දීඝ නිකාය

සීලක්ඛන්ධ වග්ගෝ

6. මහාලි සුත්තං

6. මහාලි ලිච්ඡවී හට වදාළ දෙසුම

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා වේසාලියං විහරති මහාවනේ කූටාගාරසාලායං.

මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර මහාවනයේ කූටාගාර ශාලාවේ.

තේන ඛෝ පන සමයේන සම්බහුලා කෝසලකා ච බ්‍රාහ්මණදූතා මාගධකා ච බ්‍රාහ්මණදූතා වේසාලියං පටිවසන්ති කේනචිදේව කරණීයේන. අස්සෝසුං ඛෝ තේ කෝසලකා ච බ්‍රාහ්මණදූතා මාගධකා ච බ්‍රාහ්මණදූතා, “සමණෝ ඛලු‍ භෝ ගෝතමෝ සක්‍යපුත්තෝ සක්‍යකුලා පබ්බජිතෝ වේසාලියං විහරති කූටාගාරසාලායං. තං ඛෝ පන භවන්තං ගෝතමං ඒවං කල්‍යාණෝ කිත්තිසද්දෝ අබ්භුග්ගතෝ: ‘ඉති’පි සෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා’ති. සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමණබ්‍රාහ්මණිං පජං සදේවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවේදේති. සෝ ධම්මං දේසේති ආදිකල්‍යාණං මජ්ඣේකල්‍යාණං පරියෝසානකල්‍යාණං සාත්ථං සබ්‍යඤ්ජනං කේවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති. සාධු ඛෝ පන තථාරූපානං අරහතං දස්සනං හෝතී”ති.

ඒ දිනවලම කොසොල් රට වාසී රාජ්‍යතාන්ත්‍රික බොහෝ බ්‍රාහ්මණයන්ද, මගධ රට වාසී රාජ්‍යතාන්ත්‍රික බොහෝ බ්‍රාහ්මණයන්ද, කිසියම් කටයුත්තක් පිණිස විශාලා මහනුවරට ඇවිත් වාසය කළා. ඒ කොසොල් රටවැසි බ්‍රාහ්මණ දූතයන්ටත්, මගධ රට වැසි බ්‍රාහ්මණ දූතයන්ටත් මෙය අසන්නට ලැබුනා. “අන්න ශාක්‍ය පුත්‍ර වූ, ශාක්‍ය කුලයෙන් නික්මී පැවිදි වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩඉන්නවා. ඒ භවත් ගෞතමයන් වහන්සේ ගැන මෙවැනි වූ කළ්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර ගොසින් තියෙනවා. ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහත් වන සේක! සම්මාසම්බුද්ධ වන සේක! විජ්ජාචරණසම්පන්න වන සේක! සුගත වන සේක! ලෝකවිදූ වන සේක! අනුත්තර පුරිසදම්මසාරථි වන සේක! සත්ථා දේවමනුස්සානං වන සේක! බුද්ධ වන සේක! භගවා වන සේක!’ උන්වහන්සේ දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බමුණන් සහිත වූ දෙව්මිනිස් ප්‍රජාවෙන් යුතු මේ ලෝකය තමා විසින් උපදවා ගත් විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරලා ලෝකයට කියා දෙනවා. උන්වහන්සේ දහම් දෙසනවා. ආරම්භය කළ්‍යාණ වූත්, මැද කළ්‍යාණ වූත්, අවසානය කළ්‍යාණ වූත්, අර්ථ සහිත වූත්, පැහැදිලි ප්‍රකාශනවලින් යුතු වූත්, මුළුමණින්ම පිරිපුන් පිරිසිදු බඹසර ප්‍රකාශ කරනවා. එබඳු වූ රහතුන් දැකගන්නට ලැබීම කොතරම් යහපත් දෙයක්ද” කියලා.

2. අථ ඛෝ තේ කෝසලකා ච බ්‍රාහ්මණදූතා මාගධකා ච බ්‍රාහ්මණදූතා යේන මහාවනං කූටාගාරසාලා තේනුපසංකමිංසු. තේන ඛෝ පන සමයේන ආයස්මා නාගිතෝ භගවතෝ උපට්ඨාකෝ හෝති. අථ ඛෝ තේ කෝසලකා ච බ්‍රාහ්මණදූතා මාගධකා ච බ්‍රාහ්මණදූතා යේනායස්මා නාගිතෝ තේනුපසංකමිංසු. උපසංකමිත්වා ආයස්මන්තං නාගිතං ඒතදවෝචුං: “කහං නු ඛෝ භෝ නාගිත, ඒතරහි සෝ භවං ගෝතමෝ විහරති? දස්සනකාමා හි මයං තං භවන්තං ගෝතමන්ති.”

ඉතින් ඒ කොසොල් රට වැසි බ්‍රාහ්මණ දූතයනුත්, මගධ රට වැසි බ්‍රාහ්මණ දූතයනුත් මහවනයේ කූටාගාර ශාලාව වෙත පැමිණුනා. ඒ කාලයේ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වශයෙන් සිටියේ ආයුෂ්මත් නාගිත තෙරුන්. ඉතින් ඒ කොසොල් රට වැසි බ්‍රාහ්මණ දූතයනුත්, මගධ රට වැසි බ්‍රාහ්මණ දූතයනුත් ආයුෂ්මත් නාගිත තෙරුන් වෙත පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් නාගිත තෙරුන්ට මෙහෙම කිව්වා. “භවත් නාගිතයෙනි, දැන් ඒ භවත් ගෞතමයන් වහන්සේ වැඩඉන්නේ කොහේද? අපි ඒ භවත් ගෞතමයන් වහන්සේව බැහැදකින්නට කැමැතියි.”

“අකාලෝ ඛෝ ආවුසෝ භගවන්තං දස්සනාය. පටිසල්ලීනෝ භගවා”ති.

“ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට මේ කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේ දැන් භාවනාවෙනුයි වැඩසිටින්නේ.”

අථ ඛෝ තේ කෝසලකා ච බ්‍රාහ්මණදූතා මාගධකා ච බ්‍රාහ්මණදූතා තත්ථේව ඒකමන්තං නිසීදිංසු: “දිස්වා’ව මයං තං භවන්තං ගෝතමං ගමිස්සාමා”ති.

එතකොට ඒ කොසොල් රට වැසි බ්‍රාහ්මණ දූතයනුත්, මගධ රට වැසි බ්‍රාහ්මණ දූතයනුත් “අපි ඒ භවත් ගෞතමයන් වහන්සේව බැහැදැකලමයි යන්නේ” කියලා එතැනම එකත්පස්ව වාඩිවුනා.

3. ඔට්ඨද්ධෝ’පි ලිච්ඡවී මහතියා ලිච්ඡවීපරිසාය සද්ධිං යේන මහාවනං කූටාගාරසාලා යේනායස්මා නාගිතෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං නාගිතං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ ඔට්ඨද්ධෝ’පි ලිච්ඡවී ආයස්මන්තං නාගිතං ඒතදවෝච: “කහං නු ඛෝ භන්තේ නාගිත, ඒතරහි සෝ භගවා විහරති අරහං සම්මාසම්බුද්ධෝ? දස්සනකාමා හි මයං තං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධන්ති.”

ඔට්ඨද්ධ ලිච්ඡවිත් මහත් ලිච්ඡවි පිරිසක් සමඟ මහාවනයේ කූටාගාර ශාලාවට ගොස් ආයුෂ්මත් නාගිත තෙරුන් වෙත පැමිණුනා. පැමිණිලා ආයුෂ්මත් නාගිත තෙරුන්ට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටි ඔට්ඨද්ධ ලිච්ඡවිතුමාද ආයුෂ්මත් නාගිත තෙරුන්ට මෙහෙම කිව්වා. “භවත් නාගිතයෙනි, දැන් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරාජාණන් වහන්සේ වැඩ ඉන්නේ කොහේද? අපි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරාජාණන් වහන්සේව බැහැදකින්නට කැමැතියි.”

“අකාලෝ ඛෝ මහාලි භගවන්තං දස්සනාය. පටිසල්ලීනෝ භගවා”ති. ඔට්ඨද්ධෝ’පි ලිච්ඡවී තත්ථේව ඒකමන්තං නිසීදි. “දිස්වා ව අහං තං භගවන්තං ගමිස්සාමි අරහන්තං සම්මාසම්බුද්ධන්ති.”

“පින්වත් මහාලි, භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට මේ කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේ දැන් භාවනාවෙනුයි වැඩසිටින්නේ.” එතකොට ඔට්ඨද්ධ ලිච්ඡවිතුමා ද “අපි ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැදැකලමයි යන්නේ” කියලා එතැනම එකත්පස්ව වාඩිවුනා.

4. අථ ඛෝ සීහෝ සමණුද්දේසෝ යේනායස්මා නාගිතෝ තේනුපසංකමි. උපසංකමිත්වා ආයස්මන්තං නාගිතං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ‘ඒකමන්තං ඨිතෝ ඛෝ සීහෝ සමණුද්දේසෝ ආයස්මන්තං නාගිතං ඒතදවෝච: ඒතේ භන්තේ කස්සප, සම්බහුලා කෝසලකා ච බ්‍රාහ්මණදූතා මාගධකා ච බ්‍රාහ්මණදූතා ඉධූපසංකන්තා භගවන්තං දස්සනාය. ඔට්ඨද්ධෝ’පි ලිච්ඡවී මහතියා ලිච්ඡවීපරිසාය සද්ධිං ඉධූපසංකන්තෝ භගවන්තං දස්සනාය. සාධු භන්තේ කස්සප ලභතං ඒසා ජනතා භගවන්තං දස්සනායා’ති.

එතකොට සීහ සාමණේරයන් ආයුෂ්මත් නාගිත තෙරුන් වෙත එළඹුනා. එළඹ ආයුෂ්මත් නාගිත තෙරුන්ට වන්දනා කොට එකත්පස්ව සිටගත්තා. එකත්පස්ව සිටගත් සීහ සාමණේරයන් ආයුෂ්මත් නාගිත තෙරුන්ට මෙහෙම කිව්වා. “ස්වාමීනී, කාශ්‍යපයන් වහන්ස, කොසොල්රට වැසි බොහෝ බ්‍රාහ්මණ දූතයිනුත්, මගධරට වැසි බොහෝ බ්‍රාහ්මණ දූතයිනුත් භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට මෙහි ඇවිත් ඉන්නවා. ඒ වගේම ඔට්ඨද්ධ ලිච්ඡවිතුමාත් මහත් ලිච්ඡවි පිරිසක් සමඟ භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට මෙහි ඇවිත් ඉන්නවා. ඉතින් ස්වාමීනී කාශ්‍යපයන් වහන්ස, ඒ පිරිසට භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට ලැබුනොත් ඉතා හොඳයි.”

‘තේන හි සීහ, ත්වඤ්ඤේව භගවතෝ ආරෝචේහීති’. ‘ඒවං භන්තේ’ති ඛෝ සීහෝ සමණුද්දේසෝ ආයස්මතෝ නාගිතස්ස පටිස්සුත්වා යේන භගවා තේනුපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතෝ ඛෝ සීහෝ සමණුද්දේසෝ භගවන්තං ඒතදවෝච: “ඒතේ භන්තේ සම්බහුලා කෝසලකා ච බ්‍රාහ්මණදූතා මාගධකා ච බ්‍රාහ්මණදූතා ඉධූපසංකන්තා භගවන්තං දස්සනාය, ඔට්ඨද්ධෝ’පි ලිච්ඡවී මහතියා ලිච්ඡවීපරිසාය සද්ධිං ඉධූපසංකන්තෝ භගවන්තං දස්සනාය. සාධු භන්තේ ලභතං ඒසා ජනතා භගවන්තං දස්සනායා”ති.

“එසේ වී නම් සීහ, ඔබම භාග්‍යවතුන් වහන්සේට දැනුම් දෙන්න.”

“එසේය, ස්වාමීනී” කියලා සීහ සාමණේරයන් ආයුෂ්මත් නාගිත තෙරුන් හට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව සිට ගත්තා. එකත්පස්ව සිටි සීහ සාමණේරයන් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළා. “ස්වාමීනී, කොසොල්රට වැසි බොහෝ බ්‍රාහ්මණ දූතයිනුත්, මගධරට වැසි බොහෝ බ්‍රාහ්මණ දූතයිනුත් භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට මෙහි ඇවිත් ඉන්නවා. ඒ වගේම ඔට්ඨද්ධ ලිච්ඡවිතුමාත් මහත් ලිච්ඡවි පිරිසක් සමඟ භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට මෙහි ඇවිත් ඉන්නවා. ඉතින් ස්වාමීනී, ඒ පිරිසට භාග්‍යවතුන් වහන්සේව බැහැදකින්නට ලැබුනොත් ඉතා හොඳයි.”

“තේන හි සීහ විහාරපච්ඡායායං ආසනං පඤ්ඤාපේහී”ති.

“එහෙම නම් සීහයෙනි, විහාරය ඉදිරිපස සෙවණෙහි ආසනයක් පණවන්න.”

“ඒවං භන්තේ’ති ඛෝ සීහෝ සමණුද්දේසෝ භගවතෝ පටිස්සුත්වා විහාරපච්ඡායායං ආසනං පඤ්ඤාපේසි. අථ ඛෝ භගවා විහාරා නික්ඛම්ම විහාරපච්ඡායායං පඤ්ඤත්තේ ආසනේ නිසීදි.

“එසේය ස්වාමීනී” කියලා සීහ සාමණේරයන් භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී විහාරය ඉදිරිපස සෙවණෙහි ආසනයක් පැණෙව්වා. එතකොට භාග්‍යවතුන් වහන්සේ කුටියෙන් නික්ම කුටිය ඉදිරිපස සෙවණෙහි පණවන ලද අසුනෙහි වැඩසිටියා.

5. අථ ඛෝ තේ කෝසලකා ච බ්‍රාහ්මණදූතා මාගධකා ච බ්‍රාහ්මණදූතා යේන භගවා තේනුපසංකමිංසු. උපසංකමිත්වා භගවතා සද්ධිං සම්මෝදිංසු. සම්මෝදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඔට්ඨද්ධෝ’පි ලිච්ඡවී මහතියා ලිච්ඡවීපරිසාය සද්ධිං යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ඔට්ඨද්ධෝ ලිච්ඡවී භගවන්තං ඒතදවෝච:

එතකොට කොසොල් රට වැසි බ්‍රාහ්මණ දූතයිනුත්, මගධ රට වැසි බ්‍රාහ්මණ දූතයිනුත් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාබහේ යෙදිලා එකත්පස්ව වාඩිවුනා. ඔට්ඨද්ධ ලිච්ඡවිතුමාද මහත් වූ ලිච්ඡවි පිරිස සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුනා. එකත්පස්ව වාඩිවුන ඔට්ඨද්ධ ලිච්ඡවි තුමා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා.

“පුරිමානි භන්තේ දිවසානි පුරිමතරානි සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ යේනාහං තේනුපසංකමි. උපසංකමිත්වා මං ඒතදවෝච: ‘යදග්ගේ අහං මහාලි, භගවන්තං උපනිස්සාය විහරාමි න චිරං තීණි වස්සානි, දිබ්බානි හි ඛෝ රූපානි පස්සාමි පියරූපානි කාමූපසංහිතානි රජනීයානි. නෝ ච ඛෝ දිබ්බානි සද්දානි සුණාමි පියරූපානි කාමූපසංහිතානි රජනීයානී”ති. සන්තානේව නු ඛෝ භන්තේ සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ දිබ්බානි සද්දානි නාස්සෝසි පියරූපානි කාමූපසංහිතානි රජනීයානි උදාහු අසන්තානී”ති?

ස්වාමීනී, ඊයේ දවසෙත් ඊට කලින් දවස්වලත් සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා මා වෙත ආවා. ඇවිදින් මට මේ කරුණ කීවා. “මහාලි, දන්නවාද? මං භාග්‍යවතුන් වහන්සේව ඇසුරු කරමින් තුන් අවුරුද්දකට වැඩි නැති කාලයක් වාසය කළා. ඒ කාලෙදී මං කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය රූප දැක්කා. නමුත් මං කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය ශබ්ද නම් ඇසුවේ නෑ” කියලා. ඉතින් ස්වාමීනී, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් තිබෙන්නා වූම දිව්‍ය ශබ්දයන්ද ඇසුවේ නැත්තේ? එහෙම නැත්නම් නැත්තා වූම දිව්‍ය ශබ්දයන්ද?

“සන්තානේව ඛෝ මහාලි සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ දිබ්බානි සද්දානි නාස්සෝසි පියරූපානි කාමූපසංහිතානි රජනීයානි නෝ අසන්තානී”ති.

“පින්වත් මහාලි, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් තිබෙන්නා වූම දිව්‍ය ශබ්දයන් තමයි ඇසුවේ නැත්තේ. එහෙම නැතිව දිව්‍ය ශබ්දයන් නැතිකමට නොවේ.”

6. “කෝ නු ඛෝ භන්තේ හේතු කෝ පච්චයෝ, යේන සන්තානේව සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ දිබ්බානි සද්දානි නාස්සෝසි පියරූපානි කාමූපසංහිතානි රජනීයානි නෝ අසන්තානී”ති?

“ස්වාමීනී, එහෙම නම් සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා ඇසුවේ නැත්තේ කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් තිබෙන්නා වූම දිව්‍ය ශබ්ද නම්, ඒ වගේම නොතිබෙන්නා වූ දිව්‍ය ශබ්ද නොවේ නම් එයට හේතුව කුමක්ද? ප්‍රත්‍ය කුමක්ද?”

“ඉධ මහාලි භික්ඛුනෝ පුරත්ථිමාය දිසාය ඒකංසභාවිතෝ සමාධි හෝති දිබ්බානං රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, නෝ ච ඛෝ දිබ්බානං සද්දානං සවනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. සෝ පුරත්ථිමාය දිසාය ඒකංසභාවිතේ සමාධිම්හි දිබ්බානං රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, නෝ ච ඛෝ දිබ්බානං සද්දානං සවනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. පුරත්ථිමාය දිසාය දිබ්බානි රූපානි පස්සති පියරූපානි කාමූපසංහිතානි රජනීයානි, නෝ ච ඛෝ දිබ්බානි සද්දානි සුණාති පියරූපානි කාමූපසංහිතානි රජනීයානි. තං කිස්ස හේතු: ඒවං හේතං මහාලි හෝති භික්ඛුනෝ පුරත්ථිමාය දිසාය ඒකංසභාවිතේ සමාධිම්හි දිබ්බානං රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, නෝ ච ඛෝ දිබ්බානං සද්දානං සවනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං.

“පින්වත් මහාලි, මෙහිලා භික්ෂුව පෙරදිග දිශාවේ කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍යමය රූප දැකීම පිණිස පමණක් යොමු කොට වඩපු සමාධියක් තියෙනවා. නමුත් කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය ශබ්දයන් ඇසීම පිණිස එහෙම සමාධියක් වඩලා නෑ. එතකොට ඔහු පෙරදිග දිශාවේ කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය රූප දැකීම පිණිස පමණක් සමාධිය වඩලා තියෙන විට පෙරදිග දිශාවේ කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය ශබ්දයන් ඇසීම පිණිස සමාධිය වඩලා නැති කොට කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය රූප දකිනවා. නමුත් කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය ශබ්ද අසන්නේ නෑ. ඒකට හේතුව කුමක්ද? පින්වත් මහාලි, භික්ෂුව පෙරදිග දිශාවේ කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය රූප දැකීම පිණිස පමණක් සමාධිය වඩලා තියෙද්දී කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය ශබ්ද ඇසීමට සමාධිය වඩලා නොතිබෙන කොට එහෙම තමයි.

7. පුන ච පරං මහාලි භික්ඛුනෝ දක්ඛිණාය දිසාය ….(පෙ)…. පච්ඡිමාය දිසාය ….(පෙ)…. උත්තරාය දිසාය ….(පෙ)…. උද්ධමධෝ තිරියං ඒකංසභාවිතෝ සමාධි හෝති දිබ්බානං රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, නෝ ච ඛෝ දිබ්බානං සද්දානං සවනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. සෝ උද්ධමධෝ තිරියං ඒකංසභාවිතේ සමාධිම්හි දිබ්බානං රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, නෝ ච ඛෝ දිබ්බානං සද්දානං සවනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, උද්ධමධෝ තිරියං දිබ්බානි රූපානි පස්සති පියරූපානි කාමූපසංහිතානි රජනීයානි නෝ ච ඛෝ දිබ්බානි සද්දානි සුණාති පියරූපානි කාමූපසංහිතානි රජනීයානි. තං කිස්ස හේතු? ඒවං හේතං මහාලි හෝති භික්ඛුනෝ දක්ඛිණාය දිසාය ….(පෙ)…. උද්ධමධෝ තිරියං ඒකංසභාවිතේ සමාධිම්හි දිබ්බානං රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, නෝ ච ඛෝ දිබ්බානං සද්දානං සවනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං.

තවදුරටත් කියනවා නම් පින්වත් මහාලි, භික්ෂුව දකුණු දිශාවේ ….(පෙ)…. බටහිර දිශාවේ ….(පෙ)…. උතුරු දිශාවේ ….(පෙ)…. උඩ යට හරහට දිශාවේ කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍යමය රූප දැකීම පිණිස පමණක් යොමු කොට වඩපු සමාධියක් තියෙනවා. නමුත් කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය ශබ්දයන් ඇසීම පිණිස එහෙම සමාධියක් වඩලා නෑ. එතකොට ඔහු කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය රූප දැකීම පිණිස පමණක් උඩ යට හරහට සමාධිය වඩලා තියෙන විට කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය ශබ්දයන් ඇසීම පිණිස සමාධිය වඩලා නැති කොට උඩ යට හරහට කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය රූප දකිනවා. නමුත් කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය ශබ්ද අසන්නේ නෑ. ඒකට හේතුව කුමක්ද? පින්වත් මහාලි, භික්ෂුව දකුණු දිශාවේ ….(පෙ)…. උඩ යට හරහට කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය රූප දැකීම පිණිස පමණක් සමාධිය වඩලා තියෙද්දී කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය ශබ්ද ඇසීමට සමාධිය වඩලා නොතිබෙන කොට එහෙම තමයි.

8. ඉධ මහාලි භික්ඛුනෝ පුරත්ථිමාය දිසාය ඒකංසභාවිතෝ සමාධි හෝති දිබ්බානං සද්දානං සවනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, නෝ ච ඛෝ දිබ්බානං රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. සෝ පුරත්ථිමාය දිසාය ඒකංසභාවිතේ සමාධිම්හි දිබ්බානං සද්දානං සවනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, නෝ ච ඛෝ දිබ්බානං රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. පුරත්ථිමාය දිසාය දිබ්බානි සද්දානි සුණාති පියරූපානි කාමූපසංහිතානි රජනීයානි, නෝ ච ඛෝ දිබ්බානි රූපානි පස්සති කාමූපසංහිතානි රජනීයානි. තං කිස්ස හේතු: ඒවං හේතං මහාලි හෝති භික්ඛුනෝ පුරත්ථිමාය දිසාය ඒකංසභාවිතේ සමාධිම්හි දිබ්බානං සද්දානං සවනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, නෝ ච ඛෝ දිබ්බානං රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං.

තවදුරටත් කියනවා නම් පින්වත් මහාලි, මෙහිලා භික්ෂුව පෙරදිග දිශාවේ කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍යමය ශබ්ද ඇසීම පිණිස පමණක් යොමුකොට වඩපු සමාධියක් තියෙනවා. නමුත් කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය රූප දැකීම පිණිස එහෙම සමාධියක් වඩලා නෑ. එතකොට ඔහු පෙරදිග දිශාවේ කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය ශබ්ද ඇසීම පිණිස පෙරදිග දිශාවට පමණක් සමාධිය වඩලා තියෙන විට කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය රූප දැකීම පිණිස සමාධිය වඩලා නැති කොට පෙරදිග දිශාවේ කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය ශබ්ද පමණක් අසනවා. නමුත් කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය රූප දකින්නේ නෑ. ඒකට හේතුව කුමක්ද? පින්වත් මහාලි, භික්ෂුව පෙරදිග දිශාවේ කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය ශබ්ද ඇසීම පිණිස පමණක් සමාධිය වඩලා තියෙද්දී කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය රූප දැකීමට සමාධිය වඩලා නොතිබෙන කොට එහෙම තමයි.

9. පුන ච පරං මහාලි භික්ඛුනෝ දක්ඛිණාය දිසාය ….(පෙ)…. පච්ඡිමාය දිසාය ….(පෙ)…. උත්තරාය දිසාය ….(පෙ)…. උද්ධමධෝ තිරියං ඒකංසභාවිතෝ සමාධි හෝති දිබ්බානං සද්දානං සවනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, නෝ ච ඛෝ දිබ්බානං රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. සෝ දක්ඛිණාය දිසාය ….(පෙ)…. තිරියං ඒකංසභාවිතේ සමාධිම්හි දිබ්බානං සද්දානං සවනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, නෝ ච ඛෝ දිබ්බානං රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. උද්ධමධෝ තිරියං දිබ්බානි සද්දානි සුණාති පියරූපානි කාමූපසංහිතානි රජනීයානි, නෝ ච ඛෝ දිබ්බානි රූපානි පස්සති පියරූපානි කාමූපසංහිතානි රජනීයානි. තං කිස්ස හේතු? ඒවං හේතං මහාලි හෝති භික්ඛුනෝ දක්ඛිණාය දිසාය ….(පෙ)…. තිරියං ඒකංසභාවිතේ සමාධිම්හි දිබ්බානං සද්දානං සවනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, නෝ ච ඛෝ දිබ්බානං රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං.

තවදුරටත් කියනවා නම් පින්වත් මහාලි, භික්ෂුව දකුණු දිශාවේ …..(පෙ)…. බටහිර දිශාවේ ….(පෙ)…. උතුරු දිශාවේ ….(පෙ)…. උඩ යට හරහට දිශාවේ කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍යමය ශබ්ද ඇසීම පිණිස පමණක් යොමුකොට වඩපු සමාධියක් තියෙනවා. නමුත් කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය රූප දැකීම පිණිස එහෙම සමාධියක් වඩලා නෑ. එතකොට ඔහු කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය ශබ්ද ඇසීම පිණිස පමණක් උඩ යට හරහට සමාධිය වඩලා තියෙන විට කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය රූප දැකීම පිණිස සමාධිය වඩලා නැති කොට උඩ යට හරහට කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය ශබ්ද අසනවා. නමුත් කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය රූප දකින්නේ නෑ. ඒකට හේතුව කුමක්ද? පින්වත් මහාලි, භික්ෂුව දකුණු දිශාවේ ….(පෙ)…. උඩ යට හරහට කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය ශබ්ද ඇසීම පිණිස පමණක් සමාධිය වඩලා තියෙද්දී කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය රූප දැකීමට සමාධිය වඩලා නොතිබෙන කොට එහෙම තමයි.

10. ඉධ මහාලි භික්ඛුනෝ පුරත්ථිමාය දිසාය උභයංසභාවිතෝ සමාධි හෝති දිබ්බානඤ්ච රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, දිබ්බානඤ්ච සද්දානං සවනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. සෝ පුරත්ථිමාය දිසාය උභයංසභාවිතේ සමාධිම්හි දිබ්බානඤ්ච රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, දිබ්බානඤ්ච සද්දානං සවනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, පුරත්ථිමාය දිසාය දිබ්බානි ච රූපානි පස්සති පියරූපානි කාමූපසංහිතානි රජනීයානි, දිබ්බානි ච සද්දානි සුණාති පියරූපානි කාමූපසංහිතානි රජනීයානි. තං කිස්ස හේතු? ඒවං හේතං මහාලි හෝති භික්ඛුනෝ පුරත්ථිමාය දිසාය උභයංසභාවිතේ සමාධිම්හි දිබ්බානඤ්ච රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, දිබ්බානඤ්ච සද්දානං සවනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං.

පින්වත් මහාලි, මෙහිලා භික්ෂුව පෙරදිග දිශාවේ කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය වූ රූපයන් දැකීම පිණිසත්, කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය වූ ශබ්ද ඇසීම පිණිසත් යන දෙපැත්තටම යොමු කරන ලද සමාධියක් වඩලා තියෙනවා. එතකොට ඔහු පෙරදිග දිශාවේ කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය වූ රූපයන් දැකීම පිණිස වගේම, කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය වූ ශබ්ද ඇසීම පිණිසත් යන ඒ දෙයංශයටම යොමුකොට සමාධිය වඩන ලද හෙයින් පෙරදිග දිශාවේත්, කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය වූ රූපයන් දකිනවා. කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය වූ ශබ්දත් අසනවා. ඒකට හේතුව කුමක්ද? පින්වත් මහාලි, භික්ෂුව පෙරදිග දිශාවේ කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය වූ රූප දැකීම පිණිසත්, කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය වූ ඇසීම පිණිසත් යන දෙයංශයටම යොමුකොට වඩන ලද සමාධියක් ඇති විට එහෙම තමයි.

11. පුන ච පරං මහාලි භික්ඛුනෝ දක්ඛිණාය දිසාය ….(පෙ)…. පච්ඡිමාය දිසාය ….(පෙ)…. උත්තරාය දිසාය ….(පෙ)…. උද්ධමධෝ තිරියං උභයංසභාවිතෝ සමාධි හෝති දිබ්බානඤ්ච රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, දිබ්බානඤ්ච සද්දානං සවනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. සෝ දක්ඛිණාය දිසාය ….(පෙ)…. උද්ධමධෝ තිරියං උභයංසභාවිතේ සමාධිම්හි දිබ්බානඤ්ච රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. දිබ්බානඤ්ච සද්දානං සවනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං. උද්ධමධෝ තිරියං දිබ්බානි ච රූපානි පස්සති පියරූපානි කාමූපසංහිතානි රජනීයානි, දිබ්බානි ච සද්දානි සුණාති පියරූපානි කාමූපසංහිතානි රජනීයානි. තං කිස්ස හේතු? ඒවං හේතං මහාලි හෝති භික්ඛුනෝ උද්ධමධෝ තිරියං උභයංසභාවිතේ සමාධිම්හි දිබ්බානඤ්ච රූපානං දස්සනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං, දිබ්බානඤ්ච සද්දානං සවනාය පියරූපානං කාමූපසංහිතානං රජනීයානං.

තවදුරටත් කියනවා නම් පින්වත් මහාලි, දකුණු දිශාවේ ….(පෙ)…. බටහිර දිශාවේ ….(පෙ)…. උතුරු දිශාවේ ….(පෙ)…. උඩ යට හරහට කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය වූ රූපයන් දැකීම පිණිසත්, කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය වූ ශබ්ද ඇසීම පිණිසත් යන දෙපැත්තටම යොමු කරන ලද සමාධියක් වඩලා තියෙනවා. එතකොට ඔහු දකුණු දිශාවේ ….(පෙ)…. උඩ යට හරහට කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය වූ රූපයන් දැකීම පිණිස වගේම, කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය වූ ශබ්ද ඇසීම පිණිසත් යන ඒ දෙයංශයටම යොමුකොට සමාධිය වඩන ලද හෙයින් උඩ යට හරහට කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය වූ රූපයන් දකිනවා. කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය වූ ශබ්දත් අසනවා. ඒකට හේතුව කුමක්ද? පින්වත් මහාලි, භික්ෂුව උඩ යට හරහට කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය වූ රූප දැකීම පිණිසත්, කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් දිව්‍ය වූ ඇසීම පිණිසත් යන දෙයංශයටම යොමුකොට වඩන ලද සමාධියක් ඇති විට එහෙම තමයි.

අයං ඛෝ මහාලි හේතු අයං පච්චයෝ, යේන සන්තානේව සුනක්ඛත්තෝ ලිච්ඡවිපුත්තෝ දිබ්බානි සද්දානි නාස්සෝසි පියරූපානි කාමූපසංහිතානි රජනීයානි නෝ අසන්තානී”ති.

පින්වත් මහාලි, සුනක්ඛත්ත ලිච්ඡවි පුත්‍රයා කැමැත්ත ඇති කරවන්නා වූ, සිත් අලවන්නා වූ, ප්‍රිය මනාප වූත් නොතිබෙන්නා වූ නොව තිබෙන්නා වූම දිව්‍ය ශබ්දයන් ඇසුවේ නැත්තේ නම් එයට හේතුව මෙයයි. ප්‍රත්‍යය මෙයයි.”

12. “ඒතාසං නූන භන්තේ සමාධිභාවනානං සච්ඡිකිරියාහේතු භික්ඛූ භගවති බ්‍රහ්මචරියං චරන්තී”ති.

“ස්වාමීනී, භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වෙත බ්‍රහ්මචාරීව වාසය කරන්නේ ඔය සමාධි භාවනාවන් සාක්ෂාත් කිරීම පිණිස කියලයි මට හිතෙන්නේ.”

13. න ඛෝ මහාලි ඒතාසං සමාධිභාවනානං සච්ඡිකිරියාහේතු භික්ඛූ මයි බ්‍රහ්මචරියං චරන්ති. අත්ථි ඛෝ මහාලි, අඤ්ඤේ’ව ධම්මා උත්තරිතරා ච පණීතතරා ච යේසං සච්ඡිකිරියාහේතු භික්ඛූ මයි බ්‍රහ්මචරියං චරන්තීති.

“නැත, පින්වත් මහාලි, ඔය සමාධි භාවනාවන් සාක්ෂාත් කිරීම පිණිස භික්ෂූන් වහන්සේලා මා වෙත බඹසර හැසිරෙන්නේ නෑ. පින්වත් මහාලි, එයට වඩා උත්තරීතර වූත්, ප්‍රණීතතර වූත්, අන්‍ය වූ ධර්මයන් සාක්ෂාත් කිරීම පිණිසයි මා වෙත භික්ෂූන් වහන්සේලා බඹසර රකින්නේ.”

14. කතමේ පන තේ භන්තේ ධම්මා උත්තරිතරා ච පණීතතරා ච, යේසං සච්ඡිකිරියාහේතු භික්ඛූ භගවති බ්‍රහ්මචරියං චරන්තීති.

“ස්වාමීනි, ඒ යම් දෙයක් සාක්ෂාත් කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි භික්ෂූන් වහන්සේලා බඹසර රකිනවා නම් වඩාත් උත්තරීතර වූත්, ප්‍රණීතතර වූත් ඒ ධර්මයන් මොනවාද?”

15. ඉධ මහාලි, භික්ඛු තිණ්ණං සංයෝජනානං පරික්ඛයා සෝතාපන්නෝ හෝති අවිනිපාතධම්මෝ නියතෝ සම්බෝධිපරායණෝ. අයං’පි ඛෝ මහාලි, ධම්මෝ උත්තරිතරෝ ච පණීතතරෝ ච යස්ස සච්ඡිකිරියාහේතු භික්ඛූ මයි බ්‍රහ්මචරියං චරන්ති.

“පින්වත් මහාලි, මෙහිලා භික්ෂුව සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන්, සෝවාන් වෙනවා. අපායෙහි නොවැටෙන ස්වභාවයට පත්වෙනවා. නියත වශයෙන්ම අමා මහ නිවන පිහිට කොට ඉන්නවා. පින්වත් මහාලි, යමක් සාක්ෂාත් කිරීම පිණිස භික්ෂූන් වහන්සේලා මා වෙත බඹසර හැසිරෙනවා නම්, මෙයත් ඒ උත්තරීතර වූත්, ප්‍රණීතතර වූත් ධර්මයක් තමයි.

පුන ච පරං මහාලි, භික්ඛු තිණ්ණං සංයෝජනානං පරික්ඛයා රාගදෝසමෝහානං තනුත්තා සකදාගාමී හෝති සකිදේව ඉමං ලෝකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරෝති. අයම්පි ඛෝ මහාලි, ධම්මෝ උත්තරිතරෝ ච පණීතතරෝ ච යස්ස සච්ඡිකිරියාහේතු භික්ඛූ මයි බ්‍රහ්මචරියං චරන්ති.

තවදුරටත් කියනවා නම් පින්වත් මහාලි, භික්ෂුව සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් රාග, ද්වේෂ, මෝහයන්ගේ තුනීවීමෙන් සකදාගාමී වෙනවා. එතකොට එක්වරක් පමණක් මේ ලෝකයට පැමිණිලා දුක් අවසන් කරනවා. (පිරිනිවන් පානවා) පින්වත් මහාලි, යමක් සාක්ෂාත් කිරීම පිණිස භික්ෂූන් වහන්සේලා මා වෙත බඹසර හැසිරෙනවා නම්, මෙයත් ඒ උත්තරීතර වූත්, ප්‍රණීතතර වූත් ධර්මයක් තමයි.

පුන ච පරං මහාලි, භික්ඛු ඕරම්භාගියානං සංයෝජනානං පරික්ඛයා ඕපපාතිකෝ හෝති තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මෝ තස්මා ලෝකා. අයම්පි ඛෝ මහාලි, ධම්මෝ උත්තරිතරෝ ච පණීතතරෝ ච යස්ස සච්ඡිකිරියාහේතු මයි බ්‍රහ්මචරියං චරන්ති.

තවදුරටත් කියනවා නම් පින්වත් මහාලි, භික්ෂුව (කාම ලෝකයෙහි බැඳ තබන) ඕරම්භාගීය සංයෝජනයන් ක්ෂය කරලා ඕපපාතිකව බඹ ලොව උපදින කෙනෙක් වෙනවා. ඒ ලෝකයෙන් නැවතත් කාමලොවට නොපැමිණෙන ස්වභාවයෙන් යුතුව එහිම පිරිනිවන් පානවා. පින්වත් මහාලි, යමක් සාක්ෂාත් කිරීම පිණිස භික්ෂූන් වහන්සේලා මා වෙත බඹසර හැසිරෙනවා නම්, මෙයත් ඒ උත්තරීතර වූත්, ප්‍රණීතතර වූත් ධර්මයක් තමයි.

පුන ච පරං මහාලි, භික්ඛු ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයම්පි ඛෝ මහාලි, ධම්මෝ උත්තරිතරෝ ච පණීතතරෝ ච යස්ස සච්ඡිකිරියාහේතු භික්ඛූ මයි බ්‍රහ්මචරියං චරන්ති.

තවදුරටත් කියනවා නම් පින්වත් මහාලි, භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය වීමෙන්, ආශ්‍රව රහිත වූ චේතෝ විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම ස්වකීය ප්‍රඥාවෙන් සාක්ෂාත් කරලා එයට පැමිණ වාසය කරනවා. පින්වත් මහාලි, යමක් සාක්ෂාත් කිරීම පිණිස භික්ෂූන් වහන්සේලා මා වෙත බඹසර හැසිරෙනවා නම්, මෙයත් ඒ උත්තරීතර වූත්, ප්‍රණීතතර වූත් ධර්මයක් තමයි.

ඉමේ ඛෝ තේ මහාලි ධම්මා උත්තරිතරා ච පණීතතරා ච යේසං සච්ඡිකිරියාහේතු භික්ඛූ මයි බ්‍රහ්මචරියං චරන්තී”ති.

පින්වත් මහාලි, යමක් සාක්ෂාත් කිරීම පිණිස භික්ෂූන් වහන්සේලා මා වෙත බඹසර හැසිරෙනවා නම්, මේවා ඒ උත්තරීතර වූත්, ප්‍රණීතතර වූත් ධර්මයන් තමයි.”

16. “අත්ථි පන භන්තේ මග්ගෝ, අත්ථි පටිපදා ඒතේසං ධම්මානං සච්ඡිකිරියායා”ති?

“ස්වාමීනි, මෙම ධර්මයන් සාක්ෂාත් කිරීම පිණිස මාර්ගයක් තිබෙනවාද? ප්‍රතිපදාවක් තිබෙනවාද?”

“අත්ථි ඛෝ මහාලි, මග්ගෝ, අත්ථි පටිපදා, ඒතේසං ධම්මානං සච්ඡිකිරියායා”ති.

“පින්වත් මහාලි, මෙම ධර්මයන් සාක්ෂාත් කිරීම පිණිස මාර්ගයක් තිබෙනවා. ප්‍රතිපදාවක් තිබෙනවා.”

17. “කතමෝ පන භන්තේ මග්ගෝ, කතමා පටිපදා, ඒතේසං ධම්මානං සච්ඡිකිරියායා”ති?

“ස්වාමීනි, මෙම ධර්මයන් සාක්ෂාත් කිරීම පිණිස තිබෙන්නා වූ මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කුමක්ද?”

“අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ, සෙය්‍යථිදං? සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාආජීවෝ සම්මාවායාමෝ සම්මාසති සම්මාසමාධි. අයං ඛෝ මහාලි මග්ගෝ අයං පටිපදා, ඒතේසං සච්ඡිකිරියාය.

“ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඒ කියන්නේ: සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි. පින්වත් මහාලි, ඒ ධර්මයන් සාක්ෂාත් කිරීමේ මාර්ගය මෙයයි, ප්‍රතිපදාව මෙයයි.

18. ඒකදාහං මහාලි සමයං කෝසම්බියං විහරාමි ඝෝසිතාරාමේ. අථ ඛෝ ද්වේ පබ්බජිතා මණ්ඩිස්සෝ ච පරිබ්බාජකෝ ජාලියෝ ච දාරුපත්තිකන්තේවාසී යේනාහං තේනුපසංකමිංසු. උපසංකමිත්වා මම සද්ධිං සම්මෝදිංසු, සම්මෝදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා ඒකමන්තං අට්ඨංසු. ඒකමන්තං ඨිතා ඛෝ තේ ද්වේ පබ්බජිතා මං ඒතදවෝචුං. “කින්නු ඛෝ ආවුසෝ ගෝතම, තං ජීවං තං සරීරං? උදාහු අඤ්ඤං ජීවං අඤ්ඤං සරීර”න්ති?

පින්වත් මහාලි, එක් කාලයක මා වාසය කළේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ. එතකොට මණ්ඩිස්ස කියන පිරිවැජියාත්, දාරුපත්තිකගේ ගෝලයෙක් වන ජාලියත් යන පැවිද්දන් දෙදෙනා මා ළඟට පැමිණුනා. පැමිණිලා මා සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාබහ නිමවා එකත්පස්ව සිට ගත්තා. එකත්පස්ව සිටගත් ඒ පැවිද්දන් දෙදෙනා මට මෙහෙම කිව්වා. “ආයුෂ්මත් ගෞතමයෙනි, ඒ ජීවයමද ඒ ශරීරය වන්නේ? එහෙම නැත්නම් ජීවය වෙන එකක්ද? ශරීරය වෙන එකක්ද?” කියලා.

“තේන හාවුසෝ සුණාථ සාධුකං මනසි කරෝථ භාසිස්සාමී”ති.

“එසේනම් ආයුෂ්මතුනි, සවන් යොමා අසන්න. හොඳින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්.”

“ඒවමාවුසෝ”ති ඛෝ තේ ද්වේ පබ්බජිතා මම පච්චස්සෝසුං. අහං ඒතදවෝචං:

“එසේය ආයුෂ්මතුනි” කියා ඒ පැවිද්දන් දෙදෙනා මට පිළිතුරු දුන්නා. මං මෙකරුණ පැවසුවා.

19. ඉධාවුසෝ තථාගතෝ ලෝකේ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධෝ (යථා සාමඤ්ඤඵලේ ඒවං විත්ථාරේතබ්බං) ….(පෙ)….

ආයුෂ්මතුනි, මෙහිලා තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන සේක (සාමඤ්ඤඵල සූත්‍රයේ විස්තර වන ආකාරයටම විස්තර කළ යුතුය.) ….(පෙ)….

තස්සිමේ පඤ්චනීවරණේ පහීනේ අත්තනි සමනුපස්සතෝ පාමොජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායෝ පස්සම්භති. පස්සද්ධකායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියති.

ඔහුට මේ පංච නීවරණයන් තමා තුළ නැති බව දකිද්දී මහත් සතුටක් ඇති වෙනවා. ඒ ප්‍රමුදිත වීම ඇති කෙනාට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීති මනසක් ඇති කෙනාගේ කය සංසිඳෙනවා. සංසිඳුණු කයින් යුතුව සැපක් විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා.

20. සෝ විවිච්‌චේව කාමේහි විවිච්‌ච අකුසලේහි ධම්‌මේහි සවිතක්‌කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමජ්ඣානං උපසම්‌පජ්‌ජ විහරති. සෝ ඉමමේව කායං විවේකජේන පීතිසුඛේන අභිසන්‌දේති පරිසන්‌දේති පරිපූරේති පරිප්‌ඵරති. නාස්‌ස කිඤ්‌චි සබ්‌බාවතෝ කායස්‌ස විවේකජේන පීතිසුඛේන අප්‌ඵුටං හෝති.

ඔහු කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඔහු මේ කයම විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.

සෙය්‍යථාපි ආවුසෝ දක්‌ඛෝ නහාපකෝ වා නහාපකන්‌තේවාසී වා කංසථාලේ නහානීයචුණ්‌ණානි ආකිරිත්‌වා උදකේන පරිප්‌ඵෝසකං පරිප්‌ඵෝසකං සන්‌දෙය්‍ය. සායං නහානීයපිණ්‌ඩි ස්‌නේහානුගතා ස්‌නේහපරේතා සන්‌තරබාහිරා ඵුටා ස්‌නේහේන, න ච පග්‌ඝරණී.

ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. (රජවරුන් ආදී පිරිස් නහවන) දක්ෂ නහවන්නෙක් හෝ නහවන කෙනෙකුගේ ගෝලයෙක් ඉන්නවා. ඔහු ලෝහ බඳුනක නාන සුණු විසුරුවනවා. ඊට පස්සේ දිය ඉස ඉස පිඬු කරනවා. එතකොට ඒ නානසුණු පිඬට අර වතුර කාවදිනවා. හොඳින් තෙත් වෙනවා. ඒ නහන පිඬ ඇතුළත පිටත සෑම තැනම හොඳින් දිය පැතිරිලා තියෙනවා. පිටතට වැගිරෙන්නෙත් නෑ.

ඒවමේව ඛෝ ආවුසෝ භික්‌ඛු ඉමමේව කායං විවේකජේන පීතිසුඛේන අභිසන්‌දේති පරිසන්‌දේති පරිපූරේති පරිප්‌ඵරති. නාස්‌ස කිඤ්‌චි සබ්‌බාවතෝ කායස්‌ස විවේකජේන පීතිසුඛේන අප්‌ඵුටං හෝති.

ආයුෂ්මතුනි, ඔය විදිහමයි. භික්ෂුව මේ කයම විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.

යෝ නු ඛෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං නු ඛෝ තස්සේතං වචනාය තං ජීවං තං සරීරන්ති වා අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා?ති.

ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවාද?”

යෝ සෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං තස්සේතං වචනාය තං ජීවං තං සරීරන්ති වා අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වාති.

(ඒ පිරිවැජියන්) “ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවා.”

අහං ඛෝ පනේතං ආවුසෝ ඒවං ජානාමි ඒවං පස්සාමි. අථ ච පනාහං න වදාමි තං ජීවං තං සරීරන්ති වා අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වාති.

“ආයුෂ්මතුනි, ඔය කරුණ ගැන මං ඔය විදිහට දන්නවා. ඔය විදිහට දකිනවා. නමුත් මා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි පවසන්නේ නෑ.”
21. පුන ච පරං ආවුසෝ භික්‌ඛු විතක්‌කවිචාරානං වූපසමා අජ්‌ඣත්‌තං සම්‌පසාදනං චේතසෝ ඒකෝදිභාවං අවිතක්‌කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියජ්ඣානං උපසම්‌පජ්‌ජ විහරති. සෝ ඉමමේව කායං සමාධිජේන පීතිසුඛේන අභිසන්‌දේති පරිසන්‌දේති පරිපූරේති පරිප්‌ඵරති. නාස්‌ස කිඤ්‌චි සබ්‌බාවතෝ කායස්‌ස සමාධිජේන පීතිසුඛේන අප්‌ඵුටං හෝති.

ආයුෂ්මතුනි, තවදුරටත් කියනවා නම් භික්ෂුව විතක්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ආධ්‍යාත්මිකව පැහැදීම ඇතිව සිතෙහි මනා එකඟ බවෙන් යුතුව විතර්ක රහිත, විචාර රහිත, සමාධියෙන් හටගත්, ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඔහු මේ කයම සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.

22. සෙය්‍යථාපි ආවුසෝ උදකරහදෝ ගම්‌භීරෝ උබ්‌භිදෝදකෝ (යථා සාමඤ්ඤථලේ ඒවං විත්ථාරේතබ්බං.)

ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. යට දිය උල්පත්වලින් වතුර ගලන ගැඹුරු විලක් තියෙනවා. ….(පෙ)…. (සාමඤ්ඤඵල සූත්‍රයේ විස්තර වන ආකාරයටම විස්තර කළ යුතුය.)

නාස්‌ස කිඤ්‌චි සබ්‌බාවතෝ උදකරහදස්‌ස සීතේන වාරිනා අප්‌ඵුටං අස්‌ස, ඒවමේව ඛෝ ආවුසෝ භික්‌ඛු ඉමමේව කායං සමාධිජේන පීතිසුඛේන අභිසන්‌දේති පරිසන්‌දේති පරිපූරේති පරිප්‌ඵරති නාස්‌ස කිඤ්‌චි සබ්‌බාවතෝ කායස්‌ස සමාධිජේන පීතිසුඛේන අප්‌ඵුටං හෝති.

ඒ මුළු විලේම සිහිල් ජලයෙන් පහස නොලැබූ කිසි තැනක් නෑ. ආයුෂ්මතුනි, ඔය විදිහමයි. භික්ෂුව මේ කයම සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.

යෝ නු ඛෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං නු ඛෝ තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති වා අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.

ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවාද?”

“යෝ සෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.

(ඒ පිරිවැජියන්) “ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවා.”

අහං ඛෝ පනේතං ආවුසෝ ඒවං ජානාමි, ඒවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.

“ආයුෂ්මතුනි, ඔය කරුණ ගැන මං ඔය විදිහට දන්නවා. ඔය විදිහට දකිනවා. නමුත් මා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි පවසන්නේ නෑ.

23. පුන ච පරං ආවුසෝ භික්‌ඛු පීතියා ච විරාගා උපෙක්‌ඛකෝ ච විහරති සතෝ සම්‌පජානෝ, සුඛඤ්‌ච කායේන පටිසංවේදේති, යං තං අරියා ආචික්‌ඛන්‌ති: උපෙක්‌ඛකෝ සතිමා සුඛවිහාරීති තතියජ්ඣානං උපසම්‌පජ්‌ජ විහරති. සෝ ඉමමේව කායං නිප්‌පීතිකේන සුඛේන අභිසන්‌දේති පරිසන්‌දේති පරිපූරේති පරිප්‌ඵරති. නාස්‌ස කිඤ්‌චි සබ්‌බාවතෝ කායස්‌ස නිප්‌පීතිකේන සුඛේන අප්‌ඵුටං හෝති.

ආයුෂ්මතුනි, තවදුරටත් කියනවා නම් භික්ෂුව ප්‍රීතියටද නොඇලීමෙන් උපේක්ෂාවෙන් යුතුව වාසය කරනවා. සිහියෙන් නුවණින් යුතුව කයෙන් සැපයක්ද විඳිනවා. ආර්යයන් වහන්සේලා යම් ධ්‍යානයකට උපේක්ෂා සහගත සිහිය ඇති සැප විහරණය යැයි පවසනවාද, ඒ තුන්වන ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා. ඔහු මේ කයම ප්‍රීති රහිත සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි ප්‍රීති රහිත සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.

24. සෙය්‍යථා’පි ආවුසෝ උප්‌පලිනියං වා පදුමිනියං වා ….(පෙ)…. පුණ්‌ඩරීකානං වා සීතේන වාරිනා අප්ඵුටං අස්ස.

ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. මහනෙල් විලක හෝ රතු නෙළුම් විලක හෝ ….(පෙ)…. සුදු නෙළුම්වල සීතල දිය නොපැතුරුණු කිසි තැනක් නෑ.

ඒවමේව ඛෝ ආවුසෝ භික්‌ඛු ඉමමේව කායං නිප්‌පීතිකේන සුඛේන අභිසන්‌දේති පරිසන්‌දේති පරිපූරේති පරිප්‌ඵරති. නාස්‌ස කිඤ්‌චි සබ්‌බාවතෝ කායස්‌ස නිප්‌පීතිකේන සුඛේන අප්‌ඵුටං හෝති.

ආයුෂ්මතුනි, ඔය විදිහමයි. භික්ෂුව මේ කයම ප්‍රීති රහිත සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි ප්‍රීති රහිත සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.

යෝ නු ඛෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං නු ඛෝ තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති වා අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.

ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවාද?”

“යෝ සෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.

(ඒ පිරිවැජියන්) “ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවා.”

අහං ඛෝ පනේතං ආවුසෝ ඒවං ජානාමි, ඒවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.

“ආයුෂ්මතුනි, ඔය කරුණ ගැන මං ඔය විදිහට දන්නවා. ඔය විදිහට දකිනවා. නමුත් මා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි පවසන්නේ නෑ.

25. පුන ච පරං ආවුසෝ භික්‌ඛු සුඛස්‌ස ච පහානා දුක්‌ඛස්‌ස ච පහානා පුබ්බේව සෝමනස්‌සදෝමනස්‌සානං අත්‌ථංගමා අදුක්‌ඛමසුඛං උපෙක්‌ඛාසතිපාරිසුද්‌ධිං චතුත්‌ථං ඣානං උපසම්‌පජ්‌ජ විහරති. සෝ ඉමමේව කායං පරිසුද්ධේන චේතසා පරියෝදාතේන ඵරිත්‌වා නිසින්‌නෝ හෝති. නාස්‌ස කිඤ්‌චි සබ්‌බාවතෝ කායස්‌ස පරිසුද්ධේන චේතසා පරියෝදාතේන අප්‌ඵුටං හෝති.

ආයුෂ්මතුනි, නැවතත් කියනවා නම් භික්ෂුව සැපයද ප්‍රහාණය කිරීමෙන්, දුකද ප්‍රහාණය කිරීමෙන් කලින්ම සොම්නස් දොම්නස් දෙක ඉක්ම යෑමෙන් දුක් සැප රහිත වූ පාරිශුද්ධ උපේක්ෂා සහගත සතිය ඇති සතරවෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. ඔහු මේ කයම පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් පතුරුවා ගෙන වාඩි වී ඉන්නවා. ඔහුගේ සියලු කයෙහි පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.

සෙය්‍යථාපි ආවුසෝ පුරිසෝ ඕදාතේන වත්‌ථේන සසීසං පාරුපිත්‌වා නිසින්‌නෝ අස්‌ස, නාස්‌ස කිඤ්‌චි සබ්‌බාවතෝ කායස්‌ස ඕදාතේන වත්‌ථේන අප්‌ඵුටං අස්‌ස, ඒවමේව ඛෝ ආවුසෝ භික්‌ඛු ඉමමේව කායං පරිසුද්ධේන චේතසා පරියෝදාතේන ඵරිත්‌වා නිසින්‌නෝ හෝති. නාස්‌ස කිඤ්‌චි සබ්‌බාවතෝ කායස්‌ස පරිසුද්ධේන චේතසා පරියෝදාතේන අප්‌ඵුටං හෝති.

ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. සුදු වස්ත්‍රයකින් හිස සහිතව මුළු සිරුරම පොරොවාගෙන වාඩි වී සිටන කෙනෙක් ඉන්නවා. එතකොට ඔහුගේ මුළු කයෙහිම සුදු වස්ත්‍රයෙන් නොවැසුණු කිසි තැනක් නෑ. ආයුෂ්මතුනි, අන්න ඒ වගේමයි, භික්ෂුව මේ කයම පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් පතුරුවා ගෙන වාඩි වී ඉන්නවා. ඔහුගේ සියලු කයෙහි පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.

යෝ නු ඛෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලන්නු ඛෝ තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.

ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවාද?”

“යෝ සෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.

(ඒ පිරිවැජියන්) “ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවා.”

අහං ඛෝ පනේතං ආවුසෝ ඒවං ජානාමි, ඒවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.

“ආයුෂ්මතුනි, ඔය කරුණ ගැන මං ඔය විදිහට දන්නවා. ඔය විදිහට දකිනවා. නමුත් මා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි පවසන්නේ නෑ.”

26. පුන ච පරං ආවුසෝ භික්‌ඛු ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගණේ විගතූපක්‌කිලේසේ මුදුභූතේ කම්‌මනියේ ඨිතේ ආනෙඤ්‌ජප්‌පත්‌තේ ඤාණදස්‌සනාය චිත්‌තං අභිනීහරති අභිනින්‌නාමේති. සෝ ඒවං පජානාති. ‘අයං ඛෝ මේ කායෝ රූපී චාතුම්මහාභූතිකෝ මාතාපෙත්‌තිකසම්‌භවෝ ඕදනකුම්‌මාසූපචයෝ අනිච්‌චුච්‌ඡාදනපරිමද්‌දන-භේදනවිද්‌ධංසනධම්මෝ. ඉදඤ්‌ච පන මේ විඤ්‌ඤාණං එත්‌ථ සිතං එත්‌ථ පටිබද්‌ධන්‌ති. සෙය්‍යථාපි ආවුසෝ මණි වේළුරියෝ ….(පෙ)…. සබ්‌බාකාරසම්‌පන්‌නෝ, තත්‍ර සුත්‌තං ආවුතං නීලං වා ….(පෙ)…. පණ්‌ඩුසුත්‌තං වා, තමේනං චක්‌ඛුමා පුරිසෝ හත්‌ථේ කරිත්‌වා පච්‌චවෙක්‌ඛෙය්‍ය ‘අයං ඛෝ මණි වේළුරියෝ ….(පෙ)…. සබ්‌බාකාරසම්‌පන්‌නෝ, තත්‍ර සුත්‌තං ආවුතං නීලං වා ….(පෙ)…. පණ්‌ඩුසුත්‌තං වා’ති. ඒවමේව ඛෝ ආවුසෝ භික්‌ඛු ඒවං සමාහිතේ චිත්තේ ….(පෙ)…. ඤාණදස්‌සනාය චිත්‌තං අභිනීහරති ….(පෙ)…. සෝ ඒවං පජානාති ‘අයං ඛෝ මේ කායෝ රූපී ….(පෙ)…. ඉදං ‌ච පන මේ විඤ්‌ඤාණං එත්‌ථ සිතං එත්‌ථ පටිබද්‌ධන්‌ති’.

ආයුෂ්මතුනි, තවදුරටත් කියනවා නම් භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදු බවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට ඤාණදර්ශනය (නුවණින් අවබෝධ වීම) පිණිස සිත යොමු කරයි. ඒ දෙසටම නතු කරයි. එතකොට ඔහු මේ විදිහට දැනගන්නවා. “මාගේ මේ කය වනාහී සතර මහා භූතයන්ගෙන් හටගත්, මව්පියන් නිසා හටගත්, බත් වෑංජන ආදියෙන් වැඩුණු, අනිත්‍ය වූ, ඇතිල්ලීම් පිරිමැදීම්වලින් නඩත්තු කළ යුතු වූ, බිඳී වැනසී යන ස්වභාවයට අයත් වූ, රූපවත් (මහාභූත නම් වූ රූපයෙන් හැදුණු) දෙයක්. මාගේ මේ විඤ්ඤාණයද පවතින්නේ මේ සිරුරෙහිමයි. බැඳී තිබෙන්නේත් මෙහිමයි. ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. වෛරෝඩි මාණික්‍යයක් තියෙනවා ….(පෙ)…. මැණිකක තිබිය යුතු හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඔය මැණික තුළ නිල් වේවා ….(පෙ)…. පඬුපැහැ වේවා, නූලක් අමුණලා තියෙනවා. එතකොට ඇස් ඇති පුරුෂයෙක් මැණික අතට ගෙන හොඳින් විමසා බලනවා. “මේ වෛරෝඩි මැණික ….(පෙ)…. මැණිකක තිබිය යුතු හැම දෙයක්ම තියෙනවා. මේ මැණික තුළ නිල් වේවා ….(පෙ)…. පඬුපැහැ වේවා, නූලක් අමුණලා තියෙනවා” කියලා.

ආයුෂ්මතුනි, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. ඤාණදර්ශනය (නුවණින් අවබෝධ වීම) පිණිස සිත යොමු කරයි ….(පෙ)…. එතකොට ඔහු මේ විදිහට දැනගන්නවා. “මාගේ මේ කය වනාහී සතර මහා භූතයන්ගෙන් හටගත් ….(පෙ)…. මාගේ මේ විඤ්ඤාණයද පවතින්නේ මේ සිරුරෙහිමයි. බැඳී තිබෙන්නේත් මෙහිමයි” කියලා.

යෝ නු ඛෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලන්නු ඛෝ තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.

ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවාද?”

“යෝ සෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.

(ඒ පිරිවැජියන්) “ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවා.”

අහං ඛෝ පනේතං ආවුසෝ ඒවං ජානාමි, ඒවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.

“ආයුෂ්මතුනි, ඔය කරුණ ගැන මං ඔය විදිහට දන්නවා. ඔය විදිහට දකිනවා. නමුත් මා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි පවසන්නේ නෑ.

27. පුන ච පරං ආවුසෝ භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ ….(පෙ)…. මනෝමයං කායං අභිනිම්‌මිනනාය චිත්‌තං අභිනීහරති ….(පෙ)…. සෙය්‍යථාපි ආවුසෝ පුරිසෝ මුඤ්‌ජම්‌හා ඊසිකං පබ්බාහෙය්‍ය ….(පෙ)…. ඒවමේව ඛෝ ආවුසෝ භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ ….(පෙ)…. මනේමයං කායං අභිනිම්මිනනාය චිත්තං අභිනීහරති …..(පෙ)…. සෝ ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනාති ….(පෙ)…. අහීනින්‌ද්‍රියං.

ආයුෂ්මතුනි, තවදුරටත් කියනවා නම්, භික්ෂුව සිත සමාධිමත් වූ විට ….(පෙ)…. මනෝමය කයක් විශේෂයෙන් මැවීම පිණිස සිත යොමු කරයි ….(පෙ)…. ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් මුඤ්ජතණ ගසෙන් තණ ගොබය ඇදලා ගන්නවා. ….(පෙ)…. ආයුෂ්මතුනි, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. මනෝමය කයක් විශේෂයෙන් මැවීම පිණිස සිත යොමු කරයි. ….(පෙ)…. ඉතින් ඔහු මේ කයෙන් වෙනත් වූ සියලු අඟපසඟ ඇති, නොපිරිහුණු ඉඳුරන් ඇති රූපී මනෝමය කයක් විශේෂ කොට මවනවා.

යෝ නු ඛෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලන්නු ඛෝ තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.

ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවාද?”

“යෝ සෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.

(ඒ පිරිවැජියන්) “ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවා.”

අහං ඛෝ පනේතං ආවුසෝ ඒවං ජානාමි, ඒවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.

“ආයුෂ්මතුනි, ඔය කරුණ ගැන මං ඔය විදිහට දන්නවා. ඔය විදිහට දකිනවා. නමුත් මා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි පවසන්නේ නෑ.

28. පුන ච පරං ආවුසෝ භික්‌ඛු ඒවං සමාහිතේ චිත්තේ ….(පෙ)…. ඉද්ධිවිධාය චිත්තං අභිනීහරති ….(පෙ)…. සෙය්‍යථාපි ආවුසෝ දක්‌ඛෝ කුම්‌භකාරෝ වා කුම්‌භකාරන්‌තේවාසී වා සුපරිකම්‌මකතාය මත්‌තිකාය යං යදේව භාජනවිකතිං ආකංඛෙය්‍ය තං තදේව කරෙය්‍ය ….(පෙ)…. ඒවමේව ඛෝ ආවුසෝ භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ ….(පෙ)…. ඉද්‌ධිවිධාය චිත්‌තං අභිනීහරති ….(පෙ)…. සෝ අනේකවිහිතං ඉද්‌ධිවිධං පච්‌චනුභෝති ….(පෙ)…. යාවබ්‍රාහ්මලෝකාපි කායේන වසං වත්තේති.

ආයුෂ්මතුනි, තවදුරටත් කියනවා නම්, භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. ඉර්ධි ප්‍රාතිහාර්ය පිණිස සිත මෙහෙයවයි ….(පෙ)…. ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. දක්ෂ කුඹල්කරුවෙක් හෝ කුඹල්කරුවෙකු ගේ අතවැසියෙක් ඉන්නවා. ඔහු ඉතා හොඳින් සකස් කළ මැට්ටෙන් යම් ම ආකාරයේ භාජනයක් හදන්නට කැමැති නම්, ඒ ඒ ආකාරයේ බඳුන් හදනවා ….(පෙ)…. ආයුෂ්මතුනි, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. ඉර්ධි ප්‍රාතිහාර්ය පිණිස සිත මෙහෙයවයි ….(පෙ)…. මේසා මහත් ඉර්ධි ඇති ….(පෙ)…. බඹලොව දක්වාම කයෙන් වශී කරගෙන ඉන්නවා.

යෝ නු ඛෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලන්නු ඛෝ තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.

ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවාද?”

“යෝ සෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.

(ඒ පිරිවැජියන්) “ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවා.”

අහං ඛෝ පනේතං ආවුසෝ ඒවං ජානාමි, ඒවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.

“ආයුෂ්මතුනි, ඔය කරුණ ගැන මං ඔය විදිහට දන්නවා. ඔය විදිහට දකිනවා. නමුත් මා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි පවසන්නේ නෑ.

29. පුන ච පරං ආවුසෝ භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ ….(පෙ)…. දිබ්‌බාය සෝතධාතුයා චිත්‌තං අභිනීහරති ….(පෙ)…. සෝ දිබ්‌බාය සෝතධාතුයා ….(පෙ)…. උභෝ සද්‌දේ සුණාති දිබ්‌බේ ච මානුසේ ච ….(පෙ)…. සෙය්‍යථාපි ආවුසෝ පුරිසෝ අද්‌ධානමග්‌ගපටිපන්‌නෝ, සෝ සුණෙය්‍ය භේරිසද්‌දම්‌පි ….(පෙ)…. තස්‌ස ඒවමස්‌ස භේරිසද්‌දෝ ඉතිපි ….(පෙ)…. ඒවමේව ඛෝ ආවුසෝ භික්‌ඛු ඒවං සමාහිතේ චිත්තේ ….(පෙ)…. දිබ්‌බාය සෝතධාතුයා චිත්‌තං අභිනීහරති ….(පෙ)…. සෝ දිබ්‌බාය සෝතධාතුයා ….(පෙ)…. උභෝ සද්‌දේ සුණාති දිබ්‌බේ ච මානුසේ ච යේ දූරේ සන්‌තිකේ ච.

ආයුෂ්මතුනි, තවදුරටත් කියනවා නම්, ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. දිව්‍ය වූ ශ්‍රවණය පිණිස සිත යොමු කරනවා ….(පෙ)…. දිව්‍ය වූ ශ්‍රවණයෙන් මානුෂික වූත්, දිව්‍ය වූත් දෙයාකාර වූ දුර ළඟ ශබ්දයන් අසනවා ….(පෙ)…. ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. දිගු ගමනකට පිළිපන් පුරුෂයෙක් ඉන්නවා. ඔහු බෙර හඬත් ….(පෙ)…. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මේක බෙර හඬක් ….(පෙ)…. ආයුෂ්මතුනි, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. දිව්‍ය වූ ශ්‍රවණය පිණිස සිත යොමු කරනවා ….(පෙ)…. දිව්‍ය වූ ශ්‍රවණයෙන් ….(පෙ)…. දෙයාකාර වූ දුර ළඟ ශබ්දයන් අසනවා.

යෝ නු ඛෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලන්නු ඛෝ තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.

ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවාද?”

“යෝ සෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.

(ඒ පිරිවැජියන්) “ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවා.”

අහං පනේතං ආවුසෝ ඒවං ජානාමි ඒවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.

“ආයුෂ්මතුනි, ඔය කරුණ ගැන මං ඔය විදිහට දන්නවා. ඔය විදිහට දකිනවා. නමුත් මා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි පවසන්නේ නෑ.

30. පුන ච පරං ආවුසෝ භික්ඛු ඒවං සමාහිතේ චිත්තේ ….(පෙ)…. චේතෝපරියඤාණාය චිත්‌තං අභිනීහරති ….(පෙ)…. සෝ පරසත්‌තානං පරපුග්‌ගලානං චේතසා චේතෝ පරිච්‌ච පජානාති. සරාගං වා චිත්‌තං සරාගං චිත්‌තන්‌ති පජානාති ….(පෙ)…. අවිමුත්‌තං වා චිත්‌තං අවිමුත්‌තං චිත්‌තන්‌ති පජානාති. සෙය්‍යථාපි ආවුසෝ ඉත්‌ථී වා පුරිසෝ වා ….(පෙ)…. ආදාසේ වා ….(පෙ)…. උදකපත්‌තේ සකං මුඛනිමිත්‌තං පච්‌චවෙක්‌ඛමානෝ සකණිකං වා සකණිකන්‌ති ජානෙය්‍ය, අකණිකං වා අකණිකන්‌ති ජානෙය්‍ය, ඒවමේව ඛෝ ආවුසෝ භික්‌ඛු ඒවං සමාහිතේ චිත්තේ ….(පෙ)…. චේතෝපරියඤාණාය චිත්‌තං අභිනීහරති ….(පෙ)…. සෝ පරසත්‌තානං පරපුග්‌ගලානං චේතසා චේතෝ පරිච්‌ච පජානාති, සරාගං වා චිත්‌තං සරාගං චිත්‌තන්‌ති පජානාති ….(පෙ)…. අවිමුත්‌තං වා චිත්‌තං අවිමුත්‌තං චිත්‌තන්‌ති පජානාති.

ආයුෂ්මතුනි, තවදුරටත් කියනවා නම්, ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. සිත් පිරිසිඳ දන්නා නුවණ පිණිස සිත යොමු කරයි ….(පෙ)…. එතකොට ඔහු වෙනත් සත්වයන්ගේ වෙනත් පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දැනගන්නවා. රාග සහිත සිත රාග සහිත සිතක් වශයෙන් දැනගන්නවා ….(පෙ)…. කෙලෙසුන්ගෙන් නොමිදුණු සිත කෙලෙසුන්ගෙන් නොමිදුණු සිතක් වශයෙන් දැනගන්නවා. ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. ලස්සනට සැරසෙන්නට කැමති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ….(පෙ)…. ඔහු පිරිසිදු දීප්තිමත් කණ්ණාඩියක් ඉදිරියේ හෝ පැහැදිලි දිය ඇති බඳුනකින් හෝ තමන්ගේ මුව මඬල හොඳින් විමසා බලනවා. එතකොට දොස් ඇති තැන දොස් ඇති තැන වශයෙන් දැනගන්නවා. දොස් නැති තැන දොස් නැති තැන වශයෙන් දැනගන්නවා. ආයුෂ්මතුනි, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. සිත් පිරිසිඳ දන්නා නුවණ පිණිස සිත යොමු කරයි. ….(පෙ)…. එතකොට ඔහු වෙනත් සත්වයන්ගේ වෙනත් පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දැනගන්නවා. රාග සහිත සිත රාග සහිත සිතක් වශයෙන් දැනගන්නවා ….(පෙ)…. කෙලෙසුන්ගෙන් මිදුණු සිත කෙලෙසුන්ගෙන් මිදුණු සිතක් වශයෙන් දැනගන්නවා. කෙලෙසුන්ගෙන් නොමිදුණු සිත කෙලෙසුන් ගෙන් නොමිදුණු සිතක් වශයෙන් දැනගන්නවා.

යෝ නු ඛෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලන්නු ඛෝ තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.

ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවාද?”

“යෝ සෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.

(ඒ පිරිවැජියන්) “ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවා.”

අහං පනේතං ආවුසෝ ඒවං ජානාමි ඒවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.

“ආයුෂ්මතුනි, ඔය කරුණ ගැන මං ඔය විදිහට දන්නවා. ඔය විදිහට දකිනවා. නමුත් මා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි පවසන්නේ නෑ.

31. පුන ච පරං ආවුසෝ භික්ඛු ඒවං සමාහිතේ ….(පෙ)…. පුබ්‌බේනිවාසානුස්‌සතිඤාණාය චිත්‌තං අභිනීහරති ….(පෙ)…. සෝ අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරති, සෙය්‍යථිදං ඒකම්පි ජාතිං ….(පෙ)…. අනේකේ’පි සංවට්‌ටවිවට්‌ටකප්‌පේ: අමුත්‍රාසිං ඒවන්නාමෝ ඒවංගොත්‌තෝ ….(පෙ)…. ඉති සාකාරං සඋද්‌දේසං අනේකවිහිතං පුබ්‌බේනිවාසං අනුස්‌සරති.

ආයුෂ්මතුනි, තවදුරටත් කියනවා නම්, ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. කලින් ජීවිතය ගත කළ ආකාරය දන්නා නුවණ පිණිස සිත යොමු කරයි ….(පෙ)…. එයට සිත නතු කරයි ….(පෙ)…. නොයෙක් ආකාරයෙන් කලින් ජීවිත ගෙවූ හැටි (ආපස්සට) සිහි කරනවා. ඒ කියන්නේ: එක ජීවිතයක් ….(පෙ)…. ආදී වශයෙන් ආකාර සහිතව සවිස්තර ව අනේක ප්‍රකාර වූ කලින් ගත කළ ජීවිත ගැන සිහි කරනවා.

යෝ නු ඛෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලන්නු ඛෝ තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා?ති.

ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවාද?”

“යෝ සෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වා”ති.

(ඒ පිරිවැජියන්) “ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවා.”

අහං පනේතං ආවුසෝ ඒවං ජානාමි ඒවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.

“ආයුෂ්මතුනි, ඔය කරුණ ගැන මං ඔය විදිහට දන්නවා. ඔය විදිහට දකිනවා. නමුත් මා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි පවසන්නේ නෑ.

32. පුන ච පරං ආවුසෝ භික්‌ඛු ඒවං සමාහිතේ චිත්තේ ….(පෙ)…. සත්‌තානං චුතූපපාතඤාණාය චිත්‌තං අභිනීහරති ….(පෙ)…. සෝ දිබ්බේන චක්‌ඛුනා ….(පෙ)…. සත්‌තේ පස්‌සති චවමානේ උපපජ්‌ජමානේ ….(පෙ)…. සුගතේ දුග්‌ගතේ යථාකම්‌මූපගේ සත්‌තේ පජානාති.

ආයුෂ්මතුනි, තවදුරටත් කියනවා නම්, භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. සත්වයන්ගේ චුතියත් උපතත් දකිනා නුවණ පිණිස සිත පිහිටුවනවා ….(පෙ)…. එතකොට ඒ භික්ෂුව දිවැසින් ….(පෙ)…. චුත වන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකිනවා ….(පෙ)…. ඒ ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූත්, යහපත් අයහපත් වූත්, සුගති දුගතිවල සිටින්නා වූ සත්වයන් දකිනවා.

සෙය්‍යථාපි ආවුසෝ පබ්‌බතසංඛේපේ උදකරහදෝ අච්‌ඡෝ විප්‌පසන්‌නෝ අනාවිලෝ, තත්‌ථ චක්‌ඛුමා පුරිසෝ තීරේ ඨිතෝ පස්‌සෙය්‍ය සිප්‌පිසම්‌බුකම්‌පි සක්‌ඛරකඨලම්‌පි මච්‌ඡගුම්‌බම්‌පි චරන්‌තම්‌පි තිට්‌ඨන්‌තම්‌පි, තස්‌ස ඒවමස්‌ස: අයං ඛෝ උදකරහදෝ අච්‌ඡෝ විප්‌පසන්‌නෝ අනාවිලෝ, තත්‍රිමේ සිප්‌පිසම්‌බුකා’පි සක්‌ඛරකඨලා’පි මච්‌ඡගුම්‌බා’පි චරන්‌ති’පි තිට්‌ඨන්‌ති’පීති, ඒවමේව ඛෝ ආවුසෝ භික්‌ඛු සමාහිතේ චිත්තේ ….(පෙ)…. ආසවානං ඛයඤාණාය චිත්‌තං අභිනීහරති අභිනින්‌නාමේති. සෝ ඉදං දුක්‌ඛන්‌ති යථාභූතං පජානාති ….(පෙ)…. අයං ආසවනිරෝධගාමිනී පටිපදා’ති යථාභූතං පජානාති.

ආයුෂ්මතුනි, ඒක මේ වගේ දෙයක්. පර්වත මුදුනක ජලාශයක් තියෙනවා. එහි ජලය ඉතා හොඳයි. හරිම ප්‍රසන්නයි. කැළඹිලා නෑ. එතැන ඇස් ඇති පුරුෂයෙක් ඒ ඉවුරේ සිටගෙන ජලාශය දෙස බලා සිටිනවා. එතකොට ඔහුට සිප්පිබෙල්ලනුත්, සක්බෙල්ලනුත්, කැටකැබලිත්, මාළු රංචු ආදියත් හැසිරෙන අයුරු, සිටින අයුරු දකින්නට ලැබෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. ‘මේක ඉතා හොඳ ජලය ඇති හරිම ප්‍රසන්න වූ නොකැළඹුණු දිය ඇති විලක්. මෙහි මේ සිප්පිබෙල්ලන්, සක්බෙල්ලන්, කැටකැබලිති, මාළු රංචුත් හැසිරෙනවා නෙව. ඉන්නවා නෙව’ කියලා. ආයුෂ්තුනි, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. ආශ්‍රවයන් ක්ෂය වීම පිළිබඳ දන්නා නුවණ පිණිස සිත පිහිටුවනවා. සිත එයට නතු කරනවා. එතකොට ඔහු මෙය දුක නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා ….(පෙ)…. මෙය ආශ්‍රව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා.

තස්‌ස ඒවං ජානතෝ ඒවං පස්‌සතෝ කාමාසවා’පි චිත්‌තං විමුච්‌චති. භවාසවා’පි චිත්‌තං විමුච්‌චති. අවිජ්‌ජාසවා’පි චිත්‌තං විමුච්‌චති. විමුත්‌තස්‌මිං විමුත්‌තමිති ඤාණං හෝති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්‌මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‌ථත්‌තායා’ති පජානාති.

ඒ භික්ෂුව ඔය විදිහට දැනගනිද්දී, ඔය විදිහට දැකගනිද්දී කාම ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. භව ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. අවිද්‍යා ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වුන බවට ඤාණය ඇතිවෙනවා. ‘ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දෙය කළා. නිවන පිණිස කළයුතු වෙනත් දෙයක් නැත්තේ’ යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.

33. යෝ ඛෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, කල්ලං නු ඛෝ තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්තිවා’?ති.

ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙනවාද?”

“යෝ සෝ ආවුසෝ භික්ඛු ඒවං ජානාති ඒවං පස්සති, න කල්ලං තස්සේතං වචනාය ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්තිවා”ති.

(ඒ පිරිවැජියන්) “ආයුෂ්මතුනි, යම් භික්ෂුවක් ඔය විදිහට දන්නවා නම්, ඔය විදිහට දකිනවා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි කරුණු කියන එක ගැලපෙන්නේ නෑ.”

අහං ඛෝ පනේතං ආවුසෝ ඒවං ජානාමි ඒවං පස්සාමි. අථ ච පනාහං න වදාමි ‘තං ජීවං තං සරීරන්ති’වා ‘අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති’වාති.

“ආයුෂ්මතුනි, ඔය කරුණ ගැන මං ඔය විදිහට දන්නවා. ඔය විදිහට දකිනවා. නමුත් මා නම් ජීවයත් එයමයි, ශරීරයත් එයමයි කියලා හරි, ජීවය වෙනත් එකක්, ශරීරය තවත් එකක් කියලා හරි පවසන්නේ නෑ.”

34. ඉදමවෝච භගවා. අත්තමනෝ ඔට්ඨද්ධෝ ලිච්ඡවී භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. සතුටට පත් ඔට්ඨද්ධ ලිච්ඡවි භාග්‍යවතුන් වහන්සේගේ මෙම දේශනය සතුටින් පිළිගත්තා.

සාදු! සාදු!! සාදු!!!

මහාලිසුත්තං නිට්ඨිතං ඡට්ඨං.

හයවෙනි මහාලි සූත්‍රය නිමාවිය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn1_6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M