ඛුද්දක නිකාය

ථේර ගාථා

21. සත්තති නිපාතෝ

21. හැත්තෑවැනි නිපාතය

70.1.1. වංගීසත්ථේරගාථා

70.1.1. වංගීස තෙරුන්ගේ ගාථා

1220. නික්ඛන්තං වත මං සන්තං අගාරස්මානගාරියං
විතක්කා උපධාවන්ති පගබ්භා කණ්හතෝ ඉමේ

1220. ගිහි ගෙය අත්හැරල බුදු සසුනේ මං පැවිදි බව ලබලා සිටිද්දීත්, මේ පහත් ලාමක අකුසල විතර්කයන් මගේ පස්සෙන් ලුහු බඳිනවා.

1221. උග්ගපුත්තා මහිස්සාසා සික්ඛිතා දළ්හධම්මිනෝ
සමන්තා පරිකිරෙය්‍යුං සහස්සං අපලායිනං

1221. දුන්නෙන් විදින්ට දක්ෂ ලෙස පුහුණු වෙච්ච දාහක් සේනාව ඇවිදිල්ල මාව වටකර ගෙන ඊතල දාහකින් මට විද්දත් මේ කෙලෙස් සටනින් මං පැනල යන්නෙ නෑ. මාව හෙළන්ටත් බෑ.

1222. සචේ’පි එත්තකා භිය්‍යෝ ආගමිස්සන්ති ඉත්ථියෝ
නේව මං බ්‍යාධයිස්සන්ති ධම්මේ සම්හි පතිට්ඨිතං

1222. ඒ වගේම ස්ත්‍රීන්ගේ බලය ඊතලවලටත් වඩා බලවත්. නමුත් කොයි ස්ත්‍රියක් පැමිණුනත් ඔවුන්ට මාව පොළඹවා ගන්ට බැහැ. මං සද්ධර්මයේ පිහිටලයි ඉන්නෙ.

1223. සක්ඛීහි මේ සුතං ඒතං බුද්ධස්සාදිච්චබන්ධුනෝ
නිබ්බානගමනං මග්ගං තත්ථ මේ නිරතෝ මනෝ

1223. හිරු ගොත් වංශයේ උපන් බුදු සමිඳුන් වෙතිනුයි මං මේ නිවන් මඟ දැනගත්තේ. දැන් හැම තිස්සෙම මගේ සිත පවතින්නේ ඒ නිවන් මගේමයි.

1224. ඒවං චේ මං විහරන්තං පාපිම උපගච්ඡසි
තථා මච්චු කරිස්සාමි න මේ මග්ගම්පි දක්ඛසි

1224. ඒයි මාරය! මං ඒ විදිහට නිවන් මගේ ගමන් කරද්දී නේද නුඹ ඔය විදියට පැමිණෙන්නෙ. නමුත් මං ගිය මාර්ගය නුඹට යාන්තමින් වත් දැකගන්ට බැරි විදිහටයි මගේ මරණය සිදුකර ගන්නෙ.

1225. අරතිං රතිං ච පහාය සබ්බසෝ ගේහේසිතං ච විතක්කං
වනථං න කරෙය්‍ය කුහිඤ්චි නිබ්බනථෝ අවනථෝ ස භික්ඛු

1225. භාවනාවට ඇති අකැමැත්ත දුරු කරනවා නම්, කාම සිතුවිලිවලට ඇති කැමැත්තත් දුරු කරනවා නම්, ලාමක විතර්කත් දුරු කරනවා නම්, තෘෂ්ණාවත් කොහෙත්ම හදන්නෙ නැත්නම්, එයා තෘෂ්ණාවෙන් නිදහස් වෙනවා. ඒ තෘෂ්ණාව රහිත තැනැත්තාටයි භික්ෂුව කියන්නෙ.

1226. යමිධ පඨවිං ච වේහාසං රූපගතං ජගතෝගධං කිඤ්චි
පරිජීයති සබ්බමනිච්චං ඒවං සමෙච්ච චරන්ති මුත්තතා

1226. අහසේත්, පොළොවේත් මේ ලෝකය තුළ සතර මහා ධාතූන්ගෙන් හටගත් යම්තාක් දේවල් ඇද්ද ඒ ඔක්කොම අනිත්‍යයි. ඒ ඔක්කොම දිරල යනවා. රහතන් වහන්සේලා ඔය කාරණය අවබෝධ කරගෙනයි ඉන්නෙ.

1227. උපධීසු ජනා ගධිතාසේ දිට්ඨේ සුතේ පටිඝේ ච මුතේ ච
එත්ථේ විනෝදය ඡන්දමනේජෝ යෝ හෙත්ථ න ලිප්පති මුනි තමාහු

1227. කෙලෙස් සහිත සත්වයා මීට වෙනස්. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස යන මේවාට එයා මුසපත් වෙනවා. ඔය දේවල් ගැන කිසි ආශාවක් නැතිව ඒවා සිතේ තවර ගන්නෙ නැතිව කෙලෙස් රහිතව ඉන්න කෙනාටයි මුනිවරයා කියන්නෙ.

1228. අට්ඨ සට්ඨිසිතා සවිතක්කා පුථුජ්ජනතායං අධම්මා නිවිට්ඨා
න ච වග්ගගතස්ස කුහිඤ්චි නෝ පන දුට්ඨුල්ලගාහී ස භික්ඛු

1228. පෘථග්ජන සත්වයා ඉන්නෙ අධර්මයේ බැසගෙනයි. ඊට පස්සෙ හැට අටක් වාදවලට පැටලිලා තර්ක කර ගන්නවා. නමුත් ඒ කිසිදේකට පැටලෙන්නෙ නැතිව එයින් නිදහස් වෙලා වැඩකට නැති දේ කතා නොකරන කෙනා භික්ෂුවකි.

1229. දබ්බෝ චිරරත්තසමාහිතෝ අකුහකෝ නිපකෝ අපිහාලු
සන්තං පදං අජ්ඣගමා මුනි පටිච්ච පරිනිබ්බුතෝ කංඛති කාලං

1229. නුවණැති භික්ෂුව බොහෝ කලක් සිත සමාහිත කරමින් ඉන්නෙ. කුහක බවිනුත් තොර නම් තැනට සුදුසු නුවණින් යුක්ත නම්, තෘෂ්ණා රහිතව නම් ඉන්නෙ පරම ශාන්තිය වූ අමා නිවන සාක්ෂාත් කළ ඒ මුනිවරයා පිරිනිවෙන්නටයි කල් බලා සිටින්නෙ.

1230. මානං පජහස්සු ගෝතම මානපථං ච ජහස්සු අසේසං
මානපථම්හි සමුච්ඡිතෝ විප්පටිසාරී හුවා චිරරත්තං

1230. පින්වත් ගෞතමය, මාන්නය දුරු කරන්න. මාන්නය හැදෙන මාර්ගයත් ඉතිරි නැතිවම දුරු කරන්න. මාන මාර්ගයට වැටිල මුසපත් වුණොත් බොහෝ කලක් විපිළිසර වේවි.

1231. මක්ඛේන මක්ඛිතා පජා මානහතා නිරයං පපතන්ති
සෝචන්ති ජනා චිරරත්තං මානහතා නිරයං උපපන්නා

1231. මේ ගුණමකු බව තමයි, සත්වයන්ගේ ගුණ මකන්නෙ. මාන්නය විසින් මේ සත්වයන්ව වනසලා දානවා. ඉතින් ඒ සත්වයන් ඒ නිසාම නිරයට වැටෙනවා. නිරයේ වැටිල බොහෝ කලක් ශෝක කරනවා.

1232. න හි සෝචති භික්ඛු කදාචි මග්ගජිනෝ සම්මා පටිපන්නෝ
කිත්තිං ච සුඛං චානුභෝති ධම්මදසෝ’ති තමාහු තථත්තං

1232. නිවන් මගේ ගමන් කරල යහපත් වැඩපිළිවෙලක යෙදිල ජය ලබාගත් භික්ෂුව කවදාවත් ශෝක කරන්නෙ නෑ. කීර්තියක් සැපයක් අත් විඳින ඒ භික්ෂුව සත්‍යයට පැමිණිලා ධර්මය දකින කෙනා කියලයි නුවණැත්තන් කියන්නෙ.

1233. තස්මා අඛිලෝ පධානවා නීවරණානි පහාය විසුද්ධෝ
මානං ච පහාය අසේසං විජ්ජායන්තකරෝ සමිතාවී

1233. ඒ නිසා කෙලෙස් හුල් නැති කරගන්න. වීර්ය වඩන්න. නීවරණ ප්‍රහාණය කරන්න. පිරිසිදු බවට පත්වෙන්න. මාන්නය නැති කරන්න. සන්සුන් සිතක් ඇති කරගන්න. විද්‍යාව පහළ කරගන්න. දුක අවසන් කරන්න.

1234. කාමාරාගේන ඩය්හාමි චිත්තං මේ පරිඩය්හති
සාධු නිබ්බාපනං බ්‍රෑහි අනුකම්පාය ගෝතම

1234. පින්වත් ගෞතමයනි, (පින්වත් ආනන්ද ස්වාමීන් වහන්ස,) මගේ සිත දැන් කාමරාගයෙන් ගිනි ගන්නවා. හැම පැත්තෙන්ම මේ සිත ගිනි ගන්නවා. අනේ! මට අනුකම්පා කරල මේ රාග ගින්න නිවාදමන උපායක් කියල දෙන්න.

1235. සඤ්ඤාය විපරියේසා චිත්තං තේ පරිඩය්හති
නිමිත්තං පරිවජ්ජේහි සුභං රාගූපසංහිතං

1235. ඇත්තෙන්ම ඔබ සංඥාවකට මුල වෙලා ඉන්නෙ. ඒ නිසයි ඔබේ සිත ගිනි ගන්නෙ. රාගය ඇති කරවන සුභ නිමිත්ත වහාම දුරු කරන්න.

1236. සංඛාරේ පරතෝ පස්ස දුක්ඛතෝ මා ච අත්තනෝ
නිබ්බාපේහි මහාරාගං මා ඩය්හිත්ථෝ පුනප්පුනං

1236. සකස් වෙච්ච හැමදෙයක්ම අනුන්ගේ දෙයක් හැටියට බලන්න. දුක් වශයෙන් බලන්න. තමන්ගේ දෙයක් හැටියට බලන්න එපා. ඒ මහා රාගය වහා නිවා දමන්න. ආයෙත් නම් මේ රාග ගින්නට ඔබ නොපිළිස්සේවා!

1237. අසුභාය චිත්තං භාවේහි ඒකග්ගං සුසමාහිතං
සති කායගතාත්‍යත්ථු නිබ්බිදාබහුලෝ භව

1237. සිත හොඳට එකඟ කරගෙන, සමාහිත කරගෙන, අශුභ භාවනාව තුළ සිත වඩන්න. කායානුපස්සනාවේ සිහිය පිහිටුවා ගන්න. කලකිරීමම බහුල කරගෙන වාසය කරන්න.

1238. අනිමිත්තඤ්ච භාවේහි මානානුසයමුජ්ජහ
තතෝ මානාභිසමයා උපසන්තෝ චරිස්සසි

1238. කෙලෙස් නිමිති නැති විදර්ශනා වඩන්න. සිත ඇතුලේ තිබෙන මාන්නය උදුරා දමන්න. මාන්නය අවබෝධ කරගෙන නිදහස් වෙන්න. උපශාන්ත සිතින් කල් ගෙවන්න.

1239. තමේව වාචං භාසෙය්‍ය යායත්තානං න තාපයේ
පරේ ච න විහිංසෙය්‍ය සා වේ වාචා සුභාසිතා

1239. ඇත්තෙන්ම, තමාවත් පෙළන්නෙ නැති අනුන්වත් පෙළෙන්නෙ නැති වචන කතා කරන්ට ඕනෑ. ඒ වචනවලටයි සුභාෂිත කියන්නෙ.

1240. පියවාචමේව භාසෙය්‍ය යා වාචා පටිනන්දිතා
යං අනාදාය පාපානි පරේසං භාසතේ පියං

1240. ප්‍රිය වචනමයි කතා කරන්ට ඕනෑ. කවුරුත් පිළිගන්නෙ ඒ ප්‍රිය වචනයි. නරක වචන අයින් කරල කාටත් ප්‍රිය උපදවන වචනයි කතා කරන්න ඕනෑ.

1241. සච්චං වේ අමතා වාචා ඒස ධම්මෝ සනන්තනෝ
සච්චේ අත්ථේ ච ධම්මේ ච ආහු සන්තෝ පතිට්ඨිතා

1241. ඇත්තෙන්ම සත්‍ය කියන්නෙ අමා වචනයක්. සත්‍ය සනාතන ධර්මයක්. ඒ නිසා සත්පුරුෂ උතුමන් වචන කතා කරද්දී සත්‍ය තුළ ඉන්නවා. අර්ථය තුළ ඉන්නවා. ධර්මය තුළ ඉන්නවා.

1242. යං බුද්ධෝ භාසති වාචං ඛේමං නිබ්බානපත්තියා
දුක්ඛස්සන්තකිරියාය සා වේ වාචානමුත්තමා

1242. භය නැතිකරල අමා නිවන කරා ගෙනයන යම් වචනයක් බුදු සමිඳුන් වදාළ සේක් ද දුක් නිමා කරන අන්න ඒ වචනය ලෝකයේ සියලු වචනවලට වඩා ශ්‍රේෂ්ඨයි.

1243. ගම්භීරපඤ්ඤෝ මේධාවී මග්ගෝමග්ගස්ස කෝවිදෝ
සාරිපුත්තෝ මහාපඤ්ඤෝ ධම්මං දේසේති භික්ඛුනං

1243. සැරියුත් සමිඳුන්ගේ ප්‍රඥාව ඉතා ගැඹුරුයි. පුදුමාකාර නුවණක් තියෙන්නෙ. මාර්ගයත්, අමාර්ගයත් තෝරාදෙන්ට අතිශයින්ම දක්ෂයි. මහා ප්‍රඥාවෙනුයි ඒ සැරියුත් තෙරුන් භික්ෂූන්ට දහම් දෙසන්නෙ.

1244. සංඛිත්තේන’පි දේසේති විත්ථාරේන’පි භාසති
සාලිකායිව නිග්ඝෝසෝ පටිභානං උදීරයී

1244. උන්වහන්සේට පුළුවනි කෙටියෙනුත් දහම් දෙසන්ට. උන්වහන්සේට පුළුවනි විස්තර වශයෙනුත් දහම් දෙසන්ට. සැලලිහිණියෙකුගේ වගේ මිහිරි හඬක් තියෙනවා. ධර්මය දේශනා කරන්ට පටන් ගත්තහම දිගින් දිගටම උන්වහන්සේගේ ප්‍රතිභා ශක්තිය මතුවෙලා එනවා.

1245. තස්ස තං දේසයන්තස්ස සුණන්ති මධුරං ගිරං
සරේන රජනීයේන සවනීයේන වග්ගුනා
උදග්ගචිත්තා මුදිතා සෝතං ඕධෙන්ති භික්ඛවෝ

1245. ඒ මිහිරි, සිත්කළු වචන හැමදෙනෙක්ම අහගෙන ඉන්නවා. දෙසවන් පිනවන මිහිරි ස්වරයෙන් යුතු ඒ වචන අසන්නට භික්ෂූන් හරි කැමතියි. කන් යොමු කරගෙන අසාගෙන ඉන්නෙ හරි ප්‍රීතිමත් සිතකින්.

1246. අජ්ජ පණ්ණරසේ විසුද්ධියා භික්ඛු පඤ්චසතා සමාගතා
සංයෝජනබන්ධනච්ඡිදා අනීඝා ඛීණපුනබ්භවා ඉසී

1246. අද පුන් පොහෝ දවසක්. පිරිසිදු උපෝසථය කරන්ට පන්සීයක් රහතන් වහන්සේලා වැඩල ඉන්නෙ. භව බන්ධන නැති කරපු, පුනර්භවය විනාශ කළ, දුකින් නිදහස් වූ ඒ සියලු භික්ෂූන්ම ඉසිවරයන් වහන්සේලාය.

1247. චක්කවත්තී යථා රාජා අමච්චපරිවාරිතෝ
සමන්තා අනුපරියේති සාගරන්තං මහිං ඉමං

1247. මහා සාගරය සීමා කරගෙන තිබෙන මේ පෘථිවිය සිසාරා ඇමැතිවරුන් පිරිවරාගෙන සැරිසරන සක්විති රජෙක් වගේ.

1248. ඒවං විජිතසංගාමං සන්ථවාහං අනුත්තරං
සාවකා පයිරුපාසන්ති තේවිජ්ජා මච්චුහායිනෝ

1248. ඒ විදිහමයි මාර සේනාව පරදවලා ජය අරගෙන සිටින ත්‍රිවිද්‍යාව ලබාගත්තු ශ්‍රාවකයින් පිරිවරාගෙනයි අනුත්තර වූ ශාස්තෘන් වහන්සේ සැරිසරා වඩින්නෙ.

1249. සබ්බේ භගවතෝ පුත්තා පලාසෙත්ථ න විජ්ජති
තණ්හාසල්ලස්ස හන්තාරං වන්දේ ආදිච්චබන්ධුනං

1249. රහතන් වහන්සේලා කියන්නෙ භාග්‍යවතුන් වහන්සේගෙ දරුවෝ. අසරණ වූ කිසි දෙයක් උන්වහන්සේලා තුළ නෑ. තෘෂ්ණා හුල උදුරා දමන හිරු ගොත් වංශයේ උපන් මුනිඳාණන් වන්දනා කරන,

1250. පරෝසහස්සං භික්ඛූනං සුගතං පයිරූපාසති
දේසෙන්තං විරජං ධම්මං නිබ්බානං අකුතෝභයං

1250. දාහකට වැඩි මේ භික්ෂු පිරිස සුගතයන් වහන්සේමයි ඇසුරු කරන්නෙ. උන්වහන්සේ අපට කියල දුන්නෙ, කිසිම ආකාරයකින් බියක් ඇති නොවන, නිකෙලෙස් වූ අමා නිවන නම් ධර්මයයි.

1251. සුණන්ති ධම්මං විමලං සම්මාසම්බුද්ධදේසිතං
සෝභති වත සම්බුද්ධෝ භික්ඛුසංඝපුරක්ඛතෝ

1251. සම්බුදු සමිඳුන් වදාරණ ඒ නිර්මල ධර්මය තමයි භික්ෂූන් අසන්නෙ. භික්ෂු සංඝයා පිරිවරා ගෙන බුදු සමිඳුන් වැඩසිටින ඒ දර්ශනය අතිශයින්ම සුන්දරයි.

1252. නාහනාමෝසි භගවා ඉසීනං ඉසිසත්තමෝ
මහාමේඝෝව හුත්වාන සාවකේ අභිවස්සති

1252. ඉසිවරුන් අතර හත්වැනි පරම ඉසිවරයා යැයි කිව හැකි භාග්‍යවතුන් වහන්සේ ‘නාග’ වන සේක. ශ්‍රාවක ජනයා වෙත දහම් වැසි වසින්නේ මහා වැස්සක් වහිනවා වගෙයි.

1253. දිවාවිහාරානික්ඛම්ම සත්ථුදස්සනකම්‍යතා
සාවකෝ තේ මහාවීර පාදේ වන්දති වංගිසෝ

1253. මං දිවා විහරණයෙන් නික්මිලා මෙහි පැමිණුනේ ශාස්තෘන් වහන්සේව බැහැදකින්ටමයි. මහා වීරයාණෙනි, ඔබ වහන්සේගේ පා කමල් වඳින්නේ වංගීස නම් වූ ශ්‍රාවක භික්ෂුවයි.

1254. උම්මග්ගපථං මාරස්ස අභිභුය්‍ය චරති පභිජ්ජ ඛිලානි
තං පස්සථ බන්ධනපමුඤ්චකරං අසිතං’ව භාගසෝ පටිභජ්ජ

1254. බුදු සමිඳුන් දෙස බලනු මැනවි. උන්වහන්සේ මාරයාගේ කෙලෙස් මාර්ගය වහල දැම්මා. කෙලෙස් හුල් නැති කළා. නිදහසේ හැසිරෙන්නෙ. විස්තර විභාග වශයෙන් සදහම් කියල දෙනවා. හැම බන්ධනයෙන්ම නිදහස් කරවල මේ සත්වයන්ව කෙලෙස්වලින් මුදවනවා.

1255. ඕඝස්ස හි නිත්ථරණත්ථං අනේකවිහිතං මග්ගං අක්ඛාසි
තස්මිඤ්ච අමතේ අක්ඛාතේ ධම්මදසා ඨිතා අසංහීරා

1255. උන්වහන්සේ නිවන් මග වදාළේ මේ කෙලෙස් සැඩ පහරින් එතෙර වීම පිණිසමයි. නොයෙක් ආකාරයෙන් ඒ අමා නිවන් මග කියා දෙන කොට භික්ෂූන් වහන්සේලාද ඒ කැළඹීම් රහිත අමා නිවනේම පිහිටියා.

1256. පජ්ජෝතකරෝ අතිවිජ්ඣ ධම්මං සබ්බට්ඨිතීනං අතික්කමමද්දා
ඤත්වා ච සච්ඡිකත්වා ච අග්ගං සෝ දේසයි දසද්ධානං

1256. සදහම් ආලෝකය උදාකරන, පවතින හැමදෙයක්ම ඉක්මවා යන ධර්මයක් තමයි උන්වහන්සේ අවබෝධ කළේ. තමන් වහන්සේ සාක්ෂාත් කළ ඒ උතුම් ධර්මය ඉස්සෙල්ලාම කියා දුන්නෙ පස්වග මහණුන්ටයි.

1257. ඒවං සුදේසිතේ ධම්මේ
කෝ පමාදෝ විජානතං ධම්මං
තස්මා හි තස්ස භගවතෝ සාසනේ
අප්පමත්තෝ සදා නමස්සමනුසික්ඛේ

1257. ඉතින් මෙතරම් සුන්දර ලෙස දේශනා කර තිබෙන ධර්මයක් තියෙන කොට ඒ ධර්මය දන්න කොට ප්‍රමාද වන්නෙ කුමටද? එ නිසා හැමතිස්සේම භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කරන්ට ඕනෑ. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්ට ඕනෑ.

1258. බුද්ධානුබුද්ධෝ යෝ ථේරෝ කොණ්ඩඤ්ඤෝ තිබ්බනික්ඛමෝ
ලාභී සුඛවිහාරානං විවේකානං අභිණ්හසෝ

1258. දැඩි වීරියෙන් යුතු බුද්ධානුබුද්ධ වූ ඒ කොණ්ඩඤ්ඤ නම් රහතන් වහන්සේ හැම තිස්සේම විවේක සැපයෙන් තමයි වැඩසිටියේ.

1259. යං සාවකේන පත්තබ්බං සත්ථුසාසනකාරිනා
සබ්බස්ස තං අනුප්පත්තං අප්පමත්තස්ස සික්ඛතෝ

1259. ශාස්තෘන් වහන්සේගේ අවවාද පිළිඅරගෙන හික්මෙන ශ්‍රාවකයෙක් යම් අර්ථයක් ලැබුවාද, අප්‍රමාදීව හික්මෙන සියලු ශ්‍රාවකයන් ඒ අර්ථය ලබාගත්තා.

1260. මහානුභාවෝ තේවිජ්ජෝ චේතෝපරියකෝවිදෝ
කොණ්ඩඤ්ඤෝ බුද්ධදායාදෝ පාදේ වන්දති සත්ථුනෝ

1260. ඒ කොණ්ඩඤ්ඤ තෙරුන් මහානුභාව සම්පන්නයි. අනුන්ගේ සිත් දැනගන්නා නුවණින් යුක්තයි. බුදු සමිඳුන්ගේ දායාදයක්. උන්වහන්සේ තම ශාස්තෘන් වහන්සේගේ සිරි පා කමල් වන්දනා කරනවා.

1261. නගස්ස පස්සේ ආසීනං මුනිං දුක්ඛස්ස පාරගුං
සාවකා පයිරුපාසන්ති තේවිජ්ජා මච්චුහායිනෝ

1261. ත්‍රිවිද්‍යාලාභී ඒ ශ්‍රාවකයෝ මාරයාගේ ඇසුරින් ඉවත් වෙලයි ඉන්නෙ. දුකින් එතෙරට වැඩි බුදු සමිඳුන් ඉසිගිලියේ කළුගල් තලාවේ වැඩ ඉන්නකොට ඒ ශ්‍රාවකයින් උන්වහන්සේව පිරිවරා ගන්නවා.

1262. චේතසා අනුපරියේති මොග්ගල්ලානෝ මහිද්ධිකෝ
චිත්තං නේසං සමන්වේසං විප්පමුත්තං නිරූපධිං

1262. මුගලන් තෙරුන්ගේ ඉර්ධිමත් බව හරි පුදුමයි. කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච නිකෙලෙස් හිතක් උන්වහන්සේට තියෙන්නෙ. ඉතින් උන්වහන්සේට පුළුවන් තමන්ගේ සිතින් ඒ භික්ෂූන්ගේ සිත් ගැන කියන්ට.

1263. ඒවං සබ්බංගසම්පන්නං මුනිං දුක්ඛස්ස පාරගුං
අනේකාකාරසම්පන්නං පයිරුපාසන්ති ගෝතමං

1263. මේ විදිහේ විවිධාකාර හැකියාවන් උන්වහන්සේලාට තියෙනවා. සියලු ගුණයෙන් සපිරුණ බුදු සමිඳුන්ව පිරිවරා ගෙන ඉන්නෙ එවැනි භික්ෂූන් තමයි.

1264. චන්දෝ යථා විගතවලාහකේ නභේ
විරෝචති වීතමලෝ’ව භානුමා
ඒවං’පි අංගීරස ත්වං මහාමුනි
අතිරෝචසි යසසා සබ්බලෝකං

1264. වලාකුළු නැති ආකාසයේ පුන් සඳ මඬල බබලනකොට හරි ලස්සනයි. හැම බාධාවක්ම ඉවත් වෙලා හිරු මඬල බබලනකොටත් හරි ලස්සනයි. අංගීරස මහා මුනිවරයාණනි, ඔබවහන්සේත් ඒ වගේමයි. හැමදෙයක්ම අභිබවා කීර්තියෙන් බබලනවා.

1265. කාවෙය්‍යමත්තා විචරිම්හ පුබ්බේ ගාමා ගාමං පුරා පුරං
අථද්දසාම සම්බුද්ධං සබ්බධම්මාන පාරගුං

1265. මට ලස්සනට කවි හදන්ට පුළුවන්. ඉස්සර මං ඒ ගැන මත්වෙලා හිටියේ. ඉතින් මං ගමින් ගමට නගරයෙන් නගරෙට ඇවිද ගෙන ගියා. ඒ ගමනෙදී තමයි හැම දේකින්ම එතෙර වුණ භාග්‍යවත් බුදු සමිඳුන්ව දැකගන්නට ලැබුණේ.

1266. සෝ මේ ධම්මදේසේසි මුනි දුක්ඛස්ස පාරගූ
ධම්මං සුත්වා පසීදිම්හ අද්ධා නෝ උදපජ්ජථ

1266. දුකින් එතෙරට වැඩි බුදු සමිඳුන් මටත් දහම් දෙසා වදාළා. ඒ ධර්මය ගැන මං ගොඩක් පැහැදුණා. ඇත්තෙන්ම අපේ යහපත පිණිසමයි මේ තුනුරුවන් අපට ලැබුණේ.

1267. තස්සාහං වචනං සුත්වා ඛන්ධේ ආයතනානි ච
ධාතුයෝ ච විදිත්වාන පබ්බජිං අනගාරියං

1267. මං සමිඳුන් වදාළ උතුම් වචන හොඳට අසාගත්තා. ස්කන්ධ, ධාතු, ආයතන ගැන දැනගත්තා. මාත් බුදු සසුනේ මහණ වුණා.

1268. බහුන්නං වත අත්ථාය උපපජ්ජන්ති තථාගතා
ඉත්ථීනං පුරිසානං ච යේ තේ සාසනකාරකා

1268. කාන්තාවන්, පුරුෂයින් බොහෝ දෙනෙක් බුදු සමිඳුන්ගේ අවවාදයෙහි පිහිටා කටයුතු කරනවා. ඇත්තෙන්ම බොහෝ දෙනෙකුගේ යහපත පිණිසයි තථාගතයන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නෙ.

1269. තේසං ඛෝ වත අත්ථාය බෝධිමජ්ඣගමා මුනි
භික්ඛූනං භික්ඛුනීනං ච යේ නියාමගතද්දසා

1269. නිවන් මගට බැසගත්ත ඒ භික්ෂු භික්ෂුණී පිරිස ඒ අමා නිවන සාක්ෂාත් කරගත්තා නම්, ඔවුන්ට හිත සුව පිණිසමයි බුදු සමිඳුන් සම්බුද්ධත්වයට පත්වුණේ.

1270. සුදේසිතා චක්ඛුමතා බුද්ධේනාදිච්චබන්ධුනා
චත්තාරි අරියසච්චානි අනුකම්පාය පාණිනං

1270. හිරු ගොත් වංශයෙන් උපන් සදහම් ඇස් ඇති බුදු සමිඳුන් ලෝකයාට මහත් අනුකම්පාවෙන්මයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කොට වදාළේ.

1271. දුක්ඛං දුක්ඛසමුප්පාදං දුක්ඛස්ස ච අතික්කමං
අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛූපසමගාමිනං

1271. දුක කියන්නෙ ආර්ය සත්‍යයක්. දුකේ හටගැනීමත් ආර්ය සත්‍යයක්. දුක ඉක්මවා යාමත් ආර්ය සත්‍යයක්. ඒ දුක සංසිඳුවන ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ආර්ය සත්‍යයක්.

1272. ඒවමේතේ තථා වුත්තා දිට්ඨා මේ තේ යථා තථා
සදත්ථෝ මේ අනුප්පත්තෝ කතං බුද්ධස්ස සාසනං

1272. ඔන්න ඔය විදිහටයි ඒ ධර්මයේ ආර්ය සත්‍ය පෙන්නා දෙන්නෙ. මාත් ඒ විදිහටම ඒ සත්‍යය දැකගත්තා. උතුම් අර්ථය ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා.

1273. ස්වාගතං වත මේ ආසි මම බුද්ධස්ස සන්තිකේ
සංවිභත්තේසු ධම්මේසු යං සෙට්ඨං තදුපාගමිං

1273. මං මේ බුද්ධ ශාසනයට ඇතුල් වුණ එක ඉතාම යහපත් දෙයක්. බුදු සමිඳුන් සමීපයෙන්ම මනා විස්තර ඇති මේ ධර්මය දැනගත්තේ. ඒ ධර්මය මාත් සාක්ෂාත් කළා.

1274. අභිඤ්ඤාපාරමිප්පත්තෝ සෝතධාතු විසෝධිතා
තේවිජ්ජෝ ඉද්ධිපත්තොම්හි චේතෝපරියකෝවිදෝ

1274. අභිඤ්ඤාවන්ගේ පරතෙරට පත්වුණා. දිව්‍ය කණත් පිරිසිදු කරගත්තා. ත්‍රිවිද්‍යාවත් ලබාගත්තා. ඉර්ධි බලයට පත්වුණා. අනුන්ගේ සිත් දැනගන්ටත් දක්ෂ වුණා. මේ ජීවිතයේදී සියලු සැක සංකා නැති කරන,

1275. පුච්ඡාමි සත්ථාරමනෝමපඤ්ඤං
දිට්ඨෝ’ව ධම්මේ යෝ විචිකිච්ඡානං ඡෙත්වා
අග්ගාළවේ කාලමකාසි භික්ඛූ
ඤාතෝ යසස්සී අභිනිබ්බුතත්තෝ

1275. අලාමක ඤාණයකින් යුක්ත ශාස්තෘන් වහන්සේගෙන් මං අහන්ට කැමතියි, ඒ භික්ෂුවගේ ගුණ නුවණ පැතිරිලා ගිහින් තිබුණේ. නිවී ගිය සිතක් තිබුණේ. අග්ගාලව විහාරෙදී ඒ භික්ෂුව කලුරිය කළා.

1276. නිග්‍රෝධකප්පෝ ඉති තස්ස නාමං
තයා කතං භගවා බ්‍රාහ්මණස්ස
සෝ’හං නමස්සං අචරිං මුත්ත්‍යපේඛෝ
ආරද්ධවිරියෝ දළ්හධම්මදස්සී

1276. එයාගේ නම නිග්‍රෝධ කප්ප. භාග්‍යවතුන් වහන්සේ විසින්මයි ඒ උතුම් භික්ෂුවට ඒ නම තැබුවේ. පටන් ගත්ත වීරිය තුළමයි ඒ භික්ෂුවත් හිටියේ. ගැඹුරු ධර්මය දකිමින්, අමා නිවන පතමින්, බුදු සමිඳුන්ට වන්දනා කරමිනුයි ඒ භික්ෂුව හිටියේ.

1277. තං සාවකං සක්ක මයං‘පි සබ්බේ
අඤ්ඤාතුමිච්ඡාම සමන්තචක්ඛු
සමවට්ඨිතා නෝ සවනාය සෝතා
තුවං නෝ සත්ථා ත්වමනුත්තරෝසි

1277. ශාක්‍ය මුනීන්ද්‍රයාණනි, සියල්ලම දකින මුනිඳුනි, අපි කවුරුත් කැමතියි ඒ භික්ෂුව ගැන දැනගන්ට. අපේ සවන් යුග යොමු වෙලා තියෙන්නෙ ඒ කරුණටමයි. ඔබවහන්සේමයි අපේ ශාස්තෘන් වහන්සේ, ඔබවහන්සේමයි අනුත්තර සමිඳාණන්.

1278. ඡින්ද නෝ විචිකිච්ඡං බ්‍රෑහි මේතං
පරිනිබ්බුතං වේදය භූරිපඤ්ඤ
මජ්ඣේ’ව නෝ භාස සමන්තචක්ඛු
සක්කෝ’ව දේවාන සහස්සනෙත්තෝ

1278. සියල්ලම දකින මුනිඳුනි. දෙවියන් පිරිවරා ගත් සක්දෙවිඳුන් වගෙයි, ඔබවහන්සේ අප අතර වැඩ සිටින්නෙ. මහා නුවණැති මුනිඳුනි, ඒ භික්ෂුව ගැන අපට කියා දෙන්න. අපේ සැකය දුරු කර දමන්න. ඒ භික්ෂුව පිරිනිවන් පෑ සේක්ද?

1279. යේ කේචි ගන්ථා ඉධ මෝහමග්ගා
අඤ්ඤාණපක්ඛා විචිකිච්ඡඨානා
තථාගතං පත්වා න තේ භවන්ති
චක්ඛුං හි ඒතං පරමං නරානං

1279. ලෝකයේ මුළාවන මාර්ගය කියන්නෙ අවිද්‍යාවටයි. ඒ අවිද්‍යාව පැත්තෙ තියෙන සැක සිහත කෙලෙස් ගැට තථාගතයන් වහන්සේට නෑ. ඇත්තෙන්ම ලෝකෙ හැම දෙනාගෙම උතුම් ඇස කියල කියන්නෙ ඔබවහන්සේටයි.

1280. නෝ චේ හි ජාතු පුරිසෝ කිලේසේ
වාතෝ යථා අබ්භඝනං විහානේ
තමෝවස්ස නිවුතෝ සබ්බලෝකෝ
ජෝතිමන්තෝ’පි න පහාසෙය්‍යුං

1280. ලොකු වැහි වළාකුළු සැඩ සුළංවලින් ගහගෙන යනවා වගේ, හිත්වල උපදින කෙලෙස් බුදු සමිඳුන් ප්‍රහාණය නොකළා නම්, මුළු ලෝකෙම වැහිල තියෙන්නෙ අඳුරින් විතරයි. එහෙම වුණා නම් කවදාවත් නුවණින් බබලන මිනිස්සු බිහිවෙන්නෙ නෑ.

1281. ධීරා ච පජ්ජෝතකරා භවන්ති
තං තං අහං වීර තථේව මඤ්ඤේ
විපස්සිනං ජානමුපාගමිම්හා
පරිසාසු නෝ ආවිකරෝහි කප්පං

1281. ලෝකය එළිය කරන්නෙ ඤාණවන්ත මුනිවරු විසිනුයි. බුදු සමිඳාණනි! ඔබවහන්සේ ගැනත් මට හිතෙන්නෙ ඒ විදිහටමයි. ධ්‍යාන විදර්ශනා තියෙන මුනිඳුන් ළඟටයි අපිත් ආවෙ. අනේ ස්වාමීනි, ඒ නිග්‍රෝධ කප්ප තෙරුන් ගැන අපට කියා දෙන සේක්වා!

1282. ඛිප්පං ගිරං ඒරය වග්ගු වග්ගුං
හංසෝ’ව පග්ගය්හ සනිකං නිකූජ
බින්දුස්සරේන සුවිකප්පිතේන
සබ්බේ’ව තේ උජ්ජුගතා සුණෝම

1282. ඒ මිහිරි හඬින් අර්ථ රස වැගිරෙනවා. ඉතා රසවත් විදිහටයි ඒ වචන එකතු වෙන්නෙ. මිහිරි නාදයකින් යුක්ත ඒ ස්වරයෙන් ධර්මය වදාළ මැනව. හංසයෙක් බෙල්ල ඔසවල කූජනය කරනවා වගේ, මිහිරි හඬින් යුක්ත ඒ ලස්සන වචන වලින් අපට කියා දෙන්න. සිත් සෘජු කරගෙන අපි අහගෙන ඉන්නම්.

1283. පහීනජාතිමරණං අසේසං
නිග්ගය්හ ධෝනං පටිවේදියාමි
න කාමකාරෝ හි සුථුජ්ජනානං
සංඛෙය්‍යකාරෝ’ව තථාගතානං

1283. ඉපදෙන මැරෙන ලෝකය ඉතිරි නැතිවම නැති කරපු, සියලු පාපයන්ම සෝදා ඉවත් කරපු, බුදු සමිඳුන් ලවා තමයි මිහිරි ධර්මය දේශනා කරවන්නෙ. පෘථග්ජන උදවිය වගේ හිතට එන එන දේ කිරීමක් තථාගතවරුන්ට නෑ. උන්වහන්සේලා නුවණින් සලකලයි හැමදෙයක්ම කරන්නෙ.

1284. සම්පන්නවෙය්‍යාකරණං තවේදං
සමුජ්ජුපඤ්ඤස්ස සමුග්ගහීතං
අයමඤ්ජලි පච්ඡිමෝ සුප්පණාමිතෝ
මා මෝහයී ජානමනෝමපඤ්ඤ

1284. ඉතා පැහැදිලි විදිහටයි සද්ධර්මය පවසන්නෙ. සෘජු ප්‍රඥාවක් තියෙන්නෙ. බුදු සමිඳුන්ගෙ ගුණ සම්පත් අපි පිළිගන්නවා. අපි දෑත එක්කොට වන්දනා කරගෙන මේ කියන්නෙ. මහා ප්‍රඥාවන්තයාණනි, අපටත් ඤාණය දෙනු මැනව.

1285. පරෝවරං අරියධම්මං විදිත්වා
මා මෝහයී ජානමනෝමවීර
වාරිං යථා ඝම්මනි ඝම්මතත්තෝ
වාචාභිකංඛාමි සුතං පවස්ස

1285. අලාමක ප්‍රඥා ඇති වීරයාණන්, හැමදෙයක්ම අවබෝධ කරගත් මුනිඳුනි, අපව මුලාවෙන් මුදවා ගන්නා සේක්වා! නියංසායෙන් දුක් විඳින කෙනෙක් මහා වැස්සට කැමැති වෙනවා වගේ, අපිත් ධර්මය අසන්ට කැමැතියි. දහම් වැසි වස්සන සේක්වා!

1286. යදත්ථිකං බ්‍රහ්මචරියං අචාරි
කප්පායනෝ කච්චි සතං අමෝඝං
නිබ්බායි සෝ ආදු සඋපාදිසේසෝ
යථා විමුත්තෝ අහු තං සුණෝම

1286. අපගේ නිග්‍රෝධ කප්ප තෙරුන් මේ උතුම් පැවිදි ජීවිතය ගත කළේ යම් අර්ථයක් ඇතුවයි. එයාගේ ඒ අර්ථය ඉෂ්ට වුණාද? උන්වහන්සේ පිරිනිවන් පෑ සේක් ද? නැතිනම් කෙලෙස් සහිතව ද අපවත් වුණේ. ඒ ගැන දැනගන්ටයි අපි කැමැති.

1287. අච්ඡෙච්ඡි තණ්හං ඉධ නාමරූපේ (ඉති භගවා)
තණ්හාය සෝතං දීඝරත්තානුසයිතං
අතාරි ජාතිං මරණං අසේසං
ඉච්චබ්‍රවී භගවා පඤ්චසෙට්ඨෝ

1287. (භාග්‍යවතුන් වහන්සේ) නාම රූපවලින් සකස් වුණ මේ ලෝකේ බොහෝ කාලයක් මුළුල්ලේ එයා තුළ තිබුණේ මාරයාගේ සැඩ පහරයි. ඒ තෘෂ්ණාව එයා නැති කරල දැම්මා. ඉපදෙන මැරෙන ලෝකයෙන් සදහටම එතරෙ වුණා.

1288. ඒස සුත්වා පසීදාමි වචෝ තේ ඉසිසත්තම
අමෝඝං කිර මේ පුට්ඨං න මං වඤ්චේසි බ්‍රාහ්මණෝ

1288. (වංගීස සමිඳු) උත්තම ඉසිවරයාණනි, ඔබවහන්සේගේ ඒ වචනය ඇහුවට පස්සේ මං පැහැදිලා ගියා. භාග්‍යවතුන් වහන්සේ ගෙන් මං අහපු දෙයක් කවදාවත් හිස් වුණේ නෑ. උතුම් බ්‍රාහ්මණයන් වහන්සේ මාව රැවැට්ටුවෙ නෑ.

1289. යථාවාදී තථාකාරී අහුබුද්ධස්ස සාවකෝ
අච්ඡෙච්ඡි මච්චුනෝ ජාලං තතං මායාවිනෝ දළ්හං

1289. ඒ භික්ෂුවත් කියන දේ ඒ විදිහටම කරන බුදු සමිඳුන්ගේ ශ්‍රාවකයෙක්. නුවණ යොදවලාමයි මාරයාගේ මායාකාරී දැල කඩලා බිඳලා දැම්මේ.

1290. අද්දස භගවා ආදිං උපාදානස්ස කප්පියෝ
අච්චගා වත කප්පානෝ මච්චුධෙය්‍යං සුදුත්තරං

1290. නිග්‍රෝධ කප්ප තෙරුන්ගේ හැම සුල මුලක්ම භාග්‍යවතුන් වහන්සේ දැකගත්තා. ඇත්තෙන්ම එතෙර වෙන්ට අතිශයින්ම දුෂ්කර වූ මේ මාර විජිතයෙන් කප්ප තෙරුන් එතෙර වුණා.

1291. තං දේවදේවං වන්දාමි පුත්තං තේ ද්විපදුත්තම
අනුජාතං මහාවීරං නාගං නාගස්ස ඕරස’න්ති

1291. නරෝත්තමයාණනි, දේවාතිදේව වූ ඔබවහන්සේට මං වන්දනා කරනවා. මහා හස්තිරාජයෙක් වගේ ඉන්න බුදු සමිඳුන්ගේ අනුජාත පුත්‍රයෙක් වූ ළයෙහි උපන් පුත්‍රයෙක් වූ මහා වීරියවන්තයෙක් වූ නිග්‍රෝධ කප්ප කියන උතුම් හස්තියාටත් මං වන්දනා කරනවා.

ඉත්ථං සුදං ආයස්මා වංගීසෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී ආයුෂ්මත් වංගීස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

තස්සුද්දානං –

සත්තතිම්හි නිපාතිම්හි වංගීසෝ පටිභානවා
ඒකෝ’ව ථේරෝ නත්ථඤ්ඤෝ ගාථායෝ ඒකසත්තතී’ති

මහානිපාතෝ නිට්ඨිතෝ.

මහා නිපාතය නිමා විය.

තස්සුද්දානං –

සහස්සං හොන්ති තා ගාථා ඒකනමුතිද්වේසතානි ච
ථේරා ච ද්වේ සතා සට්ඨි චත්තාරෝ ච පකාසිතා
සීහනාදං නන්දිත්වාන බුද්ධපුත්තා අනාසවා
ඛේමන්තං පාපුණිත්වාන අග්ගික්ඛන්ධා’ව නිබ්බුතා’ති.

ථේර ගාථා නිට්ඨිතා.

රහතන් වහන්සේලා වදාළ ගාථාවන් නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_21/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M