සැවැත් නුවර දී ය …..
මහණෙනි, සය කරුණක් ප්‍රහාණය නොකොට කයෙහි කායානුපස්සී ව වාසය කරන්නට අසමර්ථ වෙයි. ඒ කවර සය කරුණක් ද යත්;
බාහිර වැඩකටයුතුවල ඇලී සිටීම ය. කතාවෙහි ඇලී සිටීම ය. නින්දෙහි ඇලී සිටීම ය. පිරිස් සමඟ ඇලී සිටීම ය. ඉඳුරන්හි නොවැසූ දොරටු ඇති බව ය. භෝජනයෙහි අරුත් නොදන්නා බව ය.
මහණෙනි, මේ සය කරුණ ප්‍රහාණය නොකොට කයෙහි කායානුපස්සී ව වාසය කරන්නට අසමර්ථ වෙයි.
මහණෙනි, සය කරුණක් ප්‍රහාණය කොට කයෙහි කායානුපස්සී ව වාසය කරන්නට සමර්ථ වෙයි. ඒ කවර සය කරුණක් ද යත්;
බාහිර වැඩකටයුතුවල ඇලී සිටීම ය. කතාවෙහි ඇලී සිටීම ය. නින්දෙහි ඇලී සිටීම ය. පිරිස් සමඟ ඇලී සිටීම ය. ඉඳුරන්හි නොවැසූ දොරටු ඇති බව ය. භෝජනයෙහි අරුත් නොදන්නා බව ය.
මහණෙනි, මේ සය කරුණ ප්‍රහාණය කොට කයෙහි කායානුපස්සී ව වාසය කරන්නට සමර්ථ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
කායානුපස්සී සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, සය කරුණක් ප්‍රහාණය නොකොට ආධ්‍යාත්මික කයෙහි කායානුපස්සී ව වාසය කරන්නට අසමර්ථ වෙයි. ….(පෙ)…. බාහිර කයෙහි ….(පෙ)…. ආධ්‍යාත්මික බාහිර කයෙහි ….(පෙ)…. වේදනාවන්හි ….(පෙ)…. ආධ්‍යාත්මික වේදනාවන්හි ….(පෙ)…. බාහිර වේදනාවන්හි ….(පෙ)…. ආධ්‍යාත්මික බාහිර වේදනාවන්හි ….(පෙ)…. සිතෙහි ….(පෙ)…. ආධ්‍යාත්මික සිතෙහි ….(පෙ)…. බාහිර සිතෙහි ….(පෙ)…. ආධ්‍යාත්මික බාහිර සිතෙහි ….(පෙ)…. ධර්මයන්හි ….(පෙ)…. ආධ්‍යාත්මික ධර්මයන්හි ….(පෙ)…. බාහිර ධර්මයන්හි ….(පෙ)…. ආධ්‍යාත්මික බාහිර ධර්මයන්හි ධම්මානුපස්සනාවෙන් වාසය කරන්නට සමර්ථ වෙයි. ඒ කවර සය කරුණක් ද යත්;
බාහිර වැඩකටයුතුවල ඇලී සිටීම ය. කතාවෙහි ඇලී සිටීම ය. නින්දෙහි ඇලී සිටීම ය. පිරිස් සමඟ ඇලී සිටීම ය. ඉඳුරන්හි නොවැසූ දොරටු ඇති බව ය. භෝජනයෙහි අරුත් නොදන්නා බව ය.
මහණෙනි, මේ සය කරුණ ප්‍රහාණය කොට ආධ්‍යාත්මික බාහිර ධර්මයන්හි ධම්මානුපස්සනාවෙන් වාසය කරන්නට සමර්ථ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
සැවැත් නුවර දී ය …..
මහණෙනි, සය කරුණකින් සමන්විත වූ තපුස්ස ගෘහපති තෙමේ තථාගතයන් වහන්සේ කෙරෙහි නිසැක බවට පත්වූයේ, නිර්වාණ දර්ශන ඇත්තේ, අමෘතය සාක්ෂාත් කොට වාසය කරයි. ඒ කවර සය කරුණකින් ද යත්;
බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය ශීලයෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය ඥානයෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය විමුක්තියෙන් යුක්ත වූයේ වෙයි.
මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ තපුස්ස ගෘහපති තෙමේ තථාගතයන් වහන්සේ කෙරෙහි නිසැක බවට පත්වූයේ, නිර්වාණ දර්ශන ඇත්තේ, අමෘතය සාක්ෂාත් කොට වාසය කරයි.
සාදු! සාදු!! සාදු!!!
තපුස්ස සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, සය කරුණකින් සමන්විත වූ භල්ලික ගෘහපති තෙමේ ….(පෙ)…. අනාථපිණ්ඩික සුදත්ත ගෘහපති තෙමේ ….(පෙ)…. මච්ඡිකාසණ්ඩික චිත්ත ගෘහපති තෙමේ ….(පෙ)…. හත්ථක ආලවක ගෘහපති තෙමේ ….(පෙ)…. මහානාම ශාක්‍ය තෙමේ ….(පෙ)…. විසල්පුරවාසී උග්ග ගෘහපති තෙමේ ….(පෙ)…. උග්ගත ගෘහපති තෙමේ ….(පෙ)…. සූර අම්බට්ඨ තෙමේ ….(පෙ)…. ජීවක කෝමාරභච්ච තෙමේ ….(පෙ)…. නකුලපිතු ගෘහපති තෙමේ ….(පෙ)…. තවකණ්ණික ගෘහපති තෙමේ ….(පෙ)…. පූරණ ගෘහපති තෙමේ ….(පෙ)…. ඉසිදත්ත ගෘහපති තෙමේ ….(පෙ)…. සන්ධාන ගෘහපති තෙමේ ….(පෙ)…. විජය ගෘහපති තෙමේ ….(පෙ)…. වජ්ජියමහිත ගෘහපති තෙමේ ….(පෙ)…. මෙණ්ඩක ගෘහපති තෙමේ ….(පෙ)…. වාසෙට්ඨ උපාසක තෙමේ ….(පෙ)…. අරිට්ඨ උපාසක තෙමේ ….(පෙ)…. සාරග්ග උපාසක තෙමේ තථාගතයන් වහන්සේ කෙරෙහි නිසැක බවට පත්වූයේ, නිර්වාණ දර්ශන ඇත්තේ, අමෘතය සාක්ෂාත් කොට වාසය කරයි. ඒ කවර සය කරුණකින් ද යත්;
බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. ධර්මය කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය ශීලයෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය ඥානයෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය විමුක්තියෙන් යුක්ත වූයේ වෙයි.
මහණෙනි, මේ සය කරුණෙන් සමන්විත වූ සාරග්ග උපාසක තෙමේ තථාගතයන් වහන්සේ කෙරෙහි නිසැක බවට පත්වූයේ, නිර්වාණ දර්ශන ඇත්තේ, අමෘතය සාක්ෂාත් කොට වාසය කරයි.
සාදු! සාදු!! සාදු!!!
භල්ලිකාදී විස්සක් වූ සූත්‍රයෝ නිමා වූහ.
සාමඤ්ඤ වර්ගය යි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_6-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M