“මහණෙනි, කරුණු දහයකින් සමන්විත පුද්ගලයා ඇසුරු නොකළ යුත්තේ ය. ඒ කවර කරුණු දහයකින් ද යත්; වැරදි දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි. වැරදි සංකල්පනාවෙන් යුක්ත වූයේ වෙයි. වැරදි වචන භාවිතයෙන් යුක්ත වූයේ වෙයි. වැරදි කායික ක්රියාවෙන් යුක්ත වූයේ වෙයි. වැරදි ජීවිකාවෙන් යුක්ත වූයේ වෙයි. වැරදි උත්සාහයෙන් යුක්ත වූයේ වෙයි. වැරදි සිහියෙන් යුක්ත වූයේ වෙයි. වැරදි චිත්තේකාග්රතාවයෙන් යුක්ත වූයේ වෙයි. වැරදි ඥානයෙන් යුක්ත වූයේ වෙයි. වැරදි විමුක්තියෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මෙම කරුණු දහයෙන් සමන්විත පුද්ගලයා ඇසුරු නොකළ යුත්තේ ය.
මහණෙනි, කරුණු දහයකින් සමන්විත පුද්ගලයා ඇසුරු කළ යුත්තේ ය. ඒ කවර කරුණු දහයකින් ද යත්; නිවැරදි දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි. නිවැරදි සංකල්පනාවෙන් යුක්ත වූයේ වෙයි. නිවැරදි වචන භාවිතයෙන් යුක්ත වූයේ වෙයි. නිවැරදි කායික ක්රියාවෙන් යුක්ත වූයේ වෙයි. නිවැරදි ජීවිකාවෙන් යුක්ත වූයේ වෙයි. නිවැරදි උත්සාහයෙන් යුක්ත වූයේ වෙයි. නිවැරදි සිහියෙන් යුක්ත වූයේ වෙයි. නිවැරදි චිත්තේකාග්රතාවයෙන් යුක්ත වූයේ වෙයි. නිවැරදි ඥානයෙන් යුක්ත වූයේ වෙයි. නිවැරදි විමුක්තියෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මෙම කරුණු දහයෙන් සමන්විත පුද්ගලයා ඇසුරු කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
සේවිතබ්බ සූත්රය නිමා විය.
2. මහණෙනි, මෙම කරුණු දහයකින් සමන්විත පුද්ගලයා ඇසුරු නොකළ යුත්තේ ය. ….(පෙ)…. පුද්ගලයා ඇසුරු කළ යුත්තේ ය.
3. ඇසුරු කිරීම නොකළ යුත්තේ ය. ….(පෙ)…. පුද්ගලයා ඇසුරු කිරීම කළ යුත්තේ ය.
4. නොපිදිය යුත්තේ ය. ….(පෙ)…. පුද්ගලයා පිදිය යුත්තේ ය.
5. නොපැසසිය යුත්තේ ය. ….(පෙ)…. පුද්ගලයා පැසසිය යුත්තේ ය.
6. ගෞරව නැත්තේ වෙයි ….(පෙ)…. පුද්ගලයා ගෞරව ඇත්තේ වෙයි.
7. යටහත් පැවැතුම් නැත්තේ වෙයි ….(පෙ)…. පුද්ගලයා යටහත් පැවැතුම් ඇත්තේ වෙයි.
8. වැරදි ලෙස ගන්නේ වෙයි ….(පෙ)…. පුද්ගලයා හරි ලෙස ගන්නේ වෙයි.
9. පිරිසිදු නොවෙයි ….(පෙ)…. පුද්ගලයා පිරිසිදු වෙයි.
10. මාන්නයට යට වෙන්නේ වෙයි ….(පෙ)…. පුද්ගලයා මාන්නයට යට නොවෙයි.
11. ප්රඥාවෙන් නොවැඩෙයි ….(පෙ)…. පුද්ගලයා ප්රඥාවෙන් වැඩෙයි.
12. බොහෝ පව් උපදවයි ….(පෙ)…. පුද්ගලයා බොහෝ පින් උපදවයි. ඒ කවර කරුණු දහයකින් ද යත්; නිවැරදි දෘෂ්ටියෙන් යුක්ත වූයේ වෙයි. නිවැරදි සංකල්පනාවෙන් යුක්ත වූයේ වෙයි. නිවැරදි වචන භාවිතයෙන් යුක්ත වූයේ වෙයි. නිවැරදි කායික ක්රියාවෙන් යුක්ත වූයේ වෙයි. නිවැරදි ජීවිකාවෙන් යුක්ත වූයේ වෙයි. නිවැරදි උත්සාහයෙන් යුක්ත වූයේ වෙයි. නිවැරදි සිහියෙන් යුක්ත වූයේ වෙයි. නිවැරදි චිත්තේකාග්රතාවයෙන් යුක්ත වූයේ වෙයි. නිවැරදි ඥානයෙන් යුක්ත වූයේ වෙයි. නිවැරදි විමුක්තියෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මෙම කරුණු දහයෙන් සමන්විත පුද්ගලයා බොහෝ පින් උපදවයි.
සාදු! සාදු!! සාදු!!!
පළමුවෙනි පුග්ගල වර්ගය අවසන් විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M