අංගුත්තර නිකාය

ඒකක නිපාතෝ

12. අනාපත්තිවග්ගෝ

12. අනාපත්ති වර්ගය

1. 12. 1-10

(සාවත්ථි නිදානං)

සැවැත් නුවරදී …..

යේ තේ භික්ඛවේ, භික්ඛූ අනාපත්තිං ආපත්තීති දීපෙන්ති ….(පෙ)…. ආපත්තිං අනාපත්තීති දීපෙන්ති ….(පෙ)…. ලහුකං ආපත්තිං ගරුකා ආපත්තීති දීපෙන්ති ….(පෙ)…. ගරුකං ආපත්තිං ලහුකා ආපත්තීති දීපෙන්ති ….(පෙ)…. දුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්ති ….(පෙ)…. අදුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්ති ….(පෙ)…. සාවසේසං ආපත්තිං අනවසේසා ආපත්තීති දීපෙන්ති ….(පෙ)…. අනවසේසං ආපත්තිං සාවසේසා ආපත්තීති දීපෙන්ති ….(පෙ)…. සප්පටිකම්මං ආපත්තිං අප්පටිකම්මා ආපත්තීති දීපෙන්ති ….(පෙ)…. අප්පටිකම්මං ආපත්තිං සප්පටිකම්මා ආපත්තීති දීපෙන්ති. තේ භික්ඛවේ, භික්ඛූ බහුජන අහිතාය පටිපන්නා බහුජන අසුඛාය, බහුනෝ ජනස්ස අනත්ථාය අහිතාය දුක්ඛාය දේවමනුස්සානං. බහුඤ්ච තේ භික්ඛවේ, භික්ඛූ අපුඤ්ඤං පසවන්ති. තේවිමං සද්ධම්මං අන්තරධාපෙන්තීති.

“පින්වත් මහණෙනි, යම් භික්ෂූන් වහන්සේලා ආපත්තියක් (භික්ෂූන් අතින් සිදුවන වැරැද්දක්) නොවන දේ, ආපත්තියක් හැටියට පෙන්වා දෙනවා නම්, ….(පෙ)…. ආපත්තිය, ආපත්තියක් නොවන දෙයක් හැටියට පෙන්වා දෙනවා නම්, ….(පෙ)…. සුළු ආපත්තියක්, ලොකු ආපත්තියක් හැටියට පෙන්වා දෙනවා නම්, ….(පෙ)…. ලොකු ආපත්තියක්, සුළු ආපත්තියක් හැටියට පෙන්වා දෙනවා නම්, ….(පෙ)…. බරපතල ආපත්තියක්, බරපතල නොවන ආපත්තියක් හැටියට පෙන්වා දෙනවා නම්, ….(පෙ)…. බරපතල නොවන ආපත්තියක්, බරපතල ආපත්තියක් හැටියට පෙන්වා දෙනවා නම්, ….(පෙ)…. සම්පූර්ණ නොවූ ආපත්තියක්, සම්පූර්ණ ආපත්තියක් හැටියට පෙන්වා දෙනවා නම්, ….(පෙ)…. සම්පූර්ණ වූ ආපත්තියක්, සම්පූර්ණ නොවූ ආපත්තියක් හැටියට පෙන්වා දෙනවා නම්, ….(පෙ)…. පිළියම් කරන්න පුළුවන් ආපත්තියක්, පිළියම් කිරීමට බැරි ආපත්තියක් හැටියට පෙන්වා දෙනවා නම්, ….(පෙ)…. පිළියම් කිරීමට බැරි ආපත්තියක්, පිළියම් කිරීමට හැකි ආපත්තියක් හැටියට පෙන්වා දෙනවා නම්, පින්වත් මහණෙනි, ඒ භික්ෂූන් වහන්සේලා බොහෝ ජනයාගේ අයහපත පිණිස, බොහෝ දෙනාගේ අපහසුව පිණිස, බොහෝ දෙනාගේත්, දෙව් මිනිසුන්ගේත් අනර්ථය පිණිසම, අහිත පිණිසම, දුක පිණිසම පිළිපන් පිරිසකි. පින්වත් මහණෙනි, ඒ භික්ෂූන් බොහෝ පව් රැස් කර ගන්නවා. ඔවුන් තමයි මේ සද්ධර්මය අතුරුදහන් කරන්නෙ.”

1. 12. 11-20

යේ තේ, භික්ඛවේ, භික්ඛූ අනාපත්තිං අනාපත්තීති දීපෙන්ති ….(පෙ)…. ආපත්තිං ආපත්තීති දීපෙන්ති ….(පෙ)…. ලහුකං ආපත්තිං ලහුකා ආපත්තීති දීපෙන්ති ….(පෙ)…. ගරුකං ආපත්තිං ගරුකා ආපත්තීති දීපෙන්ති ….(පෙ)…. දුට්ඨුල්ලං ආපත්තිං දුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්ති ….(පෙ)…. අදුට්ඨුල්ලං ආපත්තිං අදුට්ඨුල්ලා ආපත්තීති දීපෙන්ති ….(පෙ)…. සාවසේසං ආපත්තිං සාවසේසා ආපත්තීති දීපෙන්ති ….(පෙ)…. අනවසේසං ආපත්තිං අනවසේසා ආපත්තීති දීපෙන්ති ….(පෙ)…. සප්පටිකම්මං ආපත්තිං සප්පටිකම්මා ආපත්තීති දීපෙන්ති ….(පෙ)…. අප්පටිකම්මං ආපත්තිං අප්පටිකම්මා ආපත්තීති දීපෙන්තීති. තේ භික්ඛවේ, භික්ඛූ බහුජනහිතාය පටිපන්නා බහුජනසුඛාය, බහුනෝ ජනස්ස අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. බහුඤ්ච තේ භික්ඛවේ, භික්ඛූ පුඤ්ඤං පසවන්ති. තේවිමං සද්ධම්මං ඨපෙන්තීති.

“පින්වත් මහණෙනි, යම් භික්ෂූන් වහන්සේලා අනාපත්තියක් (භික්ෂූන් අතින් සිදුවන වැරැදි නොවන දේ), අනාපත්තියක් හැටියටම පෙන්වා දෙනවා නම්, ….(පෙ)…. ආපත්තිය, ආපත්තිය හැටියටම පෙන්වා දෙනවා නම්, ….(පෙ)…. සුළු ආපත්තිය, සුළු ආපත්තිය හැටියටම පෙන්වා දෙනවා නම්, ….(පෙ)…. ලොකු ආපත්තිය, ලොකු ආපත්තිය හැටියටම පෙන්වා දෙනවා නම්, ….(පෙ)…. බරපතල ආපත්තිය, බරපතල ආපත්තිය හැටියටම පෙන්වා දෙනවා නම්, ….(පෙ)…. බරපතල නොවන ආපත්තිය, බරපතල නොවන ආපත්තිය හැටියටම පෙන්වා දෙනවා නම්, ….(පෙ)…. සම්පූර්ණ නොවූ ආපත්තිය, සම්පූර්ණ නොවූ ආපත්තිය හැටියටම පෙන්වා දෙනවා නම්, ….(පෙ)…. සම්පූර්ණ වූ ආපත්තිය, සම්පූර්ණ වූ ආපත්තිය හැටියටම පෙන්වා දෙනවා නම්, ….(පෙ)…. පිළියම් කරන්න පුළුවන් ආපත්තිය, පිළියම් කිරීමට හැකි ආපත්තිය හැටියටම පෙන්වා දෙනවා නම්, ….(පෙ)…. පිළියම් කිරීමට බැරි ආපත්තිය, පිළියම් කිරීමට බැරි ආපත්තිය හැටියටම පෙන්වා දෙනවා නම්, පින්වත් මහණෙනි, ඒ භික්ෂූන් වහන්සේලා බොහෝ ජනයාගේ යහපත පිණිස, බොහෝ දෙනාගේ සැපය පිණිස, බොහෝ ජනයාගේත්, දෙව් මිනිසුන්ගේත් අර්ථය පිණිසම, යහපත පිණිසම, සැපය පිණිසම පිළිපන් පිරිසකි. පින්වත් මහණෙනි, ඒ භික්ෂූන් බොහෝ පින් රැස් කර ගන්නවා. ඔවුන් තමයි මේ සද්ධර්මය ස්ථාපිත කරන්නෙ.”

වග්ගෝ ද්වාදසමෝ.

දොළොස්වෙනි වර්ගය යි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_1-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M