සැවැත් නුවර දී ය …….
දස්සනානුත්තරියං, සවනානුත්තරියං, ලාභානුත්තරියං, සික්ඛානුත්තරියං, පාරිචරියානුත්තරියං, අනුස්සතානුත්තරියං.
1. මහණෙනි, රාගය පිරිසිඳ අවබෝධ කරනු පිණිස සය ධර්මයක් වැඩිය යුත්තේය. ඒ කවර සයක් ද යත්; දස්සනානුත්තරිය, සවනානුත්තරිය, ලාභානුත්තරිය, සික්ඛානුත්තරිය, පාරිචරියානුත්තරිය සහ අනුස්සතානුත්තරිය යි. මහණෙනි, රාගය පිරිසිඳ අවබෝධ කරනු පිණිස මේ සය ධර්මය වැඩිය යුත්තේය.
සැවැත් නුවර දී ය …….
බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති.
2. මහණෙනි, රාගය පිරිසිඳ අවබෝධ කරනු පිණිස සය ධර්මයක් වැඩිය යුත්තේය. ඒ කවර සයක් ද යත්; බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, චාගානුස්සතිය සහ දේවතානුස්සතිය යි. මහණෙනි, රාගය පිරිසිඳ අවබෝධ කරනු පිණිස මේ සය ධර්මය වැඩිය යුත්තේය.
සැවැත් නුවර දී ය …….
අනිච්චසඤ්ඤා, අනිච්චේ දුක්ඛසඤ්ඤා, දුක්බේ අනත්තසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරෝධසඤ්ඤා.
3. මහණෙනි, රාගය පිරිසිඳ අවබෝධ කරනු පිණිස සය ධර්මයක් වැඩිය යුත්තේය. ඒ කවර සයක් ද යත්; අනිත්‍ය සංඥාව, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව, දුක්ඛයෙහි අනාත්ම සංඥාව, ප්‍රහාණ සංඥාව, විරාග සංඥාව සහ නිරෝධ සංඥාව යි. මහණෙනි, රාගය පිරිසිඳ අවබෝධ කරනු පිණිස මේ සය ධර්මය වැඩිය යුත්තේය.
සැවැත් නුවර දී ය …….
4.-30. මහණෙනි, රාගය පිරිසිඳ අවබෝධ කරනු පිණිස සය ධර්මයක් වැඩිය යුත්තාහු ය. ….(පෙ)…. මහණෙනි, රාගය නැසීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස ….(පෙ)…. ක්ෂය වීම පිණිස ….(පෙ)…. වැනසීම පිණිස ….(පෙ)…. නොඇල්ම පිණිස ….(පෙ)…. නිරෝධය පිණිස ….(පෙ)…. අත්හැරීම පිණිස ….(පෙ)…. දුරුකිරීම පිණිස මේ සය ධර්මයෝ වැඩිය යුත්තාහු ය.
31.-60. මහණෙනි, ද්වේෂය පිරිසිඳ අවබෝධ කරනු පිණිස සය ධර්මයක් වැඩිය යුත්තාහු ය. ….(පෙ)…. නැසීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස ….(පෙ)…. ක්ෂය වීම පිණිස ….(පෙ)…. වැනසීම පිණිස ….(පෙ)…. නොඇල්ම පිණිස ….(පෙ)…. නිරෝධය පිණිස ….(පෙ)…. අත්හැරීම පිණිස ….(පෙ)…. දුරුකිරීම පිණිස මේ සය ධර්මයෝ වැඩිය යුත්තාහු ය.
61. – 90. මහණෙනි, මෝහයේ ….(පෙ)….
91.- 120. මහණෙනි, ක්‍රෝධයේ ….(පෙ)….
121.- 150. මහණෙනි, බද්ධ වෛරයේ ….(පෙ)….
151. – 180. මහණෙනි, ගුණමකු බව ….(පෙ)….
181. – 210. මහණෙනි, තරඟයට වැඩ කිරීම ….(පෙ)….
211. – 240. මහණෙනි, ඊර්ෂ්‍යාව ….(පෙ)….
241. – 270. මහණෙනි, මසුරුකම ….(පෙ)….
271. – 300. මහණෙනි, මායාව ….(පෙ)….
301. – 330. මහණෙනි, වංචනික බව ….(පෙ)….
331. – 360. මහණෙනි, දැඩි බව ….(පෙ)….
361. – 390. මහණෙනි, එකට එක කිරීම ….(පෙ)….
391. – 420. මහණෙනි, මාන්නය ….(පෙ)….
421. – 450. මහණෙනි, අතිමාන්නය ….(පෙ)….
451. – 480. මහණෙනි, මදය ….(පෙ)….
481. – 510. මහණෙනි, ප්‍රමාදය විශිෂ්ට ඥානයෙන් දකිනු පිණිස සය ධර්මයක් වැඩිය යුත්තාහු ය. පරිසිඳ අවබෝධ කරනු පිණිස ….(පෙ)…. නැසීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස ….(පෙ)…. ක්ෂය වීම පිණිස ….(පෙ)…. වැනසීම පිණිස ….(පෙ)…. නොඇල්ම පිණිස ….(පෙ)…. නිරෝධය පිණිස ….(පෙ)…. අත්හැරීම පිණිස ….(පෙ)…. දුරුකිරීම පිණිස මේ සය ධර්මයෝ වැඩිය යුත්තාහු ය. කවර සය ධර්මයක් ද යත්; දස්සනානුත්තරිය ….(පෙ)…. අනුස්සතානුත්තරිය ….(පෙ)…. කවර සය ධර්මයක් ද යත්; බුද්ධානුස්සතිය ….(පෙ)…. කවරය සය ධර්මයක් ද යත්; අනිත්‍ය සංඥාව ….(පෙ)…. මහණෙනි, ප්‍රමාදය විශිෂ්ට ඥානයෙන් දකිනු ….(පෙ)…. පිරිසිඳ අවබෝධ කරනු පිණිස ….(පෙ)…. නැසීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස ….(පෙ)…. ක්ෂය වීම පිණිස ….(පෙ)…. වැනසීම පිණිස ….(පෙ)…. නොඇල්ම පිණිස ….(පෙ)…. නිරෝධය පිණිස ….(පෙ)…. අත්හැරීම පිණිස ….(පෙ)…. දුරුකිරීම පිණිස මේ සය ධර්මයෝ වැඩිය යුත්තාහු ය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තාහු ය.
සාදු! සාදු!! සාදු!!!
රාගාදී පෙය්‍යාලය නිමා විය.
ඡක්ක නිපාතය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-13/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M