අංගුත්තර නිකාය

ඒකක නිපාතෝ

11. අධම්මවග්ගෝ

11. අධම්ම වර්ගය

1. 11. 1.

(සාවත්ථි නිදානං)

සැවැත් නුවරදී …..

යේ තේ භික්ඛවේ, භික්ඛූ අධම්මං අධම්මෝති දීපෙන්ති, තේ භික්ඛවේ, භික්ඛූ බහුජන හිතාය පටිපන්නා බහුජනසුඛාය බහුනෝ ජනස්ස අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. බහුඤ්ච තේ භික්ඛවේ, භික්ඛූ පුඤ්ඤං පසවන්ති. තේවිමං සද්ධම්මං ඨපෙන්තීති.

“පින්වත් මහණෙනි, යම් ඒ භික්ෂූන් වහන්සේලා අධර්මය අධර්මය වශයෙන් විස්තර කරනවා නම්, පින්වත් මහණෙනි, ඒ භික්ෂූන් වහන්සේලා බොහෝ ජනයාගේ යහපත පිණිස, බොහෝ දෙනාගේ සැපය පිණිස, බොහෝ ජනයාගේත්, දෙව් මිනිසුන්ගේත් අර්ථය පිණිසම, යහපත පිණිසම, සැපය පිණිසම පිළිපන් පිරිසකි. පින්වත් මහණෙනි, ඒ භික්ෂූන් බොහෝ පින් රැස් කර ගන්නවා. ඔවුන් තමයි මේ සද්ධර්මය (බුද්ධ ශාසනය) පවත්වන්නෙ.”

1. 11. 2-10.

යේ තේ භික්ඛවේ, භික්ඛූ ධම්මං ධම්මෝති දීපෙන්ති ….(පෙ)…. අවිනයං අවිනයෝති දීපෙන්ති ….(පෙ)…. විනයං විනයෝති දීපෙන්ති ….(පෙ)…. අභාසිතං අලපිතං තථාගතේන අභාසිතං අලපිතං තථාගතේනාති දීපෙන්ති ….(පෙ)…. භාසිතං ලපිතං තථාගතේන භාසිතං ලපිතං තථාගතේනාති දීපෙන්ති ….(පෙ)…. අනාචිණ්ණං තථාගතේන අනාචිණ්ණං තථාගතේනාති දීපෙන්ති ….(පෙ)…. ආචිණ්ණං තථාගතේන ආචිණ්ණං තථාගතේනාති දීපෙන්ති ….(පෙ)…. අප්පඤ්ඤත්තං තථාගතේන අප්පඤ්ඤත්තං තථාගතේනාති දීපෙන්ති ….(පෙ)…. පඤ්ඤත්තං තථාගතේන පඤ්ඤත්තං තථාගතේනාති දීපෙන්ති, තේ භික්ඛවේ, භික්ඛූ බහුජනහිතාය පටිපන්නා බහුජනසුඛාය, බහුනෝ ජනස්ස අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. බහුඤ්ච තේ භික්ඛවේ, භික්ඛූ පුඤ්ඤං පසවන්ති. තේවිමං සද්ධම්මං ඨපෙන්තීති.

“පින්වත් මහණෙනි, යම් භික්ෂූන් වහන්සේලා ධර්මය ධර්මය වශයෙන් විස්තර කරනවා නම්, ….(පෙ)…. අවිනය අවිනය හැටියට විස්තර කරනවා නම්, ….(පෙ)…. විනය විනය හැටියට විස්තර කරනවා නම්, ….(පෙ)…. තථාගතයන් වහන්සේ විසින් දේශනා නොකළ, ප්‍රකාශ නොකළ දෙය තථාගතයන් වහන්සේ විසින් දේශනා නොකළ දෙයක් බවත්, ප්‍රකාශ නොකළ දෙයක් බවත් වශයෙන් විස්තර කරනවා නම්, ….(පෙ)…. තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ, ප්‍රකාශ කළ දේ, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද, ප්‍රකාශ කරන ලද දේ හැටියට විස්තර කරනවා නම්, ….(පෙ)…. තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරන ලද දේ, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරන ලද දෙයක් හැටියට විස්තර කරනවා නම්, ….(පෙ)…. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරන ලද දේ, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරන ලද දෙයක් හැටියට ප්‍රකාශ කරනවා නම්, ….(පෙ)…. තථාගතයන් වහන්සේ විසින් නොපණවන ලද දේ, තථාගතයන් වහන්සේ විසින් නොපණවන ලද දෙයක් හැටියට විස්තර කරනවා නම්, ….(පෙ)…. තථාගතයන් වහන්සේ විසින් පණවන ලද දේ, තථාගතයන් වහන්සේ විසින් පණවන ලද දෙයක් හැටියට විස්තර කරනවා නම්, පින්වත් මහණෙනි, ඒ භික්ෂූන් වහන්සේලා බොහෝ ජනයාගේ යහපත පිණිස, බොහෝ දෙනාගේ සැපය පිණිස, බොහෝ ජනයාගේත්, දෙව් මිනිසුන්ගේත් අර්ථය පිණිසම, යහපත පිණිසම, සැපය පිණිසම පිළිපන් පිරිසකි. පින්වත් මහණෙනි, ඒ භික්ෂූන් බොහෝ පින් රැස් කර ගන්නවා. ඔවුන් තමයි මේ සද්ධර්මය (බුද්ධ ශාසනය) පවත්වන්නෙ.”

වග්ගෝ ඒකාදසමෝ.

එකොළොස්වෙනි වර්ගය යි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_1-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M