සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ කරුණු තුනකි. ඒ කවර තුනක් ද යත්;
රාගය, ද්වේෂය, හා මෝහය යි. මහණෙනි, මේ වනාහී කරුණු තුන යි.
මහණෙනි, මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස තුන් ධර්මයක් වැඩිය යුත්තේ ය. ඒ කවර තුන් ධර්මයක් ද යත්;
රාගය ප්‍රහාණය කිරීම පිණිස අසුභය වැඩිය යුත්තේ ය. ද්වේෂය ප්‍රහාණය කිරීම පිණිස මෙත් සිත වැඩිය යුත්තේ ය. මෝහය ප්‍රහාණය කිරීම පිණිස ප්‍රඥාව වැඩිය යුත්තේ ය.
මහණෙනි, මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස මේ තුන් ධර්මය වැඩිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
රාග සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ කරුණු තුනකි. ඒ කවර තුනක් ද යත්;
කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය සහ මනෝ දුෂ්චරිතය යි. මහණෙනි, මේ වනාහී කරුණු තුන යි.
මහණෙනි, මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස තුන් ධර්මයක් වැඩිය යුත්තේ ය. ඒ කවර තුන් ධර්මයක් ද යත්;
කාය දුෂ්චරිතය ප්‍රහාණය කිරීම පිණිස කාය සුචරිතය වැඩිය යුත්තේ ය. වචී දුෂ්චරිතය ප්‍රහාණය කිරීම පිණිස වචී සුචරිතය වැඩිය යුත්තේ ය. මනෝ දුෂ්චරිතය ප්‍රහාණය කිරීම පිණිස මනෝ සුචරිතය වැඩිය යුත්තේ ය.
මහණෙනි, මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස මේ තුන් ධර්මය වැඩිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
දුච්චරිත සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ කරුණු තුනකි. ඒ කවර තුනක් ද යත්;
කාම විතර්කය, ව්‍යාපාද විතර්කය සහ විහිංසා විතර්කය යි. මහණෙනි, මේ වනාහී කරුණු තුන යි.
මහණෙනි, මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස තුන් ධර්මයක් වැඩිය යුත්තේ ය. ඒ කවර තුන් ධර්මයක් ද යත්;
කාම විතර්කය ප්‍රහාණය කිරීම පිණිස නෙක්ඛම්ම විතර්කය වැඩිය යුත්තේ ය. ව්‍යාපාද විතර්කය ප්‍රහාණය කිරීම පිණිස අව්‍යාපාද විතර්කය වැඩිය යුත්තේ ය. විහිංසා විතර්කය ප්‍රහාණය කිරීම පිණිස අවිහිංසා විතර්කය වැඩිය යුත්තේ ය.
මහණෙනි, මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස මේ තුන් ධර්මය වැඩිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
විතක්ක සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ කරුණු තුනකි. ඒ කවර තුනක් ද යත්;
කාම සංඥාව, ව්‍යාපාද සංඥාව සහ විහිංසා සංඥාව යි. මහණෙනි, මේ වනාහී කරුණු තුන යි.
මහණෙනි, මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස තුන් ධර්මයක් වැඩිය යුත්තේ ය. ඒ කවර තුන් ධර්මයක් ද යත්;
කාම සංඥාව ප්‍රහාණය කිරීම පිණිස නෙක්ඛම්ම සංඥාව වැඩිය යුත්තේ ය. ව්‍යාපාද සංඥාව ප්‍රහාණය කිරීම පිණිස අව්‍යාපාද සංඥාව වැඩිය යුත්තේ ය. විහිංසා සංඥාව ප්‍රහාණය කිරීම පිණිස අවිහිංසා සංඥාව වැඩිය යුත්තේ ය.
මහණෙනි, මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස මේ තුන් ධර්මය වැඩිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
සඤ්ඤා සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ කරුණු තුනකි. ඒ කවර තුනක් ද යත්;
කාම ධාතුව, ව්‍යාපාද ධාතුව සහ විහිංසා ධාතුව යි. මහණෙනි, මේ වනාහී කරුණු තුන යි.
මහණෙනි, මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස තුන් ධර්මයක් වැඩිය යුත්තේ ය. ඒ කවර තුන් ධර්මයක් ද යත්;
කාම ධාතුව ප්‍රහාණය කිරීම පිණිස නෙක්ඛම්ම ධාතුව වැඩිය යුත්තේ ය. ව්‍යාපාද ධාතුව ප්‍රහාණය කිරීම පිණිස අව්‍යාපාද ධාතුව වැඩිය යුත්තේ ය. විහිංසා ධාතුව ප්‍රහාණය කිරීම පිණිස අවිහිංසා ධාතුව වැඩිය යුත්තේ ය.
මහණෙනි, මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස මේ තුන් ධර්මය වැඩිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
ධාතු සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ කරුණු තුනකි. ඒ කවර තුනක් ද යත්;
ආශ්වාද දෘෂ්ටිය, අත්තානු දෘෂ්ටිය, මිථ්‍යා දෘෂ්ටිය ය. මහණෙනි, මේ වනාහී කරුණු තුන යි.
මහණෙනි, මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස තුන් ධර්මයක් වැඩිය යුත්තේ ය. ඒ කවර තුන් ධර්මයක් ද යත්;
ආශ්වාද දෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිස අනිත්‍ය සංඥාව වැඩිය යුත්තේ ය. අත්තානු දෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිස අනාත්ම සංඥාව වැඩිය යුත්තේ ය. මිථ්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිස සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුත්තේ ය.
මහණෙනි, මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස මේ තුන් ධර්මය වැඩිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
අස්සාද සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ කරුණු තුනකි. ඒ කවර තුනක් ද යත්;
අරතිය, විහිංසාව සහ අධර්ම චරියාව යි. මහණෙනි, මේ වනාහී කරුණු තුන යි.
මහණෙනි, මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස තුන් ධර්මයක් වැඩිය යුත්තේ ය. ඒ කවර තුන් ධර්මයක් ද යත්;
අරතිය ප්‍රහාණය කිරීම පිණිස මුදිතාව වැඩිය යුත්තේ ය. විහිංසාව ප්‍රහාණය කිරීම පිණිස අවිහිංසාව වැඩිය යුත්තේ ය. අධර්මචරියාව ප්‍රහාණය කිරීම පිණිස ධර්මචරියාව වැඩිය යුත්තේ ය.
මහණෙනි, මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස මේ තුන් ධර්මය වැඩිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
අරති සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ කරුණු තුනකි. ඒ කවර තුනක් ද යත්;
ලද දෙයින් සතුටු නොවීම, නුවණින් යුක්ත නොවීම සහ මහත් ආශා ඇති බව යි. මහණෙනි, මේ වනාහී කරුණු තුන යි.
මහණෙනි, මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස තුන් ධර්මයක් වැඩිය යුත්තේ ය. ඒ කවර තුන් ධර්මයක් ද යත්;
ලද දෙයින් සතුටු නොවීම ප්‍රහාණය කිරීම පිණිස ලද දෙයින් සතුටු වීම වැඩිය යුත්තේ ය. නුවණින් යුක්ත නොවීම ප්‍රහාණය කිරීම පිණිස නුවණින් යුක්ත වීම වැඩිය යුත්තේ ය. මහත් ආශා ඇති බව ප්‍රහාණය කිරීම පිණිස අලපේච්ඡ බව වැඩිය යුත්තේ ය.
මහණෙනි, මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස මේ තුන් ධර්මය වැඩිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
අසන්තුට්ඨි සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ කරුණු තුනකි. ඒ කවර තුනක් ද යත්;
අකීකරු වීම, පවිටු මිතුරන් ඇති බව සහ සිතෙහි වික්ෂේපය යි. මහණෙනි, මේ වනාහී කරුණු තුන යි.
මහණෙනි, මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස තුන් ධර්මයක් වැඩිය යුත්තේ ය. ඒ කවර තුන් ධර්මයක් ද යත්;
අකීකරු වීම ප්‍රහාණය කිරීම පිණිස කීකරු බව වැඩිය යුත්තේ ය. පවිටු මිතුරන් ඇති බව ප්‍රහාණය කිරීම පිණිස කලණ මිතුරන් ඇති බව වැඩිය යුත්තේ ය. සිතෙහි විසිරීම ප්‍රහාණය කිරීම පිණිස ආනාපානසතිය වැඩිය යුත්තේ ය.
මහණෙනි, මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස මේ තුන් ධර්මය වැඩිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
දෝවචස්සතා සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ කරුණු තුනකි. ඒ කවර තුනක් ද යත්;
සිතෙහි විසිරීම, අසංවරය සහ ප්‍රමාදය යි. මහණෙනි, මේ වනාහී කරුණු තුන යි.
මහණෙනි, මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස තුන් ධර්මයක් වැඩිය යුත්තේ ය. ඒ කවර තුන් ධර්මයක් ද යත්;
සිතෙහි විසිරීම ප්‍රහාණය කිරීම පිණිස සමථ භාවනාව වැඩිය යුත්තේ ය. අසංවරය ප්‍රහාණය කිරීම පිණිස සංවර බව වැඩිය යුත්තේ ය. ප්‍රමාදය ප්‍රහාණය කිරීම පිණිස අප්‍රමාදය වැඩිය යුත්තේ ය.
මහණෙනි, මේ කරුණු තුන ප්‍රහාණය කිරීම පිණිස මේ තුන් ධර්මය වැඩිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
උද්ධච්ච සූත්‍රය නිමා විය.
තික වර්ගය යි.
එහි පිළිවෙල උද්දානයයි :
රාග සූත්‍රය, දුච්චරිත සූත්‍රය, විතක්ක සූත්‍රය, සංඥා සූත්‍රය, ධාතු සූත්‍රය, අස්සාද සූත්‍රය, අරති සූත්‍රය, අසන්තුට්ඨි සූත්‍රය, දෝවචස්සතා සූත්‍රය සහ උද්ධච්ච සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M