝ වා ඛෝමං වා ඛෝමසුත්තං වා ඛෝමදුස්සං වා කප්පාසං වා කප්පාසිකසුත්තං වා කප්පාසිකදුස්සං වා අයං වා ලෝහං වා තිපුං වා සීසං වා සජ්ඣුං වා, ඉදං පහූතං සුවණ්ණං ඡඩ්ඩිතං. තේන හි සම්ම ත්වඤ්ච සාණභාරං ඡඩ්ඩේහි, අහඤ්ච සජ්ඣුභාරං ඡඩ්ඩෙස්සාමි, උභෝ සුවණ්ණභාරං ආදාය ගමිස්සාමා’ති. ‘අයං ඛෝ මේ සම්ම සාණභාරෝ දූරාභතෝ ච සුසන්නද්ධෝ ච අලං මේ, ත්වං පජානාහී’ති. අථ ඛෝ සෝ සහායකෝ සජ්ඣුභාරං ඡඩ්ඩෙත්වා සුවණ්ණභාරං ආදියි. තේ යේන සකෝ ගාමෝ තේනුපසංකමිංසු. තත්ථ යෝ සෝ සහායකෝ සාණභාරං ආදාය අගමාසි. තස්ස නේව මාතාපිතරෝ අභිනන්දිංසු, න පුත්තදාරා අභිනන්දිංසු, න මිත්තාමච්චා අභිනන්දිංසු, න ච තතෝ නිදානං සුඛං සෝමනස්සං අධිගච්ඡි. යෝ පන සෝ සහායකෝ සුවණ්ණභාරං ආදාය අගමාසි, තස්ස මාතාපිතරෝ පි අභිනන්දිංසු, පුත්තදාරා පි අභිනන්දිංසු, මිත්තාමච්චා පි අභිනන්දිංසු, තතෝ නිදානඤ්ච සුඛං සෝමනස්සං අධිගච්ඡි. ඒවමේව ඛෝ ත්වං රාජඤ්ඤ සාණහාරිකූපමෝ මඤ්ඤේ පටිභාසි. පටිනිස්සජ්ජේතං රාජඤ්ඤ පාපකං දිට්ඨිගතං, පටිනිස්සජ්ජේතං රාජඤ්ඤ පාපකං දිට්ඨිගතං. මා තේ අහෝසි දීඝරත්තං අහිතාය දුක්ඛායා”ති.

ඉක්බිති ඒ යහළුවා හණ මිටිය වීසි කොට හණ නූල් මිටියක් බැඳගත්තේ ය. ඔවුහු වෙනත් ජනශූන්‍ය ගමකට ගියාහු ය. එහිදී අත්හැර දමන ලද බොහෝ හණ රෙදි දුටුවාහු ය. දැක එක් යහළුවෙක් අනෙක් යහළුවා ඇමතීය. ‘මිතුර, යම් ධනයක් සඳහා අපි හණ නූල් කැමති වෙමු ද, ඊට වඩා වටිනා මේ අත්හැර දැමූ හණ රෙදි තිබෙයි. එසේ වී නම් යහළුව, ඔබ ද හණ මිටිය අත්හැර දමව. මම ත් හණ නූල් අත්හරින්නෙමි. දෙදෙනා ම හණ රෙදි මිටියක් කොට ගෙන යන්නෙමු.’ ….(පෙ)…. හණ නූල්විසි කොට හණ රෙදි මිටියක් කොට ….(පෙ)…. අත්හැර දමන ලද බොහෝ කොමු වැහැරි …(පෙ)…. අත්හැර දමන ලද බොහෝ කොමු නූල් …(පෙ)…. අත්හැර දමන ලද බොහෝ කොමු වස්ත්‍ර …(පෙ)…. අත්හැර දමන ලද බොහෝ කපු පුළුන් …(පෙ)…. අත්හැර දමන ලද බොහෝ කපු නූල් …(පෙ)…. අත්හැර දමන ලද බොහෝ කපු රෙදි …(පෙ)…. අත්හැර දමන ලද බොහෝ ලෝහ …(පෙ)…. අත්හැර දමන ලද බොහෝ තඹ …(පෙ)…. අත්හැර දමන ලද බොහෝ ඊයම් …(පෙ)…. අත්හැර දමන ලද බොහෝ සුදු ඊයම් …(පෙ)…. අත්හැර දමන ලද බොහෝ රිදී …(පෙ)…. අත්හැර දමන ලද බොහෝ රන් දුටුවාහු ය.

දැක එක් යහළුවෙක් අනෙක් යහළුවා ඇමතීය. ‘මිතුර, යම් ධනයක් සඳහා අපි හණ වැහැරි හෝ හණ නූල් හෝ හණ රෙදි හෝ කොමු වැහැරි හෝ කොමු නූල් හෝ කොමු රෙදි හෝ කපු පුළුන් හෝ කපු නූල් හෝ කපු රෙදි හෝ ලෝහ හෝ තඹ හෝ ඊයම් හෝ සුදු ඊයම් හෝ රිදී හෝ කැමති වෙමු ද, ඊට වඩා වටිනා මේ අත්හැර දැමූ බොහෝ රන් තිබෙයි. එසේ වී නම් යහළුව, ඔබ ද හණ මිටිය අත්හැර දමව. මම ත් රිදී බර අත්හරින්නෙමි. දෙදෙනා ම රන් බරක් ගෙන යන්නෙමු.’

‘මිතුර, මේ හණ මිටිය වනාහී මා විසින් දුර සිට ගෙන ආවකි. හොඳින් බැඳ තිබෙන්නකි. මට රන් බරෙන් පලක් නැත. කළ යුත්තක් ඔබ ම දැනගන්න.’ ඉක්බිති ඒ යහළුවා රිදී බර වීසි කොට රන් බරක් බැඳගත්තේ ය. ඔවුහු සිය ගම යම් තැනක ද, එහි ගියාහු ය.

එහිදී යම් ඒ යහළුවෙක් හණ වැහැරි රැගෙන ගියේ ද ඔහුගේ මාපියෝ ඔහු නොපිළිගත්තාහු ය. අඹුදරුවෝ ත් නොපිළිගත්තාහු ය. යාළුමිත්‍රයෝ ත් නොපිළිගත්තාහු ය. ඒ හේතුවෙන් ඔහු සැපයක් සොම්නසක් ද නොලැබීය.

යම් ඒ යහළුවෙක් රන් බරක් රැගෙන ගියේ ද ඔහුගේ මාපියෝ ඔහු පිළිගත්තාහු ය. අඹුදරුවෝ ත් පිළිගත්තාහු ය. යාළුමිත්‍රයෝ ත් පිළිගත්තාහු ය. ඒ හේතුවෙන් ඔහු සැපයක් සොම්නසක් ද ලැබීය.

එසෙයින් ම රාජන්‍යයෙනි, ඔබ හණ මිටිය කරතබාගත්තෙකු උපමා කොට අපට වැටහෙයි. රාජන්‍යයෙනි, ඔය ලාමක දෘෂ්ටිය අත්හරින්න. රාජන්‍යයෙනි, ඔය ලාමක දෘෂ්ටිය අත්හරින්න. ඔබට බොහෝ කල් අහිත පිණිස, දුක් පිණිස නොවේවා!”

18. “පුරිමේනේවාහං ඕපම්මේන භෝතෝ කස්සපස්ස අත්තමනෝ අභිරද්ධෝ. අපිචාහං ඉමානි විචිත්‍රානි පඤ්හපටිභානානි සෝතුකාමෝ ඒවාහං භවන්තං කස්සපං පච්චනිකං කාතබ්බං අමඤ්ඤිස්සං. අභික්කන්තං භෝ කස්සප, අභික්කන්තං භෝ කස්සප. සෙය්‍යථාපි භෝ කස්සප නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය: චක්ඛුමන්තෝ රූපානි දක්ඛන්තීති. ඒවමේව භෝතා කස්සපේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. ඒසාහං භෝ කස්සප තං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච, උපාසකං මං භවං කස්සපෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතං. ඉච්ඡාමි චාහං භෝ කස්සප මහායඤ්ඤං යජිතුං. අනුසාසතු මං භවං කස්සපෝ යං මමස්ස දීඝරත්තං හිතාය සුඛායා”ති.

“මම පළමු උපමාවෙන් ම භවත් කස්සපයන් වහන්සේ කෙරෙහි සතුටු වූයෙමි. පැහැදුණෙමි. එහෙත් මම මේ විචිත්‍ර වූ ප්‍රශ්න විසඳීම අසන්නට කැමති ව මෙසේ භවත් කස්සපයන් වහන්සේට විරුද්ධ ව කතා කළ යුතු යැයි සිතුවෙමි. භවත් කස්සපයන් වහන්ස, ඉතා මනහර ය. භවත් කස්සපයන් වහන්ස, ඉතා මනහර ය. භවත් කස්සපයන් වහන්ස, යටිකුරු කොට තැබූ දෙයක් උඩුකුරු කරන්නේ යම් සේ ද, වසා තැබූ දෙයක් හැර පෙන්වන්නේ යම් සේ ද, මංමුලාවූවෙකුට මග පවසන්නේ යම් සේ ද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් ඔසොවා දරන්නේ යම් සේ ද, එසෙයින් ම භවත් කස්සපයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය පවසන ලද්දේ ය. භවත් කස්සපයන් වහන්ස, ඒ මම ඒ භාග්‍යවතුන් වහන්සේ සරණ යමි. ධර්මය ත්, භික්ෂු සංඝයා ත් සරණ යමි. භවත් කස්සපයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මා පිළිගන්නා සේක්වා!

භවත් කස්සපයන් වහන්ස, මම මහා යාගයක් කරන්නට කැමති වෙමි. යම් යාගයක් මා හට බොහෝ කල් හිතසුව පිණිස පවතින්නේ ද, එබඳු වූ යාගයක් කෙරෙහි භවත් කස්සපයන් වහන්සේ මට අනුශාසනා කරන සේක්වා!”

“යථාරූපේ ඛෝ රාජඤ්ඤ යඤ්ඤේ ගාවෝ වා හඤ්ඤන්ති, අජේළකා වා හඤ්ඤන්ති, කුක්කුටසූකරා වා හඤ්ඤන්ති, විවිධා වා පාණා සංඝාතං ආපජ්ජන්ති, පටිග්ගාහකා ච හොන්ති මිච්ඡාදිට්ඨි මිච්ඡාසංකප්පා මිච්ඡාවාචා මිච්ඡාකම්මන්තා මිච්ඡාආජීවා මිච්ඡාවායාමා මිච්ඡාසතී මිච්ඡාසමාධී, ඒවරූපෝ ඛෝ රාජඤ්ඤ යඤ්ඤෝ න මහප්ඵලෝ හෝති න මහානිසංසෝ න මහාජුතිකෝ න මහාවිප්ඵාරෝ. සෙය්‍යථාපි රාජඤ්ඤ කස්සකෝ බීජනංගලමාදාය වනං පවිසෙය්‍ය. සෝ තත්ථ දුක්ඛෙත්තේ දුබ්භූමේ අවිහතඛාණුකණ්ටකේ බීජානි පතිට්ඨාපෙය්‍ය ඛණ්ඩානි පූතීනි වාතාතපහතානි අසාරාදානි අසුඛසයිතානි, දේවෝ ච න කාලේන කාලං සම්මා ධාරං අනුප්පවෙච්ඡෙය්‍ය. අපි නු තානි බීජානි වුද්ධිං වෙරූළ්හිං වේපුල්ලං ආපජ්ජෙය්‍ය?, කස්සකෝ වා විපුලං ඵලං අධිගච්ඡෙය්‍යා?”ති.

“රාජන්‍යයෙනි, යම් බඳු යාගයකදී ගවයෝ හෝ මැරෙත් ද, එළු බැටළුවෝ හෝ මැරෙත් ද, ඌරෝ කුකුලෝ හෝ මැරෙත් ද, විවිධ වූ ප්‍රාණීහු හෝ ඝාතනයට පත්වෙත් ද, එය පිළිගන්නෝ ද මිසදිටු ගත්, මිථ්‍යා සංකල්ප ඇති, මිථ්‍යා වචන ඇති, මිථ්‍යා ක්‍රියා ඇති, මිථ්‍යා දිවි පෙවෙත් ඇති, මිථ්‍යා වීරිය ඇති, මිථ්‍යා සිහි ඇති, මිථ්‍යා සමාධි ඇති උදවිය ය. රාජන්‍යයෙනි, මෙබඳු යාගය මහත්ඵල නැත්තේ ය. මහානිසංස නැත්තේ ය. මහත් බැබලීම් නැත්තේ ය. මහත් පැතිරීම් නැත්තේ ය.

රාජන්‍යයෙනි, එය මෙබඳු දෙයකි. ගොවියෙක් බීජ හා නගුල ගෙන වනයකට පිවිසෙයි. ඔහු එහි නොනැසූ කණු කටු සහිත නපුරු බිමක, නිසරු කෙතක කැඩී ගිය, කුණු වී ගිය, අව් සුළඟින් පීඩිත, පොළොවෙහි සාරය නොඇදගන්නා, සුවසේ නොසැකසුණු බීජයන් වපුරයි. වැස්ස ද කලින් කල යහපත් ලෙස නොපවතියි නම්, ඔහුගේ ඒ වපුරන ලද බීජයෝ සුවසේ පඳුරු ලියලා වැඩෙත් ද? ගොවියා හෝ ලොකු අස්වැන්නක් ලබයි ද?”

“නෝ හිදං භෝ කස්සප.”

“භවත් කස්සපයන් වහන්ස, එය නැත්තේ ය.”

“ඒවමේව ඛෝ රාජඤ්ඤ යථාරූපේ යඤ්ඤේ ගාවෝ වා හඤ්ඤන්ති අජේළකා වා හඤ්ඤන්ති කුක්කුටසූකරා වා හඤ්ඤන්ති විවිධා වා පාණා සංඝාතං ආපජ්ජන්ති. පටිග්ගාහකා ච හොන්ති. මිච්ඡාදිට්ඨි මිච්ඡාසංකප්පා මිච්ඡාවාචා මිච්ඡාකම්මන්තා මිච්ඡාආජීවා මිච්ඡාවායාමා මිච්ඡාසතී මිච්ඡාසමාධී. ඒවරූපෝ ඛෝ රාජඤ්ඤ යඤ්ඤෝ න මහප්ඵලෝ හෝති න මහානිසංසෝ න මහාජුතිකෝ න මහාවිප්ඵාරෝ. යථාරූපේ ච ඛෝ රාජඤ්ඤ යඤ්ඤේ නේව ගාවෝ හඤ්ඤන්ති න අජේළකා හඤ්ඤන්ති න කුක්කුටසූකරා හඤ්ඤන්ති න විවිධා වා පාණා සංඝාතං ආපජ්ජන්ති, පටිග්ගාහකා ච හොන්ති සම්මාදිට්ඨි සම්මාසංකප්පා සම්මාවාචා සම්මාකම්මන්තා සම්මාආජීවා සම්මාවායාමා සම්මාසතී සම්මාසමාධී, ඒවරූපෝ ඛෝ රාජඤ්ඤ යඤ්ඤෝ මහප්ඵලෝ හෝති මහානිසංසෝ මහාජුතිකෝ මහාවිප්ඵාරෝ. සෙය්‍යථාපි රාජඤ්ඤ කස්සකෝ බීජනංගලං ආදාය වනං පවිසෙය්‍ය, සෝ තත්ථ සුඛෙත්තේ සුභූමේ සුවිහතඛාණුකණ්ටකේ බීජානි පතිට්ඨාපෙය්‍ය අඛණ්ඩානි අපූතීනි අවාතාතපහතානි සාරාදානි සුඛසයිතානි, දේවෝ ච කාලේන කාලං සම්මා ධාරං අනුප්පවෙච්ඡෙය්‍ය, අපි නු තානි බීජානි වුද්ධිං වෙරූළ්හිං වේපුල්ලං ආපජ්ජෙය්‍යුං, කස්සකෝ වා විපුලං ඵලං අධිගච්ඡෙය්‍යාති?’.

“එසෙයින් ම, රාජන්‍යයෙනි, යම් බඳු යාගයකදී ගවයෝ හෝ මැරෙත් ද, එළු බැටළුවෝ හෝ මැරෙත් ද, ඌරෝ කුකුලෝ හෝ මැරෙත් ද, විවිධ වූ ප්‍රාණීහු හෝ ඝාතනයට පත්වෙත් ද, එය පිළිගන්නෝ ද මිසදිටු ගත්, මිථ්‍යා සංකල්ප ඇති, මිථ්‍යා වචන ඇති, මිථ්‍යා ක්‍රියා ඇති, මිථ්‍යා දිවි පෙවෙත් ඇති, මිථ්‍යා වීරිය ඇති, මිථ්‍යා සිහි ඇති, මිථ්‍යා සමාධි ඇති උදවිය ය. රාජන්‍යයෙනි, මෙබඳු යාගය මහත්ඵල නැත්තේ ය. මහානිසංස නැත්තේ ය. මහත් බැබලීම් නැත්තේ ය. මහත් පැතිරීම් නැත්තේ ය.

රාජන්‍යයෙනි, යම් බඳු යාගයකදී ගවයෝ හෝ නොමැරෙත් ද, එළු බැටළුවෝ හෝ නොමැරෙත් ද, ඌරෝ කුකුලෝ හෝ නොමැරෙත් ද, විවිධ වූ ප්‍රාණීහු හෝ ඝාතනයට පත්නොවෙත් ද, එය පිළිගන්නෝ ද සම්දිටු ගත්, යහපත් සංකල්ප ඇති, යහපත් වචන ඇති, යහපත් ක්‍රියා ඇති, යහපත් දිවි පෙවෙත් ඇති, යහපත් වීරිය ඇති, යහපත් සිහි ඇති, යහපත් සමාධි ඇති උදවිය වෙත් ද, රාජන්‍යයෙනි, මෙබඳු යාගය මහත්ඵල ඇත්තේ ය. මහානිසංස ඇත්තේ ය. මහත් බැබලීම් ඇත්තේ ය. මහත් පැතිරීම් ඇත්තේ ය.

රාජන්‍යයෙනි, එය මෙබඳු දෙයකි. ගොවියෙක් බීජ හා නගුල ගෙන වනයකට පිවිසෙයි. ඔහු එහි මැනැවින් ඉවත් කළ කණු කටු ඇති යහපත් බිමක, සරු කෙතක, නොකැඩුණු, කුණු නොවුණු, අව් සුළඟින් පහර නොකෑ, සාරවත්, හොඳින් සැකසුණු බීජයන් වපුරයි. වැස්ස ද කලින් කල යහපත් ලෙස පවතියි නම්, ඔහුගේ ඒ වපුරන ලද බීජයෝ සුවසේ පඳුරු ලියලා වැඩෙත් ද? ගොවියා හෝ ලොකු අස්වැන්නක් ලබයි ද?”

“ඒවං භෝ කස්සප.”

“භවත් කස්සපයන් වහන්ස, එසේ ය.”

“ඒවමේව ඛෝ රාජඤ්ඤ යථාරූපේ යඤ්ඤේ නේව ගාවෝ හඤ්ඤන්ති න අජේළකා හඤ්ඤන්ති න කුක්කුටසූකරා හඤ්ඤන්ති න විවිධා වා පාණා සංඝාතං ආපජ්ජන්ති, පටිග්ගාහකා ච හොන්ති සම්මාදිට්ඨි සම්මාසංකප්පා සම්මාවාචා සම්මාකම්මන්තා සම්මාආජීවා සම්මාවායාමා සම්මාසතී සම්මාසමාධී, ඒවරූපෝ ඛෝ රාජඤ්ඤ යඤ්ඤෝ මහප්ඵලෝ හෝති මහානිසංසෝ මහාජුතිකෝ මහාවිප්ඵාරෝ”ති.

“එසෙයින් ම රාජන්‍යයෙනි, යම් බඳු යාගයකදී ගවයෝ හෝ නොමැරෙත් ද, එළු බැටළුවෝ හෝ නොමැරෙත් ද, ඌරෝ කුකුලෝ හෝ නොමැරෙත් ද, විවිධ වූ ප්‍රාණීහු හෝ ඝාතනයට පත්නොවෙත් ද, එය පිළිගන්නෝ ද සම්දිටු ගත්, යහපත් සංකල්ප ඇති, යහපත් වචන ඇති, යහපත් ක්‍රියා ඇති, යහපත් දිවි පෙවෙත් ඇති, යහපත් වීරිය ඇති, යහපත් සිහි ඇති, යහපත් සමාධි ඇති උදවිය වෙත් ද, රාජන්‍යයෙනි, මෙබඳු යාගය මහත්ඵල ඇත්තේ ය. මහානිසංස ඇත්තේ ය. මහත් බැබලීම් ඇත්තේ ය. මහත් පැතිරීම් ඇත්තේ ය.”

19. අථ ඛෝ පායාසි රාජඤ්ඤෝ දානං පට්ඨපේසි සමණබ්‍රාහ්මණකපණද්ධිකවණිබ්බකයාචකානං. තස්මිං ඛෝ පන දානේ ඒවරූපං භෝජනං දිය්‍යති කණාජකං බිළංගදුතියං, ධෝරකානි ච වත්ථානි ගුළගාළකානි. තස්මිං ඛෝ පන දානේ උත්තරෝ නාම මාණවෝ බ්‍යාවටෝ අහෝසි. සෝ දානං දත්වා ඒවමනුද්දිසති ‘ඉමිනාහං දානේන පායාසිං රාජඤ්ඤමේව ඉමස්මිං ලෝකේ සමාගඤ්ඡිං මා පරස්මින්ති.’ අස්සෝසි ඛෝ පායාසි රාජඤ්ඤෝ ‘උත්තරෝ කිර මාණවෝ දානං දත්වා ඒවමනුද්දිසති ‘ඉමිනාහං දානේන පායාසිං රාජඤ්ඤමේව ඉමස්මිං ලෝකේ සමාගඤ්ඡිං මා පරස්මින්ති.’ අථ ඛෝ පායාසි රාජඤ්ඤෝ උත්තරං මාණවං ආමන්තාපෙත්වා ඒතදවෝච: සච්චං කිර ත්වං තාත උත්තර දානං දත්වා ඒවමනුද්දිසසි. ‘ඉමිනාහං දානේන පායාසිං රාජඤ්ඤමේව ඉමස්මිං ලෝකේ සමාගඤ්ඡිං මා පරස්මින්ති’?

එකල්හී පායාසි රාජන්‍ය තෙමේ ශ්‍රමණ බ්‍රාහ්මණ, දුගී මගී යාචකාදීන්ට දානයක් පිහිටෙව්වේ ය. ඒ දානයෙහි වනාහී මෙබඳු වූ බොජුන් දෙනු ලැබේ. කාඩි හොදි දෙවෙනි කොට ගත් නිවුඩු සහල් බත ය. ලොකු වාටි ඇති ගොරෝසු රෙදි ය. ඒ දානයෙහි දී උත්තර නම් තරුණයෙක් එහි දන් කටයුතු සොයා බැලීමෙහි නිරත ව සිටියේ ය. ඔහු දානය දී නැවත නැවත මෙසේ කියයි.

“මේ දානය හේතුවෙන් පායාසි රාජන්‍යයා ම සමඟ මේ ලෝකයෙහි මම එක්වුණෙම් ද, පරලොවදී මට එසේ නොවේවා!”

පායාසි රාජන්‍ය තෙමේ උත්තර තරුණයා දානය දී නැවත නැවත මෙසේ කියන්නේලු යි ඇසුවේ ය. ‘මේ දානය හේතුවෙන් පායාසි රාජන්‍යයා ම සමඟ මේ ලෝකයෙහි මම එක්වුණෙම් ද, පරලොවදී මට එසේ නොවේවා!’ යි.

ඉක්බිති පායාසි රාජන්‍ය තෙමේ උත්තර තරුණයා කැඳවා මෙය ඇසුවේය.

“දරුව, උත්තරයෙනි, සැබෑ ද? ඔබ දන් දී නැවත නැවත මෙසේ කියන්නෙහි ද? ‘මේ දානය හේතුවෙන් පායාසි රාජන්‍යයා ම සමඟ මේ ලෝකයෙහි මම එක්වුණෙම් ද, පරලොවදී මට එසේ නොවේවා!’ යි.”

‘ඒවං භෝ’ති. “කිස්ස පන භෝ ත්වං තාත උත්තර දානං දත්වා ඒවමනුද්දිසසි. ‘ඉමිනාහං දානේන පායාසිං රාජඤ්ඤමේව ඉමස්මිං ලෝකේ සමාගඤ්ඡිං මා පරස්මින්ති නනු මයං තාත උත්තර පුඤ්ඤත්ථිකා දානස්සේව ඵලං පාටිකංඛිනෝ?”ති.

“එසේ ය, භවත.”

“භවත් දරුව, උත්තරයෙනි, ඔබ කුමක් හෙයින් දන් දී ‘මේ දානය හේතුවෙන් පායාසි රාජන්‍යයා ම සමඟ මේ ලෝකයෙහි මම එක්වුණෙම් ද, පරලොවදී මට එසේ නොවේවා!’ යි මෙසේ නැවත නැවත කියන්නෙහි ද? දරුව, උත්තරයෙනි, පිනෙන් ප්‍රයෝජන ඇති ව, දානයේ ම ඵලවිපාක අපි කැමති නොවෙමු ද?”

“භෝතෝ ඛෝ පන දානේ ඒවරූපං භෝජනං දිය්‍යති කණාජකං බිලංගදුතියං. භවං පාදාපි න ඉච්ඡෙය්‍ය ඵුසිතුං, කුතෝ භුඤ්ජිතුං. ධෝරකානි ච වත්ථානි ගුළගාළකානි යානි භවං පාදාපි න ඉච්ඡෙය්‍ය ඵුසිතුං, කුතෝ පරිදහිතුං. භවං ඛෝ පනම්හාකං පියෝ මනාපෝ. කථං මයං මනාපං අමනාපේන සංයෝජේමා?”ති. “තේන හි ත්වං තාත උත්තර යාදිසාහං භෝජනං භුඤ්ජාමි තාදිසං භෝජනං පට්ඨපේහි, යාදිසානි චාහං වත්ථානි පරිදහාමි තාදිසානි ච වත්ථානි පට්ඨපේහී”ති.

“භවතුන්ගේ දානයෙහි මෙබඳු වූ බොජුන් දෙනු ලැබේ. කාඩි හොදි දෙවෙනි කොට නිවුඩු සහල් බත ය. භවතාණන් එය පයිනුත් ස්පර්ශ කරන්නට අකමැති වෙයි. අනුභව කරන්නට ආශාවක් කොයින් වෙයි ද? භවතාණන් යම් වස්ත්‍ර පාදයෙනුත් ස්පර්ශ කරන්නට අකමැති වෙයි ද, එබඳු වූ ලොකු වාටි ඇති ගොරෝසු රෙදි ය. පොරොවන්නට ආසාවක් කොයින් වෙයි ද? භවතාණන් අපට ප්‍රිය ය. මනාප ය. අපි කෙසේ නම් මනාප දෙයක් අමනාප දෙයක් හා එකට එක් කරමු ද?”

“එසේ වී නම් දරුව උත්තරයෙනි, මම යම්බඳු බොජුනක් අනුභව කරම් ද, එබඳු වූ බොජුනක් දානයෙහි පිහිටුවන්න. මම යම්බඳු වස්ත්‍ර හඳිම් ද, එබඳු වස්ත්‍ර දානයෙහි පිහිටුවන්න.”

“ඒවං භෝ”ති ඛෝ උත්තරෝ මාණවෝ පායාසිරාජඤ්ඤස්ස පටිස්සුත්වා යාදිසං භෝජනං පායාසි රාජඤ්ඤෝ භුඤ්ජති තාදිසං භෝජනං පට්ඨපේසි, යාදිසානි ච වත්ථානි පායාසි රාජඤ්ඤෝ පරිදහති තාදිසානි ච වත්ථානි පට්ඨපේසි.

“එසේ ය, භවතැ” යි උත්තර තරුණයා පායාසි රාජන්‍යයා හට පිළිතුරු දී පායාසි රාජන්‍ය තෙමේ යම්බඳු බොජුනක් අනුභව කරයි ද, එබඳු වූ බොජුනක් දානයෙහි පිහිටෙව්වේ ය. පායාසි රාජන්‍ය තෙමේ යම් බඳු වස්ත්‍ර පොරොවයි ද, එබඳු වූ වස්ත්‍ර ත් දානයෙහි පිහිටෙව්වේ ය.

අථ ඛෝ පායාසි රාජඤ්ඤෝ අසක්කච්චං දානං දත්වා අසහත්ථා දානං දත්වා අචිත්තීකතං දානං දත්වා අපවිද්ධං දානං දත්වා කායස්ස භේදා පරම්මරණා චාතුමහාරාජිකානං දේවානං සහබ්‍යතං උපපජ්ජි සුඤ්ඤං සේරිස්සකං විමානං. යෝ පන තස්ස දානේ බ්‍යාවටෝ අහෝසි උත්තරෝ නාම මාණවෝ, සෝ සක්කච්චං දානං දත්වා සහත්ථා දානං දත්වා චිත්තීකතං දානං දත්වා අනපවිද්ධං දානං දත්වා කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජි දේවානං තාවතිංසානං සහබ්‍යතං.

එකල්හී පායාසි රාජන්‍ය තෙමේ සකස් නොකොට දන් දී, සිය අතින් දන් නොදී, ගෞරව නැති ව දන් දී, බැහැර කරන දෙයක් සෙයින් දන් දී, කය බිඳී මරණින් මතු චාතුම්මහාරාජික දෙවියන්ට අයත් සේරිස්සක නම් හිස් විමානයක උපන්නේ ය.

ඒ දාන කටයුතුවල නිරත ව සිටි උත්තර නම් යම් තරුණයෙක් සිටියේ ද, ඔහු සකස් කොට දන් දී, සිය අතින් දන් දී, ගරුසරු ඇති ව දන් දී, බැහැර නොකරන දෙයක් දන් දී, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවට, තව්තිසා දෙවියන් හා එක්වීමට පැමිණියේ ය.

තේන ඛෝ පන සමයේන ආයස්මා ගවම්පති අභික්ඛණං සුඤ්ඤං සේරිස්සකං විමානං දිවාවිහාරං ගච්ඡති. අථ ඛෝ පායාසි දේවපුත්තෝ යේනායස්මා ගවම්පති තේනුපසංකමි, උපසංකමිත්වා ආයස්මන්තං ගවම්පතිං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතං ඛෝ පායාසිං දේවපුත්තං ආයස්මා ගවම්පති ඒතදවෝච: ‘කෝ’සි ත්වං ආවුසෝ?’ති. ‘අහං භන්තේ පායාසි රාජඤ්ඤෝ’ති. “නනු ත්වං ආවුසෝ ඒවංදිට්ඨිකෝ අහෝසි. ‘ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති” “සවාහං භන්තේ ඒවංදිට්ඨිකෝ අහෝසිං: ‘ඉතිපි නත්ථි පරෝ ලෝකෝ, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකෝ’ති. අපි චාහං අය්‍යෙන කුමාරකස්සපේන ඒතස්මා පාපකා දිට්ඨිගතා විවේචිතෝ”ති.

එසමයෙහි ආයුෂ්මත් ගවම්පති තෙරුන් වහන්සේ දිවා විහරණය පිණිස සේරිස්සක ශූන්‍ය විමානයට නිතර වඩිති. එකල්හී පායාසි දෙව්පුත් තෙමේ ගවම්පති තෙරුන් යම් තැනක ද, එතැනට එළැඹියේ ය. එළැඹ ආයුෂ්මත් ගවම්පති තෙරුන්ට සකසා වන්දනා කොට එකත්පස් ව සිටගත්තේ ය. එකත්පස් ව සිටගත් පායාසි දෙව්පුතුන්ට ආයුෂ්මත් ගවම්පති තෙරණුවෝ මෙසේ පැවසූහ.

“ඇවැත්නි, ඔබ කවුද?”

“ස්වාමීනී, මම පායාසි රාජන්‍යයා ය.”

“ඇවැත්නි, ඔබ මෙබඳු දෘෂ්ටියක් ඇතිව සිටියේ නොවේ ද? එනම්, ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ යි.”

“ස්වාමීනී, ඒ මම මෙබඳු දෘෂ්ටියක් ඇති ව සිටියෙමි. එනම්, ‘මෙසේ ත් පරලොවක් නැත්තේ ය. ඕපපාතික ව උපදින සත්වයෝ නැත්තාහ. හොඳින් හෝ නරකින් හෝ කරනු ලබන කර්මයන්ගේ ඵලවිපාක නැත්තේ ය’ යි. එහෙත් කුමාර කස්සප ආර්යයන් වහන්සේ විසින් ඒ පවිටු දෘෂ්ටියෙන් මම මුදවන ලද්දෙමි.”

“යෝ පන තේ ආවුසෝ දානේ බ්‍යාවටෝ අහෝසි උත්තරෝ නාම මාණවෝ, සෝ කුහිං උපපන්නෝ?’ති. “යෝ මේ භන්තේ දානේ බ්‍යාවටෝ අහෝසි උත්තරෝ නාම මාණවෝ, සෝ සක්කච්චං දානං දත්වා සහත්ථා දානං දත්වා චිත්තීකතං දානං දත්වා අනපවිද්ධං දානං දත්වා කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපන්නෝ දේවානං තාවතිංසානං සහබ්‍යතං. අහං පන භන්තේ අසක්කච්චං දානං දත්වා අසහත්ථා දානං දත්වා අචිත්තීකතං දානං දත්වා අපවිද්ධං දානං දත්වා කායස්ස භේදා පරම්මරණා චාතුමහාරාජිකානං දේවානං සහබ්‍යතං උපපන්නෝ සුඤ්ඤං සේරිස්සකං විමානං. තේන හි භන්තේ ගවම්පති මනුස්සලෝකං ගන්ත්වා ඒවමාරෝචේහි: සක්කච්චං දානං දේථ, සහත්ථා දානං දේථ, චිත්තීකතං දානං දේථ, අනපවිද්ධං දානං දේථ, පායාසි රාජඤ්ඤෝ අසක්කච්චං දානං දත්වා අසහත්ථා දානං දත්වා අචිත්තීකතං දානං දත්වා අපවිද්ධං දානං දත්වා කායස්ස භේදා පරම්මරණා චාතුමහාරාජිකානං දේවානං සහබ්‍යතං උපපන්නෝ සුඤ්ඤං සේරිස්සකං විමානං. යෝ පන තස්ස දානේ බ්‍යාවටෝ අහෝසි උත්තරෝ නාම මාණවෝ, සෝ සක්කච්චං දානං දත්වා සහත්ථා දානං දත්වා චිත්තීකතං දානං දත්වා අනපවිද්ධං දානං දත්වා කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපන්නෝ දේවානං තාවතිංසානං සහබ්‍යතන්ති.”

“ඇවත්නි, ඔබගේ දාන කටයුතුවල නියැලී උත්තර නම් යම් මාණවකයෙක් සිටියේ ද, ඔහු උපන්නේ කොහිද?”

“ස්වාමීනී, උත්තර නම් මාණවකයා මාගේ දන් දීම් කටයුතුවල යෙදී සිටියදී සකස් කොට දන් දී, සිය අතින් දන් දී, ගරුසරු ඇති ව දන් දී, බැහැර නොකරන දෙයක් දන් දී, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවට, තව්තිසා දෙවියන් හා එක්වීමට පැමිණියේ ය.

ස්වාමීනී, මම වනාහී සකස් නොකොට දන් දී, සිය අතින් දන් නොදී, ගරුසරු නැති ව දන් දී, බැහැර කරන දෙයක් සෙයින් දන් දී, කය බිඳී මරණින් මතු චාතුම්මහාරාජික දෙවියන්ට අයත් සේරිස්සක නම් හිස් විමානයක උපන්නෙමි.

එබැවින් ස්වාමීනී, ගවම්පතීන් වහන්ස, මිනිස් ලොවට වැඩම කොට මෙකරුණ වදාළ මැනැව.

‘සකස් කොට දන් දෙව්. සිය අතින් දන් දෙව්. ගරුසරු ඇති ව දන් දෙව්. බැහැරට නොකරන දෙයක් සේ දන් දෙව්. පායාසි රාජන්‍ය තෙමේ සකස් නොකොට දන් දී, සිය අතින් දන් නොදී, ගරුසරු නැති ව දන් දී, බැහැර කරන දෙයක් සෙයින් දන් දී, කය බිඳී මරණින් මතු චාතුම්මහාරාජික දෙවියන්ට අයත් සේරිස්සක නම් හිස් විමානයක උපන්නේ ය.

ඔහුගේ දානයෙහි නියුක්ත ව සිටි උත්තර නම් යම් මාණවකයෙක් වූයේ ද, ඔහු සකස් කොට දන් දී, සිය අතින් දන් දී, ගරුසරු ඇති ව දන් දී, බැහැර නොකරන දෙයක් දන් දී, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවට, තව්තිසා දෙවියන් හා එක්වීමට පැමිණියේ ය” යනුවෙනි.

අථ ඛෝ ආයස්මා ගවම්පති මනුස්සලෝකං ආගන්ත්වා ඒවමාරෝචේසි: “සක්කච්චං දානං දේථ, සහත්ථා දානං දේථ, චිත්තීකතං දානං දේථ, අනපවිද්ධං දානං දේථ. පායාසි රාජඤ්ඤෝ අසක්කච්චං දානං දත්වා අසහත්ථා දානං දත්වා අචිත්තීකතං දානං දත්වා අපවිද්ධං දානං දත්වා කායස්ස භේදා පරම්මරණා චාතුමහාරාජිකානං දේවානං සහබ්‍යතං උපපන්නෝ සුඤ්ඤං සේරිස්සකං විමානං. යෝ පන තස්ස දානේ බ්‍යාවටෝ අහෝසි උත්තරෝ නාම මාණවෝ, සෝ සක්කච්චං දානං දත්වා සහත්ථා දානං දත්වා චිත්තීකතං දානං දත්වා අනපවිද්ධං දානං දත්වා කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපන්නෝ දේවානං තාවතිංසානං සහබ්‍යතන්ති.”

ඉක්බිති ආයුෂ්මත් ගවම්පති තෙරණුවෝ මනුලොවට පැමිණ මෙය දැනුම් දුන්හ.

“‘සකස් කොට දන් දෙව්. සිය අතින් දන් දෙව්. ගරුසරු ඇති ව දන් දෙව්. බැහැරට නොකරන දෙයක් සේ දන් දෙව්. පායාසි රාජන්‍ය තෙමේ සකස් නොකොට දන් දී, සිය අතින් දන් නොදී, ගරුසරු නැති ව දන් දී, බැහැර කරන දෙයක් සෙයින් දන් දී, කය බිඳී මරණින් මතු චාතුම්මහාරාජික දෙවියන්ට අයත් සේරිස්සක නම් හිස් විමානයක උපන්නේ ය.

ඔහුගේ ඒ දානයෙහි නියුක්ත ව සිටි උත්තර නම් යම් මාණවකයෙක් වූයේ ද, ඔහු සකස් කොට දන් දී, සිය අතින් දන් දී, ගරුසරු ඇති ව දන් දී, බැහැර නොකරන දෙයක් දන් දී, කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත දෙව්ලොවට, තව්තිසා දෙවියන් හා එක්වීමට පැමිණියේ ය.”

සාදු! සාදු!! සාදු!!!

පායාසිරාජඤ්ඤසුත්තං නිට්ඨිතං දසමං.

පායාසි රාජඤ්ඤ සූත්‍රය නිමා විය.

අපදානඤ්ච නිදානඤ්ච නිබ්බානඤ්ච සුදස්සනං,
ජනවසභඤ්ච ගෝවින්දං සමයං සක්කමේවච
සතිපට්ඨානපායාසි මහාවග්ගස්ස සංගහෝ.

එහි පිළිවෙළ උද්දානයයි :

මහාපදාන සූත්‍රය, නිදාන සූත්‍රය, පරිනිබ්බාන සූත්‍රය, සුදස්සන සූත්‍රය, ජනවසභ සූත්‍රය, ගෝවින්ද සූත්‍රය, මහා සමය සූත්‍රය, සක්කපඤ්හ සූත්‍රය, මහා සතිපට්ඨාන සූත්‍රය සහ දසවන පායාසි සූත්‍රය යන මේ දෙසුමන්ගෙන් මහා වර්ගයෙහි සූත්‍ර එකතු වෙයි.

මහාවග්ගෝ නිට්ඨිතෝ දුතියෝ.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn2_10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M