සැවැත් නුවර දී ය …….
මහණෙනි, විශිෂ්ට ඥානයෙන් රාගය අවබෝධ කරනු පිණිස නවයක් වූ ධර්මයන් වැඩිය යුත්තාහු ය. ඒ කවර නවයක් ද යත්;
අසුභ සංඥාව, මරණ සංඥාව, ආහාරයෙහි පිළිකුල් සංඥාව, සියළු ලෝකයෙහි නොඇලෙන සංඥාව, අනිත්‍ය සංඥාව, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව, දුක්ඛයෙහි අනාත්ම සංඥාව, ප්‍රහාණ සංඥාව, විරාග සංඥාව ය.
මහණෙනි, විශිෂ්ට ඥානයෙන් රාගය අවබෝධ කරනු පිණිස මේ නවයක් වූ ධර්මයන් වැඩිය යුත්තාහු ය.
සාදු! සාදු!! සාදු!!!
නවසඤ්ඤා සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …….
මහණෙනි, විශිෂ්ට ඥානයෙන් රාගය අවබෝධ කරනු පිණිස නවයක් වූ ධර්මයන් වැඩිය යුත්තාහු ය. ඒ කවර නවයක් ද යත්;
පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, සතරවෙනි ධ්‍යානය, ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය, සඤ්ඤාවේදයිත නිරෝධ සමාපත්තිය.
මහණෙනි, විශිෂ්ට ඥානයෙන් රාගය අවබෝධ කරනු පිණිස මේ නවයක් වූ ධර්මයන් වැඩිය යුත්තාහු ය.
සාදු! සාදු!! සාදු!!!
ඣාන සමාපත්ති සූත්‍රය නිමා විය.
සැවැත් නුවරදී ය…..
මහණෙනි, රාගය පිරිසිඳ අවබෝධ කරනු පිණිස ….(පෙ)…. නැසීම පිණිස ….(පෙ)…. ප්රහාණය පිණිස ….(පෙ)…. ක්ෂය වීම පිණිස ….(පෙ)…. වැනසීම පිණිස ….(පෙ)…. නොඇල්ම පිණිස ….(පෙ)…. නිරෝධය පිණිස ….(පෙ)…. අත්හැරීම පිණිස ….(පෙ)…. දුරුකිරීම පිණිස මේ නවයක් වූ ධර්මයෝ වැඩිය යුත්තාහු ය.
සැවැත් නුවරදී ය…..
මහණෙනි, ද්වේෂය ….(පෙ)…. මෝහය ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකු බව ….(පෙ)…. තරඟයට වැඩ කිරීම ….(පෙ)…. ඊර්ෂ්‍යාව ….(පෙ)…. මසුරු බව ….(පෙ)…. මායාව ….(පෙ)…. වංචාව ….(පෙ)…. දැඩි බව ….(පෙ)…. සාරම්භය ….(පෙ)…. මානය ….(පෙ)…. අතිමානය ….(පෙ)…. මදය ….(පෙ)…. ප්‍රමාදය ….(පෙ)…. විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස ….(පෙ)…. පිරිසිඳ දකිනු පිණිස ….(පෙ)…. නැසීම පිණිස ….(පෙ)…. ප්රහාණය පිණිස ….(පෙ)…. ක්ෂය වීම පිණිස ….(පෙ)…. වැනසීම පිණිස ….(පෙ)…. නොඇල්ම පිණිස ….(පෙ)…. නිරෝධය පිණිස ….(පෙ)…. අත්හැරීම පිණිස ….(පෙ)…. දුරුකිරීම පිණිස මේ නව ධර්මයන් වැඩිය යුත්තාහු ය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ ධර්මය සතුටින් පිළිගත්තාහු ය.
රාගාදි පෙය්යාලය නිමා විය.
නවක නිපාතය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M