අංගුත්තර නිකාය

නවක නිපාතෝ

6. (1) ඛේමවග්ගෝ

6. (1) ඛේම වර්ගය

9.2.1.1. ඛේම සූත්‍රය

උපද්‍රව නැති බව ගැන වදාළ දෙසුම

කොසඹෑ නුවර දී ය …..

“ආයුෂ්මත, ‘උපද්‍රව නැති බව, උපද්‍රව නැති බව’ යැයි කියනු ලැබේ. ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් උපද්‍රව නැති බව ගැන වදාරණ ලද්දේ කොපමණ කරුණු මත ද?”

“ආයුෂ්මත, මෙහිලා භික්ෂුවක් කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ආයුෂ්මත, මේ ක්‍රමයෙනුත් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් උපද්‍රව නැති බව ගැන වදාරණ ලද්දේ ය. ….(පෙ)….

තව ද ආයුෂ්මත, භික්ෂුවක් සියළු අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවාගොස් සංඥාවේදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරයි. ඔහු විසින් ප්‍රඥාවෙන් දැක ආශ්‍රවයන් ද ක්ෂය කරන ලද්දේ වෙයි. ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් උපද්‍රව නැති බව ගැන ඉතිරි නැති ව වදාරණ ලද්දේ ය.

සාදු! සාදු!! සාදු!!!

ඛේම සූත්‍රය නිමා විය.

9.2.1.2. ඛේමප්පත්ත සූත්‍රය

උපද්‍රව නැති බවට පත්වීම ගැන වදාළ දෙසුම

කොසඹෑ නුවර දී ය …..

“ආයුෂ්මත, ‘උපද්‍රව නැති බවට පත්වීම, උපද්‍රව නැති බවට පත්වීම’ යැයි කියනු ලැබේ. ….(පෙ)….

9.2.1.3. අමත සූත්‍රය

අමෘතය ගැන වදාළ දෙසුම

කොසඹෑ නුවර දී ය …..

“ආයුෂ්මත, ‘අමෘතය, අමෘතය’ යැයි කියනු ලැබේ…..(පෙ)….

9.2.1.4. අමතප්පත්ත සූත්‍රය

අමෘතයට පත්වීම ගැන වදාළ දෙසුම

කොසඹෑ නුවර දී ය …..

“ආයුෂ්මත, ‘අමෘතයට පත්වීම, අමෘතයට පත්වීම’ යැයි කියනු ලැබේ …..(පෙ)….

9.2.1.5. අභය සූත්‍රය

නිර්භය ගැන වදාළ දෙසුම

කොසඹෑ නුවර දී ය …..

“ආයුෂ්මත, ‘නිර්භය, නිර්භය’ යැයි කියනු ලැබේ…..(පෙ)….

9.2.1.6. අභයප්පත්ත සූත්‍රය

නිර්භයට පත්වීම ගැන වදාළ දෙසුම

කොසඹෑ නුවර දී ය …..

“ආයුෂ්මත, ‘නිර්භයට පත්වීම, නිර්භයට පත්වීම’ යැයි කියනු ලැබේ …..(පෙ)….

9.2.1.7. පස්සද්ධි සූත්‍රය

සැහැල්ලු වීම ගැන වදාළ දෙසුම

කොසඹෑ නුවර දී ය …..

“ආයුෂ්මත, ‘සැහැල්ලු වීම, සැහැල්ලු වීම’ යැයි කියනු ලැබේ …..(පෙ)….

9.2.1.8. අනුපුබ්බපස්සද්ධි සූත්‍රය

අනුපිළිවෙලින් සැහැල්ලු වීම ගැන වදාළ දෙසුම

කොසඹෑ නුවර දී ය …..

“ආයුෂ්මත, ‘අනුපිළිවෙලින් සැහැල්ලු වීම, අනුපිළිවෙලින් සැහැල්ලු වීම’ යැයි කියනු ලැබේ …..(පෙ)….

9.2.1.9. නිරෝධ සූත්‍රය

නිරුද්ධ වීම ගැන වදාළ දෙසුම

කොසඹෑ නුවර දී ය …..

“ආයුෂ්මත, ‘නිරුද්ධ වීම, නිරුද්ධ වීම’ යැයි කියනු ලැබේ …..(පෙ)….

9.2.1.10. අනුපුබ්බනිරෝධ සූත්‍රය

අනුපිළිවෙලින් නිරුද්ධ වීම ගැන වදාළ දෙසුම

කොසඹෑ නුවර දී ය …..

“ආයුෂ්මත, ‘අනුපිළිවෙලින් නිරුද්ධ වීම, අනුපිළිවෙලින් නිරුද්ධ වීම’ යැයි කියනු ලැබේ ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් අනුපිළිවෙලින් නිරුද්ධ වීම ගැන වදාරණ ලද්දේ කොපමණ කරුණු මත ද?”

“ආයුෂ්මත, මෙහිලා භික්ෂුවක් කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ආයුෂ්මත, මේ ක්‍රමයෙනුත් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් අනුපිළිවෙලින් නිරුද්ධ වීම ගැන වදාරණ ලද්දේ ය. ….(පෙ)….

තව ද ආයුෂ්මත, භික්ෂුවක් සියළු අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවාගොස් සංඥාවේදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරයි. ඔහු විසින් ප්‍රඥාවෙන් දැක ආශ්‍රවයන් ද ක්ෂය කරන ලද්දේ වෙයි. ආයුෂ්මත, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙපමණකින් අනුපිළිවෙලින් නිරුද්ධ වීම ගැන ඉතිරි නැති ව වදාරණ ලද්දේ ය.

සාදු! සාදු!! සාදු!!!

අනුපුබ්බනිරෝධ සූත්‍රය නිමා විය.

9.2.1.11. අරහත්ත භබ්බාභබ්බධම්ම සූත්‍රය

අරහත්වයට සුදුසු නුසුදුසු ධර්මයන් ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, ධර්මයන් නවයක් ප්‍රහාණය නොකොට අරහත්වය සාක්ෂාත් කරන්නට නොහැකි ය. ඒ කවර නවයක් ද යත්;

රාගය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, බද්ධ වෛරය, මක්ඛය, පලාසය, ඊර්ෂ්‍යාව, මසුරු බව ය.

මහණෙනි, මේ ධර්මයන් නවය ප්‍රහාණය නොකොට අරහත්වය සාක්ෂාත් කරන්නට නොහැකි ය.

මහණෙනි, ධර්මයන් නවයක් ප්‍රහාණය කොට අරහත්වය සාක්ෂාත් කරන්නට හැකි ය. ඒ කවර නවයක් ද යත්;

රාගය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, බද්ධ වෛරය, මක්ඛය, පලාසය, ඊර්ෂ්‍යාව, මසුරු බව ය.

මහණෙනි, මේ ධර්මයන් නවය ප්‍රහාණය කොට අරහත්වය සාක්ෂාත් කරන්නට හැකි ය.

සාදු! සාදු!! සාදු!!!

අරහත්ත භබ්බාභබ්බධම්ම සූත්‍රය නිමා විය.

පළමුවෙනි ඛේම වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

ඛේම සූත්‍ර දෙක, අමත සූත්‍ර දෙක, අභය සූත්‍ර දෙක, පස්සද්ධි සූත්‍ර දෙක, නිරෝධ සූත්‍රය, අනුපුබ්බ නිරෝධ සූත්‍රය සහ භබ්බාභබ්බ සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර එකොළසකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M