අංගුත්තර නිකාය

දුක නිපාතෝ

18. (3) විනයපෙය්‍යාලං

18. (3) විනය පෙය්‍යාලය

1-10

ද්වේමේ භික්ඛවේ අත්ථවසේ පටිච්ච තථාගතේන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං. කතමේ ද්වේ: සංඝසුට්ඨුතාය, සංඝඵාසුතාය ….(පෙ)…. දුම්මංකූනං පුග්ගලානං නිග්ගහාය, පේසලානං භික්ඛූනං ඵාසුවිහාරාය ….(පෙ)…. දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය, සම්පරායිකානං ආසවානං පටිඝාතාය ….(පෙ)…. දිට්ඨධම්මිකානං වේරානං සංවරාය, සම්පරායිකානං වේරානං පටිඝාතාය ….(පෙ)…. දිට්ඨධම්මිකානං වජ්ජානං සංවරාය, සම්පරායිකානං වජ්ජානං පටිඝාතාය ….(පෙ)…. දිට්ඨධම්මිකානං භයානං සංවරාය, සම්පරායිකානං භයානං පටිඝාතාය ….(පෙ)…. දිට්ඨධම්මිකානං අකුසලානං ධම්මානං සංවරාය, සම්පරායිකානං අකුසලානං ධම්මානං පටිඝාතාය ….(පෙ)…. ගිහීනං අනුකම්පාය, පාපිච්ඡානං භික්ඛූනං පක්ඛුපච්ඡේදාය ….(පෙ)…. අප්පසන්නානං පසාදාය, පසන්නානං භිය්‍යෝභාවාය ….(පෙ)…. සද්ධම්මට්ඨිතියා විනයානුග්ගහාය. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ අත්ථවසේ පටිච්ච තථාගතේන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තන්ති.

පින්වත් මහණෙනි, මේ යහපත ඇති කර දෙන කරුණු දෙක උදෙසා තමයි තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට ශික්ෂාපද පණවා තිබෙන්නේ. ඒ කවර දෙකක්ද? සංඝයාගේ සමගිය ඇති වීම පිණිසත්, සංඝයාගේ පහසුව පිණිසත් ය. ….(පෙ)…. දුසිල් පුද්ගලයන්ට නිග්‍රහය පිණිසත්, සුපේශල භික්ෂූන්ට පහසුවෙන් වාසය කිරීම පිණිසත් ය. ….(පෙ)…. මේ ජීවිතයේදී ඇති වෙන කරදරවලින් වැළකීම පිණිසත්, පරලොවදී ඇති වෙන කරදරවලින් වැළැකීම පිණිසත් ය. ….(පෙ)…. මේ ජීවිතයේදී ඇති වෙන වෛරයන් සංසිඳවීම පිණිසත්, පරලොව ජීවිතයේදී ඇති වෙන වෛරයන් සංසිඳවීම පිණිසත් ය. ….(පෙ)…. මේ ජීවිතයේදී ඇති වෙන වැරදිවලින් සංවර වීම පිණිසත්, පරලොව ජීවිතයේදී ඇති වෙන වැරදි වැළැක්වීම පිණිසත් ය. ….(පෙ)…. මේ ජීවිතයේදී (දුසිල්බව නිසා) ඇති වෙන භය සංසිඳවීම පිණිසත්, පරලොව ජීවිතයේදී (දුගතිය පිණිස) ඇති වෙන භය වැළැක්වීම පිණිසත් ය. ….(පෙ)…. මේ ජීවිතයේදී ඇති වෙන අකුසල් සංසිඳවීම පිණිසත්, පරලොව ජීවිතයේදී ඇති වෙන අකුසල් වැළැක්වීම පිණිසත් ය. ….(පෙ)…. (සිව්පසයෙන් උපස්ථාන කරන) ගිහියන් හට අනුකම්පා පිණිසත්, පවිටු ආශා ඇති උදවියගේ පැත්ත ගැනීම නැති කිරීම පිණිසත් ය. ….(පෙ)…. අපැහැදීමට පත් වූ අයගේ පැහැදීම පිණිසත්, පැහැදුණු අයගේ ඒ පැහැදීම වැඩිවීම පිණිසත් ය. ….(පෙ)…. සද්ධර්මයේ පැවැත්ම පිණිසත්, විනයට අනුග්‍රහ පිණිසත් ය. පින්වත් මහණෙනි, මේ යහපත ඇති කර දෙන කරුණු දෙක උදෙසා තමයි තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට ශික්ෂාපද පණවා තිබෙන්නේ.

11-300

ද්වේමේ භික්ඛවේ අත්ථවසේ පටිච්ච තථාගතේන සාවකානං පාතිමොක්ඛං පඤ්ඤත්තං ….(පෙ)…. පාතිමොක්ඛුද්දේසා පඤ්ඤත්තා ….(පෙ)…. පාතිමොක්ඛට්ඨපනං පඤ්ඤත්තං ….(පෙ)…. පවාරණා පඤ්ඤත්තා ….(පෙ)…. පවාරණට්ඨපනං පඤ්ඤත්තං ….(පෙ)…. තජ්ජනීයකම්මං පඤ්ඤත්තං ….(පෙ)…. නියස්සකම්මං පඤ්ඤත්තං ….(පෙ)…. පබ්බාජනීයකම්මං පඤ්ඤත්තං ….(පෙ)…. පටිසාරණීයකම්මං පඤ්ඤත්තං ….(පෙ)…. උක්බේපනීයකම්මං පඤ්ඤත්තං ….(පෙ)…. පරිවාසදානං පඤ්ඤත්තං ….(පෙ)…. මූලාය පටිකස්සනං පඤ්ඤත්තං ….(පෙ)…. මානත්තදානං පඤ්ඤත්තං ….(පෙ)…. අබ්භානං පඤ්ඤත්තං ….(පෙ)…. ඕසාරණීයං පඤ්ඤත්තං ….(පෙ)…. නිස්සාරණීයං පඤ්ඤත්තං ….(පෙ)…. උපසම්පදා පඤ්ඤත්තා ….(පෙ)…. ඤත්තිකම්මං පඤ්ඤත්තං ….(පෙ)…. ඤත්තිදුතියකම්මං පඤ්ඤත්තං ….(පෙ)…. ඤත්තිචතුත්ථකම්මං පඤ්ඤත්තං ….(පෙ)…. අපඤ්ඤත්තේ පඤ්ඤත්තං ….(පෙ)…. පඤ්ඤත්තේ අනුප්පඤ්ඤත්තං ….(පෙ)…. සම්මුඛාවිනයෝ පඤ්ඤත්තෝ ….(පෙ)…. සතිවිනයෝ පඤ්ඤත්තෝ ….(පෙ)…. අමූළ්හවිනයෝ පඤ්ඤත්තෝ ….(පෙ)…. පටිඤ්ඤාතකරණං පඤ්ඤත්තං ….(පෙ)…. යේභුය්‍යසිකා පඤ්ඤත්තා ….(පෙ)….තස්සපාපියසිකා පඤ්ඤත්තා ….(පෙ)…. තිණවත්ථාරකෝ පඤ්ඤත්තෝ.

පින්වත් මහණෙනි, මේ යහපත ඇති කර දෙන කරුණු දෙක උදෙසා තමයි තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට ප්‍රාතිමෝක්ෂය පණවා තිබෙන්නේ. ….(පෙ)…. ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම පණවා තිබෙන්නේ. ප්‍රාතිමෝක්ෂය තැබීම පණවා තිබෙන්නේ. ….(පෙ)…. පවාරණය පණවා තිබෙන්නේ. ….(පෙ)…. පවාරණය තැබීම පණවා තිබෙන්නේ. ….(පෙ)…. තජ්ජනීය කර්මය පණවා තිබෙන්නේ. ….(පෙ)…. නියස්ස කර්මය පණවා තිබෙන්නේ. ….(පෙ)…. පබ්බාජනීය කර්මය පණවා තිබෙන්නේ. ….(පෙ)…. පටිසාරණීය කර්මය පණවා තිබෙන්නේ. ….(පෙ)…. උක්ඛේපනීය කර්මය පණවා තිබෙන්නේ. ….(පෙ)…. පරිවාසය දීම පණවා තිබෙන්නේ. ….(පෙ)…. මූලාය පටිකස්සනය පණවා තිබෙන්නේ. ….(පෙ)…. මානත දීම පණවා තිබෙන්නේ. ….(පෙ)…. අබ්භාන කර්මය පණවා තිබෙන්නේ. ….(පෙ)…. ඕසාරණීය කර්මය පණවා තිබෙන්නේ. ….(පෙ)…. නිස්සාරණීය කර්මය පණවා තිබෙන්නේ. ….(පෙ)…. උපසම්පදාව පණවා තිබෙන්නේ. ….(පෙ)…. ඤත්ති කර්මය පණවා තිබෙන්නේ. ….(පෙ)…. ඤත්ති දුතිය කර්මය පණවා තිබෙන්නේ. ….(පෙ)…. ඤත්ති චතුත්ථ කර්මය පණවා තිබෙන්නේ. ….(පෙ)…. නොපණවන ලද ශික්ෂාපද පණවා තිබෙන්නේ. ….(පෙ)…. පණවන ලද ශික්ෂාපදවලට අතුරු පැණවීම පණවා තිබෙන්නේ. ….(පෙ)…. සම්මුඛා විනය පණවා තිබෙන්නේ. ….(පෙ)…. සති විනය පණවා තිබෙන්නේ. ….(පෙ)…. අමූළ්හවිනය පණවා තිබෙන්නේ. ….(පෙ)…. පටිඤ්ඤාතකරණය පණවා තිබෙන්නේ. ….(පෙ)…. යේභුය්‍යසිකාව පණවා තිබෙන්නේ. ….(පෙ)…. තස්සපාපිය්‍යසිකාව පණවා තිබෙන්නේ. ….(පෙ)…. තිණවත්ථාරකය පණවා තිබෙන්නේ.

කතමේ ද්වේ: සංඝසුට්ඨුතාය, සංඝඵාසුතාය ….(පෙ)…. දුම්මංකූනං පුග්ගලානං නිග්ගහාය, පේසලානං භික්ඛූනං ඵාසුවිහාරාය ….(පෙ)…. දිට්ඨධම්මිකානං ආසවානං සංවරාය, සම්පරායිකානං ආසවානං පටිඝාතාය ….(පෙ)…. දිට්ඨධම්මිකානං වේරානං ….(පෙ)…. වජ්ජානං ….(පෙ)…. භයානං ….(පෙ)…. අකුසලානං ධම්මානං සංවරාය, සම්පරායිකානං අකුසලානං ධම්මානං පටිඝාතාය ….(පෙ)…. ගිහීනං අනුකම්පාය, පාපිච්ඡානං පක්ඛුපච්ඡේදාය ….(පෙ)…. අප්පසන්නානං පසාදාය, පසන්නානං භිය්‍යෝභාවාය ….(පෙ)…. සද්ධම්මට්ඨිතියා, විනයානුග්ගහාය. ඉමේ ඛෝ භික්ඛවේ ද්වේ අත්ථවසේ පටිච්ච තථාගතේන සාවකානං තිණවත්ථාරකෝ පඤ්ඤත්තෝති.

ඒ කවර දෙකක්ද? සංඝයාගේ සමගිය ඇති වීම පිණිසත්, සංඝයාගේ පහසුව පිණිසත් ය. ….(පෙ)…. දුසිල් පුද්ගලයන්ට නිග්‍රහය පිණිසත්, සුපේශල භික්ෂූන්ට පහසුවෙන් වාසය කිරීම පිණිසත් ය. ….(පෙ)…. මේ ජීවිතයේදී ඇති වෙන කරදරවලින් වැළකීම පිණිසත්, පරලොවදී ඇති වෙන කරදරවලින් වැළැකීම පිණිසත් ය. ….(පෙ)…. මේ ජීවිතයේදී ඇති වෙන වෛරයන් සංසිඳවීම පිණිසත්, පරලොව ජීවිතයේදී ඇති වෙන වෛරයන් සංසිඳවීම පිණිසත් ය. ….(පෙ)…. මේ ජීවිතයේදී ඇති වෙන වැරදිවලින් සංවර වීම පිණිසත්, පරලොව ජීවිතයේදී ඇති වෙන වැරදි වැළැක්වීම පිණිසත් ය. ….(පෙ)…. මේ ජීවිතයේදී (දුසිල්බව නිසා) ඇති වෙන භය සංසිඳවීම පිණිසත්, පරලොව ජීවිතයේදී (දුගතිය පිණිස) ඇති වෙන භය වැළැක්වීම පිණිසත් ය. ….(පෙ)…. මේ ජීවිතයේදී ඇති වෙන අකුසල් සංසිඳවීම පිණිසත්, පරලොව ජීවිතයේදී ඇති වෙන අකුසල් වැළැක්වීම පිණිසත් ය. ….(පෙ)…. (සිව්පසයෙන් උපස්ථාන කරන) ගිහියන් හට අනුකම්පා පිණිසත්, පවිටු ආශා ඇති උදවියගේ පැත්ත ගැනීම නැති කිරීම පිණිසත්ය. ….(පෙ)…. අපැහැදීමට පත් වූ අයගේ පැහැදීම පිණිසත්, පැහැදුණු අයගේ ඒ පැහැදීම වැඩිවීම පිණිසත් ය. ….(පෙ)…. සද්ධර්මයේ පැවැත්ම පිණිසත්, විනයට අනුග්‍රහ පිණිසත් ය. පින්වත් මහණෙනි, මේ යහපත ඇති කර දෙන කරුණු දෙක උදෙසා තමයි තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයන්ට තිණවත්ථාරකය පණවා තිබෙන්නේ.

විනයපෙය්‍යාලං නිට්ඨිතං.

විනය පෙය්‍යාලය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_18-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M