අංගුත්තර නිකාය

ඒකක නිපාතෝ

10. අජ්ඣත්තිකවග්ගෝ

10. ආධ්‍යාත්මික දේ ගැන වදාළ දෙසුම් ඇතුළත් කොටස

1. 10. 1.

(සාවත්ථි නිදානං:)

සැවැත් නුවරදී….

අජ්ඣත්තිකං භික්ඛවේ, අංගන්ති කරිත්වා න අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති. යථයිදං භික්ඛවේ, පමාදෝ. පමාදෝ භික්ඛවේ, මහතෝ අනත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, තමා තුළ පිහිටා තිබෙන අංගයක් වශයෙන් මෙතරම් මහා අනර්ථයක් පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, (කුසල් දහම්වල යෙදීමට) ප්‍රමාදය තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ ප්‍රමාදය මහා අනර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 10. 2.

අජ්ඣත්තිකං භික්ඛවේ, අංගන්ති කරිත්වා න අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි, යං ඒවං මහතෝ අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, අප්පමාදෝ. අප්පමාදෝ භික්ඛවේ, මහතෝ අත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, තමා තුළ පිහිටා තිබෙන අංගයක් වශයෙන් මෙතරම් මහා අර්ථයක් පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, (කුසල් දහම්වල යෙදීමට) අප්‍රමාදය තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ අප්‍රමාදය මහා අර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 10. 3.

අජ්ඣත්තිකං භික්ඛවේ, අංගන්ති කරිත්වා න අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි, යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, කෝසජ්ජං. කෝසජ්ජං භික්ඛවේ, මහතෝ අනත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, තමා තුළ පිහිටා තිබෙන අංගයක් වශයෙන් සළකන විට මෙතරම් මහා අනර්ථයක් පිණිස හේතුවන යම් දෙයක් ඇද්ද, පින්වත් මහණෙනි, (කුසල් දහම්වල යෙදීමට) කුසීතකම තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ කුසීතකම මහා අනර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 10. 4.

අජ්ඣත්තිකං භික්ඛවේ, අංගන්ති කරිත්වා න අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි, යං ඒවං මහතෝ අත්ථාය සංවත්තති යථයිදං, භික්ඛවේ, වීරියාරම්භෝ. වීරියාරම්භෝ භික්ඛවේ, මහතෝ අත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, තමා තුළ පිහිටා තිබෙන අංගයක් වශයෙන් සළකන විට මෙතරම් මහා අර්ථයක් පිණිස හේතු වන යම් දෙයක් ඇද්ද, පින්වත් මහණෙනි, (කුසල් දහම්වල යෙදීමට) වීරිය පටන් ගැනීම තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ වීරිය පටන් ගැනීම මහා අර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 10. 5.

අජ්ඣත්තිකං භික්ඛවේ, අංගන්ති කරිත්වා න අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි, යා ඒවං මහතෝ අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, මහිච්ඡතා. මහිච්ඡතා භික්ඛවේ, මහතෝ අනත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, තමා තුළ පිහිටා තිබෙන අංගයක් වශයෙන් සළකන විට මෙතරම් මහා අනර්ථයක් පිණිස හේතු වන යම් දෙයක් ඇද්ද, පින්වත් මහණෙනි, තමා වෙත ලාභ සත්කාර උපදවා ගැනීමට කැමැති බව තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ තමා වෙත ලාභ සත්කාර උපදවා ගැනීමට කැමති බව මහා අනර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 10. 6.

අජ්ඣත්තිකං භික්ඛවේ, අංගන්ති කරිත්වා න අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි, යා ඒවං මහතෝ අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, අප්පිච්ඡතා. අප්පිච්ඡතා භික්ඛවේ, මහතෝ අත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, තමා තුළ පිහිටා තිබෙන අංගයක් වශයෙන් සළකන විට මෙතරම් මහා අර්ථයක් පිණිස හේතු වන යම් දෙයක් ඇද්ද, පින්වත් මහණෙනි, තමාගේ ගුණදහම් ප්‍රකට නොකොට නිහතමානීව සිටීම (අල්පේච්ඡතාව) තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ තමා ගේ ගුණදහම් ප්‍රකට නොකොට නිහතමානීව සිටීම (අල්පේච්ඡතාව) මහා අර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 10. 7.

අජ්ඣත්තිකං භික්ඛවේ, අංගන්ති කරිත්වා න අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි, යා ඒවං මහතෝ අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, අසන්තුට්ඨිතා. අසන්තුට්ඨිතා භික්ඛවේ, මහතෝ අනත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, තමා තුළ පිහිටා තිබෙන අංගයක් වශයෙන් සළකන විට මෙතරම් මහා අනර්ථයක් පිණිස හේතු වන යම් දෙයක් ඇද්ද, පින්වත් මහණෙනි, ලද දෙයින් නොසතුටු වීම තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ ලද දෙයින් නොසතුටු වීම මහා අනර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 10. 8.

අජ්ඣත්තිකං භික්ඛවේ, අංගන්ති කරිත්වා න අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි, යා ඒවං මහතෝ අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, සන්තුට්ඨිතා. සන්තුට්ඨිතා භික්ඛවේ, මහතෝ අත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, තමා තුළ පිහිටා තිබෙන අංගයක් වශයෙන් සළකන විට මෙතරම් මහා අර්ථයක් පිණිස හේතු වන යම් දෙයක් ඇද්ද, පින්වත් මහණෙනි, ලද දෙයින් සතුටු වීම තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ ලද දෙයින් සතුටු වීම මහා අර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 10. 9.

අජ්ඣත්තිකං භික්ඛවේ, අංගන්ති කරිත්වා න අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි, යා ඒවං මහතෝ අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, අයෝනිසෝ මනසිකාරෝ. අයෝනිසෝ මනසිකාරෝ භික්ඛවේ, මහතෝ අනත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, තමා තුළ පිහිටා තිබෙන අංගයක් වශයෙන් සළකන විට මෙතරම් මහා අනර්ථයක් පිණිස හේතු වන යම් දෙයක් ඇද්ද, පින්වත් මහණෙනි, කෙලෙස් වැඩෙන පරිදි නුවණින් තොරව මෙනෙහි කිරීම තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ කෙලෙස් වැඩෙන පරිදි නුවණින් තොරව මෙනෙහි කිරීම මහා අනර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 10. 10.

අජ්ඣත්තිකං භික්ඛවේ, අංගන්ති කරිත්වා න අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි, යො ඒවං මහතෝ අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, යෝනිසෝ මනසිකාරෝ. යෝනිසෝ මනසිකාරෝ භික්ඛවේ, මහතෝ අත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, තමා තුළ පිහිටා තිබෙන අංගයක් වශයෙන් සළකන විට මෙතරම් මහා අර්ථයක් පිණිස හේතු වන යම් දෙයක් ඇද්ද, පින්වත් මහණෙනි, ධර්මයට අනුව නුවණින් මෙනෙහි කිරීම තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ ධර්මයට අනුව නුවණින් මෙනෙහි කිරීම මහා අර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 10. 11.

අජ්ඣත්තිකං භික්ඛවේ, අංගන්ති කරිත්වා න අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි, යෝ ඒවං මහතෝ අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, අසම්පජඤ්ඤං. අසම්පජඤ්ඤං භික්ඛවේ, මහතෝ අනත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, තමා තුළ පිහිටා තිබෙන අංගයක් වශයෙන් සළකන විට මෙතරම් මහා අනර්ථයක් පිණිස හේතු වන යම් දෙයක් ඇද්ද, පින්වත් මහණෙනි, සිහි නුවණින් තොරව සිටීම තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, සිහි නුවණින් තොරව සිටීම මහා අනර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 10. 12.

අජ්ඣත්තිකං භික්ඛවේ, අංගන්ති කරිත්වා න අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි, යො ඒවං මහතෝ අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, සම්පජඤ්ඤං. සම්පජඤ්ඤං භික්ඛවේ, මහතෝ අත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, තමා තුළ පිහිටා තිබෙන අංගයක් වශයෙන් සළකන විට මෙතරම් මහා අර්ථයක් පිණිස හේතු වන යම් දෙයක් ඇද්ද, පින්වත් මහණෙනි, අවබෝධයට හේතු වන පරිදි සිහි නුවණින් සිටීම තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, අවබෝධයට හේතු වන පරිදි සිහි නුවණින් සිටීම මහා අර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 10. 13.

බාහිරං භික්ඛවේ, අංගන්ති කරිත්වා න අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි, යා ඒවං මහතෝ අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, පාපමිත්තතා. පාපමිත්තතා භික්ඛවේ, මහතෝ අනත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, තමා හට බාහිරින් සම්බන්ධ වන අංගයක් වශයෙන් සළකන විට මෙතරම් මහා අනර්ථයක් පිණිස හේතු වන යම් දෙයක් ඇද්ද, පින්වත් මහණෙනි, පවිටු මිතුරන් ඇසුරු කිරීම තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, පවිටු මිතුරන් ඇසුරු කිරීම මහා අනර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 10. 14.

බාහිරං භික්ඛවේ, අංගන්ති කරිත්වා න අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි, යා ඒවං මහතෝ අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, කල්‍යාණමිත්තතා. කල්‍යාණමිත්තතා භික්ඛවේ, මහතෝ අත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, තමා හට බාහිරින් සම්බන්ධ වන අංගයක් වශයෙන් සළකන විට මෙතරම් මහා අර්ථයක් පිණිස හේතු වන යම් දෙයක් ඇද්ද, පින්වත් මහණෙනි, කලණ මිතුරන් ඇසුරු කිරීම තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, කලණ මිතුරන් ඇසුරු කිරීම මහා අර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 10. 15.

අජ්ඣත්තිකං භික්ඛවේ, අංගන්ති කරිත්වා න අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි, යො ඒවං මහතෝ අනත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, අනුයෝගෝ අකුසලානං ධම්මානං, අනනුයෝගෝ කුසලානං ධම්මානං. අනුයෝගෝ භික්ඛවේ, අකුසලානං ධම්මානං, අනනුයෝගෝ කුසලානං ධම්මානං මහතෝ අනත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, තමා තුළ පිහිටා තිබෙන අංගයක් වශයෙන් සළකන විට මෙතරම් මහා අනර්ථයක් පිණිස හේතු වන යම් දෙයක් ඇද්ද, පින්වත් මහණෙනි, පාපී අකුසල්වල යෙදීමත්, කුසල් දහම්වල නොයෙදීමත් තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, අකුසල්වල යෙදීමත්, කුසල් දහම්වල නොයෙදීමත් මහා අනර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 10. 16.

අජ්ඣත්තිකං භික්ඛවේ, අංගන්ති කරිත්වා න අඤ්ඤං ඒකංගම්පි සමනුපස්සාමි, යො ඒවං මහතෝ අත්ථාය සංවත්තති, යථයිදං භික්ඛවේ, අනුයෝගෝ කුසලානං ධම්මානං, අනනුයෝගෝ අකුසලානං ධම්මානං. අනුයෝගෝ භික්ඛවේ, කුසලානං ධම්මානං, අනනුයෝගෝ අකුසලානං ධම්මානං මහතෝ අත්ථාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, තමා තුළ පිහිටා තිබෙන අංගයක් වශයෙන් සළකන විට මෙතරම් මහා අර්ථයක් පිණිස හේතු වන යම් දෙයක් ඇද්ද, පින්වත් මහණෙනි, කුසල් දහම්වල යෙදීමත්, අකුසල්වල නොයෙදීමත් තරම් එයට හේතු වන වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, කුසල් දහම්හි යෙදීමත්, අකුසල්වල නොයෙදීමත් මහා අර්ථයක් පිණිස ම හේතු වෙනවා.”

1. 10. 17.

නාහං භික්ඛවේ අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යෝ ඒවං සද්ධම්මස්ස සම්මෝසාය අන්තරධානාය සංවත්තති, යථයිදං භික්ඛවේ, පමාදෝ. පමාදෝ භික්ඛවේ, සද්ධම්මස්ස සම්මෝසාය අන්තරධානාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් මේ සද්ධර්මයේ විනාශය පිණිස, අතුරුදහන් වීම පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, මේ ධර්මයේ හැසිරීමට පමාවීම තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ ධර්මයේ හැසිරීමට පමාවීම සද්ධර්මයේ විනාශය පිණිසත්, අතුරුදහන් වීම පිණිසත් හේතු වෙනවා.”

1. 10. 18.

නාහං භික්ඛවේ අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යෝ ඒවං සද්ධම්මස්ස ඨිතියා අසම්මෝසාය අනන්තරධානාය සංවත්තති, යථයිදං භික්ඛවේ, අප්පමාදෝ. අප්පමාදෝ භික්ඛවේ, සද්ධම්මස්ස ඨිතියා අසම්මෝසාය අනන්තරධානාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් මේ සද්ධර්මයේ පැවැත්ම පිණිස, විනාශ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, මේ ධර්මයේ හැසිරීමට නොපමාවීම තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ ධර්මයේ හැසිරීමට නොපමාවීම සද්ධර්මයේ පැවැත්ම පිණිසත්, විනාශ නොවීම පිණිසත්, අතුරුදහන් නොවීම පිණිසත් හේතු වෙනවා.”

1. 10. 19.

නාහං භික්ඛවේ අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යං ඒවං සද්ධම්මස්ස සම්මෝසාය අන්තරධානාය සංවත්තති. යථයිදං භික්ඛවේ, කෝසජ්ජං. කෝසජ්ජං භික්ඛවේ, සද්ධම්මස්ස සම්මෝසාය අන්තරධානාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් මේ සද්ධර්මයේ විනාශය පිණිස, අතුරුදහන් වීම පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, මේ ධර්මයේ හැසිරීමට කම්මැලි වීම තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ ධර්මයේ හැසිරීමට කම්මැලි වීම සද්ධර්මයේ විනාශය පිණිසත්, අතුරුදහන් වීම පිණිසත් හේතු වෙනවා.”

1. 10. 20.

නාහං භික්ඛවේ අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යෝ ඒවං සද්ධම්මස්ස ඨිතියා අසම්මෝසාය අනන්තරධානාය සංවත්තති, යථයිදං භික්ඛවේ, විරියාරම්භෝ. විරියාරම්භෝ භික්ඛවේ, සද්ධම්මස්ස ඨිතියා අසම්මෝසාය අනන්තරධානාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් මේ සද්ධර්මයේ පැවැත්ම පිණිස, විනාශ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, මේ ධර්මයේ හැසිරීම උදෙසා පටන් ගත් වීරිය ඇති බව තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ ධර්මයේ හැසිරීම උදෙසා පටන් ගත් වීරිය ඇති බව සද්ධර්මයේ පැවැත්ම පිණිසත්, විනාශ නොවීම පිණිසත්, අතුරුදහන් නොවීම පිණිසත් හේතු වෙනවා.”

1. 10. 21-30.

නාහං භික්ඛවේ අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යං ඒවං සද්ධම්මස්ස සම්මෝසාය අන්තරධානාය සංවත්තති. යථයිදං භික්ඛවේ, මහිච්ඡතා ….(පෙ)…. අප්පිච්ඡතා ….(පෙ)…. අසන්තුට්ඨිතා ….(පෙ)…. සන්තුට්ඨිතා ….(පෙ)…. අයෝනිසෝ මනසිකාරෝ ….(පෙ)…. යෝනිසෝ මනසිකාරෝ ….(පෙ)…. අසම්පජඤ්ඤං සම්පජඤ්ඤං ….(පෙ)…. පාපමිත්තතා ….(පෙ)…. කල්‍යාණමිත්තතා. කල්‍යාණමිත්තතා භික්ඛවේ, සද්ධම්මස්ස ඨිතියා අසම්මෝසාය අනන්තරධානාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් මේ සද්ධර්මයේ විනාශය පිණිස, අතුරුදහන් වීම පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, මාන්නයෙන් තමා ගැන කියා පෑම ….(පෙ)…. අල්පේච්ඡතාවය ….(පෙ)…. ලද දෙයින් නොසතුටු වීම ….(පෙ)…. ලද දෙයින් සතුටු වීම ….(පෙ)…. නුවණින් තොරව කල්පනා කිරීම ….(පෙ)…. ධර්මයට අනුව නුවණින් කල්පනා කිරීම ….(පෙ)…. සිහි නුවණින් තොරව සිටීම ….(පෙ)…. සිහි නුවණින් යුතුව සිටීම ….(පෙ)…. පාපී මිත්‍රයන් ඇති බව ….(පෙ)…. කලණ මිතුරන් ඇති බව ….(පෙ)…. පින්වත් මහණෙනි, කලණ මිතුරන් ඇති බව සද්ධර්මයේ පැවැත්ම පිණිසත්, විනාශ නොවීම පිණිසත්, අතුරුදහන් නොවීම පිණිසත් හේතු වෙනවා.”

1. 10. 31.

නාහං භික්ඛවේ අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යං ඒවං සද්ධම්මස්ස සම්මෝසාය අන්තරධානාය සංවත්තති. යථයිදං භික්ඛවේ, අනුයෝගෝ අකුසලානං ධම්මානං, අනනුයෝගෝ කුසලානං ධම්මානං. අනුයෝගෝ භික්ඛවේ, අකුසලානං ධම්මානං, අනනුයෝගෝ කුසලානං ධම්මානං සද්ධම්මස්ස සම්මෝසාය අන්තරධානාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් මේ සද්ධර්මයේ විනාශය පිණිස, අතුරුදහන් වීම පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, මේ අකුසල්වල යෙදීමත්, කුසල් දහම්වල නොයෙදීමත් තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ අකුසල්වල යෙදීමත්, කුසල් දහම්වල නොයෙදීමත් සද්ධර්මයේ විනාශය පිණිසත්, අතුරුදහන් වීම පිණිසත් හේතු වෙනවා.”

1. 10. 32.

නාහං භික්ඛවේ අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි, යං ඒවං සද්ධම්මස්ස ඨිතියා අසම්මෝසාය අනන්තරධානාය සංවත්තති. යථයිදං භික්ඛවේ, අනුයෝගෝ කුසලානං ධම්මානං, අනනුයෝගෝ අකුසලානං ධම්මානං. අනුයෝගෝ භික්ඛවේ, කුසලානං ධම්මානං, අනනුයෝගෝ අකුසලානං ධම්මානං සද්ධම්මස්ස ඨිතියා අසම්මෝසාය අනන්තරධානාය සංවත්තතීති.

“පින්වත් මහණෙනි, යම් දෙයක් මේ සද්ධර්මයේ පැවැත්ම පිණිස, විනාශ නොවීම පිණිස, අතුරුදහන් නොවීම පිණිස හේතු වෙනවා නම්, පින්වත් මහණෙනි, මේ කුසල් දහම්වල යෙදීමත්, අකුසල්වල නොයෙදීමත් තරම් එයට හේතු වන, වෙන එකම දෙයක් වත් මා දකින්නේ නෑ. පින්වත් මහණෙනි, මේ කුසල් දහම්වල යෙදීමත්, අකුසල්වල නොයෙදීමත් සද්ධර්මයේ පැවැත්ම පිණිස ත්, විනාශ නොවීම පිණිසත්, අතුරුදහන් නොවීම පිණිසත් හේතු වෙනවා.”

චතුකෝටිකං නිට්ඨිතං.

චතුකෝටිකය නිමා විය.

1. 10. 33.

යේ තේ භික්ඛවේ, භික්ඛූ අධම්මං ධම්මෝති දිපෙන්ති, තේ භික්ඛවේ, භික්ඛූ බහුජනඅහිතාය පටිපන්නා බහුජනඅසුඛාය, බහුනෝ ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දේවමනුස්සානං. බහුඤ්ච තේ භික්ඛවේ, භික්ඛූ අපුඤ්ඤං පසවන්ති, තේවිමං සද්ධම්මං අන්තරධාපෙන්තීති.

“පින්වත් මහණෙනි, යම් භික්ෂූන් වහන්සේලා අධර්මය ධර්මය වශයෙන් විස්තර කරනවා නම්, පින්වත් මහණෙනි, ඒ භික්ෂූන් වහන්සේලා බොහෝ ජනයාගේ අයහපත පිණිස, බොහෝ දෙනාගේ අපහසුව පිණිස, බොහෝ දෙනාගේත්, දෙව් මිනිසුන්ගේත් අනර්ථය පිණිසම, අහිත පිණිසම, දුක පිණිසම පිළිපන් පිරිසකි. පින්වත් මහණෙනි, ඒ භික්ෂූන් බොහෝ පව් රැස් කර ගන්නවා. ඔවුන් තමයි මේ සද්ධර්මය (බුදු සසුන) අතුරුදහන් කරන්නෙ.”

1. 10. 34-42.

යේ තේ භික්ඛවේ, භික්ඛූ ධම්මං අධම්මෝති දීපෙන්ති ….(පෙ)…. අවිනයං විනයෝති දීපෙන්ති ….(පෙ)…. විනයං අවිනයෝති දීපෙන්ති ….(පෙ)…. අභාසිතං අලපිතං තථාගතේන භාසිතං ලපිතං තථාගතේනාති දීපෙන්ති ….(පෙ)…. භාසිතං ලපිතං තථාගතේන අභාසිතං අලපිතං තථාගතේනාති දීපෙන්ති ….(පෙ)….අනාචිණ්ණං තථාගතේන ආචිණ්ණං තථාගතේනාති දීපෙන්ති ….(පෙ)…. ආචිණ්ණං තථාගතේන අනාචිණ්ණං තථාගතේනාති දීපෙන්ති ….(පෙ)…. අපඤ්ඤත්තං තථාගතේන පඤ්ඤත්තං තථාගතේනාති දීපෙන්ති ….(පෙ)…. පඤ්ඤත්තං තථාගතේන අපඤ්ඤත්තං තථාගතේනාති දීපෙන්ති. තේ භික්ඛවේ, භික්ඛූ බහුජනඅහිතාය පටිපන්නා බහුජනඅසුඛාය, බහුනෝ ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දේවමනුස්සානං. බහුඤ්ච තේ භික්ඛවේ, භික්ඛූ අපුඤ්ඤං පසවන්ති. තේවිමං සද්ධම්මං අන්තරධාපෙන්තීති.

“පින්වත් මහණෙනි, යම් භික්ෂූන් වහන්සේලා ධර්මය අධර්මය වශයෙන් විස්තර කරනවා නම්, ….(පෙ)…. අවිනය විනය හැටියට විස්තර කරනවා නම්, ….(පෙ)…. විනය අවිනය හැටියට විස්තර කරනවා නම්, ….(පෙ)…. තථාගතයන් වහන්සේ විසින් දේශනා නොකළ, ප්‍රකාශ නොකළ දෙය තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ දෙයක් බවත්, ප්‍රකාශ කළ දෙයක් බවත් වශයෙන් විස්තර කරනවා නම්, ….(පෙ)…. තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ, ප්‍රකාශ කළ දේ, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරලා නැහැ, ප්‍රකාශ කරලා නැහැ කියලා විස්තර කරනවා නම්, ….(පෙ)…. තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරන ලද දේ, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරන ලද දෙයක් හැටියට විස්තර කරනවා නම්, ….(පෙ)…. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරන ලද දේ, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරන ලද දෙයක් හැටියට ප්‍රකාශ කරනවා නම්, ….(පෙ)…. තථාගතයන් වහන්සේ විසින් නොපණවන ලද දේ, තථාගතයන් වහන්සේ විසින් පණවන ලද දෙයක් හැටියට විස්තර කරනවා නම්, ….(පෙ)…. තථාගතයන් වහන්සේ විසින් පණවන ලද දේ, තථාගතයන් වහන්සේ විසින් නොපණවන ලද දෙයක් හැටියට විස්තර කරනවා නම්, පින්වත් මහණෙනි, ඒ භික්ෂූන් වහන්සේලා බොහෝ ජනයාගේ අයහපත පිණිස, බොහෝ දෙනාගේ අපහසුව පිණිස, බොහෝ දෙනාගේත්, දෙව් මිනිසුන්ගේත් අනර්ථය පිණිසම, අහිත පිණිසම, දුක පිණිසම පිළිපන් පිරිසකි. පින්වත් මහණෙනි, ඒ භික්ෂූන් බොහෝ පව් රැස් කර ගන්නවා. ඔවුන් තමයි මේ සද්ධර්මය (බුදු සසුන) අතුරුදහන් කරන්නෙ.”

වග්ගෝ දසමෝ.

දසවෙනි වර්ගය යි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M