1-10
පින්වත් මහණෙනි, විශේෂ වූ නුවණකින් රාගය අවබෝධ වීම පිණිස මේ ධර්මයන් දෙක වැඩිය යුතුය. ඒ කවර දෙකක්ද? සමථ භාවනාවත්, විදර්ශනා භාවනාවත් ය. පින්වත් මහණෙනි, විශේෂ වූ නුවණකින් රාගය අවබෝධ වීම පිණිස මේ ධර්මයන් දෙක වැඩිය යුතුය.
පින්වත් මහණෙනි, රාගය පිරිසිඳ අවබෝධ කිරීම පිණිස ….(පෙ)…. ගෙවා දැමීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය කිරීම පිණිස ….(පෙ)…. ක්ෂය කිරීම පිණිස ….(පෙ)…. නැති කිරීම පිණිස ….(පෙ)…. ඇල්ම දුරු කිරීම පිණිස ….(පෙ)…. ඇල්ම නිරුද්ධ වීම පිණිස ….(පෙ)…. අත්හැරීම පිණිස ….(පෙ)…. දුරු කර දැමීම පිණිස, මේ ධර්මයන් දෙක වැඩිය යුතුය.
11-70
ද්වේෂය ….(පෙ)…. මෝහය ….(පෙ)…. ක්‍රෝධය ….(පෙ)…. බද්ධ වෛරය ….(පෙ)…. ගුණමකුකම ….(පෙ)…. එකට එක කිරීම ….(පෙ)…. ඉරිසියාව ….(පෙ)…. මසුරුකම ….(පෙ)…. මයාකාරී බව ….(පෙ)…. ශටකපට බව ….(පෙ)…. තද බව ….(පෙ)…. දැඩි බව ….(පෙ)…. මාන්නය ….(පෙ)…. අතිමාන්නය ….(පෙ)…. මත්වීම ….(පෙ)…. ප්‍රමාදය විශේෂ නුවණින් අවබෝධ කිරීම පිණිස ….(පෙ)…. පිරිසිඳ අවබෝධ වීම පිණිස ….(පෙ)…. ගෙවා දැමීම පිණිස ….(පෙ)…. ප්‍රහාණය කිරීම පිණිස ….(පෙ)…. ක්ෂය කිරීම පිණිස ….(පෙ)…. නැති කිරීම පිණිස ….(පෙ)…. ඇල්ම දුරු කිරීම පිණිස ….(පෙ)…. ඇල්ම නිරුද්ධ වීම පිණිස ….(පෙ)…. අත්හැරීම පිණිස ….(පෙ)…. දුරු කර දැමීම පිණිස, මේ ධර්මයන් දෙක වැඩිය යුතුය.
රාග පෙය්‍යාලය නිමා විය.
දහහත්වෙනි වර්ගය නිමා විය.
දුක නිපාතය සමාප්තයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_19-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M