දීඝ නිකාය

මහා වග්ගෝ

1. මහාපදාන සුත්තං

1. බුදුවරුන්ගේ ශ්‍රේෂ්ඨ චරිතාපදාන ගැන වදාළ දෙසුම

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ කරේරිකුටිකායං. අථ ඛෝ සම්බහුලානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං කරේරිමණ්ඩලමාළේ සන්නිසින්නානං සන්නිපතිතානං පුබ්බේනිවාසපටිසංයුත්තා ධම්මී කථා උදපාදි: ‘ඉතිපි පුබ්බේනිවාසෝ, ඉතිපි පුබ්බේනිවාසෝ’ති.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනයෙහි ලුණුවරණ රුක් සෙවණෙහි කළ කුටියෙහි වැඩවසන සේක. එකල්හී පිණ්ඩපාතයෙන් වැළකුණු පසුබත් කාලයෙහි ජේතවන භූමියෙහි ලුණුවරණ රුක් සෙවණෙහි වූ ශාලාවෙහි රැස් ව හුන් බොහෝ භික්ෂූන් අතර ‘පෙර ආත්මයන්හි ගත කළ අයුරු මෙබඳු වෙයි, පෙර ආත්මයන්හි ගත කළ අයුරු මෙබඳු වෙයි’ වශයෙන් පෙර විසූ කඳ පිළිවෙල ගැන ධර්ම කථාවෙක් හටගත්තේ ය.

2. අස්සෝසි ඛෝ භගවා දිබ්බාය සෝතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය තේසං භික්ඛූනං ඉමං කථාසල්ලාපං. අථ ඛෝ භගවා උට්ඨායාසනා යේන කරේරිමණ්ඩලමාළෝ තේනුපසංකමි, උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. නිසජ්ජ ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: “කායනු‘ත්ථ භික්ඛවේ ඒතරහි කථාය සන්නිසින්නා? කා ච පන වෝ අන්තරාකථා විප්පකතා?”ති.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ සාමාන්‍ය මිනිසුන්ගේ ඇසීම ඉක්මවා ගිය පිරිසිදු වූ දිව්‍ය ශ්‍රවණයෙන් ඒ භික්ෂූන්ගේ මෙම දහම් කථා සල්ලාපය ඇසූ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හුනස්නෙන් නැගිට ලුණුවරණ රුක් සෙවණෙහි වූ ඒ ශාලාවට වැඩම කළ සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. එසේ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, මෙකල්හී ඔබ කවර කථාවක් කරමින් මෙහි රැස් ව හුන්නාහු ද? දැන් අඩාල වී ගියේ ඔබගේ කවර කථාවක් ද?”

3. ඒවං වුත්තේ තේ භික්ඛූ භගවන්තං ඒතදවෝචුං: “ඉධ භන්තේ අම්හාකං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං කරේරිමණ්ඩලමාළේ සන්නිසින්නානං සන්නිපතිතානං පුබ්බේනිවාසපටිසංයුත්තා ධම්මී කථා උදපාදි: ‘ඉතිපි පුබ්බේනිවාසෝ, ඉතිපි පුබ්බේනිවාසෝ’ති. අයං ඛෝ නෝ භන්තේ අන්තරාකථා විප්පකතා. අථ භගවා අනුප්පත්තෝ”ති.

මෙසේ වදාළ කල්හී ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, පිණ්ඩපාතයෙන් වැළකී සිටි පසුබත් කාලයෙහි මෙහි ලුණුවරණ රුක් සෙවණෙහි වූ ශාලාවෙහි රැස් ව හුන් අප අතර ‘පෙර ආත්මයන්හි ගත කළ අයුරු මෙබඳු වෙයි, පෙර ආත්මයන්හි ගත කළ අයුරු මෙබඳු වෙයි’ වශයෙන් පෙර විසූ කඳ පිළිවෙල ගැන ධර්ම කථාවක් ඇතිවූයේ ය. ස්වාමීනී, මේ කරමින් හුන් අපගේ කථාව අඩාල වූයේ ය. එවිට භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ සේක.”

4. “ඉච්ඡෙය්‍යාථ නෝ තුම්හේ භික්ඛවේ පුබ්බේනිවාසපටිසංයුත්තං ධම්මිං කථං සෝතු”න්ති.

“මහණෙනි, පෙර ආත්මභාවයන්හි ගත කළ අයුරු පිළිබඳ ව දහම් කථාවක් අසන්නට ඔබ කැමැත්තහු ද?”

“ඒතස්ස භගවා කාලෝ, ඒතස්ස සුගත කාලෝ, යං භගවා පුබ්බේනිවාසපටිසංයුත්තං ධම්මිං කථං කරෙය්‍ය. භගවතෝ සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී”ති. “තේන හි භික්ඛවේ සුණාථ, සාධුකං මනසි කරෝථ, භාසිස්සාමී”ති. “ඒවම්භන්තේ”ති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං, භගවා ඒතදවෝච:

“ස්වාමීනී, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ පෙර ආත්ම භාවයන්හි ගත කළ අයුරු පිළිබඳ ව දහම් කථාවක් වදාරණ සේක් නම්, භාග්‍යවතුන් වහන්ස, මේ එයට කාලය යි! සුගතයන් වහන්ස, මේ එයට කාලය යි! භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු මතකයේ රඳවා ගන්නාහු ය.”

“එසේ වී නම් මහණෙනි, සවන් යොමා අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නාහුය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

5. ඉතෝ සෝ භික්ඛවේ ඒකනවුතෝකප්පෝ යං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධෝ ලෝකේ උදපාදි. ඉතෝ සෝ භික්ඛවේ ඒකතිංසෝකප්පෝ යං සිඛී භගවා අරහං සම්මාසම්බුද්ධෝ ලෝකේ උදපාදි. තස්මිඤ්ඤේව ඛෝ භික්ඛවේ ඒකතිංසේ කප්පේ වෙස්සභූ භගවා අරහං සම්මාසම්බුද්ධෝ ලෝකේ උදපාදි. ඉමස්මිඤ්ඤේව ඛෝ භික්ඛවේ භද්දකප්පේ කකුසන්ධෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ ලෝකේ උදපාදි. ඉමස්මිඤ්ඤේව ඛෝ භික්ඛවේ භද්දකප්පේ කෝණාගමනෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ ලෝකේ උදපාදි. ඉමස්මිඤ්ඤේව ඛෝ භික්ඛවේ භද්දකප්පේ කස්සපෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ ලෝකේ උදපාදි. ඉමස්මිඤ්ඤේව ඛෝ භික්ඛවේ භද්දකප්පේ අහං ඒතරහි අරහං සම්මාසම්බුද්ධෝ ලෝකේ උප්පන්නෝ.

“මහණෙනි, යම් කලෙක අරහත් සම්මා සම්බුදු වූ විපස්සී භගවතාණෝ ලෝකයෙහි උපන්නාහු ද, ඒ මෙයින් අනූ එක් කල්පයකට පෙර ය. මහණෙනි, යම් කලෙක අරහත් සම්මා සම්බුදු වූ සිඛී භගවතාණෝ ලෝකයෙහි උපන්නාහු ද, ඒ මෙයින් තිස් එක් කල්පයකට පෙර ය. මහණෙනි, ඒ තිස්එක් වෙනි කල්පයෙහි ම අරහත් සම්මා සම්බුදු වූ වෙස්සභූ භගවතාණෝ ලෝකයෙහි උපන්නාහුය.

මහණෙනි, මේ භද්‍ර කල්පයෙහි ම අරහත් සම්මා සම්බුදු වූ කකුසඳ භාග්‍යවතාණෝ ලෝකයෙහි උපන්නාහු ය. මහණෙනි, මේ භද්‍ර කල්පයෙහි ම අරහත් සම්මා සම්බුදු වූ කෝණාගමන භාග්‍යවතාණෝ ලෝකයෙහි උපන්නාහු ය. මහණෙනි, මේ භද්‍ර කල්පයෙහි ම අරහත් සම්මා සම්බුදු වූ කාශ්‍යප භාග්‍යවතාණෝ ලෝකයෙහි උපන්නාහු ය. මහණෙනි, මේ මහා භද්‍ර කල්පයෙහි ම මෙකල්හී ලෝකයෙහි උපන් අරහත් සම්මා සම්බුදුහු මම ය.

6. විපස්සී භික්ඛවේ භගවා අරහං සම්මාසම්බුද්ධෝ ඛත්තියෝ ජාතියා අහෝසි, ඛත්තියකුලේ උදපාදි. සිඛී භික්ඛවේ භගවා අරහං සම්මාසම්බුද්ධෝ ඛත්තියෝ ජාතියා අහෝසි, ඛත්තියකුලේ උදපාදි. වෙස්සභූ භික්ඛවේ භගවා අරහං සම්මාසම්බුද්ධෝ ඛත්තියෝ ජාතියා අහෝසි, ඛත්තියකුලේ උදපාදි. කකුසන්ධෝ භික්ඛවේ භගවා අරහං සම්මාසම්බුද්ධෝ බ්‍රාහ්මණෝ ජාතියා අහෝසි, බ්‍රාහ්මණකුලේ උදපාදි. කෝණාගමනෝ භික්ඛවේ භගවා අරහං සම්මාසම්බුද්ධෝ බ්‍රාහ්මණෝ ජාතියා අහෝසි, බ්‍රාහ්මණකුලේ උදපාදි. කස්සපෝ භික්ඛවේ භගවා අරහං සම්මාසම්බුද්ධෝ බ්‍රාහ්මණෝ ජාතියා අහෝසි, බ්‍රාහ්මණකුලේ උදපාදි. අහං භික්ඛවේ ඒතරහි අරහං සම්මාසම්බුද්ධෝ ඛත්තියෝ ජාතියා අහෝසිං, ඛත්තියකුලේ උප්පන්නෝ.

මහණෙනි, අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතාණෝ උපතින් ක්ෂත්‍රියයෙක් වූහ. ක්ෂත්‍රිය රජ පවුලෙහි උපන්නාහු ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු සිඛී භාග්‍යවතාණෝ උපතින් ක්ෂත්‍රියයෙක් වූහ. ක්ෂත්‍රිය රජ පවුලෙහි උපන්නාහු ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු වෙස්සභූ භාග්‍යවතාණෝ උපතින් ක්ෂත්‍රියයෙක් වූහ. ක්ෂත්‍රිය රජ පවුලෙහි උපන්නාහු ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු කකුසඳ භාග්‍යවතාණෝ උපතින් බ්‍රාහ්මණයෙක් වූහ. බ්‍රාහ්මණ පවුලෙහි උපන්නාහු ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු කෝණාගමන භාග්‍යවතාණෝ උපතින් බ්‍රාහ්මණයෙක් වූහ. බ්‍රාහ්මණ පවුලෙහි උපන්නාහු ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු කාශ්‍යප භාග්‍යවතාණෝ උපතින් බ්‍රාහ්මණයෙක් වූහ. බ්‍රාහ්මණ පවුලෙහි උපන්නාහු ය. මහණෙනි, මෙකල්හී අරහත් සම්මා සම්බුදු වූ මම උපතින් ක්ෂත්‍රියයෙක් වූයෙමි. ක්ෂත්‍රිය රජ පවුලෙහි උපන්නෙමි.

7. විපස්සී භික්ඛවේ භගවා අරහං සම්මාසම්බුද්ධෝ කොණ්ඩඤ්ඤෝ ගොත්තේන අහෝසි. සිඛී භික්ඛවේ භගවා අරහං සම්මාසම්බුද්ධෝ කොණ්ඩඤ්ඤෝ ගොත්තේන අහෝසි. වෙස්සභූ භික්ඛවේ භගවා අරහං සම්මාසම්බුද්ධෝ කොණ්ඩඤ්ඤෝ ගොත්තේන අහෝසි. කකුසන්ධෝ භික්ඛවේ භගවා අරහං සම්මාසම්බුද්ධෝ කස්සපෝ ගොත්තේන අහෝසි. කෝණාගමනෝ භික්ඛවේ, භගවා අරහං සම්මාසම්බුද්ධෝ කස්සපෝ ගොත්තේන අහෝසි. කස්සපෝ භික්ඛවේ, භගවා අරහං සම්මාසම්බුද්ධෝ කස්සපෝ ගොත්තේන අහෝසි. අහං භික්ඛවේ, ඒතරහි අරහං සම්මාසම්බුද්ධෝ ගෝතමෝ ගොත්තේන.

මහණෙනි, අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතාණෝ ගෝත්‍රයෙන් කොණ්ඩඤ්ඤ වූහ. මහණෙනි, අරහත් සම්මා සම්බුදු සිඛී භාග්‍යවතාණෝ ගෝත්‍රයෙන් කොණ්ඩඤ්ඤ වූහ. මහණෙනි, අරහත් සම්මා සම්බුදු වෙස්සභූ භාග්‍යවතාණෝ ගෝත්‍රයෙන් කොණ්ඩඤ්ඤ වූහ. මහණෙනි, අරහත් සම්මා සම්බුදු කකුසඳ භාග්‍යවතාණෝ ගෝත්‍රයෙන් කාශ්‍යප වූහ. මහණෙනි, අරහත් සම්මා සම්බුදු කෝණාගමන භාග්‍යවතාණෝ ගෝත්‍රයෙන් කාශ්‍යප වූහ. මහණෙනි, අරහත් සම්මා සම්බුදු කාශ්‍යප භාග්‍යවතාණෝ ගෝත්‍රයෙන් කාශ්‍යප වූහ. මහණෙනි, මෙකල්හී අරහත් සම්මා සම්බුදු වූ මම ගෝත්‍රයෙන් ගෞතම වෙමි.

8. විපස්සිස්ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස අසීතිවස්සසහස්සානි ආයුප්පමාණං අහෝසි. සිඛිස්ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස සත්තතිවස්සසහස්සානි ආයුප්පමාණං අහෝසි. වෙස්සභුස්ස භික්ඛවේ, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස සට්ඨිවස්සසහස්සානි ආයුප්පමාණං අහෝසි. කකුසන්ධස්ස භික්ඛවේ, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස චත්තාලීසවස්සසහස්සානි ආයුප්පමාණං අහෝසි. කෝණාගමනස්ස භික්ඛවේ, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස තිංසවස්සසහස්සානි ආයුප්පමාණං අහෝසි. කස්සපස්ස භික්ඛවේ, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස වීසතිවස්සසහස්සානි ආයුප්පමාණං අහෝසි. මය්හං භික්ඛවේ, ඒතරහි අප්පකං ආයුප්පමාණං පරිත්තං ලහුකං යෝ චිරං ජීවති සෝ වස්සසතං අප්පං වා භිය්‍යෝ.

මහණෙනි, අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන්ගේ ආයු කාලය වසර අසූ දහසක් වූයේ ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු සිඛී භාග්‍යවතුන්ගේ ආයු කාලය වසර සැත්තෑ දහසක් වූයේ ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු වෙස්සභූ භාග්‍යවතුන්ගේ ආයු කාලය වසර සැට දහසක් වූයේ ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු කකුසඳ භාග්‍යවතුන්ගේ ආයු කාලය වසර සතළිස් දහසක් වූයේ ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු කෝණාගමන භාග්‍යවතුන්ගේ ආයු කාලය වසර තිස් දහසක් වූයේ ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු කාශ්‍යප භාග්‍යවතුන්ගේ ආයු කාලය වසර විසි දහසක් වූයේ ය. මහණෙනි, මෙකල්හි මාගේ ආයු කාලය අල්ප ය. ස්වල්ප ය. කෙටි ය. යමෙක් චිරාත්කාලයක් ජීවත් වෙයි නම්, ඔහු සිය වසරක් හෝ ඊට ටිකක් වැඩියෙන් ජීවත් වෙයි.

9. විපස්සී භික්ඛවේ, භගවා අරහං සම්මාසම්බුද්ධෝ පාටලියා මූලේ අභිසම්බුද්ධෝ. සිඛී භික්ඛවේ, භගවා අරහං සම්මාසම්බුද්ධෝ පුණ්ඩරීකස්ස මූලේ අභිසම්බුද්ධෝ. වෙස්සභූ භික්ඛවේ, භගවා අරහං සම්මාසම්බුද්ධෝ සාලස්ස මූලේ අභිසම්බුද්ධෝ. කකුසන්ධෝ භික්ඛවේ, භගවා අරහං සම්මාසම්බුද්ධෝ සිරීසස්ස මූලේ අභිසම්බුද්ධෝ. කෝණාගමනෝ භික්ඛවේ, භගවා අරහං සම්මාසම්බුද්ධෝ උදුම්බරස්ස මූලේ අභිසම්බුද්ධෝ. කස්සපෝ භික්ඛවේ, භගවා අරහං සම්මාසම්බුද්ධෝ නිග්‍රෝධස්ස මූලේ අභිසම්බුද්ධෝ. අහං භික්ඛවේ, ඒතරහි අරහං සම්මාසම්බුද්ධෝ අස්සත්ථස්ස මූලේ අභිසම්බුද්ධෝ.

මහණෙනි, අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතාණෝ පළොල් රුක් සෙවණකදී අභිසම්බෝධියට පත්වූහ. මහණෙනි, අරහත් සම්මා සම්බුදු සිඛී භාග්‍යවතාණෝ හෙළඹ රුක් සෙවණකදී අභිසම්බෝධියට පත්වූහ. මහණෙනි, අරහත් සම්මා සම්බුදු වෙස්සභූ භාග්‍යවතාණෝ සල් රුක් සෙවණකදී අභිසම්බෝධියට පත්වූහ. මහණෙනි, අරහත් සම්මා සම්බුදු කකුසඳ භාග්‍යවතාණෝ මහරි රුක් සෙවණකදී අභිසම්බෝධියට පත්වූහ. මහණෙනි, අරහත් සම්මා සම්බුදු කෝණාගමන භාග්‍යවතාණෝ දිඹුල් රුක් සෙවණකදී අභිසම්බෝධියට පත්වූහ. මහණෙනි, අරහත් සම්මා සම්බුදු කාශ්‍යප භාග්‍යවතාණෝ නුග රුක් සෙවණකදී අභිසම්බෝධියට පත්වූහ. මහණෙනි, මෙකල්හී අරහත් සම්මා සම්බුදු වූ මම ඇසතු රුක් සෙවණකදී අභිසම්බෝධියට පත්වූයෙමි.

10. විපස්සිස්ස භික්ඛවේ, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ඛණ්ඩතිස්සං නාම සාවකයුගං අහෝසි අග්ගං භද්දයුගං. සිඛිස්ස භික්ඛවේ, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස අභිභූසම්භවං නාම සාවකයුගං අහෝසි අග්ගං භද්දයුගං. වෙස්සභුස්ස භික්ඛවේ, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස සෝණුත්තරං නාම සාවකයුගං අහෝසි අග්ගං භද්දයුගං. කකුසන්ධස්ස භික්ඛවේ, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස විධුරසඤ්ජීවං නාම සාවකයුගං අහෝසි අග්ගං භද්දයුගං. කෝණාගමනස්ස භික්ඛවේ, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස භිය්‍යෝසුත්තරං නාම සාවකයුගං අහෝසි අග්ගං භද්දයුගං. කස්සපස්ස භික්ඛවේ, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස තිස්සභාරද්වාජං නාම සාවකයුගං අහෝසි අග්ගං භද්දයුගං. මය්හං භික්ඛවේ, ඒතරහි අරහතෝ සම්මාසම්බුද්ධස්ස සාරිපුත්තමොග්ගල්ලානං නාම සාවකයුගං හෝති අග්ගං භද්දයුගං.

මහණෙනි, අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් හට ඛණ්ඩ සහ තිස්ස නමින් සොඳුරු ශ්‍රාවක යුගලක්, අග්‍රශ්‍රාවක යුගලක් සිටියාහු ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු සිඛී භාග්‍යවතුන් හට අභිභූ සහ සම්භව නමින් සොඳුරු ශ්‍රාවක යුගලක්, අග්‍රශ්‍රාවක යුගලක් සිටියාහු ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු වෙස්සභූ භාග්‍යවතුන් හට සෝණ සහ උත්තර නමින් සොඳුරු ශ්‍රාවක යුගලක්, අග්‍රශ්‍රාවක යුගලක් සිටියාහු ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු කකුසඳ භාග්‍යවතුන් හට විධුර සහ සංජීව නමින් සොඳුරු ශ්‍රාවක යුගලක්, අග්‍රශ්‍රාවක යුගලක් සිටියාහු ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු කෝණාගමන භාග්‍යවතුන් හට භිය්‍යෝස සහ උත්තර නමින් සොඳුරු ශ්‍රාවක යුගලක්, අග්‍රශ්‍රාවක යුගලක් සිටියාහු ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු කාශ්‍යප භාග්‍යවතුන් හට තිස්ස සහ භාරද්වාජ නමින් සොඳුරු ශ්‍රාවක යුගලක්, අග්‍රශ්‍රාවක යුගලක් සිටියාහු ය. මහණෙනි, මෙකල්හී අරහත් සම්මා සම්බුදු මා හට සාරිපුත්ත සහ මොග්ගල්ලාන නමින් සොඳුරු ශ්‍රාවක යුගලක්, අග්‍රශ්‍රාවක යුගලක් සිටිති.

11. විපස්සිස්ස භික්ඛවේ, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස තයෝ සාවකානං සන්නිපාතා අහේසුං. ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි භික්ඛුසතසහස්සං. ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි අසීතිභික්ඛුසහස්සානි. විපස්සිස්ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ඉමේ තයෝ සාවකානං සන්නිපාතා අහේසුං සබ්බේසං යේව ඛීණාසවානං. සිඛිස්ස භික්ඛවේ, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස තයෝ සාවකානං සන්නිපාතා අහේසුං: ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි භික්ඛුසතසහස්සං. ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි අසීති භික්ඛුසහස්සානි. ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි සත්තති භික්ඛුසහස්සානි. සිඛිස්ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ඉමේ තයෝ සාවකානං සන්නිපාතා අහේසුං සබ්බේසං යේව ඛීණාසවානං. වෙස්සභුස්ස භික්ඛවේ, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස තයෝ සාවකානං සන්නිපාතා අහේසුං: ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි අසීති භික්ඛුසහස්සානි. ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි සත්තති භික්ඛුසහස්සානි. ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි සට්ඨි භික්ඛුසහස්සානි. වෙස්සභුස්ස භික්ඛවේ, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ඉමේ තයෝ සාවකානං සන්නිපාතා අහේසුං සබ්බේසං යේව ඛීණාසවානං. කකුසන්ධස්ස භික්ඛවේ, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි චත්තාළීස භික්ඛුසහස්සානි. කකුසන්ධස්ස භික්ඛවේ, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස අයං ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි සබ්බේසං යේව ඛීණාසවානං. කෝණාගමනස්ස භික්ඛවේ, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි තිංසභික්ඛුසහස්සානි. කෝණාගමනස්ස භික්ඛවේ, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස අයං ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි සබ්බේසං යේව ඛීණාසවානං. කස්සපස්ස භික්ඛවේ, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි වීසති භික්ඛුසහස්සානි. කස්සපස්ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස අයං ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි සබ්බේසං යේව ඛීණාසවානං. මය්හං භික්ඛවේ, ඒතරහි අරහතෝ සම්මාසම්බුද්ධස්ස ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි අඩ්ඪතේළසානි භික්ඛුසතානි. මය්හං භික්ඛවේ අයං ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි සබ්බේසං යේව ඛීණාසවානං.

මහණෙනි, අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන්ගේ ප්‍රධාන ශ්‍රාවක රැස්වීම් තුනක් තිබුණේ ය. ශ්‍රාවක භික්ෂූන් එක්ලක්ෂ හැටඅටදහසකගේ එක් රැස්වීමක් තිබුණේ ය. ශ්‍රාවක භික්ෂූන් ලක්ෂයකගේ එක් රැස්වීමක් තිබුණේ ය. ශ්‍රාවක භික්ෂූන් අසූ දහසකගේ එක් රැස්වීමක් තිබුණේ ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන්ගේ ශ්‍රාවක වූ සියළු දෙනා ම ක්ෂීණාශ්‍රව වූ රහතුන්ගේ මේ ප්‍රධාන රැස්වීම් තුන තිබුණේ ය.

මහණෙනි, අරහත් සම්මා සම්බුදු සිඛී භාග්‍යවතුන්ගේ ප්‍රධාන ශ්‍රාවක රැස්වීම් තුනක් තිබුණේ ය. ශ්‍රාවක භික්ෂූන් ලක්ෂයකගේ එක් රැස්වීමක් තිබුණේ ය. ශ්‍රාවක භික්ෂූන් අසූ දහසකගේ එක් රැස්වීමක් තිබුණේ ය. ශ්‍රාවක භික්ෂූන් සැත්තෑ දහසකගේ එක් රැස්වීමක් තිබුණේ ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු සිඛී භාග්‍යවතුන්ගේ ශ්‍රාවක වූ සියළු දෙනා ම ක්ෂීණාශ්‍රව වූ රහතුන්ගේ මේ ප්‍රධාන රැස්වීම් තුන තිබුණේ ය.

මහණෙනි, අරහත් සම්මා සම්බුදු වෙස්සභූ භාග්‍යවතුන්ගේ ප්‍රධාන ශ්‍රාවක රැස්වීම් තුනක් තිබුණේ ය. ශ්‍රාවක භික්ෂූන් අසූ දහසකගේ එක් රැස්වීමක් තිබුණේ ය. ශ්‍රාවක භික්ෂූන් සැත්තෑ දහසකගේ එක් රැස්වීමක් තිබුණේ ය. ශ්‍රාවක භික්ෂූන් සැට දහසකගේ එක් රැස්වීමක් තිබුණේ ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු වෙස්සභූ භාග්‍යවතුන්ගේ ශ්‍රාවක වූ සියළු දෙනා ම ක්ෂීණාශ්‍රව වූ රහතුන්ගේ මේ ප්‍රධාන රැස්වීම් තුන තිබුණේ ය.

මහණෙනි, අරහත් සම්මා සම්බුදු කකුසඳ භාග්‍යවතුන්ගේ ශ්‍රාවක භික්ෂූන් සතළිස් දහසකගේ එක් ප්‍රධාන රැස්වීමක් තිබුණේ ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු කකුසඳ භාග්‍යවතුන්ගේ ශ්‍රාවක වූ සියළු දෙනා ම ක්ෂීණාශ්‍රව වූ රහත් භික්ෂූන්ගේ මේ එක් ප්‍රධාන රැස්වීම තිබුණේ ය.

මහණෙනි, අරහත් සම්මා සම්බුදු කෝණාගමන භාග්‍යවතුන්ගේ ශ්‍රාවක භික්ෂූන් තිස් දහසකගේ එක් ප්‍රධාන රැස්වීමක් තිබුණේ ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු කෝණාගමන භාග්‍යවතුන්ගේ ශ්‍රාවක වූ සියළු දෙනා ම ක්ෂීණාශ්‍රව වූ රහත් භික්ෂූන්ගේ මේ එක් ප්‍රධාන රැස්වීම තිබුණේ ය.

මහණෙනි, අරහත් සම්මා සම්බුදු කාශ්‍යප භාග්‍යවතුන්ගේ ශ්‍රාවක භික්ෂූන් විසි දහසකගේ එක් ප්‍රධාන රැස්වීමක් තිබුණේ ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු කාශ්‍යප භාග්‍යවතුන්ගේ ශ්‍රාවක වූ සියළු දෙනා ම ක්ෂීණාශ්‍රව වූ රහත් භික්ෂූන්ගේ මේ එක් ප්‍රධාන රැස්වීම තිබුණේ ය.

මහණෙනි, මෙකල අරහත් සම්මා සම්බුදු වූ මා හට භික්ෂූන් එක්දහස් දෙසිය පණහකගේ එක් ප්‍රධාන රැස්වීමක් තිබුණේ ය. මහණෙනි, මාගේ ශ්‍රාවක වූ සියළු දෙනා ම ක්ෂීණාශ්‍රව වූ රහත් භික්ෂූන්ගේ මේ එක් ප්‍රධාන රැස්වීම තිබුණේ ය.

12. විපස්සිස්ස භික්ඛවේ, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස අසෝකෝ නාම භික්ඛු උපට්ඨාකෝ අහෝසි අග්ගුපට්ඨාකෝ. සිඛිස්ස භික්ඛවේ, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ඛේමංකරෝ නාම භික්ඛු උපට්ඨාකෝ අහෝසි අග්ගුපට්ඨාකෝ. වෙස්සභුස්ස භික්ඛවේ, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස උපසන්තෝ නාම භික්ඛු උපට්ඨාකෝ අහෝසි අග්ගුපට්ඨාකෝ. කකුසන්ධස්ස භික්ඛවේ, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස බුද්ධිජෝ නාම භික්ඛු උපට්ඨාකෝ අහෝසි අග්ගුපට්ඨාකෝ. කෝණාගමනස්ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස සොත්ථිජෝ නාම භික්ඛු උපට්ඨාකෝ අහෝසි අග්ගුපට්ඨාකෝ. කස්සපස්ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස සබ්බමිත්තෝ නාම භික්ඛු උපට්ඨාකෝ අහෝසි අග්ගුපට්ඨාකෝ. මය්හං භික්ඛවේ ඒතරහි අරහතෝ සම්මාසම්බුද්ධස්ස ආනන්දෝ භික්ඛු උපට්ඨාකෝ හෝති අග්ගුපට්ඨාකෝ.

මහණෙනි, අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් හට අශෝක නමින් සිටි උපස්ථායක භික්ෂුව අග්‍ර උපස්ථායක වූයේ ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු සිඛී භාග්‍යවතුන් හට ඛේමංකර නමින් සිටි උපස්ථායක භික්ෂුව අග්‍ර උපස්ථායක වූයේ ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු වෙස්සභූ භාග්‍යවතුන් හට උපසන්ත නමින් සිටි උපස්ථායක භික්ෂුව අග්‍ර උපස්ථායක වූයේ ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු කකුසඳ භාග්‍යවතුන් හට බුද්ධිජ නමින් සිටි උපස්ථායක භික්ෂුව අග්‍ර උපස්ථායක වූයේ ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු කෝණාගමන භාග්‍යවතුන් හට සොත්ථිජ නමින් සිටි උපස්ථායක භික්ෂුව අග්‍ර උපස්ථායක වූයේ ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු කාශ්‍යප භාග්‍යවතුන් හට සබ්බමිත්ත නමින් සිටි උපස්ථායක භික්ෂුව අග්‍ර උපස්ථායක වූයේ ය. මහණෙනි, මෙකල්හී අරහත් සම්මා සම්බුදු මා හට සිටින ආනන්ද නම් උපස්ථායක භික්ෂුව අග්‍ර උපස්ථායක වෙයි.

13. විපස්සිස්ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස බන්ධුමා නාම රාජා පිතා අහෝසි. බන්ධුමතී නාම දේවී මාතා අහෝසි ජනෙත්ති. බන්ධුමස්ස රඤ්ඤෝ බන්ධුමතී නාම නගරං රාජධානි අහෝසි. සිඛිස්ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස අරුණෝ නාම රාජා පිතා අහෝසි. පභාවතී නාම දේවී මාතා අහෝසි ජනෙත්ති. අරුණස්ස රඤ්ඤෝ අරුණවතී නාම නගරං රාජධානි අහෝසි. වෙස්සභුස්ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස සුප්පතීතෝ නාම රාජා පිතා අහෝසි. යසවතී නාම දේවී මාතා අහෝසි ජනෙත්ති. සුප්පතීතස්ස රඤ්ඤෝ අනෝමං නාම නගරං රාජධානි අහෝසි. කකුසන්ධස්ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස අග්ගිදත්තෝ නාම බ්‍රාහ්මණෝ පිතා අහෝසි. විසාඛා නාම බ්‍රාහ්මණී මාතා අහෝසි ජනෙත්ති. තේන ඛෝ පන භික්ඛවේ සමයේන ඛේමෝ නාම රාජා අහෝසි. ඛේමස්ස රඤ්ඤෝ ඛේමවතී නාම නගරං රාජධානි අහෝසි. කෝණාගමනස්ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස යඤ්ඤදත්තෝ නාම බ්‍රාහ්මණෝ පිතා අහෝසි. උත්තරා නාම බ්‍රාහ්මණී මාතා අහෝසි ජනෙත්ති. තේන ඛෝ පන භික්ඛවේ සමයේන සෝභෝ නාම රාජා අහෝසි. සෝභස්ස රඤ්ඤෝ සෝභාවතී නාම නගරං රාජධානි අහෝසි. කස්සපස්ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස බ්‍රහ්මදත්තෝ නාම බ්‍රාහ්මණෝ පිතා අහෝසි. ධනවතී නාම බ්‍රාහ්මණී මාතා අහෝසි ජනෙත්ති. තේන ඛෝ පන භික්ඛවේ සමයේන කිකී නාම රාජා අහෝසි. කිකිස්ස රඤ්ඤෝ බාරාණසී නාම නගරං රාජධානි අහෝසි. මය්හං භික්ඛවේ ඒතරහි අරහතෝ සම්මාසම්බුද්ධස්ස සුද්ධෝදනෝ රාජා පිතා අහෝසි, මායාදේවී මාතා ජනෙත්ති. කපිලවත්ථු නාම නගරං රාජධානී”ති.

මහණෙනි, අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් හට බන්ධුමා නම් රජු පියා වූයේ ය. බන්ධුමතී නම් දේවිය බිහි කළ මව වූවා ය. බන්ධුමා රජුගේ බන්ධුමතී නම් නගරය රාජධානිය වූයේ ය.

මහණෙනි, අරහත් සම්මා සම්බුදු සිඛී භාග්‍යවතුන් හට අරුණ නම් රජු පියා වූයේ ය. පභාවතී නම් දේවිය බිහි කළ මව වූවා ය. අරුණ රජුගේ අරුණවතී නම් නගරය රාජධානිය වූයේ ය.

මහණෙනි, අරහත් සම්මා සම්බුදු වෙස්සභූ භාග්‍යවතුන් හට සුප්පතීත නම් රජු පියා වූයේ ය. යසවතී නම් දේවිය බිහි කළ මව වූවා ය. සුප්පතීත රජුගේ අනෝම නම් නගරය රාජධානිය වූයේ ය.

මහණෙනි, අරහත් සම්මා සම්බුදු කකුසඳ භාග්‍යවතුන් හට අග්ගිදත්ත නම් බ්‍රාහ්මණයා පියා වූයේ ය. විශාඛා නම් බ්‍රාහ්මණිය බිහි කළ මව වූවා ය. මහණෙනි, එසමයෙහි ඛේම නමින් රජෙක් සිටියේ ය. ඛේම රජුගේ ඛේමවතී නම් නගරය රාජධානිය වූයේ ය.

මහණෙනි, අරහත් සම්මා සම්බුදු කෝණාගමන භාග්‍යවතුන් හට යඤ්ඤදත්ත නම් බ්‍රාහ්මණයා පියා වූයේ ය. උත්තරා නම් බ්‍රාහ්මණිය බිහි කළ මව වූවා ය. මහණෙනි, එසමයෙහි සෝභ නමින් රජෙක් සිටියේ ය. සෝභ රජුගේ සෝභාවතී නම් නගරය රාජධානිය වූයේ ය.

මහණෙනි, අරහත් සම්මා සම්බුදු කාශ්‍යප භාග්‍යවතුන් හට බ්‍රහ්මදත්ත නම් බ්‍රාහ්මණයා පියා වූයේ ය. ධනවතී නම් බ්‍රාහ්මණිය බිහි කළ මව වූවා ය. මහණෙනි, එසමයෙහි කිකී නම් රජෙක් සිටියේ ය. කිකී රජුගේ බාරාණසී නම් නගරය රාජධානිය වූයේ ය.

මහණෙනි, මෙකල්හී අරහත් සම්මා සම්බුදු මා හට සුද්ධෝදන නම් රජු පියා වූයේ ය. මායාදේවිය බිහි කළ මව වූවා ය. කපිලවස්තු නම් නගරය රාජධානිය වෙයි.”

ඉදමවෝච භගවා, ඉදං වත්වා සුගතෝ උට්ඨායාසනා විහාරං පාවිසි.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගතයන් වහන්සේ හුනස්නෙන් නැගිට වෙහෙරට පිවිසි සේක.

14. අථ ඛෝ තේසං භික්ඛූනං අචිරපක්කන්තස්ස භගවතෝ අයමන්තරා කථා උදපාදි: “අච්ඡරියං ආවුසෝ අබ්භුතං ආවුසෝ තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා, යත්‍ර හි නාම තථාගතෝ අතීතේ බුද්ධේ පරිනිබ්බුතේ ඡින්නපපඤ්චේ ඡින්නවටුමේ පරියාදින්නවට්ටේ සබ්බදුක්ඛවීතිවත්තේ ජාතිතෝපි අනුස්සරිස්සති, නාමතෝපි අනුස්සරිස්සති, ගොත්තතෝපි අනුස්සරිස්සති, ආයුප්පමාණතෝපි අනුස්සරිස්සති, සාවකයුගතෝපි අනුස්සරිස්සති, සාවකසන්නිපාතතෝපි අනුස්සරිස්සති: ‘ඒවංජච්චා තේ භගවන්තෝ අහේසුං ඉතිපි, ඒවංනාමා ඒවංගොත්තා ඒවංසීලා ඒවංධම්මා ඒවංපඤ්ඤා ඒවංවිහාරී ඒවංවිමුත්තා තේ භගවන්තෝ අහේසුං ඉතිපීති. කින්නු ඛෝ ආවුසෝ තථාගතස්සේව නු ඛෝ ඒසා ධම්මධාතු සුප්පටිවිද්ධා, යස්සා ධම්මධාතුයා සුප්පටිවිද්ධත්තා තථාගතෝ අතීතේ බුද්ධේ පරිනිබ්බුතේ ඡින්නපපඤ්චේ ඡින්නවටුමේ පරියාදින්නවට්ටේ සබ්බදුක්ඛවීතිවත්තේ ජාතිතෝපි අනුස්සරති, නාමතෝපි අනුස්සරති, ගොත්තතෝපි අනුස්සරති, ආයුප්පමාණතෝපි අනුස්සරති, සාවකයුගතෝපි අනුස්සරති, සාවකසන්නිපාතතෝපි අනුස්සරති: ‘ඒවංජච්චා තේ භගවන්තෝ අහේසුං ඉතිපි, ඒවංනාමා ඒවංගොත්තා ඒවංසීලා ඒවංධම්මා ඒවංපඤ්ඤා ඒවංවිහාරී ඒවංවිමුත්තා තේ භගවන්තෝ අහේසුං ඉතිපීති’, උදාහු දේවතා තථාගතස්ස ඒතමත්ථං ආරෝචේසුං යේන තථාගතෝ අතීතේ බුද්ධේ පරිනිබ්බුතේ ඡින්නපපඤ්චේ ඡින්නවටුමේ පරියාදින්නවට්ටේ සබ්බදුක්ඛවීතිවත්තේ ජාතිතෝපි අනුස්සරති, නාමතෝපි අනුස්සරති, ගොත්තතෝපි අනුස්සරති, ආයුප්පමාණතෝපි අනුස්සරති, සාවකයුගතෝපි අනුස්සරති, සාවකසන්නිපාතතෝපි අනුස්සරති: ‘ඒවංජච්චා තේ භගවන්තෝ අහේසුං ඉතිපි, ඒවංනාමා ඒවංගොත්තා ඒවංසීලා ඒවංධම්මා ඒවංපඤ්ඤා ඒවංවිහාරී ඒවංවිමුත්තා තේ භගවන්තෝ අහේසුං ඉතිපීති’. අයඤ්ච හිදං තේසං භික්ඛූනං අන්තරාකථා විප්පකතා හෝති.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි නොබෝ වේලාවකින් ඒ භික්ෂූන් අතර මේ කථාව හටගත්තේ ය.

“ආයුෂ්මත්නි, තථාගතයන් වහන්සේගේ මහා ඉර්ධිමත් බව, මහා ආනුභාව ඇති බව ආශ්චර්යය ය. අද්භූත ය. කෙලෙස් හැදෙන ස්වභාවය සිඳින ලද, භව ගමන් සිඳින ලද, භව චක්‍රය වනසන ලද, සියළු දුක් ඉක්මවා ගිය පිරිනිවන්පා වදාළ අතීත බුදුවරයන් වහන්සේලා පිළිබඳ ව අප තථාගතයන් වහන්සේ ජාති වශයෙනුත් සිහි කරන සේක. නම් වශයෙනුත් සිහි කරන සේක. ගෝත්‍ර වශයෙනුත් සිහි කරන සේක. ආයු කාලය වශයෙනුත් සිහි කරන සේක. ශ්‍රාවක යුගල වශයෙනුත් සිහි කරන සේක. ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහි කරන සේක. ‘මෙසේ ත් ඒ භාග්‍යවත්වරු මෙබඳු ජාතියෙහි උපන්නාහු ය. මෙබඳු නම් ඇති ව, මෙබඳු ගෝත්‍ර ඇති ව, මෙබඳු සිල් ඇති ව, මෙබඳු ධර්මයන් ඇති ව, මෙබඳු ප්‍රඥා ඇති ව, මෙබඳු හැසිරීම් ඇති ව, මෙබඳු විමුක්ති ඇති ව සිටියාහු ය’ වශයෙනි.

කිම? ආයුෂ්මත්නි, තථාගතයන් වහන්සේ යම් ධර්ම ධාතුවක් පිළිබඳ ව ඉතා මැනැවින් ලත් අවබෝධයක් නිසාවෙන්, කෙලෙස් හැදෙන ස්වභාවය සිඳින ලද, භව ගමන් සිඳින ලද, භව චක්‍රය වනසන ලද, සියළු දුක් ඉක්මවා ගිය පිරිනිවන්පා වදාළ අතීත බුදුවරයන් වහන්සේලා පිළිබඳ ව අප තථාගතයන් වහන්සේ ජාති වශයෙනුත් සිහි කරන සේක් නම්, නම් වශයෙනුත් සිහි කරන සේක් නම්, ගෝත්‍ර වශයෙනුත් සිහි කරන සේක් නම්, ආයු කාලය වශයෙනුත් සිහි කරන සේක් නම්, ශ්‍රාවක යුගල වශයෙනුත් සිහි කරන සේක් නම්, ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහි කරන සේක් නම්, ‘මෙසේ ත් ඒ භාග්‍යවත්වරු මෙබඳු ජාතියෙහි උපන්නාහු ය. මෙබඳු නම් ඇති ව, මෙබඳු ගෝත්‍ර ඇති ව, මෙබඳු සිල් ඇති ව, මෙබඳු ධර්මයන් ඇති ව, මෙබඳු ප්‍රඥා ඇති ව, මෙබඳු හැසිරීම් ඇති ව, මෙබඳු විමුක්ති ඇති ව සිටියාහු ය’ වශයෙන් වදාරත් නම්, අප තථාගතයන් වහන්සේට ම ඒ ධර්ම ධාතුව ඉතා මනාකොට අවබෝධ වී තිබෙයි ද?

එසේ ත් නැත්නම් යම් කරුණකින් තථාගතයන් වහන්සේ කෙලෙස් හැදෙන ස්වභාවය සිඳින ලද, භව ගමන් සිඳින ලද, භව චක්‍රය වනසන ලද, සියළු දුක් ඉක්මවා ගිය පිරිනිවන්පා වදාළ අතීත බුදුවරයන් වහන්සේලා පිළිබඳ ව අප තථාගතයන් වහන්සේ ජාති වශයෙනුත් සිහි කරන සේක් නම්, නම් වශයෙනුත් සිහි කරන සේක් නම්, ගෝත්‍ර වශයෙනුත් සිහි කරන සේක් නම්, ආයු කාලය වශයෙනුත් සිහි කරන සේක් නම්, ශ්‍රාවක යුගල වශයෙනුත් සිහි කරන සේක් නම්, ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහි කරන සේක් නම්, ‘මෙසේ ත් ඒ භාග්‍යවත්වරු මෙබඳු ජාතියෙහි උපන්නාහු ය. මෙබඳු නම් ඇති ව, මෙබඳු ගෝත්‍ර ඇති ව, මෙබඳු සිල් ඇති ව, මෙබඳු ධර්මයන් ඇති ව, මෙබඳු ප්‍රඥා ඇති ව, මෙබඳු හැසිරීම් ඇති ව, මෙබඳු විමුක්ති ඇති ව සිටියාහු ය’ වශයෙන් වදාරත් නම් අප තථාගතයන් වහන්සේට දේවතාවෝ මේ කරුණු පිළිබඳ ව දැනුම් දුන්නාහු ද?” යනුවෙන් ඒ භික්ෂූන් අතර වූ මේ කථාව අඩාල වූයේ ය.

15. අථ ඛෝ භගවා සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතෝ යේන, කරේරිමණ්ඩලමාළෝ තේනුපසංකමි. උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි. නිසජ්ජ ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි: “කායනු’ත්ථ භික්ඛවේ ඒතරහි කථාය සන්නිසින්නා? කා ච පන වෝ අන්තරා කථා විප්පකතා?”ති. ඒවං වුත්තේ තේ භික්ඛූ භගවන්තං ඒතදවෝචුං: “ඉධ භන්තේ අම්හාකං අචිරපක්කන්තස්ස භගවතෝ අයමන්තරා කථා උදපාදි: ‘අච්ඡරියං ආවුසෝ අබ්භුතං ආවුසෝ තථාගතස්ස මහිද්ධිකතා මහානුභාවතා, යත්‍ර හි නාම තථාගතෝ අතීතේ බුද්ධේ පරිනිබ්බුතේ ඡින්නපපඤ්චේ ඡින්නවටුමේ පරියාදින්නවට්ටේ සබ්බදුක්ඛවීතිවත්තේ ජාතිතෝපි අනුස්සරිස්සති, නාමතෝපි අනුස්සරිස්සති, ගොත්තතෝපි අනුස්සරිස්සති, ආයුප්පමාණතෝපි අනුස්සරිස්සති, සාවකයුගතෝපි අනුස්සරිස්සති, සාවකසන්නිපාතතෝපි අනුස්සරිස්සති: ‘ඒවංජච්චා තේ භගවන්තෝ අහේසුං ඉතිපි, ඒවංනාමා, ඒවංගොත්තා, ඒවංසීලා, ඒවංධම්මා, ඒවංපඤ්ඤා, ඒවංවිහාරී, ඒවංවිමුත්තා තේ භගවන්තෝ අහේසුං ඉතිපීති. කින්නු ඛෝ ආවුසෝ තථාගතස්සේව නු ඛෝ ඒසා ධම්මධාතු සුප්පටිවිද්ධා යස්සා ධම්මධාතුයා සුප්පටිවිද්ධත්තා තථාගතෝ අතීතේ බුද්ධේ පරිනිබ්බුතේ ඡින්නපපඤ්චේ ඡින්නවටුමේ පරියාදින්නවට්ටේ සබ්බදුක්ඛවීතිවත්තේ ජාතිතෝපි අනුස්සරති, නාමතෝපි අනුස්සරති, ගොත්තතෝපි අනුස්සරති, ආයුප්පමාණතෝපි අනුස්සරති, සාවකයුගතෝපි අනුස්සරති, සාවකසන්නිපාතතෝපි අනුස්සරති: ඒවංජච්චා තේ භගවන්තෝ අහේසුං ඉතිපි, ඒවංනාමා, ඒවංගොත්තා, ඒවංසීලා, ඒවංධම්මා, ඒවංපඤ්ඤා, ඒවංවිහාරී, ඒවංවිමුත්තා තේ භගවන්තෝ අහේසුං ඉතිපීති? උදාහු දේවතා තථාගතස්ස ඒතමත්ථං ආරෝචේසුං යේන තථාගතෝ අතීතේ බුද්ධේ පරිනිබ්බුතේ ඡින්නපපඤ්චේ ඡින්නවටුමේ පරියාදින්නවට්ටේ සබ්බදුක්ඛවීතිවත්තේ ජාතිතෝපි අනුස්සරති, නාමතෝපි අනුස්සරති, ගොත්තතෝපි අනුස්සරති, ආයුප්පමාණතෝපි අනුස්සරති, සාවකයුගතෝපි අනුස්සරති, සාවකසන්නිපාතතෝපි අනුස්සරති: ‘ඒවංජච්චා තේ භගවන්තෝ අහේසුං ඉතිපි, ඒවංනාමා, ඒවංගොත්තා, ඒවංසීලා, ඒවංධම්මා, ඒවංපඤ්ඤා, ඒවංවිහාරී, ඒවංවිමුත්තා තේ භගවන්තෝ අහේසුං ඉති’පීති? අයං ඛෝ නෝ භන්තේ අන්තරාකථා විප්පකතා හෝති. අථ භගවා අනුප්පත්තෝ”ති.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට ලුණුවරණ රුක් සෙවණෙහි වූ ශාලාව යම් තැනක තිබුණේ ද, එහි වැඩි සේක. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. එසේ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, මෙකල්හී ඔබ කවර කථාවක් කරමින් මෙහි රැස් ව හුන්නාහු ද? දැන් අඩාල වී ගියේ ඔබගේ කවර කථාවක් ද?”

මෙසේ වදාළ කල්හී ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ නික්ම වැඩි නොබෝ වේලාවකින් මෙහි අප අතර මේ කථාව හටගත්තේ ය. ‘ආයුෂ්මත්නි, තථාගතයන් වහන්සේගේ මහා ඉර්ධිමත් බව, මහා ආනුභාව ඇති බව ආශ්චර්යය ය. අද්භූත ය. කෙලෙස් හැදෙන ස්වභාවය සිඳින ලද, භව ගමන් සිඳින ලද, භව චක්‍රය වනසන ලද, සියළු දුක් ඉක්මවා ගිය පිරිනිවන්පා වදාළ අතීත බුදුවරයන් වහන්සේලා පිළිබඳ ව අප තථාගතයන් වහන්සේ ජාති වශයෙනුත් සිහි කරන සේක. නම් වශයෙනුත් සිහි කරන සේක. ගෝත්‍ර වශයෙනුත් සිහි කරන සේක. ආයු කාලය වශයෙනුත් සිහි කරන සේක. ශ්‍රාවක යුගල වශයෙනුත් සිහි කරන සේක. ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහි කරන සේක. ‘මෙසේ ත් ඒ භාග්‍යවත්වරු මෙබඳු ජාතියෙහි උපන්නාහු ය. මෙබඳු නම් ඇති ව, මෙබඳු ගෝත්‍ර ඇති ව, මෙබඳු සිල් ඇති ව, මෙබඳු ධර්මයන් ඇති ව, මෙබඳු ප්‍රඥා ඇති ව, මෙබඳු හැසිරීම් ඇති ව, ඒ භාග්‍යවත්වරු මෙබඳු විමුක්ති ඇති ව සිටියාහු ය’ වශයෙනි.

කිම? ආයුෂ්මත්නි, තථාගතයන් වහන්සේ යම් ධර්ම ධාතුවක් පිළිබඳ ව ඉතා මැනැවින් ලත් අවබෝධයක් නිසාවෙන්, කෙලෙස් හැදෙන ස්වභාවය සිඳින ලද, භව ගමන් සිඳින ලද, භව චක්‍රය වනසන ලද, සියළු දුක් ඉක්මවා ගිය පිරිනිවන්පා වදාළ අතීත බුදුවරයන් වහන්සේලා පිළිබඳ ව අප තථාගතයන් වහන්සේ ජාති වශයෙනුත් සිහි කරන සේක් නම්, නම් වශයෙනුත් සිහි කරන සේක් නම්, ගෝත්‍ර වශයෙනුත් සිහි කරන සේක් නම්, ආයු කාලය වශයෙනුත් සිහි කරන සේක් නම්, ශ්‍රාවක යුගල වශයෙනුත් සිහි කරන සේක් නම්, ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහි කරන සේක් නම්, ‘මෙසේ ත් ඒ භාග්‍යවත්වරු මෙබඳු ජාතියෙහි උපන්නාහු ය. මෙබඳු නම් ඇති ව, මෙබඳු ගෝත්‍ර ඇති ව, මෙබඳු සිල් ඇති ව, මෙබඳු ධර්මයන් ඇති ව, මෙබඳු ප්‍රඥා ඇති ව, මෙබඳු හැසිරීම් ඇති ව, මෙබඳු විමුක්ති ඇති ව සිටියාහු ය’ වශයෙන් වදාරත් නම්, අප තථාගතයන් වහන්සේට ම ඒ ධර්ම ධාතුව ඉතා මනාකොට අවබෝධ වී තිබෙයි ද?

එසේ ත් නැත්නම් යම් කරුණකින් තථාගතයන් වහන්සේ කෙලෙස් හැදෙන ස්වභාවය සිඳින ලද, භව ගමන් සිඳින ලද, භව චක්‍රය වනසන ලද, සියළු දුක් ඉක්මවා ගිය පිරිනිවන්පා වදාළ අතීත බුදුවරයන් වහන්සේලා පිළිබඳ ව අප තථාගතයන් වහන්සේ ජාති වශයෙනුත් සිහි කරන සේක් නම්, නම් වශයෙනුත් සිහි කරන සේක් නම්, ගෝත්‍ර වශයෙනුත් සිහි කරන සේක් නම්, ආයු කාලය වශයෙනුත් සිහි කරන සේක් නම්, ශ්‍රාවක යුගල වශයෙනුත් සිහි කරන සේක් නම්, ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහි කරන සේක් නම්, ‘මෙසේ ත් ඒ භාග්‍යවත්වරු මෙබඳු ජාතියෙහි උපන්නාහු ය. මෙබඳු නම් ඇති ව, මෙබඳු ගෝත්‍ර ඇති ව, මෙබඳු සිල් ඇති ව, මෙබඳු ධර්මයන් ඇති ව, මෙබඳු ප්‍රඥා ඇති ව, මෙබඳු හැසිරීම් ඇති ව, ඒ භාග්‍යවත්වරු මෙබඳු විමුක්ති ඇති ව සිටියාහු ය’ වශයෙන් වදාරත් නම් අප තථාගතයන් වහන්සේට දේවතාවෝ මේ කරුණු පිළිබඳ ව දැනුම් දුන්නාහු ද?’ යනුවෙනි.

ස්වාමීනී, අප අතර වූ මේ කථාව අඩාල වූයේ ය. එකල්හී භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩි සේක.”

16. “තථාගතස්සේවේසා භික්ඛවේ ධම්මධාතු සුප්පටිවිද්ධා යස්සා ධම්මධාතුයා සුප්පටිවිද්ධත්තා තථාගතෝ අතීතේ බුද්ධේ පරිනිබ්බුතේ ඡින්නපපඤ්චේ ඡින්නවටුමේ පරියාදින්නවට්ටේ සබ්බදුක්ඛවීතිවත්තේ ජාතිතෝපි අනුස්සරති, නාමතෝපි අනුස්සරති, ගොත්තතෝපි අනුස්සරති, ආයුප්පමාණතෝපි අනුස්සරති, සාවකයුගතෝපි අනුස්සරති, සාවකසන්නිපාතතෝපි අනුස්සරති: ‘ඒවංජච්චා තේ භගවන්තෝ අහේසුං ඉතිපි, ඒවංනාමා, ඒවංගොත්තා, ඒවංසීලා, ඒවංධම්මා, ඒවංපඤ්ඤා, ඒවංවිහාරී, ඒවංවිමුත්තා තේ භගවන්තෝ අහේසුං ඉතිපී’ති. දේවතාපි තථාගතස්ස ඒතමත්ථං ආරෝචේසුං ‘ඒවංජච්චා තේ භගවන්තෝ අහේසුං ඉතිපි, ඒවංනාමා, ඒවංගොත්තා, ඒවංසීලා, ඒවංධම්මා, ඒවංපඤ්ඤා, ඒවංවිහාරී, ඒවංවිමුත්තා තේ භගවන්තෝ අහේසුං ඉතිපී’ති. ඉච්ඡෙය්‍යාථ නෝ තුම්හේ භික්ඛවේ භිය්‍යෝසෝමත්තාය පුබ්බේනිවාසපටිසංයුත්තං ධම්මිං කථං සෝතුන්ති?”

“මහණෙනි, තථාගතයෝ යම් ධර්ම ධාතුවක් පිළිබඳ ව ඉතා මැනැවින් ලත් අවබෝධයක් තුළින් කෙලෙස් හැදෙන ස්වභාවය සිඳින ලද, භව ගමන් සිඳින ලද, භව චක්‍රය වනසන ලද, සියළු දුක් ඉක්මවා ගිය පිරිනිවන්පා වදාළ අතීත බුදුවරයන් වහන්සේලා පිළිබඳ ව අප තථාගතයන් වහන්සේ ජාති වශයෙනුත් සිහි කරන සේක් නම්, නම් වශයෙනුත් සිහි කරන සේක් නම්, ගෝත්‍ර වශයෙනුත් සිහි කරන සේක් නම්, ආයු කාලය වශයෙනුත් සිහි කරන සේක් නම්, ශ්‍රාවක යුගල වශයෙනුත් සිහි කරන සේක් නම්, ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහි කරන සේක් නම්, ‘මෙසේ ත් ඒ භාග්‍යවත්වරු මෙබඳු ජාතියෙහි උපන්නාහු ය. මෙබඳු නම් ඇති ව, මෙබඳු ගෝත්‍ර ඇති ව, මෙබඳු සිල් ඇති ව, මෙබඳු ධර්මයන් ඇති ව, මෙබඳු ප්‍රඥා ඇති ව, මෙබඳු හැසිරීම් ඇති ව, ඒ භාග්‍යවත්වරු මෙබඳු විමුක්ති ඇති ව සිටියාහු ය’ වශයෙන් වදාරත් නම්, ඒ ධර්ම ධාතුව තථාගතයන්හට ම ඉතා මනාකොට අවබෝධ වී ඇත්තේ ය.

දේවතාවෝ ත් තථාගතයන් හට මෙකරුණ දැනුම් දුන්නාහු ය. ‘ඒ භාග්‍යවත්වරු මෙබඳු ජාතියෙහි උපන්නාහු ය. මෙබඳු නම් ඇති ව, මෙබඳු ගෝත්‍ර ඇති ව, මෙබඳු සිල් ඇති ව, මෙබඳු ධර්මයන් ඇති ව, මෙබඳු ප්‍රඥා ඇති ව, මෙබඳු හැසිරීම් ඇති ව, ඒ භාග්‍යවත්වරු මෙබඳු විමුක්ති ඇති ව සිටියාහු ය’ වශයෙනි.

මහණෙනි, පෙර ආත්මභාවයන්හි ගත කළ අයුරු පිළිබඳ ව තවත් බොහෝ විස්තරාත්මක ධර්ම කථාවක් අසන්නට ඔබ කැමැත්තහු ද?”

17. “ඒතස්ස භගවා කාලෝ, ඒතස්ස සුගත කාලෝ. යං භගවා භිය්‍යෝසෝමත්තාය පුබ්බේනිවාසපටිසංයුත්තං ධම්මිං කථං කරෙය්‍ය භගවතෝ සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී”ති. “තේන හි භික්ඛවේ සුණාථ, සාධුකං මනසි කරෝථ, භාසිස්සාමී”ති. ‘ඒවං භන්තේ’ති ඛෝ තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පෙර ආත්මභාවයන්හි ගත කළ අයුරු පිළිබඳ ව තවත් බොහෝ විස්තරාත්මක ධර්ම කථාවක් වදාරණ සේක් නම්, භාග්‍යවතුන් වහන්ස, මේ එයට කාලය යි! සුගතයන් වහන්ස, මේ එයට කාලය යි! භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු මතකයෙහි රඳවා ගන්නාහු ය.”

“එසේ වී නම් මහණෙනි, සවන් යොමා අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”

“එසේ ය ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

18. “ඉතෝ සෝ භික්ඛවේ ඒකනවුතෝ කප්පෝ. යං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධෝ ලෝකේ උදපාදි. විපස්සී භික්ඛවේ භගවා අරහං සම්මාසම්බුද්ධෝ ඛත්තියෝ ජාතියා අහෝසි, ඛත්තියකුලේ උදපාදි. විපස්සී භික්ඛවේ භගවා අරහං සම්මාසම්බුද්ධෝ කොණ්ඩඤ්ඤෝ ගොත්තේන අහෝසි. විපස්සිස්ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස අසීතිවස්සසහස්සානි ආයුප්පමාණං අහෝසි. විපස්සී භික්ඛවේ භගවා අරහං සම්මාසම්බුද්ධෝ පාටලියා මූලේ අභිසම්බුද්ධෝ. විපස්සිස්ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ඛණ්ඩතිස්සං නාම සාවකයුගං අහෝසි අග්ගං භද්දයුගං. විපස්සිස්ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස තයෝ සාවකානං සන්නිපාතා අහේසුං: ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි භික්ඛුසතසහස්සං. ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි අසීතිභික්ඛුසහස්සානි. විපස්සිස්ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ඉමේ තයෝ සාවකානං සන්නිපාතා අහේසුං සබ්බේසං යේව ඛීණාසවානං. විපස්සිස්ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස අසෝකෝ නාම භික්ඛු උපට්ඨාකෝ අහෝසි අග්ගුපට්ඨාකෝ. විපස්සිස්ස භික්ඛවේ භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස බන්ධුමා නාම රාජා පිතා අහෝසි. බන්ධුමතී නාම දේවී මාතා අහෝසි ජනෙත්ති. බන්ධුමස්ස රඤ්ඤෝ බන්ධුමතී නාම නගරං රාජධානි අහෝසි.

“මහණෙනි, අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතාණෝ යම් කලෙක ලෝකයෙහි උපන්නාහු ද, ඒ මෙයින් අනූ එක් වෙනි කල්පය යි. මහණෙනි, අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතාණෝ උපතින් ක්ෂත්‍රියයෙක් වූහ. ක්ෂත්‍රිය රජ පවුලෙහි උපන්නාහු ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතාණෝ ගෝත්‍රයෙන් කොණ්ඩඤ්ඤ වූහ. මහණෙනි, අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන්ගේ ආයු කාලය වසර අසූ දහසක් වූයේ ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතාණෝ පළොල් රුක් සෙවණකදී අභිසම්බෝධියට පත්වූහ. මහණෙනි, අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් හට ඛණ්ඩ සහ තිස්ස නමින් සොඳුරු ශ්‍රාවක යුගලක්, අග්‍රශ්‍රාවක යුගලක් වූහ. මහණෙනි, අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන්ගේ ප්‍රධාන ශ්‍රාවක රැස්වීම් තුනක් තිබුණේ ය. ශ්‍රාවක භික්ෂූන් එක් ලක්ෂ හැට අට දහසකගේ එක් රැස්වීමක් තිබුණේ ය. ශ්‍රාවක භික්ෂූන් ලක්ෂයකගේ එක් රැස්වීමක් තිබුණේ ය. ශ්‍රාවක භික්ෂූන් අසූ දහසකගේ එක් රැස්වීමක් තිබුණේ ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන්ගේ ශ්‍රාවක වූ සියළු දෙනා ම ක්ෂීණාශ්‍රව වූ රහතුන්ගේ මේ ප්‍රධාන රැස්වීම් තුන තිබුණේ ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් හට අශෝක නම් උපස්ථායක භික්ෂුව අග්‍ර උපස්ථායක වූයේ ය. මහණෙනි, අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් හට බන්ධුමා නම් රජු පියා වූයේ ය. බන්ධුමතී නම් දේවිය බිහි කළ මව වූවා ය. බන්ධුමා රජුගේ බන්ධුමතී නම් නගරය රාජධානිය වූයේ ය.

19. අථ ඛෝ භික්ඛවේ විපස්සී බෝධිසත්තෝ තුසිතා කායා චවිත්වා සතෝ සම්පජානෝ මාතුකුච්ඡිං ඔක්කමි. අයමෙත්ථ ධම්මතා.

මහණෙනි, එකල්හී විපස්සී බෝසත් තෙමේ තුසිත දෙව්ලොවින් චුත ව සිහිනුවණින් යුතුව මව් කුසෙහි පිළිසිඳ ගත්තේ ය. මෙය මෙහි ධර්මතාවකි. (බුදුවන ආත්මයෙහි සියළු බෝසත්වරුන්ට අයත් ස්වභාවයකි.)

20. ධම්මතා ඒසා භික්ඛවේ යදා බෝධිසත්තෝ තුසිතා කායා චවිත්වා මාතුකුච්ඡිං ඔක්කමති, අථ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ, සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය අප්පමාණෝ උළාරෝ ඕභාසෝ පාතුභවති අතික්කම්මේව දේවානං දේවානුභාවං. යාපි තා ලෝකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා, යත්ථපිමේ චන්දිමසූරියා ඒවංමහිද්ධිකා ඒවංමහානුභාවා ආභාය නානුභොන්ති, තත්ථපි අප්පමාණෝ උළාරෝ ඕභාසෝ පාතුභවති අතික්කම්මේව දේවානං දේවානුභාවා. යේ පි තත්ථ සත්තා උප්පන්නා, තේ පි තේනෝභාසේන අඤ්ඤමඤ්ඤං සඤ්ජානන්ති ‘අඤ්ඤේ පි කිර භෝ සන්ති සත්තා ඉධූපපන්නා’ති. අයඤ්ච දසසහස්සී ලෝකධාතු සංකම්පති සම්පකම්පති සම්පවේධති. අප්පමාණෝ ච උළාරෝ ඕභාසෝ ලෝකේ පාතුභවති අතික්කම්මේව දේවානං දේවානුභාවං. අයමෙත්ථ ධම්මතා.

මහණෙනි, මෙය ධර්මතාවයකි. යම් විටෙක බෝසත් තෙමේ තුසිත දෙව්ලොවින් චුත ව මව්කුස පිළිසිඳ ගනියි ද, එකල්හී දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ වූ මහත් වූ ආලෝකයක් පහළ වෙයි. යම් ඒ දුක්ඛිත වූ, හැම කල විවෘත වූ, ආවරණය නොවූ, අඳුර ඇති, ඝන අඳුර ඇති ලෝකාන්තරික නිරයෝ වෙත් ද, යම් තැනක මේ සා මහාඉර්ධි ඇති, මේ සා මහානුභාව ඇති හිරු සඳුගේ එළිය නොවැටෙත් ද, එහි පවා ඒ දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය පමණ නොකළ හැකි මහත් වූ ආලෝකයක් පහළ වෙයි. එහි උපන් යම් සත්වයෝ වෙත් ද, ඔවුනුත් ඒ එළියෙන් එකිනෙකාව හඳුනාගනිති. ‘භවත්නි, මෙහි අන්‍ය වූ සත්වයෝ ත් ඉපදී සිටිත් නොවැ’යි. මේ දස සහස්සී ලෝකධාතුව ද කම්පා වෙයි. හාත්පසින් කම්පා වෙයි. අතිශයින් ම කම්පා ව යයි. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය පමණ නොකළ හැකි මහත් වූ ආලෝකයක් ලෝකයෙහි පහළ වෙයි. මෙය මෙහි ධර්මතාව යි.

21. ධම්මතා ඒසා භික්ඛවේ යදා බෝධිසත්තෝ මාතුකුච්ඡිං ඔක්කන්තෝ හෝති, චත්තාරෝ නං දේවපුත්තා චතුද්දිස රක්ඛාය උපගච්ඡන්ති: ‘මා නං බෝධිසත්තං වා බෝධිසත්තමාතරං වා මනුස්සෝ වා අමනුස්සෝ වා කෝචි වා විහේඨේසී’ති. අයමෙත්ථ ධම්මතා.

මහණෙනි, මෙය ධර්මතාවයකි. යම් විටෙක බෝසත් තෙමේ මව්කුසෙහි පිළිසිඳ ගන්නේ වෙයි ද, එවිට සතර වරම් දෙව්රජවරු සිව් දිශාවෙන් ආරක්ෂාවට පැමිණෙති. එනම් ‘බෝසතුන්ට ද, බෝසත් මාතාවට ද කිසි මිනිසෙක් හෝ අමනුෂ්‍යයෙක් හෝ පීඩාවක් නොකෙරේවා’යි. මෙය මෙහි ධර්මතාව යි.

22. ධම්මතා ඒසා භික්ඛවේ, යදා බෝධිසත්තෝ මාතුකුච්ඡිං ඔක්කන්තෝ හෝති, පකතියා සීලවතී බෝධිසත්තමාතා හෝති විරතා පාණාතිපාතා, විරතා අදින්නාදානා, විරතා කාමේසුමිච්ඡාචාරා, විරතා මුසාවාදා, විරතා සුරාමේරයමජ්ජප්පමාදට්ඨානා. අයමෙත්ථ ධම්මතා.

මහණෙනි, මෙය ධර්මතාවයකි. යම් විටෙක බෝසත් තෙමේ මව්කුසෙහි පිළිසිඳ ගන්නේ වෙයි ද, එතැන් සිට බෝසත් මාතාව ස්වභාවයෙන් ම සිල්වතියක් වෙයි. සත්ව ඝාතනයෙන් වැළකී සිටින්නී වෙයි. සොරකමින් වැළකී සිටින්නී වෙයි. වැරදි කාමසේවනයෙන් වැළකී සිටින්නී වෙයි. බොරු කීමෙන් වැළකී සිටින්නී වෙයි. මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටින්නී වෙයි. මෙය මෙහි ධර්මතාව යි.

23. ධම්මතා ඒසා භික්ඛවේ, යදා බෝධිසත්තෝ මාතුකුච්ඡිං ඔක්කන්තෝ හෝති, න බෝධිසත්තමාතු පුරිසේසු මානසං උප්පජ්ජති කාමගුණූපසංහිතං. අනතික්කමනීයා ච බෝධිසත්තමාතා හෝති කේනචි පුරිසේන රත්තචිත්තේන. අයමෙත්ථ ධම්මතා.

මහණෙනි, මෙය ධර්මතාවයකි. යම් විටෙක බෝසත් තෙමේ මව්කුසෙහි පිළිසිඳ ගන්නේ වෙයි ද, එතැන් සිට බෝසත් මාතාව තුළ පුරුෂයින් පිළිබඳ ව පංච කාම ගුණයන් ඇසුරු කළ සිතක් පහළ නොවෙයි. රාගයෙන් ඇලුණු සිතින් යුතු කිසි පුරුෂයෙකුට බෝසත් මාතාව ඉක්මවා යා නොහැක්කේ ය. මෙය මෙහි ධර්මතාව යි.

24. ධම්මතා ඒසා භික්ඛවේ, යදා බෝධිසත්තෝ මාතුකුච්ඡිං ඔක්කන්තෝ හෝති, ලාභිනී බෝධිසත්තමාතා හෝති පඤ්චන්නං කාමගුණානං. සා පඤ්චහි කාමගුණේහි සමප්පිතා සමංගීභූතා පරිචාරේති. අයමෙත්ථ ධම්මතා.

මහණෙනි, මෙය ධර්මතාවයකි. යම් විටෙක බෝසත් තෙමේ මව්කුසෙහි පිළිසිඳ ගන්නේ වෙයි ද, බෝසත් මාතාව පංච කාම ගුණයෙන් සැප ලබන්නී ය. ඕ තොමෝ පස්කම් ගුණයෙන් පිනායමින්, ඒවා හා එක්වෙමින්, ඒ පස්කම් ගුණ පිරිවරා වාසය කරන්නී ය. මෙය මෙහි ධර්මතාව යි.

25. ධම්මතා ඒසා භික්ඛවේ, යදා බෝධිසත්තෝ මාතුකුච්ඡිං ඔක්කන්තෝ හෝති, න බෝධිසත්තමාතු කෝචිදේව ආබාධෝ උප්පජ්ජති. සුඛිනී බෝධිසත්තමාතා හෝති අකිලන්තකායා. බෝධිසත්තඤ්ච බෝධිසත්තමාතා තිරෝකුච්ඡිගතං පස්සති සබ්බංගපච්චංගං අහීනින්ද්‍රියං. සෙය්‍යථාපි භික්ඛවේ මණි වේළුරියෝ සුභෝ ජාතිමා අට්ඨංසෝ සුපරිකම්මකතෝ අච්ඡෝ විප්පසන්නෝ සබ්බාකාරසම්පන්නෝ, තත්‍ර යං සුත්තං ආවුතං නීලං වා පීතං වා ලෝහිතං වා ඕදාතං වා පණ්ඩුසුත්තං වා, තමේනං චක්ඛුමා පුරිසෝ හත්ථේ කරිත්වා පච්චවෙක්ඛෙය්‍ය: අයං ඛෝ මණි වේළුරියෝ සුභෝ ජාතිමා අට්ඨංසෝ සුපරිකම්මකතෝ අච්ඡෝ විප්පසන්නෝ සබ්බාකාරසම්පන්නෝ, තත්‍රිදං සුත්තං ආවුතං නීලං වා පීතං වා ලෝහිතං වා ඕදාතං වා පණ්ඩුසුත්තං වා’ති. ඒවමේව ඛෝ භික්ඛවේ යදා බෝධිසත්තෝ මාතුකුච්ඡිං ඔක්කන්තෝ හෝති, න බෝධිසත්තමාතු කෝචිදේව ආබාධෝ උප්පජ්ජති. සුඛිනී බෝධිසත්තමාතා හෝති අකිලන්තකායා. බෝධිසත්තඤ්ච බෝධිසත්තමාතා තිරෝකුච්ඡිගතං පස්සති සබ්බංගපච්චංගිං අහීනින්ද්‍රියං, අයමෙත්ථ ධම්මතා.

මහණෙනි, මෙය ධර්මතාවයකි. යම් විටෙක බෝසත් තෙමේ මව්කුසෙහි පිළිසිඳ ගන්නේ වෙයි ද, එතැන් සිට බෝසත් මාතාව තුළ කිසිදු රෝගාබාධයෙක් හට නොගනියි. බෝසත් මාතාව සුවැත්තී ය. ක්ලාන්ත නොවූ කය ඇත්තී ය. බෝසත් මාතාව තම කුසෙහි සිටින සියළු අඟපසඟින් යුතු නොපිරිහී ගිය ඉඳුරන් ඇති බෝසතුන් දකින්නී වෙයි. මහණෙනි, එය මෙබඳු දෙයකි. යම් සේ සුන්දර, ඉතා වටිනා වර්ගයේ, අටපට්ටම් වූ, හොඳින් ඔප දැමූ, පිරිසුදු, ඉතා ප්‍රසන්න, සියළු අයුරින් පිරිපුන් වෛරෝඩි මාණික්‍යයක් වෙයි ද, එහි නිල් හෝ කහ හෝ රතු හෝ සුදු හෝ පඬු හෝ පැහැයෙන් යුතු යම් නූලක් අමුණන ලද්දේ වෙයි ද, එවිට ඇස් ඇති පුරුෂයෙක් එය අතට ගෙන හොඳින් පිරික්සා බලයි. ‘මේ වෛරෝඩි මැණික වනාහී සොඳුරු ය. ඉතා වටියි. අටපට්ටම් ය. හොඳින් ඔප දමා ඇත්තේ ය. පිරිසිදු ය. පහන් ය. සියළු අයුරින් පිරිපුන් ය.’ එහි මේ නිල් හෝ කහ හෝ රතු හෝ සුදු හෝ පඬු වූ පැහැයෙන් යුතු නූලක් අමුණන ලද්දේ වෙයි. එසෙයින් ම මහණෙනි, යම් විටෙක බෝසත් තෙමේ මව්කුසෙහි පිළිසිඳ ගන්නේ වෙයි ද, එතැන් සිට බෝසත් මාතාව තුළ කිසි රෝගාබාධයෙක් හට නොගන්නේ ය. බෝසත් මාතාව සුවැත්තී ය. ක්ලාන්ත නොවූ කය ඇත්තී ය. බෝසත් මාතාව තම කුසෙහි සිටින සියළු අඟපසඟින් නොපිරිහී ගිය ඉඳුරන් ඇති බෝසතුන් දකින්නී වෙයි. මෙය මෙහි ධර්මතාව යි.

26. ධම්මතා ඒසා භික්ඛවේ. සත්තාහජාතේ බෝධිසත්තේ බෝධිසත්තමාතා කාලං කරෝති, තුසිතං, කායං උපපජ්ජති. අයමෙත්ථ ධම්මතා.

මහණෙනි, මෙය ධර්මතාවයකි. යම් විටෙක බෝධිසත්වයන් ඉපිද සත් වෙනි දිනයෙහි බෝසත් මාතාව කළුරිය කරයි. තුසිත දෙව්ලොව උපදියි. මෙය මෙහි ධර්මතාව යි.

27. ධම්මතා ඒසා භික්ඛවේ. යථා අඤ්ඤා ඉත්ථිකා නව වා දස වා මාසේ ගබ්භං කුච්ඡිනා පරිහරිත්වා විජායන්ති, න හේවං බෝධිසත්තං බෝධිසත්තමාතා විජායති. දසේව මාසානි බෝධිසත්තං බෝධිසත්තමාතා කුච්ඡිනා පරිහරිත්වා විජායති. අයමෙත්ථ ධම්මතා.

මහණෙනි, මෙය ධර්මතාවයකි. යම් විටෙක අන්‍ය ස්ත්‍රීහු නව මසකින් හෝ දස මසකින් හෝ කුසින් දරු ගැබ රැක යම් අයුරින් බිහි කරත් ද, බෝසත් මාතාව ඒ අයුරින් බෝසතුන් බිහි නොකරයි. බෝසත් මාතාව දස මසක් පුරා ම බෝසතුන් මව්කුසෙහි දරා සිට දරු වදන්නී ය. මෙය මෙහි ධර්මතාව යි.

28. ධම්මතා ඒසා භික්ඛවේ. යථා අඤ්ඤා ඉත්ථිකා නිසින්නා වා නිපන්නා වා විජායන්ති, න හේවං බෝධිසත්තං බෝධිසත්තමාතා විජායති. ඨිතා’ව බෝධිසත්තං බෝධිසත්තමාතා විජායති. අයමෙත්ථ ධම්මතා.

මහණෙනි, මෙය ධර්මතාවයකි. යම් විටෙක අන්‍ය ස්ත්‍රීහු හිඳින්නී හෝ සැතපෙන්නී හෝ දරුවන් වදත් ද, එනමුදු බෝසත් මාතාව එසේ බෝසතුන් නොවදයි. බෝසත් මාතාව සිටගත්තී ම බෝසතුන් වදන්නී ය. මෙය මෙහි ධර්මතාව යි.

29. ධම්මතා ඒසා භික්ඛවේ. යදා බෝධිසත්තෝ මාතුකුච්ඡිම්හා නික්ඛමති, දේවා පඨමං පතිගණ්හන්ති, පච්ඡා මනුස්සා. අයමෙත්ථ ධම්මතා.

මහණෙනි, මෙය ධර්මතාවයකි. යම් විටෙක බෝසත් තෙමේ මව්කුසින් නික්මෙයි ද, පළමු ව බෝසතුන් පිළිගන්නාහු දෙවියෝ ය. මිනිස්සු පසු ව ය. මෙය මෙහි ධර්මතාව යි.

30. ධම්මතා ඒසා භික්ඛවේ. යදා බෝධිසත්තෝ මාතුකුච්ඡිම්හා නික්ඛමති, අප්පත්තෝ’ව බෝධිසත්තෝ පඨවිං හෝති. චත්තාරෝ නං දේවපුත්තා පටිග්ගහෙත්වා මාතු පුරතෝ ඨපෙන්ති. ‘අත්තමනා දේවි හෝහි මහේසක්ඛෝ. තේ පුත්තෝ උප්පන්නෝ’ති. අයමෙත්ථ ධම්මතා.

මහණෙනි, මෙය ධර්මතාවයකි. යම් විටෙක බෝසත් තෙමේ මව්කුසින් නික්මෙයි ද, එකල්හී බෝසත් තෙමේ පොළොවෙහි පිහිටන්නට පෙර සතර වරම් දෙව්රජවරු බෝසතුන් පිළිගෙන මෑණියන් ඉදිරියෙහි තබති. ‘දේවීනි, සිත සතුටු කරගත මැනැව. ඔබට මහේශාක්‍ය වූ දරු සිඟිත්තෙක් උපන්නේ ය’ යි. මෙය මෙහි ධර්මතාව යි.

31. ධම්මතා ඒසා භික්ඛවේ. යදා බෝධිසත්තෝ මාතුකුච්ඡිම්හා නික්ඛමති, විසදෝ’ව නික්ඛමති අමක්ඛිතෝ උද්දේන අමක්ඛිතෝ සෙම්හේන අමක්ඛිතෝ රුහිරේන, අමක්ඛිතෝ කේනචි අසුචිනා, සුද්ධෝ විසදෝ.

මහණෙනි, මෙය ධර්මතාවයකි. යම් විටෙක බෝසත් තෙමේ මව්කුසින් බිහිවෙයි ද, පිරිසිදු ව ම බිහිවෙයි. දියෙන් නොතැවරුණේ ය. සෙමෙන් නොතැවරුණේ ය. රුධිරයෙන් නොතැවරුණේ ය. කිසි අසුචියකින් නොතැවරුණේ ය. ශුද්ධ ය. පිරිසිදු ය.

සෙය්‍යථාපි භික්ඛවේ මණිරතනං කාසිකේ වත්ථේ නික්ඛිත්තං නේව මණිරතනං කාසිකං වත්ථං මක්ඛේති, නාපි කාසිකං වත්ථං මණිරතනං මක්ඛේති. තං කිස්ස හේතු: උභින්නං සුද්ධත්තා. ඒවමේව ඛෝ භික්ඛවේ යදා බෝධිසත්තෝ මාතුකුච්ඡිම්හා නික්ඛමති, විසදෝ’ව නික්ඛමති, අමක්ඛිතෝ උද්දේන අමක්ඛිතෝ සෙම්හේන අමක්ඛිතෝ රුහිරේන අමක්ඛිතෝ කේනචි අසුචිනා, සුද්ධෝ විසදෝ. අයමෙත්ථ ධම්මතා.

මහණෙනි, එය මෙබඳු දෙයකි. කසී සළුවක් මත තබන ලද මාණික්‍ය රත්නයක් වේ නම්, ඒ මාණික්‍යරත්නය කසී සළුවෙහි නොතැවරෙයි. ඒ කසී සළුව මාණික්‍යරත්නයෙහි නොතැවරෙයි. එයට හේතුව කිම? ඒ දෙක ම පිරිසිදු බැවිනි. එසෙයින් ම මහණෙනි, යම් විටෙක බෝසත් තෙමේ මව්කුසින් බිහිවෙයි ද, පිරිසිදු ව ම බිහිවෙයි. දියෙන් නොතැවරුණේ ය. සෙමෙන් නොතැවරුණේ ය. රුධිරයෙන් නොතැවරුණේ ය. කිසි අසුචියකින් නොතැවරුණේ ය. ශුද්ධ ය. පිරිසිදු ය. මෙය මෙහි ධර්මතාව යි.

32. ධම්මතා ඒසා භික්ඛවේ. යදා බෝධිසත්තෝ මාතුකුච්ඡිම්හා නික්ඛමති, ද්වේ උදකස්ස ධාරා අන්තලික්ඛා පාතුභවන්ති: ඒකා සීතස්ස ඒකා උණ්හස්ස, යේන බෝධිසත්තස්ස උදකකිච්චං කරොන්ති මාතුච්ච. අයමෙත්ථ ධම්මතා.

14. මහණෙනි, මෙය ධර්මතාවයකි. යම් විටෙක බෝසත් තෙමේ මව්කුසින් බිහිවෙයි ද, දිය දහරා දෙකක් අහසින් පහළ වෙයි. එකක් සිහිල් ය. අනික උණුසුම් ය. එයින් බෝසතුන්ගේ ද, බෝසත් මාතාවගේ ද දිය කිස කෙරෙයි. මෙය මෙහි ධර්මතාව යි.

33. ධම්මතා ඒසා භික්ඛවේ. සම්පතිජාතෝ බෝධිසත්තෝ සමේහි පාදේහි පතිට්ඨහිත්වා උත්තරාභිමුඛෝ සත්ත පදවීතිහාරේ ගච්ඡති සේතම්හි ඡත්තේ අනුහීරමානේ, සබ්බා ච දිසා අනුවිලෝකේති, ආසභිඤ්ච වාචම්භාසති: “අග්ගෝ’හමස්මි ලෝකස්ස, ජෙට්ඨෝ’හමස්මි ලෝකස්ස, සෙට්ඨෝ’හමස්මි ලෝකස්ස, අයමන්තිමා ජාති, නත්ථි’දානි පුනබ්භවෝ”ති. අයමෙත්ථ ධම්මතා.

15. මහණෙනි, මෙය ධර්මතාවයකි. යම් විටෙක බෝසත් තෙමේ උපන් මොහොතෙහි දී ම දෙව්සේසත් දරා සිටිද්දී, සමකොට තබන පාදයන්ගෙන් පොළොවෙහි පිහිටා උතුරු දෙසට මුහුණලා සත් පියවරක් ගමන් කරයි. සියළු හාත්පස දිශා ත් බලයි. ශ්‍රේෂ්ඨ වූ වචනය පවසයි. ‘මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජ්‍යෙෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මෙය අවසාන ඉපදීම යි. දැන් නැවත භවයක් නැත්තේ ය’ යනුවෙනි. මෙය මෙහි ධර්මතාව යි.

34. ධම්මතා ඒසා භික්ඛවේ. යදා බෝධිසත්තෝ මාතුකුච්ඡිම්හා නික්ඛමති, අථ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ, සස්සමණබ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය අප්පමාණෝ උළාරෝ ඕභාසෝ පාතුභවති අතික්කම්මේව දේවානං දේවානුභාවං. යා’පි තා ලෝකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරා අන්ධකාරතිමිසා, යත්ථපිමේ චන්දිමසුරියා ඒවම්මහිද්ධිකා ඒවම්මහානුභාවා ආභාය නානුභොන්ති, තත්ථපි අප්පමාණෝ උළාරෝ ඕභාසෝ පාතුභවති අතික්කම්මේව දේවානං දේවානුභාවං. යේ’පි තත්ථ සත්තා උපපන්නා, තේ’පි තේනෝභාසේන අඤ්ඤමඤ්ඤං සඤ්ජානන්ති: “අඤ්ඤේ’පි කිර භෝ සන්ති සත්තා ඉධූපපන්නා”ති. අයඤ්ච දසසහස්සී ලෝකධාතු සංකම්පති සම්පකම්පති සම්පවේධති. අප්පමාණෝ ච උළාරෝ ඕභාසෝ ලෝකේ පාතුභවති අතික්කම්මේව දේවානං දේවානුභාවං. අයමෙත්ථ ධම්මතා.

16. මහණෙනි, මෙය ධර්මතාවයකි. යම් විටෙක බෝසත් තෙමේ මව්කුසින් නික්මෙයි ද, එකල්හී දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය අප්‍රමාණ වූ මහත් වූ ආලෝකයක් පහළ වෙයි. යම් ඒ දුක්ඛිත වූ, හැම කල විවෘත වූ, ආවරණය නොවූ, අඳුර ඇති, ඝන අඳුර ඇති ලෝකාන්තරික නිරයෝ වෙත් ද, යම් තැනක මේ සා මහාඉර්ධි ඇති, මේ සා මහානුභාව ඇති හිරු සඳුගේ එළිය නොවැටෙත් ද, එහි පවා ඒ දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය පමණ නොකළ හැකි මහත් වූ ආලෝකයක් පහළ වෙයි. එහි උපන් යම් සත්වයෝ වෙත් ද, ඔවුනුත් ඒ එළියෙන් එකිනෙකාව හඳුනාගනිති. ‘භවත්නි, මෙහි අන්‍ය වූ සත්වයෝ ත් ඉපදී සිටිත් නොවැ’යි. මේ දස සහස්සී ලෝකධාතුව ද කම්පා වෙයි. හාත්පසින් කම්පා වෙයි. අතිශයින් ම කම්පා ව යයි. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය පමණ නොකළ හැකි මහත් වූ ආලෝකයක් ලෝකයෙහි පහළ වෙයි. මෙය මෙහි ධර්මතාව යි.

35. ජාතේ ඛෝ පන භික්ඛවේ විපස්සිම්හි කුමාරේ බන්ධුමතෝ රඤ්ඤෝ පටිවේදේසුං: ‘පුත්තෝ තේ දේව ජාතෝ. තං දේවෝ පස්සතූ’ති. අද්දසා ඛෝ භික්ඛවේ බන්ධුමා රාජා විපස්සිං කුමාරං, දිස්වා නේමිත්තේ බ්‍රාහ්මණේ ආමන්තාපෙත්වා ඒතදවෝච:

මහණෙනි, විපස්සී කුමරුන් උපන් කල්හී බන්ධුමා රජු හට දැනුම් දුන්නාහු ය. “දේවයිනි, ඔබට පුත්‍ර රත්නයක් උපන්නේ ය. දේවයන් වහන්සේ ඒ කුමරු දකිත්වා” යි. මහණෙනි, බන්ධුමා රජු විපස්සී කුමරු දැක්කේ ය. දැක නිමිති කියන බ්‍රාහ්මණයන් කැඳවා මෙය පැවසූවේ ය.

‘පස්සන්තු භොන්තෝ නේමිත්තා බ්‍රාහ්මණා කුමාරන්ති.’අද්දසංසු ඛෝ භික්ඛවේ නේමිත්තා බ්‍රාහ්මණා විපස්සිං කුමාරං දිස්වා බන්ධුමං රාජානං ඒතදවෝචුං: ‘අත්තමනෝ දේව හෝහි. මහේසක්ඛෝ තේ දේව පුත්තෝ උප්පන්නෝ. ලාභා තේ මහාරාජ, සුලද්ධං තේ මහාරාජ, යස්ස තේ කුලේ ඒවරූපෝ පුත්තෝ උප්පන්නෝ.’

“භවත් නිමිති පවසන බ්‍රාහ්මණවරුනි, කුමාරයා ව දකිත්වා” යි. මහණෙනි, ඒ නිමිති කියන බ්‍රාහ්මණවරු විපස්සී කුමරු දැක්කාහු ය. දැක බන්ධුමා රජුට මෙය පැවසූහ. “දේවයිනි, සතුටු වුව මැනැව. ඔබවහන්සේට මහේශාක්‍ය වූ පුත්‍ර රත්නයක් උපන්නේ ය. යම්බඳු ඔබගේ රජ පවුලට මෙබඳු වූ දරුසම්පතක් උපන්නේ ද, මහාරාජයෙනි, එය ඔබට ලාභයකි. මහාරාජයෙනි, එය ඔබට මනා වූ ලාභයකි.

36. “අයං හි දේව කුමාරෝ ද්වත්තිංසමහාපුරිසලක්ඛණේහි සමන්නාගතෝ යේහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වේව ගතියෝ භවන්ති අනඤ්ඤා. සචේ අගාරං අජ්ඣාවසති, රාජා හෝති චක්කවත්තී ධම්මිකෝ ධම්මරාජා චාතුරන්තෝ විජිතාවී ජනපදත්ථාවරියප්පත්තෝ සත්තරතනසමන්නාගතෝ. තස්සිමානි සත්ත රතනානි භවන්ති. සෙය්‍යථීදං: චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමේව සත්තමං. පරෝසහස්සං ඛෝ පනස්ස පුත්තා භවන්ති සූරා වීරංගරූපා පරසේනප්පමද්දනා. සෝ ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩේන අසත්ථේන ධම්මේන අභිවිජිය අජ්ඣාවසති. සචේ ඛෝ පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හෝති සම්මාසම්බුද්ධෝ ලෝකේ විවත්තච්ඡදෝ.

දේවයිනි, මේ කුමාර තෙමේ මහාපුරුෂ ලක්ෂණ දෙතිසකින් සමන්විත වූයේ වෙයි. ඒවායින් සමන්විත මහා පුරුෂයෙකුට ඉරණම් දෙකක් ම ඇත්තේ ය. අනෙකක් නැත්තේ ය. ඉදින් ගිහි ගෙයි වසන්නේ නම් දැහැමි වූ, දැහැමින් රජකරන, සිව් සමුදුර සීමා කොට ඇති පොළොවෙහි අධිපති ව, ජනපදයන්හි ස්ථිර බවට පත් ව, සත්රුවනෙකින් යුත් සක්විති රජෙකු වන්නේ ය. ඒ රජුට මේ සත්රුවන් ඇත්තේ ය. එනම්; චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය සහ සත්වෙනි පුත්‍ර රත්නය යි. ඒ රජුට ශූර වීර පරාක්‍රමයෙන් යුතු සතුරු සෙන් මැඬලන දහසකට වැඩි පුත්‍රයෝ වෙති. හෙතෙමේ සයුර සීමා කොට ඇති මේ පෘථිවිය දඬුවමින් තොර ව, අවිආයුධයෙන් තොර ව, දැහැමින් දිනා අධිපති ව වෙසෙයි. ඉදින් හේ ගෘහවාසය අත්හැර අනගාරික ව පැවිදි වෙයි නම් ලොව වැසී ඇති මෝහය ඉවත් කොට අරහත් සම්මා සම්බුදුවරයෙක් වන්නේ ය.

37. කතමේහි චායං දේව කුමාරෝ ද්වත්තිංසමහාපුරිසලක්ඛණේහි සමන්නාගතෝ යේහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වේව ගතියෝ භවන්ති අනඤ්ඤා. සචේ අගාරං අජ්ඣාවසති, රාජා හෝති චක්කවත්තී ධම්මිකෝ ධම්මරාජා චාතුරන්තෝ විජිතාවී ජනපදත්ථාවරියප්පත්තෝ සත්තරතනසමන්නාගතෝ. තස්සිමානි සත්ත රතනානි භවන්ති. සෙය්‍යථීදං: චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමේව සත්තමං. පරෝසහස්සං ඛෝ පනස්ස පුත්තා භවන්ති සූරා වීරංගරූපා පරසේනප්පමද්දනා. සෝ ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩේන අසත්ථේන ධම්මේන අභිවිජිය අජ්ඣාවසති. සචේ ඛෝ පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හෝති සම්මාසම්බුද්ධෝ ලෝකේ විවත්තච්ඡදෝ.

දේවයිනි, යම් ලක්ෂණ වලින් සමන්විත මහා පුරුෂයෙකුට ඉරණම් දෙකක් ම ඇත්තේ ද, අනෙකක් නැත්තේ ද, ඉදින් ගිහි ගෙයි වසන්නේ නම් දැහැමි වූ, දැහැමින් රජකරන, සිව් සමුදුර සීමා කොට ඇති පොළොවෙහි අධිපති ව, ජනපදයන්හි ස්ථිර බවට පත් ව, සත්රුවනෙකින් යුත් සක්විති රජෙකු වන්නේ ද, ඒ රජුට මේ සත්රුවන ඇත්තේ ද, එනම්; චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය සහ සත්වෙනි පුත්‍ර රත්නය යි. ඒ රජුට ශූර වීර පරාක්‍රමයෙන් යුතු සතුරු සෙන් මැඬලන දහසකට වැඩි පුත්‍රයෝ වෙත් ද, හෙතෙමේ සයුර සීමා කොට ඇති මේ පෘථිවිය දඬුවමින් තොර ව, අවිආයුධයෙන් තොර ව, දැහැමින් දිනා අධිපති ව වෙසෙයි ද, ඉදින් හේ ගෘහවාසය අත්හැර අනගාරික ව පැවිදි වෙයි නම් ලොව වැසී ඇති මෝහය ඉවත් කොට අරහත් සම්මා සම්බුදුවරයෙක් වන්නේ ද, දේවයිනි, මේ කුමාර තෙමේ කවර වූ මහා පුරුෂ ලක්ෂණ දෙතිසකින් යුක්ත වෙයි ද යත්;

අයං හි දේව කුමාරෝ සුප්පතිට්ඨිතපාදෝ. යම්පායං දේව කුමාරෝ සුප්පතිට්ඨිතපාදෝ, ඉදම්පිමස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.

1. දේවයිනි, මේ කුමාර තෙමේ සම ව පිහිටි යටිපතුලින් යුතු පා ඇත්තේ ය. දේවයිනි, යම් හෙයකින් මේ කුමාර තෙමේ සම ව පිහිටි යටිපතුලින් යුතු පා ඇත්තේ ද, මෙය ත් මේ මහා පුරුෂයා කෙරෙහි ඇති මහා පුරුෂ ලක්ෂණයකි.

ඉමස්ස දේව කුමාරස්ස හෙට්ඨාපාදතලේසු චක්කානි ජාතානි සහස්සාරානි සනේමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරානි. යම්පි දේව ඉමස්ස කුමාරස්ස හෙට්ඨාපාදතලේසු චක්කානි ජාතානි සහස්සාරානි සනේමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරානි, ඉදම්පි’ස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.

2. දේවයිනි, මේ කුමරහුගේ යටිපතුල්හි දහසක් අර ඇති, නිම්වළලු ඇති, නැබ ඇති, හැම අයුරින් පිරිපුන් චක්‍ර ලකුණු ඇත්තේ ය. දේවයිනි, යම් හෙයකින් මේ කුමරහුගේ යටිපතුල්හි දහසක් අර ඇති, නිම්වළලු ඇති, නැබ ඇති, හැම අයුරින් පිරිපුන් චක්‍ර ලකුණු ඇත්තේ ද, මෙය ත් මේ මහා පුරුෂයා කෙරෙහි ඇති මහා පුරුෂ ලක්ෂණයකි.

අයං හි දේව කුමාරෝ ආයතපණ්හී. (යම්පායං දේව කුමාරෝ ආයතපණ්හී ඉදම්පිමස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.)

3. දේවයිනි, මේ කුමාර තෙමේ දික් විලුඹ ඇත්තේ ය. දේවයිනි, යම් හෙයකින් මේ කුමාර තෙමේ දික් විලුඹින් යුක්ත වූයේ ද, මෙය ත් මේ මහා පුරුෂයා කෙරෙහි ඇති මහා පුරුෂ ලක්ෂණයකි.

අයං හි දේව කුමාරෝ දීඝංගුලී. ….(පෙ)….

4. දේවයිනි, මේ කුමාර තෙමේ දික් වූ ඇඟිලි ඇත්තේ ය. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ මුදුතළුණහත්ථපාදෝ. ….(පෙ)….

5. දේවයිනි, මේ කුමාර තෙමේ මෘදු මොළොක් යොවුන් අත් පා ඇත්තේ ය. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ ජාලහත්ථපාදෝ. ….(පෙ)….

6. දේවයිනි, මේ කුමාර තෙමේ ඉතා නම්‍යශීලී අත් පා ඇත්තේ ය. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ උස්සංඛපාදෝ. ….(පෙ)….

7. දේවයිනි, මේ කුමාර තෙමේ උස් ව පිහිටි ගොප් ඇට සහිත පා ඇත්තේ ය. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ ඒණිජංඝෝ. ….(පෙ)….

8. දේවයිනි, මේ කුමාර තෙමේ ඒණි මුවන්ගේ බඳු සිහින් කෙණ්ඩා ඇත්තේ ය. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ ඨිතකෝ’ව අනෝනමන්තෝ උභෝහි පාණිතලේහි ජන්නුකානි පරිමසති පරිමජ්ජති. ….(පෙ)….

9. දේවයිනි, මේ කුමාර තෙමේ සිටගෙන සිටිය දී ම නොනැමී දෙඅත්ලෙන් දෙදණ ස්පර්ශ කරයි. පිරිමදියි. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ කෝසෝහිතවත්ථගුය්හෝ. ….(පෙ)….

10. දේවයිනි, මේ කුමාර තෙමේ කොපුවක බහාලූ පරිද්දෙන් අංගජාතයක් ඇත්තේ ය. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ සුවණ්ණවණ්ණෝ කඤ්චනසන්නිභත්තචෝ. ….(පෙ)….

11. දේවයිනි, මේ කුමාර තෙමේ රන්වන් ය, රන් කඳක් සේ දිලෙන සිවි පැහැ ඇත්තේ ය. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ සුඛුමච්ඡවී. සුඛුමත්තා ඡවියා රජෝජල්ලං කායේ න උපලිප්පති. ….(පෙ)….

12. දේවයිනි, මේ කුමාර තෙමේ සිනිඳු සිවියකින් යුක්ත ය. සිවිය සිනිඳු බැවින් දුහුවිලි, දැලි ආදිය කයෙහි නොතැවරෙයි. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ ඒකේකලෝමෝ. ඒකේකානි ලෝමානි ලෝමකූපේසු ජාතානි. ….(පෙ)….

13. දේවයිනි, මේ කුමාර තෙමේ එක් එක් ලොමින් යුක්ත ය. ඒ ලෝම කූපයන්හි එක බැගින් ලොම් හටගත්තේ ය. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ උද්ධග්ගලෝමෝ. උද්ධග්ගානි ලෝමානි ජාතානි නීලානි අඤ්ජනවණ්ණානි කුණ්ඩලාවත්තානි දක්ඛිණාවත්තකජාතානි. ….(පෙ)….

14. දේවයිනි, මේ කුමාර තෙමේ උඩට කැරකුණු ලොම් ඇත්තේ ය. නිල් පැහැයෙන් යුතු, අඳුන් පැහැයෙන් යුතු දකුණට රවුම් ව කැරකී ගිය ලොම් ඇත්තේ ය. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ බ්‍රහ්මුජ්ජුගත්තෝ. ….(පෙ)….

15. දේවයිනි, මේ කුමාර තෙමේ මහබඹුට සෙයින් ඍජු සිරුරක් ඇත්තේ ය. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ සත්තුස්සදෝ. ….(පෙ)….

16. දේවයිනි, මේ කුමාර තෙමේ දෙඅත් පිට, දෙපා පිට, දෙවුර සහ කඳ යන සත් තැන උස් ව වැඩුණු මස් ඇත්තේ ය. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ සීහපුබ්බද්ධකායෝ. ….(පෙ)….

17. දේවයිනි, මේ කුමාර තෙමේ සිංහයෙකුගේ බඳු උඩුකය ඇත්තේ ය. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ චිතන්තරංසෝ. ….(පෙ)….

18. දේවයිනි, මේ කුමාර තෙමේ උරහිස් අතර පිරුණු මස් ඇත්තේ ය. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ නිග්‍රෝධපරිමණ්ඩලෝ යාවතක්වස්ස කායෝ තාවතක්වස්ස බ්‍යාමෝ, යාවතක්වස්ස බ්‍යාමෝ තාවතක්වස්ස කායෝ. ….(පෙ)….

19. දේවයිනි, මේ කුමාර තෙමේ කඳින් අතුවෙන් සම වූ නුග රුකක් සේ පිරිපුන් වූ කය ඇත්තේ ය. මේ කුමරුගේ කය යම් පමණ වැඩෙයි ද, බඹය ත් එපමණ වෙයි. බඹය යම් පමණ ද එපමණ උසට කුමරු වැඩෙනු ඇත. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ සමවත්තක්ඛන්ධෝ. ….(පෙ)….

20. දේවයිනි, මේ කුමාර තෙමේ සම වූ වටකඳ ඇත්තේ ය. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ රසග්ගසග්ගී. ….(පෙ)….

21. දේවයිනි, මේ කුමාර තෙමේ මැනැවින් උරා ගන්නා රස නහර ඇත්තේ ය. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ සීහහනු ….(පෙ)….

22. දේවයිනි, මේ කුමාර තෙමේ සිංහයෙකුට බඳු සවිමත් හනු ඇත්තේ ය. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ චත්තාළීසදන්තෝ ….(පෙ)….

23. දේවයිනි, මේ කුමාර තෙමේ සතළිස් දත් ඇත්තේ ය. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ සමදන්තෝ ….(පෙ)….

24 දේවයිනි, මේ කුමාර තෙමේ සම වූ දත් ඇත්තේ ය. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ අවිවර දන්තෝ ….(පෙ)….

25. දේවයිනි, මේ කුමාර තෙමේ අතර හිඩැස් නැති දත් ඇත්තේ ය. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ සුසුක්කදාඨෝ ….(පෙ)….

26. දේවයිනි, මේ කුමාර තෙමේ ඉතා සුදු දත් ඇත්තේ ය. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ පහූතජිව්හෝ ….(පෙ)….

27. දේවයිනි, මේ කුමාර තෙමේ මොළොක් වූ දිගු පුළුල් දිව ඇත්තේ ය. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ බ්‍රහ්මස්සරෝ කරවීකභාණී ….(පෙ)….

28. දේවයිනි, මේ කුමාර තෙමේ කරවීක කුරුල්ලන්ගේ හඬ බඳු නින්නාද වන ස්වරයක් ඇති බ්‍රහ්මස්වර ඇත්තේ ය. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ අභිනීලනෙත්තෝ ….(පෙ)….

29. දේවයිනි, මේ කුමාර තෙමේ අභිනීල නෙත් ඇත්තේ ය. ….(පෙ)….

අයං හි දේව කුමාරෝ ගෝපඛුමෝ. (යම්පායං දේව කුමාරෝ ගෝපඛුමෝ, ඉදම්පිමස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.)

30. දේවයිනි, මේ කුමාර තෙමේ එකෙණෙහි උපන් වසු පැටවෙකුගේ බඳු සුවිශාල නිල්වන් නෙත් ඇත්තේ ය. ….(පෙ)….

ඉමස්ස දේව කුමාරස්ස උණ්ණා භමුකන්තරේ ජාතා ඕදාතා මුදුතූලසන්නිභා. යම්පිමස්ස දේව කුමාරස්ස උණ්ණා භමුකන්තරේ ජාතා ඕදාතා මුදුතූලසන්නිභා, ඉදම්පිමස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.

31. දේවයිනි, මේ කුමරුගේ දෙබැම අතර සුදු වූ මොළොක් පුළුන් රොදක් බඳු ඌර්ණ රෝමය ඇත්තේ ය. දේවයිනි, යම් කරුණකින් මේ කුමරුගේ දෙබැම අතර සුදු වූ මොළොක් පුළුන් රොදක් බඳු ඌර්ණ රෝම ධාතුව ඇත්තේ ද, මෙය ත් මේ මහා පුරුෂයා කෙරෙහි ඇති මහා පුරුෂ ලක්ෂණයකි.

අයං හි දේව කුමාරෝ උණ්හීසසීසෝ. යම්පායං දේව කුමාරෝ උණ්හීසසීසෝ, ඉදම්පිමස්ස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.

32. දේවයිනි, මේ කුමාර තෙමේ පිරිපුන් නළල් පටක් බඳු උණ්හීස සීස ඇත්තේ ය. දේවයිනි, යම් කරුණකින් මේ කුමාර තෙමේ පිරිපුන් නළල් පටක් බඳු උණ්හීස සීස ඇත්තේ ද, මෙය ත් මේ මහා පුරුෂයා කෙරෙහි ඇති මහා පුරුෂ ලක්ෂණයකි.

38. ඉමේහි ඛෝ අයං දේව කුමාරෝ ද්වත්තිංසමහාපුරිසලක්ඛණේහි සමන්නාගතෝ යේහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වේව ගතියෝ භවන්ති අනඤ්ඤා, සචේ අගාරං අජ්ඣාවසති, රාජා හෝති චක්කවත්තී ධම්මිකෝ ධම්මරාජා චාතුරන්තෝ විජිතාවී ජනපදත්ථාවරියප්පත්තෝ සත්තරතනසමන්නාගතෝ. තස්සිමානි සත්තරතනානි භවන්ති. සෙය්‍යථීදං: චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමේව සත්තමං. පරෝසහස්සං ඛෝ පනස්ස පුත්තා භවන්ති සූරා වීරංගරූපා පරසේනප්පමද්දනා. සෝ ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩේන අසත්ථේන ධම්මේන අභිවිජිය අජ්ඣාවසති. සචේ ඛෝ පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හෝති සම්මාසම්බුද්ධෝ ලෝකේ විවත්තච්ඡදෝ’ති.

දේවයිනි, මේ කුමාර තෙමේ මේ මහාපුරුෂ ලක්ෂණ දෙතිසෙන් සමන්විත වූයේ වෙයි. ඒවායින් සමන්විත මහා පුරුෂයෙකුට ඉරණම් දෙකක් ම ඇත්තේ ය. අනෙකක් නැත්තේ ය. ඉදින් ගිහි ගෙයි වසන්නේ නම් දැහැමි වූ, දැහැමින් රජකරන, සිව් සමුදුර සීමා කොට ඇති පොළොවෙහි අධිපති ව, ජනපදයන්හි ස්ථිර බවට පත් ව, සත්රුවනෙකින් යුත් සක්විති රජෙකු වන්නේ ය. ඒ රජුට මේ සත්රුවන් ඇත්තේ ය. එනම්; චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය සහ සත්වෙනි පුත්‍ර රත්නය යි. ඒ රජුට ශූර වීර පරාක්‍රමයෙන් යුතු සතුරු සෙන් මැඬලන දහසකට වැඩි පුත්‍රයෝ වෙති. හෙතෙමේ සයුර සීමා කොට ඇති මේ පෘථිවිය දඬුවමින් තොර ව, අවිආයුධයෙන් තොර ව, දැහැමින් දිනා අධිපති ව වෙසෙයි. ඉදින් හේ ගෘහවාසය අත්හැර අනගාරික ව පැවිදි වෙයි නම් ලොව වැසී ඇති මෝහය ඉවත් කොට අරහත් සම්මා සම්බුදුවරයෙක් වන්නේ ය.”

39. අථ ඛෝ භික්ඛවේ බන්ධුමා රාජා නේමිත්තේ බ්‍රාහ්මණේ අහතේහි වත්ථේහි අච්ඡාදාපෙත්වා සබ්බකාමේහි සන්තප්පේසි. අථ ඛෝ භික්ඛවේ බන්ධුමා රාජා විපස්සිස්ස කුමාරස්ස ධාතියෝ උපට්ඨාපේසි. අඤ්ඤා සුදං පායෙන්ති. අඤ්ඤා නහාපෙන්ති. අඤ්ඤා ධාරෙන්ති. අඤ්ඤා අංකේන පරිහරන්ති. ජාතස්ස ඛෝ පන භික්ඛවේ විපස්සිස්ස කුමාරස්ස සේතච්ඡත්තං ධාරියිත්ථ දිවා චේව රත්තිඤ්ච ‘මා නං සීතං වා උණ්හං වා තිණං වා රජෝ වා උස්සාවෝ වා බාධයිත්ථා’ති. ජාතෝ ඛෝ පන භික්ඛවේ විපස්සී කුමාරෝ බහුනෝ ජනස්ස පියෝ අහෝසි මනාපෝ. සෙය්‍යථාපි භික්ඛවේ උප්පලං වා පදුමං වා පුණ්ඩරීකං වා බහුනෝ ජනස්ස පියං මනාපං, ඒවමේව ඛෝ භික්ඛවේ විපස්සී කුමාරෝ බහුනෝ ජනස්ස පියෝ අහෝසි මනාපෝ. ස්වාස්සුදං අංකේනේව අංකං පරිහරීයති.

මහණෙනි, එකල්හී බන්ධුමා රජු නිමිති පවසන බ්‍රාහ්මණයන් අළුත් වස්ත්‍රයෙන් පුදා, ඔවුන් කැමති සියළු දැයින් සතුටු කළේ ය. ඉක්බිති මහණෙනි, බන්ධුමා රජු විපස්සී කුමරු හට කිරි මවුන් තැබ්බවී ය. ඔවුන් අතුරින් ඇතැම් මව්වරු කිරි පොවති. ඇතැම්හු නහවති. ඇතැම්හු වඩාගනිති. ඇතැම්හු ඇකයෙහි රඳවා ගනිති. මහණෙනි, ඒ විපස්සී කුමරු හට උපන් මොහොතේ සිට ‘සීතලකින් හෝ උණුසුමකින් හෝ තෘණ ධූලි ආදියකින් හෝ නොපෙළාවා’ යි දිවා රාත්‍රී දෙකෙහි ම සේසත් දරණ ලද්දේ ය. මහණෙනි, විපස්සී කුමරු බොහෝ ජනයාට ප්‍රිය වූයේ ය. මනාප වූයේ ය. මහණෙනි, එය මෙබඳු දෙයකි. මහනෙල් මලක් හෝ රතු නෙළුමක් හෝ සුදු නෙළුමක් හෝ බොහෝ ජනයාට ප්‍රිය මනාප වන්නේ යම් සේ ද, එසෙයින් ම මහණෙනි, විපස්සී කුමරු උපන්නේ බොහෝ ජනයාට ප්‍රිය වූයේ ය. මනාප වූයේ ය. ඒ කුමර තෙමේ එක් කිරිමවකගේ ඇකයෙන් වෙනත් කිරි මවකගේ ඇකයට පමුණුවයි.

40. ජාතෝ ඛෝ පන භික්ඛවේ විපස්සී කුමාරෝ මඤ්ජුස්සරෝ ච අහෝසි වග්ගුස්සරෝ ච මධුරස්සරෝ ච පේමනීයස්සරෝ ච. සෙය්‍යථාපි භික්ඛවේ හිමවන්තේ පබ්බතේ කරවීකා නාම සකුණජාති මඤ්ජුස්සරා ච වග්ගුස්සරා ච මධුරස්සරා ච පේමනීයස්සරා ච, ඒවමේව ඛෝ භික්ඛවේ විපස්සී කුමාරෝ මඤ්ජුස්සරෝ ච අහෝසි වග්ගුස්සරෝ ච මධුරස්සරෝ ච පේමනීයස්සරෝ ච. ජාතස්ස ඛෝ පන භික්ඛවේ විපස්සිස්ස කුමාරස්ස කම්මවිපාකජං දිබ්බං චක්ඛු පාතුරහෝසි, යේන සුදං සමන්තා යෝජනං පස්සති දිවා චේව රත්තිඤ්ච. ජාතෝ ඛෝ පන භික්ඛවේ විපස්සී කුමාරෝ අනිමිසන්තෝ පෙක්ඛති, සෙය්‍යථාපි දේවා තාවතිංසා. ‘අනිමිසන්තෝ කුමාරෝ පෙක්ඛතී’ති ඛෝ භික්ඛවේ විපස්සිස්ස කුමාරස්ස ‘විපස්සී, විපස්සී’ ත්වේව සමඤ්ඤා උදපාදි.

මහණෙනි, ඒ විපස්සී කුමාර තෙමේ උපන්නේ මිහිරි ස්වරයෙන් ද, සිත්කළු ස්වරයෙන් ද, මධුර ස්වරයෙන් ද, ආලවඩන ස්වරයෙන් ද යුතු වූයේ ය. මහණෙනි, එය මෙබඳු දෙයකි. හිමවත් පව්වෙහි ඉතා මධුර වූ ත්, සිත්කළු වූ ත්, මියුරු වූ ත්, ඇල්ම ඇති කරවන්නා වූ ත් හඬනගන කරවීක නම් ලිහිණි කුරුල්ලෝ ඇද්ද, මහණෙනි, එසෙයින් ම ඒ විපස්සී කුමාර තෙමේ මිහිරි ස්වරයෙන් ද, සිත්කළු ස්වරයෙන් ද, මධුර ස්වරයෙන් ද, ආලවඩන ස්වරයෙන් ද යුතු වූයේ ය.

මහණෙනි, යම් දිවැසකින් රෑ ත්, දහවල ත් හාත්පස යොදුනක් දැකිය හැක්කේ ද, එබඳු වූ දිවැසක් උපන් විපස්සී කුමරු හට කර්ම විපාකයෙන් පහළ වූයේ ය. මහණෙනි, උපන් විපස්සී කුමරු ඇසිපිය නොහෙළා බලා සිටියි. තව්තිසාවැසි දෙවියන් සේ ය. මහණෙනි, ‘මේ කුමර තෙමේ ඇසිපිය නොහෙළා බලනවා නොවැ’ යි විපස්සී කුමරු හට ‘විපස්සී, විපස්සී’ යන නාමය ලැබුණේ ය.

41. අථ ඛෝ භික්ඛවේ බන්ධුමා රාජා අත්ථකරණේ නිසින්නෝ විපස්සිං කුමාරං අංකේ නිසීදාපෙත්වා අත්ථේ අනුසාසති. තත්‍ර සුදං භික්ඛවේ විපස්සී කුමාරෝ පිතු අංකේ නිසින්නෝ විචෙය්‍ය විචෙය්‍ය අත්ථේ පනයති ඤායේන. ‘විචෙය්‍ය විචෙය්‍ය කුමාරෝ අත්ථේ පනයති ඤායේනා’ති ඛෝ භික්ඛවේ විපස්සිස්ස කුමාරස්ස භිය්‍යෝසෝමත්තාය ‘විපස්සී, විපස්සී’ ත්වේව සමඤ්ඤා උදපාදි.

මහණෙනි, එකල්හී බන්ධුමා රජු විනිශ්චය සභාවෙහි හිඳින විට විපස්සී කුමරු ඇකයෙහි හිඳුවාගෙන කරුණු කාරණා පවසයි. මහණෙනි, එකල්හී පියාගේ ඇකයෙහි හුන් විපස්සී කුමරු නුවණින් විමස විමසා න්‍යායෙන් යුක්ති සහගත ලෙස අරුත් පවසයි. ‘කුමර තෙමේ නුවණින් විමස විමසා න්‍යායෙන් යුක්ති සහගත ලෙස අරුත් පවසනවා නොවැ’යි බොහෝ සෙයින් ම විපස්සී කුමරු හට ‘විපස්සී, විපස්සී’ යන නම උපන්නේ ය.

42. අථ ඛෝ භික්ඛවේ බන්ධුමා රාජා විපස්සිස්ස කුමාරස්ස තයෝ පාසාදේ කාරාපේසි, ඒකං වස්සිකං ඒකං හේමන්තිකං ඒකං ගිම්හිකං. පඤ්චකාමගුණානි උපට්ඨාපේසි. තත්‍ර සුදං භික්ඛවේ විපස්සී කුමාරෝ වස්සිකේ පාසාදේ වස්සිකේ චත්තාරෝ මාසේ නිප්පුරිසේහි තුරියේහි පරිචාරියමානෝ න හෙට්ඨාපාසාදං ඕරෝහති.

මහණෙනි, ඉක්බිති බන්ධුමා රජු විපස්සී කුමරු හට මාළිගා තුනක් කරවීය. එයින් එකක් වැසි කාලයට ය. අනික සීත කාලයට ය. අනික ගිම්හාන කාලයට ය. මනා වූ පංච කාම සැපය ද සළසා දුන්නේ ය. එකල්හී මහණෙනි, විපස්සී කුමාර තෙමේ වැසි කලට සිටින ප්‍රාසාදයෙහි වස්සාන සමයෙහි සාර මස පුරා පුරුෂයන් රහිත වූ ස්ත්‍රීන් විසින් පවත්වනු ලබන පංච තූර්ය නාදයෙන් උපස්ථාන ලබමින් යටි මහලට නොබසියි.

43. අථ ඛෝ භික්ඛවේ විපස්සී කුමාරෝ බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයේන සාරථිං ආමන්තේසි: ‘යෝජේහි සම්ම සාරථි, භද්දානි භද්දානි යානානි උය්‍යානභූමිං ගච්ඡාම සුභූමිං දස්සනායා’ති. ‘ඒවං දේවා’ති ඛෝ භික්ඛවේ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා භද්දානි භද්දානි යානානි යෝජෙත්වා විපස්සිස්ස කුමාරස්ස පටිවේදේසි: යුත්තානි ඛෝ තේ දේව, භද්දානි භද්දානි යානානි, යස්ස’දානි කාලං මඤ්ඤසී’ති.

එකල්හී මහණෙනි, විපස්සී කුමරු බොහෝ වසර ගණනක්, බොහෝ වසර සියගණනක්, බොහෝ වසර දහස් ගණනක් ඇවෑමෙන් රියැදුරු ඇමතුවේ ය. “මිත්‍ර රියැදුර, සොඳුරු සොඳුරු යානයන් පිළියෙල කරව. සිත්කළු බිම් දකින්නට උයන් බිමට යන්නෙමු” යි. එවිට මහණෙනි, “එසේ ය, දේවයිනි”යි රියැදුරු තෙමේ විපස්සී කුමරුට පිළිවදන් දී සොඳුරු සොඳුරු යානයන් සකසා “දේවයිනි, සොඳුරු සොඳුරු යානයෝ සකසන ලද්දාහු ය. යම් ගමනකට කාලය යැයි හඟිත් ද, දැන් ඒ සඳහා කාලය යි” යි විපස්සී කුමරුට පැවසී ය.

44. අථ ඛෝ භික්ඛවේ විපස්සී කුමාරෝ භද්දං යානං අභිරුහිත්වා භද්දේහි භද්දේහි යානේහි උය්‍යානභූමිං නිය්‍යාසි. අද්දසා ඛෝ භික්ඛවේ විපස්සී කුමාරෝ උය්‍යානභූමිං නිය්‍යන්තෝ පුරිසං ජිණ්ණං ගෝපානසිවංකං භොග්ගං දණ්ඩපරායණං පවේධමානං ගච්ඡන්තං ආතුරං ගතයොබ්බනං දිස්වා සාරථිං ආමන්තේසි: “අයම්පන සම්ම සාරථි පුරිසෝ කිංකතෝ? කේසා’පි’ස්ස න යථා අඤ්ඤේසං, කායෝ’පි’ස්ස න යථා අඤ්ඤේසන්ති”. “ඒසෝ ඛෝ දේව ජිණ්ණෝ නාමා”ති. “කිම්පනේසෝ සම්ම සාරථි ජිණ්ණෝ නාමා?”ති. “ඒසෝ ඛෝ දේව ජිණ්ණෝ නාම: න’දානි තේන චිරං ජීවිතබ්බං භවිස්සතී”ති. “කිම්පන සම්ම සාරථි අහම්පි ජරාධම්මෝ ජරං අනතීතෝ?’ති. “ත්වඤ්ච දේව මයඤ්චම්හා සබ්බේ ජරාධම්මා ජරං අනතීතා”ති. “තේන හි සම්ම සාරථි අලන්දානජ්ජ උය්‍යානභූමියා. ඉතෝ’ව අන්තේපුරං පච්චනිය්‍යාහී”ති. ‘ඒවං දේවා’ති ඛෝ භික්ඛවේ සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා තතෝ’ව අන්තේපුරං පච්චනිය්‍යාසි. තත්‍ර සුදං භික්ඛවේ විපස්සී කුමාරෝ අන්තේපුරගතෝ දුක්ඛී දුම්මනෝ පජ්ඣායති: “ධිරත්ථු කිර භෝ ජාති නාම, යත්‍ර හි නාම ජාතස්ස ජරා පඤ්ඤායිස්සතී”ති.

එකල්හී මහණෙනි, විපස්සී කුමාර තෙමේ සොඳුරු යානයක නැග, සොඳුරු සොඳුරු යානයන් පිරිවරා උයන්බිම බලා නික්ම ගියේ ය. එවිට මහණෙනි, විපස්සී කුමාර තෙමේ උයන් බිම බලා යන්නේ ජරා ජීර්ණ වූ, වක් ව ගිය යටලීයක් සේ කුදු ගැසුණු, සැරයටියක් ගත්, වෙව්ලමින් යන, මහළු බවින් ආතුර වූ, යොවුන් බව ඉක්මවා ගිය, පුරුෂයෙකු දැක්කේ ය. දැක රියැදුරු ඇමතුවේ ය. “මිත්‍ර රියැදුර, මේ පුරුෂයා කුමක් කරගන්නා ලද්දේ ද? මොහුගේ කෙස් ද අන්‍යයන්ගේ කෙස් බඳු නොවෙයි. මොහුගේ කය ද අන්‍යයන්ගේ කය බඳු නොවෙයි” යි. “දේවයිනි, මොහු ජරා ජීර්ණ වූවෙක් නම් වෙයි.” “මිත්‍ර රියැදුර, මේ ජරාජීර්ණයා නම් කවරෙක් ද?” “දේවයිනි, ජරා ජීර්ණයා නම් මෙය යි. එනම් එකරුණ හේතුවෙන් දැන් මොහු වැඩි කල් ජීවත් නොවන්නේ ය.” “කිම? මිත්‍ර රියැදුර, මම ත් ජරාවට පත්වෙන ස්වභාවයෙන් යුතු වෙම් ද? ජරාව නොඉක්මවූවෙක් වෙම් ද?” “දේවයිනි, ඔබ ත්, අපි ත් සියලු දෙනාත් ජරාවට පත්වෙන ස්වභාවයෙන් යුක්ත වෙමු. එය ඉක්මවා නොගියෙමු.” “එසේ වී නම් මිත්‍ර රියැදුර, අද උයන් භූමියට යාමෙන් කම් නැත. මෙතැනින් ම හැරී ඇතුළු නුවරට නික්ම යව” යි. මහණෙනි, “එසේ ය, දේවයිනි” යි ඒ රියදුරා විපස්සී කුමරුට පිළිවදන් දී එතැනින් ම පෙරළා හැරී ඇතුළු නුවරට නික්ම ගියේ ය. මහණෙනි, එහි ඇතුළු නුවරට ගිය විපස්සී කුමරු දුකට පත් වූයේ ය. දොම්නසින් කල්පනා කරන්නට වූයේ ය. ‘භවත්නි, මේ ඉපදීමට නම් නින්දා වේවා! යම් තැනක උපන්නහුට නම්, ජරාවට පත්වීම පැණවෙන්නේ ය’ යි.

45. අථ ඛෝ භික්ඛවේ බන්ධුමා රාජා සාරථිං ආමන්තාපෙත්වා ඒතදවෝච: “කච්චි සම්ම සාරථි කුමාරෝ උය්‍යානභූමියා අභිරමිත්ථ? කච්චි සම්ම සාරථි කුමාරෝ උය්‍යානභූමියා අත්තමනෝ අහෝසී?”ති. “න ඛෝ දේව කුමාරෝ උය්‍යානභූමියා අභිරමිත්ථ. න ඛෝ දේව කුමාරෝ උය්‍යානභූමියා අත්තමනෝ අහෝසී”ති. “කිම්පන සම්ම සාරථි අද්දස කුමාරෝ උය්‍යානභූමිං නිය්‍යන්තෝ?”ති.

මහණෙනි, එවිට බන්ධුමා රජු රියැදුරු කැඳවා මෙය ඇසුවේ ය.

“කිම? මිත්‍ර රියැදුර, කුමාරයා උද්‍යාන භූමියට ඇලී ගියේ ද? කිම? මිත්‍ර රියැදුර, කුමාරයා උද්‍යාන භූමියෙහි සතුටු වූයේ ද?” “දේවයිනි, කුමාරයා උද්‍යාන භූමියට නොඇලුණේ ය. දේවයිනි, කුමාරයා උද්‍යාන භූමියෙහි නොසතුටු වූයේ ය.” “කිම? මිත්‍ර රියැදුර, කුමාරයා උද්‍යාන භූමියට යද්දී කිසිවක් දැක්කේ ද?”

“අද්දසා ඛෝ දේව, කුමාරෝ උය්‍යානභූමිං නිය්‍යන්තෝ පුරිසං ජිණ්ණං ගෝපානසිවංකං භොග්ගං දණ්ඩපරායණං පවේධමානං ගච්ඡන්තං ආතුරං ගතයොබ්බනං. දිස්වා මං ඒතදවෝච: අයම්පන සම්ම සාරථි, පුරිසෝ කිංකතෝ? කේසාපි’ස්ස න යථා අඤ්ඤේසං, කායෝපි’ස්ස න යථා අඤ්ඤේසන්ති.” ‘ඒසෝ ඛෝ දේව, ජිණ්ණෝ නාමා’ති. “කිම්පන සෝ සම්ම සාරථි, ජිණ්ණෝ නාමා?”ති. ‘ඒසෝ ඛෝ දේව, ජිණ්ණෝ නාම. න’දානි තේන චිරං ජීවිතබ්බං භවිස්සතී’ති. “කිම්පන සම්ම සාරථි, අහම්පි ජරාධම්මෝ ජරං අනතීතෝ?”ති. ‘ත්වඤ්ච දේව මයඤ්චම්හා සබ්බේ ජරාධම්මා ජරං අනතීතා’ති. “තේන හි සම්ම සාරථි, අලන්දානජ්ජ උය්‍යානභූමියා. ඉතෝ’ව අන්තේපුරං පච්චනිය්‍යාහී”ති. ‘ඒවං දේවාති ඛෝ අහං දේව, විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා තතෝ’ව අන්තේපුරං පච්චනිය්‍යාසිං. සෝ ඛෝ කුමාරෝ අන්තේපුරගතෝ දුක්ඛී දුම්මනෝ පජ්ඣායති: ‘ධිරත්ථු කිර භෝ ජාති නාම, යත්‍ර හි නාම ජාතස්ස ජරා පඤ්ඤායිස්සතී’ති.

“දේවයිනි, කුමාරයා උයන් බිම බලා යන්නේ ජරා ජීර්ණ වූ, වක් ව ගිය යටලීයක් සේ කුදු ගැසුණු, සැරයටියක් ගත්, වෙව්ලමින් යන, මහළු බවින් ආතුර වූ, යොවුන් බව ඉක්මවා ගිය, පුරුෂයෙකු දැක්කේ ය. දැක මා ඇමතුවේ ය. ‘මිත්‍ර රියැදුර, මේ පුරුෂයා කුමක් කරගන්නා ලද්දේ ද? මොහුගේ කෙස් ද අන්‍යයන්ගේ කෙස් බඳු නොවෙයි. මොහුගේ කය ද අන්‍යයන්ගේ කය බඳු නොවෙයි’ යි. ‘දේවයිනි, මොහු ජරා ජීර්ණ වූවෙක් නම් වෙයි.’ ‘මිත්‍ර රියැදුර, මේ ජරාජීර්ණයා නම් කවරෙක් ද?’ ‘දේවයිනි, ජරා ජීර්ණයා නම් මෙය යි. එනම් එකරුණ හේතුවෙන් දැන් මොහු වැඩි කල් ජීවත් නොවන්නේ ය.’ ‘කිම? මිත්‍ර රියැදුර, මම ත් ජරාවට පත්වෙන ස්වභාවයෙන් යුතු වෙම් ද? ජරාව නොඉක්මවූවෙක් වෙම් ද?’ ‘දේවයිනි, ඔබ ත්, අපි ත් සියලු දෙනාත් ජරාවට පත්වෙන ස්වභාවයෙන් යුක්ත වෙමු. එය ඉක්මවා නොගියෙමු.’ ‘එසේ වී නම් මිත්‍ර රියැදුර, අද උයන් භූමියට යාමෙන් කම් නැත. මෙතැනින් ම හැරී ඇතුළු නුවරට නික්ම යව’ යි. ‘එසේ ය, දේවයිනි’ යි මම විපස්සී කුමරුට පිළිවදන් දී එතැනින් ම පෙරළා හැරී ඇතුළු නුවරට නික්ම ගියෙමි. දේවයිනි, එහි ඇතුළු නුවරට ගිය විපස්සී කුමරු දුකට පත් වූයේ ය. දොම්නසින් කල්පනා කරන්නට වූයේ ය. ‘භවත්නි, මේ ඉපදීමට නම් නින්දා වේවා! යම් තැනක උපන්නහුට නම්, ජරාවට පත්වීම පැණවෙන්නේ ය’ යි.”

46. අථ ඛෝ භික්ඛවේ, බන්ධුමස්ස රඤ්ඤෝ ඒතදහෝසි: මා හේව ඛෝ විපස්සී කුමාරෝ න රජ්ජං කාරේසි. මා හේව විපස්සී කුමාරෝ අගාරස්මා අනගාරියං පබ්බජි. මා හේව නේමිත්තානං බ්‍රාහ්මණානං සච්චං අස්ස වචනන්ති. අථ ඛෝ භික්ඛවේ, බන්ධුමා රාජා විපස්සිස්ස කුමාරස්ස භිය්‍යෝසෝමත්තාය පඤ්චකාමගුණානි උපට්ඨාපේසි යථා විපස්සී කුමාරෝ රජ්ජං කරෙය්‍ය යථා විපස්සී කුමාරෝ න අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍ය, යථා නේමිත්තානං බ්‍රාහ්මණානං මිච්ඡා අස්ස වචනන්ති. තත්‍ර සුදං භික්ඛවේ, විපස්සී කුමාරෝ පඤ්චහි කාමගුණේහි සමප්පිතෝ සමංගීභූතෝ පරිචාරේති.

එවිට මහණෙනි, බන්ධුමා රජුට මේ අදහස ඇතිවිය. ‘විපස්සී කුමාරයා රාජ්‍යය නොකරන්නෙක් නොවේවා! විපස්සී කුමාරයා ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිද්දට නොයාවා! නිමිති පැවසූ බමුණන්ගේ වචනය සත්‍යය නොවේවා!’ යි. ඉක්බිති මහණෙනි, බන්ධුමා රජු විපස්සී කුමාරයා යම් සේ රාජ්‍යය කරවන්නේ ද, විපස්සී කුමාරයා යම් සේ ගිහිගෙයින් නික්ම අනගාරික පැවිද්දට නොයන්නේ ද, යම් සේ නිමිති පැවසූ බමුණන්ගේ වචන බොරු වන්නේ ද, ඒ අයුරින් බොහෝ සෙයින් විපස්සී කුමරුට පස් කම් සැප සළසා දුන්නේ ය. එවිට මහණෙනි, විපස්සී කුමරු ඒ පස්කම් ගුණයෙන් සතුටු වෙමින් ඒවා පිරිවරා වාසය කරයි.

47. අථ ඛෝ භික්ඛවේ, විපස්සී කුමාරෝ බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයේන සාරථිං ආමන්තේසි: ‘යෝජේහි සම්ම සාරථි, භද්දානි භද්දානි යානානි උය්‍යානභූමිං ගච්ඡාම සුභූමිං දස්සනායා’ති. ‘ඒවං දේවා’ති ඛෝ භික්ඛවේ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා භද්දානි භද්දානි යානානි යෝජෙත්වා විපස්සිස්ස කුමාරස්ස පටිවේදේසි: යුත්තානි ඛෝ තේ දේව, භද්දානි භද්දානි යානානි, යස්ස’දානි කාලං මඤ්ඤසී’ති.

එකල්හී මහණෙනි, විපස්සී කුමරු බොහෝ වසර ගණනක්, බොහෝ වසර සියගණනක්, බොහෝ වසර දහස් ගණනක් ඇවෑමෙන් රියැදුරු ඇමතුවේ ය. “මිත්‍ර රියැදුර, සොඳුරු සොඳුරු යානයන් පිළියෙල කරව. සිත්කළු බිම් දකින්නට උයන් බිමට යන්නෙමු” යි. එවිට මහණෙනි, “එසේය දේවයිනි”යි රියැදුරු තෙමේ විපස්සී කුමරුට පිළිවදන් දී සොඳුරු සොඳුරු යානයන් සකසා “දේවයිනි, සොඳුරු සොඳුරු යානයෝ සකසන ලද්දාහු ය. යම් ගමනකට කාලය යැයි හඟිත් ද, දැන් ඒ සඳහා කාලය යි” යි විපස්සී කුමරුට පැවසී ය.

48. අථ ඛෝ භික්ඛවේ, විපස්සී කුමාරෝ භද්දං යානං අභිරුහිත්වා භද්දේහි භද්දේහි යානේහි උය්‍යානභූමිං නිය්‍යාසි. අද්දසා ඛෝ භික්ඛවේ, විපස්සී කුමාරෝ උය්‍යානභූමිං නිය්‍යන්තෝ පුරිසං ආබාධිකං දුක්ඛිතං බාළ්හගිලානං සකේ මුත්තකරීසේ පළිපන්නං සේමානං අඤ්ඤේහි වුට්ඨාපියමානං අඤ්ඤේහි සංවේසියමානං. දිස්වා සාරථිං ආමන්තේසි: අයම්පන, සම්ම සාරථි, පුරිසෝ කිංකතෝ? අක්ඛීනිපි’ස්ස න යථා අඤ්ඤේසං, සරෝපි’ස්ස න යථා අඤ්ඤේසන්ති. ඒසෝ ඛෝ දේව, බ්‍යාධිතෝ නාමා’ති. “කිම්පන සෝ සම්ම සාරථි, බ්‍යාධිතෝ නාමා?”ති. ‘ඒසෝ ඛෝ දේව, බ්‍යාධිතෝ නාම, අප්පේවනාම තම්හා ආබාධා වුට්ඨහෙය්‍යා’ති. “කිම්පන සම්ම සාරථි, අහම්පි බ්‍යාධිධම්මෝ බ්‍යාධිං අනතීතෝ?”ති. “ත්වඤ්ච දේව මයඤ්චම්හා සබ්බේ බ්‍යාධිධම්මා බ්‍යාධිං අනතීතා”ති. “තේන හි සම්ම සාරථි, අලන්දානජ්ජ උය්‍යානභූමියා. ඉතෝ’ව අන්තේපුරං පච්චනිය්‍යාහී”ති. ‘ඒවං දේවා’ති ඛෝ භික්ඛවේ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා තතෝ’ව අන්තේපුරං පච්චනිය්‍යාසි. තත්‍ර සුදං භික්ඛවේ විපස්සී කුමාරෝ අන්තේපුරගතෝ දුක්ඛී දුම්මනෝ පජ්ඣායති: ‘ධිරත්ථු කිර භෝ ජාති නාම, යත්‍ර හි නාම ජාතස්ස ජරා පඤ්ඤායිස්සති, බ්‍යාධි පඤ්ඤායිස්සතී”ති.

එකල්හී මහණෙනි, විපස්සී කුමාර තෙමේ සොඳුරු යානයක නැග, සොඳුරු සොඳුරු යානයන් පිරිවරා උයන්බිම බලා නික්ම ගියේ ය. එවිට මහණෙනි, විපස්සී කුමාර තෙමේ උයන් බිම බලා යන්නේ දැඩි සේ රෝගී වූ, ඉතා දුකට පත් වූ, බලවත් ව රෝගී වූ, තම මළ මුත්‍රයෙහි ගැලී සිටි, අනුන් විසින් ඔසොවනු ලබන, අනුන් විසින් සතපනු ලබන රෝගී පුරුෂයෙකු දැක්කේ ය. දැක රියැදුරු ඇමතුවේ ය. “මිත්‍ර රියැදුර, මේ පුරුෂයා කුමක් කරගන්නා ලද්දේ ද? මොහුගේ ඇස් ද අන්‍යයන්ගේ ඇස් බඳු නොවෙයි. මොහුගේ හඬ ද අන්‍යයන්ගේ හඬ බඳු නොවෙයි” යි. “දේවයිනි, මොහු රෝගාතුරයා නම් වෙයි.” “මිත්‍ර රියැදුර, මේ රෝගාතුරයා නම් කුමක්ද?” “දේවයිනි, රෝගාතුර වීම නම් මෙය යි. එනම් ඒ රෝගයෙන් ඉක්මනින් ගොඩ එන්නේ නම් මැනැවැයි පැතුම වන්නේ ය.” “කිම? මිත්‍ර රියැදුර, මම ත් රෝගී වන ස්වභාවයෙන් යුතු වෙම් ද? රෝගී වීම නොඉක්මවූවෙක් වෙම් ද?” “දේවයිනි, ඔබ ත්, අපි ත් හැමෝ ම රෝගී බවට පත්වෙන ස්වභාවයෙන් යුක්ත වෙමු. එය ඉක්මවා නොගියෙමු.” “එසේ වී නම් මිත්‍ර රියැදුර, අද උයන් භූමියට යාමෙන් කම් නැත. මෙතැනින් ම හැරී ඇතුළු නුවරට නික්ම යව” යි. මහණෙනි, “එසේ ය දේවයිනි” යි ඒ රියැදුරා විපස්සී කුමරුට පිළිවදන් දී එතැනින් ම පෙරලා ඇතුළු නුවරට නික්ම ගියේ ය. මහණෙනි, එහි ඇතුළු නුවරට ගිය විපස්සී කුමරු දුකට පත් වූයේ ය. දොම්නසින් කල්පනා කරන්නට වූයේ ය. ‘භවත්නි, මේ ඉපදීමට නම් නින්දා වේවා! යම් තැනක උපන්නහුට නම්, ජරාවට පත්වීම පැණවෙන්නේ ය. රෝගී බවට පත්වීම පැණවෙන්නේ ය’ යි.

49. අථ ඛෝ භික්ඛවේ, බන්ධුමා රාජා සාරථිං ආමන්තාපෙත්වා ඒතදවෝච: “කච්චි සම්ම සාරථි, කුමාරෝ උය්‍යානභූමියා අභිරමිත්ථ? කච්චි සම්ම සාරථි, කුමාරෝ උය්‍යානභූමියා අත්තමනෝ අහෝසී?”ති. “න ඛෝ දේව, කුමාරෝ උය්‍යානභූමියා අභිරමිත්ථ. න ඛෝ දේව කුමාරෝ උය්‍යානභූමියා අත්තමනෝ අහෝසී”ති. “කිම්පන සම්ම සාරථි, අද්දස කුමාරෝ උය්‍යානභූමිං, නිය්‍යන්තෝ?”ති.

මහණෙනි, එවිට බන්ධුමා රජු රියැදුරු කැඳවා මෙය ඇසුවේ ය.

“කිම? මිත්‍ර රියැදුර, කුමාරයා උද්‍යාන භූමියෙහි ඇලී ගියේ ද? කිම? මිත්‍ර රියැදුර, කුමාරයා උද්‍යාන භූමියෙහි සතුටු වූයේ ද?” “දේවයිනි, කුමාරයා උද්‍යාන භූමියෙහි නොඇලුණේ ය. දේවයිනි, කුමාරයා උද්‍යාන භූමියෙහි නොසතුටු වූයේ ය.” “කිම? මිත්‍ර රියැදුර, කුමාරයා උද්‍යාන භූමියට යද්දී කිසිවක් දැක්කේ ද?”

50. “අද්දසා ඛෝ දේව, කුමාරෝ උය්‍යානභූමිං නිය්‍යන්තෝ පුරිසං ආබාධිකං දුක්ඛිතං බාළ්හගිලානං සකේ මුත්තකරීසේ පළිපන්නං සේමානං අඤ්ඤේහි වුට්ඨාපියමානං අඤ්ඤේහි සංවේසියමානං, දිස්වා මං ඒතදවෝච: අයම්පන සම්ම සාරථි, පුරිසෝ කිංකතෝ? අක්ඛීනිපි’ස්ස න යථා අඤ්ඤේසං, සරෝපි’ස්ස න යථා අඤ්ඤේසන්ති. “ඒසෝ ඛෝ දේව, බ්‍යාධිතෝ නාමා”ති. කිම්පනේස සම්ම සාරථි බ්‍යාධිතෝ නාමා?”ති. “ඒසෝ ඛෝ දේව, බ්‍යාධිතෝ නාම අප්පේව නාම තම්හා ආබාධා වුට්ඨහෙය්‍යා”ති. “කිම්පන සම්ම සාරථි, අහම්පි ව්‍යාධිධම්මෝ ව්‍යාධිං අනතීතෝ?”ති. “ත්වඤ්ච දේව, මයඤ්චම්හා සබ්බේ ව්‍යාධිධම්මා ව්‍යාධිං අනතීතා”ති. “තේන හි සම්ම සාරථි, අලං දානජ්ජ උය්‍යානභූමියා ඉතෝ’ව අන්තේපුරං පච්චනිය්‍යාහී”ති. ‘ඒවං දේවා’ති ඛෝ අහං දේව, විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා තතෝ’ව අන්තේපුරං පච්චනිය්‍යාසිං. සෝ ඛෝ දේව, කුමාරෝ අන්තේපුරගතෝ දුක්ඛී දුම්මනෝ පජ්ඣායති: “ධිරත්ථු කිර භෝ ජාති නාම, යත්‍ර හි නාම ජාතස්ස ජරා පඤ්ඤායිස්සති, ව්‍යාධි පඤ්ඤායිස්සතී”ති.

“දේවයිනි, කුමාරයා උයන් බිමට යන්නේ, දැඩි සේ රෝගී වූ, ඉතා දුකට පත් වූ, බලවත් ව රෝගී වූ, තම මළ මුත්‍රයෙහි ගැලී සිටි අනුන් විසින් ඔසොවනු ලබන, අනුන් විසින් සතපනු ලබන පුරුෂයෙකු දැක්කේ ය. දැක මා ඇමතුවේ ය. “මිත්‍ර රියැදුර, මේ පුරුෂයා කුමක් කරන ලද්දේ ද? මොහුගේ ඇස් ද අන්‍යයන්ගේ ඇස් බඳු නොවෙයි. මොහුගේ හඬ ද අන්‍යයන්ගේ හඬ බඳු නොවෙයි” යි. “දේවයිනි, මොහු රෝගාතුරයා නම් වෙයි.” “මිත්‍ර රියැදුර, මේ රෝගාතුරයා නම් කුමක් ද?” “දේවයිනි, රෝගාතුර වීම නම් මෙය යි. එනම් ඒ රෝගයෙන් ඉක්මනින් ගොඩ එන්නේ නම් මැනැවැයි පැතුම වන්නේ ය.” “කිම? මිත්‍ර රියැදුර, මම ත් රෝගී වන ස්වභාවයෙන් යුතු වෙම් ද? රෝගී වීම නොඉක්මවූවෙක් වෙම් ද?” “දේවයිනි, ඔබ ත්, අපි ත් හැමෝ ම රෝගී බවට පත්වෙන ස්වභාවයෙන් යුක්ත වෙමු. එය ඉක්මවා නොගියෙමු.” “එසේ වී නම් මිත්‍ර රියැදුර, අද උයන් භූමියට යාමෙන් කම් නැත. මෙතැනින් ම හැරී ඇතුළු නුවරට නික්ම යව” යි. “එසේ ය දේවයිනි” යි මම විපස්සී කුමරුට පිළිවදන් දී එතැනින් ම පෙරලා ඇතුළු නුවරට නික්ම ආවෙමි. දේවයිනි, ඇතුළු නුවරට පැමිණි ඒ විපස්සී කුමරු දුකට පත් වූයේ ය. දොම්නසින් කල්පනා කරන්නට වූයේ ය. ‘භවත්නි, මේ ඉපදීමට නම් නින්දා වේවා! යම් තැනක උපන්නහුට නම්, ජරාවට පත්වීම පැණවෙන්නේ ය. රෝගී බවට පත්වීම පැණවෙන්නේ ය’ යි.”

51. අථ ඛෝ භික්ඛවේ, බන්ධුමස්ස රඤ්ඤෝ ඒතදහෝසි: මා හේව ඛෝ විපස්සී කුමාරෝ න රජ්ජං කාරේසි. මා හේව ඛෝ විපස්සී කුමාරෝ අගාරස්මා අනගාරියං පබ්බජි. මා හේව නේමිත්තානං බ්‍රාහ්මණානං සච්චං අස්ස වචනන්ති.

එවිට මහණෙනි, බන්ධුමා රජුට මේ අදහස ඇතිවිය. ‘විපස්සී කුමාරයා රාජ්‍යය නොකරන්නෙක් නොවේවා! විපස්සී කුමාරයා ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිද්දට නොයාවා! නිමිති පැවසූ බමුණන්ගේ වචනය සත්‍යය නොවේවා!’ යි.

52. අථ ඛෝ භික්ඛවේ, බන්ධුමා රාජා විපස්සිස්ස කුමාරස්ස භිය්‍යෝසෝමත්තාය පඤ්ච කාමගුණානි උපට්ඨපේසි, යථා විපස්සී කුමාරෝ රජ්ජං කරෙය්‍ය, යථා විපස්සී කුමාරෝ න අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍ය, යථා නේමිත්තානං බ්‍රාහ්මණානං මිච්ඡා අස්ස වචනන්ති. තත්‍ර සුදං භික්ඛවේ, විපස්සී කුමාරෝ පඤ්චහි කාමගුණේහි සමප්පිතෝ සමංගීභූතෝ පරිචාරේති.

ඉක්බිති මහණෙනි, බන්ධුමා රජු විපස්සී කුමාරයා යම් සේ රාජ්‍යය කරවන්නේ ද, විපස්සී කුමාරයා යම් සේ ගිහිගෙයින් නික්ම අනගාරික පැවිද්දට නොයන්නේ ද, යම් සේ නිමිති පැවසූ බමුණන්ගේ වචන බොරු වන්නේ ද, ඒ අයුරින් බොහෝ සෙයින් විපස්සී කුමරුට පස් කම් සැප සළසා දුන්නේ ය. එවිට මහණෙනි, විපස්සී කුමරු ඒ පස්කම් ගුණයෙන් සතුටු වෙමින් ඒවා පිරිවරා වාසය කරයි.

53. අථ ඛෝ භික්ඛවේ, විපස්සී කුමාරෝ බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයේන සාරථිං ආමන්තේසි: “යෝජේහි සම්ම සාරථි, භද්දානි භද්දානි යානානි, උය්‍යානභූමිං ගච්ඡාම සුභූමිං දස්සනායා”ති. ‘ඒවං දේවා’ති ඛෝ භික්ඛවේ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා භද්දානි භද්දානි යානානි යෝජෙත්වා විපස්සිස්ස කුමාරස්ස පටිවේදේසි: “යුත්තානි ඛෝ තේ දේව, භද්දානි භද්දානි යානානි, යස්ස’දානි කාලං මඤ්ඤසී”ති. අථ ඛෝ භික්ඛවේ, විපස්සී කුමාරෝ භද්දං යානං අභිරුහිත්වා භද්දේහි භද්දේහි යානේහි උය්‍යානභූමිං නිය්‍යාසි.

එකල්හී මහණෙනි, විපස්සී කුමරු බොහෝ වසර ගණනක්, බොහෝ වසර සියගණනක්, බොහෝ වසර දහස් ගණනක් ඇවෑමෙන් රියැදුරු ඇමතුවේ ය. “මිත්‍ර රියැදුර, සොඳුරු සොඳුරු යානයන් පිළියෙල කරව. සිත්කළු බිම් දකින්නට උයන් බිමට යන්නෙමු” යි. එවිට මහණෙනි, “එසේය දේවයිනි”යි රියැදුරු තෙමේ විපස්සී කුමරුට පිළිවදන් දී සොඳුරු සොඳුරු යානයන් සකසා “දේවයිනි, සොඳුරු සොඳුරු යානයෝ සකසන ලද්දාහු ය. යම් ගමනකට කාලය යැයි හඟිත් ද, දැන් ඒ සඳහා කාලය යි” යි විපස්සී කුමරුට පැවසී ය. එකල්හී මහණෙනි, විපස්සී කුමාර තෙමේ සොඳුරු යානයක නැග, සොඳුරු සොඳුරු යානයන් පිරිවරා උයන්බිම බලා නික්ම ගියේ ය.

54. අද්දසා ඛෝ භික්ඛවේ, විපස්සී කුමාරෝ උය්‍යානභූමිං නිය්‍යන්තෝ මහාජනකායං සන්නිපතිතං නානාරත්තානඤ්ච දුස්සානං විලාතං කයිරමානං, දිස්වා සාරථිං ආමන්තේසි: “කින් නු ඛෝ සෝ සම්ම සාරථි, මහාජනකායෝ සන්නිපතිතෝ, නානාරත්තානඤ්ච දුස්සානං විලාතං කයිරතී?”ති. “ඒසෝ ඛෝ දේව, කාලකතෝ නාමා’ති. “තේන හි සම්ම සාරථි, යේන සෝ කාලකතෝ තේන රථං පේසේහී”ති. ‘ඒවං දේවා’ති ඛෝ භික්ඛවේ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා යේන සෝ කාලකතෝ තේන රථං පේසේසි.

එවිට මහණෙනි, විපස්සී කුමාර තෙමේ උයන් බිම බලා යන්නේ බොහෝ ජනයා රැස් ව නන් වැදෑරුම් රතු පැහැ ගත් වස්ත්‍රයන්ගෙන් සිවි ගෙයක් කරනු දැක්කේ ය. දැක රියැදුරු ඇමතුවේ ය. “මිත්‍ර රියැදුර, මේ මහජනයා රැස් ව නා නා රතු පැහැයෙන් යුතු වස්ත්‍ර ගෙන සිවි ගෙයක් කරන්නේ ඇයි?” යි. “දේවයිනි, මෙය මිනිසෙක් මැරුණේ නම් වේ.” “එසේ වී නම් මිත්‍ර රියැදුර, මේ මරණයට පත් වූ තැනැත්තා යම් තැනක ද, එතැනට රථය පදවාගෙන යව.” “එසේ ය, දේවයිනි” යි මහණෙනි, ඒ රියැදුරු තෙමේ විපස්සී කුමරුට පිළිවදන් දී කළුරිය කළ තැනැත්තා වෙත රථය පැදවී ය.

55. අද්දසා ඛෝ භික්ඛවේ, විපස්සී කුමාරෝ පේතං කාලකතං දිස්වා සාරථිං ආමන්තේසි: “කිම් පනායං සම්ම සාරථි, කාලකතෝ නාමා?”ති. “ඒසෝ ඛෝ දේව කාලකතෝ නාම. න’දානි තං දක්ඛින්ති මාතා වා පිතා වා අඤ්ඤේ වා ඤාතිසාලෝහිතා. සෝ’පි න දක්ඛිස්සති මාතරං වා පිතරං වා අඤ්ඤේ වා ඤාතිසාලෝහිතේ”ති. කිම්පන සම්ම සාරථි, අහම්පි මරණධම්මෝ මරණං අනතීතෝ? මම්පි න දක්ඛින්ති දේවෝ වා දේවී වා අඤ්ඤේ වා ඤාතිසාලෝහිතා? අහම්පි න දක්ඛිස්සාමි දේවං වා දේවිං වා අඤ්ඤේ වා ඤාතිසාලෝහිතේ?”ති. “ත්වඤ්ච දේව, මයඤ්චම්හා සබ්බේ මරණධම්මා මරණං අනතීතා. තම්පි න දක්ඛින්ති දේවෝ වා දේවී වා අඤ්ඤේ වා ඤාතිසාලෝහිතා. ත්වම්පි න දක්ඛිස්සසි දේවං වා දේවිං වා අඤ්ඤේ වා ඤාතිසාලෝහිතේ”ති. “තේන හි සම්ම සාරථි, අලන්දානජ්ජ උය්‍යානභූමියා, ඉතෝ’ව අන්තේපුරං පච්චනිය්‍යාහී”ති. ‘ඒවං දේවා’ති ඛෝ භික්ඛවේ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා, තතෝ’ව අන්තේපුරං පච්චනිය්‍යාසි. තත්‍ර සුදං භික්ඛවේ, විපස්සී කුමාරෝ අන්තේපුරගතෝ දුක්ඛී දුම්මනෝ පජ්ඣායති: “ධිරත්ථු කිර භෝ ජාති නාම, යත්‍ර හි නාම ජාතස්ස ජරා පඤ්ඤායිස්සති, බ්‍යාධි පඤ්ඤායිස්සති, මරණං පඤ්ඤායිස්සතී”ති.

මහණෙනි, විපස්සී කුමරු මිය ගිය තැනැත්තා දැක රියැදුරු ඇමතුවේ ය. “මිත්‍ර රියැදුර, මේ මරණයට පත්වූයේ ය නම් කුමක් ද?” “දේවයිනි, මරණයට පත්වූයේ ය යනු මෙය යි. දැන් මව හෝ පියා හෝ අන්‍ය ලේ ඥාතීහු හෝ මේ තැනැත්තා ව නොදකිති. මොහු ද මව හෝ පියා හෝ අන්‍ය ලේ ඥාතීන් හෝ නොදකින්නේ ය.” “කිම? මිත්‍ර රියැදුර, මම ත් මරණයට පත් වන ස්වභාවයෙන් යුතු වෙම් ද? මරණය නොඉක්මවූවෙක් වෙම් ද? පිය රජු හෝ මව් දේවිය හෝ අන්‍ය ලේ ඥාතීහු හෝ මා නොදකිත් ද? මම ත් පිය රජු හෝ මව් දේවිය හෝ අන්‍ය ලේ ඥාතීන් හෝ නොදකින්නෙම් ද?” “දේවයිනි, ඔබ ත්, අපි හැමෝ ම ත් මරණයට පත්වෙන ස්වභාවයෙන් යුක්ත වෙමු. එය ඉක්මවා නොගියෙමු. පිය රජු හෝ මව් දේවිය හෝ අන්‍ය ලේ ඥාතීහු හෝ ඔබව නොදකිති. ඔබ ත් පිය රජු හෝ මව් දේවිය හෝ අන්‍ය ලේ ඥාතීන් නොදකින්නෙහි ය.”

“එසේ වී නම් මිත්‍ර රියැදුර, අද උයන් භූමියට යාමෙන් කම් නැත. මෙතැනින් ම හැරී ඇතුළු නුවරට නික්ම යව” යි. මහණෙනි, “එසේ ය, දේවයිනි” යි ඒ රියැදුරා විපස්සී කුමරුට පිළිවදන් දී එතැනින් ම පෙරලා ඇතුළු නුවරට නික් ම ගියේ ය. මහණෙනි, එහිදී ඇතුළු නුවරට ගිය විපස්සී කුමරු දුකට පත් වූයේ ය. දොම්නසින් කල්පනා කරන්නට වූයේ ය. ‘භවත්නි, මේ ඉපදීමට නම් නින්දා වේවා! යම් තැනක උපන්නහුට නම්, ජරාවට පත්වීම පැණවෙන්නේ ය. රෝගී බවට පත්වීම පැණවෙන්නේ ය. මරණය පැණවෙන්නේ ය’ යි.

56. අථ ඛෝ භික්ඛවේ, බන්ධුමා රාජා සාරථිං ආමන්තාපෙත්වා ඒතදවෝච: “කච්චි සම්ම සාරථි, කුමාරෝ උය්‍යානභූමියා අභිරමිත්ථ? කච්චි සම්ම සාරථි, කුමාරෝ උය්‍යානභූමියා අත්තමනෝ අහෝසී?”ති. “න ඛෝ දේව කුමාරෝ උය්‍යානභූමියා අභිරමිත්ථ, න ඛෝ දේව කුමාරෝ උය්‍යානභූමියා අත්තමනෝ අහෝසී”ති. “කිම්පන සම්ම සාරථි, අද්දස කුමාරෝ උය්‍යානභූමිං නිය්‍යන්තෝ?”ති.

මහණෙනි, එවිට බන්ධුමා රජු රියැදුරු කැඳවා මෙය ඇසුවේ ය.

“කිම? මිත්‍ර රියැදුර, කුමාරයා උද්‍යාන භූමියෙහි ඇලී ගියේ ද? කිම? මිත්‍ර රියැදුර, කුමාරයා උද්‍යාන භූමියෙහි සතුටු වූයේ ද?” “දේවයිනි, කුමාරයා උද්‍යාන භූමියෙහි නොඇලුණේ ය. දේවයිනි, කුමාරයා උද්‍යාන භූමියෙහි නොසතුටු වූයේ ය.” “කිම? මිත්‍ර රියැදුර, කුමාරයා උද්‍යාන භූමියට යද්දී කිසිවක් දැක්කේ ද?”

57. “අද්දසා ඛෝ දේව, කුමාරෝ උය්‍යානභූමිං නිය්‍යන්තෝ මහාජනකායං සන්නිපතිතං නානාරත්තානඤ්ච දුස්සානං විලාතං කයිරමානං, දිස්වා මං ඒතදවෝච: ‘කින්නු ඛෝ සෝ සම්ම සාරථි, මහාජනකායෝ සන්නිපතිතෝ, නානාරත්තානඤ්ච දුස්සානං විලාතං කයිරතී?’ති. ‘ඒසෝ ඛෝ දේව, කාලකතෝ නාමා’ති. ‘තේන හි සම්ම සාරථි, යේන සෝ කාලකතෝ තේන රථං පේසේහී’ති. ‘ඒවං දේවා’ති ඛෝ අහං දේව, විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා යේන සෝ කාලකතෝ තේන රථං පේසේසිං. අද්දසා ඛෝ දේව, කුමාරෝ පේතං කාලකතං. දිස්වා මං ඒතදවෝච: ‘කිම්පනායං සම්ම සාරථි, කාලකතෝ නාමා?’ති. ‘ඒසෝ ඛෝ දේව, කාලකතෝ නාම, න’දානි තං දක්ඛින්ති මාතා වා පිතා වා අඤ්ඤේ වා ඤාතිසාලෝහිතා. සෝ’පි න දක්ඛිස්සති මාතරං වා පිතරං වා අඤ්ඤේ වා ඤාතිසාලෝහිතේ’ති. ‘කිම්පන සම්ම සාරථි, අහම්පි මරණධම්මෝ මරණං අනතීතෝ? මම්පි න දක්ඛින්ති දේවෝ වා දේවී වා අඤ්ඤේ වා ඤාතිසාලෝහිතා? අහම්පි න දක්ඛිස්සාමි දේවං වා දේවිං වා අඤ්ඤේ වා ඤාතිසාලෝහිතේ?’ති. ‘ත්වඤ්ච දේව, මයඤ්චම්හා සබ්බේ මරණධම්මා මරණං අනතීතා. තම්පි න දක්ඛින්ති දේවෝ වා දේවී වා අඤ්ඤේ වා ඤාතිසාලෝහිතා. ත්වම්පි න දක්ඛිස්සසි දේවං වා දේවිං වා අඤ්ඤේ වා ඤාතිසාලෝහිතේ’ති.‘තේන හි සම්ම සාරථි අලන්දානජ්ජ උය්‍යානභූමියා. ඉතෝ’ව අන්තේපුරං පච්චනිය්‍යාහී’ති. ‘ඒවං දේවා’ති ඛෝ අහං දේව, විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා තතෝ’ව අන්තේපුරං පච්චනිය්‍යාසිං. සෝ ඛෝ දේව, කුමාරෝ අන්තේපුරගතෝ දුක්ඛී දුම්මනෝ පජ්ඣායති: ‘ධිරත්ථු කිර භෝ ජාති නාම යත්‍ර හි නාම ජාතස්ස ජරා පඤ්ඤායිස්සති, බ්‍යාධි පඤ්ඤායිස්සති, මරණං පඤ්ඤායිස්සතී”ති.

දේවයිනි, කුමාරයා උයන් බිමට යන්නේ බොහෝ ජනයා රැස් ව නන් වැදෑරුම් රතු පැහැ ගත් වස්ත්‍රයන්ගෙන් සිවි ගෙයක් කරනු දැක්කේ ය. දැක මා ඇමතුවේ ය. “මිත්‍ර රියැදුර, මේ මහජනයා රැස් ව නා නා රතු පැහැයෙන් යුතු වස්ත්‍ර ගෙන සිවි ගෙයක් කරන්නේ ඇයි?” යි. “දේවයිනි, මේ තැනැත්තා මැරුණේ නම් වේ.” “එසේ වී නම් මිත්‍ර රියැදුර, ඒ මරණයට පත් වූ තැනැත්තා වෙතට රථය පදවා ගෙන යව.” “එසේ ය, දේවයිනි” යි මම විපස්සී කුමරුට පිළිවදන් දී කළුරිය කළ තැනැත්තා වෙත රථය පැදවීමි. දේවයිනි, විපස්සී කුමරු මිය ගිය තැනැත්තා දැක මා ඇමතුවේ ය. “මිත්‍ර රියැදුර, මේ මරණයට පත් වීම නම් කුමක් ද?” “දේවයිනි, මරණයට පත්වීම යනු මෙය යි. දැන් මව හෝ පියා හෝ අන්‍ය ලේ ඥාතියෙකු හෝ මේ තැනැත්තා ව නොදකිති. මොහු ද මව හෝ පියා හෝ අන්‍ය ලේ ඥාතියෙකු හෝ නොදකින්නේ ය.”

“කිම? මිත්‍ර රියැදුර, මම ත් මරණයට පත් වන ස්වභාවයෙන් යුතු වෙම් ද? මරණය නොඉක්මවූවෙක් වෙම් ද? පිය රජු හෝ මව් දේවිය හෝ අන්‍ය ලේ ඥාතීහු හෝ මා නොදකිත් ද? මම ත් පිය රජු හෝ මව් දේවිය හෝ අන්‍ය ලේ ඥාතීන් හෝ නොදකින්නෙම් ද?” “දේවයිනි, ඔබ ත්, අපි හැමෝ ම ත් මරණයට පත්වෙන ස්වභාවයෙන් යුක්ත වෙමු. එය ඉක්මවා නොගියෙමු. පිය රජු හෝ මව් දේවිය හෝ අන්‍ය ලේ ඥාතීහු හෝ ඔබව නොදකිති. ඔබ ත් පිය රජු හෝ මව් දේවිය හෝ අන්‍ය ලේ ඥාතීන් හෝ නොදකින්නෙහි ය.”

“එසේ වී නම් මිත්‍ර රියැදුර, අද උයන් භූමියට යාමෙන් කම් නැත. මෙතැනින් ම හැරී ඇතුළු නුවරට යව” යි. “එසේ ය, දේවයිනි” යි මම විපස්සී කුමරුට පිළිවදන් දී එතැනින් ම පෙරලා ඇතුළු නුවරට නික්ම ආවෙමි. දේවයිනි, ඇතුළු නුවරට පැමිණි ඒ කුමරු දුකට පත් වූයේ ය. දොම්නසින් කල්පනා කරන්නට වූයේ ය. ‘භවත්නි, මේ ඉපදීමට නම් නින්දා වේවා! යම් තැනක උපන්නහුට නම්, ජරාවට පත්වීම පැණවෙන්නේ ය. රෝගී බවට පත්වීම පැණවෙන්නේ ය. මරණය පැණවෙන්නේ ය’ යි.”

58. අථ ඛෝ භික්ඛවේ, බන්ධුමස්ස රඤ්ඤෝ ඒතදහෝසි: “මා හේව ඛෝ විපස්සී කුමාරෝ න රජ්ජං කාරේසි. මා හේව විපස්සී කුමාරෝ අගාරස්මා අනගාරියං පබ්බජි. මා හේව ඛෝ නේමිත්තානං බ්‍රාහ්මණානං සච්චං අස්ස වචනන්ති.” අථ ඛෝ භික්ඛවේ, බන්ධුමා රාජා විපස්සිස්ස කුමාරස්ස භිය්‍යෝසෝමත්තාය පඤ්ච කාමගුණානි උපට්ඨපේසි, යථා විපස්සී කුමාරෝ රජ්ජං කරෙය්‍ය, යථා විපස්සී කුමාරෝ න අගාරස්මා අනගාරියං පබ්බජෙය්‍ය, යථා නේමිත්තානං බ්‍රාහ්මණානං මිච්ඡා අස්ස වචනන්ති. තත්‍ර සුදං භික්ඛවේ විපස්සී කුමාරෝ පඤ්චහි කාමගුණේහි සමප්පිතෝ සමංගීභූතෝ පරිචාරේති.

එවිට මහණෙනි, බන්ධුමා රජුට මේ අදහස ඇතිවිය. ‘විපස්සී කුමාරයා රාජ්‍යය නොකරන්නෙක් නොවේවා! විපස්සී කුමාරයා ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිද්දට නොයාවා! නිමිති පැවසූ බමුණන්ගේ වචනය සත්‍යය නොවේවා!’ යි. ඉක්බිති මහණෙනි, බන්ධුමා රජු විපස්සී කුමාරයා යම් සේ රාජ්‍ය කරවන්නේ ද, විපස්සී කුමාරයා යම් සේ ගිහිගෙයින් නික්ම අනගාරික පැවිද්දට නොයන්නේ ද, යම් සේ නිමිති පැවසූ බමුණන්ගේ වචන බොරු වන්නේ ද, ඒ අයුරින් බොහෝ සෙයින් විපස්සී කුමරුට පස් කම් සැප සළසා දුන්නේ ය. එවිට මහණෙනි, විපස්සී කුමරු ඒ පස්කම් ගුණයෙන් සතුටු වෙමින් ඒවා පිරිවරා වාසය කරයි.

59. අථ ඛෝ භික්ඛවේ, විපස්සී කුමාරෝ බහුන්නං වස්සානං බහුන්නං වස්සසතානං බහුන්නං වස්සසහස්සානං අච්චයේන සාරථිං ආමන්තේසි: “යෝජේහි සම්ම සාරථි, භද්දානි භද්දානි යානානි, උය්‍යානභූමිං ගච්ඡාම සුභූමිං දස්සනායා”ති. ‘ඒවං දේවා’ති ඛෝ භික්ඛවේ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා භද්දානි භද්දානි යානානි යෝජෙත්වා විපස්සිස්ස කුමාරස්ස පටිවේදේසි: “යුත්තානි ඛෝ තේ දේව, භද්දානි භද්දානි යානානි, යස්ස’දානි කාලං මඤ්ඤසී”ති. අථ ඛෝ භික්ඛවේ, විපස්සී කුමාරෝ භද්දං යානං අභිරුහිත්වා භද්දේහි භද්දේහි යානේහි උය්‍යානභූමිං නිය්‍යාසි.

එකල්හී මහණෙනි, විපස්සී කුමරු බොහෝ වසර ගණනක්, බොහෝ වසර සියගණනක්, බොහෝ වසර දහස් ගණනක් ඇවෑමෙන් රියැදුරු ඇමතුවේ ය. “මිත්‍ර රියැදුර, සොඳුරු සොඳුරු යානයන් පිළියෙල කරව. සිත්කළු බිම් දකින්නට උයන් බිමට යන්නෙමු” යි. එවිට මහණෙනි, “එසේය දේවයිනි”යි රියැදුරු තෙමේ විපස්සී කුමරුට පිළිවදන් දී සොඳුරු සොඳුරු යානයන් සකසා “දේවයිනි, සොඳුරු සොඳුරු යානයෝ සකසන ලද්දාහු ය. යම් ගමනකට කාලය යැයි හඟිත් ද, දැන් ඒ සඳහා කාලය යි” යි විපස්සී කුමරුට පැවසී ය. එකල්හී මහණෙනි, විපස්සී කුමාර තෙමේ සොඳුරු යානයක නැග, සොඳුරු සොඳුරු යානයන් පිරිවරා උයන්බිම බලා නික්ම ගියේ ය.

60. අද්දසා ඛෝ භික්ඛවේ, විපස්සී කුමාරෝ උය්‍යානභූමිං නිය්‍යන්තෝ පුරිසං භණ්ඩුං පබ්බජිතං කාසාවවසනං දිස්වා සාරථිං ආමන්තේසි: “අයම්පන සම්ම සාරථි, පුරිසෝ කිංකතෝ? සීසම්පි’ස්ස න යථා අඤ්ඤේසං, වත්ථානි පි’ස්ස න යථා අඤ්ඤේස”න්ති. “ඒසෝ ඛෝ දේව, පබ්බජිතෝ නාමා”ති. කිම්පනේසෝ සම්ම සාරථි, පබ්බජිතෝ නාමා?”ති. “ඒසෝ ඛෝ දේව පබ්බජිතෝ නාම: ‘සාධු ධම්මචරියා, සාධු සමචරියා, සාධු කුසලකිරියා, සාධු පුඤ්ඤකිරියා, සාධු අවිහිංසා, සාධු භූතානුකම්පා”ති. “සාධු ඛෝ සෝ සම්ම සාරථි, පබ්බජිතෝ නාම. සාධු සම්ම සාරථි, ධම්මචරියා, සාධු සමචරියා, සාධු කුසලකිරියා, සාධු පුඤ්ඤකිරියා, සාධු අවිහිංසා, සාධු භූතානුකම්පා. තේන හි සම්ම සාරථි, යේන සෝ පබ්බජිතෝ තේන රථං පේසේහී”ති. ‘ඒවං දේවා’ති ඛෝ භික්ඛවේ, සාරථි විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා යේන සෝ පබ්බජිතෝ තේන රථං පේසේසි. අථ ඛෝ භික්ඛවේ, විපස්සී කුමාරෝ තං පබ්බජිතං ඒතදවෝච: “ත්වම්පන සම්ම, කිංකතෝ? සීසම්පි තේ න යථා අඤ්ඤේසං, වත්ථානි’පි තේ න යථා අඤ්ඤේසන්ති?” “අහං ඛෝ දේව, පබ්බජිතෝ නාමා”ති, “කිං පන ත්වං සම්ම, පබ්බජිතෝ නාමා?”ති. “අහං ඛෝ දේව පබ්බජිතෝ නාම, ‘සාධු ධම්මචරියා, සාධු සමචරියා, සාධු කුසලකිරියා, සාධු පුඤ්ඤකිරියා, සාධු අවිහිංසා, සාධු භූතානුකම්පා’ති. “සාධු ඛෝ ත්වං සම්ම, පබ්බජිතෝ නාම, සාධු ධම්මචරියා, සාධු සමචරියා, සාධු කුසලකිරියා, සාධු පුඤ්ඤකිරියා, සාධු අවිහිංසා, සාධු භූතානුකම්පාති”.

එවිට මහණෙනි, විපස්සී කුමාර තෙමේ උයන් බිම බලා යන්නේ හිස මුඩු කර කසාවත් පෙර වූ පැවිදි පුරුෂයෙකු දැක්කේ ය. දැක රියැදුරු ඇමතුවේ ය. “මිත්‍ර රියැදුර, මේ පුරුෂයා කුමක් කරගන්නා ලද්දේ ද? මොහු ගේ හිස ද අන් අයගේ මෙන් නොවේ. මොහුගේ වස්ත්‍ර ද අන් අයගේ මෙන් නොවෙයි” යි. “දේවයිනි, මොහු පැවිද්දා නම් වේ.” “මිත්‍ර රියැදුර, මේ පැවිද්දා නම් කුමක්ද?” “දේවයිනි මේ පැවිද්දා නම් මෙයයි. ධර්මයෙහි හැසිරීම මැනැවි. සමචරියාව මැනැවි. කුසල ක්‍රියාව මැනැවි. පින් කිරීම මැනැවි. අහිංසාව මැනැවි. සත්වයන් හට අනුකම්පා කිරීම මැනැවි” යි. “මිත්‍ර රියැදුර, ඒ පැවිද්දා නම් ඉතා හොඳ ය. මිත්‍ර රියැදුර, දහමේ හැසිරීම හොඳ ය. සම හැසිරීම හොඳ ය. කුසල ක්‍රියාව හොඳ ය. පුණ්‍ය ක්‍රියාව හොඳ ය. අහිංසාව හොඳ ය. සත්වයන් කෙරෙහි අනුකම්පාව ත් හොඳ ය. එසේ වී නම් මිත්‍ර රියැදුර, ඒ පැවිද්දා කරා රථය පදවව.”

මහණෙනි, “එසේ ය, දේවයිනි” යි රියැදුරු තෙමේ විපස්සී කුමරුට පිළිවදන් දී ඒ පැවිද්දා කරා රථය පැදවී ය. එවිට මහණෙනි, විපස්සී කුමරු ඒ පැවිද්දාගෙන් මෙය ඇසුවේ ය. “මිත්‍රය, ඔබ කුමක් කරනු ලැබුවේ ද? ඔබගේ හිස ත් අන් අයගේ බඳු නොවෙයි. ඔබගේ වස්ත්‍ර ත් අන් අයගේ බඳු නොවෙයි.” “දේවයිනි, මම් වනාහී පැවිද්දා නම් වෙමි.” “මිත්‍රය, ඔබ කවර හෙයින් පැවිද්දා නම් වෙයි ද?” “දේවයිනි, මම් වනාහී පැවිද්දා නම් වූයේ ධම්ම චරියාව මැනැවි. සම චරියාව මැනැවි. කුසලක්‍රියාව මැනැවි. පුණ්‍යක්‍රියාව මැනැවි. අහිංසාව මැනැවි. සත්වයන් කෙරෙහි අනුකම්පාව මැනැවි යන අදහසිනි.” “මිත්‍රය, ඔබ පැවිද්දා නම් වූයේ මැනැවි. ධම්ම චරියාව මැනැවි. සම චරියාව මැනැවි. කුසලක්‍රියාව මැනැවි. පුණ්‍යක්‍රියාව මැනැවි. අහිංසාව මැනැවි. සත්වයන් කෙරෙහි අනුකම්පාව මැනැවි”යි.

61. අථ ඛෝ භික්ඛවේ, විපස්සී කුමාරෝ සාරථිං ආමන්තේසි: “තේන හි සම්ම සාරථි, රථං ආදාය ඉතෝ’ව අන්තේපුරං පච්චනිය්‍යාහි. අහං පන ඉධේව කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සාමී”ති. ‘ඒවං දේවා’ති ඛෝ භික්ඛවේ සාරථි, විපස්සිස්ස කුමාරස්ස පටිස්සුත්වා රථං ආදාය තතෝ’ව අන්තේපුරං පච්චනිය්‍යාසි.

මහණෙනි, ඉක්බිති විපස්සී කුමරු රියැදුරු ඇමතුවේ ය. “එසේ වී නම් මිත්‍ර රියැදුර, ඔබ රථය ගෙන මෙතැනින් ම ඇතුළු නුවරට පෙරළා යව. මම මෙහි දී ම කෙස් රැවුල් බහා, කසාවත් පොරොවා, ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වන්නෙමි” යි. මහණෙනි, “එසේ ය, දේවයිනි” යි විපස්සී කුමරුට පිළිතුරු දුන් රියැදුරු තෙමේ රථය ගෙන එතැනින් ම හැරී ඇතුළු නුවරට නික්ම ගියේ ය.

62. විපස්සී පන භික්ඛවේ, කුමාරෝ තත්ථේව කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජි. අස්සෝසි ඛෝ භික්ඛවේ, බන්ධුමතියා රාජධානියා මහාජනකායෝ චතුරාසීතිපාණසහස්සානි: “විපස්සී කිර කුමාරෝ කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතෝ”ති. සුත්වාන තේසං ඒතදහෝසි: “න හි නූන සෝ ඕරකෝ ධම්මවිනයෝ, න සා ඕරකා පබ්බජ්ජා, යත්ථ විපස්සී කුමාරෝ කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතෝ. විපස්සී’පි නාම කුමාරෝ කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සති කිමංගපන මයන්ති?” අථ ඛෝ සෝ භික්ඛවේ මහාජනකායෝ චතුරාසීතිපාණසහස්සානි කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා විපස්සිං බෝධිසත්තං අගාරස්මා අනගාරියං පබ්බජිතං අනුපබ්බජිංසු. තාය සුදං භික්ඛවේ, පරිසාය පරිවුතෝ විපස්සී බෝධිසත්තෝ ගාමනිගමජනපදරාජධානීසු චාරිකං චරති.

මහණෙනි, විපස්සී කුමරු එහි ම කෙස් රැවුල් බහා, කසාවත් පොරොවා, ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වූයේ ය. එකල්හී මහණෙනි, බන්ධුමතී රාජධානියෙහි අසූ හාරදහසක් මහා ජනකාය ‘විපස්සී කුමරු කෙස් රැවුල් බහා කසාවත් හැඳ ගිහිගෙයින් නික්ම පැවිදි වූයේ යැ’යි ඇසුවේ ය. එය ඇසූ ඔවුන්ට මේ අදහස ඇතිවිය. ‘විපස්සී කුමරු කෙස් රැවුල් බහා කසාවත් පොරොවා ගිහි ගෙයින් නික්ම යම් තැනක පැවිදි වූයේ ද, ඒ ධර්ම විනය ළාමක දෙයක් නොවන්නේ ම ය. ඒ පැවිද්ද ළාමක දෙයක් නොවන්නේ ම ය. විපස්සී කුමාරයා වැනි කෙනෙකුත් කෙස් රැවුල් බහා කසාවත් පොරොවා ගිහි ගෙයින් නික්ම පැවිදි වූයේ නම් අප වැනි අය කුමක් කළ යුතුද?’ යි.

මහණෙනි, ඉක්බිති ඒ අසූහාර දහසක් මහාජනකාය ද කෙස් රැවුල් බහා කසාවත් පොරොවා, විපස්සී බෝසතුන් ගිහි ගෙයින් නික්ම පැවිදි වූ අයුරින් ම පැවිදි වූහ. මහණෙනි, විපස්සී බෝධිසත්ව තෙමේ ඒ පිරිස පිරිවරා ගම් නියම්ගම් ජනපද රාජධානිවල චාරිකාවෙහි සැරිසරා යයි.

63. අථ ඛෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්තස්ස රහෝගතස්ස පටිසල්ලීනස්ස ඒවං චේතසෝ පරිවිතක්කෝ උදපාදි: න ඛෝ මේතං පතිරූපං යෝ’හං ආකිණ්ණෝ විහරාමි, යන්නූනාහං ඒකෝ ගණම්හා වූපකට්ඨෝ විහරෙය්‍යන්ති. අථ ඛෝ භික්ඛවේ විපස්සී බෝධිසත්තෝ අපරේන සමයේන ඒකෝ ගණම්හා වූපකට්ඨෝ විහාසි. අඤ්ඤේනේව තානි චතුරාසීතිපබ්බජිතසහස්සානි අගමංසු, අඤ්ඤේන විපස්සී බෝධිසත්තෝ.

එකල්හී මහණෙනි, හුදෙකලාවෙහි චිත්ත විවේකයෙන් හුන් විපස්සී බෝසතුන් හට මේ අදහස ඇතිවිය. ‘පිරිස් පිරිවරාගෙන වාසය කිරීම යන මෙය මට නුසුදුසු දෙයකි. එහෙයින් මම් හුදෙකලා ව පිරිස් කෙරෙන් වෙන් ව තනි ව වාසය කරන්නේ නම් මැනැවි’ යි. එවිට මහණෙනි, විපස්සී බෝධිසත්ව තෙමේ පසුකලෙක හුදෙකලාව පිරිසෙන් වෙන් ව තනි ව වාසය කළේ ය. අසූහාර දහසක් පැවිදි පිරිස අන් දෙසකට ගියහ. විපස්සී බෝධිසත්ව තෙමේ අන් දෙසකට ගියේ ය.

64. අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස වාසූපගතස්ස රහෝගතස්ස පටිසල්ලීනස්ස ඒවං චේතසෝ පරිවිතක්කෝ උදපාදි: “කිච්ඡං වතායං ලෝකෝ ආපන්නෝ, ජායති ච ජීයති ච මීයති ච චවති ච උපපජ්ජති ච. අථ ච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං නප්පජානාති ජරාමරණස්ස. කුදස්සු නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං පඤ්ඤායිස්සති ජරාමරණස්සා?ති.

මහණෙනි, එකල්හී (ඒ පළොල් රුක් සෙවණෙහි) හුදෙකලාවෙහි භාවනාවෙන් හුන් විපස්සී බෝසතුන්ගේ සිතෙහි මෙවැනි කල්පනාවක් හටගත්තේ ය. ‘අහෝ! මේ ලෝක සත්වයා දුකට පත් වූයේ ය. උපදින්නේ ද වේ. ජරාවට පත්වන්නේ ද වේ. මැරෙන්නේ ද වේ. එසේ චුත ව යළි උපදින්නේ ද වේ. එනමුදු මේ ජරා මරණයෙන් යුතු දුකෙන් නිදහස් වීමක් නොදන්නේ ය. කවරදාක නම් ජරා මරණයෙන් යුතු මේ දුකෙන් නිදහස් වීමක් දකින්නට ලැබේවි ද?’

65. අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස ඒතදහෝසි: “කිම්හි නු ඛෝ සති ජරාමරණං හෝති, කිම්පච්චයා ජරාමරණ”න්ති. අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස යෝනිසෝ මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයෝ: “ජාතියා ඛෝ සති ජරාමරණං හෝති, ජාතිපච්චයා ජරාමරණ”න්ති.

ඉක්බිති මහණෙනි, විපස්සී බෝසතුන් හට මේ අදහස ඇතිවිය. ‘කුමක් තිබුණොත් ද ජරා මරණ ඇතිවෙන්නේ? කුමක් හේතුවෙන් ද ජරාමරණ ඇතිවන්නේ?’ එවිට මහණෙනි, නුවණ යොදා මෙනෙහි කරමින් සිටි විපස්සී බෝසතුන් තුළ ‘ඉපදීම තිබුණොත් ජරා මරණ ඇති වෙයි. ඉපදීම නිසා ය ජරා මරණ ඇතිවෙන්නේ’ යනුවෙන් ප්‍රඥාවෙන් අවබෝධය ඇති විය.

66. අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස ඒතදහෝසි: “කිම්හි නු ඛෝ සති ජාති හෝති කිම්පච්චයා ජාතී”ති. අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස යෝනිසෝමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයෝ: “භවේ ඛෝ සති ජාති හෝති, භව පච්චයා ජාතී”ති.

ඉක්බිති මහණෙනි, විපස්සී බෝසතුන් හට මේ අදහස ඇතිවිය. ‘කුමක් තිබුණොත් ද ඉපදීම ඇතිවෙන්නේ? කුමක් හේතුවෙන් ද ඉපදීම ඇතිවන්නේ?’ එවිට මහණෙනි, නුවණ යොදා මෙනෙහි කරමින් සිටි විපස්සී බෝසතුන් තුළ ‘විපාක පිණිස කර්ම සකස් වීම තිබුණොත් ඉපදීම ඇති වෙයි. විපාක පිණිස කර්ම සකස් වීම නිසා ය ඉපදීම ඇතිවෙන්නේ’ යනුවෙන් ප්‍රඥාවෙන් අවබෝධය ඇති විය.

67. අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස ඒතදහෝසි: “කිම්හි නු ඛෝ සති භවෝ හෝති කම්පච්චයා භවෝ”ති. අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස යෝනිසෝමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයෝ: “උපාදානේ ඛෝ සති භවෝ හෝති, උපාදානපච්චයා භවෝ”ති.

ඉක්බිති මහණෙනි, විපස්සී බෝසතුන් හට මේ අදහස ඇතිවිය. ‘කුමක් තිබුණොත් ද විපාක පිණිස කර්ම සකස් වීම ඇතිවෙන්නේ? කුමක් හේතුවෙන් ද විපාක පිණිස කර්ම සකස් වීම ඇතිවන්නේ?’ එවිට මහණෙනි, නුවණ යොදා මෙනෙහි කරමින් සිටි විපස්සී බෝසතුන් තුළ ‘ග්‍රහණයට හසු වී තිබුණොත් විපාක පිණිස කර්ම සකස් වීම ඇති වෙයි. ග්‍රහණයට හසු වීම නිසා ය විපාක පිණිස කර්ම සකස් වීම ඇතිවෙන්නේ’ යනුවෙන් ප්‍රඥාවෙන් අවබෝධය ඇති විය.

68. අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස ඒතදහෝසි: “කිම්හි නු ඛෝ සති උපාදානං හෝති කිම්පච්චයා උපාදානන්ති.” අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස යෝනිසෝ මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයෝ: “තණ්හාය ඛෝ සති උපාදානං හෝති, තණ්හාපච්චයා උපාදානන්ති.”

ඉක්බිති මහණෙනි, විපස්සී බෝසතුන් හට මේ අදහස ඇතිවිය. ‘කුමක් තිබුණොත් ද ග්‍රහණයට හසුවීම ඇතිවෙන්නේ? කුමක් හේතුවෙන් ද ග්‍රහණයට හසුවීම ඇතිවන්නේ?’ එවිට මහණෙනි, නුවණ යොදා මෙනෙහි කරමින් සිටි විපස්සී බෝසතුන් තුළ ‘ආශාවෙන් ඇදී යාම තිබුණොත් ග්‍රහණයට හසුවීම ඇති වෙයි. ආශාවෙන් ඇදී යාම නිසා ය ග්‍රහණයට හසුවීම ඇතිවෙන්නේ’ යනුවෙන් ප්‍රඥාවෙන් අවබෝධය ඇති විය.

69. අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස ඒතදහෝසි: “කිම්හි නු ඛෝ සති තණ්හා හෝති, කිම්පච්චයා තණ්හා”ති. අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස යෝනිසෝ මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයෝ: “වේදනාය ඛෝ සති තණ්හා හෝති, වේදනාපච්චයා තණ්හා”ති.

ඉක්බිති මහණෙනි, විපස්සී බෝසතුන් හට මේ අදහස ඇතිවිය. ‘කුමක් තිබුණොත් ද ආශාවෙන් ඇදී යාම ඇතිවෙන්නේ? කුමක් හේතුවෙන් ද ආශාවෙන් ඇදී යාම ඇතිවන්නේ?’ එවිට මහණෙනි, නුවණ යොදා මෙනෙහි කරමින් සිටි විපස්සී බෝසතුන් තුළ ‘විඳීම තිබුණොත් ආශාවෙන් ඇදී යාම ඇති වෙයි. විඳීම නිසා ය ආශාවෙන් ඇදී යන්නේ’ යනුවෙන් ප්‍රඥාවෙන් අවබෝධය ඇති විය.

70. අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස ඒතදහෝසි: “කිම්හි නු ඛෝ සති වේදනා හෝති, කිම්පච්චයා වේදනා”ති. අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස යෝනිසෝ මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයෝ: “ඵස්සේ ඛෝ සති වේදනා හෝති, ඵස්සපච්චයා වේදනා”ති.

ඉක්බිති මහණෙනි, විපස්සී බෝසතුන් හට මේ අදහස ඇතිවිය. ‘කුමක් තිබුණොත් ද විඳීම ඇතිවෙන්නේ? කුමක් හේතුවෙන් ද විඳීම ඇතිවන්නේ?’ එවිට මහණෙනි, නුවණ යොදා මෙනෙහි කරමින් සිටි විපස්සී බෝසතුන් තුළ ආධ්‍යාත්ම ආයතනයත්, බාහිර ආයතනයත්, විඤ්ඤාණයත් එකට එක් වී තිබුණොත් විඳීම ඇති වෙයි. ආධ්‍යාත්ම ආයතනයත්, බාහිර ආයතනයත්, විඤ්ඤාණයත් එකට එක් වීම නිසා ය විඳීම ඇති වන්නේ’ යනුවෙන් ප්‍රඥාවෙන් අවබෝධය ඇති විය.

71. අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස ඒතදහෝසි: “කිම්හි නු ඛෝ සති ඵස්සෝ හෝති, කිම්පච්චයා ඵස්සෝ”ති. අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස යෝනිසෝ මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයෝ: “සළායතනේ ඛෝ සති ඵස්සෝ හෝති, සළායතනපච්චයා ඵස්සෝ”ති.

ඉක්බිති මහණෙනි, විපස්සී බෝසතුන් හට මේ අදහස ඇතිවිය. ‘කුමක් තිබුණොත් ද ආධ්‍යාත්ම ආයතනයත්, බාහිර ආයතනයත්, විඤ්ඤාණයත් එකට එක් වන්නේ? කුමක් හේතුවෙන් ද ආධ්‍යාත්ම ආයතනයත්, බාහිර ආයතනයත්, විඤ්ඤාණයත් එකට එක් වන්නේ?’ එවිට මහණෙනි, නුවණ යොදා මෙනෙහි කරමින් සිටි විපස්සී බෝසතුන් තුළ ‘ආයතන හය තිබුණොත් ආධ්‍යාත්ම ආයතනයත්, බාහිර ආයතනයත්, විඤ්ඤාණයත් එකට එක් වෙයි. ආයතන හය නිසා ය ආධ්‍යාත්ම ආයතනයත්, බාහිර ආයතනයත්, විඤ්ඤාණයත් එකට එක් වන්නේ’ යනුවෙන් ප්‍රඥාවෙන් අවබෝධය ඇති විය.

72. අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස ඒතදහෝසි: “කිම්හි නු ඛෝ සති සළායතනං හෝති, කිම්පච්චයා සළායතනන්ති.” අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස යෝනිසෝ මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයෝ: “නාමරූපේ ඛෝ සති සළායතනං හෝති, නාමරූපපච්චයා සළායතනන්ති.”

ඉක්බිති මහණෙනි, විපස්සී බෝසතුන් හට මේ අදහස ඇතිවිය. ‘කුමක් තිබුණොත් ද ආයතන හය ඇති වන්නේ? කුමක් හේතුවෙන් ද ආයතන හය ඇතිවන්නේ?’ එවිට මහණෙනි, නුවණ යොදා මෙනෙහි කරමින් සිටි විපස්සී බෝසතුන් තුළ ‘නාමරූප තිබුණොත් ආයතන හය ඇති වෙයි. නාමරූප නිසා ය ආයතන හය ඇති වන්නේ’ යනුවෙන් ප්‍රඥාවෙන් අවබෝධය ඇති විය.

73. අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස ඒතදහෝසි: “කිම්හි නු ඛෝ සති නාමරූපං හෝති, කිම්පච්චයා නාමරූපන්ති.” අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස යෝනිසෝ මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයෝ: “විඤ්ඤාණේ ඛෝ සති නාමරූපං හෝති, විඤ්ඤාණපච්චයා නාමරූපන්ති.”

ඉක්බිති මහණෙනි, විපස්සී බෝසතුන් හට මේ අදහස ඇතිවිය. ‘කුමක් තිබුණොත් ද නාමරූප ඇති වන්නේ? කුමක් හේතුවෙන් ද නාමරූප ඇතිවන්නේ?’ එවිට මහණෙනි, නුවණ යොදා මෙනෙහි කරමින් සිටි විපස්සී බෝසතුන් තුළ ‘විඤ්ඤාණය තිබුණොත් නාමරූප ඇති වෙයි. විඤ්ඤාණය නිසා ය නාමරූප ඇති වන්නේ’ යනුවෙන් ප්‍රඥාවෙන් අවබෝධය ඇති විය.

74. අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස ඒතදහෝසි: “කිම්හි නු ඛෝ සති විඤ්ඤාණං හෝති, කිම්පච්චයා විඤ්ඤාණන්ති.” අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස යෝනිසෝ මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයෝ: “නාමරූපේ ඛෝ සති විඤ්ඤාණං හෝති, නාමරූපපච්චයා විඤ්ඤාණන්ති.”

ඉක්බිති මහණෙනි, විපස්සී බෝසතුන් හට මේ අදහස ඇතිවිය. ‘කුමක් තිබුණොත් ද විඤ්ඤාණය ඇති වන්නේ? කුමක් හේතුවෙන් ද විඤ්ඤාණය ඇතිවන්නේ?’ එවිට මහණෙනි, නුවණ යොදා මෙනෙහි කරමින් සිටි විපස්සී බෝසතුන් තුළ නාමරූප තිබුණොත් විඤ්ඤාණය ඇති වෙයි. නාමරූප නිසා ය විඤ්ඤාණය ඇති වන්නේ’ යනුවෙන් ප්‍රඥාවෙන් අවබෝධය ඇති විය.

75. අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස ඒතදහෝසි: “පච්චුදාවත්තති ඛෝ ඉදං විඤ්ඤාණං, නාමරූපම්හා නාපරං ගච්ඡති. එත්තාවතා ජායේථ වා ජීයේථ වා මීයේථ වා චවේථ වා උපපජ්ජේථ වා, යදිදං නාමරූපපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සෝ, ඵස්සපච්චයා වේදනා, වේදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවෝ, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා සම්භවන්ති. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝතී”ති.

මහණෙනි, එකල්හී විපස්සී බෝසතුන් හට මේ අදහස ඇතිවිය. ‘මෙම විඤ්ඤාණය වනාහී ආපසු කැරකී නවතියි. නාමරූපයෙන් බැහැරට නොයයි. මෙතෙකින් ම උපදින්නේ හෝ වෙයි. දිරන්නේ හෝ වෙයි. මිය යන්නේ හෝ වෙයි. චුත වෙන්නේ හෝ වෙයි. යළි උපදින්නේ හෝ වෙයි. එනම් නාමරූප නිසා විඤ්ඤාණය ඇතිවෙයි. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙයි. නාමරූප නිසා ආයතන හය ඇතිවෙයි. ආයතන හය නිසා ආධ්‍යාත්මික ආයතනය ත්, බාහිර ආයතනය ත්, විඤ්ඤාණය ත් එකතු වෙයි. ආධ්‍යාත්මික ආයතනය ත්, බාහිර ආයතනය ත්, විඤ්ඤාණයත් එකට එකතු වීම නිසා විඳීම ඇතිවෙයි. විඳීම නිසා ආශාවෙන් ඇදී යයි. ආශාවෙන් ඇදී යන නිසා ග්‍රහණයට හසු වෙයි. ග්‍රහණයට හසුවන නිසා විපාක පිණිස කර්ම සකස් වෙයි. විපාක පිණිස කර්ම සකස් වන නිසා උපදියි. උපදින නිසා ජරා මරණ ශෝක වැළපීම් කායික දුක් මානසික දුක් සුසුම් හෙළිම් යනාදී දුක් ඇතිවෙයි. මේ අයුරින් මුළු මහත් දුක්ඛස්කන්ධයාගේ ම හටගැනීම වෙයි.

76. ‘සමුදයෝ, සමුදයෝ’ති ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි.

මහණෙනි, ‘හටගන්නේ ය, හටගන්නේ ය’ යි විපස්සී බෝසතුන් හට පෙර නොඇසූ විරූ ධර්මයන් පිළිබඳ ව දහම් ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.

77. අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස ඒතදහෝසි: “කිම්හි නු ඛෝ අසති ජරාමරණං න හෝති, කිස්ස නිරෝධා ජරාමරණනිරෝධෝ”ති. අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස යෝනිසෝමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයෝ: “ජාතියා ඛෝ අසති ජරාමරණං න හෝති, ජාතිනිරෝධා ජරාමරණනිරෝධෝ”ති.

ඉක්බිති මහණෙනි, විපස්සී බෝසතුන් හට මේ අදහස ඇතිවිය. ‘කුමක් නොතිබුණොත් ද ජරා මරණ ඇති නොවෙන්නේ? කුමක් නිරෝධයෙන් ද ජරාමරණ නිරුද්ධවන්නේ?’ එවිට මහණෙනි, නුවණ යොදා මෙනෙහි කරමින් සිටි විපස්සී බෝසතුන් තුළ ‘ඉපදීම නොතිබුණොත් ජරා මරණ ඇති නොවෙයි. ඉපදීම නිරුද්ධ වීමෙන් ය ජරා මරණ නිරුද්ධ වන්නේ’ යනුවෙන් ප්‍රඥාවෙන් අවබෝධය ඇති විය.

78. අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස ඒතදහෝසි: “කිම්හි නු ඛෝ අසති ජාති න හෝති, කිස්ස නිරෝධා ජාතිනිරෝධෝ”ති. අථ ඛෝ භික්ඛවේ, විපස්සිස්ස බෝධිසත්තස්ස යෝනිසෝමනසිකාරා අහු පඤ්ඤාය අභිසමයෝ: “භවේ ඛෝ අසති ජාති න හෝති, භවනිරෝධා ජාතිනිරෝධෝ”ති.

ඉක්බිති මහණෙනි, විපස්සී බෝසතුන් හට මේ අදහස ඇතිවිය. ‘කුමක් නොතිබුණොත් ද ඉපදීම ඇති නොවෙන්නේ? කුමක් නිරෝධයෙන් ද ඉපදීම නිරුද්ධවන්නේ?’ එවිට මහණෙනි, නුවණ යොදා මෙනෙහි කරමින් සිටි විපස්සී බෝසතුන් තුළ ‘විපාක පිණිස කර්ම සකස් වීම නොතිබුණොත් ඉපදීම ඇති නොවෙයි. විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වීමෙන් ය ඉපදීම නිරුද්ධ වන්නේ’ යනුවෙන් ප්‍රඥාවෙන් අවබෝධය ඇති විය.

79. අථ ඛෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්තස්ස ඒතදහෝසි: “කිම්හි නු ඛෝ අසති භවෝ න හෝති, කිස්ස නිරෝධා භවනිරෝධෝ”ති. අථ ඛෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්තස්ස යෝනිසෝ මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයෝ: “උපාදානේ ඛෝ අසති භවෝ න හෝති, උපාදානනිරෝධා භවනිරෝධෝ”ති.

ඉක්බිති මහණෙනි, විපස්සී බෝසතුන් හට මේ අදහස ඇතිවිය. ‘කුමක් නොතිබුණොත් ද විපාක පිණිස කර්ම සකස් වීම ඇති නොවෙන්නේ? කුමක් නිරෝධයෙන් ද විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වන්නේ?’ එවිට මහණෙනි, නුවණ යොදා මෙනෙහි කරමින් සිටි විපස්සී බෝසතුන් තුළ ‘ග්‍රහණයට හසු වීම නොතිබුණොත් විපාක පිණිස කර්ම සකස් වීම ඇති නොවෙයි. ග්‍රහණයට හසු වීම නිරුද්ධ වීමෙන් ය විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වන්නේ’ යනුවෙන් ප්‍රඥාවෙන් අවබෝධය ඇති විය.

80. අථ ඛෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්තස්ස ඒතදහෝසි: “කිම්හි නු ඛෝ අසති උපාදානං න හෝති, කිස්ස නිරෝධා උපාදානනිරෝධෝ”ති. අථ ඛෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්තස්ස යෝනිසෝ මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයෝ: “තණ්හාය ඛෝ අසති උපාදානං න හෝති, තණ්හානිරෝධා උපාදානනිරෝධෝ”ති.

ඉක්බිති මහණෙනි, විපස්සී බෝසතුන් හට මේ අදහස ඇතිවිය. ‘කුමක් නොතිබුණොත් ද ග්‍රහණයට හසුවීම ඇති නොවෙන්නේ? කුමක් නිරෝධයෙන් ද ග්‍රහණයට හසුවීම නිරුද්ධවන්නේ?’ එවිට මහණෙනි, නුවණ යොදා මෙනෙහි කරමින් සිටි විපස්සී බෝසතුන් තුළ ‘ආශාවෙන් ඇදී යාම නොතිබුණොත් ග්‍රහණයට හසුවීම ඇති නොවෙයි. ආශාවෙන් ඇදී යාම නිරුද්ධ වීමෙන් ය ග්‍රහණයට හසුවීම නිරුද්ධ වන්නේ’ යනුවෙන් ප්‍රඥාවෙන් අවබෝධය ඇති විය.

81. අථ ඛෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්තස්ස ඒතදහෝසි: “කිම්හි නු ඛෝ අසති තණ්හා න හෝති, කිස්ස නිරෝධා තණ්හානිරෝධෝ”ති. අථ ඛෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්තස්ස යෝනිසෝ මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයෝ: “වේදනාය ඛෝ අසති තණ්හා න හෝති, වේදනානිරෝධා තණ්හානිරෝධෝ”ති.

ඉක්බිති මහණෙනි, විපස්සී බෝසතුන් හට මේ අදහස ඇතිවිය. ‘කුමක් නොතිබුණොත් ද ආශාවෙන් ඇදී යාම ඇති නොවෙන්නේ? කුමක් නිරෝධයෙන් ද ආශාවෙන් ඇදී යාම නිරුද්ධ වන්නේ?’ එවිට මහණෙනි, නුවණ යොදා මෙනෙහි කරමින් සිටි විපස්සී බෝසතුන් තුළ ‘විඳීම නොතිබුණොත් ආශාවෙන් ඇදී යාම ඇති නොවෙයි. විඳීම නිරුද්ධ වීමෙන් ය ආශාවෙන් ඇදී යාම නිරුද්ධ වන්නේ’ යනුවෙන් ප්‍රඥාවෙන් අවබෝධය ඇති විය.

82. අථ ඛෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්තස්ස ඒතදහෝසි: “කිම්හි නු ඛෝ අසති වේදනා න හෝති, කිස්ස නිරෝධා වේදනානිරෝධෝ”ති. අථ ඛෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්තස්ස යෝනිසෝ මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයෝ: “ඵස්සේ ඛෝ අසති වේදනා න හෝති, ඵස්සනිරෝධා වේදනානිරෝධෝ”ති.

ඉක්බිති මහණෙනි, විපස්සී බෝසතුන් හට මේ අදහස ඇතිවිය. ‘කුමක් නොතිබුණොත් ද විඳීම ඇති නොවෙන්නේ? කුමක් නිරෝධයෙන් ද විඳීම නිරුද්ධ වන්නේ?’ එවිට මහණෙනි, නුවණ යොදා මෙනෙහි කරමින් සිටි විපස්සී බෝසතුන් තුළ ‘ආධ්‍යාත්ම ආයතනයත්, බාහිර ආයතනයත්, විඤ්ඤාණයත් එකට එක් වීම නොතිබුණොත් විඳීම ඇති නොවෙයි. ආධ්‍යාත්ම ආයතනයත්, බාහිර ආයතනයත්, විඤ්ඤාණයත් එකට එක් වීම නිරුද්ධ වීමෙන් ය විඳීම නිරුද්ධ වන්නේ’ යනුවෙන් ප්‍රඥාවෙන් අවබෝධය ඇති විය.

83. අථ ඛෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්තස්ස ඒතදහෝසි: “කිම්හි නු ඛෝ අසති ඵස්සෝ න හෝති, කිස්ස නිරෝධා ඵස්සනිරෝධෝ”ති. අථ ඛෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්තස්ස යෝනිසෝ මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයෝ: “සළායතනේ ඛෝ අසති ඵස්සෝ න හෝති, සළායතනනිරෝධා ඵස්සනිරෝධෝ”ති.

ඉක්බිති මහණෙනි, විපස්සී බෝසතුන් හට මේ අදහස ඇතිවිය. ‘කුමක් නොතිබුණොත් ද ආධ්‍යාත්ම ආයතනයත්, බාහිර ආයතනයත්, විඤ්ඤාණයත් එකට එක් නොවන්නේ? කුමක් නිරුද්ධ වීමෙන් ද ආධ්‍යාත්ම ආයතනයත්, බාහිර ආයතනයත්, විඤ්ඤාණයත් එකට එක් වීම නිරුද්ධ වන්නේ?’ එවිට මහණෙනි, නුවණ යොදා මෙනෙහි කරමින් සිටි විපස්සී බෝසතුන් තුළ ආයතන හය නොතිබුණොත් ආධ්‍යාත්ම ආයතනයත්, බාහිර ආයතනයත්, විඤ්ඤාණයත් එකට එක් නොවෙයි. ආයතන හය නිරුද්ධ වීමෙන් ය ආධ්‍යාත්ම ආයතනයත්, බාහිර ආයතනයත්, විඤ්ඤාණයත් එකට එක් වීම නිරුද්ධ වන්නේ’ යනුවෙන් ප්‍රඥාවෙන් අවබෝධය ඇති විය.

84. අථ ඛෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්තස්ස ඒතදහෝසි: “කිම්හි නු ඛෝ අසති සළායතනං න හෝති, කිස්ස නිරෝධා සළායතනනිරෝධෝ?”ති. අථ ඛෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්තස්ස යෝනිසෝ මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයෝ: “නාමරූපේ ඛෝ අසති සළායතනං න හෝති, නාමරූපනිරෝධා සළායතනනිරෝධෝ”ති.

ඉක්බිති මහණෙනි, විපස්සී බෝසතුන් හට මේ අදහස ඇතිවිය. ‘කුමක් නොතිබුණොත් ද ආයතන හය ඇති නොවන්නේ? කුමක් නිරෝධයෙන් ද ආයතන හය නිරුද්ධ වන්නේ?’ එවිට මහණෙනි, නුවණ යොදා මෙනෙහි කරමින් සිටි විපස්සී බෝසතුන් තුළ නාමරූප නොතිබුණොත් ආයතන හය ඇති නොවෙයි. නාමරූප නිරුද්ධ වීමෙන් ය ආයතන හය නිරුද්ධ වන්නේ’ යනුවෙන් ප්‍රඥාවෙන් අවබෝධය ඇති විය.

85. අථ ඛෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්තස්ස ඒතදහෝසි: “කිම්හි නු ඛෝ අසති නාමරූපං න හෝති, කිස්ස නිරෝධා නාමරූපනිරෝධෝ?”ති. අථ ඛෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්තස්ස යෝනිසෝ මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයෝ: “විඤ්ඤාණේ ඛෝ අසති නාමරූපං න හෝති, විඤ්ඤාණනිරෝධා නාමරූපනිරෝධෝ”ති.

ඉක්බිති මහණෙනි, විපස්සී බෝසතුන් හට මේ අදහස ඇතිවිය. ‘කුමක් නොතිබුණොත් ද නාමරූප ඇති නොවන්නේ? කුමක් නිරුද්ධ වීමෙන් ද නාමරූප නිරුද්ධ වන්නේ?’ එවිට මහණෙනි, නුවණ යොදා මෙනෙහි කරමින් සිටි විපස්සී බෝසතුන් තුළ ‘විඤ්ඤාණය නොතිබුණොත් නාමරූප ඇති නොවෙයි. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් ය නාමරූප නිරුද්ධ වන්නේ’ යනුවෙන් ප්‍රඥාවෙන් අවබෝධය ඇති විය.

86. අථ ඛෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්තස්ස ඒතදහෝසි: “කිම්හි නු ඛෝ අසති විඤ්ඤාණං න හෝති, කිස්ස නිරෝධා විඤ්ඤාණනිරෝධෝ?”ති. අථ ඛෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්තස්ස යෝනිසෝ මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයෝ: “නාමරූපේ ඛෝ අසති විඤ්ඤාණං න හෝති, නාමරූපනිරෝධා විඤ්ඤාණනිරෝධෝ”ති.

ඉක්බිති මහණෙනි, විපස්සී බෝසතුන් හට මේ අදහස ඇතිවිය. ‘කුමක් නොතිබුණොත් ද විඤ්ඤාණය ඇති නොවන්නේ? කුමක් නිරෝධයෙන් ද විඤ්ඤාණය නිරුද්ධ වන්නේ?’ එවිට මහණෙනි, නුවණ යොදා මෙනෙහි කරමින් සිටි විපස්සී බෝසතුන් තුළ ‘නාමරූප නොතිබුණොත් විඤ්ඤාණය ඇති නොවෙයි. නාමරූප නිරුද්ධ වීමෙන් ය විඤ්ඤාණය නිරුද්ධ වන්නේ’ යනුවෙන් ප්‍රඥාවෙන් අවබෝධය ඇති විය.

87. අථ ඛෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්තස්ස ඒතදහෝසි: “අධිගතෝ ඛෝ ම්‍යායං මග්ගෝ සම්බෝධාය: යදිදං නාමරූපනිරෝධාය විඤ්ඤාණනිරෝධෝ, විඤ්ඤාණනිරෝධා නාමරූපනිරෝධෝ, නාමරූපනිරෝධා සළායතනනිරෝධෝ, සළායතනනිරෝධා ඵස්සනිරෝධෝ, ඵස්සනිරෝධා වේදනානිරෝධෝ, වේදනානිරෝධා තණ්හානිරෝධෝ, තණ්හානිරෝධා උපාදානනිරෝධෝ, උපාදානනිරෝධා භවනිරෝධෝ, භවනිරෝධා ජාතිනිරෝධෝ, ජාතිනිරෝධා ජරාමරණං සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා නිරුජ්ඣන්ති. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරෝධෝ හෝතී”ති. “නිරෝධෝ, නිරෝධෝ”ති ඛෝ භික්ඛවේ විපස්සිස්ස බෝධිසත්තස්ස පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි.

මහණෙනි, එකල්හී විපස්සී බෝසතුන් හට මේ අදහස ඇතිවිය. ‘මා විසින් සම්බෝධිය පිණිස වූ මාර්ගය අවබෝධ කරන ලද්දේ ය. එනම් නාමරූප නිරෝධයෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙයි. විඤ්ඤාණයේ නිරෝධයෙන් නාමරූප නිරුද්ධ වෙයි. නාමරූපයේ නිරෝධයෙන් ආයතන හය නිරුද්ධ වෙයි. ආයතනය හයෙහි නිරෝධයෙන් ආධ්‍යාත්මික ආයතනයේ ත්, බාහිර ආයතනයේ ත්, විඤ්ඤාණයේ ත් එකට එක් වීම නිරුද්ධ වෙයි. ආධ්‍යාත්මික ආයතනයේ ත්, බාහිර ආයතනයේ ත්, විඤ්ඤාණයේ ත් එකට එක් වීම නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙයි. විඳීම නිරුද්ධ වීමෙන් ආශාවෙන් ඇදී යාම නිරුද්ධ වෙයි. ආශාවෙන් ඇදී යාම නිරුද්ධ වීමෙන් ග්‍රහණයට හසුවීම නිරුද්ධ වෙයි. ග්‍රහණයට හසු වීම නිරුද්ධ වීමෙන් විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වෙයි. විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙයි. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා, මරණ, සෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් ආදී දුක් නිරුද්ධ වෙයි. මේ අයුරින් මුළු මහත් දුක්ඛස්කන්ධයේ ම නිරෝධය වෙයි.’

මහණෙනි, ‘නිරුද්ධ වන්නේ ය, නිරුද්ධ වන්නේ ය’ යි විපස්සී බෝසතුන් හට පෙර නොඇසූ විරූ ධර්මයන් පිළිබඳ ව දහම් ඇස පහළ වූයේ ය. ඥානය පහළ වූයේ ය. ප්‍රඥාව පහළ වූයේ ය. විද්‍යාව පහළ වූයේ ය. ආලෝකය පහළ වූයේ ය.

88. අථ ඛෝ භික්ඛවේ විපස්සී බෝධිසත්තෝ අපරේන සමයේන පඤ්චසු උපාදානක්ඛන්ධේසු උදයබ්බයානුපස්සී විහාසි: “ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්ථංගමෝ. ඉති වේදනා, ඉති වේදනාය සමුදයෝ, ඉති වේදනාය අත්ථංගමෝ. ඉති සඤ්ඤා, ඉති සඤ්ඤාය සමුදයෝ, ඉති සඤ්ඤාය අත්ථංගමෝ. ඉති සංඛාරා, ඉති සංඛාරානං සමුදයෝ, ඉති සංඛාරානං අත්ථංගමෝ. ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයෝ, ඉති විඤ්ඤාණස්ස අත්ථංගමෝ”ති. තස්ස පඤ්චසු උපාදානක්ඛන්ධේසු උදයබ්බයානුපස්සිනෝ විහරතෝ න චිරස්සේව අනුපාදාය ආසවේහි චිත්තං විමුච්චී”ති.

ඉක්බිති මහණෙනි, විපස්සී බෝසත් තෙමේ පසුකලෙක පංච උපාදානස්කන්ධයන් පිළිබඳ හටගන්නා අයුරු ත්, නැසෙන අයුරු ත් නුවණින් විමසමින් වාසය කළේ ය. එනම් ‘රූපය මෙය යි, රූපයේ හටගැනීම මෙසේ ය, රූපයෙහි නැතිවීම මෙසේ ය. විඳීම මෙය යි, විඳීමෙහි හටගැනීම මෙසේ ය, විඳීමෙහි නැතිවීම මෙසේ ය. හඳුනාගැනීම මෙය යි, හඳුනාගැනීමෙහි හටගැනීම මෙසේ ය, හඳුනාගැනීම නැතිවීම මෙසේ ය. චේතනා මෙය යි, චේතනාවන්ගේ හටගැනීම මෙසේ ය, චේතනාවන්ගේ නැතිවීම මෙසේ ය. විඤ්ඤාණය මෙයයි, විඤ්ඤාණයෙහි හටගැනීම මෙසේ ය, විඤ්ඤාණයෙහි නැතිවීම මෙසේ ය’ වශයෙන් පංච උපාදානස්කන්ධයන් හටගන්නා අයුරු ත්, නැසෙනා අයුරු ත් නුවණින් දකිමින් සිටිය දී නොබෝ කලකින් ම ආශ්‍රවයන්ගේ ග්‍රහණයට හසු නොවී සිත නිදහස් ව ගියේ ය.

89. අථ ඛෝ භික්ඛවේ විපස්සිස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ඒතදහෝසි: “යන්නූනාහං ධම්මං දේසෙය්‍ය”න්ති. අථ ඛෝ භික්ඛවේ විපස්සිස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ඒතදහෝසි: “අධිගතෝ ඛෝ ම්‍යායං ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පණීතෝ අතක්කාවචරෝ නිපුණෝ පණ්ඩිතවේදනීයෝ. ආලයරාමා ඛෝ පනායං පජා ආලයරතා ආලයසම්මුදිතා. ආලයරාමාය ඛෝ පන පජාය ආලයරතාය ආලයසම්මුදිතාය දුද්දසං ඉදං ඨානං යදිදං ඉදප්පච්චයතාපටිච්චසමුප්පාදෝ. ඉදම්පි ඛෝ ඨානං දුද්දසං යදිදං සබ්බසංඛාරසමථෝ සබ්බූපධිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං අහඤ්චේව ඛෝ පන ධම්මං දේසෙය්‍යං, පරේ ච මේ න ආජානෙය්‍යුං සෝ මමස්ස කිලමථෝ, සා මමස්ස විහේසාති, අපිස්සුදං භික්ඛවේ විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං ඉමා අනච්ඡරියා ගාථායෝ පටිභංසු පුබ්බේ අස්සුතපුබ්බා:

එකල්හී මහණෙනි, අරහත් වූ සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇතිවිය. ‘මම් ධර්මය දේශනා කරන්නේ නම් මැනැවැ’ යි. යළි මහණෙනි, අරහත් වූ සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇතිවිය. ‘මා විසින් අවබෝධ කරගන්නා ලද මේ ධර්මය ගැඹුරු ය. දුක සේ දැක්ක යුතු ය. දුක සේ අවබෝධ කළ යුතු ය. ශාන්ත ය. ඉතා උසස් ය. තර්කයෙන් දැක්ක නොහැකි ය. සියුම් ය. නුවණැත්තන් විසින් ම දැනගත යුත්තේ ය. එනමුදු මේ සත්ව ප්‍රජාවෝ වනාහී ආශාවෙහි ඇළුණෝ ය. ආශාවේ බැඳුණෝ ය. ආශාවෙන් සතුටු වන්නෝ ය. ආශාවෙහි ඇළුණු, ආශාවෙහි බැඳුණු, ආශාවෙන් සතුටු වෙන සත්ව ප්‍රජාව හට මේ මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නේ ය යන පටිච්ච සමුප්පාද ධර්මය යනු දුක සේ දැක්ක යුතු කරුණකි. එමෙන් ම සියළු සංස්කාරයන් සංසිඳීමෙන්, සියළු උපධීන් බැහැර කිරීමෙන්, තණ්හාව ක්ෂය කිරීමෙන්, විරාගී බවට පත්වීමෙන්, තෘෂ්ණා නිරෝධයෙන් ලබන යම් නිවනක් ඇද්ද, මෙය ද ඔවුන්ට දුක සේ දැක්ක යුතු කරුණකි. ඉදින් මම් දහම් දෙසන්නෙම් නම් අන්‍යයෝ ත් මා පවසන ධර්මය අවබෝධ නොකරත් නම් එය මා හට මහන්සියක් වනු ඇත. එය මා හට වෙහෙසක් වනු ඇතැ’යි.

එකල්හී මහණෙනි, අරහත් වූ සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට මේ පෙර නොඇසූ විරූ අසිරිමත් ගාථාවෝ වැටහී ගියහ.

‘කිච්ඡේන මේ අධිගතං – හලං’දානි පකාසිතුං
රාගදෝස පරේතේහි – නායං ධම්මෝ සුසම්බුධෝ’

‘මා විසින් ඉතා දුක සේ ධර්මය අවබෝධ කරන ලද්දේ ය. එය අන්‍යයන්ට ප්‍රකාශ කිරීමෙන් පලෙක් නැත. රාග ද්වේෂ ආදී කෙලෙසුන්ට යට වී සිටින උදවියට මේ ධර්මය ලෙහෙසියෙන් අවබෝධ කළ නොහැක්කේ ය.’

‘පටිසෝතගාමිං නිපුණං – ගම්භීරං දුද්දසං අණුං
රාග රත්තා න දක්ඛින්ති – තමොක්ඛන්ධේන ආවුතා’ති

‘මේ ධර්මය උඩුගම් බලා යන්නකි. සියුම් ය. ගැඹුරු ය. දැකීමට දුෂ්කර ය. ඉතා සියුම් ය. රාගයේ ඇළුණු සත්වයෝ අවිද්‍යා අඳුරෙන් සිත් වැසුණු සත්වයෝ මෙය නොදකිති’යි.

ඉතිහ භික්ඛවේ විපස්සිස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස පටිසඤ්චික්ඛතෝ අප්පොස්සුක්කතාය චිත්තං නමි, නෝ ධම්මදේසනාය.

මෙසේ මහණෙනි, අරහත් වූ සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට නුවණින් මෙනෙහි කරද්දී සිත මන්දෝත්සාහී වූයේ ය. ධර්ම දේශනාවට නොනැමුණේ ය.

අථ ඛෝ භික්ඛවේ අඤ්ඤතරස්ස මහාබ්‍රහ්මුනෝ විපස්සිස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස චේතසා චේතෝපරිවිතක්කමඤ්ඤාය ඒතදහෝසි: “නස්සති වත භෝ ලෝකෝ, විනස්සති වත භෝ ලෝකෝ, යත්‍ර හි නාම විපස්සිස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස අප්පොස්සුක්කතාය චිත්තං නමති නෝ ධම්මදේසනායා”ති. අථ ඛෝ සෝ භික්ඛවේ මහාබ්‍රහ්මා සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය, ඒවමේව බ්‍රහ්මලෝකේ අන්තරහිතෝ විපස්සිස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස පුරතෝ පාතුරහෝසි.

එවිට මහණෙනි, එක්තරා මහා බ්‍රහ්මයෙක් ඒ අරහත් වූ සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ සිත තම සිතින් පිරිසිඳ දැන මෙසේ සිතුවේ ය. ‘භවත්නි, ඒකාන්තයෙන් ම ලොව නැසෙනු ඇත! භවත්නි, ඒකාන්තයෙන් ම ලොව වැනසෙනු ඇත!’ යම්හෙයකින් අරහත් වූ සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ සිත මන්දෝත්සාහී වන්නේ ද, ධර්ම දේශනාවට නොනැමෙන්නේ ද එහෙයිනි යි. ඉක්බිති මහණෙනි, ඒ මහා බ්‍රහ්මරාජයා බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිග හරින්නේ යම් සේ ද, දික් කළ අතක් හකුලන්නේ යම් සේ ද එසෙයින් ම බඹලොවින් නොපෙනී ගොස් ඒ අරහත් වූ සම්මා සම්බුද්ධ වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ වූයේ ය.

91. අථ ඛෝ සෝ භික්ඛවේ මහාබ්‍රහ්මා ඒකංසං උත්තරාසංගං කරිත්වා දක්ඛිණං ජාණුමණ්ඩලං පුථුවියං නිහන්ත්වා, යේන විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධා තේනඤ්ජලිං පණාමෙත්වා විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං ඒතදවෝච: “දේසේතු භන්තේ භගවා ධම්මං, දේසේතු සුගතෝ ධම්මං සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා. අස්සවනතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ”ති.

එකල්හී මහණෙනි, ඒ මහා බ්‍රහ්මරාජයා උතුරු සළුව ඒකාංශ කොට දකුණු දණ මඬල පොළොවෙහි තබා ඒ අරහත් වූ සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ මෙසේ පැවසූයේ ය. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ධර්මය දෙසන සේක්වා! සුගතයන් වහන්ස, ධර්මය දෙසන සේක්වා! කෙලෙස් අඩු සත්වයෝ සිටිත් ම ය. ධර්මය අසන්නට නොලැබුණොත් ඔවුහු ද පිරිහී යති. ධර්මය අසන්නට ලැබුණොත් අවබෝධ කරන්නාහු ය.’

92. අථ ඛෝ භික්ඛවේ විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධෝ තං මහාබ්‍රහ්මානං ඒතදවෝච: “මය්හම්පි ඛෝ බ්‍රහ්මේ, ඒතදහෝසි: “යන්නූනාහං ධම්මං දේසෙය්‍ය”න්ති. තස්ස මය්හං බ්‍රහ්මේ, ඒතදහෝසි: “අධිගතෝ ඛෝ ම්‍යායං ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පණීතෝ අතක්කාවචරෝ නිපුණෝ පණ්ඩිතවේදනීයෝ. ආලයාරාමා ඛෝ පනායං පජා ආලයරතා ආලයසම්මුදිතා. ආලයාරාමාය ඛෝ පන පජාය ආලයරතාය ආලයසම්මුදිතාය දුද්දසං ඉදං ඨානං යදිදං ඉදප්පච්චයතාපටිච්චසමුප්පාදෝ. ඉදම්පි ඛෝ ඨානං දුද්දසං යදිදං සබ්බසංඛාරසමථෝ සබ්බූපධිපටිනිස්සග්ගෝ තණ්හාක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. අහඤ්චේව ඛෝ පන ධම්මං දේසෙය්‍යං, පරේ ච මේ න ආජානෙය්‍යුං, සෝ මමස්ස කිලමථෝ, සා මමස්ස විහේසා”ති. අපිස්සුදං මං බ්‍රහ්මේ ඉමා අනච්ඡරියා ගාථායෝ පටිභංසු පුබ්බේ අස්සුතපුබ්බා:

එකල්හී මහණෙනි, අරහත් වූ සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ඒ මහා බ්‍රහ්මරාජයාට මෙය පැවසූහ. ‘බ්‍රහ්මරාජය, මා තුළත් මේ අදහස ඇතිවූයේ ය. එනම් ‘මම් දහම් දෙසන්නේ නම් මැනැවි’යි. එකල්හී බ්‍රහ්මරාජය, මට මේ අදහස ඇතිවූයේ ය.

‘මා විසින් අවබෝධ කරගන්නා ලද මේ ධර්මය ගැඹුරු ය. දුක සේ දැක්ක යුතු ය. දුක සේ අවබෝධ කළ යුතු ය. ශාන්ත ය. ඉතා උසස් ය. තර්කයෙන් දැක්ක නොහැකි ය. සියුම් ය. නුවණැත්තන් විසින් ම දැනගත යුත්තේ ය. එනමුදු මේ සත්ව ප්‍රජාවෝ වනාහී ආශාවෙහි ඇළුණෝ ය. ආශාවේ බැඳුණෝ ය. ආශාවෙන් සතුටු වන්නෝ ය. ආශාවෙන් ඇළුණු, ආශාවෙන් බැඳුණු, ආශාවෙන් සතුටු වන සත්ව ප්‍රජාව හට මේ මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නේ ය යන පටිච්ච සමුප්පාද ධර්මය යනු දුක සේ දැක්ක යුතු කරුණකි. එමෙන් ම සියළු සංස්කාරයන් සංසිඳීමෙන්, සියළු උපධීන් බැහැර කිරීමෙන්, තණ්හාව ක්ෂය කිරීමෙන්, විරාගී බවට පත්වීමෙන්, තෘෂ්ණා නිරෝධයෙන් ලබන යම් නිවනක් ඇද්ද, මෙය ද ඔවුන්ට දුක සේ දැක්ක යුතු කරුණකි. ඉදින් මම් දහම් දෙසන්නෙම් නම් අන්‍යයෝ ත් මා පවසන ධර්මය අවබෝධ නොකරත් නම් එය මා හට මහන්සියක් වනු ඇත. එය මා හට වෙහෙසක් වනු ඇතැ’යි.

එකල්හී බ්‍රහ්මරාජය, මා හට මේ පෙර නොඇසූ විරූ අසිරිමත් ගාථාවෝ වැටහී ගියහ.

‘කිච්ඡේන මේ අධිගතං – හලං’දානි පකාසිතුං
රාගදෝස පරේතේහි – නායං ධම්මෝ සුසම්බුධෝ’

‘මා විසින් ඉතා දුක සේ ධර්මය අවබෝධ කරන ලද්දේ ය. එය අන්‍යයන්ට ප්‍රකාශ කිරීමෙන් පලෙක් නැත. රාග ද්වේෂ ආදී කෙලෙසුන්ට යට වී සිටින උදවියට මේ ධර්මය ලෙහෙසියෙන් අවබෝධ කළ නොහැක්කේ ය. ’

‘පටිසෝතගාමිං නිපුණං – ගම්භීරං දුද්දසං අණුං
රාග රත්තා න දක්ඛින්ති – තමොක්ඛන්ධේන ආවුතා’ති

‘මේ ධර්මය උඩුගම් බලා යන්නකි. සියුම් ය. ගැඹුරු ය. දැකීමට දුෂ්කර ය. ඉතා සියුම් ය. රාගයේ ඇළුණු සත්වයෝ අවිද්‍යා අඳුරෙන් සිත් වැසුණු සත්වයෝ මෙය නොදකිති’යි.

“ඉතිහ මේ බ්‍රහ්මේ පටිසඤ්චික්ඛතෝ අප්පොස්සුක්කතාය චිත්තං නමි, නෝ ධම්මදේසනායා”ති.

මෙසේ බ්‍රහ්මරාජය, මා විසින් මෙනෙහි කරද්දී සිත මන්දෝත්සාහී වූයේ ය. ධර්ම දේශනාවට නොනැමුණේ ය.”

දුතියම්පි ඛෝ භික්ඛවේ සෝ මහාබ්‍රහ්මා ….(පෙ)…. තතියම්පි ඛෝ භික්ඛවේ සෝ මහාබ්‍රහ්මා විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං ඒතදවෝච: “දේසේතු භන්තේ භගවා ධම්මං, දේසේතු සුගතෝ ධම්මං, සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා. අස්සවනතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ”ති.

මහණෙනි, දෙවෙනි වතාවට ත් ඒ මහාබ්‍රහ්මරාජයා ….(පෙ)…. මහණෙනි, තුන්වෙනි වතාවට ත් ඒ මහා බ්‍රහ්මරාජයා ඒ අරහත් වූ සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසූයේ ය. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ධර්මය දෙසන සේක්වා! සුගතයන් වහන්ස, ධර්මය දෙසන සේක්වා! කෙලෙස් අඩු සත්වයෝ සිටිත් ම ය. ධර්මය අසන්නට නොලැබුණොත් ඔවුහු ද පිරිහී යති. ධර්මය අසන්නට ලැබුණොත් අවබෝධ කරන්නාහු ය.’

93. අථ ඛෝ භික්ඛවේ විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධෝ බ්‍රහ්මුනෝ ච අජ්ඣේසනං විදිත්වා සත්තේසු ච කාරුඤ්ඤතං පටිච්ච බුද්ධචක්ඛුනා ලෝකං වෝලෝකේසි. අද්දසා ඛෝ භික්ඛවේ විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධෝ බුද්ධචක්ඛුනා ලෝකං වෝලෝකෙන්තෝ සත්තේ අප්පරජක්බේ මහාරජක්බේ තික්ඛින්ද්‍රියේ මුදින්ද්‍රියේ ස්වාකාරේ ද්වාකාරේ සුවිඤ්ඤාපයේ දුවිඤ්ඤාපයේ අප්පේකච්චේ පරලෝකවජ්ජභයදස්සාවිනෝ විහරන්තේ, අප්පේකච්චේ න පරලෝකවජ්ජභයදස්සාවිනෝ විහරන්තේ. සෙය්‍යථාපි නාම උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පේකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකේ ජාතානි උදකේ සංවද්ධානි උදකානුග්ගතානි අන්තෝනිමුග්ගපෝසීනි, අප්පේකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකේන ජාතානි උදකේ සංවද්ධානි සමෝදකං ඨිතානි, අප්පේකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකේ ජාතානි උදකේ සංවද්ධානි උදකා අච්චුග්ගම්ම තිට්ඨන්ති අනුපලිත්තානි උදකේන, ඒවමේව ඛෝ භික්ඛවේ විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධෝ බුද්ධචක්ඛුනා ලෝකං වෝලෝකෙන්තෝ අද්දස සත්තේ අප්පරජක්බේ මහාරජක්බේ තික්ඛින්ද්‍රියේ මුදින්ද්‍රියේ ස්වාකාරේ ද්වාකාරේ සුවිඤ්ඤාපයේ දුවිඤ්ඤාපයේ, අප්පේකච්චේ පරලෝකවජ්ජභයදස්සාවිනෝ විහරන්තේ, අප්පේකච්චේ න පරලෝකවජ්ජභයදස්සාවිනෝ විහරන්තේ.

එවිට මහණෙනි, ඒ අරහත් වූ සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මරාජයාගේ ඇරයුම ත් ලැබ සත්වයන් කෙරෙහි කරුණාවෙන් යුක්ත ව බුදු ඇසින් ලොව දෙස බැලූහ. “මහණෙනි, ඒ අරහත් වූ සම්මා සම්බුද්ධ වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලද්දී කෙලෙස් අඩු සත්වයනුත්, කෙලෙස් බහුල සතුනුත් තියුණු ඉඳුරන් ඇති සතුනුත්, මෘදු ඉඳුරන් ඇති සතුනුත්, පහසුවෙන් වටහා දිය හැකි සතුනුත්, වටහා දීමට දුෂ්කර සතුනුත්, පහසුවෙන් දැනගන්නා සතුනුත්, දැනගැනීමට අපහසු සතුනුත්, පරලොවෙහි වරදෙහි භය දක්නා ඇතැම් පුද්ගලයනුත්, පරලොවෙහි ත් වරදෙහි ත් බියක් නොදක්නා ඇතැම් පුද්ගලයනුත් යනාදී සත්වයන් දුටහ. මහණෙනි, එය මෙබඳු දෙයකි. මහනෙල් විලක් හෝ රතු නෙළුම් විලක් හෝ සුදු නෙළුම් විලක් හෝ තිබෙයි. මෙහි ඇතැම් මහනෙල් හෝ රතු නෙළුම් හෝ සුදු නෙළුම් හෝ දියෙහි හටගෙන, දියෙහි වැඩී දියෙන් උඩට නොනැගී දිය තුළ ම ගිලී තිබෙයි. ඇතැම් මහනෙල් හෝ රතු නෙළුම් හෝ සුදු නෙළුම් හෝ දියෙහි හටගෙන, දියෙහි වැඩී දියෙන් උඩට නොනැගී දිය මත සම ව තිබෙයි. ඇතැම් මහනෙල් හෝ රතු නෙළුම් හෝ සුදු නෙළුම් හෝ දියෙහි හටගෙන, දියෙහි වැඩී දියෙන් උඩට නැගී දියෙහි නොතැවරී තිබෙයි. මේ අයුරින් ම මහණෙනි, ඒ අරහත් වූ සම්මා සම්බුද්ධ වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ බුදු ඇසින් ලොව බලද්දී කෙලෙස් අඩු සත්වයනුත්, කෙලෙස් බහුල සතුනුත් තියුණු ඉඳුරන් ඇති සතුනුත්, මෘදු ඉඳුරන් ඇති සතුනුත්, පහසුවෙන් වටහා දිය හැකි සතුනුත්, වටහා දීමට දුෂ්කර සතුනුත්, පහසුවෙන් දැනගන්නා සතුනුත්, දැනගැනීමට අපහසු සතුනුත්, පරලොවෙහි වරදෙහි භය දක්නා ඇතැම් පුද්ගලයනුත්, පරලොවෙහි ත් වරදෙහි ත් බියක් නොදක්නා ඇතැම් පුද්ගලයනුත් යනාදී සත්වයන් දුටහ.

94. අථ ඛෝ සෝ භික්ඛවේ මහාබ්‍රහ්මා විපස්සිස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස චේතසා චේතෝපරිවිතක්කමඤ්ඤාය විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං ගාථාහි අජ්ඣභාසි:

එකල්හී මහණෙනි, ඒ අරහත් වූ සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ සිතෙහි හටගත් කල්පනාව තම සිතින් දැනගත් ඒ මහා බ්‍රහ්මරාජයා අරහත් වූ සම්මා සම්බුදු වූ විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේට ගාථාවලින් මෙසේ පැවසුවේ ය.

සේලේ යථා පබ්බතමුද්ධනිට්ඨිතෝ – යථාපි පස්සේ ජනතං සමන්තතෝ
තථූපමං ධම්මමයං සුමේධ – පාසාදමාරුය්හ සමන්ත චක්ඛූ
සෝකාවතිණ්ණං ජනතමපේතසෝකෝ – අවෙක්ඛස්සු ජාති ජරාභිභූතං
උට්ඨේහි වීර! විජිත සංගාම! සත්ථවාහ! අණන! විචර ලෝකේ
දේසස්සු භගවා ධම්මං – අඤ්ඤාතාරෝ භවිස්සන්තී’ති

ශෛලමය පර්වත මුදුනක සිටින කෙනෙකුට පහළ හාත්පස සිටින ජනයා පෙනෙන්නේ යම් සේ ද, එසෙයින් ම සදහම් ඇස් ඇති මහා නුවණැතියාණෙනි, ශෝක රහිත සිත් ඇතියාණෙනි, ධර්මයෙන් කරන ලද ප්‍රාසාදයට නැගී ශෝකය වැළඳ සිටින ජනයා දෙස ජාති ජරා මරණයෙන් දුක් විඳින ජනයා දෙස දැක වදාළ මැනැව. මාර සංග්‍රාමය දිනූ තැනැත්තාණෙනි, නිසි මග පෙන්වන ගැල් කරුවාණෙනි, ණය නැතියාණෙනි, වීරයාණෙනි, නැගී සිටිය මැනැව. ලොවෙහි හැසිරෙනු මැනැව. භාග්‍යවතුන් වහන්ස, දහම් දෙසනු මැනැව. අවබෝධ කරන්නෝ පහළ වෙත් ම ය.”

95. අථ ඛෝ භික්ඛවේ විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධෝ තං මහාබ්‍රහ්මානං ගාථාය අජ්ඣභාසි:

එකල්හී මහණෙනි, අරහත් වූ සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ඒ මහා බ්‍රහ්මරාජයා හට ගාථාවෙන් පැවසූහ.

අපාරුතා තේසං අමතස්ස ද්වාරා – යේ සෝතවන්තෝ පමුඤ්චන්තු සද්ධං
විහිංස සඤ්ඤී පගුණං න භාසිං – ධම්මං පණීතං මනුජේසු බ්‍රහ්මේ’ති

යම් කෙනෙක් සවන් යොමා අසනු කැමැත්තහු ද, ඔවුහු ශ්‍රද්ධාව මුදත්වා! ඔවුන් හට අමා දොර හරින ලද්දේ ය. බ්‍රහ්ම රාජය, මේ මැනැවින් ප්‍රගුණ වූ ප්‍රණීත වූ ධර්මය මිනිසුන් විසින් අවබෝධ නොකරගන්නේ නම් වෙහෙසක් ය යන හැඟීමෙන් ය, මෙතෙක් ධර්මය නොපැවසූයේ.”

අථ ඛෝ සෝ භික්ඛවේ මහාබ්‍රහ්මා “කතාවකාසෝ ඛො’ම්හි විපස්සිනා භගවතා අරහතා සම්මාසම්බුද්ධේන ධම්මදේසනායා”ති. විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථේවන්තරධායි.

එකල්හී මහණෙනි, ඒ මහා බ්‍රහ්මයා ‘අරහත් වූ සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම දේශනාව පිණිස අවකාශ කරන ලද්දේ වෙමි’ යි අරහත් වූ සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට එහි ම නොපෙනී ගියේ ය.

96. අථ ඛෝ භික්ඛවේ විපස්සිස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ඒතදහෝසි: “කස්ස නු ඛෝ අහං පඨමං ධම්මං දේසෙය්‍යං, කෝ ඉමං ධම්මං ඛිප්පමේව ආජානිස්සතී”ති. අථ ඛෝ භික්ඛවේ විපස්සිස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ඒතදහෝසි: “අයං ඛෝ ඛණ්ඩෝ ච රාජපුත්තෝ තිස්සෝ ච පුරෝහිතපුත්තෝ බන්ධුමතියා රාජධානියා පටිවසන්ති පණ්ඩිතා වියත්තා මේධාවිනෝ දීඝරත්තං අප්පරජක්ඛජාතිකා. යන්නූනාහං ඛණ්ඩස්ස ච රාජපුත්තස්ස තිස්සස්ස ච පුරෝහිතපුත්තස්ස පඨමං ධම්මං දේසෙය්‍යං. තේ ඉමං ධම්මං ඛිප්පමේව ආජානිස්සන්තී”ති.

එකල්හී මහණෙනි, ඒ අරහත් වූ සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇතිවිය. ‘මම් කවරෙකු හට පළමු ව ධර්මය දේශනා කරන්නෙම් ද? කවරෙක් නම් මේ ධර්මය සැණෙකින් අවබෝධ කරන්නේ ද?’යි. එවිට මහණෙනි, ඒ විපස්සී අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇතිවිය. ‘මේ රාජ පුත්‍ර ඛණ්ඩ තෙමේ ද, පුරෝහිත පුත්‍ර තිස්ස තෙමේ ද බන්ධුමතී රාජධානියෙහි වසන නුවණැති වූ ත්, ව්‍යක්ත වූ ත්, ප්‍රඥා සම්පන්න වූ ත් බොහෝ කලක් අල්ප කෙලෙස් ඇතිව සිටින්නා වූ දෙදෙනෙකි. යම් හෙයකින් මම ඒ ඛණ්ඩ රාජ පුත්‍රයාට ත්, තිස්ස පුරෝහිත පුත්‍රයාට ත් පළමුව දහම් දෙසන්නේ නම් මැනැවි. ඔවුහු මේ ධර්මය සැණෙකින් දැනගන්නාහු ය’ යි.

97. අථ ඛෝ භික්ඛවේ විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධෝ, සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය, ඒවමේව බෝධිරුක්ඛමූලේ අන්තරහිතෝ බන්ධුමතියා රාජධානියා ඛේමේ මිගදායේ පාතුරහෝසි. අථ ඛෝ භික්ඛවේ විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධෝ දායපාලං ආමන්තේසි: “ඒහි ත්වං සම්ම දායපාල බන්ධුමතිං රාජධානිං පවිසිත්වා ඛණ්ඩඤ්ච රාජපුත්තං තිස්සඤ්ච පුරෝහිතපුත්තං ඒවං වදේහි: “විපස්සී භන්තේ භගවා අරහං සම්මාසම්බුද්ධෝ බන්ධුමතිං රාජධානිං අනුප්පත්තෝ ඛේමේ මිගදායේ විහරති. සෝ තුම්හාකං දස්සනකාමෝ”ති. ‘ඒවං භන්තේ’ති ඛෝ භික්ඛවේ දායපාලෝ විපස්සිස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස පටිස්සුත්වා බන්ධුමතිං රාජධානිං පවිසිත්වා ඛණ්ඩඤ්ච රාජපුත්තං තිස්සඤ්ච පුරෝහිතපුත්තං ඒතදවෝච: “විපස්සී භන්තේ භගවා අරහං සම්මාසම්බුද්ධෝ බන්ධුමතිං රාජධානිං අනුප්පත්තෝ ඛේමේ මිගදායේ විහරති, සෝ තුම්හාකං දස්සනකාමෝ”ති.

එවිට මහණෙනි, අරහත් සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගහරින්නේ යම් සේ ද, දික් කළ අතක් හකුලන්නේ යම් සේ ද, එසෙයින් ම බෝ සෙවණින් නොපෙනී ගොස් බන්ධුමතී රාජධානියෙහි ක්ෂේම නම් මිගදායෙහි පහළ වූහ. ඉක්බිති මහණෙනි, ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේ උයන්පල්ලා ඇමතූහ. ‘මිත්‍ර, උද්‍යානපාලකය, මෙහි එව. ඔබ බන්ධුමතී රාජධානියට ගොස් ඛණ්ඩ රාජපුත්‍රයාට ත්, තිස්ස පුරෝහිත පුත්‍රයාට ත් මෙසේ පවසව. ‘හිමියනි, ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහ්න්සේ බන්ධුමතී රාජධානියට වැඩම කොට ක්ෂේම මිගදායෙහි වැඩවසති. උන්වහන්සේ ඔබ දෙදෙනා දකින්නට කැමති සේක’ යි. ‘එසේ ය ස්වාමීනී’ යි මහණෙනි, ඒ උද්‍යාන පාලකයා අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහ්නසේට පිළිවදන් දී බන්ධුමතී රාජධානියට ගොස් ඛණ්ඩ රාජපුත්‍රයාට ත්, තිස්ස පුරෝහිත පුත්‍රයාට ත් මෙය පැවසුවේ ය. ‘හිමියනි, ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේ බන්ධුමතී රාජධානියට වැඩම කොට ක්ෂේම මිගදායෙහි වැඩවසති. උන්වහන්සේ ඔබ දෙදෙනා දකින්නට කැමති සේක’ යි.

98. අථ ඛෝ භික්ඛවේ ඛණ්ඩෝ ච රාජපුත්තෝ තිස්සෝ ච පුරෝහිතපුත්තෝ භද්දානි භද්දානි යානානි යෝජාපෙත්වා භද්දං යානං අභිරුහිත්වා භද්දේහි භද්දේහි යානේහි බන්ධුමතියා රාජධානියා නිය්‍යංසු, යේන ඛේමෝ මිගදායෝ තේන පායාංසු. යාවතිකා යානස්ස භූමි යානේන ගන්ත්වා යානා පච්චෝරෝහිත්වා පත්තිකාව යේන විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධෝ තේනුපසංකමිංසු. උපසංකමිත්වා විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. තේසං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධෝ ආනුපුබ්බිකථං කථේසි, සෙය්‍යථීදං: දානකථං සීලකථං සග්ගකථං කාමානං ආදීනවං ඕකාරං සංකිලේසං නෙක්ඛම්මේ ච ආනිසංසං පකාසේසි. යදා තේ භගවා අඤ්ඤාසි කල්ලචිත්තේ මුදුචිත්තේ විනීවරණචිත්තේ උදග්ගචිත්තේ පසන්නචිත්තේ, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදේසනා තං පකාසේසි: දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං. සෙය්‍යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදේව රජනං පතිගණ්හෙය්‍ය, ඒවමේව ඛණ්ඩස්ස ච රාජපුත්තස්ස ච තිස්සස්ස ච පුරෝහිතපුත්තස්ස තස්මිං යේව ආසනේ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි “යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරෝධධම්මන්ති.”

එකල්හී මහණෙනි, ඛණ්ඩ රාජපුත්‍රයා ද, තිස්ස පුරෝහිත පුත්‍රයා ද සොඳුරු සොඳුරු යානාවන් යොදවා සොඳුරු යානයක නැගී සොඳුරු සොඳුරු යානයන් පිරිවරා බන්ධුමතී රාජධානියෙන් නික්ම ගියහ. ක්ෂේම මිගදාය කරා ගියහ. යානයෙන් යා හැකි බිම යම්තාක් ගොස් යානයෙන් බැස පා ගමනින් ම ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. ඔවුන්ට අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙල කථාව වදාළහ. එනම් දාන කථා ය, සීල කථා ය, ස්වර්ග කථා ය, කාමයන්ගේ පීඩා ගැන කථා ය, කෙලෙසුන්ගෙන් කිළුටු වීම ගැන කථා ය, අබිනික්මන් කිරීමෙහි අනුසස් ගැන ද වදාළහ. යම් විටෙක ඔවුන්ගේ සිත් නීරෝග ව, මොලොක් ව, නීවරණ රහිත ව ඔද වැඩී පහන් ව ගිය බව භාග්‍යවතුන් වහන්සේ දැනගත්තාහු ද, එකල්හී බුදුවරයන්ගේ සාමුක්කංසික ධර්ම දේශනාව පවසන ලද්දේ ය. එනම්, දුක ත්, සමුදය ත්, නිරෝධය ත්, මාර්ගය ත් ය. පහ වූ පැල්ලම් ඇති පිරිසිදු වස්ත්‍රයක් පාට ගන්වන විට මැනැවින් පාට උරාගන්නේ යම් සේ ද, එසෙයින් ම ඛණ්ඩ රාජ පුත්‍රයාට ත්, තිස්ස පුරෝහිත පුත්‍රයාට ත් ඒ අසුනෙහි සිටිය දී ම කෙලෙස් රහිත වූ, මළ රහිත වූ දහම් ඇස පහළ වූයේ ය. එනම් ‘හේතූන් නිසා හටගන්නා ස්වභාව ඇති යම් දෙයක් ඇද්ද, ඒ සියල්ල නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්ත ය’ වශයෙනි.

99. තේ දිට්ඨධම්මා පත්තධම්මා විදිතධම්මා පරියෝගාළ්හධම්මා තිණ්ණවිචිකිච්ඡා විගතකථංකථා වේසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනේ විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං ඒතදවෝචුං: “අභික්කන්තං භන්තේ, අභික්කන්තං භන්තේ. සෙය්‍යථාපි භන්තේ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය ‘චක්ඛුමන්තෝ රූපානි දක්ඛන්තී’ති, ඒවමේව භගවතා අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ, ඒතේ මයං භන්තේ භගවන්තං සරණං ගච්ඡාම ධම්මඤ්ච. ලභෙය්‍යාම මයං භන්තේ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං, ලභෙය්‍යාම උපසම්පද”න්ති.

මෙසේ ධර්මය දකින ලද, ධර්මයට පැමිණි, ධර්මය අවබෝධ කළ, ධර්මයෙහි බැසගත් සැක රහිත වූ ‘කෙසේද, කෙසේද’ යන්න බැහැර කළ විශාරද බවට පත් ශාස්තෘ ශාසනයෙහි අනුන්ගෙන් ලැබිය යුතු උපදෙස් මත නොසිටින ඔවුහු ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ. “ස්වාමීනී, ඉතා මනහර ය. ස්වාමීනී, ඉතා මනහර ය. ස්වාමීනී, යටිකුරු වූ දෙයක් උඩුකුරු කළාක් බඳු ය. වැසුණු දෙයක් විවෘත කිරීම බඳු ය. මංමුලා වූවහුට මග කියන්නක් බඳු ය. අඳුරෙහි සිටින්නවුන්ට ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා යි තෙල් පහනක් දැරීම බඳු ය. මේ අයුරින් ම භාග්‍යවතුන් වහන්සේ විසින් අනේකප්‍රකාරයෙන් ධර්මය දෙසන ලද්දේ ය. ස්වාමීනී, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ සරණ යමු. ධර්මය ත් සරණ යමු. ස්වාමීනී, අපි භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ලබන්නමෝවා! උපසම්පදාව ලබන්නමෝවා!”යි.

100. අලත්ථුං ඛෝ භික්ඛවේ ඛණ්ඩෝ ච රාජපුත්තෝ තිස්සෝ ච පුරෝහිතපුත්තෝ විපස්සිස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස සන්තිකේ පබ්බජ්ජං, අලත්ථුං උපසම්පදං. තේ විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධෝ ධම්මියා කථාය සන්දස්සේසි සමාදපේසි සමුත්තේජේසි සම්පහංසේසි. සංඛාරානං ආදීනවං ඕකාරං සංකිලේසං නිබ්බානේ ච ආනිසංසං පකාසේසි. තේසං විපස්සිනා භගවතා අරහතා සම්මාසම්බුද්ධේන ධම්මියා කථාය සන්දස්සියමානානං සමාදපියමානානං සමුත්තේජියමානානං සම්පහංසියමානානං නචිරස්සේව අනුපාදාය ආසවේහි චිත්තානි විමුච්චිංසු.

ඉක්බිති මහණෙනි, ඛණ්ඩරාජ පුත්‍රයා ත්, තිස්ස පුරෝහිත පුත්‍රයා ත්, අරහත් සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලදහ. උපසම්පදාව ලදහ. ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. උත්සාහවත් කළහ. සතුටට පත් කළහ. සංස්කාරයන්ගේ ආදීනව ත්, කෙලෙසුන්ගේ ළාමක බව ත්, නිවනෙහි ආනිශංස ත් පැවසූහ. අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන, සමාදන් කරවන, උත්සාහවත් කරවන, සතුටු කරවනු ලැබූ ඔවුන්ගේ සිත් නොබෝ කලකින් ආශ්‍රවයන්ට ග්‍රහණය නොවී නිදහස් ව ගියේ ය.

101. අස්සෝසි ඛෝ භික්ඛවේ බන්ධුමතියා රාජධානියා මහාජනකායෝ චතුරාසීතිපාණසහස්සානි “විපස්සී කිර භගවා අරහං සම්මාසම්බුද්ධෝ බන්ධුමතිං රාජධානිං අනුප්පත්තෝ ඛේමේ මිගදායේ විහරති. ඛණ්ඩෝ ච කිර රාජපුත්තෝ තිස්සෝ ච පුරෝහිතපුත්තෝ විපස්සිස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස සන්තිකේ කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතා”ති. සුත්වාන නේසං ඒතදහෝසි: “න හි නූන සෝ ඕරකෝ ධම්මවිනයෝ, න සා ඕරකා පබ්බජ්ජා, යත්ථ ඛෝ ඛණ්ඩෝ ච රාජපුත්තෝ තිස්සෝ ච පුරෝහිතපුත්තෝ කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිතා. ඛණ්ඩෝ ච නාම රාජපුත්තෝ තිස්සෝ ච පුරෝහිතපුත්තෝ විපස්සිස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස සන්තිකේ කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිස්සන්ති, කිමංගපන මයන්ති.”

මහණෙනි, බන්ධුමතී රාජධානියෙහි අසූ හාරදහසක් මහා ජනකාය මෙකරුණ ඇසූහ. එනම් අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේ බන්ධුමතී රාජධානියට වැඩම කොට ක්ෂේම නම් මිගදායෙහි වැඩවෙසෙති. ඛණ්ඩ රාජ පුත්‍රයා ත්, තිස්ස පුරෝහිත පුත්‍රයා ත් ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි කෙස් රැවුල් බහා කසාවත් පොරොවා ගිහි ගෙයින් නික්ම පැවිදි වූහ’ යි. මෙසේ ඇසූ ඔවුන්ට ද මේ අදහස ඇතිවිය. ‘ යම් තැනක ඛණ්ඩ රාජ පුත්‍රයා ත්, තිස්ස පුරෝහිත පුත්‍රයා ත් කෙස් රැවුල් බහා, කසාවත් පොරොවා ගිහි ගෙයින් නික්ම පැවිදි වූවාහු වෙත් ද, ඒ ධර්ම විනය නම් ළාමක වූ දෙයක් නොවෙයි. ඒ පැවිද්ද ද ළාමක වූ දෙයක් නොවෙයි. ඛණ්ඩ රාජ පුත්‍රයා ත්, තිස්ස පුරෝහිත පුත්‍රයා ත් කෙස් රැවුල් බහා, කසාවත් පොරොවා ගිහි ගෙයි අත්හැර ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදි වූවාහු නම්, අපි පැවිදි වීම ගැන අරුමයක් නැත්තේ ය’ යි.

102. අථ ඛෝ සෝ භික්ඛවේ මහාජනකායෝ චතුරාසීතිපාණසහස්සානි බන්ධුමතියා රාජධානියා නික්ඛමිත්වා යේන ඛේමෝ මිගදායෝ, යේන විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධෝ, තේනුපසංකමිංසු. උපසංකමිත්වා විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. තේසං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධෝ ආනුපුබ්බිං කථං කථේසි. සෙය්‍යථීදං: දානකථං සීලකථං සග්ගකථං, කාමානං ආදීනවං ඕකාරං සංකිලේසං, නෙක්ඛම්මේ ච ආනිසංසං පකාසේසි. යදා තේ භගවා අඤ්ඤාසි කල්ලචිත්තේ මුදුචිත්තේ විනීවරණචිත්තේ උදග්ගචිත්තේ පසන්නචිත්තේ, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදේසනා තං පකාසේසි: දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං. සෙය්‍යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදේව රජනං පටිග්ගණ්හෙය්‍ය. ඒවමේව තේසං චතුරාසීතිපාණසහස්සානං තස්මිං යේව ආසනේ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි. “යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරෝධධම්මන්ති.”

ඉක්බිති මහණෙනි, ඒ අසූ හාර දහසක් මහාජනකාය බන්ධුමතී රාජධානියෙන් නික්ම ක්ෂේම නම් මිගදායට ගියහ. ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හුන්හ. ඔවුන්ට අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙල කථාව වදාළහ. එනම් දාන කථා ය, සීල කථා ය, ස්වර්ග කථා ය, කාමයන්ගේ පීඩා ගැන කථා ය, කෙලෙසුන්ගෙන් කිළුටු වීම ගැන කථා ය, අබිනික්මන් කිරීමෙහි අනුසස් ගැන ද වදාළහ. යම් විටෙක ඔවුන්ගේ සිත් නීරෝග ව, මොලොක් ව, නීවරණ රහිත ව ඔද වැඩී පහන් ව ගිය බව භාග්‍යවතුන් වහන්සේ දැනගත්තාහු ද, එකල්හී බුදුවරයන්ගේ සාමුක්කංසික ධර්ම දේශනාව පවසන ලද්දේ ය. එනම්, දුක ත්, සමුදය ත්, නිරෝධය ත්, මාර්ගය ත් ය. පහ වූ පැල්ලම් ඇති පිරිසිදු වස්ත්‍රයක් පාට ගන්වන විට මැනැවින් පාට උරාගන්නේ යම් සේ ද, එසෙයින් ම ඒ අසූ හාර දහසක මහාජනයාට ඒ අසුනෙහි සිටිය දී ම කෙලෙස් රහිත වූ, මළ රහිත වූ දහම් ඇස පහළ වූයේ ය. එනම් ‘හේතූන් නිසා හටගන්නා ස්වභාව ඇති යම් දෙයක් ඇද්ද, ඒ සියල්ල නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්ත ය’ වශයෙනි.

103. තේ දිට්ඨධම්මා පත්තධම්මා විදිතධම්මා පරියෝගාළ්හධම්මා තිණ්ණවිචිකිච්ඡා විගතකථංකථා වේසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනේ විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං ඒතදවෝචුං: “අභික්කන්තං භන්තේ, අභික්කන්තං භන්තේ. සෙය්‍යථාපි භන්තේ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය ‘චක්ඛුමන්තෝ රූපානි දක්ඛන්තී’ති ඒවමේව භගවතා අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. ඒතේ මයං භන්තේ භගවන්තං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. ලභෙය්‍යාම මයං භන්තේ භගවතෝ සන්තිකේ පබ්බජ්ජං ලභෙය්‍යාම උපසම්පදන්ති. අලත්ථුං ඛෝ භික්ඛවේ තානි චතුරාසීතිපාණසහස්සානි විපස්සිස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස සන්තිකේ පබ්බජ්ජං, අලත්ථුං උපසම්පදං.

මෙසේ ධර්මය දකින ලද, ධර්මයට පැමිණි, ධර්මය අවබෝධ කළ, ධර්මයෙහි බැසගත් සැක රහිත වූ ‘කෙසේද, කෙසේද’ යන්න බැහැර කළ විශාරද බවට පත් ශාස්තෘ ශාසනයෙහි අනුන්ගෙන් ලැබිය යුතු උපදෙස් මත නොසිටින ඔවුහු ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ. “ස්වාමීනී, ඉතා මනහර ය. ස්වාමීනී, ඉතා මනහර ය. ස්වාමීනී, යටිකුරු වූ දෙයක් උඩුකුරු කළාක් බඳු ය. වැසුණු දෙයක් විවෘත කිරීම බඳු ය. මංමුලා වූවහුට මග කියන්නක් බඳු ය. අඳුරෙහි සිටින්නවුන්ට ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා යි තෙල් පහනක් දැරීම බඳු ය. මේ අයුරින් ම භාග්‍යවතුන් වහන්සේ විසින් අනේකප්‍රකාරයෙන් ධර්මය දෙසන ලද්දේ ය. ස්වාමීනී, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ සරණ යමු. ධර්මය ත්, භික්ෂු සංඝයා ත් සරණ යමු. ස්වාමීනී, අපි භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ලබන්නමෝවා! උපසම්පදාව ලබන්නමෝවා!”යි.

104. තේ විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධෝ ධම්මියා කථාය සන්දස්සේසි සමාදපේසි සමුත්තේජේසි සම්පහංසේසි, සංඛාරානං ආදීනවං ඕකාරං සංකිලේසං නිබ්බානේ ච ආනිසංසං පකාසේසි. තේසං විපස්සිනා භගවතා අරහතා සම්මාසම්බුද්ධේන ධම්මියා කථාය සන්දස්සියමානානං සමාදපියමානානං සමුත්තේජියමානානං සම්පහංසියමානානං න චිරස්සේව අනුපාදාය ආසවේහි චිත්තානි විමුච්චිංසු.

ඉක්බිති මහණෙනි, ඒ අසූ හාර දහසක් දෙනා අරහත් සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලදහ. උපසම්පදාව ලදහ. ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. උත්සාහවත් කළහ. සතුටට පත් කළහ. සංස්කාරයන්ගේ ආදීනව ත්, කෙලෙසුන්ගේ ළාමක බව ත්, නිවනෙහි ආනිශංස ත් පැවසූහ. අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන, සමාදන් කරවන, උත්සාහවත් කරවන, සතුටු කරවනු ලැබූ ඔවුන්ගේ සිත් නොබෝ කලකින් ආශ්‍රවයන්ට ග්‍රහණය නොවී නිදහස් ව ගියේ ය.

105. අස්සෝසුං ඛෝ භික්ඛවේ, තානි පුරිමානි චතුරාසීතිපබ්බජිතසහස්සානි: ‘විපස්සී කිර භගවා අරහං සම්මාසම්බුද්ධෝ බන්ධුමතිං රාජධානිං අනුප්පත්තෝ ඛේමේ මිගදායේ විහරති, ධම්මඤ්ච කිර දේසේතී’ති. අථ ඛෝ භික්ඛවේ, තානි චතුරාසීතිපබ්බජිතසහස්සානි යේන බන්ධුමතී රාජධානී යේන ඛේමෝ මිගදායෝ යේන විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධෝ, තේනුපසංකමිංසු. උපසංකමිත්වා විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු.

මහණෙනි, බන්ධුමතී රාජධානියෙහි කලින් පැවිදි වූ අසූ හාරදහසක් මහා ජනකාය මෙකරුණ ඇසූහ. එනම් ‘අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේ බන්ධුමතී රාජධානියට වැඩම කොට ක්ෂේම නම් මිගදායෙහි වැඩවෙසෙති. ධර්මය ද දේශනා කරති’ යි.

ඉක්බිති මහණෙනි, ඒ අසූ හාර දහසක් පැවිද්දෝ බන්ධුමතී රාජධානියෙහි ක්ෂේම නම් මිගදායට ගියහ. ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හුන්හ.

106. තේසං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධෝ ආනුපුබ්බිං කථං කථේසි. සෙය්‍යථීදං: දානකථං, සීලකථං සග්ගකථං, කාමානං ආදීනවං ඕකාරං සංකිලේසං, නෙක්ඛම්මේ ච ආනිසංසං පකාසේසි. යදා තේ භගවා අඤ්ඤාසි කල්ලචිත්තේ මුදුචිත්තේ විනීවරණචිත්තේ උදග්ගචිත්තේ පසන්නචිත්තේ, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදේසනා, තං පකාසේසි දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං. සෙය්‍යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදේව රජනං පටිග්ගණ්හෙය්‍ය, ඒවමේව තේසං චතුරාසීතිපබ්බජිතසහස්සානං තස්මිඤ්චේව ආසනේ විරජං වීතමලං. ධම්මචක්ඛුං උදපාදි “යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරෝධධම්මන්ති.”

ඔවුනට අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේ අනුපිළිවෙල කථාව වදාළහ. එනම් දාන කථා ය, සීල කථා ය, ස්වර්ග කථා ය, කාමයන්ගේ පීඩා ගැන කථා ය, කෙලෙසුන්ගෙන් කිළුටු වීම ගැන කථා ය, අබිනික්මන් කිරීමෙහි අනුසස් ගැන වදාළහ. යම් විටෙක ඔවුන්ගේ සිත් නීරෝග ව, මොලොක් ව, නීවරණ රහිත ව ඔද වැඩී පහන් ව ගිය බව භාග්‍යවතුන් වහන්සේ දැනගත්තාහු ද, එකල්හී බුදුවරයන්ගේ සාමුක්කංසික ධර්ම දේශනාව පවසන ලද්දේ ය. එනම්, දුක ත්, සමුදය ත්, නිරෝධය ත්, මාර්ගය ත් ය. පහ වූ පැල්ලම් ඇති පිරිසිදු වස්ත්‍රයක් පාට ගන්වන විට මැනැවින් පාට උරාගන්නේ යම් සේ ද, එසෙයින් ම ඒ අසූ හාර දහසක් පැවිද්දන්ට ඒ අසුනෙහි සිටිය දී ම කෙලෙස් රහිත වූ, මළ රහිත වූ දහම් ඇස පහළ වූයේ ය. එනම් ‘හේතූන් නිසා හටගන්නා ස්වභාව ඇති යම් දෙයක් ඇද්ද, ඒ සියල්ල නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්ත ය’ වශයෙනි.

107. තේ දිට්ඨධම්මා පත්තධම්මා විදිතධම්මා පරියෝගාළ්හධම්මා තිණ්ණවිචිකිච්ඡා විගතකථංකථා වේසාරජ්ජප්පත්තා අපරප්පච්චයා සත්ථුසාසනේ විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං ඒතදවෝචුං: “අභික්කන්තං භන්තේ, අභික්කන්තං භන්තේ. සෙය්‍යථාපි නාම භන්තේ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය ‘චක්ඛුමන්තෝ රූපානි දක්ඛන්තී’ති, ඒවමේව භගවතා අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ. ඒතේ මයං භන්තේ, භගවන්තං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච. ලභෙය්‍යාම මයං භන්තේ, භගවතෝ සන්තිකේ පබ්බජ්ජං, ලභෙය්‍යාම උපසම්පදන්ති.” අලත්ථුං ඛෝ භික්ඛවේ, තානි චතුරාසීතිපබ්බජිතසහස්සානි විපස්සිස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස සන්තිකේ පබ්බජ්ජං, අලත්ථුං උපසම්පදං.

මෙසේ ධර්මය දකින ලද, ධර්මයට පැමිණි, ධර්මය අවබෝධ කළ, ධර්මයෙහි බැසගත් සැක රහිත වූ ‘කෙසේද, කෙසේද’ යන්න බැහැර කළ විශාරද බවට පත් ශාස්තෘ ශාසනයෙහි අනුන්ගෙන් ලැබිය යුතු උපදෙස් මත නොසිටින ඔවුහු ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ. “ස්වාමීනී, ඉතා මනහර ය. ස්වාමීනී, ඉතා මනහර ය. ස්වාමීනී, යටිකුරු වූ දෙයක් උඩුකුරු කළාක් බඳු ය. වැසුණු දෙයක් විවෘත කිරීම බඳු ය. මංමුලා වූවහුට මග කියන්නක් බඳු ය. අඳුරෙහි සිටින්නවුන්ට ‘ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි තෙල් පහනක් දැරීම බඳු ය. මේ අයුරින් ම භාග්‍යවතුන් වහන්සේ විසින් අනේකප්‍රකාරයෙන් ධර්මය දෙසන ලද්දේ ය. ස්වාමීනී, ඒ අපි භාග්‍යවතුන් වහන්සේ සරණ යමු. ධර්මය ත්, භික්ෂු සංඝයා ත් සරණ යමු. ස්වාමීනී, අපි භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ලබන්නමෝවා! උපසම්පදාව ලබන්නමෝවා!”යි.

108. තේ විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධෝ ධම්මියා කථාය සන්දස්සේසි සමාදපේසි සමුත්තේජේසි සම්පහංසේසි. සංඛාරානං ආදීනවං ඕකාරං සංකිලේසං නිබ්බානේ ච ආනිසංසං පකාසේසි. තේසං විපස්සිනා භගවතා අරහතා සම්මාසම්බුද්ධේන ධම්මියා කථාය සන්දස්සියමානානං සමාදපියමානානං සමුත්තේජියමානානං සම්පහංසියමානානං න චිරස්සේව අනුපාදාය ආසවේහි චිත්තානි විමුච්චිංසු.

ඉක්බිති මහණෙනි, ඒ අසූ හාර දහසක් පැවිද්දෝ අරහත් සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ආර්ය පැවිද්ද ලදහ. උපසම්පදාව ලදහ. ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට දැහැමි කථාවෙන් කරුණු දැක්වූහ. සමාදන් කරවූහ. උත්සාහවත් කළහ. සතුටට පත් කළහ. සංස්කාරයන්ගේ ආදීනව ත්, කෙලෙසුන්ගේ ළාමක බව ත්, නිවනෙහි ආනිශංස ත් පැවසූහ. අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු දක්වන, සමාදන් කරවන, උත්සාහවත් කරවන, සතුටු කරවනු ලැබූ ඔවුන්ගේ සිත් නොබෝ කලකින් ආශ්‍රවයන්ට ග්‍රහණය නොවී නිදහස් ව ගියේ ය.

109. තේන ඛෝ පන භික්ඛවේ සමයේන බන්ධුමතියා රාජධානියා මහාභික්ඛුසංඝෝ පටිවසති අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. අථ ඛෝ භික්ඛවේ විපස්සිස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස රහෝගතස්ස පටිසල්ලීනස්ස ඒවං චේතසෝ පරිවිතක්කෝ උදපාදි: “මහා ඛෝ ඒතරහි භික්ඛුසංඝෝ බන්ධුමතියා රාජධානියා පටිවසති අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. යන්නූනාහං භික්ඛූ අනුජානෙය්‍යං ‘චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය, අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. මා ඒකේන ද්වේ අගමිත්ථ, දේසේථ භික්ඛවේ ධම්මං ආදිකල්‍යාණං මජ්ඣේකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං, කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේථ, සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවනතා ධම්මස්ස පරිහායන්ති, භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ. අපි ච ඡන්නං ඡන්නං වස්සානං අච්චයේන බන්ධුමතී රාජධානී උපසංකමිතබ්බා පාතිමොක්ඛුද්දේසායා’ති.

මහණෙනි, එසමයෙහි බන්ධුමතී රාජධානියෙහි එක්ලක්ෂ හැටඅට දහසක් වූ මහත් භික්ෂු සංඝ සමූහයක් වාසය කරති. ඉක්බිති මහණෙනි, හුදෙකලාවේ භාවනාවෙන් සිටි ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේට මේ අදහස ඇතිවූයේ ය. ‘මෙකල බන්ධුමතී රාජධානියෙහි එක්ලක්ෂ හැටඅට දහසක මහා භික්ෂු සංඝයා වැඩවෙසෙති. මම් ඒ භික්ෂූන්ට චාරිකාව පිණිස අනුදත්තෙම් නම් මැනැව’ යි.

එනම්, “මහණෙනි, චාරිකායෙහි සැරිසරා යව්. ඒ බොහෝ ජනයාට සැප පිණිස ය. ඒ බොහෝ ජනයට සැප පිණිස ය. ලෝකානුකම්පාව පිණිස ය. දෙවි මිනිසුන් හට හිත සුව පිණිස ය. යහපත පිණිස ය. එක මගින් දෙදෙනෙක් නොයව්. මුල මැද අග කල්‍යාණ වූ, අර්ථ සහිත වූ, පැහැදිලි ප්‍රකාශනයෙන් යුතු වූ, මුළුමනින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසව්. කෙලෙස් අඩු සත්වයෝ සිටිති. ඔවුහු ධර්ම ශ්‍රවණය නොලැබීම හේතුවෙන් පිරිහී යති. ධර්මය පැවසූ විට අවබෝධ කරන්නෝ පහළ වෙති. වැලිදු සයක් සයක් අවුරුදු ඇවෑමෙන් බන්ධුමතී රාජධානියට පාමොක් උදෙසනු පිණිස පැමිණය යුත්තේ ය” යනුවෙනි.

110. අථ ඛෝ භික්ඛවේ, අඤ්ඤතරෝ මහාබ්‍රහ්මා විපස්සිස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස චේතසා චේතෝපරිවිතක්කමඤ්ඤාය සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය, ඒවමේව බ්‍රහ්මලෝකේ අන්තරහිතෝ විපස්සිස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස පුරතෝ පාතුරහෝසි. අථ ඛෝ සෝ භික්ඛවේ, මහාබ්‍රහ්මා ඒකංසං උත්තරාසංගං කරිත්වා යේන විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධෝ තේනඤ්ජලිම්පණාමෙත්වා විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං ඒතදවෝච: “ඒවමේතං භගවා, ඒවමේතං සුගත, මහා ඛෝ භන්තේ ඒතරහි භික්ඛුසංඝෝ බන්ධුමතියා රාජධානියා පටිවසති අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. අනුජානාතු භන්තේ භගවා භික්ඛූ ‘චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය, අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. මා ඒකේන ද්වේ අගමිත්ථ. දේසේථ භික්ඛවේ ධම්මං ආදිකල්‍යාණං මජ්ඣේකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේථ, සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා, අස්සවනතා ධම්මස්ස පරිහායන්ති, භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ’ති. අපි ච භන්තේ, මයං තථා කරිස්සාම යථා භික්ඛූ ඡන්නං ඡන්නං වස්සානං අච්චයේන බන්ධුමතිං රාජධානිං උපසංකමිස්සන්ති පාතිමොක්ඛුද්දේසායා”ති. ඉදමවෝච භික්ඛවේ, සෝ මහාබ්‍රහ්මා, ඉදං වත්වා විපස්සිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථේවන්තරධායි.

එකල්හී මහණෙනි, එක්තරා මහා බ්‍රහ්මයෙක් ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ චිත්ත පරිවිතර්කය තම සිතින් දැනගත්තේ ය. එවිට බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගහරින වේගයෙන්, දික් කළ අතක් හකුලන වේගයෙන් බඹලොවින් නොපෙනී ගියේ ය. ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ වූයේ ය. ඉක්බිති මහණෙනි, ඒ මහා බ්‍රහ්ම රාජයා උතුරු සළුව ඒකාංශ කොට, ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ වන්දනා කොට ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේට මෙසේ පැවසුවේ ය. “භාග්‍යවතුන් වහන්ස, එය එසේ ම ය. සුගතයන් වහන්ස, එය එසේ ම ය. ස්වාමීනී, මෙකල බන්ධුමතී රාජධානියෙහි එක්ලක්ෂ හැටඅට දහසක මහා භික්ෂු සංඝයා වැඩවෙසෙති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ට චාරිකාව පිණිස අනුදන්නා සේක්වා! එනම්, ‘මහණෙනි, චාරිකායෙහි සැරිසරා යව්. ඒ බොහෝ ජනයාට හිත පිණිස ය. බොහෝ ජනයාට සැප පිණිස ය. ලෝකානුකම්පාව පිණිස ය. දෙවි මිනිසුන් හට හිත සුව පිණිස ය. යහපත පිණිස ය. එක මගින් දෙදෙනෙක් නොයව්. මුල මැද අග කල්‍යාණ වූ, අර්ථ සහිත වූ, පැහැදිලි ප්‍රකාශනයෙන් යුතු වූ, මුළුමනින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසව්. කෙලෙස් අඩු සත්වයෝ සිටිති. ඔවුහු ධර්ම ශ්‍රවණය නොලැබීම හේතුවෙන් පිරිහී යති. ධර්මය පැවසූ විට අවබෝධ කරන්නෝ පහළ වෙති’ යනුවෙනි.

වැලිදු ස්වාමීනී, භික්ෂු සංඝයා සයක් සයක් වර්ෂයක් ඇවෑමෙන් පාමොක් උදෙසීම පිණිස බන්ධුමතී රාජධානියට යම් සේ පැමිණෙන්නාහු නම්, ඒ පිළිබඳ කටයුතු අපි කරන්නෙමු” යි. මෙසේ මහණෙනි, ඒ බ්‍රහ්ම රාජයා ඔය කරුණ පවසා ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට පැදකුණු කොට එහි ම නොපෙනී ගියේ ය.

111. අථ ඛෝ භික්ඛවේ, විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධෝ සායන්හසමයං පතිසල්ලානා වුට්ඨිතෝ භික්ඛූ ආමන්තේසි: ඉධ මය්හං භික්ඛවේ රහෝගතස්ස පටිසල්ලීනස්ස ඒවං චේතසෝ පරිවිතක්කෝ උදපාදි: “මහා ඛෝ ඒතරහි භික්ඛුසංඝා බන්ධුමතියා රාජධානියා පටිවසති අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. යන්නූනාහං භික්ඛූ අනුජානෙය්‍යං “චරථ භික්ඛවේ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය, අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. මා ඒකේන ද්වේ අගමිත්ථ. දේසේථ භික්ඛවේ ධම්මං ආදිකල්‍යාණං මජ්ඣේකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේථ. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා අස්සවනතා ධම්මස්ස පරිහායන්ති භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ. අපි ච ඡන්නං ඡන්නං වස්සානං අච්චයේන බන්ධුමතී රාජධානී උපසංකමිතබ්බා පාතිමොක්ඛුද්දේසායා”ති.

ඉක්බිති මහණෙනි, ඒ අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට භික්ෂු සංඝයා අමතා වදාළහ.

“මහණෙනි, මෙහි හුදෙකලාවේ භාවනාවෙන් සිටි මා හට මේ අදහස ඇතිවූයේ ය. ‘මෙකල බන්ධුමතී රාජධානියෙහි එක්ලක්ෂ හැටඅට දහසක මහා භික්ෂු සංඝයා වැඩවෙසෙති. මම් ඒ භික්ෂූන්ට චාරිකාව පිණිස අනුදත්තෙම් නම් මැනැව’ යි.

එනම් ‘මහණෙනි, චාරිකායෙහි සැරිසරා යව්. ඒ බොහෝ ජනයාට හිත පිණිස ය. බොහෝ ජනයාට සැප පිණිස ය. ලෝකානුකම්පාව පිණිස ය. දෙවි මිනිසුන් හට හිත සුව පිණිස ය. යහපත පිණිස ය. එක මගින් දෙදෙනෙක් නොයව්. මුල මැද අග කල්‍යාණ වූ, අර්ථ සහිත වූ, පැහැදිලි ප්‍රකාශනයෙන් යුතු වූ, මුළුමනින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසව්. කෙලෙස් අඩු සත්වයෝ සිටිති. ඔවුහු ධර්ම ශ්‍රවණය නොලැබීම හේතුවෙන් පිරිහී යති. ධර්මය පැවසූ විට අවබෝධ කරන්නෝ පහළ වෙති. වැලිදු සයක් සයක් අවුරුදු ඇවෑමෙන් බන්ධුමතී රාජධානියට පාමොක් උදෙසනු පිණිස පැමිණය යුත්තේ ය’ යනුවෙනි.

112. අථ ඛෝ භික්ඛවේ, අඤ්ඤතරෝ මහාබ්‍රහ්මා මම චේතසා චේතෝපරිවිතක්කමඤ්ඤාය සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය, ඒවමේව බ්‍රහ්මලෝකේ අන්තරහිතෝ මම පුරතෝ පාතුරහෝසි. අථ ඛෝ සෝ භික්ඛවේ, මහාබ්‍රහ්මා ඒකංසං උත්තරාසංගං කරිත්වා යේනාහං තේනඤ්ජලිම්පණාමෙත්වා මං ඒතදවෝච “ඒවමේතං භගවා, ඒවමේතං සුගත, මහා ඛෝ භන්තේ, ඒතරහි භික්ඛුසංඝෝ බන්ධුමතියා රාජධානියා පටිවසති අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. අනුජානාතු භන්තේ, භගවා භික්ඛූ “චරථ භික්ඛවේ, චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. මා ඒකේන ද්වේ අගමිත්ථ. දේසේථ භික්ඛවේ, ධම්මං ආදිකල්‍යාණං මජ්ඣේකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං, කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේථ, සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා අස්සවනතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ. අපි ච භන්තේ, මයං තථා කරිස්සාම, යථා භික්ඛූ ඡන්නං ඡන්නං වස්සානං අච්චයේන බන්ධුමතිං රාජධානිං උපසංකමිස්සන්ති පාතිමොක්ඛුද්දේසායා”ති. ඉදමවෝච සෝ භික්ඛවේ මහාබ්‍රහ්මා, ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථේවන්තරධායි.

එකල්හී මහණෙනි, එක්තරා මහා බ්‍රහ්මයෙක් මාගේ චිත්ත පරිවිතර්කය තම සිතින් දැනගත්තේ ය. එවිට බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගහරින වේගයෙන්, දික් කළ අතක් හකුලන වේගයෙන් බඹලොවින් නොපෙනී ගියේ ය. ඉක්බිති මා ඉදිරියෙහි පහළ වූයේ ය. ඉක්බිති මහණෙනි, ඒ මහා බ්‍රහ්ම රාජයා උතුරු සළුව ඒකාංශ කොට මා වෙත ඇඳිලි බැඳ වන්දනා කොට මා හට මෙසේ පැවසුවේ ය. ‘භාග්‍යවතුන් වහන්ස, එය එසේ ම ය. සුගතයන් වහන්ස, එය එසේ ම ය. ස්වාමීනී, මෙකල බන්ධුමතී රාජධානියෙහි එක්ලක්ෂ හැටඅට දහසක මහා භික්ෂු සංඝයා වැඩවෙසෙති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ට චාරිකාව පිණිස අනුදන්නා සේක්වා! එනම්, ‘මහණෙනි, චාරිකායෙහි සැරිසරා යව්. ඒ බොහෝ ජනයාට හිත පිණිස ය. බොහෝ ජනයාට සැප පිණිස ය. ලෝකානුකම්පාව පිණිස ය. දෙවි මිනිසුන් හට හිත සුව පිණිස ය. යහපත පිණිස ය. එක මගින් දෙදෙනෙක් නොයව්. මුල මැද අග කල්‍යාණ වූ, අර්ථ සහිත වූ, පැහැදිලි ප්‍රකාශනයෙන් යුතු වූ, මුළුමනින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසව්. කෙලෙස් අඩු සත්වයෝ සිටිති. ඔවුහු ධර්ම ශ්‍රවණය නොලැබීම හේතුවෙන් පිරිහී යති. ධර්මය පැවසූ විට අවබෝධ කරන්නෝ පහළ වෙති’ යනුවෙනි.

වැලිදු ස්වාමීනී, භික්ෂු සංඝයා සයක් සයක් වර්ෂයක් ඇවෑමෙන් පාමොක් උදෙසීම පිණිස බන්ධුමතී රාජධානියට යම් සේ පැමිණෙන්නාහු නම්, ඒ පිළිබඳ කටයුතු අපි කරන්නෙමු’ යි. මෙසේ මහණෙනි, ඒ බ්‍රහ්ම රාජයා ඔය කරුණ පවසා මා හට සකසා වන්දනා කොට පැදකුණු කොට එහි ම නොපෙනී ගියේ ය.

113. “අනුජානාමි භික්ඛවේ, චරථ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලෝකානුකම්පාය, අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. මා ඒකේන ද්වේ අගමිත්ථ, දේසේථ භික්ඛවේ, ධම්මං ආදිකල්‍යාණං මජ්ඣේකල්‍යාණං, පරියෝසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං. කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේථ. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා. අස්සවනතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරෝ. අපි ච භික්ඛවේ, ඡන්නං ඡන්නං වස්සානං අච්චයේන බන්ධුමතී රාජධානී උපසංකමිතබ්බා පාතිමොක්ඛුද්දේසායා”ති.

“මහණෙනි, මම මෙය අනුදනිමි. චාරිකායෙහි සැරිසරා යව්. ඒ බොහෝ ජනයාට හිත පිණිස ය. බොහෝ ජනයාට සැප පිණිස ය. ලෝකානුකම්පාව පිණිස ය. දෙවි මිනිසුන් හට හිත සුව පිණිස ය. යහපත පිණිස ය. එක මගින් දෙදෙනෙක් නොයව්. මුල මැද අග කල්‍යාණ වූ, අර්ථ සහිත වූ, පැහැදිලි ප්‍රකාශනයෙන් යුතු වූ, මුළුමනින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසව්. කෙලෙස් අඩු සත්වයෝ සිටිති. ඔවුහු ධර්ම ශ්‍රවණය නොලැබීම හේතුවෙන් පිරිහී යති. ධර්මය පැවසූ විට අවබෝධ කරන්නෝ පහළ වෙති. වැලිදු මහණෙනි, සයක් සයක් අවුරුදු ඇවෑමෙන් බන්ධුමතී රාජධානියට පාමොක් උදෙසනු පිණිස පැමිණිය යුත්තේ ය.”

114. අථ ඛෝ භික්ඛවේ, භික්ඛූ යේභුය්‍යේන ඒකාහේනේව ජනපදචාරිකං පක්කමිංසු. තේන ඛෝ පන භික්ඛවේ, සමයේන ජම්බුදීපේ චතුරාසීති ආවාසසහස්සානි හොන්ති. ඒකම්හි වස්සේ නික්ඛන්තේ දේවතා සද්දමනුස්සාවේසුං: “නික්ඛන්තං ඛෝ මාරිසා ඒකං වස්සං පඤ්ච’දානි වස්සානි සේසානි. පඤ්චන්නං වස්සානං අච්චයේන බන්ධුමතී රාජධානී උපසංකමිතබ්බා පාතිමොක්ඛුද්දේසායා”ති. ද්වීසු වස්සේසු නික්ඛන්තේසු දේවතා සද්දමනුස්සාවේසුං: “නික්ඛන්තානි ඛෝ මාරිසා ද්වේ වස්සානි. චත්තාරි’දානි වස්සානි සේසානි. චතුන්නං වස්සානං අච්චයේන බන්ධුමතී රාජධානී උපසංකමිතබ්බා පාතිමොක්ඛුද්දේසායා”ති. තීසු වස්සේසු නික්ඛන්තේසු දේවතා සද්දමනුස්සාවේසුං: “නික්ඛන්තානි ඛෝ මාරිසා තීණි වස්සානි. තීණි’දානි වස්සානි සේසානි. තිණ්ණං වස්සානං අච්චයේන බන්ධුමතී රාජධානී උපසංකමිතබ්බා පාතිමොක්ඛුද්දේසායා”ති. චතූසු වස්සේසු නික්ඛන්තේසු දේවතා සද්දමනුස්සාවේසුං: “නික්ඛන්තානි ඛෝ මාරිසා චත්තාරි වස්සානි. ද්වේ’දානි වස්සානි සේසානි. ද්වින්නං වස්සානං අච්චයේන බන්ධුමතී රාජධානී උපසංකමිතබ්බා පාතිමොක්ඛුද්දේසායා”ති. පඤ්චසු වස්සේසු නික්ඛන්තේසු දේවතා සද්දමනුස්සාවේසුං: “නික්ඛන්තානි ඛෝ මාරිසා පඤ්චවස්සානි. ඒකං’දානි වස්සං සේසං. ඒකස්ස වස්සස්ස අච්චයේන බන්ධුමතී රාජධානී උපසංකමිතබ්බා පාතිමොක්ඛුද්දේසායා”ති. ඡසු වස්සේසු නික්ඛන්තේසු දේවතා සද්දමනුස්සාවේසුං: “නික්ඛන්තානි ඛෝ මාරිසා ඡබ්බස්සානි. සමයෝ’දානි බන්ධුමතිං රාජධානිං උපසංකමිතුං පාතිමොක්ඛුද්දේසායා”ති.

එකල්හී මහණෙනි, භික්ෂූහු බොහෝ සෙයින් එක් දිනයකින් ම ජනපද චාරිකායෙහි පිටත් වූහ. මහණෙනි, එසමයෙහි ජම්බුද්වීපයෙහි අසූ හාර දහසක් ආවාසයෝ තිබුණහ. එක් වසරක් නික්ම ගිය කල්හී දෙවියෝ ඝෝෂා පැවැත්වූහ. ‘නිදුකාණෙනි, එක් වර්ෂයක් නික්ම ගියේ ය. තව පස් වසරක් ඉතිරි ව ඇත. ඒ පස් වසර ඇවෑමෙන් පාමොක් උදෙසනු පිණිස බන්ධුමතී රාජධානියට පැමිණිය යුත්තාහු ය’ යි. දෙ වසරක් නික්ම ගිය කල්හී දෙවියෝ ඝෝෂා පැවැත්වූහ. ‘නිදුකාණෙනි, දෙ වර්ෂයක් නික්ම ගියේ ය. තව සිව් වසරක් ඉතිරි ව ඇත. ඒ සිව් වසර ඇවෑමෙන් පාමොක් උදෙසනු පිණිස බන්ධුමතී රාජධානියට පැමිණිය යුත්තාහු ය’ යි. තුන් වසරක් නික්ම ගිය කල්හී දෙවියෝ ඝෝෂා පැවැත්වූහ. ‘නිදුකාණෙනි, තුන් වර්ෂයක් නික්ම ගියේ ය. තව තුන් වසරක් ඉතිරි ව ඇත. ඒ තුන් වසර ඇවෑමෙන් පාමොක් උදෙසනු පිණිස බන්ධුමතී රාජධානියට පැමිණිය යුත්තාහු ය’ යි. සිව් වසරක් නික්ම ගිය කල්හී දෙවියෝ ඝෝෂා පැවැත්වූහ. ‘නිදුකාණෙනි, සිව් වර්ෂයක් නික්ම ගියේ ය. තව දෙ වසරක් ඉතිරි ව ඇත. ඒ දෙ වසර ඇවෑමෙන් පාමොක් උදෙසනු පිණිස බන්ධුමතී රාජධානියට පැමිණිය යුත්තාහු ය’ යි. පස් වසරක් නික්ම ගිය කල්හී දෙවියෝ ඝෝෂා පැවැත්වූහ. ‘නිදුකාණෙනි, පස් වර්ෂයක් නික්ම ගියේ ය. තව එක් වසරක් ඉතිරි ව ඇත. ඒ එක් වසර ඇවෑමෙන් පාමොක් උදෙසනු පිණිස බන්ධුමතී රාජධානියට පැමිණිය යුත්තාහු ය’ යි. සය වසරක් නික්ම ගිය කල්හී දෙවියෝ ඝෝෂා පැවැත්වූහ. ‘නිදුකාණෙනි, සය වර්ෂයක් නික්ම ගියේ ය. පාමොක් උදෙසනු පිණිස බන්ධුමතී රාජධානියට පැමිණෙන්නට දැන් කාලය’ යි.

115. අථ ඛෝ තේ භික්ඛවේ භික්ඛූ, අප්පේකච්චේ සකේන ඉද්ධානුභාවේන, අප්පේකච්චේ දේවතානං ඉද්ධානුභාවේන, ඒකාහේනේව බන්ධුමතිං රාජධානිං උපසංකමිංසු පාතිමොක්ඛුද්දේසාය. තත්‍ර සුදං භික්ඛවේ විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධෝ භික්ඛුසංඝේ ඒවං පාතිමොක්ඛං උද්දිසති:

එවිට මහණෙනි, ඒ භික්ෂූන් අතුරින් ඇතැම් කෙනෙක් ස්වකීය ඉර්ධි බලයෙන් ද, ඇතැම් භික්ෂුවක් දෙවියන්ගේ ඉර්ධි බලයෙන් ද එක් දිනයෙන් ම පාමොක් උදෙසීම පිණිස බන්ධුමතී රාජධානියට පැමිණියහ. එකල්හී මහණෙනි, අරහත් සම්මා සම්බුදු විපස්සී භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂු සංඝයා මැද මේ අයුරින් පාමොක් උදෙසති.

ඛන්තී පරමං තපෝ තිතික්ඛා – නිබ්බානං පරමං වදන්ති බුද්ධා
න හි පබ්බජිතෝ පරූපඝාතී – සමණෝ හෝති පරං විහේඨයන්තෝ

අනුන්ගෙන් ලැබෙන නින්දා අපහාස ගැරහුම් ආදිය ඉවසීම උතුම් තපස වෙයි. ඉතා උත්තම දෙය නම් නිවන ය යනුවෙන් බුදුවරු පවසත්. අනුන් පෙළන්නා පැවිද්දෙක් නොවෙයි. අනුන් වෙහෙස වන්නා ශ්‍රමණයෙක් නොවෙයි.

සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං – ඒතං බුද්ධානසාසනං

සියළු පව් නොකිරීම ද, කුසල් ඉපදවීම ද, තම සිත පිරිසිදු කිරීම ද යන මෙය බුදුවරයන්ගේ අනුශාසනාව යි.

අනූපවාදෝ අනූපඝාතෝ – පාතිමොක්ඛේ ච සංවරෝ
මත්තඤ්ඤුතා ච භත්තස්මිං – පන්තංච සයනාසනං
අධිචිත්තේ ච ආයෝගෝ – ඒතං බුද්ධානසාසනං’ති

අනුන් හට උපවාද නොකළ යුත්තේ ය. අනුන්ට හිංසා නොකළ යුත්තේ ය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර විය යුත්තේ ය. වළඳන ආහාරය නුවණින් සළකා ගත යුත්තේ ය. දුර ඈත සෙනසුන්හි වාසය කළ යුත්තේ ය. අධිචිත්ත සංඛ්‍යාත ධ්‍යාන සමවත් ආදියෙහි යෙදිය යුත්තේ ය යන මෙය බුදුවරයන්ගේ අනුශාසනාව යි”

116. ඒකමිදාහං භික්ඛවේ සමයං උක්කට්ඨායං විහරාමි සුභගවනේ සාලරාජමූලේ. තස්ස මය්හං භික්ඛවේ, රහෝගතස්ස පටිසල්ලීනස්ස ඒවං චේතසෝ පරිවිතක්කෝ උදපාදි: “න ඛෝ සෝ සත්තාවාසෝ සුලභරූපෝ යෝ මයා අනජ්ඣාවුත්ථපුබ්බෝ ඉමිනා දීඝේන අද්ධුනා අඤ්ඤත්‍ර සුද්ධාවාසේහි දේවේහි. යන්නූනාහං යේන සුද්ධාවාසා දේවා තේනුපසංකමෙය්‍යන්ති”. අථ ඛෝ අහං භික්ඛවේ සෙය්‍යථාපි නාම බලවා පුරිසෝ සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය, ඒවමේව උක්කට්ඨායං සුභගවනේ සාලරාජමූලේ අන්තරහිතෝ අවිහේසු දේවේසු පාතුරහෝසිං.

මහණෙනි, එක් කලෙක මම උක්කට්ඨා නුවර සුභග වනයෙහි සාල රාජ මූලයෙහි සිටියෙමි. එකල්හී මහණෙනි, හුදෙකලාවෙහි භාවනාවෙන් සිටි මා හට මේ චිත්ත කල්පනාව ඇතිවිය. එනම් ‘මේ සා දීර්ඝ සසරෙහි සුද්ධාවාස දෙවියන් අතර හැර මා විසින් පෙර වාසය නොකළ සතුන් උපදින යම් තැනක් ඇද්ද, එය සුලභ නොවෙයි. එහෙයින් ම මම් සුද්ධාවාස දෙවියන් කරා එළඹෙම් නම් මැනැවැ’යි. එකල්හී මහණෙනි, බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දික්කළ වේගයෙන්, දික්කළ අතක් හැකිලූ වේගයෙන් මම් උක්කට්ඨායෙහි සුභග වනයෙහි සාල රාජමූලයෙන් නොපෙනී ගියෙමි. අවිහ දෙවියන් අතර පහළ වුණෙමි.

117. තස්මිං භික්ඛවේ, දේවනිකායේ අනේකානි දේවතාසහස්සානි අනේකානි දේවතාසතසහස්සානි යේනාහං තේනුපසංකමිංසු. උපසංකමිත්වා මං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨංසු, ඒකමන්තං ඨිතා ඛෝ භික්ඛවේ තා දේවතා මං ඒතදවෝචුං: “ඉතෝ සෝ මාරිස, ඒකනවුතෝකප්පෝ යං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධෝ ලෝකේ උදපාදි. විපස්සී මාරිස, භගවා අරහං සම්මාසම්බුද්ධෝ ඛත්තියෝ ජාතියා අහෝසි ඛත්තියකුලේ උදපාදි. විපස්සී මාරිස, භගවා අරහං සම්මාසම්බුද්ධෝ කොණ්ඩඤ්ඤා ගොත්තේන අහෝසි. විපස්සිස්ස මාරිස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස අසීතිවස්සසහස්සානි ආයුප්පමාණං අහෝසි. විපස්සී මාරිස, භගවා අරහං සම්මාසම්බුද්ධෝ පාටලියා මූලේ අභිසම්බුද්ධෝ. විපස්සිස්ස මාරිස, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ඛණ්ඩතිස්සං නාම සාවකයුගං අහෝසි අග්ගං භද්දයුගං. විපස්සිස්ස මාරිස, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස තයෝ සාවකානං සන්නිපාතා අහේසුං: ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි අට්ඨසට්ඨිභික්ඛුසතසහස්සං. ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි භික්ඛුසතසහස්සං. ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි අසීතිභික්ඛුසහස්සානි. විපස්සිස්ස මාරිස, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ඉමේ තයෝ සාවකානං සන්නිපාතා අහේසුං සබ්බේසංයේව ඛීණාසවානං. විපස්සිස්ස මාරිස, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස අසෝකෝ නාම භික්ඛු උපට්ඨාකෝ අහෝසි අග්ගුපට්ඨාකෝ. විපස්සිස්ස මාරිස, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස බන්ධුමා නාම රාජා පිතා අහෝසි. බන්ධුමතී නාම දේවී මාතා අහෝසි ජනෙත්ති. බන්ධුමස්ස රඤ්ඤෝ බන්ධුමතී නාම නගරං රාජධානී අහෝසි. විපස්සිස්ස මාරිස, භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස ඒවං අභිනික්ඛමනං අහෝසි, ඒවං පබ්බජ්ජා, ඒවං පධානං ඒවං අභිසම්බෝධි, ඒවං ධම්මචක්කප්පවත්තනං. තේ මයං මාරිස, විපස්සිම්හි භගවති බ්‍රහ්මචරියං චරිත්වා කාමේසු කාමච්ඡන්දං විරාජෙත්වා ඉධූපපන්නා”ති. ….(පෙ)….

එකල්හී මහණෙනි, ඒ දෙව්ලොව නොයෙක් දහස් ගණන් දෙවිවරු, නොයෙක් සිය දහස් ගණන් දෙවිවරු මා කරා පැමිණියහ. පැමිණ මා හට සකසා වන්දනා කොට එකත්පස්ව සිටගත්හ. එකත්පස් ව සිටි ඒ දෙවිවරු මට මෙය පැවසූහ. ‘නිදුකාණන් වහන්ස, ඒ මෙයින් අනූ එක්වෙනි කල්පය යි. එකල අරහත් සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූහ. නිදුකාණෙනි, ඒ අරහත් සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ උපතින් ක්ෂත්‍රියයෙක් වූහ. ක්ෂත්‍රිය කුලයෙහි උපන්හ. නිදුකාණෙනි, ඒ අරහත් සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ කොණ්ඩඤ්ඤ ගෝත්‍රයෙහි උපන්හ. නිදුකාණෙනි, ඒ අරහත් සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ ආයු ප්‍රමාණය අවුරුදු අසූ දහසක් වූයේ ය. නිදුකාණෙනි, ඒ අරහත් සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ පළොල් රුක් සෙවණේ දී සම්බුද්ධත්වයට පත්වූහ. නිදුකාණෙනි, ඒ අරහත් සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට ඛණ්ඩ නමිනුත්, තිස්ස නමිනුත් සොඳුරු ශ්‍රාවක යුගලක්, අගසව් යුගලක් සිටියේ ය. නිදුකාණෙනි, ඒ අරහත් සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක රැස්වීම් තුනක් තිබුණි. එයින් එක් ශ්‍රාවක රැස්වීමකට එක්ලක්ෂ හැටඅට දහසක් භික්ෂු සංඝයා සහභාගී වූහ. එක් ශ්‍රාවක රැස්වීමකට ලක්ෂයක් භික්ෂු සංඝයා සහභාගී වූහ. එක් ශ්‍රාවක රැස්වීමකට අසූ දහසක් භික්ෂු සංඝයා සහභාගී වූහ. නිදුකාණෙනි, විපස්සී අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේට සියලු ශ්‍රාවකයන් ම ක්ෂීණාශ්‍රව වූ අරහත්වයට පත් වූ ශ්‍රාවක සංඝයාගෙන් යුතු මේ ශ්‍රාවක රැස්වීම් තුන තිබුණේ ය. නිදුකාණෙනි, ඒ අරහත් සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේට උපස්ථායක වූ, අග්‍ර උපස්ථායක වූ අශෝක නම් භික්ෂුවක් සිටියේ ය. නිදුකාණෙනි, ඒ අරහත් සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ පියාණන් වූයේ බන්ධුමා නම් රජු ය. වැදූ මව් බන්ධුමතී නම් රාජ දේවිය වූවා ය. බන්ධුමා රජුගේ රාජධානිය වූයේ බන්ධුමතී නම් නගරය යි. නිදුකාණෙනි, ඒ අරහත් සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ අබිනික්මන මේ අයුරින් වූයේ ය. පැවිද්ද මේ අයුරින් වූයේ ය. ප්‍රධන් වීර්යය මේ අයුරින් වූයේ ය. සම්බුද්ධත්වය මේ අයුරින් වූයේ ය. ධර්ම චක්‍ර ප්‍රවර්තනය මේ අයුරින් වූයේ ය. නිදුකාණෙනි, ඒ අපි ඒ අරහත් සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසරෙහි හැසිර, කාමයන්හි ඇල්ම දුරුකොට මෙහි උපන්නෙමු’ යි. ….(පෙ)….

118. තස්මිංයේව ඛෝ භික්ඛවේ දේවනිකායේ අනේකානි දේවතාසහස්සානි අනේකානි දේවතාසතසහස්සානි යේනාහං තේනුපසංකමිංසු. උපසංකමිත්වා මං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨංසු. ඒකමන්තං ඨිතා ඛෝ භික්ඛවේ තා දේවතා මං ඒතදවෝචුං:

මහණෙනි, එම දෙව්ලොව ම නොයෙක් දහස් ගණන් දෙවිවරු, නොයෙක් සිය දහස් ගණන් දෙවිවරු මා වෙත පැමිණියහ. පැමිණ මට සකසා වන්දනා කොට එකත්පස්ව සිටගත්හ. මහණෙනි, එකත්පස් ව සිටි දෙවිවරු මට මෙය පැවසූහ.

“ඉමස්මිං යේව ඛෝ මාරිස, භද්දකප්පේ භගවා ඒතරහි අරහං සම්මාසම්බුද්ධෝ ලෝකේ උප්පන්නෝ. භගවා මාරිස, ඛත්තියෝ ජාතියා, ඛත්තියකුලේ උප්පන්නෝ. භගවා මාරිස, ගෝතමෝ ගොත්තේන. භගවතෝ මාරිස, අප්පකං ආයුප්පමාණං පරිත්තං ලහුකං, යෝ චිරං ජීවති සෝ වස්සසතං, අප්පං වා භිය්‍යෝ. භගවා මාරිස අස්සත්ථස්ස මූලේ අභිසම්බුද්ධෝ. භගවතෝ මාරිස, සාරිපුත්තමොග්ගල්ලානං නාම සාවකයුගං අග්ගං භද්දයුගං. භගවතෝ මාරිස, ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි අඩ්ඪතේළසානි භික්ඛුසතානි. භගවතෝ මාරිස, අයං ඒකෝ සාවකානං සන්නිපාතෝ අහෝසි සබ්බේසංයේව ඛීණාසවානං. භගවතෝ මාරිස, ආනන්දෝ භික්ඛු උපට්ඨාකෝ අග්ගුපට්ඨාකෝ. භගවතෝ මාරිස, සුද්ධෝදනෝ නාම රාජා පිතා, මායා නාම දේවී මාතා ජනෙත්ති. කපිලවත්ථු නාම නගරං රාජධානී. භගවතෝ මාරිස, ඒවං අභිනික්ඛමනං අහෝසි, ඒවං පබ්බජ්ජා, ඒවං පධානං, ඒවං අභිසම්බෝධි, ඒවං ධම්මචක්කප්පවත්තනං. තේ මයං මාරිස, භගවති බ්‍රහ්මචරියං චරිත්වා කාමේසු කාමච්ඡන්දං විරාජෙත්වා ඉධූපපන්නා”ති.

“නිදුකාණන් වහන්ස, මේ මහා භද්‍ර කල්පයෙහි ම මෙකල අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වී සිටිති. නිදුකාණන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ උපතින් ක්ෂත්‍රීය වන සේක. ක්ෂත්‍රීය කුලයෙහි උපන් සේක. නිදුක් වූ භාග්‍යවතුන් වහන්ස, ගෝත්‍රයෙන් ගෞතම වන සේක. නිදුකාණෙනි, භාග්‍යවතුන් වහන්සේගේ ආයුෂ ප්‍රමාණය ස්වල්පයකි. ටිකකි. මෙකල යමෙක් වැඩිකල් ජීවත් වෙයි නම් වසර සියයක් හෝ ඊට ස්වල්පයක් වැඩියෙනි. නිදුකාණෙනි, භාග්‍යවතුන් වහන්සේ ඇසතු බෝ රුක් සෙවණෙහි සම්බුද්ධත්වයට පත් වූ සේක. නිදුකාණෙනි, භාග්‍යවතුන් වහන්සේට සාරිපුත්ත, මොග්ගල්ලාන නමින් සොඳුරු යුගලයක් වූ අග්‍රශ්‍රාවක යුගලයක් සිටියි. නිදුකාණෙනි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක රැස්වීම් එකක් ම වූයේ ය. ඒ සියළු දෙනා ම අරහත් වූ එක්දහස් දෙසිය පණහක් වූ භික්ෂු සංඝයාගේ රැස්වීමකි. නිදුකාණෙනි, භාග්‍යවතුන් වහන්සේට උපස්ථායක වූ අග්‍ර උපස්ථායක වූ ආනන්ද නම් භික්ෂුවක් සිටියි. නිදුකාණෙනි, භාග්‍යවතුන් වහන්සේගේ පියාණන් වූයේ සුද්ධෝදන නම් රජු ය. වැදූ මව් මායා නම් දේවිය වූවා ය. රාජධානිය වූයේ කපිලවස්තු නම් නගරය යි. නිදුකාණෙනි, භාග්‍යවතුන් වහන්සේගේ අබිනික්මන මෙසේ වූයේ ය. පැවිද්ද මෙසේ වූයේ ය. ප්‍රධන් වීර්යය මෙසේ වූයේ ය. සම්බුද්ධත්වය මෙසේ වූයේ ය. ධර්මචක්‍ර ප්‍රවර්තනය මෙසේ වූයේ ය. නිදුකාණෙනි, ඒ අපි භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර හැසිර කාමයන්හි ආශාව දුරු කොට මෙහි උපන්නෙමු.”

119. අථ ඛ්වාහං භික්ඛවේ, අවිහේහි දේවේහි සද්ධිං යේන අතප්පා දේවා තේනුපසංකමිං ….(පෙ)…. අථ ඛ්වාහං භික්ඛවේ, අවිහේහි ච දේවේහි අතප්පේහි ච දේවේහි සද්ධිං යේන සුදස්සා දේවා තේනුපසංකමිං ….(පෙ)…. අථ ඛ්වාහං භික්ඛවේ, අවිහේහි ච දේවේහි අතප්පේහි ච දේවේහි සුදස්සේහි ච දේවේහි සද්ධිං යේන සුදස්සී දේවා තේනුපසංකමිං. ….(පෙ)…. අථ ඛ්වාහං භික්ඛවේ, අවිහේහි ච දේවේහි අතප්පේහි ච දේවේහි සුදස්සේහි ච දේවේහි සුදස්සීහි ච දේවේහි සද්ධිං යේන අකනිට්ඨා දේවා තේනුපසංකමිං. තස්මිං භික්ඛවේ, දේවනිකායේ අනේකානි දේවතාසහස්සානි අනේකානි දේවතාසතසහස්සානි යේනාහං තේනුපසංකමිංසු. උපසංකමිත්වා මං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨංසු. ඒකමන්තං ඨිතා ඛෝ භික්ඛවේ, තා දේවතා මං ඒතදවෝචුං: “ඉතෝ සෝ මාරිස, ඒකනවුතෝකප්පෝ යං විපස්සී භගවා අරහං සම්මාසම්බුද්ධෝ ලෝකේ උදපාදි ….(පෙ)….

ඉක්බිති මහණෙනි, මම අවිහ දෙවියන් සමඟ අතප්ප දෙව්ලොවට ද ගියෙමි. ….(පෙ)…. ඉක්බිති මහණෙනි, මම අවිහ දෙවියන් ද, අතප්ප දෙවියන් ද සමඟ සුදස්ස දෙව්ලොවට ගියෙමි. ….(පෙ)…. ඉක්බිති මහණෙනි, මම අවිහ දෙවියන් ද, අතප්ප දෙවියන් ද, සුදස්ස දෙවියන් ද සමඟ සුදස්සී දෙව්ලොවට ගියෙමි. ….(පෙ)…. ඉක්බිති මහණෙනි, මම අවිහ දෙවියන් ද, අතප්ප දෙවියන් ද, සුදස්ස දෙවියන් ද, සුදස්සී දෙවියන් ද සමඟ අකණිටා දෙව්ලොවට ගියෙමි.

එකල්හී මහණෙනි, ඒ දෙව්ලොව නොයෙක් දහස් ගණන් දෙවිවරු, නොයෙක් සිය දහස් ගණන් දෙවිවරු මා කරා පැමිණියහ. පැමිණ මා හට සකසා වන්දනා කොට එකත්පස්ව සිටියහ. එකත්පස් ව සිටි ඒ දෙවිවරු මට මෙය පැවසූහ. ‘නිදුකාණන් වහන්ස, ඒ මෙයින් අනූ එක්වෙනි කල්පය යි. එකල අරහත් සම්මා සම්බුදු වූ විපස්සී භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වූහ. ….(පෙ)….

120. තස්මිං යේව ඛෝ භික්ඛවේ, දේවනිකායේ අනේකානි දේවතාසහස්සානි අනේකානි දේවතාසතසහස්සානි යේනාහං තේනුපසංකමිංසු. උපසංකමිත්වා මං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨංසු. ඒකමන්තං ඨිතා ඛෝ භික්ඛවේ, තා දේවතා මං ඒතදවෝචුං: “ඉතෝ සෝ මාරිස, ඒකතිංසේ කප්පේ යං සිඛී භගවා ලෝකේ උදපාදි ….(පෙ)…. තේ මයං මාරිස, සිඛිම්හි භගවති බ්‍රහ්මචරියං ….(පෙ)…. ඉධූපපන්නා. සෝ යේව ඛෝ මාරිස, ඒකතිංසෝ කප්පෝ යං වෙස්සභූ භගවා ලෝකේ උදපාදි ….(පෙ)…. තේ මයං මාරිස, වෙස්සභුම්හි භගවති බ්‍රහ්මචරියං චරිත්වා ….(පෙ)…. ඉධූපපන්නා. ඉමස්මිං යේව ඛෝ මාරිස, භද්දකප්පේ කකුසන්ධෝ භගවා ලෝකේ උදපාදි ….(පෙ)…. තේ මයං මාරිස, කකුසන්ධම්හි භගවති බ්‍රහ්මචරියං චරිත්වා ….(පෙ)…. ඉධූපපන්නා. ඉමස්මිං යේව මාරිස, භද්දකප්පේ කෝණාගමනෝ භගවා ලෝකේ උදපාදි ….(පෙ)…. තේ මයං මාරිස, කෝණාගමනම්හි භගවති බ්‍රහ්මචරියං චරිත්වා ….(පෙ)…. ඉධූපපන්නා. ඉමස්මිං යේව මාරිස, භද්දකප්පේ කස්සපෝ භගවා ලෝකේ උදපාදි ….(පෙ)…. තේ මයං මාරිස, කස්සපම්හි භගවති බ්‍රහ්මචරියං චරිත්වා කාමේසු කාමච්ඡන්දං විරාජෙත්වා ඉධූපපන්නා”ති.

මහණෙනි, එම දෙව්ලොව ම නොයෙක් දහස් ගණන් දෙවිවරු, නොයෙක් සිය දහස් ගණන් දෙවිවරු මා වෙත පැමිණියහ. පැමිණ මට සකසා වන්දනා කොට එකත්පස්ව සිටියහ. මහණෙනි, එකත්පස් ව සිටි ඒ දෙවිවරු මට මෙය පැවසූහ.

“නිදුකාණන් වහන්ස, ඒ මෙයින් තිස් එක් වෙනි කල්පය යි. ඒ කල්පයෙහි සිඛී භාග්‍යවතුන් වහන්සේ ලොවෙහි පහළ වූහ. ….(පෙ)…. නිදුකාණෙනි, ඒ අපි සිඛී භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර රැක මෙහි උපන්නෙමු. ….(පෙ)…. නිදුකාණන් වහන්ස, ඒ මෙයින් තිස් එක් වෙනි කල්පය ම යි. ඒ කල්පයෙහි වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේ ලොවෙහි පහළ වූහ. ….(පෙ)…. නිදුකාණෙනි, ඒ අපි වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර රැක මෙහි උපන්නෙමු. ….(පෙ)…. නිදුකාණන් වහන්ස, මේ භද්‍ර කල්පයෙහි ම කකුසඳ භාග්‍යවතුන් වහන්සේ ලොවෙහි පහළ වූහ. ….(පෙ)…. නිදුකාණෙනි, ඒ අපි කකුසඳ භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර රැක මෙහි උපන්නෙමු. …(පෙ)…. නිදුකාණන් වහන්ස, මේ භද්‍ර කල්පයෙහි ම කෝණාගමන භාග්‍යවතුන් වහන්සේ ලොවෙහි පහළ වූහ. ….(පෙ)…. නිදුකාණෙනි, ඒ අපි කෝණාගමන භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර රැක මෙහි උපන්නෙමු. …(පෙ)…. නිදුකාණන් වහන්ස, මේ භද්‍ර කල්පයෙහි ම කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ ලොවෙහි පහළ වූහ. ….(පෙ)…. නිදුකාණෙනි, ඒ අපි කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර රැක, කාමයන්හි ආශාව දුරු කොට මෙහි උපන්නෙමු.

121. තස්මිං යේව ඛෝ භික්ඛවේ, දේවනිකායේ අනේකානි දේවතාසහස්සානි අනේකානි දේවතාසතසහස්සානි යේනාහං තේනුපසංකමිංසු. උපසංකමිත්වා මං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨංසු. ඒකමන්තං ඨිතා ඛෝ භික්ඛවේ, තා දේවතා මං ඒතදවෝචුං: “ඉමස්මිං යේව ඛෝ මාරිස, භද්දකප්පේ භගවා ඒතරහි අරහං සම්මාසම්බුද්ධෝ ලෝකේ උප්පන්නෝ ….(පෙ)…. තේ මයං මාරිස, භගවති බ්‍රහ්මචරියං චරිත්වා කාමේසු කාමච්ඡන්දං විරාජෙත්වා ඉධූපපන්නා”ති.

එකල්හී මහණෙනි, ඒ දෙව්ලොවෙහි ම නොයෙක් දහස් ගණන් දෙවිවරු, නොයෙක් සිය දහස් ගණන් දෙවිවරු මා කරා පැමිණියහ. පැමිණ මා හට සකසා වන්දනා කොට එකත්පස්ව සිටගත්හ. එකත්පස් ව සිටි ඒ දෙවියෝ මට මෙය පැවසූහ. ‘නිදුකාණන් වහන්ස, මේ මහා භද්‍ර කල්පයෙහි ම මෙකල අරහත් සම්මා සම්බුදු භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වී සිටිති. ….(පෙ)…. නිදුකාණෙනි, ඒ අපි භාග්‍යවතුන් වහන්සේගේ සසුනෙහි බඹසර හැසිර කාමයන්හි ආශාව දුරු කොට මෙහි උපන්නෙමු” යි.

122. ඉති ඛෝ භික්ඛවේ, තථාගතස්සේවේසා ධම්මධාතු සුප්පටිවිද්ධා යස්සා ධම්මධාතුයා සුප්පටිවිද්ධත්තා තථාගතෝ අතීතේ බුද්ධේ පරිනිබ්බුතේ ඡින්නපපඤ්චේ, ඡින්නවටුමේ පරියාදින්නවට්ටේ, සබ්බදුක්ඛවීතිවත්තේ ජාතිතෝපි අනුස්සරති, නාමතෝපි අනුස්සරති, ගොත්තතෝපි අනුස්සරති, ආයුප්පමාණතෝපි අනුස්සරති සාවකයුගතෝපි අනුස්සරති, සාවකසන්නිපාතතෝපි අනුස්සරති “ඒවංජච්චා තේ භගවන්තෝ අහේසුං ඉතිපි, ඒවංනාමා, ඒවංගොත්තා, ඒවංසීලා, ඒවංධම්මා, ඒවංපඤ්ඤා, ඒවංවිහාරී, ඒවංවිමුත්තා තේ භගවන්තෝ අහේසුං ඉතිපී”ති. දේවතා’පි තථාගතස්ස ඒතමත්ථං ආරෝචේසුං යේන තථාගතෝ අතීතේ බුද්ධේ පරිනිබ්බුතෝ ….(පෙ)…. අනුස්සරති ….(පෙ)…. ඒවංවිමුත්තා තේ භගවන්තෝ අහේසුං ඉතිපී”ති.

මෙසේ මහණෙනි, තථාගතයන් විසින් යම් ධර්ම ධාතුවක් මැනැවින් අවබෝධ කරන ලද්දේ ද, ඒ මැනැවින් අවබෝධ කරන ලද ධර්ම ධාතුවෙන් තථාගතයෝ ‘යම්බඳු කෙලෙස් ප්‍රපංච සිඳින ලද, සසර ගමන් සිඳින ලද, සසර පැවතුම් සිඳින ලද, සියලු දුක් ඉක්මවන ලද, පිරිනිවන්පා වදාළ ඒ පූර්වයෙහි වැඩසිටි බුදුවරයන් වහන්සේලා පිළිබඳ ව උපත් වශයෙනුත් සිහි කරත් ම ය. නම් වශයෙනුත් සිහි කරත් ම ය. ගෝත්‍ර වශයෙනුත් සිහි කරත් ම ය. ආයුප්‍රමාණ වශයෙනුත් සිහි කරත් ම ය. ශ්‍රාවක යුගල වශයෙනුත් සිහි කරත් ම ය. ශ්‍රාවක රැස්වීම් වශයෙනුත් සිහි කරත් ම ය. එනම්, ‘ඒ භාග්‍යවත්හු මෙබඳු වූ ජාතීන්හි උපන්හ. මෙබඳු වූ නම් ඇති ව සිටියහ. මෙබඳු ගෝත්‍ර නාමයෙන් සිටියහ. මෙබඳු සිල් ඇති ව සිටියහ. මෙබඳු දහමින් සිටියහ. මෙබඳු ප්‍රඥාවෙන් සිටියහ. මෙබඳු විහරණයෙන් සිටියහ. මෙබඳු විමුක්තියෙන් සිටියහ. මෙබඳු මෙබඳු අයුරින් සිටියහ’ වශයෙනි. මහණෙනි, දෙවියෝ ද තථාගතයන්ට මෙකරුණ සැළ කළහ. ‘ඒ භාග්‍යවත්හු මෙබඳු වූ ජාතීන්හි උපන්හ. මෙබඳු වූ නම් ඇති ව සිටියහ. මෙබඳු ගෝත්‍ර නාමයෙන් සිටියහ. මෙබඳු සිල් ඇති ව සිටියහ. මෙබඳු දහමින් සිටියහ. මෙබඳු ප්‍රඥාවෙන් සිටියහ. මෙබඳු විහරණයෙන් සිටියහ. මෙබඳු විමුක්තියෙන් සිටියහ. මෙබඳු මෙබඳු අයුරින් සිටියහ’ වශයෙනි.

ඉදමවෝච භගවා අත්තමනා තේ භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ඒ භාෂිතය සතුටින් පිළිගත්තාහු ය.

සාදු! සාදු!! සාදු!!!

මහාපදානසුත්තං නිට්ඨිතං.

මහාපදාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn2_1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M