3.6.1.
01. සැවැත් නුවරදී ……………..
පින්වත් මහණෙනි, මේ ප්‍රතිපදාවන් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද?
කාමයෙන් මුසපත් වූ ප්‍රතිපදාව නම් වූ ආගාළ්හ ප්‍රතිපදාව, තමාව පීඩාවට පත්කරන නිසරු තපස්ක්‍රම ඇති ප්‍රතිපදාව නම් වූ නිජ්ඣමා ප්‍රතිපදාව හා මධ්‍යම ප්‍රතිපදාවයි.
පින්වත් මහණෙනි, කාමයෙන් මුසපත් වූ ප්‍රතිපදාව නම් වූ ආගාළ්හ ප්‍රතිපදාව යනු කුමක්ද?
පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් මෙවැනි මතවාදයක්, මෙවැනි දෘෂ්ටියක් දරනවා. ‘කාමයන්හි කිසි දෝෂයක් නැත’ කියලා. ඔහු කාමයන්හි මුසපත් වෙන කෙනෙක් බවට පත්වෙනවා. පින්වත් මහණෙනි, මේකට තමයි ආගළ්හ ප්‍රතිපදාව කියන්නේ.
පින්වත් මහණෙනි, තමාව පීඩාවට පත්කරන නිසරු තපස්ක්‍රම ඇති ප්‍රතිපදාව නම් වූ නිජ්ඣමා ප්‍රතිපදාව යනු කුමක්ද?
පින්වත් මහණෙනි, මෙහිලා ඇතැම් කෙනෙක් නිරුවත්ව ඉන්නවා. ආචාර ධර්ම අත්හරිනවා. කෑමෙන් පසු අත ලෙවකනවා. ‘ස්වාමීනී, මෙහි වඩින්න’ කියූ විට එන්නේ නෑ. ‘ස්වාමීනී, සිටින්න’ කියූ විට ඉන්නේ නෑ. තමා එන්නට කලින් ගෙනා බොජුන් ගන්නේ නෑ. තමා උදෙසා කළ බොජුන් ගන්නේ නෑ. ඇරැයුම් පිළිගන්නේ නැ. වළඳේ උඩ කොටසෙන් දුන් දානය පිළිගන්නේ නෑ. බඳුන්වල උඩින්ම දෙන දන් පිළිගන්නේ නෑ. එළිපත්තේ සිට දෙන දන් පිළිගන්නේ නෑ. කණුවක් අසලදී දෙන දන් පිළිගන්නේ නෑ. මොහොලක් අතර සිට දෙන දන් පිළිගන්නේ නෑ. දෙදෙනෙක් ආහාර ගනිද්දී දෙන දන් පිළිගන්නේ නෑ. ගැබිනි මවක් දෙන දන් පිළිගන්නේ නෑ. කිරිදෙන මව දෙන දන් පිළිගන්නේ නෑ. පුරුෂයන් අතරට ගිය තැනැත්තිය විසින් දෙන දානය පිළිගන්නේ නෑ. සම්මාදන් කොට පිස දෙන දන් පිළිගන්නේ නෑ. බල්ලෙක් සිටිද්දී ඌට නොදී දෙන දන් පිළිගන්නේ නෑ. අධික ලෙස මැස්සන් ගැවසුනු තැනින් දෙන දානය පිළිගන්නේ නෑ. මස් මාළු පිළිගන්නේ නෑ. රහමෙර පිළිගන්නේ නෑ. කාඩිහොදි බොන්නෙ නෑ.
ඒ වගේම ඔහු එක ගෙදරකින් ලැබෙන එක් බත් පිඬකින් යැපෙනවා. ගෙවල් දෙකකින් ලැබෙන බත් පිඬු දෙකකින් යැපෙනවා. ගෙවල් හතකින් ලැබෙන බත් පිඬු හතකින් යැපෙනවා. එක බත් තලියකින් යැපෙනවා. බත් තලි දෙකකින් යැපෙනවා. බත් තලි හතකින් යැපෙනවා. දවසක් හැර දවසක් ආහාර ගන්නවා. දෙදෙවසක් හැර දවසක් ආහාර ගන්නවා. සත් දවසක් හැර දවසක් ආහාර ගන්නවා. මේ විදිහට අඩමාසයක් හැර දවසක් බත් අනුභව කිරීම් වශයෙන් ව්‍රත සමාදානයෙන් වාසය කරනවා.
ඒ වගේම ඔහු කොළ වර්ග අමුවෙන් අනුභව කරනවා. ගස් බොඩ අනුභව කරනවා. හූරු හැල් වී අනුභව කරනවා. සම්තැම්බූ කහට වතුර අනුභව කරනවා. ලහටු දියසෙවෙල අනුභව කරනවා. සහල්කුඩු අනුභව කරනවා. දන්කුඩ අනුභව කරනවා. මුරුවට අනුභව කරනවා. තණකොළ අනුභව කරනවා. ගොම අනුභව කරනවා. වනමුල් ගෙඩි අනුභව කරනවා. ගස්වලින් වැටුණු ගෙඩි පමණක් අනුභව කරනවා.
ඒ වගේම ඔහු හණවැහැරි දරනවා. හණවැහැරි මිශ්‍ර වස්ත්‍ර දරනවා. ඉවත්කළ කඩමලු දරනවා. මිනියෙන් බැහැර කළ රෙදි දරවනවා. පොතුසුඹුලුවලින් කළ වස්ත්‍ර දරනවා. අඳුන් දිවිසම් දරනවා. මැදින් පැලූ අඳුන් දිවිසම් දරනවා. කුසතණින් ගෙතූ වස්ත්‍ර දරනවා. නියඳවැහැරි දරනවා. එළුලොමින් කළ වස්ත්‍ර දරනවා. මිනිස් කෙස්වලින් කළ වස්ත්‍ර දරනවා. අස්ලොමින් කළ වස්ත්‍ර දරනවා. බකමූණු පියාපතින් කල වස්ත්‍ර දරනවා. කෙස් රැවුල් උදුරනවා. කෙස් රැවුල් උදුරන වැඩපිළිවෙලක යෙදී සිටිනවා. වාඩිවෙන අසුන් ප්‍රතික්ෂේප කොට හිටගෙන ඉන්නවා. උක්කුටිකයෙන් ඉන්නවා. උක්කුටිකයෙන්ම ගමන් කරනවා. කටුසයනයන්හි වාසය කරනවා. ලෑලිමත කටුගසා එහි සැතපෙනවා. පිලෙහි නිදනවා. ලෑල්ලෙහි නිදියනවා. එක් ඇලයෙන් නිදියනවා. නොනා දැලිකුණු දරා සිටිනවා. එළිමහනේ සිටිනවා. ආසන තිබෙන අයුරින් වෙනස් නොකොට සිටිනවා. තමන්ගේම මලමුත්‍ර අනුභව කරනවා. සිහිල් දිය නොබී ඉන්නවා. සවස තුන්වෙනි කොට දිනකට තුන්වරක් ජලයෙහි ගිලී තපස් කිරීමේ ව්‍රත සමාදන්ව ඉන්නවා. මෙසේ නොයෙක් ආකාරයෙන් ශරීරයට දුක් පීඩා දෙන වැඩපිළිවෙලක යෙදී වාසය කරනවා. පින්වත් මහණෙනි, මේකට තමයි නිජ්ඣමා ප්‍රතිපදාව කියන්නේ.
පින්වත් මහණෙනි, මධ්‍යම ප්‍රතිපදාව යනු කුමක්ද?
පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, කය නම් වූ ලෝකය ගැන ඇති ඇල්මත්, ගැටීමත් දුරුකොට කය පිළිබඳව කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා ….(පෙ)…. විඳීම් පිළිබඳව ….(පෙ)…. සිත පිළිබඳව ….(පෙ)…. කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ධර්ම නම් වූ ලෝකය ගැන ඇති ඇල්මත්, ගැටීමත් දුරුකොට කය පිළිබඳව ධම්මානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා පින්වත් මහණෙනි, මේකට තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ.
පින්වත් මහණෙනි, මේ තමයි ප්‍රතිපදාවන් තුන.
සාදු! සාදු!! සාදු!!!
3.6.2.
02. පින්වත් මහණෙනි, මේ ප්‍රතිපදාවන් තුනක් තියෙනවා. ඒ තුන මොනවාද?
කාමයෙන් මුසපත් වූ ප්‍රතිපදාව නම් වූ ආගාළ්හ ප්‍රතිපදාව, තමාව පීඩාවට පත්කරන නිසරු තපස්ක්‍රම ඇති ප්‍රතිපදාව නම් වූ නිජ්ඣමා ප්‍රතිපදාව හා මධ්‍යම ප්‍රතිපදාවයි.
පින්වත් මහණෙනි, කාමයෙන් මුසපත් වූ ප්‍රතිපදාව නම් වූ ආගාළ්හ ප්‍රතිපදාව යනු කුමක්ද? (කලින් විස්තර කළ ආකාරයටම දත යුතුයි) ….(පෙ)…. පින්වත් මහණෙනි, මේකට තමයි ආගාළ්හ ප්‍රතිපදාව කියන්නේ.
පින්වත් මහණෙනි, තමාව පීඩාවට පත්කරන නිසරු තපස්ක්‍රම ඇති ප්‍රතිපදාව යනු කුමක්ද? (කලින් විස්තර කළ ආකාරයටම දත යුතුයි) ….(පෙ)…. පින්වත් මහණෙනි, මේකට තමයි නිජ්ඣමා ප්‍රතිපදාව කියන්නේ.
පින්වත් මහණෙනි, මධ්‍යම ප්‍රතිපදාව යනු කුමක්ද?
පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව නූපන් පාපී අකුසල් දහම් නූපදවීම පිණිස කැමැත්ත උපදවනවා. උත්සාහ කරනවා. වීරිය පටන්ගන්නවා. සිත දැඩි කොට ගන්නවා. ප්‍රධන් වීරිය කරනවා. උපන් පාපී අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිස ….(පෙ)…. නූපන් කුසල් දහම් ඉපදවීම පිණිස ….(පෙ)…. උපන් කුසල් දහම් තවදුරටත් පැවතීම පිණිස, සිතින් ගිලිහී නොයෑම පිණිස, බොහෝ වීම පිණිස, වැඩිවීම පිණිස, භාවනාවෙන් සම්පූර්ණ වීම පිණිස, කැමැත්ත උපදවනවා. උත්සාහ කරනවා. වීරිය පටන්ගන්නවා. සිත දැඩි කොට ගන්නවා. ප්‍රධන් වීරිය කරනවා. ….(පෙ)….
සාදු! සාදු!! සාදු!!!
3.6.3.
03. (පින්වත් මහණෙනි, මේ ප්‍රතිපදාවන් තුනක් තියෙනවා. ….(පෙ)…. )
කැමැත්ත තුළින් ඇති කරගත් සමාධිය ඇතිව බලවත් වීරියෙන් යුතුව ඉර්ධිපාදය වඩනවා. වීරිය තුළින් ඇතිකරගත් සමාධිය ….(පෙ)…. අධිෂ්ඨානය තුළින් ඇති කරගත් සමාධිය ….(පෙ)…. දහම් විමසීම තුළින් ඇති කරගත් සමාධිය ඇතිව බලවත් වීරියෙන් යුතුව ඉර්ධිපාදය වඩනවා. ….(පෙ)….
සාදු! සාදු!! සාදු!!!
3.6.4.
04. (පින්වත් මහණෙනි, මේ ප්‍රතිපදාවන් තුනක් තියෙනවා. ….(පෙ)…. )
ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩනවා. විරිය ඉන්ද්‍රිය වඩනවා. සති ඉන්ද්‍රිය වඩනවා. සමාධි ඉන්ද්‍රිය වඩනවා. පඤ්ඤා ඉන්ද්‍රිය වඩනවා ….(පෙ)….
සාදු! සාදු!! සාදු!!!
3.6.5.
05. (පින්වත් මහණෙනි, මේ ප්‍රතිපදාවන් තුනක් තියෙනවා. ….(පෙ)…. )
ශ්‍රද්ධා බලය වඩනවා. විරිය බලය වඩනවා. සති බලය වඩනවා. සමාධි බලය වඩනවා. පඤ්ඤා බලය වඩනවා ….(පෙ)….
සාදු! සාදු!! සාදු!!!
3.6.6.
06. (පින්වත් මහණෙනි, මේ ප්‍රතිපදාවන් තුනක් තියෙනවා. ….(පෙ)…. )
සතිය නම් වූ බොජ්ඣංගය වඩනවා. නුවණින් ධර්මය විමසීම නම් වූ බොජ්ඣංගය වඩනවා. විරිය නම් වූ බොජ්ඣංගය වඩනවා. ප්‍රීතිය නම් වූ බොජ්ඣංගය වඩනවා. සැහැල්ලුබව නම් වූ බොජ්ඣංගය වඩනවා. සමාධිය නම් වූ බොජ්ඣංගය වඩනවා. උපේක්ෂාව නම් වූ බොජ්ඣංගය වඩනවා. පින්වත් මහණෙනි, මේකට තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ.
සාදු! සාදු!! සාදු!!!
3.6.7.
07. (පින්වත් මහණෙනි, මේ ප්‍රතිපදාවන් තුනක් තියෙනවා. ….(පෙ)…. )
සම්මා දිට්ඨිය වඩනවා. සම්මා සංකල්පය වඩනවා. සම්මා වාචා වඩනවා. සම්මා කම්මන්ත වඩනවා. සම්මා ආජීව වඩනවා. සම්මා වායාම වඩනවා. සම්මා සති වඩනවා. සම්මා සමාධි වඩනවා. පින්වත් මහණෙනි, මේකට තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ.
පින්වත් මහණෙනි, මේ තමයි ප්‍රතිපදාවන් තුන.
සාදු! සාදු!! සාදු!!!
හයවෙනි පටිපදා වර්ගයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_3-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M