ඛුද්දක නිකාය

ඛුද්දකපාඨ පාළි

3. ද්වත්තිංසාකාරං

3. කුණප කොටස් තිස් දෙක

අත්ථි ඉමස්මිං කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජං වක්කං හදයං යකනං කිලෝමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා ඛේළෝ සිංඝාණිකා ලසිකා මුත්තන්තං මත්ථකේ මත්ථලුංගන්ති.

මේ කයේ කෙස් තියෙනවා, ලොම් තියෙනවා, නියපොතු තියෙනවා, දත් තියෙනවා, සම තියෙනවා, මස් තියෙනවා, නහර තියෙනවා, ඇට තියෙනවා, ඇට මිදුළු තියෙනවා, වකුගඩු තියෙනවා, හදවත තියෙනවා, අක්මාව තියෙනවා, දලබුව තියෙනවා, බඩදිව තියෙනවා, පෙනහළු තියෙනවා, කුඩා බඩවැල තියෙනවා, මහා බඩවැල තියෙනවා, ආමාශය තියෙනවා, අසුචි තියෙනවා, පිත තියෙනවා, සෙම තියෙනවා, සැරව තියෙනවා, ලේ තියෙනවා, දහඩිය තියෙනවා, තෙල්මන්ද තියෙනවා, කඳුළු තියෙනවා, වුරුණු තෙල් තියෙනවා, කෙළ තියෙනවා, සොටු තියෙනවා, සඳමිදුළු තියෙනවා, මුත්‍රා තියෙනවා, හිස් මොළ තියෙනවා.

ද්වත්තිංසාකාරං.

මේ වනාහී දෙතිස් කුණපයයි.

සාදු! සාදු!! සාදු!!!

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M