අංගුත්තර නිකාය

ඒකක නිපාතෝ

18. අච්ඡරාසංඝාත වග්ගෝ

18. අච්ඡරාසංඝාත වර්ගය

1.16.6.1.

අච්ඡරාසංඝාතමත්තම්පි චේ භික්ඛවේ, භික්ඛු පඨමං ඣානං භාවේති, අයං වුච්චති භික්ඛවේ, භික්ඛු අරිත්තජ්ඣානෝ විහරති, සත්ථුසාසනකරෝ, ඕවාදපතිකරෝ, අමෝඝං රට්ඨපිණ්ඩං භුඤ්ජති. කෝ පන වාදෝ යේ නං බහුලීකරොන්ති.

“පින්වත් මහණෙනි, ඉදින් යම් භික්ෂුවක් අසුරු සැණක් ගසන මොහොතක් තරම්වත් පළවෙනි ධ්‍යානය වඩනවා නම්, පින්වත් මහණෙනි, මේකට තමයි කියන්නේ ‘භික්ෂුව භාවනාවෙන් හිස් නැතුව වාසය කරනවා. ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාවත් කරනවා. අවවාදයත් පිළිපදිනවා. රට වැසියා පුදන පිණ්ඩපාතයත් (පිදූ අයට සැප විපාක ලබා දෙන නිසාත්) හිස් නැතුව වළඳනවා’ කියල. ඉතින් පළවෙනි ධ්‍යානය බහුලව කරන කෙනෙක් ගැන කවර කතාද?”

1.16.6.2-8.

අච්ඡරාසංඝාතමත්තම්පි චේ භික්ඛවේ, භික්ඛු දුතියං ඣානං භාවේති, ….(පෙ)…. තතියං ඣානං භාවේති, ….(පෙ)…. චතුත්ථං ඣානං භාවේති, ….(පෙ)…. මෙත්තං චේතෝවිමුත්තිං භාවේති, ….(පෙ)…. කරුණං චේතෝවිමුත්තිං භාවේති, ….(පෙ)…. මුදිතං චේතෝවිමුත්තිං භාවේති, ….(පෙ)…. උපෙක්ඛං චේතෝවිමුත්තිං භාවේති. අයං වුච්චති භික්ඛවේ, භික්ඛු අරිත්තජ්ඣානෝ විහරති, සත්ථුසාසනකරෝ, ඕවාදපතිකරෝ, අමෝඝං රට්ඨපිණ්ඩං භුඤ්ජති. කෝ පන වාදෝ යේ නං බහුලීකරොන්ති.

“පින්වත් මහණෙනි, ඉදින් යම් භික්ෂුවක් අසුරු සැණක් ගසන මොහොතක් තරම්වත් දෙවෙනි ධ්‍යානය වඩනවා නම්, ….(පෙ)…. තුන් වෙනි ධ්‍යානය වඩනවා නම්, ….(පෙ)…. හතරවෙනි ධ්‍යානය වඩනවා නම්, ….(පෙ)…. මෛත්‍රී චේතෝ විමුක්තිය වඩනවා නම්, ….(පෙ)…. කරුණා චේතෝ විමුක්තිය වඩනවා නම්, ….(පෙ)…. මුදිතා චේතෝ විමුක්තිය වඩනවා නම්, ….(පෙ)…. උපෙක්ඛා චේතෝ විමුක්තිය වඩනවා නම්, පින්වත් මහණෙනි, මේකට තමයි කියන්නේ ‘භික්ෂුව භාවනාවෙන් හිස් නැතුව වාසය කරනවා. ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාවත් කරනවා. අවවාදයත් පිළිපදිනවා. රට වැසියා පුදන පිණ්ඩපාතයත් හිස් නැතුව වළඳනවා’ කියල. ඉතින් උපෙක්ඛා චේතෝ විමුක්තිය බහුලව කරන කෙනෙක් ගැන කවර කතාද?”

1.16.6.9-12.

….(පෙ)…. කායේ කායානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං, ….(පෙ)…. වේදනාසු වේදනානුපස්සී විහරති, ….(පෙ)…. චිත්තේ චිත්තානුපස්සී විහරති, ….(පෙ)…. ධම්මේසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං.

“….(පෙ)…. ඉදින් යම් භික්ෂුවක් කෙලෙස් තවා දමන වීරියෙන් යුතුව, සිහියෙන් යුතුව, මනා නුවණින් යුතුව ජීවිතය නම් වූ ලෝකය පිළිබඳ පවතින ලෝභයත් දොම්නසත් දුරු කොට, මැනැවින් පිහිටුවා ගත් සිහියෙන් යුතුව කය පිළිබඳව කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා නම්, ….(පෙ)…. වේදනාවන් පිළිබඳව වේදනානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා නම්, ….(පෙ)…. සිත පිළිබඳව චිත්තානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා නම්, ….(පෙ)…. කෙලෙස් තවා දමන වීරියෙන් යුතුව, සිහියෙන් යුතුව, මනා නුවණින් යුතුව, ජීවිතය නම් වූ ලෝකය පිළිබඳ පවතින ලෝභයත් දොම්නසත් දුරු කොට, මැනැවින් පිහිටුවා ගත් සිහියෙන් යුතුව ධර්මයන් පිළිබඳව ධම්මානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා නම්, ….(පෙ)….”

1.16.6.13-16.

….(පෙ)…. අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනේති වායමති, විරියං ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති. ….(පෙ)…. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනේති, වායමති, වීරියං ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති. ….(පෙ)…. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනේති, වායමති, වීරියං ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති. ….(පෙ)…. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝසාය භිය්‍යෝභාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනේති, වායමති, වීරියං ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති ….(පෙ)….

“….(පෙ)…. නූපන් අකුසල් නූපදවීම පිණිස කැමැත්ත උපදවා ගන්නවා. උත්සාහ කරනවා. ඒ සඳහා වීරිය පටන් ගන්නවා. සිත දැඩි කොට ගන්නවා. පධන් වීරිය කරනවා නම්, ….(පෙ)…. උපන් පාපී අකුසල් ප්‍රහාණය කිරීම පිණිස කැමැත්ත උපදවා ගන්නවා. ඒවා නැති කරන්න උත්සාහ කරනවා. ඒ සඳහා වීරිය පටන් ගන්නවා. සිත දැඩි කොට ගන්නවා. පධන් වීරිය කරනවා නම්, ….(පෙ)…. නූපන් කුසල් දහම් උපදවා ගැනීම පිණිස කැමැත්ත උපදවා ගන්නවා. උත්සාහ කරනවා. ඒ සඳහා වීරිය පටන් ගන්නවා. සිත දැඩි කොට ගන්නවා. පධන් වීරිය කරනවා නම්, ….(පෙ)…. උපන් කුසල් දහම් පවත්වා ගන්නත්, නැති නොවීම පිණිසත්, වැඩි දියුණු කරගැනීම පිණිසත්, විපුල බවට පත්වීම පිණිසත්, භාවනාවෙන් සම්පූර්ණ කරගැනීම පිණිසත්, කැමැත්ත උපදවා ගන්නවා. උත්සාහ කරනවා. ඒ සඳහා වීරිය පටන් ගන්නවා. සිත දැඩි කොට ගන්නවා. පධන් වීරිය කරනවා නම්, ….(පෙ)….”

1.16.6.17-20.

….(පෙ)…. ඡන්දසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවේති, ….(පෙ)…. වීරියසමාධි, ….(පෙ)…. චිත්තසමාධි, ….(පෙ)…. වීමංසාසමාධිපධානසංඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවේති ….(පෙ)….

“….(පෙ)…. ධර්මාවබෝධයට අධික වූ කැමැත්තෙන් යුතුව වීරිය වඩමින් උපදවා ගන්නා සමාධි සංස්කාරයෙන් යුතුව ඡන්ද ඉර්ධිපාදය වඩයි නම්, ….(පෙ)…. ධර්මාවබෝධයට අධික වූ වීරියෙන් යුතුව වීරිය වඩමින් උපදවා ගන්නා සමාධි සංස්කාරයෙන් යුතුව විරිය ඉර්ධිපාදය වඩයි නම්, ….(පෙ)…. ධර්මාවබෝධයට අධික වූ අධිෂ්ඨානයෙන් යුතුව වීරිය වඩමින් උපදවා ගන්නා සමාධි සංස්කාරයෙන් යුතුව චිත්ත ඉර්ධිපාදය වඩයි නම්, ….(පෙ)…. ධර්මාවබෝධයට අධික වූ විමසුම් නුවණින් යුතුව වීරිය වඩමින් උපදවා ගන්නා සමාධි සංස්කාරයෙන් යුතුව වීමංසා ඉර්ධිපාදය වඩයි නම්, ….(පෙ)….”

1.16.6.21-25.

….(පෙ)…. සද්ධින්ද්‍රියං භාවේති, ….(පෙ)…. වීරියින්ද්‍රියං භාවේති, ….(පෙ)…. සතින්ද්‍රියං භාවේති, ….(පෙ)…. සමාධින්ද්‍රියං භාවේති, ….(පෙ)…. පඤ්ඤින්ද්‍රියං භාවේති ….(පෙ)….

“….(පෙ)…. ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩයි නම්, ….(පෙ)…. විරිය ඉන්ද්‍රිය වඩයි නම්, ….(පෙ)…. සති ඉන්ද්‍රිය වඩයි නම්, ….(පෙ)…. සමාධි ඉන්ද්‍රිය වඩයි නම්, ….(පෙ)…. ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි නම්, ….(පෙ)….”

1.16.6.26-30.

….(පෙ)…. සද්ධාබලං භාවේති, ….(පෙ)…. වීරියබලං භාවේති, ….(පෙ)…. සතිබලං භාවේති, ….(පෙ)…. සමාධිබලං භාවේති,….(පෙ)…. පඤ්ඤාබලං භාවේති ….(පෙ)….

“….(පෙ)…. ශ්‍රද්ධා බලය වඩයි නම්, ….(පෙ)…. විරිය බලය වඩයි නම්, ….(පෙ)…. සති බලය වඩයි නම්, ….(පෙ)…. සමාධි බලය වඩයි නම්, ….(පෙ)…. ප්‍රඥා බලය වඩයි නම්, ….(පෙ)….”

1.16.6.31-37.

….(පෙ)…. සතිසම්බොජ්ඣංගං භාවේති, ….(පෙ)…. ධම්මවිචයසම්බොජ්ඣංගං භාවේති, ….(පෙ)…. වීරියසම්බොජ්ඣංගං භාවේති, ….(පෙ)…. පීතිසම්බොජ්ඣංගං භාවේති, ….(පෙ)…. පස්සද්ධිසම්බොජ්ඣංගං භාවේති, ….(පෙ)…. සමාධිසම්බොජ්ඣංගං භාවේති, ….(පෙ)…. උපෙක්ඛාසම්බොජ්ඣංගං භාවේති ….(පෙ)….

“….(පෙ)…. නිවනට අංගයක් වන (බොජ්ඣංග) සිහිය නැමැති බොජ්ඣංගය වඩයි නම්, ….(පෙ)…. ධර්මය නුවණින් විමසීම නැමැති බොජ්ඣංගය වඩයි නම්, ….(පෙ)…. වීරිය නැමැති බොජ්ඣංගය වඩයි නම්, ….(පෙ) … ප්‍රීතිය නැමැති බොජ්ඣංගය වඩයි නම්, ….(පෙ)…. සිතේ කයේ සංසිඳීම (පස්සද්ධි) නැමැති බොජ්ඣංගය වඩයි නම්, ….(පෙ)…. සමාධිය නැමැති බොජ්ඣංගය වඩයි නම්, ….(පෙ)…. උපේක්ෂාව නැමැති බොජ්ඣංගය වඩයි නම්, ….(පෙ)….”

1.16.6.38-45.

….(පෙ)…. සම්මාදිට්ඨිං භාවේති, ….(පෙ)…. සම්මාසංකප්පං භාවේති, ….(පෙ)…. සම්මාවාචං භාවේති, ….(පෙ)…. සම්මාකම්මන්තං භාවේති, ….(පෙ)…. සම්මාආජීවං භාවේති, ….(පෙ)…. සම්මාවායාමං භාවේති, ….(පෙ)…. සම්මාසතිං භාවේති, ….(පෙ)…. සම්මාසමාධිං භාවේති ….(පෙ)….

“….(පෙ)…. සම්මා දිට්ඨිය වඩයි නම්, ….(පෙ)…. සම්මා සංකල්ප වඩයි නම්, ….(පෙ)…. සම්මා වාචා වඩයි නම්, ….(පෙ)…. සම්මා කම්මන්ත වඩයි නම්, ….(පෙ)…. සම්මා ආජීවය වඩයි නම්, ….(පෙ)…. සම්මා වායාමය වඩයි නම්, ….(පෙ)…. සම්මා සතිය වඩයි නම්, ….(පෙ)…. සම්මා සමාධිය වඩයි නම්, ….(පෙ)….”

1.16.6.46-53.

….(පෙ)…. අජ්ඣත්තං රූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති ඒවං සඤ්ඤී හෝති. ….(පෙ)…. අජ්ඣත්තං රූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති ඒවං සඤ්ඤී හෝති, ….(පෙ)…. අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති ඒවං සඤ්ඤී හෝති, ….(පෙ)…. අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති ඒවං සඤ්ඤී හෝති, ….(පෙ)…. අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි, තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති ඒවං සඤ්ඤී හෝති, ….(පෙ)…. අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි, තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති ඒවං සඤ්ඤී හෝති, ….(පෙ)…. අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති ලෝහිතකානි ලෝහිතකවණ්ණානි ලෝහිතකනිදස්සනානි ලෝහිතකනිභාසානි, තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති ඒවං සඤ්ඤී හෝති, ….(පෙ)…. අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති ඕදාතානි ඕදාතවණ්ණානි ඕදාතනිදස්සනානි ඕදාතනිභාසානි, තානි අභිභුය්‍ය ජානාමි පස්සාමීති ඒවං සඤ්ඤී හෝති ….(පෙ)….

“….(පෙ)…. ආධ්‍යාත්මයෙහි රූපී සඤ්ඤාව ඇතිව බාහිර වූ සුවර්ණ දුර්වර්ණ වූ ස්වල්ප වූ රූපයන් දකියි. ඒවා නුවණින් මඩිමින් දනිමි’යි දකිමි’යි යන මෙබඳු සඤ්ඤා ඇත්තේ වෙයි. ….(පෙ)…. ආධ්‍යාත්මයෙහි රූපී සඤ්ඤාව ඇතිව බාහිර වූ සුවර්ණ දුර්වර්ණ වූ අප්‍රමාණ වූ රූපයන් දකියි. ඒවා නුවණින් මඩිමින් දනිමි’යි දකිමි’යි යන මෙබඳු සඤ්ඤා ඇත්තේ වෙයි. ….(පෙ)…. ආධ්‍යාත්මයෙහි අරූපී සඤ්ඤාව ඇතිව බාහිර වූ සුවර්ණ දුර්වර්ණ වූ ස්වල්ප වූ රූපයන් දකියි. ඒවා නුවණින් මඩිමින් දනිමි’යි දකිමි’යි යන මෙබඳු සඤ්ඤා ඇත්තේ වෙයි. ….(පෙ)…. ආධ්‍යාත්මයෙහි අරූපී සඤ්ඤාව ඇතිව බාහිර වූ සුවර්ණ දුර්වර්ණ වූ අප්‍රමාණ වූ රූපයන් දකියි. ඒවා නුවණින් මඩිමින් දනිමි’යි දකිමි’යි යන මෙබඳු සඤ්ඤා ඇත්තේ වෙයි. ….(පෙ)…. ආධ්‍යාත්මයෙහි අරූපී සඤ්ඤාව ඇතිව බාහිර නිල් වූ නීලවර්ණ ඇති, නීල නිදර්ශන ඇති, නිල් ආලෝක ඇති රූපයන් දකියි. ඒවා නුවණින් මඩිමින් දනිමි’යි දකිමි’යි යන මෙබඳු සඤ්ඤා ඇත්තේ වෙයි. ….(පෙ)…. ආධ්‍යාත්මයෙහි අරූපී සඤ්ඤාව ඇතිව කහ වූ කහ වර්ණ ඇති, කහ නිදර්ශන ඇති, කහ ආලෝක ඇති රූපයන් දකියි. ඒවා නුවණින් මඩිමින් දනිමි’යි දකිමි’යි යන මෙබඳු සඤ්ඤා ඇත්තේ වෙයි. ….(පෙ)…. ආධ්‍යාත්මයෙහි අරූපී සඤ්ඤාව ඇතිව බාහිර රතු වූ රතු වර්ණ ඇති, රතු නිදර්ශන ඇති, රතු ආලෝක ඇති රූපයන් දකියි. ඒවා නුවණින් මඩිමින් දනිමි’යි දකිමි’යි යන මෙබඳු සඤ්ඤා ඇත්තේ වෙයි. ….(පෙ)…. ආධ්‍යාත්මයෙහි අරූපී සඤ්ඤාව ඇතිව බාහිර සුදු වූ සුදු වර්ණ ඇති, සුදු නිදර්ශන ඇති, සුදු ආලෝක ඇති රූපයන් දකියි. ඒවා නුවණින් මඩිමින් දනිමි’යි දකිමි’යි යන මෙබඳු සඤ්ඤා ඇත්තේ වෙයි. ….(පෙ)….”

1.16.6.54-61.

….(පෙ)…. රූපී රූපානි පස්සති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති. ….(පෙ)…. සුභන්තේව අධිමුත්තෝ හෝති. ….(පෙ)…. සබ්බසෝ රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථංගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තෝ ආකාසෝති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. ….(පෙ)…. සබ්බසෝ ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති, ….(පෙ)…. සබ්බසෝ විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. ….(පෙ)…. සබ්බසෝ ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. ….(පෙ)…. සබ්බසෝ නේවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවේදයිතනිරෝධං උපසම්පජ්ජ විහරති. ….(පෙ)….

“….(පෙ)…. රූපවත් වූයේ රූපයන් දකියි නම්, ….(පෙ)…. ආධ්‍යාත්මයෙහි අරූප සඤ්ඤී වූයේ බාහිර රූපයන් දකියි නම්, ….(පෙ)…. (ධ්‍යාන) සුභ වශයෙන්ම ගෙන එහි ඇලී වසයි නම්, ….(පෙ)…. සියලු රූප සඤ්ඤාවන් ඉක්මවා ගොස්, ගොරෝසු සඤ්ඤාවන් ඉක්මවා ගොස් නොයෙක් සඤ්ඤාවන් මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත වූ ආකාසය’ යැයි මෙනෙහි කිරීමෙන් ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි නම්, ….(පෙ)…. සියලු ආකාසානඤ්චායතනය ඉක්මවා ගොස් ‘අනන්ත වූ විඤ්ඤාණය’ යැයි මෙනෙහි කිරීමෙන් විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි නම්, ….(පෙ)…. සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ගොස් ‘කිසිවක් නැත’ යැයි මෙනෙහි කිරීමෙන් ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි නම්, ….(පෙ)…. සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා ගොස් නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි නම් ….(පෙ)…. සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා ගොස් සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරයි නම්, ….(පෙ)….”

1.16.6.62-72.

….(පෙ)…. පඨවීකසිණං භාවේති, ….(පෙ)…. ආපෝකසිණං භාවේති, ….(පෙ)…. තේජෝකසිණං භාවේති, ….(පෙ)…. වායෝකසිණං භාවේති, ….(පෙ)…. නීලකසිණං භාවේති, ….(පෙ)…. පීතකසිණං භාවේති, ….(පෙ)…. ලෝහිතකසිණං භාවේති, ….(පෙ)…. ඕදාතකසිණං භාවේති, ….(පෙ)…. ආකාසකසිණං භාවේති, ….(පෙ)…. විඤ්ඤාණකසිණං භාවේති, ….(පෙ)….

“….(පෙ)…. පඨවි කසිණය වඩයි නම්, ….(පෙ)…. ආපෝ කසිණය වඩයි නම්, ….(පෙ)…. තේජෝ කසිණය වඩයි නම්, ….(පෙ)…. වායෝ කසිණය වඩයි නම්, ….(පෙ)…. නීල කසිණය වඩයි නම්, ….(පෙ)…. පීත කසිණය වඩයි නම්, ….(පෙ)…. ලෝහිත කසිණය වඩයි නම්, ….(පෙ)…. ඕදාත කසිණය වඩයි නම්, ….(පෙ)…. ආකාස කසිණය වඩයි නම්, ….(පෙ)…. විඤ්ඤාණ කසිණය වඩයි නම්, ….(පෙ)…. ආලෝක කසිණය වඩයි නම්, ….(පෙ)….”

1.16.6.73-82.

….(පෙ)…. අසුභසඤ්ඤං භාවේති, ….(පෙ)…. මරණසඤ්ඤං භාවේති, ….(පෙ)…. ආහාරේ පටිකූලසඤ්ඤං භාවේති, ….(පෙ)…. සබ්බලෝකේ අනභිරතිසඤ්ඤං භාවේති, ….(පෙ)…. අනිච්චසඤ්ඤං භාවේති, ….(පෙ)…. අනිච්චේ දුක්ඛසඤ්ඤං භාවේති, ….(පෙ)…. දුක්ඛේ අනත්තසඤ්ඤං භාවේති, ….(පෙ)…. පහානසඤ්ඤං භාවේති, ….(පෙ)…. විරාගසඤ්ඤං භාවේති, ….(පෙ)…. නිරෝධසඤ්ඤං භාවේති, ….(පෙ)….

“….(පෙ)…. අසුභ සඤ්ඤාව වඩයි නම්, ….(පෙ)…. මරණ සඤ්ඤාව වඩයි නම්, ….(පෙ)…. ආහාරයේ පිළිකුල් සඤ්ඤාව වඩයි නම්, ….(පෙ)…. සියලු ලෝකයෙහි නොඇලීමේ සඤ්ඤාව වඩයි නම්, ….(පෙ)…. අනිත්‍ය සඤ්ඤාව වඩයි නම්, ….(පෙ)…. අනිත්‍යයෙහි දුක් සඤ්ඤාව වඩයි නම්, ….(පෙ)…. දුකෙහි අනාත්ම සඤ්ඤාව වඩයි නම්, ….(පෙ)…. ප්‍රහාණ සඤ්ඤාව වඩයි නම්, ….(පෙ)…. විරාග සඤ්ඤාව වඩයි නම්, ….(පෙ)…. නිරෝධ සඤ්ඤාව වඩයි නම්, ….(පෙ)….”

1.16.6.83-92.

….(පෙ)…. අනිච්චසඤ්ඤං භාවේති, ….(පෙ)…. අනත්තසඤ්ඤං භාවේති, ….(පෙ)…. මරණසඤ්ඤං භාවේති, ….(පෙ)…. ආහාරේ පටිකූලසඤ්ඤං භාවේති, ….(පෙ)…. සබ්බලෝකේ අනභිරතිසඤ්ඤං භාවේති, ….(පෙ)…. අට්ඨිකසඤ්ඤං භාවේති, ….(පෙ)…. පුළවකසඤ්ඤං භාවේති, ….(පෙ)…. විනීලකසඤ්ඤං භාවේති, ….(පෙ)…. විච්ඡිද්දකසඤ්ඤං භාවේති, ….(පෙ)…. උද්ධුමාතකසඤ්ඤං භාවේති, ….(පෙ)….

“….(පෙ) …. අනිත්‍ය සඤ්ඤාව වඩයි නම්, ….(පෙ)…. අනාත්ම සඤ්ඤාව වඩයි නම්, ….(පෙ)…. මරණ සඤ්ඤාව වඩයි නම්, ….(පෙ)…. ආහාරයේ පිළිකුල් සඤ්ඤාව වඩයි නම්, ….(පෙ)…. සියලු ලෝකයෙහි නොඇලීමේ සඤ්ඤාව වඩයි නම්, ….(පෙ)…. අට්ඨික සඤ්ඤාව (කය ඇට කටු ගොඩ ලෙස) වඩයි නම්, ….(පෙ)…. පුලවක සඤ්ඤාව (මළ සිරුර පණුවන් විසින් කා දමනය ආකාරය) වඩයි නම්, ….(පෙ)…. විනීලක සඤ්ඤාව (මළ සිරුර නිල් වී ඇති ආකාරය) වඩයි නම්, ….(පෙ)…. විච්ඡිද්දක සඤ්ඤාව (මළ සිරුරේ හිල් සෑදී ඇති ආකාරය) වඩයි නම්, ….(පෙ)…. උද්ධුමාතක සඤ්ඤාව (මළ සිරුර ඉදිමී ඇති ආකාරය) වඩයි නම්, ….(පෙ)….”

1.16.6.93-102.

….(පෙ)…. බුද්ධානුස්සතිං භාවේති, ….(පෙ)…. ධම්මානුස්සතිං භාවේති, ….(පෙ)…. සංඝානුස්සතිං භාවේති, ….(පෙ)…. සීලානුස්සතිං භාවේති, ….(පෙ)…. චාගානුස්සතිං භාවේති, ….(පෙ)…. දේවතානුස්සතිං භාවේති, ….(පෙ)…. ආනාපානස්සතිං භාවේති, ….(පෙ)…. මරණස්සතිං භාවේති, ….(පෙ)…. කායගතාසතිං භාවේති, ….(පෙ)…. උපසමානුස්සතිං භාවේති, ….(පෙ)….

“….(පෙ)…. බුද්ධානුස්සතිය වඩයි නම්, ….(පෙ)…. ධම්මානුස්සතිය වඩයි නම්, ….(පෙ)…. සංඝානුස්සතිය වඩයි නම්, ….(පෙ)…. සීලානුස්සතිය වඩයි නම්, ….(පෙ)…. චාගානුස්සතිය වඩයි නම්, ….(පෙ)…. දේවතානුස්සතිය වඩයි නම්, ….(පෙ)…. ආනාපානසතිය වඩයි නම්, ….(පෙ)…. මරණානුස්සතිය වඩයි නම්, ….(පෙ)…. කායගතාසතිය (කය පිළිබඳ සම්පූර්ණ සිහිය) වඩයි නම්, ….(පෙ)…. උපසමානුස්සතිය (කෙලෙස් සංසිඳීම පිණිස යෙදෙන සිහිය) වඩයි නම්, ….(පෙ)….”

1.16.6.103-142.

….(පෙ)…. පඨමජ්ඣානසහගතං සද්ධින්ද්‍රියං භාවේති, ….(පෙ)…. වීරියින්ද්‍රියං භාවේති, ….(පෙ)…. සතින්ද්‍රියං භාවේති, ….(පෙ)…. සමාධින්ද්‍රියං භාවේති, ….(පෙ)…. පඤ්ඤින්ද්‍රියං භාවේති, ….(පෙ)…. සද්ධාබලං භාවේති, ….(පෙ)…. වීරියබලං භාවේති, ….(පෙ)…. සතිබලං භාවේති, ….(පෙ)…. සමාධිබලං භාවේති, ….(පෙ)…. පඤ්ඤාබලං භාවේති, ….(පෙ)…. දුතියජ්ඣානසහගතං ….(පෙ)…. තතියජ්ඣානසහගතං ….(පෙ)…. චතුත්ථජ්ඣානසහගතං පඤ්ඤාබලං භාවේති ….(පෙ)….

“….(පෙ)…. ප්‍රථම ධ්‍යානයෙන් යුතුව ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩයි නම්, ….(පෙ)…. විරිය ඉන්ද්‍රිය වඩයි නම්, ….(පෙ)…. සති ඉන්ද්‍රිය වඩයි නම්, ….(පෙ)…. සමාධි ඉන්ද්‍රිය වඩයි නම්, ….(පෙ)…. ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි නම්, ….(පෙ)…. ශ්‍රද්ධා බලය වඩයි නම්, ….(පෙ)…. විරිය බලය වඩයි නම්, ….(පෙ)…. සති බලය වඩයි නම්, ….(පෙ)…. සමාධි බලය වඩයි නම්, ….(පෙ)…. ප්‍රඥා බලය වඩයි නම්, ….(පෙ)…. දෙවන ධ්‍යානයෙන් යුතුව ….(පෙ)…. තුන් වන ධ්‍යානයෙන් යුතුව ….(පෙ)…. හතරවන ධ්‍යානයෙන් යුතුව ප්‍රඥා බලය වඩයි නම් ….(පෙ)….”

1.16. 6.143-182.

….(පෙ)…. මෙත්තාසහගතං ….(පෙ)…. කරුණාසහගතං ….(පෙ)…. මුදිතාසහගතං ….(පෙ)…. උපෙක්ඛාසහගතං සද්ධින්ද්‍රියං භාවේති, ….(පෙ)…. වීරියින්ද්‍රියං භාවේති, ….(පෙ)…. සතින්ද්‍රියං භාවේති, ….(පෙ)…. සමාධින්ද්‍රියං භාවේති, ….(පෙ)…. පඤ්ඤින්ද්‍රියං භාවේති, ….(පෙ)…. සද්ධාබලං භාවේති, ….(පෙ)…. වීරියබලං භාවේති, ….(පෙ)…. සතිබලං භාවේති, ….(පෙ)…. සමාධිබලං භාවේති, ….(පෙ)…. පඤ්ඤාබලං භාවේති, අයං වුච්චති භික්ඛවේ, භික්ඛු අරිත්තජ්ඣානෝ විහරති, සත්ථුසාසනකරෝ ඕවාදපතිකරෝ, අමෝඝං රට්ඨපිණ්ඩං භුඤ්ජති. කෝ පන වාදෝ යේ නං බහුලීකරොන්තීති.

“….(පෙ)…. මෛත්‍රී සහගත ….(පෙ)…. කරුණා සහගත ….(පෙ)…. මුදිතා සහගත ….(පෙ)…. උපේක්ෂා සහගත ….(පෙ)…. ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩයි නම්, ….(පෙ)…. විරිය ඉන්ද්‍රිය වඩයි නම්, ….(පෙ)…. සති ඉන්ද්‍රිය වඩයි නම්, ….(පෙ)…. සමාධි ඉන්ද්‍රිය වඩයි නම්, ….(පෙ)…. ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි නම්, ….(පෙ)…. ශ්‍රද්ධා බලය වඩයි නම්, ….(පෙ)…. විරිය බලය වඩයි නම්, ….(පෙ)…. සති බලය වඩයි නම්, ….(පෙ)…. සමාධි බලය වඩයි නම්, ….(පෙ)…. ප්‍රඥා බලය වඩයි නම්, පින්වත් මහණෙනි, මේකට තමයි කියන්නේ ‘භික්ෂුව භාවනාවෙන් හිස් නැතුව වාසය කරනවා. ශාස්තෘන් වහන්සේගේ අනුශාසනාවත් කරනවා. අවවාදයත් පිළිපදිනවා. රට වැසියා පුදන පිණ්ඩපාතයත් හිස් නැතුව වළඳනවා’ කියල. ඉතින් උපේක්ෂා සහගතව ප්‍රඥා බලය බහුලව කරන කෙනෙක් ගැන කවර කතාද?”

වග්ගෝ ඡට්ඨෝ.

හයවෙනි වර්ගයයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_1-18/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M