අංගුත්තර නිකාය

ඒකක නිපාතෝ

19. කායගතාසතිවග්ගෝ

19. කායගතාසති වර්ගය

1.16.7.1

යස්ස කස්සචි භික්ඛවේ, මහාසමුද්දෝ චේතසා ඵුටෝ, අන්තෝගධා තස්ස කුන්නදියෝ යා කාචි සමුද්දංගමා. ඒවමේවං භික්ඛවේ, යස්ස කස්සචි කායගතා සති භාවිතා බහුලීකතා, අන්තෝගධා තස්ස කුසලා ධම්මා, යේ කේචි විජ්ජාභාගියා.

“පින්වත් මහණෙනි, යම් කෙනෙකු විසින් මහා සමුද්‍රය සිතින් ස්පර්ශ කෙරුවොත් එවිට ඒ මහ මුහුදට ගලා බස්නා යම් කිසි කුඩා ගංගාවන් ඇත්නම්, ඒවාත් එයට ඇතුළත් වෙනවා. පින්වත් මහණෙනි, අන්න ඒ ආකාරයෙන් යම් කිසිවෙකු විසින් කායගතාසති භාවනාව වැඩුවොත්, බහුල වශයෙන් ප්‍රගුණ කළොත් එවිට අවබෝධය ඇති කරවන්නා වූ යම්කිසි කුසල් දහම් ඇත්නම් ඒවාත් එයට ඇතුළත් වෙනවා.”

1.16.7.2-8.

ඒකධම්මෝ භික්ඛවේ, භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්තති, ….(පෙ)…. මහතෝ අත්ථාය සංවත්තති, ….(පෙ)…. මහතෝ යෝගක්ඛේමාය සංවත්තති, ….(පෙ)…. සතිසම්පජඤ්ඤාය සංවත්තති ….(පෙ)…. ඤාණදස්සනප්පටිලාභාය සංවත්තති, ….(පෙ)…. දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති, ….(පෙ)…. විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය, සංවත්තති. කතමෝ ඒකධම්මෝ? කායගතා සති. අයං ඛෝ භික්ඛවේ, ඒකධම්මෝ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්තති, මහතෝ අත්ථාය සංවත්තති, මහතෝ යෝගක්ඛේමාය සංවත්තති, සතිසම්පජඤ්ඤාය සංවත්තති, ඤාණදස්සනප්පටිලාභාය සංවත්තති, දිට්ඨධම්මසුඛවිහාරාය සංවත්තති, විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, එකම දෙයක් භාවනා වශයෙන් වැඩුවොත්, බහුල වශයෙන් පුරුදු කළොත් (සසර පිළිබඳ) මහත් සංවේගයකට හේතු වෙනවා. ….(පෙ)…. මහා යහපතක් පිණිස හේතු වෙනවා ….(පෙ)…. මහත් වූ කෙලෙස් යෝගයන් ඉක්මවා යන්නට හේතු වෙනවා ….(පෙ)…. සිහියත්, මනා අවබෝධයත් පිණිස හේතු වෙනවා. ….(පෙ)…. ඤාණදර්ශනය ලැබීම පිණිස හේතු වෙනවා. ….(පෙ)…. මේ ජීවිතයේදීම සැප සේ ජීවත් වීම පිණිස හේතු වෙනවා. ….(පෙ)…. විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කිරීම පිණිස හේතු වෙනවා. මොකක්ද ඒ එකම දේ? කායගතාසතියයි. පින්වත් මහණෙනි, මේ එකම දේ භාවනා වශයෙන් වැඩුවොත්, බහුල වශයෙන් පුරුදු කළොත් මහත් සංවේගයකට හේතු වෙනවා. මහා යහපතක් පිණිසම හේතු වෙනවා. මහත් වූ කෙලෙස් යෝගයන් ඉක්මවා යන්නට හේතු වෙනවා. සිහියත්, මනා අවබෝධයත් පිණිස හේතු වෙනවා. ඤාණදර්ශනය ලැබීම පිණිස හේතු වෙනවා. මේ ජීවිතයේදීම සැප සේ ජීවත් වීම පිණිස හේතු වෙනවා. විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කිරීම පිණිස හේතු වෙනවා.”

1.16.7.9-12.

ඒකධම්මේ භික්ඛවේ, භාවිතේ බහුලීකතේ කායෝපි පස්සම්භති, ….(පෙ)…. චිත්තම්පි පස්සම්භති, ….(පෙ)…. විතක්කවිචාරාපි වූපසම්මන්ති, ….(පෙ)…. කේවලාපි විජ්ජාභාගියා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. කතමස්මිං ඒකධම්මේ? කායගතාය සතියා. ඉමස්මිං ඛෝ භික්ඛවේ, ඒකධම්මේ භාවිතේ බහුලීකතේ කායෝපි පස්සම්භති, චිත්තම්පි පස්සම්භති, විතක්කවිචාරාපි වූපසම්මන්ති, කේවලාපි විජ්ජාභාගියා ධම්මා භාවනාපාරිපූරිං ගච්ඡන්තීති.

“පින්වත් මහණෙනි, මේ එකම දෙයක් භාවනා වශයෙන් වැඩීමෙන්, බහුල වශයෙන් පුරුදු කිරීමෙන් කයත් සංසිඳෙනවා. ….(පෙ)…. සිතත් සංසිඳෙනවා. ….(පෙ)…. විතක්ක විචාරත් සංසිඳෙනවා. ….(පෙ)…. අමා නිවන් අවබෝධයට වුවමනා කරන සියලුම ධර්මයන් භාවනාවෙන් සම්පූර්ණ වෙනවා. කවර එකම දෙයක් වැඩීමෙන්ද? කායගතාසතිය වැඩීමෙන්. පින්වත් මහණෙනි, මේ එකම දේ වැඩීමෙන්, බහුල වශයෙන් වැඩීමෙන් කයත් සංසිඳෙනවා. සිතත් සංසිඳෙනවා. විතර්ක විචාරත් සංසිඳෙනවා. අමා නිවන් අවබෝධයට වුවමනා කරන සියලු ධර්මයනුත් භාවනාවෙන් සම්පූර්ණ වෙලා යනවා.”

1.16.7.13.

ඒකධම්මේ භික්ඛවේ, භාවිතේ බහුලීකතේ අනුප්පන්නා චේව අකුසලා ධම්මා නුප්පජ්ජන්ති, උප්පන්නා ච අකුසලා ධම්මා පහීයන්ති. කතමස්මිං ඒකධම්මේ? කායගතාය සතියා. ඉමස්මිං ඛෝ භික්ඛවේ, ඒකධම්මේ භාවිතේ බහුලීකතේ අනුප්පන්නා චේව අකුසලා ධම්මා නුප්පජ්ජන්ති, උප්පන්නා ච අකුසලා ධම්මා පහීයන්තීති.

“පින්වත් මහණෙනි, එකම දෙයක් භාවනා වශයෙන් වැඩීමෙන්, බහුල වශයෙන් පුරුදු කිරීමෙන් නූපන් පාපී අකුසල් වුනත් උපදින්නේ නෑ. උපන් පාපී අකුසල් පවා ප්‍රහීණ වෙනවා. කවර එකම ධර්මයක් වැඩීමෙන්ද? කායගතාසතිය වැඩීමෙන්. පින්වත් මහණෙනි, මේ එකම දේ වැඩීමෙන්, බහුල වශයෙන් වැඩීමෙන් නූපන් පාපී අකුසල් වුනත් උපදින්නේ නෑ. උපන් පාපී අකුසල් පවා ප්‍රහීණ වෙනවා.”

1.16.7.14.

ඒකධම්මේ භික්ඛවේ, භාවිතේ බහුලීකතේ අනුප්පන්නා චේව කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච කුසලා ධම්මා භිය්‍යෝභාවාය වේපුල්ලාය සංවත්තන්ති. කතමස්මිං ඒකධම්මේ? කායගතාය සතියා. ඉමස්මිං ඛෝ භික්ඛවේ, ඒකධම්මේ භාවිතේ බහුලීකතේ අනුප්පන්නා චේව කුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා ච කුසලා ධම්මා භිය්‍යෝභාවාය වේපුල්ලාය සංවත්තන්තීති.

“පින්වත් මහණෙනි, මේ එකම දෙයක් භාවනා වශයෙන් වැඩීමෙන්, බහුල වශයෙන් පුරුදු කිරීමෙන් නූපන් කුසල් දහම් පවා උපදිනවා. උපන් කුසල් දහම්වල වැඩි වීමටත්, වඩාත් වැඩි වීමටත් හේතු වෙනවා. කවර එකම ධර්මයක් වැඩීමෙන්ද? කායගතාසතිය වැඩීමෙන්. පින්වත් මහණෙනි, මේ එකම දේ භාවනා වශයෙන් වැඩීමෙන්, බහුල වශයෙන් පුරුදු කිරීමෙන් නූපන් කුසල් දහම් පවා උපදිනවා. උපන් කුසල් දහම්වල වැඩි වීමටත්, වඩාත් වැඩි වීමටත් හේතු වෙනවා.”

1.16.7.15-19.

ඒකධම්මේ භික්ඛවේ, භාවිතේ බහුලීකතේ අවිජ්ජා පහීයති, ….(පෙ)…. විජ්ජා උප්පජ්ජති, ….(පෙ)…. අස්මිමානෝ පහීයති, ….(පෙ)…. අනුසයා සමුග්ඝාතං ගච්ඡන්ති, ….(පෙ)…. සංයෝජනා පහීයන්ති. කතමස්මිං ඒකධම්මේ? කායගතාය සතියා. ඉමස්මිං ඛෝ භික්ඛවේ, ඒකධම්මේ භාවිතේ බහුලීකතේ අවිජ්ජා පහීයති, විජ්ජා උප්පජ්ජති, අස්මිමානෝ පහීයති, අනුසයා සමුග්ඝාතං ගච්ඡන්ති, සංයෝජනා පහීයන්තීති.

“පින්වත් මහණෙනි, එකම දෙයක් භාවනා වශයෙන් වැඩීමෙන්, බහුල වශයෙන් පුරුදු කිරීමෙන් අවිද්‍යාව ප්‍රහීණ වෙලා යනවා. ….(පෙ)…. විද්‍යාව උපදිනවා ….(පෙ)…. අස්මිමානය (‘මම වෙමි’ කියන හැඟීම) ප්‍රහීණ වෙනවා. ….(පෙ)…. මුල් බැස ගත් කෙලෙස් නැසිලා යනවා. ….(පෙ)…. සියලු බන්ධන ප්‍රහීණ වෙලා යනවා. කවර එකම ධර්මයක් වැඩීමෙන්ද? කායගතාසතිය වැඩීමෙන්. පින්වත් මහණෙනි, මේ එකම දේ භාවනා වශයෙන් වැඩීමෙන්, බහුල වශයෙන් පුරුදු කිරීමෙන් අවිද්‍යාව ප්‍රහීණ වෙලා යනවා. ….(පෙ)…. විද්‍යාව උපදිනවා ….(පෙ)…. අස්මිමානය ප්‍රහීණ වෙලා යනවා. ….(පෙ)…. මුල් බැස ගත් කෙලෙස් නැසිලා යනවා ….(පෙ)…. සියලු බන්ධන ප්‍රහීණ වෙනවා.”

1.16.7.20-21.

ඒකධම්මෝ භික්ඛවේ, භාවිතෝ බහුලීකතෝ පඤ්ඤාපභේදාය සංවත්තති, ….(පෙ)…. අනුපාදාපරිනිබ්බානාය සංවත්තති. කතමෝ ඒකධම්මෝ? කායගතා සති. අයං ඛෝ භික්ඛවේ, ඒකධම්මෝ භාවිතෝ බහුලීකතෝ පඤ්ඤාපභේදාය සංවත්තති, අනුපාදාපරිනිබ්බානාය සංවත්තති.

“පින්වත් මහණෙනි, එකම දෙයක් භාවනා වශයෙන් වැඩීමෙන්, බහුල වශයෙන් පුරුදු කිරීමෙන් ප්‍රඥාව ප්‍රභේද වශයෙන් ඇති වීම පිණිස හේතු වෙනවා. ….(පෙ)…. අනුපාදා පරිනිර්වාණය පිණිස හේතු වෙනවා. කවර එකම ධර්මයක් වැඩීමෙන්ද? කායගතාසතිය වැඩීමෙන්. පින්වත් මහණෙනි, මේ එකම දේ භාවනා වශයෙන් වැඩීමෙන්, බහුල වශයෙන් පුරුදු කිරීමෙන් ප්‍රඥා ප්‍රභේදය පිණිස හේතු වෙනවා. අනුපාදා පරිනිර්වාණය පිණිස හේතු වෙනවා.”

1.16.7.22-24.

ඒකධම්මේ භික්ඛවේ, භාවිතේ බහුලීකතේ අනේකධාතුපටිවේධෝ හෝති, ….(පෙ)…. නානාධාතුපටිවේධෝ හෝති, ….(පෙ)…. අනේකධාතුපටිසම්භිදා හෝති. කතමස්මිං ඒකධම්මේ? කායගතාය සතියා. ඉමස්මිං ඛෝ, භික්ඛවේ, ඒකධම්මේ භාවිතේ බහුලීකතේ අනේකධාතුපටිවේධෝ හෝති… නානාධාතුපටිවේධෝ හෝති, අනේකධාතුපටිසම්භිදා හෝති.

“පින්වත් මහණෙනි, එකම දෙයක් භාවනා වශයෙන් වැඩීමෙන්, බහුල වශයෙන් පුරුදු කිරීමෙන් අනේක ධාතු ස්වභාවයන් අවබෝධ වෙනවා. ….(පෙ)…. නානා ධාතු ස්වභාවයන් අවබෝධ වෙනවා ….(පෙ)…. අනේක ධාතු ස්වභාවයන් විස්තර වශයෙන් අවබෝධ වෙනවා. කවර වූ එකම දෙයක් වැඩීමෙන්ද? කායගතාසතිය වැඩීමෙනි. පින්වත් මහණෙනි, මේ එකම දේ භාවනා වශයෙන් වැඩීමෙන්, බහුල වශයෙන් පුරුදු කිරීමෙන් අනේකධාතු ස්වභාවයන් අවබෝධ වෙනවා. ….(පෙ)…. නානා ධාතු ස්වභාවයන් අවබෝධ වෙනවා. ….(පෙ)…. අනේකධාතු ස්වාභාවයන් විස්තර වශයෙන් අවබෝධ වෙනවා.”

1.16.7.25-28.

ඒකධම්මෝ භික්ඛවේ, භාවිතෝ බහුලීකතෝ සෝතාපත්තිඵලසච්ඡිකිරියාය සංවත්තති, ….(පෙ)…. සකදාගාමිඵලසච්ඡිකිරියාය සංවත්තති, ….(පෙ)…. අනාගාමිඵලසච්ඡිකිරියාය සංවත්තති, ….(පෙ)…. අරහත්තඵලසච්ඡිකිරියාය සංවත්තති. කතමෝ ඒකධම්මෝ? කායගතා සති. අයං ඛෝ භික්ඛවේ, ඒකධම්මෝ භාවිතෝ බහුලීකතෝ සෝතාපත්තිඵලසච්ඡිකිරියාය සංවත්තති, සකදාගාමිඵලසච්ඡිකිරියාය සංවත්තති, අනාගාමිඵලසච්ඡිකිරියාය සංවත්තති, අරහත්තඵලසච්ඡිකිරියාය සංවත්තති.

“පින්වත් මහණෙනි, මේ එකම දෙයක් භාවනා වශයෙන් වැඩීමෙන්, බහුල වශයෙන් පුරුදු කිරීමෙන් සෝවාන් ඵලය සාක්ෂාත් කිරීම පිණිස හේතු වෙනවා. ….(පෙ)…. සකදාගාමී ඵලය සාක්ෂාත් කිරීම පිණිස හේතු වෙනවා. ….(පෙ)…. අනාගාමී ඵලය සාක්ෂාත් කිරීම පිණිස හේතු වෙනවා. ….(පෙ)…. අරහත් ඵලය සාක්ෂාත් කිරීම පිණිස හේතු වෙනවා. මොකක්ද ඒ එකම දේ? කායගතාසතියයි. පින්වත් මහණෙනි, මේ එකම දේ භාවනා වශයෙන් වැඩීමෙන්, බහුල වශයෙන් පුරුදු කිරීමෙන් සෝවාන් ඵලය සාක්ෂාත් කිරීම පිණිස හේතු වෙනවා. ….(පෙ)…. සකදාගාමී ඵලය සාක්ෂාත් කිරීම පිණිස හේතු වෙනවා. ….(පෙ)…. අනාගාමී ඵලය සාක්ෂාත් කිරීම පිණිස හේතු වෙනවා. ….(පෙ)…. අරහත් ඵලය සාක්ෂාත් කිරීම පිණිස හේතු වෙනවා.”

1. 16.7.29-44.

ඒකධම්මෝ භික්ඛවේ, භාවිතෝ බහුලීකතෝ පඤ්ඤාපටිලාභාය සංවත්තති, ….(පෙ)…. පඤ්ඤාවුද්ධියා සංවත්තති, ….(පෙ)…. පඤ්ඤාවේපුල්ලාය සංවත්තති, ….(පෙ)…. මහාපඤ්ඤතාය සංවත්තති, ….(පෙ)…. පුථුපඤ්ඤතාය සංවත්තති, ….(පෙ)…. විපුලපඤ්ඤතාය සංවත්තති, ….(පෙ)…. ගම්භීරපඤ්ඤතාය සංවත්තති, ….(පෙ)…. අසාමන්තපඤ්ඤතාය සංවත්තති, ….(පෙ)…. භූරිපඤ්ඤතාය සංවත්තති, ….(පෙ)…. පඤ්ඤාබාහුල්ලාය සංවත්තති, ….(පෙ)…. සීඝපඤ්ඤතාය සංවත්තති, ….(පෙ)…. ලහුපඤ්ඤතාය සංවත්තති, ….(පෙ)…. හාසපඤ්ඤතාය සංවත්තති, ….(පෙ)…. ජවනපඤ්ඤතාය සංවත්තති, ….(පෙ)…. තික්ඛපඤ්ඤතාය සංවත්තති, ….(පෙ)…. නිබ්බේධිකපඤ්ඤතාය සංවත්තති. කතමෝ ඒකධම්මෝ? කායගතා සති. අයං ඛෝ භික්ඛවේ, ඒකධම්මෝ භාවිතෝ බහුලීකතෝ පඤ්ඤාපටිලාභාය සංවත්තති, පඤ්ඤාවුද්ධියා සංවත්තති, පඤ්ඤාවේපුල්ලාය සංවත්තති, මහාපඤ්ඤතාය සංවත්තති, පුථුපඤ්ඤතාය සංවත්තති, විපුලපඤ්ඤතාය සංවත්තති, ගම්භීරපඤ්ඤතාය සංවත්තති, අසාමන්තපඤ්ඤතාය සංවත්තති, භූරිපඤ්ඤතාය සංවත්තති, පඤ්ඤාබාහුල්ලාය සංවත්තති, සීඝපඤ්ඤතාය සංවත්තති, ලහුපඤ්ඤතාය සංවත්තති, හාසපඤ්ඤතාය සංවත්තති, ජවනපඤ්ඤතාය සංවත්තති, තික්ඛපඤ්ඤතාය සංවත්තති, නිබ්බේධිකපඤ්ඤතාය සංවත්තති.

“පින්වත් මහණෙනි, මේ එක ම දෙයක් භාවනා වශයෙන් වැඩීමෙන්, බහුල වශයෙන් පුරුදු කළොත් ප්‍රඥාව ලැබීම පිණිස හේතු වෙනවා. ….(පෙ)…. ප්‍රඥාව වැඩීම පිණිස හේතු වෙනවා. ….(පෙ)…. ප්‍රඥාව විපුල බවට පත් වීම පිණිස හේතු වෙනවා. ….(පෙ)…. මහා ප්‍රඥාවක් ලැබීම පිණිස හේතු වෙනවා. ….(පෙ)…. පළල් ප්‍රඥාවක් ලැබීම පිණිස හේතු වෙනවා. ….(පෙ)…. විශාල ප්‍රඥාවක් ලැබීම පිණිස හේතු වෙනවා. ….(පෙ)…. ගැඹුරු ප්‍රඥාවක් ලැබීම පිණිස හේතු වෙනවා. ….(පෙ)…. අසාමාන්‍ය ප්‍රඥාවක් ලැබීම පිණිස හේතු වෙනවා. ….(පෙ)…. මහා ගැඹුරු ප්‍රඥාවක් පිණිස හේතු වෙනවා. ….(පෙ)…. බහුල ප්‍රඥාවක් ඇති වීම පිණිස හේතු වෙනවා. ….(පෙ)…. සීඝ්‍ර ප්‍රඥාවක් ඇති වීම පිණිස හේතු වෙනවා. ….(පෙ)…. ඉක්මන් ප්‍රඥාවක් ඇති වීම පිණිස හේතු වෙනවා. ….(පෙ)…. ක්ෂණික ප්‍රඥාවක් ඇති වීම පිණිස හේතු වෙනවා. ….(පෙ)…. වේගවත් ප්‍රඥාවක් ඇති වීම පිණිස හේතු වෙනවා. ….(පෙ)…. තීක්ෂණ ප්‍රඥාවක් ඇති වීම පිණිස පිණිස හේතු වෙනවා. ….(පෙ)…. විනිවිද දකින ප්‍රඥාවක් ඇති වීම පිණිස හේතු වෙනවා. ඒ කවර විදිහේ එකම දෙයක් වැඩීමෙන්ද? කායගතාසතිය වැඩීමෙන්. පින්වත් මහණෙනි, මේ එකම දේ භාවනා වශයෙන් වැඩීමෙන්, බහුල වශයෙන් පුරුදු කිරීමෙන් ප්‍රඥාව ලැබීම පිණිස හේතු වෙනවා. ප්‍රඥාව වැඩීම පිණිස හේතු වෙනවා. ප්‍රඥාව විපුල බවට පත් වීම පිණිස හේතු වෙනවා. මහා ප්‍රඥාවක් ලැබීම පිණිස හේතු වෙනවා. පළල් ප්‍රඥාවක් ලැබීම පිණිස හේතු වෙනවා. විශාල ප්‍රඥාවක් ලැබීම පිණිස හේතු වෙනවා. ගැඹුරු ප්‍රඥාවක් ලැබීම පිණිස හේතු වෙනවා. අසාමාන්‍ය ප්‍රඥාවක් ලැබීම පිණිස හේතු වෙනවා. මහා ගැඹුරු ප්‍රඥාවක් ලැබීම පිණිස හේතු වෙනවා. බහුල ප්‍රඥාවක් ලැබීම පිණිස හේතු වෙනවා. සීඝ්‍ර ප්‍රඥාවක් ලැබීම පිණිස හේතු වෙනවා. ඉක්මන් ප්‍රඥාවක් ලැබීම පිණිස හේතු වෙනවා. ක්ෂණික ප්‍රඥාවක් ලැබීම පිණිස හේතු වෙනවා. වේගවත් ප්‍රඥාවක් ලැබීම පිණිස හේතු වෙනවා. තීක්ෂණ ප්‍රඥාවක් ලැබීම පිණිස හේතු වෙනවා. අමා නිවන අවබෝධයට හේතු වන ප්‍රඥාවක් ලැබීම පිණිස හේතු වෙනවා.”

[කායගතාසති] වග්ගෝ සත්තමෝ.

හත්වෙනි කායගතාසති වර්ගයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_1-19/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M