පින්වත් මහණෙනි, ඔබට අසංඛතයත් (නිවනත්), අසංඛතය කරා යන්නා වූ මාර්ගයත් දේශනා කරන්නම්. එය සවන් යොමා අසන්න. පින්වත් මහණෙනි, අසංඛතය යනු කුමක්ද? පින්වත් මහණෙනි, යම් රාගය ක්ෂය වීමක් ඇද්ද, ද්වේෂය ක්ෂය වීමක් ඇද්ද, මෝහය ක්ෂය වීමක් ඇද්ද, පින්වත් මහණෙනි, මෙයට තමයි අසංඛතය කියලා කියන්නේ. පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? කායගතාසතිය යි. පින්වත් මහණෙනි, අසංඛත ගාමී මාර්ගය කියන්නේ මෙය යි.
පින්වත් මහණෙනි, මෙසේ මා විසින් ඔබට අසංඛතයත් දේශනා කළා. අසංඛතගාමී මාර්ගයත් දේශනා කළා. පින්වත් මහණෙනි, ශ්‍රාවකයන්ට හිතෛෂී වූ, අනුකම්පා කරන්නා වූ ශාස්තෘන් වහන්සේ නමක් විසින් යමක් කළයුතු නම්, අනුකම්පා උපදවාගෙන ඔබට මා විසින් එය කරලයි තියෙන්නේ. පින්වත් මහණෙනි, ඔය තියෙන්නේ රුක් සෙවණ, ඔය තියෙන්නේ පාළු කුටි. පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන්න. ප්‍රමාද වෙන්න එපා. පස්සේ පසුතැවෙන්න එපා. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, ඔබට අසංඛතයත් (නිවනත්), අසංඛතය කරා යන්නා වූ මාර්ගයත් දේශනා කරන්නම්. එය සවන් යොමා අසන්න. පින්වත් මහණෙනි, අසංඛතය යනු කුමක්ද? පින්වත් මහණෙනි, යම් රාගය ක්ෂය වීමක් ඇද්ද, ද්වේෂය ක්ෂය වීමක් ඇද්ද, මෝහය ක්ෂය වීමක් ඇද්ද, පින්වත් මහණෙනි, මෙයට තමයි අසංඛතය කියලා කියන්නේ. පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? සමථ භාවනාවත්, විදර්ශනා භාවනාවත් ය. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙය යි. පින්වත් මහණෙනි, මා විසින් ඔබට මේ අයුරින් දේශනා කරලයි තියෙන්නේ ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, ඔබට අසංඛතයත් (නිවනත්), අසංඛතය කරා යන්නා වූ මාර්ගයත් දේශනා කරන්නම්. එය සවන් යොමා අසන්න. පින්වත් මහණෙනි, අසංඛතය යනු කුමක්ද? පින්වත් මහණෙනි, යම් රාගය ක්ෂය වීමක් ඇද්ද, ද්වේෂය ක්ෂය වීමක් ඇද්ද, මෝහය ක්ෂය වීමක් ඇද්ද, පින්වත් මහණෙනි, මෙයට තමයි අසංඛතය කියලා කියන්නේ. පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? විතක්ක සහිත, විචාර සහිත සමාධියත්, විතක්ක රහිත වූ, විචාර මාත්‍ර ඇති සමාධියත්, අවිතක්ක, අවිචාර සමාධියත්ය. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි. පින්වත් මහණෙනි, මා විසින් ඔබට මේ අයුරින් දේශනා කරලයි තියෙන්නේ ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? සුඤ්ඤත සමාධිය, අනිමිත්ත සමාධිය හා අප්පණිහිත සමාධිය යි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙය යි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? සතර සතිපට්ඨානය යි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙය යි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? සතර සම්‍යක් පධානය යි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? සතර ඍද්ධිපාද යි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙය යි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පඤ්ච ඉන්ද්‍රිය ධර්ම යි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙය යි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පඤ්ච බල ධර්ම යි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙය යි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? සප්ත බොජ්ඣංග ධර්ම යි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙය යි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි. පින්වත් මහණෙනි, මෙසේ මා විසින් ඔබට අසංඛතයත් දේශනා කළා. අසංඛතගාමී මාර්ගයත් දේශනා කළා. පින්වත් මහණෙනි, ශ්‍රාවකයන්ට හිතෛෂී වූ, අනුකම්පා කරන්නා වූ ශාස්තෘන් වහන්සේ නමක් විසින් යමක් කළයුතු නම්, අනුකම්පා උපදවාගෙන ඔබට මා විසින් එය කරලයි තියෙන්නේ. පින්වත් මහණෙනි, ඔය තියෙන්නේ රුක් සෙවණ, ඔය තියෙන්නේ පාළු කුටි. පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන්න. ප්‍රමාද වෙන්න එපා. පස්සේ පසුතැවෙන්න එපා. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පළමුවෙනි අසංඛත වර්ගය යි.
එහි පිළිවෙළ උද්දානය යි.
කායගතාසති සූත්‍රය, සමථවිපස්සනා සූත්‍රය, සවිතක්ක සූත්‍රය, සුඤ්ඤත සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රය, සම්මප්පධාන සූත්‍රය, ඉද්ධිපාද සූත්‍රය, ඉන්ද්‍රිය සූත්‍රය, බල සූත්‍රය, බොජ්ඣංග සූත්‍රය, මග්ගංග සූත්‍රය, යන දෙසුම් වලින් මේ වර්ගය සමන්විත යි.
පින්වත් මහණෙනි, ඔබට අසංඛතයත් (නිවනත්), අසංඛතය කරා යන්නා වූ මාර්ගයත් දේශනා කරන්නම්. එය සවන් යොමා අසන්න. පින්වත් මහණෙනි, අසංඛතය යනු කුමක්ද? පින්වත් මහණෙනි, යම් රාගය ක්ෂය වීමක් ඇද්ද, ද්වේෂය ක්ෂය වීමක් ඇද්ද, මෝහය ක්ෂය වීමක් ඇද්ද, පින්වත් මහණෙනි, මෙයට තමයි අසංඛතය කියලා කියන්නේ. පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? සමථ භාවනාව යි. පින්වත් මහණෙනි, අසංඛත ගාමී මාර්ගය කියන්නේ මෙය යි.
පින්වත් මහණෙනි, මෙසේ මා විසින් ඔබට අසංඛතයත් දේශනා කළා. අසංඛතගාමී මාර්ගයත් දේශනා කළා. පින්වත් මහණෙනි, ශ්‍රාවකයන්ට හිතෛෂී වූ, අනුකම්පා කරන්නා වූ ශාස්තෘන් වහන්සේ නමක් විසින් යමක් කළ යුතු නම්, අනුකම්පා උපදවාගෙන ඔබට මා විසින් එය කරලයි තියෙන්නේ. පින්වත් මහණෙනි, ඔය තියෙන්නේ රුක් සෙවණ, ඔය තියෙන්නේ පාළු කුටි. පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන්න. ප්‍රමාද වෙන්න එපා. පස්සේ පසුතැවෙන්න එපා. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, ඔබට අසංඛතයත් (නිවනත්), අසංඛතය කරා යන්නා වූ මාර්ගයත් දේශනා කරන්නම්. එය සවන් යොමා අසන්න. පින්වත් මහණෙනි, අසංඛතය යනු කුමක්ද? පින්වත් මහණෙනි, යම් රාගය ක්ෂය වීමක් ඇද්ද, ද්වේෂය ක්ෂය වීමක් ඇද්ද, මෝහය ක්ෂය වීමක් ඇද්ද, පින්වත් මහණෙනි, මෙයට තමයි අසංඛතය කියලා කියන්නේ. පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? විදර්ශනා භාවනාව යි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙය යි. පින්වත් මහණෙනි, මා විසින් ඔබට මේ අයුරින් දේශනා කරලයි තියෙන්නේ ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? විතක්ක සහිත, විචාර සහිත සමාධිය යි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙය යි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? විතක්ක රහිත, විචාරමාත්‍ර සමාධිය යි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? අවිතක්ක, අවිචාර සමාධිය යි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙය යි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? සුඤ්ඤත සමාධිය යි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙය යි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? අනිමිත්ත සමාධිය යි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙය යි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? අප්පණිහිත සමාධිය යි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙය යි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි විෂම ලෝභයත්, දොම්නසත් දුරු කරමින් කය පිළිබඳව කායානුපස්සනා භාවනාවෙන් වාසය කරයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙය යි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි විෂම ලෝභයත්, දොම්නසත් දුරු කරමින් වේදනා පිළිබඳව වේදනානුපස්සනා භාවනාවෙන් වාසය කරයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙය යි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි විෂම ලෝභයත්, දොම්නසත් දුරු කරමින් සිත පිළිබඳව චිත්තානුපස්සනා භාවනාවෙන් වාසය කරයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙය යි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, මනා නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි විෂම ලෝභයත්, දොම්නසත් දුරු කරමින් ධර්මයන් පිළිබඳව ධම්මානුපස්සනා භාවනාවෙන් වාසය කරයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙය යි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව නොහටගෙන තිබෙන්නා වූ පාපී අකුසල ධර්මයන් හට නොගැනීම පිණිස කැමැත්ත උපදව ගන්නවා. උත්සාහ කරනවා. වීරිය අරඹනවා. සිත දැඩි කොට ගන්නවා. පධන් වෙර වඩනවා. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙය යි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව හටගෙන තිබෙන්නා වූ පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස කැමැත්ත උපදව ගන්නවා. උත්සාහ කරනවා. වීරිය අරඹනවා. සිත දැඩි කොට ගන්නවා. පධන් වෙර වඩනවා. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙය යි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව නොහටගෙන තිබෙන්නා වූ කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස කැමැත්ත උපදව ගන්නවා. උත්සාහ කරනවා. වීරිය අරඹනවා ….(පෙ)…. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව හටගෙන තිබෙන්නා වූ කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, නැති නොවීම පිණිස, වඩා වර්ධනය වීම පිණිස, විපුල බව පිණිස, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස කැමැත්ත උපදව ගන්නවා. ….(පෙ)…. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙය යි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව කැමැත්ත මුල් කොට ඇති කරගන්නා සමාධියෙන් හා වීරියෙන් යුතු වූ වැඩපිළිවෙළින් සමන්විතව ඍද්ධිපාදය වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව වීර්යය මුල් කොට ඇති කරගන්නා සමාධියෙන් හා වීරියෙන් යුතු වූ වැඩපිළිවෙළින් සමන්විතව ඍද්ධිපාදය වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව සිත මුල් කොට ඇති කරගන්නා සමාධියෙන් හා වීරියෙන් යුතු වූ වැඩපිළිවෙළින් සමන්විතව ඍද්ධිපාදය වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විමසීම මුල් කොට ඇති කරගන්නා සමාධියෙන් හා වීරියෙන් යුතු වූ වැඩපිළිවෙළින් සමන්විතව ඍද්ධිපාදය වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ, විරාගයට නැඹුරු වූ, තණ්හා නිරෝධයට නැඹුරු වූ, නිවනට පමුණුවන්නා වූ ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙය යි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ ….(පෙ)…. වීරිය ඉන්ද්‍රිය වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ ….(පෙ)…. සති ඉන්ද්‍රිය වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ ….(පෙ)…. සමාධි ඉන්ද්‍රිය වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ ….(පෙ)…. ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ ….(පෙ)…. ශ්‍රද්ධා බලය වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ ….(පෙ)…. විරිය බලය වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ ….(පෙ)…. සති බලය වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ ….(පෙ)…. සමාධි බලය වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ ….(පෙ)…. ප්‍රඥා බලය වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ ….(පෙ)…. සතිසම්බොජ්ඣංගය වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ ….(පෙ)…. ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ ….(පෙ)…. විරිය සම්බොජ්ඣංගය වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ ….(පෙ)…. ප්‍රීති සම්බොජ්ඣංගය වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ ….(පෙ)…. පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ ….(පෙ)…. සමාධි සම්බොජ්ඣංගය වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ ….(පෙ)…. උපේක්ෂා සම්බොජ්ඣංගය වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ ….(පෙ)…. සම්මා දිට්ඨිය වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ ….(පෙ)…. සම්මා සංකල්ප වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ ….(පෙ)…. සම්මා වාචා වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ ….(පෙ)…. සම්මා කම්මන්ත වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ ….(පෙ)…. සම්මා ආජීව වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ ….(පෙ)…. සම්මා වායාම වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ ….(පෙ)…. සම්මා සතිය වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙයයි ….(පෙ)…. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, ඔබට අසංඛතයත් (නිවනත්), අසංඛතය කරා යන්නා වූ මාර්ගයත් දේශනා කරන්නම්. එය සවන් යොමා අසන්න. පින්වත් මහණෙනි, අසංඛතය යනු කුමක්ද? පින්වත් මහණෙනි, යම් රාගය ක්ෂය වීමක් ඇද්ද, ද්වේෂය ක්ෂය වීමක් ඇද්ද, මෝහය ක්ෂය වීමක් ඇද්ද, පින්වත් මහණෙනි, මෙයට තමයි අසංඛතය කියලා කියන්නේ. පින්වත් මහණෙනි, අසංඛතය කරා පමුණුවන මාර්ගය මොකක්ද? පින්වත් මහණෙනි, මෙහිලා භික්ෂුව විවේකයට නැඹුරු වූ, විරාගයට නැඹුරු වූ, තණ්හා නිරෝධයට නැඹුරු වූ, නිවනට පමුණුවන්නා වූ සම්මා සමාධිය වඩයි. පින්වත් මහණෙනි, අසංඛතගාමී මාර්ගය කියන්නේ මෙය යි.
පින්වත් මහණෙනි, මෙසේ මා විසින් ඔබට අසංඛතයත් දේශනා කළා. අසංඛතගාමී මාර්ගයත් දේශනා කළා. පින්වත් මහණෙනි, ශ්‍රාවකයන්ට හිතෛෂී වූ, අනුකම්පා කරන්නා වූ ශාස්තෘන් වහන්සේ නමක් විසින් යමක් කළයුතු නම්, අනුකම්පා උපදවාගෙන ඔබට මා විසින් එය කරලයි තියෙන්නේ. පින්වත් මහණෙනි, ඔය තියෙන්නේ රුක් සෙවණ, ඔය තියෙන්නේ පාළු කුටි. පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන්න. ප්‍රමාද වෙන්න එපා. පස්සේ පසුතැවෙන්න එපා. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
සාදු ! සාදු !! සාදු !!!
පින්වත් මහණෙනි, ඔබට දුකෙහි නිමාවත්, දුක නිමාවට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම්. එය සවන් යොමා අසන්න. පින්වත් මහණෙනි, දුකෙහි නිමාව යනු කුමක්ද? ….(පෙ)…. අපගේ අනුශාසනාව.
(අසංඛත සූත්‍රවල පරිද්දෙන් විස්තර කළ යුතුය)
පින්වත් මහණෙනි, ඔබට ආශ්‍රව රහිත වීමත්, ආශ්‍රව රහිත වීමට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම්. ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට සත්‍යයත්, සත්‍යයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට සසරින් එතෙරත්, සසරින් එතෙරට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට අතිශය සියුම් වූ දෙයත්, අතිශය සියුම් වූ දෙයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට දැකීමට ඉතා දුෂ්කර වූ දෙයත්, දැකීමට ඉතා දුෂ්කර වූ දෙයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට ජරාවට හසුනොවන දෙයත්, ජරාවට හසුනොවන දෙයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට ස්ථිර වූ දෙයත්, ස්ථිර වූ දෙයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට නොනැසෙන දෙයත්, නොනැසෙන දෙයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට නිදර්ශන රහිත දෙයත්, නිදර්ශන රහිත දෙයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට ප්‍රපඤ්ච රහිත දෙයත්, ප්‍රපඤ්ච රහිත දෙයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට ශාන්ත දෙයත්, ශාන්ත දෙයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට අමෘතයත්, අමෘතයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට ඉතා උතුම් දෙයත්, ඉතා උතුම් දෙයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට සුන්දර දෙයත්, සුන්දර දෙයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට භය රහිත දෙයත්, භය රහිත දෙයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට තණ්හාව ක්ෂය වීමත්, තණ්හාව ක්ෂය වීමට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට ආශ්චර්යවත් දෙයත්, ආශ්චර්යවත් දෙයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට පුදුම සහගත දෙයත්, පුදුම සහගත දෙයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට දුක් රහිත දෙයත්, දුක් රහිත දෙයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට දුක් නැති ස්වභාවයට අයත් දෙයත්, දුක් නැති ස්වභාවයට අයත් දෙයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට අමා මහ නිවනත්, අමා මහ නිවනට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට පීඩා රහිත දෙයත්, පීඩා රහිත දෙයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට විරාගී දෙයත්, විරාගී දෙයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට පිරිසිදු දෙයත්, පිරිසිදු දෙයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට දුකින් නිදහස් වූ දෙයත්, දුකින් නිදහස් වූ දෙයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට ආල රහිත දෙයත්, ආල රහිත දෙයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට පිහිට සළසන දෙයත්, පිහිට සළසන දෙයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට ආරක්‍ෂාව සළසන දෙයත්, ආරක්‍ෂාව සළසන දෙයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට රැකවරණය සළසන දෙයත්, රැකවරණය සළසන දෙයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට පිළිසරණ වන දෙයත්, පිළිසරණ වන දෙයට පමුණුවන මාර්ගයත් දේශනා කරන්නම් ….(පෙ)…. අපගේ අනුශාසනාව.
පින්වත් මහණෙනි, ඔබට පිහිට වන දෙයත් (නිවනත්), පිහිට වන දෙය කරා යන්නාවූ මාර්ගයත් දේශනා කරන්නම්. එය සවන් යොමා අසන්න. පින්වත් මහණෙනි, පිහිට වන දෙය යනු කුමක්ද? පින්වත් මහණෙනි, යම් රාගය ක්ෂය වීමක් ඇද්ද, ද්වේෂය ක්ෂය වීමක් ඇද්ද, මෝහය ක්ෂය වීමක් ඇද්ද, පින්වත් මහණෙනි, මෙයට තමයි පිහිට වන දෙය කියලා කියන්නේ. පින්වත් මහණෙනි, පිහිට වන දෙය කරා පමුණුවන මාර්ගය මොකක්ද? කායගතාසතිය යි. පින්වත් මහණෙනි, පරායණගාමී මාර්ගය කියන්නේ මෙයයි.
පින්වත් මහණෙනි, මෙසේ මා විසින් ඔබට පිහිට වන දෙයත් දේශනා කළා. පිහිට වන දෙය කරා යන්නා වූ මාර්ගයත් දේශනා කළා. පින්වත් මහණෙනි, ශ්‍රාවකයන්ට හිතෛෂී වූ, අනුකම්පා කරන්නා වූ ශාස්තෘන් වහන්සේ නමක් විසින් යමක් කළ යුතු නම්, අනුකම්පා උපදවාගෙන ඔබට මා විසින් එය කරලයි තියෙන්නේ. පින්වත් මහණෙනි, ඔය තියෙන්නේ රුක් සෙවණ, ඔය තියෙන්නේ පාළු කුටි. පින්වත් මහණෙනි, ධ්‍යාන වඩන්න. ප්‍රමාද වෙන්න එපා. පස්සේ පසුතැවෙන්න එපා. මේක තමයි ඔබට කරන අපගේ අනුශාසනාව.
(අසංඛත සූත්‍රවල පරිද්දෙන් විස්තර කළ යුතුය)
සාදු ! සාදු !! සාදු !!!
දෙවෙනි අසංඛත වර්ගය යි.
එහි පිළිවෙල උද්දානය යි.
අසංඛත සූත්‍ර, අන්ත සූත්‍ර, අනාසව සූත්‍ර, සච්ච සූත්‍රය, පාර සූත්‍ර, නිපුණ සූත්‍ර, සුදුද්දස සූත්‍ර, අජර සූත්‍ර, ධුව සූත්‍ර, අපලෝකිත සූත්‍ර, අනිදස්සන සූත්‍ර, නිප්පපඤ්ච සූත්‍ර, සන්ත සූත්‍ර අමත සූත්‍ර, පණීත සූත්‍ර, සිව සූත්‍ර, ඛේම සූත්‍ර, තණ්හක්ඛය සූත්‍ර, අච්ඡරිය සූත්‍ර, අබ්භූත සූත්‍ර, අනීතික සූත්‍ර, අනීතිකධම්ම සූත්‍ර, නිබ්බාන සූත්‍ර යන මේ දෙසුම් දෙසා වදාළේ සුගතයන් වහන්සේ විසිනුයි. අබ්‍යාපජ්ඣ සූත්‍ර, විරාග සූත්‍ර, සුද්ධි සූත්‍ර, මුත්ති සූත්‍ර, අනාලය සූත්‍ර, දීප සූත්‍ර, ලේණ සූත්‍ර, තාණ සූත්‍ර, සරණ සූත්‍ර, පරායණ සූත්‍ර යන මෙයින් දෙවෙනි අසංඛත වර්ගය සමන්විත වේ.
අසංඛත සංයුත්තය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn4_9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M