අංගුත්තර නිකාය

දසක නිපාතෝ

23. රාගපෙය්‍යාලං

23. රාග පෙය්‍යාලය

10.5.3.1.

“මහණෙනි, විශිෂ්ට නුවණින් රාගය පිළිබඳ ව අවබෝධ කිරීම පිණිස දස ධර්මයක් දියුණු කළ යුත්තේ ය. ඒ කවර දසයක් ද යත්;

අසුභ සංඥාව ය, මරණ සංඥාව ය, ආහාරයෙහි පිළිකුල් සංඥාව ය, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාව ය, අනිත්‍ය සංඥාව ය, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව ය, දුක්ඛයෙහි අනාත්ම සංඥාව ය, ප්‍රහාණ සංඥාව ය, විරාග සංඥාව ය, නිරෝධ සංඥාව ය.

මහණෙනි, විශිෂ්ට නුවණින් රාගය පිළිබඳ ව අවබෝධ කිරීම පිණිස මෙම දස ධර්මය දියුණු කළ යුත්තේ ය.

10.5.3.2.

“මහණෙනි, විශිෂ්ට නුවණින් රාගය පිළිබඳ ව අවබෝධ කිරීම පිණිස දස ධර්මයක් දියුණු කළ යුත්තේ ය. ඒ කවර දසයක් ද යත්;

අනිත්‍ය සංඥාව ය, අනාත්ම සංඥාව ය, ආහාරයෙහි පිළිකුල් සංඥාව ය, සියළු ලෝකයෙහි නොඇලෙන සංඥාව ය, අට්ඨික සංඥාව ය, පුලවක සංඥාව ය, විනීලක සංඥාව ය, විපුබ්බක සංඥාව ය, විච්ඡිද්දක සංඥාව ය, උද්ධුමාතක සංඥාව ය.

මහණෙනි, විශිෂ්ට නුවණින් රාගය පිළිබඳ ව අවබෝධ කිරීම පිණිස මෙම දස ධර්මය දියුණු කළ යුත්තේ ය.

10.5.3.3.

“මහණෙනි, විශිෂ්ට නුවණින් රාගය පිළිබඳ ව අවබෝධ කිරීම පිණිස දස ධර්මයක් දියුණු කළ යුත්තේ ය. ඒ කවර දසයක් ද යත්;

නිවැරදි දෘෂ්ටිය ය, නිවැරදි සංකල්පනා ය, නිවැරදි වචන භාවිතය ය, නිවැරදි කායික ක්‍රියා ය, නිවැරදි ජීවිකාව ය, නිවැරදි වීර්ය ය, නිවැරදි සිහිය ය, නිවැරදි චිත්තේකාග්‍රතාවය ය, නිවැරදි ඥානය ය, නිවැරදි විමුක්තිය ය.

මහණෙනි, විශිෂ්ට නුවණින් රාගය පිළිබඳ ව අවබෝධ කිරීම පිණිස මෙම දස ධර්මය දියුණු කළ යුත්තේ ය.

10.5.3.4.-6.

මහණෙනි, රාගය පිරිසිඳ දැනීම පිණිස ….(පෙ)….

10.5.3.7.-9.

මහණෙනි, රාගය ගෙවී යාම පිණිස ….(පෙ)….

10.5.3.10.-12.

මහණෙනි, රාගය ප්‍රහාණය පිණිස ….(පෙ)….

10.5.3.13.-15.

මහණෙනි, රාගය ක්ෂය වීම පිණිස ….(පෙ)….

10.5.3.16.-18.

මහණෙනි, රාගය නැතිවීම පිණිස ….(පෙ)….

10.5.3.19.-21.

මහණෙනි, රාග විරාගය පිණිස ….(පෙ)….

10.5.3.22.-24.

මහණෙනි, රාග නිරෝධය පිණිස ….(පෙ)….

10.5.3.25.-27.

මහණෙනි, රාගය අත්හැරීම පිණිස ….(පෙ)….

10.5.3.28.-30.

මහණෙනි, රාගය දුරැලීම පිණිස ….(පෙ)…. මේ දස ධර්මයෝ වැඩිය යුත්තාහු ය.

10.5.3.31.-60.

මහණෙනි, ද්වේෂයාගේ ….(පෙ)….

10.5.3.61.-90.

මහණෙනි, මෝහයාගේ ….(පෙ)….

10.5.3.91.-120.

මහණෙනි, ක්‍රෝධයාගේ ….(පෙ)….

10.5.3.121.-150.

මහණෙනි, බද්ධ වෛරයේ ….(පෙ)….

10.5.3.151.-180.

මහණෙනි, ගුණමකු බව ….(පෙ)….

10.5.3.181.-210.

මහණෙනි, අනුන්ට දොස් කීම ….(පෙ)….

10.5.3.211.-240.

මහණෙනි, ඊර්ෂ්‍යාව….(පෙ)….

10.5.3.241.-270.

මහණෙනි, මසුරුකම ….(පෙ)….

10.5.3.271.-300.

මහණෙනි, මායාව ….(පෙ)….

10.5.3.301.-330.

මහණෙනි, ශඨ කපට බව ….(පෙ)….

10.5.3.331.-360.

මහණෙනි, අවවාදයට නොනැමෙන බව ….(පෙ)….

10.5.3.361.-390.

මහණෙනි, එකට එක කිරීම ….(පෙ)….

10.5.3.391.-420.

මහණෙනි, මානය ….(පෙ)….

10.5.3.421.-450.

මහණෙනි, අතිමානය ….(පෙ)….

10.5.3.451.-480.

මහණෙනි, මත්වීම ….(පෙ)….

10.5.3.481.-510.

මහණෙනි, ප්‍රමාදය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කිරීම පිණිස ….(පෙ)…. පිරිසිඳ දැනීම පිණිස ….(පෙ)…. ගෙවා දැමීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය පිණිස ….(පෙ)…. ක්ෂය කිරීම පිණිස ….(පෙ)…. නැති කිරීම පිණිස ….(පෙ)…. විරාගය ….(පෙ)…. නිරෝධය පිණිස ….(පෙ)…. සංසිඳීම පිණිස ….(පෙ)…. අත්හැරීම පිණිස ….(පෙ)…. දුරැලීම පිණිස මෙම දස ධර්මයෝ වැඩිය යුත්තාහු ය.

රාගාදි පෙය්‍යාලය අවසන් විය.

දසක නිපාතය අවසන් විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an6_10-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M