සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ආවාසික භික්ෂුව බුහුමන් නොලබන්නේ වෙයි. ඒ කවර පසක් ද යත්;
මනා ගති පැවතුම් නැත්තේ, වත් පිළිවෙත් නොකරන්නේ වෙයි. බහුශ්‍රැත නොවූයේ, ශ්‍රැතධර නොවෙයි. කෙලෙස් අත්නොහරිනුයේ, භාවනාවෙහි නොඇලෙන්නේ වෙයි. කල්‍යාණ වචන නැත්තේ, කල්‍යාණ කතාබහ නැත්තේ වෙයි. දුෂ්ප්‍රාඥ වූයේ, ජඩ වූයේ කෙළතොළු වූයේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ ආවාසික භික්ෂුව බුහුමන් නොලබන්නේ වෙයි.
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ආවාසික භික්ෂුව බුහුමන් ලබන්නේ වෙයි. ඒ කවර පසක් ද යත්;
මනා ගති පැවතුම් ඇත්තේ, වත් පිළිවෙත් කරන්නේ වෙයි. බහුශ්‍රැත වූයේ, ශ්‍රැතධර වෙයි. කෙලෙස් අත්හරිනුයේ, භාවනාවෙහි ඇලෙන්නේ වෙයි. කල්‍යාණ වචන ඇත්තේ, කල්‍යාණ කතාබහ ඇත්තේ වෙයි. ප්‍රඥාවන්ත වූයේ, ජඩ නොවූයේ කෙළතොළු නොවූයේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ ආවාසික භික්ෂුව බුහුමන් ලබන්නේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
අභාවනීය සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ආවාසික භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය වූයේ ද, මනාප වූයේ ද, ගරු වූයේ ද, බුහුමනට නිසි වූයේ ද වෙයි. ඒ කවර පස් කරුණකින් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ වෙයි. යහපත් ඇවතුම් පැවතුම් ඇති ව වසන්නේ වෙයි. අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකින සුළු ව සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි.
ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ඒ ඇසූ දහම් ධරන්නේ වෙයි. ඒ ඇසූ දහම් සිත්හිලා රැස් කරගන්නේ වෙයි. යම් ඒ ධර්මයෝ කල්‍යාණ වූ පටන් ගැනීමකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ මැදකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ අවසානයකින් යුක්ත වෙත් ද, අර්ථ සහිත වෙත් ද, පැහැදිලි වචනයෙන් යුක්ත වෙත් ද, හැම ලෙසින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසත් ද, එබඳු වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ය. ධාරණය කරගන්නා ලද්දාහු ය. වචනයෙන් පිරිවහන ලද්දාහු ය. මනසින් විමසන ලද්දාහු ය. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය.
කල්‍යාණ වචන ඇත්තේ වෙයි. කල්‍යාණ ව්‍යවහාර ඇත්තේ වෙයි. වැදගත් වචනයෙන් යුතු වූයේ වෙයි. නොවිසුරුණු වචන ඇත්තේ වෙයි. පිරිපුන් වචන ඇත්තේ වෙයි. අරුත් මතුකරන වචන ඇත්තේ වෙයි.
ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු, මෙලොව දී ලබන සැප විහරණය ඇති සතරක් වූ ධ්‍යානයන් කැමති සේ ලබන්නේ, නිදුකින් ලබන්නේ, බොහෝ සෙයින් ලබන්නේ වෙයි.
ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චේතෝ විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේ දී ම තම විශිෂ්ට ඥානයෙන් අවබෝධ කොට එයට පැමිණ වාසය කරන්නේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ ආවාසික භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ප්‍රිය වූයේ ද, මනාප වූයේ ද, ගරු වූයේ ද, බුහුමනට නිසි වූයේ ද වෙයි.
සාදු! සාදු!! සාදු!!!
පිය සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ආවාසික භික්ෂුව ආවාසය ශෝභමාන කරන්නේ වෙයි. ඒ කවර පස් කරුණකින් ද යත්;
සිල්වත් වෙයි. ….(පෙ)…. සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි.
ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ….(පෙ)…. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය.
කල්‍යාණ වචන ඇත්තේ වෙයි. කල්‍යාණ ව්‍යවහාර ඇත්තේ වෙයි. වැදගත් වචනයෙන් යුතු වූයේ වෙයි. නොවිසුරුණු වචන ඇත්තේ වෙයි. පිරිපුන් වචන ඇත්තේ වෙයි. අරුත් මතුකරන වචන ඇත්තේ වෙයි.
තමා වෙත පැමිණෙන්නවුන්ට දැහැමි කථාවෙන් කරුණු පවසන්නට, සමාදන් කරවන්නට, උත්සාහවත් කරවන්නට, සතුටු කරවන්නට ප්‍රතිබල වෙයි.
ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු, මෙලොව දී ලබන සැප විහරණයෙන් යුතු සතරක් වූ ධ්‍යානයන් කැමති සේ ලබන්නේ, නිදුකින් ලබන්නේ, බොහෝ සෙයින් ලබන්නේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ ආවාසික භික්ෂුව ආවාසය ශෝභමාන කරන්නේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
සෝභන සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ආවාසික භික්ෂුව ආවාසයට බොහෝ උපකාර ඇත්තේ වෙයි. ඒ කවර පස් කරුණකින් ද යත්;
සිල්වත් වෙයි. ….(පෙ)…. සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි.
ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ….(පෙ)…. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය.
කැඩුම් බිඳුම් පිළිසකර කරවයි.
මහා භික්ෂු සංඝයා පැමිණි කල්හී, නා නා රාජ්‍යයන්ට අයත් භික්ෂූන් පැමිණි කල්හී ගිහියන් වෙත එළඹ දැනුම් දෙයි. ‘ආයුෂ්මත්නි, මහා භික්ෂු සංඝයා පැමිණියාහු ය. නා නා රාජ්‍යයන්ට අයත් භික්ෂූහු සිටිති. පින් කරව්. දැන් පින් කරන්නට කාලය යි’ කියති.
ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු, මෙලොව දී ලබන සැප විහරණය ඇති සතරක් වූ ධ්‍යානයන් කැමති සේ ලබන්නේ, නිදුකින් ලබන්නේ, බොහෝ සෙයින් ලබන්නේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ ආවාසික භික්ෂුව ආවාසයට බොහෝ උපකාර ඇත්තේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
බහූපකාර සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් සමන්විත වූ ආවාසික භික්ෂුව ගිහියන්ට අනුකම්පා කරයි. ඒ කවර පස් කරුණකින් ද යත්;
අධිසීලයෙහි සමාදන් කරවයි.
චතුරාර්ය සත්‍යය ධර්මාවබෝධයෙහි යොදවයි.
අසනීප වූවන් වෙත ගොස් සිහිය උපදවයි. ‘ඇවැත්නි, හැම සත්කාරයට සුදුසු වූ තුනුරුවන් කෙරෙහි සිහිය පිහිටුවා ගනු මැනැවැ’යි.
මහා භික්ෂු සංඝයා පැමිණි කල්හී, නා නා රාජ්‍යයන්ට අයත් භික්ෂූන් පැමිණි කල්හී ගිහියන් වෙත එළඹ දැනුම් දෙයි. ‘ආයුෂ්මත්නි, මහා භික්ෂු සංඝයා පැමිණියාහු ය. නා නා රාජ්‍යයන්ට අයත් භික්ෂූහු සිටිති. පින් කරව්. දැන් පින් කරන්නට කාලය යි’ කියති.
ඒ භික්ෂුවට රළු වේවා ප්‍රණීත වේවා යම් ම භෝජනයක් දෙයි ද, එය තෙමේ වළඳයි. ශ්‍රද්ධාවෙන් පූජා කළ දේ විනාශ නොකරයි.
මහණෙනි, මේ පස් කරුණෙන් සමන්විත වූ ආවාසික භික්ෂුව ගිහියන්ට අනුකම්පා කරයි.
සාදු! සාදු!! සාදු!!!
අනුකම්පක සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් යුක්ත වූ ආවාසික භික්ෂුව ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදියි. ඒ කවර පස් කරුණකින් ද යත්;
නොදැන නොවිමසා ගුණ නොකිව යුත්තාගේ ගුණ කියන්නේ වෙයි. නොදැන නොවිමසා ගුණ කිව යුත්තාගේ නුගුණ කියන්නේ වෙයි. නොදැන නොවිමසා නොපැහැදිය යුතු තැන පහදින්නේ වෙයි. නොදැන නොවිමසා පැහැදිය යුතු තැන නොපහදින්නේ වෙයි. ශ්‍රද්ධාවෙන් පූජා කළ දෙය නාස්ති කරන්නේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් යුක්ත වූ ආවාසික භික්ෂුව ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නේ ය.
මහණෙනි, පස් කරුණකින් යුක්ත වූ ආවාසික භික්ෂුව ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය. ඒ කවර පස් කරුණකින් ද යත්;
දැන විමසා නුගුණ කිව යුත්තාගේ නුගුණ කියන්නේ වෙයි. දැන විමසා ගුණ කිව යුත්තාගේ ගුණ කියන්නේ වෙයි. දැන විමසා නොපැහැදිය යුතු තැන නොපහදින්නේ වෙයි. දැන විමසා පැහැදිය යුතු තැන පහදින්නේ වෙයි. ශ්‍රද්ධාවෙන් පූජා කළ දෙය නාස්ති නොකරන්නේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් යුක්ත වූ ආවාසික භික්ෂුව ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
පඨම අවණ්ණාරහ සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් යුක්ත වූ ආවාසික භික්ෂුව ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදියි. ඒ කවර පස් කරුණකින් ද යත්;
නොදැන නොවිමසා ගුණ නොකිව යුත්තාගේ ගුණ කියන්නේ වෙයි. නොදැන නොවිමසා ගුණ කිව යුත්තාගේ නුගුණ කියන්නේ වෙයි. ආවාසය කෙරෙහි මසුරු වූයේ ආවාසයෙහි ගිජු වූයේ වෙයි. දායක පවුල් කෙරෙහි මසුරු වූයේ දායක පවුල් කෙරෙහි ගිජු වූයේ වෙයි. ශ්‍රද්ධාවෙන් පූජා කළ දෙය නාස්ති කරන්නේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් යුක්ත වූ ආවාසික භික්ෂුව ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නේ ය.
මහණෙනි, පස් කරුණකින් යුක්ත වූ ආවාසික භික්ෂුව ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය. ඒ කවර පස් කරුණකින් ද යත්;
දැන විමසා නුගුණ කිව යුත්තාගේ නුගුණ කියන්නේ වෙයි. දැන විමසා ගුණ කිව යුත්තාගේ ගුණ කියන්නේ වෙයි. ආවාසය කෙරෙහි මසුරු නොවූයේ ආවාසයෙහි ගිජු නොවූයේ වෙයි. දායක පවුල් කෙරෙහි මසුරු නොවූයේ දායක පවුල් කෙරෙහි ගිජු නොවූයේ වෙයි. ශ්‍රද්ධාවෙන් පූජා කළ දෙය නාස්ති නොකරන්නේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් යුක්ත වූ ආවාසික භික්ෂුව ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
දුතිය අවණ්ණාරහ සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් යුක්ත වූ ආවාසික භික්ෂුව ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදියි. ඒ කවර පස් කරුණකින් ද යත්;
නොදැන නොවිමසා ගුණ නොකිව යුත්තාගේ ගුණ කියන්නේ වෙයි. නොදැන නොවිමසා ගුණ කිව යුත්තාගේ නුගුණ කියන්නේ වෙයි. ආවාසය කෙරෙහි මසුරු වූයේ වෙයි. දායක පවුල් කෙරෙහි මසුරු වූයේ වෙයි. ලාභය කෙරෙහි මසුරු වූයේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් යුක්ත වූ ආවාසික භික්ෂුව ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නේ ය.
මහණෙනි, පස් කරුණකින් යුක්ත වූ ආවාසික භික්ෂුව ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය. ඒ කවර පස් කරුණකින් ද යත්;
දැන විමසා නුගුණ කිව යුත්තාගේ නුගුණ කියන්නේ වෙයි. දැන විමසා ගුණ කිව යුත්තාගේ ගුණ කියන්නේ වෙයි. ආවාසය කෙරෙහි මසුරු නොවූයේ වෙයි. දායක පවුල් කෙරෙහි මසුරු නොවූයේ වෙයි. ලාභය කෙරෙහි මසුරු නොවූයේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් යුක්ත වූ ආවාසික භික්ෂුව ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
තතිය අවණ්ණාරහ සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් යුක්ත වූ ආවාසික භික්ෂුව ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදියි. ඒ කවර පස් කරුණකින් ද යත්;
ආවාසය කෙරෙහි මසුරු වූයේ වෙයි. දායක පවුල් කෙරෙහි මසුරු වූයේ වෙයි. ලාභය කෙරෙහි මසුරු වූයේ වෙයි. වර්ණනාවට මසුරු වූයේ වෙයි. ශ්‍රද්ධාවෙන් පූජා කළ දෙය නාස්ති කරන්නේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් යුක්ත වූ ආවාසික භික්ෂුව ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නේ ය.
මහණෙනි, පස් කරුණකින් යුක්ත වූ ආවාසික භික්ෂුව ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය. ඒ කවර පස් කරුණකින් ද යත්;
ආවාසය කෙරෙහි මසුරු වූයේ නොවෙයි. දායක පවුල් කෙරෙහි මසුරු වූයේ නොවෙයි. ලාභය කෙරෙහි මසුරු වූයේ නොවෙයි. වර්ණනාවට මසුරු වූයේ නොවෙයි. ශ්‍රද්ධාවෙන් පූජා කළ දෙය නාස්ති කරන්නේ නොවෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් යුක්ත වූ ආවාසික භික්ෂුව ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
පඨම මච්ඡරිය සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, පස් කරුණකින් යුක්ත වූ ආවාසික භික්ෂුව ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදියි. ඒ කවර පස් කරුණකින් ද යත්;
ආවාසය කෙරෙහි මසුරු වූයේ වෙයි. දායක පවුල් කෙරෙහි මසුරු වූයේ වෙයි. ලාභය කෙරෙහි මසුරු වූයේ වෙයි. වර්ණනාවට මසුරු වූයේ වෙයි. ධර්මයට මසුරු වූයේ වෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් යුක්ත වූ ආවාසික භික්ෂුව ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් නිරයෙහි උපදින්නේ ය.
මහණෙනි, පස් කරුණකින් යුක්ත වූ ආවාසික භික්ෂුව ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය. ඒ කවර පස් කරුණකින් ද යත්;
ආවාසය කෙරෙහි මසුරු වූයේ නොවෙයි. දායක පවුල් කෙරෙහි මසුරු වූයේ නොවෙයි. ලාභය කෙරෙහි මසුරු වූයේ නොවෙයි. වර්ණනාවට මසුරු වූයේ නොවෙයි. ධර්මයට මසුරු වූයේ නොවෙයි.
මහණෙනි, මේ පස් කරුණෙන් යුක්ත වූ ආවාසික භික්ෂුව ඔසොවාගෙන පැමිණි බරක් බිම තබන සෙයින් සුගතියෙහි උපදින්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
දුතිය මච්ඡරිය සූත්‍රය නිමා විය.
සිව් වෙනි ආවාසික වර්ගය අවසන් විය.
එහි පිළිවෙළ උද්දානය යි :
අභාවනීය සූත්‍රය, පිය සූත්‍රය, සෝභන සූත්‍රය, බහූපකාර සූත්‍රය, අනුකම්පක සූත්‍රය, අවණ්ණාරහ සූත්‍ර තුන සහ මච්ඡරිය සූත්‍ර දෙක වශයෙන් මෙහි සූත්‍ර දශයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M