සැවැත් නුවර දී ය …..
මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කිරීම පිණිස අට ධර්මයක් වැඩිය යුත්තේ ය. ඒ කවර අටක් ද යත්;
සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි.
මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කිරීම පිණිස මේ අට ධර්මයන් වැඩිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
අට්ඨමග්ගංග සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කිරීම පිණිස අට ධර්මයක් වැඩිය යුත්තේ ය. ඒ කවර අටක් ද යත්;
1. ආධ්‍යාත්මයෙහි රූප සංඥා ඇත්තේ බාහිර ස්වල්ප වූ වර්ණවත්, දුර්වර්ණ රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි.
2. ආධ්‍යාත්මයෙහි රූප සංඥා ඇත්තේ බාහිර අප්‍රමාණ වූ වර්ණවත්, දුර්වර්ණ රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි.
3. ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ බාහිර ස්වල්ප වූ වර්ණවත්, දුර්වර්ණ රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි.
4. ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ බාහිර අප්‍රමාණ වූ වර්ණවත්, දුර්වර්ණ රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි.
5. ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ බාහිර නිල් වූ, නිල් පැහැ ඇති, නීල නිදර්ශන ඇති, නිල් ආලෝක ඇති රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි.
6. ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ බාහිර කහ වූ, කහ පැහැ ඇති, කහ නිදර්ශන ඇති, කහ ආලෝක ඇති රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි.
7. ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ බාහිර රතු වූ, රතු පැහැ ඇති, රතු නිදර්ශන ඇති, රතු ආලෝක ඇති රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි.
8. ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ බාහිර සුදු වූ, සුදු පැහැ ඇති, සුදු නිදර්ශන ඇති, සුදු ආලෝක ඇති රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥා ඇත්තේ වෙයි.
මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කිරීම පිණිස මේ අට ධර්මය වැඩිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
අට්ඨ අභිභායතන සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කිරීම පිණිස අට ධර්මයක් වැඩිය යුත්තේ ය. ඒ කවර අටක් ද යත්;
1. රූප ධ්‍යානයෙන් යුක්ත වූයේ බාහිර රූපයන් දකියි.
2. ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ බාහිර රූප දකියි.
3. සුභ දෙයක් ම යැයි සළකා ධ්‍යානයට ඇලුනේ වෙයි.
4. සියළු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගොරෝසු සංඥාවන් නැති වීමෙන් නා නා සංඥා මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත වූ ආකාසය’ යැයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි.
5. සියළු ආකාරයෙන් ආකාසානඤ්චාතනය ඉක්මවීමෙන්, ‘අනන්ත වූ විඤ්ඤාණය’ යැයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි.
6. සියළු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවීමෙන් ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි.
7. සියළු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවීමෙන් නේවසංඥානාසංඥායතනයට පැමිණ වාසය කරයි.
8. සියළු ආකාරයෙන් නේවසංඥානාසංඥායතනය ඉක්මවීමෙන් සංඥාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරයි.
මහණෙනි, රාගය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කිරීම පිණිස මේ අට ධර්මය වැඩිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
අට්ඨ විමොක්ඛ සූත්‍රය නිමා විය.
8.6.4.-510
සැවැත් නුවර දී ය …..
මහණෙනි, රාගය පිරිසිඳ අවබෝධ කරනු පිණිස ….(පෙ)…. නැසීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස ….(පෙ)…. ක්ෂය වීම පිණිස ….(පෙ)…. වැනසීම පිණිස ….(පෙ)…. නොඇල්ම පිණිස ….(පෙ)…. නිරෝධය පිණිස ….(පෙ)…. අත්හැරීම පිණිස ….(පෙ)…. දුරුකිරීම පිණිස ….(පෙ)…. මේ අට ධර්මයෝ වැඩිය යුත්තාහු ය.
ද්වේෂය ….(පෙ)…. මෝහය ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකු බව ….(පෙ)…. තරඟයට වැඩකිරීම ….(පෙ)…. ඊර්ෂ්‍යාව ….(පෙ)…. මසුරුකම ….(පෙ)…. මායාව ….(පෙ)…. වංචනික බව ….(පෙ)…. දැඩි බව ….(පෙ)…. එකට එක කිරීම ….(පෙ)…. මාන්නය ….(පෙ)…. අතිමාන්නය ….(පෙ)…. මදය ….(පෙ)…. ප්‍රමාදය ….(පෙ)…. විශිෂ්ට ඥානයෙන් අවබෝධ කරනු පිණිස ….(පෙ)…. පිරිසිඳ අවබෝධ කරනු පිණිස ….(පෙ)…. නැසීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස ….(පෙ)…. ක්ෂය වීම පිණිස ….(පෙ)…. වැනසීම පිණිස ….(පෙ)…. නොඇල්ම පිණිස ….(පෙ)…. නිරෝධය පිණිස ….(පෙ)…. අත්හැරීම පිණිස ….(පෙ)…. දුරුකිරීම පිණිස මේ අෂ්ට ධර්මයෝ වැඩිය යුත්තාහු ය.
සාදු! සාදු!! සාදු!!!
රාගාදී පෙය්‍යාලය නිමා විය.
අට්ඨක නිපාතය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M